Tuesday, February 12, 2013

පස්ස පැත්තේ කතන්දරය...


පස්ස යන්නට ගැලපෙන සහ සිතට දැනෙන් හොදම වචනය පු* යන්නය. එහෙත් මෙවන් බ්ලොගක එවන් වචනයක් භාවිතයේදී නොයෙක් අයගේ උදහසට ලක්වීමට සෑමා කැමති නැත්තේය. ඒ නිසා උක්ත සොදුරු වචනය වෙනුවට පස්ස පැත්ත ගැන ලියන්නට සෑමාට සිත් වූයේ සෑමාට හොද පස්සක් සැට් වූ නිසාය.

පස්ස නැති කෙල්ලෝ බහුතරයක් දුකෙන් පසු වන්නෝය. මන්ද කෙල්ලෙක් තමන් පසු කර ගිය විටක කොල්ලෝ බලන්නේ පස්ස පැත්තය. එසේම කෙල්ලෙකුගේ සුන්රත්වය වැඩි කරන්නේ ඔය කියන පස්සය. තමන්ගේ හැඩය වැඩිකරන්නේ එයම නිසාවෙන් කෙල්ලෝ ඒ පිලිබද වැඩියෙන් අවධානයෙන් පසුවන්නෝය. දිනපතා අප්‍රමාණ දහ ජරාවක් මුදා හරින්නාවූ පස්සට මේ තරම් හොද තැනක් ලැබීම විටක දුක්ඛ දායකය. විටෙක සතුටු විය හැකිය. මන්ද ජරාම තැනට එතරම් හොද තැනක් ලැබෙන්නේ නම් හොදම තැනට වඩාත් ඉහල ස්ථානයක් ලැබෙන නිසාවෙන්ය.

බස් වල ගමන් කරද්දී බේරා ගැනීමට අපහසුම ස්ථානයද පස්සය. පාසල් බස් රථයට හෝ වෑන් රථයට දිව එන දරුවෝ පොර කන්නේ පස්සේ සීට් එකටය. එනිසා පස්ස ලබා ගැනීමට තිබෙන තරගය ඉතා ඉහලය. එහෙත් හැමදාම එකෙක්ට පස්ස ජය ගැනීමට නොහැකි වන්නේය. එය පස්ස ලබා ගැනීමට තිබෙන තරගය විදහා දක්වන්නාවූ අවස්ථාවක්ය. එසේම බස් රථවලදී කාන්තාවන්ටද පස්ස බේරා ගැනීමට අපහසුය. ඒ බස්වල කෙලින් හිටගෙන යන්නට බැරි අසහන කාරයෝ ඉන්නා නිසාය. උන් තමන්ට කෙලින් සිටගෙන යා නොහැකි නිසා හේත්තු වන්නේ පස්සකටය. එවිට කෙල්ලෝ පස්ස බේරා ගැනීමට විවිධ උපක්‍රම යොදන්නෝය. එයින් අසහනකාරයින් නොනැවතී වද දෙන්නේ නම් බොහෝවිට සිද්ධිය අවසන් වන්නේ ගුටි කෙලියකින්ය. එලෙස පහර දීමේ මහත් භාග්‍යයක් සෑමාටද දිනක් උදා වූයේය. බස් එකම අසහන කාරයෙකුට බිම පෙරලගෙන පහර දෙද්දී සෑමා තම මිතුරන්ද සමග මැද්දට පැන්නේ ඇගේ පතේ අමාරුව අතෑර ගන්නටය.

