මේ දිනවල සුපර් සික්ස්ය. ඒ නිසා හෝල්වල මාර සේනාවක්ය. සිතූ සහ කුසූද චිත්‍රපටය බැලීමට නොව බොක්ස් එකක් සොයා ගැනීමට හෝල් එකට එන්ටර් විය. ඒ වරක් නොව දෙවරක්ය.
පළමු සතිය
ඒ සෙනසුරාදාවක්ය. ඉංග්‍රිසි අකුරු තුනේ හෝල් එකකට සිතු - කුසු පියමං කලෝය. ජෝඩුව ටිකට් ගන්න පෝලිමේ තුන් වෙනියාය.
"බොක්ස් දෙකක්" ඒ සිතුය.
"බොක්ස් ඉවරයි." ඒ ටිකට් කඩන්නාය.
"අහ්.. එහෙනම් බැල්කනි දෙකක්." හැරී එන්න බැරිකමට සිතූ කුසු බැල්කනි ගත වුහ.
සියළු සැලසුම් අසාර්ථකය. කරන්නට ආ කිසිත් සිදු නොවීය. සිතු - කුසු ඉන්ටර්වල් එකේ ගෙදර ආවෝය.
"බලන්න අප්පා දැන් ඔන් ලයින් ටිකට් බුක් කරන නිසා ඇතුලට යන්න කලින් බොක්ස් ඉවරයි" ඒ සිතුය.
"අපිට බැරිද ඔන් ලයින් බුක් කරන්න?" ඒ කුසූය.
"මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් ඕනේ..කමක් නැහැ ලබන සතියේ එමු.." ඒ නම් සිතූය.
දෙවන සතිය
ඒ සුපුරුදු සෙනසුරාදාවක්ය. ගියවර ගිය ඉංග්‍රිසි අකුරු තුනේ හෝල් එකකටම සිතු - කුසු පියමං කලෝය. ජෝඩුව ටිකට් ගන්න පෝලිමේ මුලින්ම සිටියෝය.
"බොක්ස් ඉවරයි." ඒ ටිකට් කඩන්නාය.
"අහ්.. එහෙනම් බැල්කනි දෙකක්." යකෝ පෝලිමේ මුලින් ඉදලත් බොක්ස් ඉවරද? කියා සිතමින් සිතු බැල්කනි ටිකට් ගත්තේය.
සියළු සැලසුම් අසාර්ථකය. කරන්නට ආ කිසිත් සිදු නොවීය. සිතු - කුසු ඉන්ටර්වල් එකේ ගෙදර ආවෝය.
"බලන්න මේක මාර වැඩක් නේ ටිකට් එකක් ගන්න බැහැ අපිට" ඒ සිතුය.
"කමක් නැහැ අපි ෆිල්ම් එක භාගෙ ඒවා දෙකක් බැලුවනේ, ඒ කියන්නේ අපි ෆුල් එකම බලලා..?" ඒ කට කැඩුන කතාව කිව්වේ කුසූය.
"බබා අපි දැන් විනෝද චාරිකා ගියා ඇති. අපි වන්දනා ගමන් එහෙමත් ගිහින් තියෙන නිසා අපි අධ්‍යාපන චාරිකාවක් යමු" ඒ නම් සිතූය.
"ඒ හතර බීරි කතාව මොකක්ද?" කුසුගේ ඇස් කටේය.
"ඇයි බබා අපි ෆිල්ම් බලල තියෙනවා, බීචි ගිහින් තියෙනවා, එතකොට අරහෙ මෙහෙ ගිහින් ලන්ච් අරන් තියෙනනවා...ඒ විනෝද චාරිකා." සිතු පැහැදිලි කලේය.
"එතකොට වන්දනා ගමන් කිව්වේ පන්සල්, පල්ලි ගිය ඒවා ???" කුසු තම දැනුම පෙන්වීමට මැද්දෙන් පැන්නේය.
"අන්න හරි.." සිතු තහවුරු කලේය.
"එතකොට අධ්‍යාපන චාරිකා??" ඒ කුසුය.
"බබා අපි බොක්ස් යනවට වඩා හොදයි ග්‍රහලෝකාගාරේ වගේ කළුවර තැන් වලට යන එක. බලන්න බොක්ස් එකත් කළුවරයි. ග්‍රහලෝකාගාරෙත් කළුවරයි.." ඒ දාර්ශනික මත දරන සිතුය.
"එතකොට බොක්ස් වගේ කවර් කරල නැහැනේ." ඒ කුසුය.
"මොන මගුලටද බබා කවර් කරන්නේ?? හැම එකාම උඩ බලාගෙන ඉන්න නිසා අපිට නිදහසේ වැඩක් කරගෙන එන්න පුලුවන්නේ.."
Written by sAm_1.45pm_10.06.2012
සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.
සිතු කුසු ආන්දෝලනාත්මක ආදර අන්දරය නොබැලූ අයට..
අම්මපා සැමා අයියේ ඇතුලට යන්න කලින් බොක්ස් ඉවර උනොත් මාර කෙලියක් නේද වෙන්නේ....
ReplyDeleteඕං වැරදියට එහෙම හිතනවා නෙවෙයි....
දැන් කෝමත් ඔන්ලයින් බුක් කරන නිසා පෝලිමේ එවුන් පව් බං..
Deleteතරුවා වැරදි දෙයක් හිතාගෙනද මන්ද කියල තියෙන්නේ.. හිකිස්..
Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..කොහොමද ටිකිරි මොලේ...... කාටද වගේ තිබිලා තියෙනවා.... ඔය මොලේ වැදගත් දෙයකට තිබ්බනම් කොච්චර වටිනවද?
Deleteමොනවා වුනත් එල කතාව...
බොක්ස් සිද්ධියක්
ReplyDeleteඑතන සිටියාක් මෙන් ලියා ඇත.. :)
එතන සිටියාක් මෙන් කීවේ සැමාගේ කතාව මිසක් වීඩියෝව නෙමේ...
Deleteමටත් ඔය වීඩියෝව සෙට් වෙලා තියෙනවා. නියම නිර්මනයක් මචං
Deleteජය !
අඩේ මම අදයි දැක්කේ සීන් එක උපරිමයිනේ තැන්කූ ලින්ක් එකට... හිනා සාගරයයි
Delete//සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.??
ReplyDeleteදැන් සිතු කවුද ?
මට මොකා උනත් කමක් නෑ... ග්‍රහ ලෝකාගාරේ ඇතුලෙ ළමයි හදන්න ට්‍රයි කොලාට කමක් නෑ.. වදන්න එහෙම යන්න එපා... හඳහන හදන්න ගිහාම තමා *ක ඉරෙන්නේ
සතියේ හොඳම කමෙන්‍ටුව මී ගොඩයා!
Deletehenryblogwalker the Dude
මී අඩේ මේ සිතු අර කතාවේ සිතූය. කුසූ අර කතාවේ කුසුය. ඒ ජෝඩුවට වුන සින් එකක් තමා මේ.
Deleteඅප්පද බොල හෙන්රියත් මැද්දෙන් පැනලා මීයාව සොරි මීගොඩයාව ෆෝම් කරනවා..
නෑ යකෝ ග්‍රහලෝකාගාරේ ඇතුලෙ මීයෝ ෆෝම් කරගන්න යන උන්ට කරුණු පහදල දෙනවා
Deleteඈහ් අලුත් තරු රටාවක්ද 'මීයා' ?
Deleteහපොයි ! හිනා එකයි !!!
Deleteඋඹටත් සිරා අදහස් නේ එන්නේ සිරාවටම සිරා :ඩ්
ReplyDeleteඅනාගතේදී උවමනාවේවි මාත් මීටරේට දාගත්ත :ප
ස්තුති :ඩී
Deleteඑල ආ :පී
අනේ කළුවර තැනකට යන්න තියෙන උවමනාවක් :D
ReplyDeleteරෑ බදුල්ලෝ !
Deleteඇත්ත බං. බොක්ස් නැතිවුනාම දුක තමා.කොහොම උනත් සිනමාව කඩාවැයෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගොඩගත්තෙ බොක්ස්වල ඉන්න එවුන් තමයි.
ReplyDelete+++++
Deleteඑකගයි රාජ්. මෙලෝ රහක් නැති ඕනෙම ෆිල්ම් එකක් බලන්න කියලා ඇතුලට යන්නෙ උන් නොවැ. බලන අට මගුලක් නැහැ. හැමදාම එකම නිලිය සහ නළුවා. එකම ෆිල්ම් එක රගපාන්නේ. බොක්ස් එකක් ඇතුලේ. :)
Deleteඅම්මද බොල අසරණයා ගණිත සර් වෙලා ලකුනු දාලා.. හා.. හා.. ඔහොම යමුකෝ..
පික්චර් හෝල් වල බොක්ස් තියෙන්නෙ මොකටද කියලා මම කාලයක් යනකන්ම දැනගෙන හිටියේ නෑ. එක දවසක් අපි වේයන්ගොඩ ස්ටේශන් එකේ ඉන්නකොට එතන පෝස්ටර් එකක ගහලා තිබුනා මොකක්ද දෙමළ ෆිල්ම් එක්ක බොක්ස් පහසුකම් ඇත කියලා.මට වයස 16ක් විතර ඇති ඒ වෙනකොට මම අම්මගෙන් ඇහුවා මොකක්ද අම්මේ බොක්ස් පහසුකම් ඇත කියන්නේ කියලා.අපේ අම්මා ඇබරුන ඇබරිල්ල ඒක අහලා මට දැන් මතක් වෙනකොටත් හිනා.සෑමගේ මේක කියවලා මට ඒක මතක් උනා ආයෙත්
ReplyDeleteමාත් ඕකම අපේ තාත්තගෙන් ඇහුවා.. තාත්තා නම් කිවුවෙ පුතේ ඒවා තියෙන්නෙ අලුතින් බැඳපු අයට යන්න කියලා :D
Delete@කණියා- අලුත බැදපු ජෝඩු ගැන කිව්ව නම්, බොක්ස් ගැන නෙවේ. පෙට්ටි ගැන තමා කියල තියෙන්නේ..
Delete@කාව්‍යා- අම්මව සම්පුර්නයෙන් අසරන කරල..
ජය !
හැමෝම සැමා වගේ නෙමේනෙ මේ බ්ලොග්කාරයෝ. සැමා නම් එහෙම නරක ළමයෙක් නෙමේ. පව්.....
ReplyDeleteපව් නේද එහෙම කරන අනිත් බ්ලොග්කරුවෝ. සෑමා නම් එහෙම නැහැ. වෙද මාමාට පිං..
