ඉහි ඉහිහීඉහි..ඉහි ඉහිහීඉහි..ඉහි ඉහිහීඉහි..
දැන් ඔයාල බලයි කාගෙද ඒ කිංකිණි හිනාව කියල. ඒ හිනාව වෙන කාගෙවත් නෙවෙයි. ඒ හිනාව එයාගෙ... එයා... චංචලා..
ඉහි ඉහිහීඉහි..හික්..හික්.. නිසල්.. එයා මට කතා කළා..
චංචලා.. මම පිලිවදන් දුන්නා..
එහෙනම් ඔයා ආව නේද??. මම ආයෙ ඇහුව.
මම ආව නිසල්.. එයා මට කිව්වා.
චංචලා තමයි මගේ කුළුදුල් ආදරේ. ඇත්තටම චංචලා මගෙ ජීවිතයට ඇවිත් තවම දවස් දෙකක් තුනක් වුණාට ඇත්තටම මට දැනෙන්නෙ අපෙ ආදරේ අවුරුදු ගාණක් තිස්සෙ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එන ආදරයක් වගේ.
නිසා..ල්...
චංචලා..
මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නෙ..
චංචලා.. නැහැ චංචලා... මං මේ කල්පනා කළේ ඔයා වගේ කෙල්ලෙක්ගෙ ආදරේ ලබා ගන්න මම කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද කියල.
ඔය ඇත්තමද නිසල්???
සත්තයි චංචලා...
මගෙ නිසල්...
මගෙ චංචලා...
එහෙම කියපු මං, වංචලාව මගෙ ලගට ඇදල ගත්ත...
ම්..හික්..හික්.. මේ... අනේ අපි පොඩ්ඩක් රැල්ල පාගල එමු නිසල්..
හ්ම්..ම්හ්.. යං කෙල්ලෙ... එහෙම කියපු මං ඩෙනිම පොඩ්ඩක් උඩට නවා ගත්ත. හෙට වැඩට යන්නත් තිබ්බ නිසා සපත්තු දෙකත් ගලවල දැම්ම. නැත්තං අපේ උන් මට බනී ඔපීස් එක කරවල ගදයි කියල.
නිසාාාාල් එන්නකොාාාා්්
මේ එනව චංචලාාාාා
නිසල් ඔන්න.... අහ්..
ආාාාව්..
ඒ සද්දෙට ඔයාල බය වුණාද මාව මෝරෙක්වත් කඩන් කෑව කියල.. එහෙම දෙයක් වුනෙ නැහැ, චංචලා මුහුදු රැල්ලෙන් දෝතක් අරන් මට දමල ගැහුව.
ඔහොම ඉන්නව හොර කෙල්ල..
හිකි..ඉකි..ඉහ්..හිකි..ඉකි..ඉහ්..හිකි..ඉකි..ඉහ්..
අද අල්ලලා.. දෙනවා.. හහ්..හහ්.හා...
මම ඒ විදිහට චංචලා පස්සෙ හබාගෙන ගියා...
අනේ එපා නිසල් අතාරින්න..
දෙනව අත..දෙනව අත.. මම දෙනව හොදවෑයින් දෙකක්...
අනේ.. හික්..ඉහි..ඉහි...
මම බොරුවට චංචලාට ගහන්න වගේ හැදුව..
චංචලා පොඩි එකෙක් වගේ දුවල ඇවිත් මගෙ ඇගේ එල්ලුනා..
නිසා...
චංචී..
ඒ අපේ සීන් එක බලං ඉදල මැද්දට පැනපු වෙන ජෝඩුවකගෙ නම් දෙකක් නෙවේ. අපිට දැනුනු ආදරේ වැඩි කමට නම් දෙක කෙටි වුණා. එයා මට නිසා කියද්දි මම එයාට චංචී කිව්වා..
වංචලා...
ඇයි නිසල්...
මට හිතෙනව චංචලා අපේ ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ....ගහල කියන්න..
ඔයාට පිස්සුද නිසල්???