ඒ ලෙවල් කාලයේ සෑමාගේ පන්තියේ හනුමා සිටියේය. ඌ නම් පට්ට ආතල් ඩයල් එකක්ය. ඌට තිබ්බේද පත පස්සක්ය. දිනක් පුටුවක ගැලවී තිබූ හේත්තු වන ලෑලි කැබැල්ලක් අතේ තබාගෙන හනුමා පන්තිය පුරා ගියේය. ඒ නිකං නොවේය. ලී කැබැල්ල පස්ස පැත්තට හේත්තු කරගත් හනුමා “ඔබේ පාසල් දැරිවිය පුක් කාරයින්ගෙන් බේරා ගැනීමට මෙවන් ලෑලි කැබැල්ලක් එල්ලා පාසල් යවන්න“ කියමින් හනුමා පන්තිය පුරා ගමන් කලේය. කතාව ඇත්තය. එය සමාජගත මහා ගැටළුවක් ලෙස ඒ කාලේ අපට හැගුනේය. එහෙත් බස් එකේ හෝ දුම්රියේදී එලෙස පස්සට වද දෙන පිරිස් නැගුනු විට සමහර කෙල්ලෝද, ඇන්ටිලාද, මුනිවත රකිමින්, ඔවුනටට සහය දෙන්නෝය. එය බයද නැතිනම් ආශාවද කියා විටක පැටලුම් සහගතය.

පස්සෙන් ඇවිත් ඇන්නොත් ඇනපු එකා වැරදිය. පස්සෙන් එන විට යම්කිසි පරතරයක් තබාගෙන ආ යුතු බව රථවාහන පොලිසිය පවසන්නේ ඒ නිසාය. එහෙත් ට්‍රැෆික් වලදී නම් එලෙස ඉඩ තියාගෙන යන පිරිස් බොහෝම අඩුය. එනිසා විනාශ වන්නේ ඉස්සරහින් යන එකාගේ පස්සය. කොහෙන් ගියත් බේරා ගත නොහැක්කේද පස්සමය.

පාසල් කාලයේ කියුබාවේ ප්‍ර බෝධය යන බෝල්ට් පොයින්ට් අකුරින් ලියැවුනු පත්‍රිකාව නොකියවූ කෙනෙක් මිහිපිට සිටින්නට බැරිය. ඒ ලිපිය සෑමා සෙව්වේ වෙනම පෝස්ට් එකක් ලෙස දමන්නට මුත් තවම සොයා ගැනීමට නොහැකි වූයේය. නමුත් එහි සදහන් වූ වගන්ති කිහිපයක් සෑමාට තවමත් මතකය. එහි සදහන් වූ පරිදි විවිධ සොල්දාදුවන් කියුබාවට පහර දෙන්නට එන්නෝය. නමුත් කියුබාවට නීත්‍යානුකූලව පහර දිය හැක්කේ එකම සොල්දාදුවෙකුටය. ඔහු නම් කියුබාව හිමි රැජිනගේ නීත්‍යානු කූල ස්වාමියාය. එහි ඉතා ලස්සනට කියුබාවට පහර දෙන්නට එන සොල්දාදුවන් ගැන ලියැවී තිබුනේ මෙසේය. “කියුබාවට පහර දෙන්නට පොලු මුගුරු අතැතිව පැමිණෙන සොල්දාදුවෝ අසාර්ථක වූ විට, අවසන කියුබාව අසල වූ දෙපළු නගරයට පහරදී පලා යන්නෝය“ උක්ත දෙපළු නගරයද කියුබාවේ පස්ස පැත්තය. කියුබාවට මෙන් උක්ත පස්ස පැත්තට නිත්‍ය හිමිකරුවෙක් නැතිය. සොල්දාදුවෝ කොපමණ ආවත් ගියත් කිසිවෙකු නොදන්නේය. එයද පස්ස පැත්තේ තවත් පැත්තක් හෙලිදරව් කරන්නේය.