Deleteහික් හික්....ග්‍රහලෝකාගාරෙ වැඩ කරන එක්කෙනෙකුත් සැමාගෙ මේ ලිපිය බැලුවාලු...... :D
ReplyDelete(මන් නම් නෙවෙයි ඕන්......)
අප්පද බොල එහෙමද?.. ඔපීසියේ කට්ටියට පෙන්නන්න ඇති පෝස්ටුව එහෙනම්.. :))
Deleteඇල්.බී පිනෑන්සුව ලගින් යනවා මම.
ඔය කියන ගාරයට අපි නම් එන්නෙ නැහැ ඕං..
ලොවෙත් නැති අයිඩියා එකක්නේ මේක... ආයේ ඉතින් පොඩි එවුන් ග්‍රහලෝකාගාරේ ගිහිල්ලත් හමාරයි වගේ...
ReplyDeleteඅපෝ උන් කෝමත් ඔය ටික කරනවා. අම්මල, ටීචර්ලා නොදන්නව වුනාට.
Deleteමම එකපාරක් ගිහින් පොඩි කාලේ නිදාගෙන ඉදල ආව..
ඒ වුනාට ඔය වැඩේට ග්‍රහලෝකාගාරෙ හරියන්නෙ නෑ. කළුවර විතරනෙ වෙන මොකුත් "පහසුකම්" නෑනෙ...?
ReplyDeleteමහ පාරේ කරන එකාලට ඔයට ටිකත් ඇති සහෝ..
Deleteදැකල ඇති නේද එලි පිට බීච් ගානෙ ඉන්න වුන්?
දැන් ඉතිං පොඩි එකෙකුත් එක්කවත් යන්න වෙන්නේ නැහැ ඕක බලන්න. තරුණ ළමයි තරු ගැන ඉගන ගන්නවා ඇති නේ.
ReplyDeleteතරු නෙවේ බං.. ග්‍රහලෝක පෙන්නන්නේ..
Deleteසෙනසුරුගේ වලලු.. සිකුරු තරුවේ ලප වගේ ඒවා.. :))
අඩේ ග්‍රහලෝකාගාරය ගැන කිව්ව එකත් හොදා. එවුන් උඩ බලන් ඉන්නකොට මහල ඕන මඟුලක් කරතෑකි
ReplyDeleteමොකද්ද අප්පේ අර ඉංග්‍රීසි අකුරු තුනේ හෝල් එක ??
ආර් 10... :D
Deleteනැහැ මචං.. ඉංග්‍රිරීසි අකුරු තුනේ මණ්‍ඩලේ හෝල් එකක්. අර වාහිනී නාලිකවක් කරන අයගේ..
Deleteහප්පේ සුපර් සික්ස්නම් කුජීතය එය බලනවට අපට මඩු වල්ගෙන් තැලිය යුතුය නමුත් කපල් යන්නේ ෆිල්ම් බැලිමට නොවන නිසා ෆිල්ම් හෝල් කපල් වලින්ම පිරී පවතී
ReplyDeleteබහුතරයක් ෆිල්ම් ඕම තමා මචං.
Deleteදෙමල ඒවා බලන එවුන් ඉන්නේ..
සැමාගේ මොලේ තමා මොලේ. කාටවත් මතක් උනේ නැනේ මෙහෙම දෙයක් .
ReplyDeleteසියළු හිමි කම් ඇවිරිණි කියල දාන්න වෙයිද?
Deleteවීක් එන්ඩ් යන්න ග්‍රහලෝකාගාරෙට යනවානම්.... උදෙ ශෝ එකට 40ක්වත් නෑ.. විනාඩිම 40ක් තියෙනවා.... ශෝයි තැන.. අත් දුටුවයි.. සත්තයි....
ReplyDeleteඅපෝ විනාඩි 40 ද?
Delete40ක් මදිද අසරණයෝ ?
Deleteඅප්පේ සෑමෝ ඔතනට පොඩි ළමයි එනවා නොවෑ. එපා එපා බොල
ReplyDeleteපොඩි එකාලා දැනටමත් එහෙම තමා බං..
Deleteග්‍රහලෝකාගාරෙත් ඉවරයි...මූව උලතියන්න ඕන...මංකිව්වෙ සිතු..ව....!
ReplyDeleteමාත් සපෝට්.. ඕකව උල තියමු !
Deleteමම ඉන්නේ ග්‍රහලෝකාගාරෙමයි ... අපෝ එතන විනාස කරන්න එපෝ....
ReplyDeleteදම්මිත් ඒකෙ කිව්වේ?
Deleteමම ඒකේ නොවෙයි අරකෙනේ ...මන් කීවෙ වෙන කෙනෙක් ගැනයි....
Deleteවෙන කෙනා කිව්වේ ඔයාගෙ අරය ගැනද ? :)
Deleteඅන්න පොස්ට්. අධ්‍යාපනික දැනුවත් කිරීම අතින් අති විශිෂ්ටයි.
ReplyDeleteනව විශය නිර්දේශයට !
Deleteෂක්,බූතයා දාන එවුන්ට තමයි ඒකෙනුත් පාඩු
ReplyDeleteබූතයා දානව කිව්වේ ?
Delete"බොක්ස් දෙකක්" :D 4 දෙනෙක් ගියාද ??
ReplyDeleteමේක මම දෙවරක් හිතල දැම්මේ...
