සෑම්ගේ කතාව
Saturday, March 3, 2012
Thursday, March 1, 2012
පේස් බුකියේ අයියා නොහොත් සූ-මේකර්ට ලියමි.. (පේස් බුකිය වැසීම සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 6)
මෑතකදී සෑමා කාටවත් ලියුමක් ලිව්වා මතක නැත. අන්තිටම ලීවේ ජයසූලිය ඇකැමතිතුමාටය. ඉන්පසුව ලියුම් නොලීවේ පොඩි සෑමාගේ ගමේ පෝස්ට්ටු ඔපීසියේ මුද්දර ගාස්තු වැඩි වූ නිසාය. අපේ තැපැල් මාමා (සුසිරි අයියා නොවේය) පුස් බයිසිකලෙන් එන්නේය. එසේ තිබිය දීත් අපේ ගමේ විතරක් මුද්දර ගාස්තු වැඩිවුනේ ඇයි දැයි පොඩි සෑමාගේ සීයා විමසුවේ සහන මල්ල ගන්නට තැපැල් කන්තෝරුවට ගිය විටකය.
"ලොහ්.. ලොහ්...ඈ පියුං කොලුවෝ ඇයි බොල මේ කෙල ගාලා අලවන හතරැස් මුද්දර කෑල්ල මෙච්චර ගණං ?"
"ඇයි සීයා දන්නෙ නැද්ද තෙල් ගණං ගියා නොවැ.." ඒ කීවේ පියුම් අයියා මාමාය.
"ඉතිං හත් දෙයියනේ බොලාගෙ බඩ පිරෙන්ට තෙල් තිබ්බට. තෝ පුස් බයිසිකොලේ නොවැ ලියුම් බෙදන්නේ, අහවල් එකටද මේ මුද්දලේ වැඩි කොලේ..." සීයා සාධාරණ තර්කය ඉදිරිපත් කලේය.
"අපෝ.. සීයා මොනාද දන්නේ. ගිය සතියේ තැපැල් කන්තෝරුවේ ඉදලා තඩි ගැරඩි දෙන්නෙක් එලෙව්වා. උන්ට භුමිතෙල් බූලියක් විතර හැලුවා. ඒකයි මේ ඒවටත් එක්ක ගණන් වැඩි කලේ" පිලිතුරට සීයාගේ හක්කේ තිබි බුලත් හපය එලියට පැන මුද්දරය රතු පාට විය.
පියුම් අයියලා බලාගෙන යද්දී සාධාරණය. මේ සියළු කාරණා මැද මට සිහිවුයේ මුද්දර භාවිතය අවම කෙරූ පේස් බුකියේ නිර්මාණකරු අයියාවය. අද සෑමා ලියුම ලියන්නේ ඒ මහා උත්තමයාටය. මුද්දර අනවශ්‍යය. මෙය පේස් බුකියේ ෂෙයාර් කළ හැකි වීම වියදම අවම කරවීමකි.
දයා-බල මාර්ක් සූකර්බර්ග් අයියේ...
පේස් බුකිය වැසීම සම්බන්ධවයි
ඔබ අද උදේ ඔන්ලයින් දුටිමි. එනිසා නිසැකව ඔබ සැපෙන් සනීපෙන් බවත් දනිමි. ගූගල් දෙවියන්ට පිං සිද්ද වෙන්නට අයියාගේ නම සොයා ගත්තාට මම ඔබට ඉස්සර කීවේ මාර්ක් සූ මේකර් කියාය. අපේ අක්කා මට බැන්නේ එයා සපත්තු මහන කෙනෙක් නෙවේ හලෝ ඒ නිසා එයාට shoe maker කියන්න එපා කියාය. අක්කා දැමූ සද්දය නිසාම මම නිවැරදි නම සොයා ගතිමි.
අක්කා දවසම චැට්ය. අම්මා කීවේ නම් කමක් නැහැ සුසිරි අයියාගේ වියෝව මැකීමට මෙය කදිම යන්ත්‍රයක් කියාය. උදේම අක්කා ඇදේ සිටම කුණු කෙළ පෙරාගෙන නැගිට ස්ටේටස් දමන්නේ "හායි ෆ්‍රෙන්ඩ්ස් ගුඩ් මෝර්නිං" කියාය. එසේම රෑ නින්දට යත්දීත් "ගුඩ් නයිට්" කියන්නට අමතක නොකරයි. අපේ අක්කාව ගමේ කිසිවෙකු දන්නේ නැති වුනත් අක්කාට පේස් බුකියේ යාළු යේලියෝ 5000ක උපරිමයක් ඇත්තේය. අපේ ආච්චි අම්මා ලෙඩ ඇදේ සිටියදී සීයා ඔහුගේ ප්‍රොෆයිලයෙන් ලොග් ව විරහ වේදනා සහිත අවංක ආදරය ගැන ස්ටේටස් එකක් දැම්මේ ආච්චීගේ ආදරය විග්‍රහ කරමිනි. එම ස්ටේටස් එකට ලයික් 2ක් සහ කමෙන්ට් දෙකක් පමණක් තිබිණ. ඒ සියල්ල මම සහ සීයා දැමු ඒවාය. ඒත් අපේ අක්කා ස්ටේටස් විදිහට සිනහ මුහුනක් (තිත් දෙක සහ වරහන) දැමූවිට කමෙන්ට් වැස්සක් සහ ලයික් මොර සූරන වැස්සක් දැකිය හැක. ඒ අක්කාගේ දස්සකමයි.
ඉතිං මාර්ක් අයියේ, අපේ ගමේ මුද්දර ගණන් ගිය බව ඔබ නොදන්නවා බව දනිමි. මොකද ඔබත් තැපෑලට ආයුබොවන් කියා ගොඩක් කල් වෙන්නට ඇත. ඒත් අපි වගේ දුස්කර පැත්තක තැපෑල අපේ සීයලාට වුවමනාමවේ. අපි වගේ තරුණ අයට ඔබේම පිහිටය. තත්වය එසේ තිබියදී ඔබ ගැනත් නොයෙකුත් කටකතා පැතිරීම ඛේදනීයය. එදා අපේ අක්කාට ආ මේල් එකක් දැක හදිසියේ ඇය කුස්සියට දිව ආවාය.
"අම්මේ.. මාර්ක් අයියා පේස් බුකිය වහන්න හදනවලු.." අම්මාගේ දෙනෙත් සතුටින් ඉපිලින.
"හොද වැඩේ උබලගෙ තාත්තටයි... මාමටයි.." අක්කා ඇගේ ඇස් උඩ ගිය රිප්ලයි එක දුන්නේ අම්මාය.
"ඇයි අම්මේ එහෙම කියන්නේ.. එයාලට ප්‍රොෆයිල් නැහැනේ චැට් කරන්න..."
"ඇයි බොල නැත්තේ.. හවසට පොඩ්ඩක් හන්දියට ගිහින් බලපංකෝ චිට් කොල උන්ඩි කරගෙන කට්ටය බුකියේ අස්සයෝ ගාල් කරගෙන ඉන්න හැටි."
"අම්ම මේ විකාර කියනවා මම කීවේ මේ..." අක්කාට කිසිවක් කියන්නට නොලැබින.
"තෝ මොනාද දන්නේ... උඹ දන්නේ ඔය අංජනම් පෙට්ටිය දිහා බලාගෙන කොටන්න විතරනේ.."
අක්කාගේ දුක ඇසීමට පොඩි සෑමා වන මම ඉදිරිපත් වුනෙමි.
"ඇයි අක්කේ මොකෑ සීන් එක ?"
"බලන්න මල්ලී ලබන මාසේ මාර්ක් අයියා පේස් බුකිය වහනවා කියලා මේල් එකක් ආවා.."
ඔය කතාව කලින් කිහිපවතාවක් අසා තිබුන නිසා මම ගණන් නොගත්තෙමි. එනමුදු අක්කාගේ සිත මොන ආකාරයෙන් වුනත් හදන්නට නොහැකි වූ තැන මා මේ ලිපිය ලියන්නට වීමි.