පසුගිය ගෙට්ටුවේදී කාර් එකක පස්ස පැත්තෙන් අපේ කස්ටිය මනා ප්‍ර යෝජන ගත්තෝය. මේ එදා කස්ටිය පස්ස පැත්තට අත දමාගෙන එයින් තමන්ගේ වැඩ කටයුතු කරගත් ආකාරයය.
එලෙස වැඩගත්තද එහි පස්ස දිග නැතිය. හැම එකාම කිව්වේ පු* නැති වාහනයක් කිසි කික් එකක් නැහැ කියාය. දිග පස්සක් සහිත එකක් සොයමින් සිටි සෑමා පසුගිය දිනෙක දිග පු*ක් සහිත් වාහනයක් ගත්තේය. ඒ හරියටම 09.02.13 වෙනිදාය. පස්ස නැති ඒවා භාවිත කළ නිසා මුලදී ටිකක් නුහුරු බවක්ද දැනුනේය. හරියට ඇතුලට දමාගත් නොහැකි වූයේද පස්ස ලොකු නිසාය. දැන් දැන් එම හැකියා වර්ධනය වී ඇති නිසා ඉතා සතුටුදායකය. ගන්නවා නම් මුලින්ම හොද පස්සක් ඇති එකක් ගත්තා නම් මෙසේ කාලය වැය කරමින් පුහුනු වීමට අවශ්‍ය නොවන්නේය.
පාට, හැඩය, වර්ගය එකම මුත් ඔරිජිනල් වාහනයේ ෆොටෝවක් නොදා, ගූගල් එකෙන් වාහනයක් සොයා මෙලෙස දැම්මේ මග තොටදී සෑමාගේ පස්සෙන් කස්ටිය පන්නාවී යැයි බයටය.

උක්ත පස්ස ගැන කීමට මෙසේ පස්ස ගැන වැදගත් ලිපියක් ලිවීමි !

106 comments:

  1. මු පස්ස තියෙන වාහනයක් අරන් යකෝ ලිපියකුත් දලා. පස්සට තියෙන ආසවක් නේ :හැ

    ReplyDelete
    Replies
    1. පස්සේ හිත හිත ඉන්නෝනි නැහැනේ බං. දැම්මා පස්ස නොගහම !

      Delete
    2. පුක දිග කාර් එකේ අපි සිහින උලෙලට යං ඈ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පරණ පු* අගය වැසි දවසක පු* අරිද්දී සැමාට දැනෙනු ඇත.

      ප.ලි--වහින වෙලාවට බෙල්ලටයි නිකටටයි කුඩේ හිරකරන් තමයි ඕකට බඩු පටවන්න වෙන්නෙ, ට්‍රිපක් යද්දි දරුමල්ලන්ගෙ අඩුම කුඩුම ගන්න තැන තැන නවත්තන්න වෙන එක අනික් වදේ.
      ප .ප .ලි __ පලවෙනි *කේ වියයුතුය, දෙවෙනි * ක විය යුතු බව තරයේ සිහි තබා ගත යුතුය.

      Delete
    2. අඩේ කම්මලේ......... සම්පූර්ණ ඇත්තනෙ..දැනුයි කල්පනාවට ආවෙ..!

      Delete
    3. කම්මල අයියාට තිබ්බේ පුක නැති එකක් නිසා තමා මේ අත්දැකීමෙන් කතා කරන්නෙ. මට මතකයි එදා ගෙට්ටුවෙදිත් පොඩි එකාව ක්ලාස් එකෙන් ගන්නෝනි කියල ෂිෆ්ට් එකක නැගලා පියැඹුවා..

      අපි ඉතිං තරුන දරුවො නොවැ. ඉතිං ඔය පුක නැති ඒව අපිට අල්ලන්නෙ නැහැ ;)

      @වීයා- අපොයි මුගෙ කල්පනාව අන්තිම දුරුවලයි දැන් !

      Delete
  3. අඩේ උඹ කාර් එකක් ගත්ත කියන්නද බං මෙච්චර වටයක් ගැහැවුවෙ. :D

    ReplyDelete
    Replies
    1. ෆල ෆල.. මේක පුක ගැන කතාවක් !