ඇයි චංචලා.. මං ඔයාට ආදරේ නම් ඒක ලෝකෙටම ඇහෙන්න කියන එක වැරදිද. අපේ ආදරේ අහිංසකයි, පරමයි, පිවිතුරුයි, පවිත්‍රයි...??
පිස්සුද නිසල්.. ඔයා අපෙ ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල.. ඒ සද්දෙ අර මගෙ පිටරට ඉන්න මනුස්සයට ඇහුනොත් එහෙම නිකං තමයි ඉන්න වෙන්නේ..
පලි - ආදරය සදා කාලික වන්නේද, පිවිතුරු වන්නේද දෙදෙනාගේම සහයෝගයෙන් මිස තනි පුද්ගලයෙකුගේ කැප වීම මත නොවේය. තනි අතින් ගහන්න බැරි අත්පුඩිය දෙදෙනෙක් එක් වූ විටක ගහන්නට හැක්කා සේම, දෙදෙනාම අවංක වේ නම් දෙදෙනාගේම තනි අත් එක්කොට සොදුරු අත්පුඩියක් සද්දෙට ගැසිය හැකිය.
සෑමා MONDAY, FEBRUARY 13, 2012 වන දින “වැලන්ටයින් දිනයේ උපත සෑමාගේ විග්‍රහය (වැල-ඉන්-ටයිම්)“ ලිපියෙන්ද කියා සිටියේ...
මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ලෙස විශේෂ දින යොදාගෙන එදිනට පමණක් ඔවුනට සලකන මෙවන් යුගයක වැල-ඉන්-ටයිම් අරුමයක් නොවේමය.
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය."
කියාය. ඒ නිසා අද දින සුපුරුදු බ්‍රහස්පතින්දාවක් කර ගන්න.
sAm ශ්‍රී Perera_08:14am_14/02/2013
අපේ හරක් වැලන්ටයින් දිනේ ගැනවත් හරියට දන්නේ නෑ. උඹේ කතාවේ දෙන්නා වැලන්ටයින් සැමරුවට අවුලක් නෑ. මොකෝ ඒක වැල සීන් එකක් වගේ නිසා. වැලන්ටයින් කියන්නෙ ප්‍රේමවන්තයින්ගේ දිනය. අපේ හරක් කියන්නේ ඒක ආදරයේ දිනය කියලා. ආදරය කරන්න දිනයක් ඕනෑද....?
ReplyDeleteඔව් බං මම ලියන්නගෙ එකෙත් මේක මතුකලා..!
Deleteඒක නම් සාධාරණ කතාවක් මාතලන් !
Deleteයකෝ මිනිහ රට ඉන්න එවුන් රැල්ල පාගන්න යන්නෙ නෑ. කෙලින්ම වැඩේට එන්ටර් වෙනව මිසක්.
ReplyDeleteමෙන්න කමෙන්ට් එක....
Deleteචික්.. මේ කෙල්ල එහෙම නැහැ !
Deleteප/ලි කොටසට හිස නමා ආචාරය..
ReplyDeleteස්තුති !
Deleteමොක නැතත් අන්තිම ටිකනම් ලෙසටම කියල තියෙනවා. ආදරේට මොන දවසක්ද?
ReplyDeleteආයෙත් අහලා..
DeleteMokoo ban wwella paaganna giyea ?
ReplyDeleteමම ??
Deleteඅයියෝ ඇන්ටිපා!!! :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකක්ද බං ඇන්ටි පා කියන්නේ ?
Deleteඅන්තිම වෙනකම්ම මට නම් පෙනුනෙ පරණ සිංහල ෆිල්ම් එකක් වගේ...
ReplyDeleteඒත් අපි ජෝඩුව ගස් වටේ කැකෙව්වෙ නැහැනේ..
Deleteමටනම් අදත් සුපුරුදු බ්‍රහස්පතින්දා දිනයකි....
ReplyDeleteමට වගේම !
Delete//චංචී..//
ReplyDeleteනිකන් චීන නමක් වගේ නේද? made in China ද?