අපේ රටේ වගේම මාර්ක් අයියාගේ රටේත් තෙල්, පාං, සිමෙන්ති, සීනි, ඥාන කතා පවා මිල ඉහල ගොස් ඇතැයි සිතමි. එසේ තිබියදී අයියා බුකිය වසනවා නම් දෙපාරක් සිතිය යුතු නොවේද?. මේකේ වෙළද දැන්වීම් නැතිව අයියා කීයක් හරි හම්බ කරන් කන්නේ කෙසේද? පොඩි එකාලට අවුරුද්දට බඹර චක්කර, නිලා කූරු අරන් දෙන්නේ කෙසේද ? මෙකී කරුණු ගැන සිතුවොත් මාර්ක් අයියා බුකිය වහන්නේ නැතිවාට ෂුවර්මය.
අයියාගේ බුකිය නිසා අපේ අම්මා තරම් සංතෝස වූ කිසිවෙක් නැති තරම්ය. ඉස්සර අක්කා භාවිත කලේ ගෙදර ලෑන්ඩ් පෝං එකය. බිල ගෙව්වේ අම්මාය. අක්කා ඉස්සර පැය විසිහතරම පෝං එකේය. එත් අයියාගේ බුකියේ අක්කා රෙජිස්ටර් වූ දා සිට අක්කාගේ කොල් ගැනිලි සේම හොර ගමන් සියල්ලම නැවතුනේය. අම්මා ඒ ගැන සතුටුය. අක්කා හිටපු ගමන් ගෙදරින් කොටු පැන්නම හොයන්නට යන්න වෙන්නේ මට නිසාම පොඩි සෑමාද බුකිය ගැන සතුටුය. එසේම අක්කා නැති වෙලාවට එයාගේ යාලුවෝ සමග චැට් කොරන්නේද පොඩි සෑමාය. එය වඩාත් ආතල්ය.
මොනවා කොහොම කීවත් පොඩි සෑමාට නම් බුකිය වැසුවාත්, ඇරියාත් කිසිම වෙනසක් නැත්තේමය. දැන් පොඩි සෑමා ආදරේ කරන්නේ බ්ලොගටය. බ්ලොග ප්‍රමෝට් වෙන්නේ බුකියේ වුනත් එන ඇත්තෝ එනවා සුවර්ය. බුකිය වැසුනොත් බුකිය නැති නිසා කට්ටිය බ්ලොග් ලියන්නට ගන්නවා සුවර්ය. එය මරුය.
බුකිය වැසුනා කියන්නේ පොඩි සෑමාගේ අක්කාගේ දින චරියාව පවා අප්සට් යනවා ෂුවර්ය. දැනට අක්කාගේ ඇදේ කොට්ටය ලැප් ටොප් එකය. බුකිය වැසුන දාට ඇයට කොට්ටයක් ඕනෑ වෙනවා ෂුවර්ය. එසේම හැමදාම මධ්‍යම රාත්තිරිය වෙන තුරු චැට් කොටන අක්කාට මැහුමක් ගෙතුමක් කරගෙන රැය ගත කරන්නට වෙනවා සුවර්ය. එය ඇයට පවා අපේ ගෙදර අයටත් අදහා ගත නොහැකි තරමේ විපරියාසයක් වනු සුවර්ය.
පන්දහසක් වන මිතුරු පිරිසට ඇය නැවත ලැන්ඩ් පෝං එකෙන් කතා කරන්නට පවා පටන් ගන්නවා ඇත. එය අපේ ආරිතිකයට හොද නැත්තේමය. එසේම ඇගේ හොර ගමන් වැඩි වී ගමේ කොල්ලන්ට ආදරය කරන්නට පටන් ගන්නවා සුවර්ය. දැන් නම් අක්කා ඉන්නේ ලෙකු සීන් එකේය. ගමේ එකාලා රුපියලකට ගණන් ගන්නේ නැත. ඒත් මාර්ක් අයියා බුකිය වැසු කල අපේ අක්කා පාරට ඇද වැටෙනවා සුවර්ය. ඇයට සොසේජස් කන අයියලා වෙනුවට සුපුරුදු කොස් දෙල් කන අයියලා පස්සේ යන්නට වෙනවාය. පොඩි සෑමාටද අක්කාගේ පසු පස රැදෙන්නට වෙනවා සුවර්ය.
මාර්ක් අයියාට විහිළු වුනාට මෙය අපේ පවුලේ ජීවන තත්වය පිලිබද ගැටළුකි. එනිසා බුකිය වසන්නට පෙර දෙවතාවක් හිතා බලා කරනවා නම් වටිනවාය. එසේ කරන්නටම ඕනේ නම් අක්කාගේ ලිස්ට් එකේ ඉන්න පන්දහසට සහ අක්කාට පමනක් ලොග් වෙන්නට පුලුවන් ලෙස ඉතිරි කර බුකිය වසන මෙන් ඉල්ලා සිටිමි.
අක්කා වෙනුවෙන් පොඩි සෑමා.....
Written by sAm_10.37pm_29.02.'12
ප/ලි - පෝස්ට් නැතිවාට බනින්ට එපාය. ඉදිරියේදි සාධාරණයක් ඉටු කරනවාය. සෑමා කාරිය බවුලය !

Sunday, February 26, 2012
කම්මැලියා ජය ගනී... !! - Early bird catches the worm ???
පෝස්ටුවක් නැතැයි සෑමාට දෙස් දෙවුල් තැබූ සැමට, බණ පදයකින් (සූත්‍ර පාඨයකින්) පටන් ගනිමි.
නිද්දාසීලී සභා සීලී
අනුට්ඨාතා ච යෝ නරෝ
අලසෝ කෝධපඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං
- යමෙක් නිතර නිදන සුළුද, සභාවට (මිනිසුන් රැස් වූ තැනට) ඇලුනේ වේද, උට්ඨාන වීරියෙන් කටයුතු නොකරන්නේද, අලසද, කිපීම ස්භාව කොට ඇත්තේද එය පිරිහීමට කරුණු වේ.
පාසලේ, දහම් පාසලේ පවා නොයෙක් විට අසා ඇති පරාභව සූත්‍රය (සහ අනෙකුත් පාලි සූත්‍ර, ගාථා) සෑමාගේ සිතට වැඩිපුරම කා වැදුනේ දහම්පාසල් අවසාන ශ්‍රේණි විභාගය හමාර කොට ධර්මාචාර්්‍යය විභාගය සදහා ඉගෙන ගන්නා කාලයේය. මෙම සුත්‍රය නැවත සෑමාගේ මතකය අළුත් කලේ මෙසේය.
බියගම හන්දිය යනු සවස් ජාමයේ ට්‍රැෆික් එක බහුල ස්ථානයකි. කඩුවෙල දෙසින් (තෙල් මිල වැඩි වුවත්) එන අති විශාල වාහන ප්‍රමාණය නිසාත් බියගම පාරේ දිවෙන වාහන රැල නිසාත් තද බදය බියගම තුන්මං හන්දිය සවසට කලබලය. මෙම තදබදය ට්‍රැෆික් ලයිට් වලට (ඇත්තටම ට්‍රැෆික් ලයිට් දමා නැත) අවම කළ නොහැකි නිසා සවසට රථ වාහන පොලීසිය (බොහෝ විට පොලීසිය) මේ කාරණයට පිලියම් සොයනු මා දැක ඇත. බොහෝ විටක පිලියම මැලියම් දමා ඇලෙව්වාක් මෙන් දරුණු වන්නේ උක්ත පුද්ගලයන් කාර්යය භාරගත් විටක බව එම හන්දියේ කරක් ගැසූ සැමට නොරහසකි. නමුත් මෑතකදී එයට තරමක සාධාරණ විසදුමක් ලැබී තිබුණු නිසා සෑමාට සරල සතුටු සිතක් පහල විය.