Deleteබොක්ට් ටිකට් 2ක් කියන එක.. පෝලිමේ ඉද්දි අහල බලන්න
"බොක්ස් දෙකක් කියල කියන්නේ"
ස්තුති සහෝ !
හෆොයි.. පොඩි එවුන්ට දෙයක් ඉගෙනගන්නවත් තියෙන්නේ එතක විතරයි.. ඒකත් ඉවරයි වගේ දැන්..
ReplyDeleteමේ හැම දේම ඉගෙන ගන්න එපැයි !
Deleteචැක් ... සෑමා වැඩේ කාලනේ. දැන් මෙතන ඉන්න එවුවොයි ඔය කතන්දරේ අහන එවුවොයි ඔක්කොම ග්‍රහලෝකාගාරෙට ගියාම උඩ බැලිල්ල කෙසේ වෙතත් වටේට බලාවි. මෙච්චර කාලයක් කිසි කරදරයක් නැතිව දෙයියනේ කියල තමන්ගෙ පාඩුවෙ ඒ පහසුකම භුක්ති විඳපු එවුවොන්ට දැන් වෙන තැනකට අධ්‍යාපන චාරිකාව යන්න වෙනව.
ReplyDeleteඅප්පද බොල මට හිතෙන්න කලින් ගිය කට්ටිය ඉන්නවද?
Deleteදැන් ෆිල්ම් මාකට් එක බැහැලා, ග්‍රහලෝක මාකට් එක නගී. රජය පුදුම වෙයි බං..
:))
අපේ සිනමාව පාඩු ලබන්නේ හැම පිල්ම් හෝල් එකකම බොක්ස් නැති නිසා.... බොක්ස් තිබ්බ නම් ඉතිං පිල්ම් පෙන්නන උන් වගේම බලන උනුත් ගොඩ.... නිවාඩු පාඩුවෙ මගේ කාමරේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න...
ReplyDeleteරාජ් කිව්ව කතාව තමා උබේ කමෙන්ටුවෙන් ඔප්පු වෙන්නේ..
Deleteජය සහෝ. ස්තුති මෙහෙ ආවට. කාමර වලට කතා කරන්න ලැජ්ජ නැද්ද බං...
අපේ සිනමාව පාඩු ලබන්නේ හැම පිල්ම් හෝල් එකකම බොක්ස් නැති නිසා.... බොක්ස් තිබ්බ නම් ඉතිං පිල්ම් පෙන්නන උන් වගේම බලන උනුත් ගොඩ.... නිවාඩු පාඩුවෙ මගේ කාමරේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න...
ReplyDelete// සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය. //
ReplyDeleteහිකිස්ය... එතකොට මේ මොනවාද ?
පවු අසරණ සිතූ.. සෑමා කරන සෑම නසරානි වැඩකටම ඌට කර ගහන්ඩ වෙලා වගේ...
+++++ :D
Deleteඅඩෝ සෙන්නා.. මේක උන් දෙන්නගේ කතාවක් බං.. :ඩී
Deleteසිත් රූ ඒ මදිවට සෙන්නට ලකුනුත් දාලා.. අහුවෙයල්ලා..
හික්ස්ස්.. හයියෝ..සැමා අයියේ.. ඒ ගමන ග්‍රහලෝකාගාරෙත් විනාස්‍ස කරන්න ද කට්ටියට උල්පන්දම් දෙන්නේ?? :p
ReplyDeleteමුන් ගියොත් විනාසයි තමා. අපි නම් ඔද ලමයි නේ..
Deleteඔයා ගිහින් තියෙනවද ග්‍රහලෝකාගාරේ.. මට යන්න කෙනෙක් නැතුව කල්පනා කරල පෝස්ටුව දැම්මේ...
මම මේ සෑම් අයියගේ මේ ටයිප් එක කතාවක් කියෙව්වමායි.... පාට මැක්සා ලයින් කිරිල්ල ඈ.. සිරාවටම ග්‍රහලෝකාගාරෙත් ප්‍රයෝජනවත් වෙනවනේ අප්පා. ඇයි අප්පා තව තව තැන් තියෙන්නේ ඕනේ තරම්, හෝම්මන් මන්දිර වගේ එව්වා.
ReplyDeleteඅර පොස්ට් එක අන්තිමට දාපු අසික්කිත වැඩේ මමත් ඇස් පනා පිටම සමහරු කරනවා දැකල තියනවා අයියේ ගුගල් දෙයිය පල්ලා.
මේ ටයිප් කතාවක් වෙන කොහෙන් බලන්නද බං, මටත් මෙහෙම එකක් හිතුනාමයි. හිතුන කියන්නේ කටට ඇවිත් එක පාරට කියපු එකක් මේක.. :)
Deleteහොම්මං මන්දිර වෙසක් එකට විතරනේ. අනික හොල්මං වලට පේනවා.
උබේ ඇස් පනාපිට කවුද බං ඒ අසික්කිත වැඩේ කලේ... තියන්න වටින්නෙ නැහැ උන්ව..
ජය!
සමහර අය තමන්ගේ අත්දැකීම අනිත් අයගේ පිටින් දාන ඒවා නම් හෙන අසික්කිතයි තමා.බොලාත් සිතූ කුසුට ඒ දේම කරා ඈ
ReplyDeleteබොලා කවුද බං? කියපං උගේ බ්ලොග් එක මොකක්ද? මම පියවරක් ගන්නවා.. කැත වැඩ ඕවා..