මොකක්ද අර චංචලාගේ හිනාව? එයා අඬනවද? නැත්නම් හිනාවෙනවද?:)
ReplyDeleteඅපිට නම් අද වෙනදා වගේම බිසි දවසක්...කිසිම අමුත්තක් නෑ.:D
හපොයි...මේවා කියෝලා මොළෙත් කොලොප්පන් වෙනෝ....හැබැයි මට ඒ දෙන්නගේ කෝලන් මැවිලා පෙනුනා....හික්.... :D
ReplyDeleteආදරයට දිනයක් අවශ්‍ය නැත..... මාත් එය පිලිගනිමි.
මේක සෑම්ගේ පෝස්ටු කියවන අයට ලියපු නිසා හොඳයි නැත්තම් වැලන්ටයන් දිනෙත් මොකක්වත් තෑග්ගක් නැතිව සාමාන්‍ය විදිහට ගෙවමු කියලා අදාල කෙනාට ඇහුනොත්..අනේ මන්දා..;)
ReplyDeleteමටනම් පේන විදියට නිසායි චංචියි තමයි සිරාවටම වැල-ඉන්-ටයිම් සමරන්නේ ....නේද සෑමෝ ..
ReplyDeleteමං හිතුවේ අදත් චංචලා තියරි එකක් කියලා..
ReplyDelete:D
ඔන්න වැලා සමරන ඈයො..!
ReplyDeleteඇත්ත ප්‍රේමවන්තයන්ට ඕය කෙහෙල්මල් දිනයක් මොකටද බං.
ඕය වගේ වැල අදින එවුන් තමා ඔය රෙද්දෙ එල්ලිල ඉන්නෙ.
ඔන්න වැලන්ටයින් ! හික්ස් :)
ReplyDeleteයන්ඩ ඕන වැලක් හොයාගන්න..
ReplyDeleteමට හිතුනා මූනුපොතෙ මූන හෝදගෙන පෙම්බර මූන දාගෙන ඉන්නකොට වැලා සමරයි කියලා
ReplyDeleteඅහෝ වැල ඉන් ටයිම්.
ReplyDeleteලන්ච් ටයිම් එකට විහාරමහාදේවි පාක් එකට ගියානම් ඔය වගේ සීන් පැදුරක් ගැනේ බලන්න පුළුවන්.
ReplyDeleteඅද බ්‍රහස්පතින්ද ද....? මම නම් ඒකවත් දනනෙ නෑ.....
ReplyDeleteමම හිතන්නේ 90 දශකයේ මුල් කාලයේ පෙම්වතුන් ජෝඩුවක් වෙන්න ඕනේ.
ReplyDeleteමටනම් අද උදේ වැඩට එන දවසක්.ගිය අවුරුද්දේ මම වැඩට ආවේ හවස.
අවවාදයයි "ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගැසීම කෙළවෙන සුළුයි". එම නිසා පාට්නර්ට විතරක් ඇහෙන විදිහට කොඳුරා කියන්න.
ReplyDeleteහපොයි ඔය රැල්ල පාගන වැඩේ තමයි එපාම කරපු වැඩේ.රැල්ල පාගලා පාගලා ටිකක් වෙලා යද්දි කකුල් දෙකත් රිදෙන්ඩ ගන්නවා.
ReplyDeleteප.ලි. කතාවට හද පතුලෙන්ම එකඟයි මචං.අපිත් ඔය ඔක්කොම දවස් (වැලන්ටයින්, ඇනිවර්සරි, බර්ත් ඩේ ) සමරන්නේ සල්ලි තියෙන දාට.එදාට ඔක්කොම එක පාර සමරගන්නවා.
එකෙන්ම මචං එකෙන්ම එකඟයි ප/ලි යත් එක්ක.
ReplyDeleteහි හි... ආ මේ තියෙන්නෙ සෑමාගේ වැලන්ටයින් කතාව... උපහාසය ලස්සනට කතාවක් ඇතුලට එකතු කරලා තියෙනවා...