එහිදි සිදු කර තිබ්බේ තුන්මං හන්දිය අසලම තිබු බස් රථ නැවතුම් ස්ථාන හන්දියෙන් ටිකක් ඈතට රැගෙන යාමය. එය ඉතා නුවනැති කාරණයක් බව කිව යුතු සේම ස්තුතිවන්ත විය යුතුය. එම ක්‍රියා මාර්ගයෙන් දුක් වුයේ කලින් බස් නැවතුම අසල සිටි ලොතැරැයි විකුණූ අංකල් පමණි. "බලන්න පුතා හෝල්ට් එක එහා පැත්තට ඇද්දා දැන් මෙතන මිනිස්සු නැහැ. මම වේලෙනවා." බස් එකක් එනතුරු චැට් එකට සෙට්ව සිටි අංකල් කීවේ එපමණකි. නමුත් බහුතර ජනතා හිත සුව පිණිස සිදුවූ දෑ අපූරුය. බ්ලොග් පෝස්ටුවේ දැමීමට වැදගත් යමක් අංකල් කියන නිසාම සෑමා අංකල්ට කිට්ටු වූ බව අංකල් තවමත් නොදනී.
පසුගිය සවස් ජාමයක සෑමා ඔය කියන හෝල්ට් එකට ආවේ කැළණිය දෙසට බසයක් අල්ලා ගැනීමටය. අලුත් ස්ථානයේ බස් හෝල්ට් එකට ඉදිරියට යා යුතුය. එදෙසට ගමන් කරන විට පරණ බස් හෝල්ට් එකේ සිටියේ සෑමාගේ මිතුරෙකි.
"මචං කොහෙද ගියේ" මිතුරා ඇසීය.
"මම පොඩි ගමනක් ගියා බං. උබ ඇවිත් ගොඩක් වෙලාද ? බස් එකක් ගියෙ නැද්ද ?"
"දැන් විනාඩි 10ක් විතර ඇති මචං. තවම නැහැ.."
"ඒ.. මෙතන නෙවේ නේද ඉස්සරහ නේද අළුත් හෝල්ට් එක??" මම ඇසුවේ එන බස්එක නවත්වන්නේ නිවැරදි හෝල්ට් එකේ නිසාය.
"ඒක එහෙම තමා බං. මෙතනත් සෙනග ඉන්නව නේ.. අනික ඔය ටික යන්න මට කම්මැලී බං.." මිතුරා කීවේ මුහුණද කම්මැලි කමෙන් පුරවමිනි.
"අපෝ බං උබලගෙ කම්මැලිකම... හරි හරි.. උඹ හිටපං... මම ඉස්සරහට යනවා" කියමින් මම ඉදිරියට ඇදුනේ හිස් බස් රථයක් විත් නිවැරදි හෝල්ට් එකේ නැවතුවහොත් ඉද ගැනීමේ අභිප්‍රායෙනි.
මොහොතකින් පැමිණි හිස් බස් රථයක් නැවැත්වුවේ සෑමා පසුකර ආ පරණ හෝල්ට් එකේය. ඉන්පසු පිරිස නංවාගෙන සෑමා සිටි හෝල්ටුවේ නැවැත්වුවද වැඩක් නැත. හිදගන්නට සීට් නැත්තේය. සෑමාද විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිව තම මිතුරා හිදගෙන සිටි සීට් එක අල්ලාගෙන එතැනම හිටගත්තේ මිතුරාටද බෑග් එක දීමෙනි.
"ඒකනේ බං කිව්වේ ටිකක් කම්මැලි වුණාට කමක් නැහැ කියලා"
ඒ කතාව පමණක් සිදුවුණි නම් පෝස්ටුවක් නොදා සෑමාට හිත හදා ගන්නට තිබිණ.
බස් වර්ජනයට පසුදින බස් රථයක ෆුට්බෝඩ් එක මතදී සෑමාගේ පොකැට්ටුවට සොරි විය. පසු දිනක ජාතික හැදුනුම්පත තැපෑලෙන් පැමිණියද රියදුරු බලපත්‍රය ලැබුණේ නැත. රියදුරු බලපත්‍රය සාදවා ගැනීමට සෑමාගේ බොස් සිකුරාදා දින නිවාඩුව සදහා අනුමැතිය ලබා දුන්නේ බ්‍රහස්ප්‍රතින්දා සවසකය. ඒ වැඩ අහවර කොට ගෙදර යන අතර මගදීය.
"sAm you take your leave tomorrow. Try to hand over your documents before 9am and come back to office soon as possible." කියා බොස් කීවේය.
(මීට අවශ්‍යය ඩොකියුමන්ට් මොනවා දැයි සෑමා අසා දැන ගත්තේ රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයෙනි. එවන් වැදගත් සේවාවක් ඇරඹීම පිළිබද ස්තුතිවන්ත වන ගමන් ලැබුණු තොරතුරු ගැන පසුවට පෝස්ටුවක් දමමි.)
"Yes sir, I have all documents in my hand but the issue is my birth certificate is at office" සෑමාගේ සියළු සහතික පත්‍ර ඇතුලත් ෆයිල් එක බොස් ඔෆීසියේ සුරක්ෂිත කර ඇත. ඉල්ලූ විටක පවා නොදෙන හේතුව සෑමා තවමත් කල්පනා කරන්නේය.
"Ok, I will call Mr' ### (he is the owner of our office building) who is next to our office. If you able to be there before 6.30am you can collect your birth certificate from him."
දැන් සෑමා ලයිසන් එක සාදවා ගැනීමට උප්පැන්න සහතිකය ලබා ගැනිමට නුගේගොඩ ඔෆීසිය අසලට උදේ 6.30 යා යුතුය. අපේ ඔෆීස් ගොඩනැගිල්ලේ අයිතිකාර මහතා නිවසින් පිටත් වන්නේ 6.30ට නිසා සෑමා ඒ වෙලාවට එතැනට ගොස් ලබා ගත යුතුය. කරන්නට දෙයක් නැත්තේමය ගෙදරින් 5.15ට වත් එලියට බැසිය යුතුය. සියල්ල දරාගෙන සෑමා කීවේ "Ok" කියාය.
"මචං උඹට හෙට උදේම කොහෙද යන්න තියෙනවා කිව්ව නේද..?" උදේම ගමනක් යාමට තිබෙනවා කියූ මිතුරෙකුට සෑමා ඇමතුවේ තමාගේ තනියට එකතු කර ගැනීමටය.
"ඔව් මචං. උඹ කීයටද යන්න ඉන්නේ" මිතුරා ඇසුවේය.
"5.15ට විතර බස් එකට නගින්න ඕනේ බං. නුගේගොඩට ගිහින් වේරහැරට යන්න වෙන්නේ."
"අපොයි එච්චර කලින් යන්න ඕනෙද පිස්සුද බං. මට කම්මැලියි එච්චර උදෙන් යන්න. උඹ පලයන් මම 5.35ට විතර යන්නේ"
"මදැයි උඹ එක්ක යන්න හිටිය. තොපි කම්මැලි කමේම හිටු. මම යනවා උදේම"
පසු දින උදේ 5.15ට සෑමා බස් හෝල් එකේ සිටින විට පැමිණි පළමු ප්‍රයිවට් බස් රථයේම නැගින. එලෙස ගමන් ඇරඹී 5.50 පමණ වන විට සෑමා සිටි බස් රථය පසු කර ගියේ රතු පාට C'T'B බස් රථයකි. මොහොතින් සෑමාට ලැබුනේ මිතුරාගේ දුරකතන ඇමතුමකි.
"මචං ගුඩ් මෝර්නිං, උඹ කොහෙද ?" ඒ මා මිතුරාය
"ගුඩ් මෝර්නිං මචං. මම @$$%^ පහු කළා විතරයි..."
"අහ් එහෙමද ? අපේ බස් එක උඹ හිටපු බස් එක පසු කරන්න ඇත්තේ මේ දැන්"
"අඩේ.. බලපං ඉතිං. එච්චර කලින් ඇවිල්ලත්.." සෑමා කීවේ කර කියා ගත දෙයක් නොමැතිවය.