Deleteඒකට් ඊලයි........හයියූ යෙන්..........
ReplyDeleteබබා ග්‍රාලෝකාගාලේ බල්ලා ලෑලේ.. යමු බලල්ල.. :පි
Deleteඉවරයි ඉවරයි දැන් ඉතින් එතනත් ඉවරයි .....
ReplyDeleteඋබල දැන් එතන පිරුනම ඉවරයි නේන්නම්..
Deleteශා ඒකියන්නෙ ග්‍රාලෝකාගාරයෙ උඩබලන් ඉන්නවට අමතරව දැන් බිමත් බලාගෙන ඉන්න පුලුවන්
ReplyDeleteබිම නෙවේ බොල.. වටපිට බලපං..
Deleteඅහෝ.............
ReplyDeleteඇයි අහෝ ? යන්න කෙනෙක් නැද්ද ?
Deleteඅවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියනවනෙව. කවුරු කවුරුත් සෑමව ආදර්ශයට ගනීවත්ද..?එහෙම උනොත් නම්... අනේ මංදා..හික්..
ReplyDeleteජය.... !
සෑමව නෙවේ බං.. සිතූ - කුසූව..
Deleteහිතුව නේද මම අහුවෙයි කියලා. මේක උන්ගේ කතාවක්.
ජය !
මොනාද ඔය බොක්ස් කියන්නෙ?ඉතින් හෝල් ඇතුලෙ සීට් නැතුව බොක්ස්ම හැදුවා නම් ඉවරනෙ?
ReplyDeleteබොක්ස් කියන්නේ පෙට්ටියක් වගේ බොක්ස් එකකට.
Deleteඋඩ ඉදුනිල් දීලා තියෙන ලින්ක් එකෙන් බලාගන්න, ඒක බොක්ස් සිද්දීයක් ගැන කියවෙන කෙටි නාට්‍යයක්.
Deleteකිරිල්ලි දන්නේ කූඩු ගැන මිසක් බොක්ස් ගැන නෙවේනෙ. කුකුල් පැටව්, වගේ එවුන් දන්නවා බොක්ස්. මොකද උන්ව දාල ගේන්නේ හිල් හදපු පෙට්ටි වල.
Deleteඅසරණයාගේ අර්ථකතනය සිරා. ඒත් මචං පෙට්ටි වගේ බොක්ස් රවුම් කරල හදපුව නැද්ද?
සුමිත් අයියා ඒක සිරා නාට්‍යය නේද බොල.
තියේ තියේ.. නුවරඑළියේ නම් තියේ.(දැන් තියේද නොදනිමි.) රවුමට හදලා හරියට උඩුකුරුඥ්ඥ ගහපු බෝක්කුවක් වගේ.. ඒවාට මුන් කියන්නේ බොක්ස්.
Deleteහිකිස්.. රවුම් බොක්ස්..
Deleteඔයා ඉතින් ග්‍රහලෝකාගාරෙට ගියාද? එතන ඉඳන් කතාවත් කියලා දාන්ට. :D
ReplyDeleteචික් විතරක්. මේක සිතු කුසුගෙන් තමා අහන්න ඕනේ.
Deleteඒ හරිය කොටු, කොටු දැම්මලු ලමයි ඉන්න නිසා.
දැන් ඉතින් මේක කියවපු අය ග්‍රහලෝකාගාරේට ගියාම උඩ බැලිල්ල තියලා වට පිටම බල බල ඉඳියි..
ReplyDeleteනැහැ ජෝඩුවක් එකට ගියාම වට පිට බැලලි නැහැනේ. එතකොට ඉන්න තැනත් අමතකයි.
Deleteඋඹ නිර්මාණාත්මක් හැකියාව වර්ධනය කරගන්න මොකුත් විශේෂ ව්‍යායාම, කෑම වට්ටෝරු හෙම පාවිච්චි කරනවද මේ දවස්වල සෑමා? එහෙම නැත්නම් තහනම් උත්තේජක...?
ReplyDeleteසුපිරියි! ඒ කිව්වෙ උඹ කරන්න යන වැඩේ නෙවෙයි. පෝස්ට් එක ඈ.
henryblogwalker the Dude
කෑම වට්ටෝරුවක් තියෙනවා නිර්මාණශීලි වෙන,
Deleteමොසපොටේමියානු හිපපොටේමස් කෙනෙක් කන්න ඕනේ අත්දුටුයි. මම කරල බැලුව. ඉතිරු වුන අං දෙකක් තියෙනවා එවන්නද ? :))
ස්තුති හෙන්රියා. ජය !
ලංකාවේ මිනිස්සු තාම යනවද බං ග්‍රහලෝකාගාරෙ බලන්න :D
ReplyDeleteඅනේ මන්ද බං. ඒව කවදාවත් අප්ඩේට් වෙන්නෙ නැති නිසා තමා එහෙම වෙන්නේ.
Deleteමම හෝල් එකක චිත්‍රපටයක් බැලුවෙ වසර කීපයකට උඩදි. මට හිතෙන්නෙ" බොක්ස්" නියමිත මිලට වඩා රහසින් අලෙවි වෙනවා. ඒවුණත් නැත්තටම මොකවත් නැත්නම් ග්‍රහලෝකාගාරයත් නරකම නෑ. මොකද සියල්ලො උඩ බලා සිටින නිසා.
ReplyDeleteරස කතාව රසවත්.