      Delete
  4. අඩේ පස්ස නං තිබ්බත් නැතත් අවුලක් නෑ හැබැයි හොම්බ තියෙද්දි තමා වැඩේ අමාරු සීට් එකෙන් ඉස්සි ඉස්සි බලන්න එපැයි කාගෙ හරි පස්සක ඇනෙයිද කියලා සෑහෙන්න පරිස්සමෙන් තමා එලවන්න ඕනේ හදිසියෙවත් යන්තං වැදුනත් ගුටි කන්න වෙයි කියලා බයයිනේ

    කකා ශූරි පහුගිය අවුරුද්දෙද කොහෙද ඔප්පු කරලා තිබ්බනේ පු* කියන්නේ හොඳ වචනයක් කියලා ඇයි ඈ ඒ මනරම් වචනය නොදැම්මේ

    කියුබාව ගැන ‍කියවලා නැති එවුන් හොයන එක කළු නික හොයනවා වගේ වෙයි :D

    පස්සට වෙන කරදර මගහරවා ගැනීමට පසුපස දොරෙන් ඇතුල්වෙන්න... :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. ඉස්සරහ ගිහින් තව පස්සක වදීද කියල බයෙන් තමා එලවන්නේ. මම හිතුව මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල. බොටත් ඒකම තිබිල නොවැ.

      පුක හොද වචනයක් කියල මමත් දන්නව බං. ඒත් මේක මාතෘකාවට දාල ෂෙයාර් කළාම කස්ටිය රෙදි උස්සන් එයි කුනුහබ්බ වලින් පෝස්ට් එක මාකට් කරනව කියල :)

      ඇත්තට කියුබාව හොයාගන්න නැහැ බං දැන් !

      ජය වේවා !

      Delete
  5. හා...........පස්සක් ඇති එකක් ගත්තැයි...!

    අර පොටෝවේ සුදුපාට කො‍ටු මක්කැයි...!

    ReplyDelete
    Replies
    1. මුන්ට බොන්ඩ හොදා... මෙතන දාන්නයි බැරි ;)

      Delete
    2. ෂික්.. බෙනවා..?? කවුද බොන්නේ???

      කොකාකෝලා මාකට් වීම වැලැක්වීමටයි කොටු දැම්මෙ යකුනේ !!!

      ජය !

      Delete
    3. කොකා කෝලා....!?..එතකොට මම මුරුක්කු ටිකක් ගන්න අතත් කැපුවෙ.....?

      Delete
  6. මගුලයි....!!
    පස්ස පැත්තෙන් කාර් එක මාකට් කිරීම කියලා දැම්මා නම් හරි......:D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මට පස්ස පැත්තෙන් හිනා !

      Delete
  7. අළුත් පුකට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හක පුරෝගෙන ඉන්නේ !

      ජය !

      Delete
    2. මට මතක් වුනේ පුණ්‍යසිරි සහ කමලා ගත්ත බස් එකට දාපු නම.

      Delete
  8. කාර් උනත් පිරිමින්ගේ හිත් ඇදගන්නෙ ලොකු පුකක් තියනකොට තමා... අනිත් එක කාන්තාවන්ට ඕකෙ දෙයක් නැති නිසා වැඩි හරියක් පුක නැති ඒවාමයි පාවිච්චි කරන්නෙ.... ඒ වගේ කාර් ගත්තා වගේ නෙමෙයි පාරෙ යනකොට පුක පරිස්සම් කරන් යන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. කස්ටිය පාරෙදි කෙකට පුලින්න මයි හදන්නෙ. ඒ නිසා කම්පනාවෙන් එලවන්නෝනි තමා බං

      ජය !

      Delete
  9. එල එල FB14 එකක් නේද? හොඳ වන්ඩිය හොඳට තෙල් එහෙම වැඩ මමත් මුලින් හිතන් හිටියේ ඔයින් එකක් ගන්න. පස්සේ කට්ටියට ඉඩමදී නිස අබලන් වැනට් කටුවක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ck1 එකක් දෙයියනේ.. FB14 තෙල් කරන්නෙ නැහැ කියනව නේද?
      අනේ මන්ද එක එකා එක එක කතා කියනවනේ තෙල් සම්බන්ධව. ck1 තෙල් කරනවා 12ක් විතර.

      වැනට්ටුව කටුවක් නෙවෙ බොල. කීයක් හරි හොයාගන්න පුලුවන් භාණ්ඩයක් !

      ජය !

      Delete
  10. ශා මරු නේ පස්ස වගේම හොම්බත් දිග ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. දිග හරක් හොම්බක් ඇත !

      ජය !