"ඒකනේ බලපං. මම කම්මැලි කමට උඹට වඩා විනාඩි 10ක් විතර නිදාගෙනත් උඹට කලින් යනවා"
"එල එල.. කමක් නැහැ බං මාත් හිත හදාගෙන යන්නම්.. :) "
ශ්‍රී සම්බුද්ධ දේශනාව එදා පමණක් නොව සදාකාලිකව සත්‍යයය. එහෙත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලැක්විය නොහැක්කේමය. ඉහත සිදුවීම් වටහාගෙන කම්මැලි වීම නොකළ යුත්තේමය.
සියල්ල අවසන සෑමාට මෙසේද සිහි විය.
සුද්දා කීවේ "Early bird catches the worm" කියාය. එනම් "උදෑසන පලමුව එන කුරුල්ලා පණුවා අල්වා ගනී" කියාය.
අපේ එකාලා මෙයට කීවේ "උදේම එළියට බහින පණුවා කුරුල්ලන්ට අසු වේ" කියාය
එයද වැරදි නැත්තේමය.
Written by sAm_6.22pm_26..02.'12
Sunday, February 19, 2012
කුසූ සහ සිතූ ආදර අන්දරය (6 - අවසන් කොටස)
මෙතෙක් ස්ටෝරිය.....
ගලා යන ගගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී, ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
කිසිත් නොදත් සිතූ කුසූ රැගෙන පුංචි අම්මාගේ නිවසේ රැදෙයි. එදින රාත්‍රියේ... ""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."" කියමින් කිසිවෙකු දොරට පහර දේ.
අද එතැන් සිට අවසානය තෙක්
***************
""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල...""
තොප්පිගලට කෆීර් ප්‍රහාර එල්ල කරන්නා සේ දොරට තඩි බාමින් හොර බලලෙකු පුරු පුරු ගාමින් කුස්සියේ දොර පහුරු ගාන්නා සේ කිසිවෙකු පුංචි අම්මාගේ දොර කඩන්නට වෙර දැරීය. කුසු, සිතුට තව තවත් තුරුලුවන්නටත්, සිතුගේ පපුවට තද වන්නටත් විය.
පුංචි අම්මාද පශ්චාත් භාගය කඩාගත් කඩියෙකු මෙන් සිතූලා සිටි කාමරයට කඩා පැන්නාය. ඒ ඔවුන් කළ කී දෑ බලන්නට නොව සිදුවන්නට යන සංත්‍රෑන්සිය සැක හැර දැන ගැනීමටය.
"මොකද වෙන්නේ සිතූ පුතේ" පුංචි අම්මා ජනෙල් වලට කර්ටන් දාන්නාක් මෙන් ඇද සිටි චීත්තය කඩා නැවත අදිමින් ඇසුවාය.
"කවුද දන්නැහැ පුංචි අම්මේ" එවර පිළිතුරු දුන්නේ කුසූය. වැල්ලේ කැරකුණු බඹරයේ හැපුණු වැලිකැට ගණන දන්නේ එම බඹරයම මිස අන් කවරෙක්ද ? කුසු පෙර වැරදි සිහි කරමින් තව තවත් තැති ගත්තාය. නමුදු තමා ආදරය කළ තමාට ආදරය කළ සිතූ හැරයන්නට ඇයට බැරිය. කළ වරදට සමාව ලැබීමට තමා දිවිතාක් අවංකව සිතූ සමග සිටිය යුතු බව ඇයට පසක්ව හමාරය.
"මොන බල්ලෙක් වුණත් කමක් නැහැ මම අරිනව දොර" උයන්නට ගෙනා මාලු කූරියෙකු ගිල දමා ගෙදර අයිතිකාරයාට දුටුවිට පැන යන්නේ කෙසේද එලෙසම බියෙන් හා එඩියෙන් ඔද වැඩි සිතූ කුසූවද පෙරලාගෙන ඉදිරියට පැන්නේය.
හලාවත ධීවර ගම්මානයට ගැසූ කදුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දුන් ධීවර ලදක් මෙන් කුසුගේ දෙනෙත් වලින් කදුළු කැට විදින්නට වීය. එකී කදුළු කැට වල තිබුනේ අප ආරම්භක විද්‍යාවට උගත් ලවන නොවේමය. දුක, ත්‍රාසය, ආදරය සහ සිතූ කෙරේ බැදි තෘෂ්ණාව එකතුව ඒ කදුළු කැට නිර්මාණය වී තිබිණ.
"තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. අපේ පුංචි අම්ම මිනිහ නැතිවුණ දවසේ ඉදං පතිවත රැකගත්තේ මේ කොස් ලීයෙන් හදපු දොර හින්ද. තෝ මොකෙක් වුණත් කමක් නැහැ මම දොර අරිනකල් හිටු." සිතු රා බී ඇවිසුන නාලාගිරි හස්තියා මෙන් කුංචනාද කළේය. ඇතෙක් මෙන් කුංච නාද කළද ඇත්තටම සිතු සමසමාජ කාරයෙකි. යු.ඇන්.පී නොවේමය.
"බ්‍රාාාාාර්ස්"
ඒ දොර ඇරුණ හඩ මිසක් සිතූට වාත අමාරුවක් නැත.
මෙතෙක් වෙලා දොර අසලින් නැගූ සද්දය තුරන්ව තිබිණ. දොර ඇරිය විට සිතූ දෙපසින් පුංචි අම්මා සහ කුසුද සිට ගත්තේ සිතූ ගුටි කෑවොත් බේරා ගැනීමටය.
කලුවරේ දොර පලු දෙක අතරින් කළු පාට ඡායාවක් දුටුවද කිසිවක් පැහැදිලි නැත. නෙළුම් පොකුනේ පැවැත්වෙන ෂෝ එකක පරිසරයම අදුරු කොට ඇති කලෙක ගායකයා දෙසට පමනක් ස්පොට් ලයිට් එකක් එල්ල කල පරිදි මෙන් සිතු තම අත රැදි කෑලි පහේ ටෝච් එක පිටත සිටි පුද්ගලයාගේ මුහුණට දමා ගැසුවේය.
කැළණි ගගේ ඔබා තිබි හුලං පිරි බැලුම් බෝලයක් අත ඇරියා සේ එකවර මතුවූයේ අන් කවරෙකුවත් නොව විමලේය. කුසු සමග රති නදියේ ගිලුනු විමලේය. බෝ මළුවක දහසක් උපාසක් අම්මලා රැදී සිට ඉවත් වූ කලෙක මෙන් කලින් තිබි ඝෝෂාව සැනින් අහවරය. බෝධියේ වට බෝපතක් වුවත් බිම පතිව වන හඩ ඇසේ.
"අඩේ විමලේ අයියා උඹ.." සිතුගේ ඇස් උඩ ගියේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුන අයිසැක් නිව්ටන් මෙනි.
එකල සරුංගල් වාරයට සිතුටත් වඩා විශාල 'වවුලා' සරුංගලයක් පවා හදා දුන්නේ විමලේය. තමා පුංචි කළ බයිසිකලය කැඩුන විට දි පවා එය හදා දුන් විමලේ දැන් සිතුට තමා විසින්ම කඩා දැමූ චේන් එකක් සහිත බයිසිකලයක් පිරිනමා ඇත. සිතූ හා විමලේ ගේ කුඩා කල බැදීම නොදත් කුසු වික්ෂිප්ත වූවාය.
මලගෙදරක ඕමි තරගයකට මෙන් හතර දෙනා හතර පැත්තේ පුටු හතරක හිද ගත්හ. සියල්ල නිහඩය. නමුත් කුසුගේ හඩා වැටෙන සිත ගෝල් ෆේස් එකේ නූල කැඩි සරුංගලයක් ලෙස සලිතය. හිස මතට හූනු පැටවෙකු වැටුන කලෙක මෙන් සලිත සිත තවත් සලිත වන්නට වුයේ විමලේගේ හඩ අවදි වීමත් සමගය.