ස්තුති.
Deleteමම හිතන්නේ රහසින් අලෙවි වෙනවට වැඩිය බොහොමයක් අන්තර්ජාලය මගින් අලෙවි වෙනවා. මම ඔය කියපු ඊ.ඒ.පී මණ්ඩලේ ඒවා. ඒ වගේම දැන් ඩයලොග් එකෙන් පුලුවං කෝල් කරල බුක් කරන්න.
ජය !
මීට පස්සේ සෑමා සොරි සොරි කසූ සහ සිතූ ග්‍රහලෝකාගාරයේ සිකුරුට්ටන් විසින් හොඳ හැටි සලකා එළියට ඇද දමන දර්ශනයක් බලා ගැනීමට කොළඹ විවි යේ අයට හිමිවන බව සිකුරුය...!!
ReplyDeleteසිකුරුය කිව්වේ මේ ලගදි අපිට ලගින් ගිය එක්කෙනා නේද ?
Deleteඇත්තටම මොකටද බන් හෝල් වල බොක්ස් තියෙන්නෙ ???
ReplyDelete1 hole - හිල
Delete2 whole - සියල්ල
3 hall - ශාලාව
කොයි හෝල්ද? ගොඩක් බොක්ස් වල පලමු හෝල් එක තියෙනවා තමා හැබැයි.
මදෑ මම බොක්ස් එකේ සීන් බලන්න ආවා...
ReplyDeleteනෙදකින්...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මූ නම් රජ වලා... :)
Deleteරාජ සප්පත් ලැබේවා !
හෙහ්... ඒ කියන්නේ මේක උඹටම උන වැඩක්... එහෙනම් හොදට තිබ්බ ග්‍රහලෝකාගාරෙත් විනාස කරයි මේ සෑමා..
ReplyDeleteමට ? කව්ද කියන්නේ. මේක සිතු කුසු කතාවක් බං..
Delete:)
වෙන කෙනෙකුට නම් නොකියමි...
ReplyDeleteසෑමාට සිදුවී ඇති අපහසුතාව නිසාම කියමි. ඔතරං බොක්ස් හොයනවා නම් වැඩි පහසුකම් නැති උනත් "රිකී" හෝල් එක වටී. සුපර් බොක්ස් කියා එකක්ද ඇත. වටෙන්ම කවර්ය.
එතන මදිනම් තවත් දුක කියා පොස්ටුවක් දමන්න. මොකක් හරි කරමුකො.
(දෙන්නම කැමති නම් හොටෙල් රූම් එකකට ගියොත් නරකද අප්පා,,,,)
අපොයි රූම් හොද නැත්තේමය. බැන්දට පසු කරන්නට දෙයක් ඉතුරු කර ගත යුතු බැවි සිතු කුසුගේ අදහසය. නැත්තම් යුග දිවිය කලින්ම එපා වෙනවාය.
Deleteඑතෙක් ගොඩ වෙදකම් ප්‍රමාණවත්ය. :)
ජය !
කොල්ඹ කැම්පස් එක ඇතුලෙ තියන ග්‍රහලෝකාගාරේ නම් කෙල්ලෝ කොල්ලෝ වෙන වෙනම් පැති දෙකක ඉන්න තියෙන්නේ.ඒ නිසා මේක හරියන වැඩක් නෙමේය.ලංකාවේ වෙන ග්‍රහ ලෝකාගාරද නැත.අනිත් එක මෙහෙම කරන්න පුලුවන් නම් කැම්පස් එකේ ඉන්න හොඳ ලමයි වෙන කාටහරි එන්න ඉඩතියාවිද? මං අහන්නෙ අද්‍යාපන චාරිකාවක් වත්.
ReplyDelete//කොල්ඹ කැම්පස් එක ඇතුලෙ තියන ග්‍රහලෝකාගාරේ//
Deleteඒක ඇතුලේද වෙනමද තියෙන්නේ ?
බොක්ස් කිව්වම අපේ එකෙක් කිව්ව කතාවක් මතක් උනා පොර කටට එන එව්වා ඔහේ කියල දාන විදිහේ එකෙක්...ඔන්න මම බැඳපු අලුතම වගේ අපේ බැචාලා සෙට් එක ෆිල්ම් එකක් බලන්න සෙට් උනා මගේ මහගෙත් එකම බැච් එකෙ නිසා එයත් එතන
ReplyDeleteෆිල්ම් එකට යන්න කලින් බැල්කනිද ඔඩිසිද කියල කට්ටිය කතාවෙන අස්සේ අරූ මගේන් අහපි
" මචො උබල එතකොට බොක්ස් ටිකට්ද ගන්නේ කියලා..."
එතකොටම අපේ උන්දැ කියපි
" ෆිල්ම් හොල් එකෙ බොක්ස් මොකටද අපිට ගෙදර ලොකු කාමරයක්ම තියෙනව කියල "
එතන එකම සීනා සාගරයක් උනා හිකිස්
නියම උත්තරේ බං. උබටත් ඉන්නේ ගැලපෙන පවුලක්. හිනා යනවා බං..
Deleteජය !
පොටෝ එකේ වගේ ඔය බොක්ස් වල ඇතුලෙ ලයිට් එකක් තියනවනම් සිතුලට කුසුලට කොයිතරම් පහසුවක්ද. ;)
ReplyDeleteග්‍රහලෝකාගාරයට පොඩි අය යන එන තැනක් නිසා සිතූගේ අදහස නරකය.