      Delete
  11. අර ගෙට්ටුවේ පොටෝ කෑල්ලේ හොර අහුවෙලා සමහරුන්ගේ :P ඒයා/එයාලා ගේම අදින්න බැරි නෑ ඇ...
    පෝස්ටුව ගැන මම මුකුත් කියන්නෑ..

    ReplyDelete
    Replies
    1. ෆිස්සුද.. මොන හොරද මේ.. කස්ටිය කෝක් බොනවනේ..

      ජය !

      Delete
  12. අනේ මචන් මම ආස පස්ස ලොකු කාර් වලට නෙමෙයි.... දාර පස්සක් තියෙන KDH වෑන් එකකට...

    ReplyDelete
    Replies
    1. හයියෝ බං කොහෙන්ද සල්ලී....??

      ජය !

      Delete
  13. හා හා... පු* දික් වෙලා එහෙනම්.....
    සුභ පැතුම්...

    ReplyDelete
  14. පස්ස ගැන හොද විශාරදයෙක් බව පෙනී යයි

    ReplyDelete
    Replies
    1. පශ්චාාතත් උපාධියක් තිබේ !

      ජය !

      Delete
  15. අළුත් කාර් එක පරිස්සමෙන් පදවන්න සෑමෝ..සුභ පැතුම් ඕං..

    ReplyDelete
  16. මමත් කැමති පස්සක් තියන ඒවාටය. ස්පොයිලරයක් දමාගත් කල පස්සේ හැඩය තවත් සුපිරියට පෙනේ.

    ReplyDelete
    Replies
    1. ස්පොයලර්/ඇලෝයි වීල/ තව වැඩ කිහිපයක්ම ඇත. :0)

      ස්තුති සහෝ !

      Delete
  17. "ඕනෑ *කක්, ප්‍රීති වෙසක්" ලු නේ, සෑමෝ! ;)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..

      අදයි බොලාගෙ සයිට් එක් සැට් වුනේ.. ඒක සිරා..

      ජය වේවා !

      Delete
  18. හා. .හා.. ලොකු *කට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ලොකු නෙවේ බොල දිග :)

      ස්තුති !

      Delete
  19. May the traffic never hold you up.
    May your gas tank never run dry.
    May all your lights be green ones.
    And miles fly safely by!
    Congratulations for your lovely Ignition!
    GOOD LUCK SAM AND SAMEE!!!

    ReplyDelete
    Replies
    1. //May your gas tank never run dry.//

      මේ මම ආසම ටික.. :)

      ජීවිතේ දැක්ක හොදම සුභ පැතුම් කවිය මේකද මන්දා.. පට්ට තාත්විකයි !

      ස්තුති/ජය වේවා !

      Delete
    2. මේක සෑමා ඕනෑම අම්ම කෙනෙක් තමන්ගෙ පුතා පාරට කාර් එක හරවනකොට කියන ගාතාවක්.

      හොයාගත්තෙ ජාලෙන්. මට කවි බැහැ නම කවි උනාට.

      Delete
  20. අලුත් *කට සහ ඊට සම්බන්ධ වාහනයට සුබ පැතුම්.

    *ක ගැන තවත් එලම කිරි කතාවක් මෙන්න .

    http://miyuruworld.blogspot.com/2013/02/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රියා.

      බලමු ඒකත් එහෙම් !

      Delete
  21. අර ගෙට්ටුවෙදි පස්සට අත දාන්න කට්ටිය පොරකාලනේ.

    යකෝ උඹ අළුත් පස්සක් ගත්ත කියන්න තටමපු තැටමිල්ලට දැන් පස්ස නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. එදා උබ හිටියනම් ඩිකියෙ බස්සලා බොන්න දෙන්නෙ.
      තටමන්නෝනිලු බොග/ක දාන්න :)

      ජය !

      Delete
  22. පුක අරගන වරෙන් වෙලාවක, මට ඇරලා බලන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. *කේ ..අරව එකක්,දෙකක් දාගෙනම එන්න කියාපං..!

      Delete
    2. මෙන්න දවසේ කතාව.