"සිතු මලයා මට උබටවත්, මේ බඩේ ඉන්න දරුවටවත්, මේ කුසූ නංගිටවත් බොරුවක් කරන්න බැහැ බං, ඒකයි මම මහ රෑම හොයාගෙන ආවේ." රජයේ ඔෆීසියක අඩි උස සපත්තු දෙකක් සහිතව ගමන් කරන කෙල්ලෙකු නගන "ටොකොස්, ටොකොස්" හඩට සමාන හඩකින් සිතුගේ හදවතද සැලෙන්නට වන්නේය. ඒ සැකය අමෝරා නැගුනේ සිතුගේ හඩය.
"මොකක්ද බං අයියේ ඒ කුණු හබ්බේ. මට කෙලින් කියපං මොකද මෙතන වෙලා තියෙන්නේ" සිතු ගණිතය පීරියඩ් එකේ පන්තියේ සිටියත් දෙමල පීරියඩ් එකේ පන්තියේ නොරැදෙන්නේ නොතේරෙන දේවල් ඇසීමට අකමැති නිසාය. නමුත් මේ අණ්ඩර දෙමලයට තමාට මුහුණ දීමට වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.
"හරි ඒක තමයි මලයා මම කෙලින්ම කතාවට බැස්සේ, ඇත්ත මේකයි. මේ අහිංසක කෙල්ලගේ බඩේ ඉන්නේ මගේ දරුවා. උඹ නම දෙන්න යන්නේ මේ දරුවට." කුසු ගේ දෙනෙත් අග රැදි කදුලු වියැකී නැත. හරියට වැහෙන්නේ නැති ලීක් ටැප් එකක් මෙන් ඇගේ දෙනෙත් අගින් කදුලු බිංදුව බිංදුව වෑහේ. ආදරය හදුනන සිතු කලබල නොවුනේ ඒ කදුලට ඇති බයටවත්, දුකටවත් නොවේ. නෙදැනුවත්ව, හදිසිව කුසූ අතින් වූ වරද ඇය තේරුම් ගෙන ඇති නිසාත්, ඇයට තමා නොමැතිව සිටිනු නොහැකි බව දන්නා නිසාත්ය.
පුංචි අම්මා අන්දොස්ය. ඇය 2 වසරේ දැරිවියකට 9 වරක් චක්කරය පාඩම් කරන්නට දුන්නාක් මෙන් උඩ බිම බලන්නීය. කිසිවක් පැහැදිලි නැති මුත් තේරුම්ගත් ස්වල්පය හිත තබාගෙන ඇය කරපින්නාගෙන සිටියාය.
වසර ගණනාවක් වසා සිටි මාවිල්ලාරු සොරොව්ව එකවර ඇරියා සේ, සිතේ බලය, සිතේ වර්ගඑලයෙන් බෙදා, හිත පීඩනය දරා සිටි කුසූ අසරණව හඩා වැටුනේ සිතූ ලගය. මගුල් ගෙදරක තම සහෝදරිය සරණපාවා ගත් මස්සිනාගේ දෙපා දෝවන ආකාරයෙන් සිතූගේ දෙපතුල් කදුලෙන් දොවමින් කුසූ හඩන්නට වූවාය. ඇගේ කදුලු වචන වලට පෙරලෙන්නට වෙර දරද්දී සිතූ හඩ අවදි කලේ ඇයව තම සුරතින් නැගිටුවමිනි.
"මට කියන්න දැන් කුසූ ඔයා මම ලග ඉන්නවද, නැත්තම් විමලේ අයිය ලගට යනවද ?" ප්‍රථිඑල වැරදියට ආවත් ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලිවිය යුත්තේමය. එලෙසම ඇය මේ ප්‍රශ්නයට හිස සැලුවා පමණි.
"විමලේ අයියා මොකද කියන්නේ. වැරද්ද මොනව වුණත් මම කැමති කුසු මගේ ලග ඉන්නවට." මෙවර පිළිතුරු ලිවිය යුත්තේ විමලේ අයියාය. හිවල් තඩියෙක් මෙන් හූ කියාගෙන කෑගසාගෙන ආවද විමලේ දැන් ශාන්තව හිදගෙන ඔළුවට අත ගසා කල්පනා කරන්නේය.
"සිතූ මලයා දෙන තරම් ආදරයක්, සතුටක් මට දෙන්න බැරි වෙයි මලයා. ඒත් මම කරපු වැරැද්ද ගැන හිතලා මම මේ ආවේ. අනික මේ කෙල්ලට මම ආදරේ නොකර මේ වගේ දෙයක් වුණේ. දෙන්නගෙම සතුට ගැන හිතලා මම පැත්තකට වෙන්නම්. ඒත් මලයා කෝමද ගෙදරට මුහුණ දෙන්නේ...??" තෘෂ්ණාව පෙරටු කොට සිගරැට් ෆිල්ටරය පවා උරන සමාජයක විමලේ ආදර්ශමත් වීය.
අලුත උපන් බලල් පැටියෙකු බැලලි අම්මාට තුරුලුව උණුසුම සොයන්නාක් මෙන් කුසූ සිතූගේ උණුසුමට තුරුලු වෙද්දී සිතූ හඩ අවදි කලේ ඇගේ හිසකේ අතරින් ඇගිලි යවමින් හිස අතගාමිනි.
"එන හැම දේකටම අපි මුහුණ දෙන්නම්, හැබැයි විමලේ අයියා පොරොන්දුවෙන්න මේ දරුපැටියගේ ජීවිතය වෙනුවෙන් අපේ ජීවිතවලට කවදාවත් කරදරයක් වෙන්නෙ නැතිව දුරින් ඉන්නවා කියල" සිතූ කොන්දේසි ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයට යන විපක්ෂ මන්ත්‍රීවරයෙකු මෙනි.
"හරි මල්ලී මේ කෙල්ලට, දරුවට කරදරයක් වෙන්නෙ නැහැ මම. හොදින් හිටපල්ලා. මම දැන්ම යනවා, මම හොද පාඩමක් ඉගෙන ගත්තා ආයෙත් සල්ලාලකම් නොකරන්න." විමලේ අවංකව සංවේදීව කතා කරන්නේ ඇල්කොහොල් බලයෙන්ද කියා සැක මුත් ඔහු පිටත්ව ගියේය.
විමලේ මෙන්ම කුසුද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ පොත් කියවූ කළෙක මෙන් තම වැරදි නිවැරදි කොට සිතූගේ ජීවිතයේ සිරිකත වන්නට ඉඨා ගත්තාය. ඉදින් ඈ හෙමින් කෙදිරුවේ ඔහුට තුරුලුව ඔහුගේ දෙසවනටය.
"සිතූ අපි දැන් මොකද කරන්නේ....??"
විභාගයකට පෙර සූදානමක් නැති සිසුවෙකුගෙන් තමා පිළිතුරු දත් එක ප්‍රශ්නයක් ලැබුණා සේ සිතුට මෙය පිළිතුරු දන්නා ගැටළුවකි.
"මොනා කරන්නද ? විමලේ හැම දේම කරලා මම ඔයාව ඕනෙ කිව්වම අතෑරල ගියා වගේ මගෙ අම්මා මාව අත අරින්නේ නැහැ කුසූ.. අපි හෙට අපේ ගෙදර යනවා.. එච්චරයි.."
හම්බන්තොටට කුරිරු නියගයක් පැවති සමයේ සිරසේ - ශක්තී සහන යාත්‍රාව බෝතල් ජලය සනීපාරක්ෂක ද්‍රව්‍යය රැගෙන හම්බන්තෙට සැරි සැරුවා මතකැති. සිතූගේ නිවසේ කෑම වලදක් ලිපේ තියා නැත. සින්ක් එකට වතුර පොදක් වැටී නැත. ලිපේ ගිණි පෙලෙල්ලක් දැල්වෙනවා වෙනුවට සිතුගේ මව කඩුල්ල අභියස රැදී කදුලු හුරතල් කරන්නීය. එහෙව් කලෙක සිරස - ශක්තී සහන යාත්‍රාව මෙන් සිතූගේ සේයාව ඇදෙන්නට වූයේ ගුරු පාර දිගේය. දෙනෙත් කදුලු වගුරුවමින් සිතූගේ මව පෙර මගට දිව ගියාය. සිතූ තම කුසූ සමග ඉදිරියට ඇදෙද්දී ගුරු පාරේ පස් කැට මඩ වූයේ දෙදෙනාගේ කදුලු පස් සමග මුසු වූ නිසාමය.
