කාටවත් කියන්න එපා යනු 18+ සිංහල ෆිල්ම් එකක්ය. ලංකාවේ ෆිලුම් ගැන කියන්නට දෙයක් නැති නිසා ෆිලුම් එක ගැන සෑමා නොලියන්නේය. බොක්ස් තියෙන තාක් සිංහල සිනමාව ගොඩය. බොක්ස් අඩු වී රූම්ස් වැඩි වූ දාට සිංහල සිනමාවට අබ සරණ බව මෑතකදී අප හට කියා පෑවේ සිංගා මචං චාර්ලී ෆිලුම් එකය. ඒ ෆිලුම් එක බැලූ සෑමාගේ මිතුරෙක් සෑමාට කීවේ මචං ඉතාම සතුටින් සිටින ඩෑල් එකක් ඔය කොමඩි ෆිලුම් එක බලන්ට යවපං කියාය. ඌ වැඩිදුරටත් කීවේ ඉතාම සතුටින් සිටින එකෙක් වුවද ඉතා දුක්බර මානසිකත්වයකට ඇඳ දැමීමට උක්ත ෆිලුම් එක සහ බොහොමයක් සිංහල ෆිලුම් සමත් බවය. සිංහල සිනමාවේ තත්වය එසේය. දැන් සෑමා කියන්නට යන්නේ ඒ සිනමාවේ දුක් කතාව නොවේය. කාටවත් කියන්න එපා කියන වචන තුනේ ඇති බරපතකම ගැනය.

කිසිවෙක් ඔබට ලංවී “කාටවත් කියන්න එපා“ මචං කියා ඇති වාර අනන්ත විය යුතුය. ඔබ ස්ත්‍රියක් නම් ඔබට එසේ කියූ මිතුරියන් ප්‍රමාණය අනන්තයට වඩා කිහිප ගුණයක් අනිවාර්යයෙන් වැඩි වි යුතුය. ස්ත්‍රි, පුරුෂ දෙපක්ෂයේ රහස් රැකීමේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ගැන පසුවට කතා කළ යුතුය. ලිංගය කුමක් වුවත් රැකීමේ හැකියාව පුද්ගලයා මත බලපාන්නේය. එසේ ඔබට ලංවී කාටවත් කියන්න එපා යැයි කතාවක් ඇසූ ඔබ එය කාටවත් නොකියා රැක ගන්නවා නම් බඩු ෂුවර්ය. බොක්කේ බත් වගේය. අනිවාර්යයෙන් එලෙස විය යුතුමය. එහෙත් එම වචන තුන කියාගෙන ඔබ ලඟට එන පුද්ගලයා එය ඔබට මෙන්ම තවත් අයට එලෙසම කියනා ආකාරයේ පුද්ගලයෙක් දැයි සිතා බැලිය යුතුය. එලෙස සිතා බලා අහවල් කතාව, කාටවත් කියන්නෙ නැහැ මචං කියා අසා ගත යුතුය. තත්වය ඔබට දැන් පැහැදිලි ඇතිය. කාටවත් නොකියන කතාව ඔබ අසන්නේද, එය රකින්නේද නම් ඔබ දෙදෙනාගේම මිත්‍රත්වය සුරැකිය. එම කතාව ඔබට කියනා අය, ඔබ මෙන්ම තවත් අයට කියමින් යන්නේද, ඔවුන්ටද කාටවත් කියන්නට එපා යැයි කියන්නේද, නම් තත්වය බරපතල් බව සිතට ගත යුතුය. කවදා හෝ ඔබ කාටවත් නොකියූ ඒ කතාව, ඔහු ගෙන් තවත් අයෙකුට අසන්නට ලැබී, සමාජ ගත වූවොත් ඔහු සැක කරන්නේ ඔබව මිස, අන් අය නොවේය.
උපදෙස එසේය. නිධාන කතාව ඉතා පැරණිය. ඒ එක කතාව මෙන්ම තවත් කතා ගොඩක්ය. එකම ජාතියේ එවැනි සිද්ධි රැසක් සිදුවීමෙන්, අධීක්ෂණය කිරීමෙන්, පසුව “කාටවත් කියන්න එපා“ යන වචන තුනේ ගැඹුරු බව පසක් කර ගත හැකිය. එලෙසම කාටවත් කියන්නට එපා යැයි කියාගෙන එන කතන්දර අසන්නට පෙර දෙවරක් සිතිය යුතු බව තේරුම් ගත යුතුය.