      Delete
    3. මූ ඉතිං කිරිබත්ගොඩින් යන හැම එකාගෙම පුක අතගාන කොල්ලනේ :පී

      Delete
  23. *කේ අගය සෑමා දන්නේ නෑ...*කට තියන වටිනාකම පිටින් පේන්නෑ!!!

    ReplyDelete
  24. අඩේ කොල්ලා ඊගාව පාර පස්සෙ බඩු ගොඩක් දාගෙන එයි

    ReplyDelete
    Replies
    1. අහ්.. එල එල.. බඩු අරන් එන්නං :)

      අටමා/නලියා/චමියා ගෙදර තියන්න වෙයි බං

      ජය !

      Delete
  25. මට අර පුකේ බස් එකේ කතාව මතක් උනා....

    ඊළඟ උත්සවේදී පුකේ තියාගෙන ෂොට් එකක් දාමු... ඕන පුකක් වෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. අනේ උබ එදාටවත් වරෙන්.. හක පුරෝගෙන.. :)

      ජය !

      Delete
  26. උඹ පිරිමි ජැක් ගහන එක ගැන කිව්වා විතරනේ.කෝච්චියේ යන එන අපිට තියෙන දුක උඹලා දන්නේ නෑ.ගෑනු සෙනඟ පීරගෙන ඇවිත් ඉස්සරහින් හිට ගන්නවා.ඊට පස්සේ කෝච්චිය ගැස්සෙන පැද්දෙන පාරක් ගානේ රව රව පස්ස බලනවා.අන්න ඒ වෙලාවට තමයි ඇන්ටිවත් හලාල් කරන්ඩ හිතෙන්නේ.අර දිග කුඩයක් එහෙම අරං ගිය දවසට තවත් අවුල.කුඩේ බිම ඇණගෙන අල්ලං ඉන්න කොට අල්ලං ඉන්න අත සෙට් වෙන්නේ ඇන්ටිගේ පස්සේ ලෙවල් එකටමයි.අන්න එතකොට අවිඥානිකව පස්සේ අත වැදුනොත් රෞද්‍ර බැල්මට සියොළඟ දැවී යනවා මචං.

    ගෑනු ළමයින්ට පස්ස ලොකු කරගන්ඩ කෙම් ක්‍රමයක් මම කාලෙකට කළිං ලිව්වා.
    පස්ස පුම්බලංකාරය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං... මාත් අත් විදල තියෙන ඉරනමක් ඕක. කුඩේ ගානට සැට් වෙන්නෙ පුකට නිසා අල්ලගෙන ඉන්න බැහැ. එතකොට මම ඉදගෙන ඉන්න එකෙක්ට දෙන්න ෆුල් ට්‍රයි.

      සමහර ගෑනු විහින් අපේ ඇගේ හේත්තු වෙලා අපිටම ඔරවන සීනුත් යනවා බං. අපේ කොල්ලෙක්ට (දෝදුවා)එහෙම වෙලා ඌ කෙලින්ම බැන්නා ඇන්ටි පුක දීලා දැන් කැටයම් දාන්න එන්න එපා කියලා.

      උබේ ලිපිය මට මතකයි.. !

      ජය !

      Delete
  27. අපිත් පස්සට ආසයි සෑමෝ...

    ReplyDelete
    Replies
    1. වරදවා හිතන්න එපා මං ආස ඔයාගේ කාර් එකේ පස්සට එදා වගේ ඈ....

      Delete
    2. ජංගම ස්කාගාරය කියලත් චමියා කිව්වා :)

      ජය !

      Delete
  28. මමත් හෙව්වා.. මෙන්න මෙතන තිබුනා..කියුබාවේ පිබිදීම

    http://weliwita-handiya.blogspot.com/2011/06/blog-post_18.html

    පස්ස මරු!

    ReplyDelete
    Replies
    1. මෙන්න භාන්ඩේ..

      ස්තුති වේවා. ජය වේවා !