"මට සමාවෙන්න අම්මේ... මේ ඉන්නේ....." කුසූ හදුන්වා දීමට පෙර සිතූගේ කට අම්මාගේ අතින් වැසිණ.
"මට උබලා වැඩි නැහැ මයෙ පුතේ..."

![]() |
| තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. |

සිතූ - කුසූ ආදර අන්දරය මෙතකින් නිමි
(නිමි කීවේ දෙදෙනාගේ ආදරය නෙවේය, කතාව අවසානය)
(නිමි කීවේ දෙදෙනාගේ ආදරය නෙවේය, කතාව අවසානය)
***************
පෙර සැලැස්මක් නොමැතිව ගෙතුන සිතූ කුසූ ආදර අන්දරයේ තිරයෙන් පිටුපස කතා
සෑමාගේ කතාව කියවන නංගි කෙනෙකුට සෑමා දිනක් විහිළුවට මෙන් "කුසූ" යැයිය ඇමතුවේය. එදා සිට සතියක් පමණ ඇය සෑමා සමග කතා නොකළාය. යලි ඇය සෑමා සමග කතා කලේ දහසකුත් වටහා දීම් සහ නැවත ඒ නම ඇයට භාවිත නොකරන කොන්දේසිය යටතේය. ඒ තරමට කුසූ නම (චරිතය) කැතද බොලව් ?
සෑමාගේ කතාව කියවූ කිසිවෙක් "කුසූ" යන නම තම දරුවෙකුට තියා මිතුරෙකුටවත් භාවිත කරන්නට පෙළබෙනු නියතය. එසේම සමහරෙක් තමන් තරහා කාන්තාවන්, මිතුරියන් සදහා "අපෝ එයා හරියට කුසූ වගේ" යන්න භාවිත කරනු මම කීපවතාවක් අත් විද ඇත්තෙමි.
සිතූ - කුසූ එක පෝස්ටුවක් දැමූ පසු කස්ටිය ඉතිරිය (guess) ගෙස් කර කතාව ගොතන්නට ට්‍රයි කළහ. එය සෑමාට අසීමිත සතුටක් ගෙන දෙන්නක් මෙන්ම ඒ (guess) ගෙස් කිරීම් වලින් පිට කතාව ලියන්නට මහත් රුකුලක් විය.
ඉකුත් සතියක බණ ගෙදරකදි පවා සියළු දෙනා මැද අපේ ගමේ අංකල් කෙනෙකු (මා මිත්‍රයෙකුගේ පියෙක්) බ්ලොග ගැන කතා කළ අයුරු මතක් වෙද්දී පවා සෑමාට විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය.
පෝස්ටුවක් දැමූ පසු "මචං ඊලගට මොකද වෙන්නේ" "ඊලග කොටස කවදද ?" වැනි ප්‍රශ්න අසමින්, මා හට දිරි දුන් සැමට තුති.
නොයෙක් ආකාරයෙන් මා දිරිමත් කළ ෆේස්බුකියේ හා බ්ලොග් අවකාශයේ සියළු දෙනාට පෝය දා රෑ අහස බලාගෙන බුර බුරා දගලන බලු කුක්කෙකු මෙන්, හදවත පුරා බුර බුරා නැගෙන ස්තුතිය සැමට පුද කරමි.
සිතූ - කුසූ ආදරය වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවිතයේ සුභ අනාගතයක් විශ්වාසනීය වෙනසක් වෙනුවෙන් සුභ පතමු
ඒකත් ජය සිරි මංගලම්... !!
Written by sAm_1.15pm_20.02.'12
************
මෙතෙක් ආ මග කියවන්න.....
************
Wednesday, February 15, 2012
මහින්ද මාමා සෑමාගේ බ්ලොග වාරණය කරයි...
අද කට්ටිය බලන්නේ සෑමාගේ බ්ලොග අද කවදාවත් නැතිව කළුවර ඇයි කියලාය. හේතුව අවසන තේරුම් යනු නියතය.
සෑමා බ්ලොග් ලියන බව සෑමාගේ අම්මා නොදත්තීය. නමුත් සෑමාගේ ගමේ ඉන්නා අලුගුත්තේරු කොල්ලෝ කුරුට්ටෝ සෑමාගේ ගෙදරටවිත් ඒවා ගැන කියමින් සිනාසුනහ. ඒවා කන වැකි සෑමාගේ අම්මා හේතුව විපරම් කර අනතුරුව සෑමාගෙන්ම ඇසුවාය. එවිට සෑමාට තම නිර්මාණ අම්මාට පෙන්වන්නට වූයේ තව දුරටත් ගෙදර හදන කෑම රස බැලිය යුතු නිසාමය.
කැත හිත් වලට කවි පොඩ්ඩක් ලේබලය යටතේ ඇති කිසිවක් වැඩිහිටියන්ට පෙන්වීම සුදුසු නැත්තේය. ඒ නිසාම සෑමා තෝරාගත් දේශපාලනික ගණයේ 'පොඩි සෑමාගේ' ලිපි කිහිපයක් ඇයට පෙන්වූවේය. සියල්ල උඩින් යටින් කියවූ ඇය සෑමාට තර්ජනය කළේ "තෝව සුදු වෑන් වලින් ඇවිත් උස්සගෙන යයි කොල්ලෝ" කියමිනි. ඒ සෑමාගේ බ්ලොගට එල්ල වූ ප්‍රථම තර්ජනයයි.
එකී තර්ජනය හමුවේ සෑමා බිය නොවූවාද නොවේ. සෑමා ඉස්කෝලේ ගියෙත් සුදු වෑන් එකක නිසා ටිකක් හුරු පුරුදු බවක් ඇත්තේය. ඒත් බලෙන් ඇදගෙන ගියහොත් කරන්නට දෙයක් නැත්තේමය. ඒ නිසාම සෑමාගේ අම්මා වරින් වර එකී කරුණු මතක් කරන්නට වූයේ සෑමාගේ බ්ලොග් ගමන නැවැත්වීමටය.
සියළු කාරණා මැද පසුගිය දින පෙට්ට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ඉහල යාම සෑමාගේ බ්ලොග් ගමනට ආශිර්වාද කරන්නක් වීය. අම්මාගේ අවවාද දීමද මදක් අඩුවීමටද එයම හේතු විය. සැනසුම් සුසුම් මැද සෑමා බ්ලොගේ රිසි පරිදි පෝස්ට් දමන්නට සිතුවේ සුදු වෑන් භීතිකාව අඩු වීමෙනි. සෑමාගේ අම්මා තෙල් මිල සහ සුදු වෑන් අතර ප්‍රතිලෝමව ඇති සමානත්වය සෑමාගෙන් විමසුවාය.
"තෙල් ගණන් ගියාම කෝමද කොල්ලෝ උඹව උස්සන එකක් නැහැ කියන්නේ ?"
"ඇයි දෙයියනේ අම්මට තේරෙන්නෙ නැද්ද? සුදු වෑන් වලට තෙල් ගහන්නේ කොහොමද තෙල් ගණන් ගියාම. ඒක හින්දා මට පට්ට ෂුවර් දැන් සුදු වෑන් එන එකක් නැහැ"
එකී දෙබසට පසු සෑමා කොම්පියුටරය ඉදිරියේ දරණ ගසා ගත්තේ සුදු වෑන් වලට නොබියව ලියමී චේතනාවෙනි.
එලෙස නොබියව ගතවුණු සුළු කාලයට නැවත කණ කොකා හැඩුවේ අදය. ඒ වාරණය මහින්ද මාමා ගෙනි. එය ස්ථිර කලේ සෑමාගේ අම්මාය.