ReplyDeleteඅද වැලන්ටයින් දවස. හෙට ඉඳන් අනික් උන්ගේනේ. ඒ නිසා අද ලව් කරලා (රූම් එහෙක) හෙට ඉඳන් වෙන දේකට මූණ දෙන්න හිත හදාගත්තනම් හොඳා.
ReplyDeleteකාට කෙසේ වෙතත් මට නම් අද වැහිබර දිනයක් :)
ReplyDeleteමේ නහින දෙහින කාලෙ මොන වැලන්ටයින්ද....
ReplyDeleteආදර්ශය...
ReplyDeleteගෑනු දමා පිටරට යෑමෙන් වලකින්න...
වැලන්ටයින් සමරන්නේ මුදලාලිලා මිසක් අපි නෙමෙයි සැමා. එයාලා කඩ සාප්පු සරසගෙන මල් හාට් එල්ලගෙන මහා විකාරයක් කරනවා. අපි වෙනදා වගේම වැඩට ගිහින් ගෙදර එනවා.
ReplyDeleteවැල ඉන් ටයිම්???
ReplyDeleteනියමිත කාලයට පමණක් හට ගන්න වෙලා ප්රබෙදයකි......
Deleteඅපිටනම් කොහොමත් සුපුරුදු බ්‍රහස්පතින්දාවක් තමයි!
ReplyDeleteඑයා චංචලා නම් කොල්ල කොහොමද බොල නිසල් වුනේ...වූ මලිත් විය යුතුයි.
ReplyDeleteකෙල්ල හෙල්ලෙද්දී කොල්ලත් හෙල්ලෙන්න ගත්තොත් අවුලනේ.... ඉතින් කෙල්ල චන්චල වෙද්දී කොල්ල නිසලව ඉන්නවා....
Deleteඉහිඉහි කියනකොට මම හිතුවේ අඬනවා කියලා හොඳටම..
ReplyDelete//ආදරය සදා කාලික වන්නේද, පිවිතුරු වන්නේද දෙදෙනාගේම සහයෝගයෙන් මිස තනි පුද්ගලයෙකුගේ කැප වීම මත නොවේය. තනි අතින් ගහන්න බැරි අත්පුඩිය දෙදෙනෙක් එක් වූ විටක ගහන්නට හැක්කා සේම, දෙදෙනාම අවංක වේ නම් දෙදෙනාගේම තනි අත් එක්කොට සොදුරු අත්පුඩියක් සද්දෙට ගැසිය හැකිය.//
ReplyDeleteනෙඅ කතාවට මමත් එකගයි.... !!! ආදරයට වෙනමම කියල දිනයක් උවමනා වෙන්නෙත් නැහැ....
පරන ලව් එකක්
ReplyDeleteඅයියෝ චංචි.. :D :D
ReplyDeleteමෝරෙක් කෑවද්දෝ කියලා අපිව බය ගැන්නුව තැන මට හිතුණෙම මේ පැරණි චිත්‍රපටය කැමරාකරන්න ගිය කෙනාව ගහන්ගියාවත්දෝ කියලා..
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය." එකඟය.
මහ කුජීත බ්‍රහස්පතින්දාවකි.
1990 දී පමණ ඔබ ට මතක තිබේනම් (මට මතකයක් නැත) වැලැන්ටයින් මේ රටේ තවත් එක භූමිකාවක් රඟ දැක්වීම ආරම්භ කරනු ලැබුවා. එයට නිමල් ලක්ෂපතිලා වැනි උදවිය (සිරස) ප්රමුඛව මහත් වෑයමක් ගනු ලැබුවා. දැන් හරි. අපේ සංස්කෘතියට නව අංගයක් එකතු කර අවසන්. හුදෙක්ම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් හෝ වෙනත් පටු අවශ්‍යතා වෙනුවෙන් හෝ අපේ සංස්කෘතිය විකෘත්ති කිරීම අපි ඇත්තෙන්ම පිළිකුල් සහගතව දැකිය යුතුය.
ReplyDeleteමේ ගෑනි වල දාන්න එපැයි
ReplyDelete