      Delete
  29. ඕනේ *කක් ප්‍රීති වෙසක් කියා කමෙන්ටුව පටන් ගනිමි. සෑමෝ, පුක යන වචනය බරපතල කුනුහරපයක්ම නොවේ. මට මතක හැටියට පැරණි නාඩගම් කවියකත් තියනවා 'නක හේම පුටවන්න දැනගත්ත හින්දා' කියලා කවි පදයක්. එකමදේ යොදන තැන, කියවන/අහන ප්‍රේක්ෂක පිරිස ආදිය ගැන සිතා බලා මේ වචනය බොහෝවිට ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්. අපි හතේ අටේ පන්තිවල ඉගෙනගන්න කාලේ නගරයේ විවිධ වෙළෙන්දන් එකතුවන මහා මාරගහක් තිබුනා ඒ ගහට කියන්නේ පච ගහ කියලා. බොරු කාරයෝමනේ එන්නේ එතනට. ඒ හින්ද තමයි පච ගහ කිව්වේ. (1960 දශකය) ඒ ගහ යටට එනවා වාජීකරණ බෙහෙත් විකුණන වෙළෙන්දෙක්. එයා ඒකාලේ අරන් එනවා කාන්තාවන් සඳහා නිපදවූ සුළං පුරවා අඳින කෘත්‍රිම පස්ස පැත්තක්. ඒක ප්‍රදර්ශනය කරන්න පෙර ඔහු කියනවා, 'හැදිච්ච දෙමවුපියනේගේ නැහැදිච්ච ළමයි ඉන්න. නැහැදිච්ච දෙමවුපියන්ගේ හැදිච්ච ළමයි යන්න' කියලා.දවසක් බස් කොන්දොස්තරරයෙක් නෝනා කෙනෙකුට කිව්වා, 'නෝනා පස්සෙන් වාඩි වෙන්න, පස්සෙන් වාඩි වෙන්න' කියලා. නෝනා අහනවා 'පස්සෙන් නැතුව ඔලුවෙන් වාඩිවෙන මිනිස්සුත් ඉන්නවද ඔයි' කියලා. හමුදා සරඹ උපදේශකයෝ සමහර අවස්ථා වලදී කාන්තා සෙබළියන්ට කියනවා 'මොනවද ළමයා චෙස්ට් ෆෝවඩ් දාලා පුක් බෑක් දාලා මාච් කරනවකෝ' කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පුක සෑමාටත් කුනුහබ්බයක් නොවේමය. ඔය වචනය මාතෘකාවට දාලා, කතාව පුරාම පුක.පුක කියල ලිව්වොත් සමහරක් හිතන්නේ පුකෙන් පෝස්ට් එක ප්‍රෙමා්ට් කරන කියල බං. ඒකය ඔහොම දෙයක් වුනේ. පුක කුනුහබ්බයක් නොවන බවට බ්ලොග් අවකාශයම දන්නවා වුනාට බුකියේ සම හරක් දන්නෙ නැහැ නොවැ.


      ස්තුති.
      ජය !

      Delete
    2. *අර කයි පදේ....

      නක පුටවන්නට දැනගත් හන්දා
      මා රවටන්නට හිතුවද... නන්දා

      Delete
    3. මෙන්න රහම කොමෙන්ටුව...මෙතැන...

      Delete
  30. //ජරාම තැනට එතරම් හොද තැනක් ලැබෙන්නේ නම් හොදම තැනට වඩාත් ඉහල ස්ථානයක් ලැබෙන නිසාවෙන්ය.// ඇත්තටම කොතනද බන් හොඳම තැන??

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉස්සරහ බලපං මචං..

      ජයවේවා.

      Delete
  31. අලුත් වාහනේ ගැන කියන්න පුකක් පස්සේ එක්කන් ගියානේ.අලුත් පුකට සුභ පැතුම් සෑමා!. අටපට්ටමේ දඩිබිඩිස් වගේම තමයි සැමත්.

    ReplyDelete
    Replies
    1. කෙලින් කීවොත් ගතියක් නැහැනේ බං.

      ජය වේවා !

      Delete
  32. ඉස්සර ගේ ඇතුලෙ ඔක්කොම බඩු උඩින් ගිහින් තමා නයා එලියට යන්නෙ. දැන් වටේ ඇවිදලා නයා ගරාජ් එකට එනවා.