"දැන්වත් ඕක කොටන එක නවත්තපං, අන්න විදුලි බිලත් වැඩි කරලලු"
අද පෝස්ටුව කරුවල වුනේ මහින්ද මාමා සෑමාගේ බ්ලොගය වාරණය කළ නිසාය. අම්මා ඒ වාරණය ස්ථිර කළ නිසාය. ඒ නිසාම කාමරේ ලයිට් නොදා ටයිප් කළෙමි.
ලයිට් නැතිව ටයිප් කරන විට සෑමාගේ මිතුරෙකු පැමිණියේය.
"මොකද බං කළුවරේ"
"බිල වැඩි කරලලු බං. අම්ම ලයිට් දාන්න එපා කිව්ව"
"අප්පද බොල ඒකත් ඇත්තනේ. ඉතිං යකෝ ඔය ස්ක්‍රීන් එකේ එලිය ඇහැට හොද නැහැ. ඉටිපන්දමක් හරි ගහපං එලිය වැටෙන්න"
මිත්‍රයාගේ කතාව ඇත්තය. කළුවරේ ටීවී වත් බලන්නට හොද නැති බව සෑමා අසා ඇත්තේය. සෑමා ඉටිපන්දමක් දල්වාගෙන නැවත ස්ක්‍රීන් එකට ඔළුව දැම්මේය.
"මචං දාඩියයි බං මේ ෆෑන් එක දාන්නද?" මිත්‍රයා කිව්වේ ෆෑන් එක පෙන්නමිනි.
"ෆිස්සුද බං ඕක දැම්මොත් මේ ඉටිපන්දම නිමෙයි නිකං හිටු"
ෆෑන් එක වැඩකරන්නේ නැහැ කියනවාට වඩා එසේ කීම නම්බු සහගතය.
මෙය හුදෙක්ම සෑමාගේ බ්ලොග වාරණය කිරීමේ උත්සාහක් බව පැහැදිලිය.
විදුලි අර්බුධය නිසා ඉදිරි පෝස්ට් මෙලෙසම කළුවරේ සිටම ලියන්නද ? නැතිනම් වියදම දුකසේ විදදරා ඔබ වෙනුවෙන් ලියන්නද ?

Monday, February 13, 2012
වැලන්ටයින් දිනයේ උපත සෑමාගේ විග්‍රහය (වැල-ඉන්-ටයිම්)
වැලන්ටයින් යනු කුමක්ද ? අපේ රටේ සිටිනා පෙම්වතුන්ද තේරුමක් නැතිව මේ දිනය සමරණ බව සැබෑය. සමරන්නට පෙර මෙය කුමක්ද කියා සිතූ පිරිසක් සිටිත්ද? අරුතක් නොදැන ගන්නා පංචශීලය වැඩක් නැත්තේමය. එසේම අරුතක් නොදැන සමරණ වැලන්ටයිනයේ වැඩක් තිබේද ?
සියල්ලට කලින් මගේ මිත්‍රයකු වැලන්ටයින් සැමරූ ආකරයකින් මතකය අවදි කරන්නම්.
අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අපවත් වී අප කොඩි වැල් ඇදීමට ෆුල් නයිටක් ගසමින් සිටියෙමු. ඒ අතර සිටියේ අපේ ගමේ කටුගම්පල (කට්ටා) නම් අයියා කෙනෙකි. පාන් රාත්තල් පිටින්, ප්ලේන්-ටී කේතල් පිටින් අපි වැඩ කරන ස්ථානයට ගලා එද්දී කට්ටා මුසපත්ව තම කියවීම ඇරඹීය. අපේ ගමේ මල ගෙවල් වල කෑම සම්බන්ධ වාර්ථාව තිබ්බේ කට්ටා සතුවය. එහෙත් එය බිද දැම්මේ මගේ මිතුරා වන දෝදුවා (දෝදුගේ සිහිනය මතකනේ) අතිනි. එදා දෝදු රෙකෝඩ් එක තැබූ පසුවද අළු කෙසෙල් ඇවරියක් සමග පාන් රාත්තල් කිහිපයක්ම ගිල ඇත. අළු කෙසෙල් කාපු නිසාදෝ අදටත් කොල්ලා කිසි කලබලයක් නැත.
එදිනද කට්ටා මාරි බිස්කට් 25ක් පස් වතාවක් පමණක් කට ඇරීමෙන් කා අවසන් කර පෙන්වීය. කට්ටා තම කතාව ඇරඹුවේ එකී කෑමත් සමග මුසපත්වය.
"මචං එදා අපේ ඉස්කෝලෙ පොළක් තිබ්බා.. ඒකෙ මුදලාලිලට හිටියේ ඉස්කෝලෙම ලමයි. ඉතිං ඕකෙ හැම ජාතියෙම එළවලු, පලතුරු, මල්, පොත්පත් වගේ ගොඩක් ඒවා අඩුවට තිබ්බා.." ලෙස කට්ටා කතාව ඇරඹීය.
කට්ටාට ඒ කාලේ ඉස්කෝලේ කෙල්ලෙක් සිට ඇත. පොර ඇය සෙට් කරගෙන තිබ්බේද මහා ගේම් සමුදායකට පසුවය. ඒත් කට්ටාගේ නොසන්ඩාල වැඩ සහ සීමා රහිත කියවීම නිසා ආදරය බිදී නැවත ඉපදුන වාර අනන්තය.
"එදා හරියටම වැලන්ටයින් දවසක් බං. අපේ එවුන්ට රජ මගුල්. ඉස්කෝලෙ පොලේම තිබ්බා මල්. අපේ එවුන් රෝස මල් නැතිවුනත් පාට පාට මල් අරන් ගිහින් දෙනවා කෙල්ලන්ට. කෙල්ලෝ ෆුල් හැපී. මටත් හිතුනා බං මලක් දෙන්න. ඒත් හැම එකාම දෙන එකේ මාත් දුන්නම අගයක් නැහැනේ. අනික කොපි කළා කියල හිතයි"
වාර විභාගයත් කොපි කළ කට්ටා මේ වගේ වැඩ වලට කොපි කිරීමට අකැමතිය. ඒ නිසාම පොර වෙන වැදගත් වැඩක් සිදුකර ඇත්තේය. කොඩි වැල් ඇදීම පැත්තකින් තබා අපි ඇස් කටේ දාගෙන දෙසවන් නමාගෙන සිටියේ කට්ටාගේ පැත්තටය.
"කල්පනා කරනකොට මට ටිකිරි මොලේ පහල වුණා මචං. කෙල්ල ටිකක් සැර නිසා මම කල්පනා කරල මේකිට ගෙනිහිං දුන්නා බං කොහිල මිටියක්. අපේ අම්ම මම පොඩි කාලේ ඉස්කෝලෙ නොයන කොට ඉලපතෙන් ගහනව වගේ මේකි මට එලව එලව කකුල් දෙකට කොහිල කටු ඇනෙන කල් ගැහුව බං"
එදා වැලන්ටයින් සමරපු අපේ කට්ටාවත් නොදැන සිටි වැලන්ටයින් උපත මෙසේය.
ඉංගිරීසි මේ රට පාලනය කරන කාලේ අපේ රටේ රෙද්ද හැට්ට ඇදපු දැරිවියක් සුද්දෙක් එක්ක සෙට් වීය. රෙද්ද හැට්ට ඇදපු කෙල්ලන්ට සුද්දෝ බොහොමයක් කැමතිය. ඒ ස්ත්‍රියගේ අංගෝපාංග සියල්ල මොනවට එලියට පෙනෙන නිසාය. ආදරය අන්ධ සේම භාෂා ප්‍රශ්නයද එතරම් අදාල වන්නේ නැත්තේමය. දෙදෙනාට ප්‍රශ්න ඇති විය හැකි නිසා ලොවට හොරෙන් තේ වතු අතර දෙදෙනා මුණ ගැසුනාහ. අද කාලේ නම් දෙදෙනා දේශද්‍රෝහීන් වනු නිසැකය.