බොක්ස් ඇතුලට කුමට ලයිට් ද?
Deleteස්ක්‍රීන් එකේ එලිය වැටෙනව නොවැ..
This comment has been removed by the author.
Deleteසමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.
Delete:D
ග්‍රහලෝකාගාරෙ තමයි හරිම පොට් එක.
ReplyDelete:))
Deleteලකියා නම් බොක්ස් වලට වත් ග්‍රහලෝකාගාරයට වත් ගිහින් නැත.සෑමාගේ ඉහත පෝස්ටුව කියවිමෙන් පසු බොක්ස් වලට කෙෙස් වෙතත් ග්‍රහලෝකාගාරයට යාමට සිතා ගතිමි.
ReplyDeleteපොඩි කාලෙවත් ගියෙ නැද්ද?
Deleteජය !
පොඩි කාලෙවත් ගියෙ නැද්ද කියලා අහන්නෙ?මම තාමත් පොඩිනෙ හ...
Deleteඇහ්.. දැන්ම පලයං කොලුවෝ. ලොකු වෙන්න කලින් !
Deleteසෑමත් අධ්‍යාපන චාරිකා ගිහිං වගේ...
ReplyDeleteහික්ස්
අද්දියාපන ඒවා අවුලක් නැහැනේ.. ඉස්කෝලෙ කාලෙත් ගියේ. ගිහින් මොනාද බොලා ගත්ත අද්දියාපනේ..?
Deleteහොඳ අදහසක් සෑමෝ... ඒත් බං අපිට යන්ට දෙයිද...
ReplyDeleteඇයි බැරි ?
Deleteමේක වරදවා වටහා ගැනීමක්. සැමා මේකෙ නරක මොකුත් කියලා නෑ.
ReplyDeleteමේකෙ ඉන්න සිතූ කුසූ දෙන්නම කොල්ලො. ඔයාල හිතනව වගේ කපල් එකක් නෙමේ.
නැත්නම් මොකද මෙච්චර ව්‍යාකරණ දන්න සැමා "සිතූ පැහැදිලි කළේය", "කුසූ මැද්දට පැන්නේය" කියලා ලියලා තියෙන්නෙ.
//"ඇයි බබා අපි ෆිල්ම් බලල තියෙනවා, බීචි ගිහින් තියෙනවා, එතකොට අරහෙ මෙහෙ ගිහින් ලන්ච් අරන් තියෙනනවා...ඒ විනෝද චාරිකා." සිතු පැහැදිලි කලේය.
"එතකොට වන්දනා ගමන් කිව්වේ පන්සල්, පල්ලි ගිය ඒවා ???" කුසු තම දැනුම පෙන්වීමට මැද්දෙන් පැන්නේය.//
මේ කපල් එකක් නම් "සිතූ පැන්නාය", "කුසූ කළේය" කියලනෙ සැමා ලියන්නෙ.
ඒකවත් තේරෙන්නෙ නෑ, වැදගත් කතාවක් කිවුවම ඒකත් බලන්නෙ වැරදි කෝණෙකින්
මගුලයි සෑමා ගේ ව්‍යාකරන වැරදීම් වලට සිදු ගෙන් නියම අර්ථ කථනයක්. :)
Deleteහදන්නෙ නැතිව තියමු නේද? එතකොට මේක වෙනම සීන් එකක් වෙයි.. :-o
ජය සිදු !
අපොයි ගේ කුරුල්ලො දෙන්නෙක්ද කොහෙද.... ඔන්න සැමෝ මමනම් උබ ඉන්න පැත්තක ඉන්නේ නෑ
Deleteසුපිරිම අයිඩියාවක්නේ බොලේ.... ඒක නෙමේ දැන් ඉතින් ග්‍රහලෝකාගාරේ පාලකයින්ට කරන්න වැඩ ගොඩායි.....
ReplyDeleteමුලින්ම සැමාගේ පින්තූරයක් ප්‍රින්ට් කොරගන්න ඕනේ.... ඇතුල්වෙන තැනින් බලන්න ඕනේ මේකා කොයිවෙලේද රිංගන්නේ එන්නේ කියලා.....
සිතු කුසු ආයෙත් මතක් කරගත් මම පව්ය....
ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවක දැක්ක පට්ට ආතල් සිද්ධියක් මතක් වුනා....
පෝලිමේ මැදක් වෙන්න දෙන්නෙක් හිටියලු.ඒ දෙන්නට පිටිපස්සෙන් මංතුමා හිටියලු.ටිකට් කවුන්ටරේ ගාවට ඩිංග ඩිංග කිට්ටු කරනකොට ඉස්සෙල්ලා කියපු දෙන්නගෙන් කෙල්ල කොල්ලගේ අතින් අදිනවා දුවන්න හදනවා කොල්ලා ආයෙ ඇදලා ගන්නවා මාර ඇක්ෂන්.. වැටක් වගේ ගහලා නොතිබ්බනම් මුන් දෙන්නා එතන ඩාන්ස් කරනවා තව ඩිංගෙන්.... තව චුට්ටක් කවුන්ටරේට ලංවෙද්දි කොල්ලා කෙල්ලගේ අත හොඳට මිරිකගන්නවත් මම බලාගෙන...ඊට පස්සේ මොනාදෝ කෙල්ලට රහසින් කිව්වා කෙල්ල කොල්ලගේ අත අල්ලන් උඩ පනින්න වගේ ලෑස්තිය.කොල්ලා නෙමෙයි අත අතෑරියේ...