    ReplyDelete
    Replies
    1. අලුත් විදිහ තමා මේ..

      පුරුදුවෙයල්ලා :)

      ජය වේවා

      Delete
  33. හි හි... කතාවේ සාරාංශය.. සෑමාගේ අළුත් කාර් එක.

    ReplyDelete
    Replies
    1. අලුතෙන් නයි යවන හැටි තමා මේ !

      ජය වේවා !

      Delete
  34. නයා පු*ත් ගිහිල්ලා....

    උඹේ අලුත් පු*ට ජයවේවා!

    ReplyDelete
  35. සුබ පැතුම් !! පරිස්සමෙන් එලවහන්..

    ReplyDelete
  36. පුංචි බන්ඩාගේ සහ කළු මැනිකාගේ ලොරිය මතක් උනි

    ReplyDelete
  37. කොහොමද මුගේ නයාගේ පස්ස.. මරුනේ.. උඹේ ඔය දිග පස්සෙන් වැඩක් ගන්න පුළුවන් මටත් ලංකාවට ආවම..

    ReplyDelete
    Replies
    1. වෙඩින් හයර් යන්නද බං ?

      ජය වේවා !

      Delete
  38. අයියෝ පොඩි එකාගේ මැක්කා ගැන රචනාව මතක් වුනා. :D මැක්කාට කකුල් දෙකක් ඇත. මැක්කා බල්ලාගේ සතුරාය.. හි හි.. පස්ස.. පස්ස...

    ReplyDelete
    Replies
    1. ෆල ෆල !
      මේක අලුත් විදිහ !

      :)

      Delete
  39. අප්‍රිකානු සහ කැරිබියානු අම්මලා තමන්ගේ ගෑණු දැරිවියගේ පස්ස ලොකු කරන්ට නොසෑහෙන්න මහන්සි වෙනවා. අල, දෙල් වගේ කෑම කාපුවාම පස්ස ලොකුවෙනවාලු. මොකද කසාදයකදී පස්ස ලොකුනම් තමයිලු ඩිමාන්ඩ් එක.

    ReplyDelete
  40. අනේ ඩිකියක් ගැන කියන්න විදපු දුකක්...

    ReplyDelete
  41. පුක දිග එකත් අරගෙන අටමයි/චමියවත් දාගෙන වර ගම්පහ...අපි බහිමු වලට...හැබැයි කැමරා ඔක්කොම ඕෆ් කරගෙන...

    ReplyDelete
  42. අප්පටසිරිය...CK2 පස්සක් නේද.. හොඳට ඉඩකඩ ඇති බැවින් බොහෝ ප්‍රයෝජන ඇත... ;)

    ReplyDelete
  43. එහෙනම් අප්‍රේල් 21 පෂ්ෂ ‍පුරෝගෙන වරෙන්.....

    ReplyDelete
  44. රෙ&* පු&*ට මොන කැටයම්ද කියනවනේ අයියේ.. ;)

    ReplyDelete
  45. පස්සට ගිය කලක්.සෑම්ගේ රථය නොපැන්නුවේ ඇසවහ වඳින නිසාද මන්ද?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  46. ඕන පුකක් කියල පුක දිග එකක් ගත්ත එක හොදා

    ReplyDelete
  47. සෑමා ඔය වැඩ වලට දස්සයා.

    ReplyDelete
  48. ඒකත් ජයසිරි මංගලම් කිවුවලු. නයෙක් නයෙක්

    ReplyDelete
  49. මේ පුක් පෝස්ට් එක දැක්කේ පහු වෙලා නොවැ.. ස්ටේෂන් වැගන් කාර් වලට ඇත්තේ ලොකුම පස්සකි. පස්සට ඉදිරියෙන් ඇති ආසනද නවා එකවර ප්ලාස්ටික් පුටු 25ක් ගෙන යන්නටත් පුළුවන් වූ බව මතකය.

    ReplyDelete
  50. ඔය පු* යන්න අපිටත් ඉඩ තියේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...