මේ අවධියේම සුද්දන් විසින් ලංකාව හැර යන්නට තීරණය කළහ. එවිට සුද්දා සහ ඔහුගේ ආදරවන්තියට කරන්නට දෙයක් නැති විය. ඇය හැඩූ කදුලින් පසුවෙද්දී මේ අතර සුද්දා කැළයට ගොස් වැලක් කඩා ගෙන විත් ඇය ඉදිරියේම ගෙල වැල ලා ගැනීමට සූදානම් වීය. ඇය කිසිත් කර කියා ගන්නට නොහැකිව බලා සිටියාය. ලංකාවේ වැල් ගැන නොදන්නා සුද්දා එල්ලී මිය යාමට සැරසෙද්දී වැල කඩාගෙන බිම පත බෑවිණ. ඉනික්බිති ඔහු දණහිසේ වැලි කැට පිසලමින් නැගිට ඇත්තේ.
"වැල ඉන් ටයිම් වැටුනේ නැහැ නොවැ..." කියාගෙනය. වැල හරියට නොවැටීම නිසා ඔහු දිවි බේරා ගැනීම පිළිබද අපේ කාන්තාව සතුටු වූණාය.
ඉන්පසු දිනම සුද්දෝ ලංකාව හැර යද්දි මේ ආදරණිය සුද්දා කැළේ සැගවී සිට ඇත්තේ තම ආදරිය හැර යාමට නොහැකි නිසාමය. අනෙක් සුද්දෝ මොහු පිළිබද විපරම් කළද කිසිදු තොරතුරක් නොමැති නිසා ඔවුන් අප රට මෙන්ම ඔහුවද අතැර රටින් පිටවිය.
ඉන්පසු විවාපත්ව ඇති මේ යුවල බ්ලැක් - ඇන්ඩ් වයිට් දරුවන් හදමින් සතුටින් වසර 5ක් පමණ දිවි ගෙවුහ. සුද්දා ලද උද්දාමයෙන් හා ඔහුගේ මුදලින් උද්දච්ච බවින් ඔද වැඩුනු මේ ස්ත්‍රිය පසු කලෙක සුද්දා අතැර ගමේම සිටි මිනිසෙකු සෙට් කරගත්තාය. ගමේ කොස්, අල, බතල වල හයිය ඇයට දැනෙන්නට ඇත්තේ ඉන් පසුවය. අනුන්ගේ රටක නොහදුනන ජනතාවක් සිටියදී සුද්දාට ආගිය අතක් නැතිවිය. සුද්දාට වපල කාන්තාවගේ හැටි තේරුම් ගියේ මෙවිටය.
උමතුවට පත් සුද්දා ගමේ හැම තැනම කැඩුණු සිංහලෙන් කිය කිය ඇවිද්දේ "වැල ඉන් ටයිම් වැටුණේ නැත" කියාය. එදා වැල හරියට වැටී තමා මිය ගියේ නම් හොදයි යයි සුද්දාට සිතෙන්නට ඇත.
අපේ මිනිස්සු ඉංගිරිසි සහ සුද්දාගේ සිංහල නොදන්න කමට සුද්දාට "වැලන්ටයින්" යන නම භාවිත කරන්නට වූහ. පසු කලෙක මේ සුද්දා අන්ත අසරණව වැවක් ලග ගුරුපාරක් අයිනේ වැටී මිය ගියේ පෙරවාරි 14 වනදා දිනකය. එසේම සුද්දා බෙල්ලේ වැල දාගන්නට ට්‍රයි කර ඇත්තේත් එවන් දිනකම වීම විශේෂය.
මේ සුද්දාව වැව ලගම මිහිදන් කළ අපේ මුතුන් මිත්තෝ අර ස්ත්‍රියගේ චපලකම හා සුද්දාගේ අවංකාදරය සිහිගන්වනු වස් සෑම පෙබරවාරි 14වනදාකම කිරි ගවයෙක් නිදහස් කිරීම, ගසක්, පැළයක් සිටවීම වැනි කරුණු කාරණා සිදු කළහ. එසේම එදිනට කැවුම්, කොකිස්, මුං අළුවා, වැනි විශේෂ කැවිලිද සාදා බෙදා හදාගෙන කෑහ.
මේ ඉතිහාසය නොදත් පරගැති ලාංකික ආදරවන්තයෝ මෙය ජාතික දිනයක් සේ උසස් කොට සලකති.
"වැල ඉන් ටයිම් වැටුනේ නැහැ නොවැ..." කියාගෙනය. වැල හරියට නොවැටීම නිසා ඔහු දිවි බේරා ගැනීම පිළිබද අපේ කාන්තාව සතුටු වූණාය.
ඉන්පසු දිනම සුද්දෝ ලංකාව හැර යද්දි මේ ආදරණිය සුද්දා කැළේ සැගවී සිට ඇත්තේ තම ආදරිය හැර යාමට නොහැකි නිසාමය. අනෙක් සුද්දෝ මොහු පිළිබද විපරම් කළද කිසිදු තොරතුරක් නොමැති නිසා ඔවුන් අප රට මෙන්ම ඔහුවද අතැර රටින් පිටවිය.
ඉන්පසු විවාපත්ව ඇති මේ යුවල බ්ලැක් - ඇන්ඩ් වයිට් දරුවන් හදමින් සතුටින් වසර 5ක් පමණ දිවි ගෙවුහ. සුද්දා ලද උද්දාමයෙන් හා ඔහුගේ මුදලින් උද්දච්ච බවින් ඔද වැඩුනු මේ ස්ත්‍රිය පසු කලෙක සුද්දා අතැර ගමේම සිටි මිනිසෙකු සෙට් කරගත්තාය. ගමේ කොස්, අල, බතල වල හයිය ඇයට දැනෙන්නට ඇත්තේ ඉන් පසුවය. අනුන්ගේ රටක නොහදුනන ජනතාවක් සිටියදී සුද්දාට ආගිය අතක් නැතිවිය. සුද්දාට වපල කාන්තාවගේ හැටි තේරුම් ගියේ මෙවිටය.
උමතුවට පත් සුද්දා ගමේ හැම තැනම කැඩුණු සිංහලෙන් කිය කිය ඇවිද්දේ "වැල ඉන් ටයිම් වැටුණේ නැත" කියාය. එදා වැල හරියට වැටී තමා මිය ගියේ නම් හොදයි යයි සුද්දාට සිතෙන්නට ඇත.
![]() |
| වැල ඉන් ටයිම් වැටුණේ නැත |
මේ සුද්දාව වැව ලගම මිහිදන් කළ අපේ මුතුන් මිත්තෝ අර ස්ත්‍රියගේ චපලකම හා සුද්දාගේ අවංකාදරය සිහිගන්වනු වස් සෑම පෙබරවාරි 14වනදාකම කිරි ගවයෙක් නිදහස් කිරීම, ගසක්, පැළයක් සිටවීම වැනි කරුණු කාරණා සිදු කළහ. එසේම එදිනට කැවුම්, කොකිස්, මුං අළුවා, වැනි විශේෂ කැවිලිද සාදා බෙදා හදාගෙන කෑහ.
මේ ඉතිහාසය නොදත් පරගැති ලාංකික ආදරවන්තයෝ මෙය ජාතික දිනයක් සේ උසස් කොට සලකති.
සෑමාගේ අවවාදය -
මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ලෙස විශේෂ දින යොදාගෙන එදිනට පමණක් ඔවුනට සලකන මෙවන් යුගයක වැල-ඉන්-ටයිම් අරුමයක් නොවේමය.
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය."
පලි - සෑමාගේ විග්‍රහයක් පමණකි. ඉස්කෝලේදී ටීචර් ප්‍රශ්න කළ විට පිළිතුරු ලෙස මෙය ඉදිරිපත් කර ලැබෙන දඩුවම් පිළිබද සෑමා වග කියනු නොලැබේ.
වැල ඉන් ටයිම් වැටේ නම් පෙම්වතුන්ට කරදර නැත්තේමය.
Subscribe to:
Posts (Atom)