බොහො කලකට පෙර සෑමාගේ මිතුරෙක්යක් සිටියේය. ඔහු කාටවත් කියන්නට එපා යැයි කතාවක් සෑමාට කිව්වේය. ඇත්තටම එය කාටවත් නොකිය යුතු මට්ටමේ දරුණු ගණයේ කතාවක් නොවේය. එහෙත් එය කාලීන වශයෙන් වැදගත්කමක් ඇති, කාටවත් නොකිය යුතු කතාවක් බව සෑමා දත් නිසා කට නොසෙල්ලුවේය. කාටවත් නොකිය යුතු කතාව දැන් කිව්වාට කම් නැතිය. කාලීන වැඳගත් කමක් තිබු එය, දැන් පැරණි රසාංගයක්ය. ප්‍රසිද්ධ රහසක්ය. සෑමාට කිට්ටු වූ උක්ත මිතුරා දරුණුම වචන තුන කිව්වේය.
“මචං කාටවත් කියන්න එපා.. පොඩි සීන් එකක් තියෙනවා“
“දැන් තව කවුද ඕක දන්නෙ?“
“උබට විතරයි කියන්න යන්නේ. ඒකයි කාටවත් කියන්න එපා කිව්වෙ...“
“උබ තව කාටවත් කියන්නෙ නැත්තං කියපං බලන්න...“
තව කාටවත් නොකියන, කාටවත් කියන්න එපා කියන කතාව මිතුරා කිව්වේය. උට ජොබක් සෙට් වෙලාය. එදා ඌ හිටි කම්පැනියෙන් වෙනත් කම්පැනියකට යන්න චාන්ස් එකක් ඇවිල්ලාය. ඉතිං හොඳය. ඒත් ඒ කාලයේ හැටියට එය කාටවත් නොකිය යුතු කතාවක්ය. නැත්තං ඌ ඒ මෙහොතේ සිටි කම්පැනියෙන් බකට් එකක් දමා උට ලැබෙන අවස්ථාව නැති විය හැකිය. ඒ නිසා සෑමා රහස රැකගෙන සිටියේය. දින කිහිපයක් ගත වෙද්දී, මිතුරා ඉන්ටර්විව් ගොස් වැඩේ 75%කට වඩා සාර්ථක වී තිබුණේය. කොල්ලාට ජොබ සැට් වෙන තුරු හෝ රහස රැකිය නොහැකි නම් වැඩක් නැතිය. මන්ද එය කාටවත් නොකිය යුතු කැටගරියට දැම්මේ කොල්ලාමය. නැති නම් එය එම කැටගරියට දරුණුවටම අයිති වන එකක් නොවේය. එහෙත් සෑමා සද්ද වසාගෙන සිටියේය.
දිනක් සෑමාට තවත් මිතුරෙක් මුණගැසුණේය. අඩේ සෑමා... කියා වත ගොත විමසන අතර ඔහු සෑමාගෙන් අසා සිටියේ පෙර කී මිත්‍රයා ගැනය.
“අඩෝ ඌට අතන ජොබක් සෙට්වෙන්න ලු නේ යන්නේ ??? “
සෑමා උඩුකුරුඤ්ඤං වූයේය. මිතුරෙක් කාටවත් කියන්නට එපා කියු කතාවක් තවත් මිතුරෙක් පැමිණ අසන්නේ සෑමාගෙන්ය. මල කෙලියක්ය. සෑමා ප්‍රති ප්‍රශ්න නැගුවේ ඒ මිතුරාගෙන්ය.
“කවුද බං උබට ඕක කිව්වෙ?? අරූ මටවත් කිව්වෙ නැහැනෙ සීන් එක... “
“අඩේ උබට වත් කිව්වෙ නැද්ද?? මට කිව්වනෙ ඌ උබටත් කිව්ව කියලා...“
“අම්මට හුඩු ඒමද? උබට කිව්වෙ නැද්ද “කාටවත් කියන්න එපා කියල ??“
පිළිතුරු දෙනු වෙනුවට ඔහු එවිට සිනාසුනේය. මිතුරා කාටවත් කියන්න එපා කියූ කතාව හැමෝටම කියලාය. එදා සිට සෑමා සිතට ගත්තේ කාටවත් කියන්න එපා කතා හැමෝටම කියන උන්ගේ කතන්දර නොඇසිය යුතු බවය.
Written_by_sAm_ශ්‍රී_Perera_7:45am_05/05/16