මේං අරූ කවුන්ටරේට ගිහිං බොක්ස් කියනකොට කෙල්ල පණ කඩාගෙන දුවන්න තියාගත්තේ නැතැයි.... කොල්ලත් අන්තිමේ දීපු සල්ලි ආයෙම අරගෙන ගියා කෙල්ල පස්සෙන්... මම හිමීට කෙල්ලගෙන් ඇහුවා "මාත් බොක්ස් ගන්නද අපරාදෙනේ අරගොල්ලෝ ගන්න ගිය එක ඉතුරුයිනේ කියලා" මේං එයත් දුවන්න ලෑස්තිය... අරුන් එන පාටක් නැති නිසා ඊළඟට ගිහින් ඕඩියන්ස් ගත්තා.... රුපියල් 100ක් පමණයි දෙන්නටම 200යි....මල් වත්තට ගියොත් දෙන්නට 100යි.
හැබැයි ඉතින් එකම එක සිද්ධියක් පැහැදිලියි.... මේ කතාවේ සිතු කුසු වෙන කවුරුවත් නොව සැමා සහ වෙන්ඩ බාරිමයිය.... සාධක සහිතයි මෙන්න මෙතන බලන්ඩෝ
සැමෝ දැන් දීපල්ලකෝ උත්තර
අප්පද බොල අරකිව බලෙන් ගෙනියන්න හදල නොවැ.. ගැමියා වෙන එවුන්ට වුනා කියලා අත්දැකීමක් දාලද මන්දා..
Deleteඅඩේ මේක සෑමාව විනාස කරන්න ලෑස්ති කරපු ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක්. එතන දැම්මෙ මට වුණ ඇත්ත සිද්දිය. මේක එහෙම් පිටින්ම සිතු සහ කුසුට වෙච්ච සීන් එකක්. එදා සෑමා ගියේ අපේ කොල්ලෝ සෙට් එකත් සමග. අපේ එකෙක්ට වෙන වුවමනාවක් වෙලා රිංගුවා බාර් එකකට. අපිට විතරක් ඉන්න බැරි නිසා අපිත් ගියා සුපිරි සික්ස් බලන්න බාර් එකට..
""ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියල කියමනක් තියෙනවා. එහෙම කියල මිත්‍රවරුනි මම බිම ඉදගන්නවද??? නැහැ.."" මේක සුපර් සික්ස් එකේ මන්ත්‍රි ඇන්ටන් ජූඩ් මහතාගෙ දෙබසක්. ගැමියට මතක ඇති.. :ඩී
:)
සැමා තරහා වෙයිද මන්දා.....:D
Deleteමේ කතාව දැක්ක වෙලේ ඉඳන්ම මට හිතුනේ ඕක දාන්නමයි... කවුදැයි මේ සිද්ධි දන්නේ... සැමා හොඳ එකා අර කවි ලියන සැමා තවා සේරම කොරන්නේ
බලපන් උබ හින්ද බොරුත් කියන්න වෙනවා.. :පී
Deleteකුසූ සහ සිතූ ආදර අන්දරය - Season 2 ද?????
ReplyDeleteSeason 2 කට්ටිය එපා කිව්වනේ..
Deleteඕක සෑමා ට උන වැඩක්ලු.. බොරුවට අර සිතු ව අල්ලලා ...
ReplyDeleteඔන්න ඉතිං කතන්දර හදනවා..
Deleteශුවර් මේක වෙලා තියෙන්නෙ සෑමට තමා.....
ReplyDeleteපිස්සු හැදෙයි.. සිතු කුසු සීන් එකක් මේක..
Deleteදැන් එහෙනම් වෙන වෙන ග්‍රහලෝක පේනවා ඇති
ReplyDeleteනැතුව නැතුව..
Delete//සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.//
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ ඔච්චරයි සෑමෝ !!! පවු අසරණ සිතුවා... මේ බ්ලොග් පෝස්ට් එකක් නිසා උන්දැට දැන පීනසේ හැදිලා ඇති බනින බැනිල්ලට !!! :P
ඕක කරන ඒවට බැනුම් අහල මදි මචං..
Deleteඅය ග්‍රහලෝකාගාරෙට ගියාම උඩ බලන්නේ නැතිව වට පිට බලන්න ඕනේ :P
ReplyDeleteජය!!!
පස්ට සැමා නියමයි!
ReplyDeleteග්‍රහලෝකාගාරෙට ගිහාම වටපිට පොඩ්ඩක් බලන්න ඕනා.. ඔය අනිත් තැනටනම් අපි යන් නෑහැනේ
ReplyDeleteවෙසක් කාලෙට නම් භූත ගුහාවත් හොඳයි :P
ReplyDeleteනිර්විළිකිතයි, අනිච්චානුගයි...
ReplyDeleteඒවගේම පස්ටයි සෑමෝ....
හි හි
ReplyDeleteඅපරාදෙ..එදා ග්‍රහලෝකාගාරෙ ගිය වෙලාවෙ මං මොකාද වගේ උඩ බලාගෙන හිටියෙ.. 0:)
ReplyDeleteමේක ටිකක් කළින් දැම්මනං මොකද සෑමෝ ;)
෴ මඳෙව් විල ෴