රැලි තලා නුඹ
විහිදිලා සිත
උණුසුමින් මා
මත්කළා ගත
හද දවා සුව
දුව දුවා ගත
මතින් නුඹ
උණුසුම් කළා
කලිසමේ මැද
තෙරපිලා නුඹ
දනන් ගේ හැඩ
වැඩි කළා
කෙලින් වී සිට
විඩා නිවාගෙන
සෙමින් ඇග උඩ
වැතිරුණා
තෙත් වුණා
කලිසම මැදින් අද
රත් වෙලා නුඹ
වියලුවා හිද
අතින් ගෙන
ඇගෙ තනපටක් මම
වැතිරුවා නුඹ
ඒ මතින්
තෙත් මතින් යුතු
ඇගේ තනපට
සුසුමකින් නුඹ
වියලුවා
හති දමාගෙන
රෙදි තෙමාගෙන
දිව ඇවිත් නුඹ
සතපවාගෙන
විදගමින් සුව
වපුරවාගෙන
උණුහුමක් ලග
දණ ගසාගෙන
ඇගේ තදවූ
ඇදුම් මත්තේ
රැගුම් රැගුවේ
සදාතනිකව
නුඹයි මිතුරේ
වරම් ලද්දේ
විදින්නට සුව
ඇදුම් අස්සේ
මගේ සරමේ
උණුසුමක් නුඹ
කිසිම දිනයක
ලබා නැත්තේ
අදින්නට කිසිවක් නොමැති ඒ
වැස්ස දවසක නුඹේ ලග හිද
තෙමාගත් මා සරම නුඹ ලග
තබා වින්දා උනුසුමක් හද
වැස්ස දවසක නුඹේ ලග හිද
තෙමාගත් මා සරම නුඹ ලග
තබා වින්දා උනුසුමක් හද
ඇගේ සුරතේ
රැදී සිත්සේ
අපේ ලෝකේ
හිදින් මිතුරේ
**
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
\*/
\*/
\*/
රැදී සිත්සේ
අපේ ලෝකේ
හිදින් මිතුරේ
**
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
\*/
\*/
\*/
රැලි තලමින්, මගෙ ලෝකෙ උණුසුම් කරපු උඹ, එහෙ මෙහෙ දුවමින් මගේ ලෝකෙ උණුසුම් කරපු උඹ, කලිසමේ මැද වුනත් ලැජ්ජ නැතුව තෙරපිලා මගෙ ලෝකය ලස්සන කරපු උඹ, මහන්සි වුනාම කෙලින් වෙලා විඩා නිවාගෙන ආයෙත් වැතිරුණ උඹ, මම කලිසම මැද වුනත් තෙමා ගත්තම ලගින් හිටපු උඹ, මගෙ කෙල්ලගෙ වුනත් යට ඇදුම් උඩ සෙල්ලම් දාපු උඹ, අපි දෙන්න තෙත් වෙලා ඉන්නකොට ලගන් හිටපු උඹ, කවුරු නැතත් මගෙ කෙල්ලගෙ ඇදුම් අස්සෙ රිංගන්න වරම් ලබපු උඹ, කවදාවත් උඹට වැතිරෙන්න නොදීපු මගෙ සරම උඩත් අදින්න ඇදුමක් නැතිව ඉන්නකොට වැස්ස දවසකම වැතිරුනු උඹ, මගෙ කෙල්ලගෙ අත් අස්සෙ පැටලිලා හැමදාමත් මගෙ ලෝකෙ ලස්සන කරගෙන හිටපං.
හොද වෙලාවට අන්තිම වෙනකන්ම කියෙව්වෙ.... මගේ හිතේ ඇත්තමයි කැත සිද්ධියක් මැවුනෙ... විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ......
ReplyDeleteනිරෝගි හිතක් සිරෝ !
Deleteහෙහ් හෙහ් ... කැත හිත් වලට ලියල තියෙන්නෙ. අපිනං නෑ ඕවට.
ReplyDeleteරාජ්ගේ හිත පිවිතුරුයිනේ !
Deleteමම හිතුවෙ රෙදි වැලක් ගැන කියන්නෙ කියලා.. බලද්දි මෙයා ගැනනෙ කියලා තියෙන්නෙ.
ReplyDeleteරෙදි කෙසේ වෙතත් වැල ගැන නම් සෙන්නාට මතක් වනු නිසැකය.
Delete:)
අපි දන්නවනේ සැමාගේ දහං ගැට...
ReplyDeleteඅන්තිම රූපෙ බලලා කියෙව්වා..මොකද අපේ හිත් හරි කැතයිනේ... :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපෝ අන්තිම පිංතුරේ බලලා කියෙව්වාම ඒ රසය මැකෙනව නේ..
Deleteකට්ටිය අහුවුණා වගේ :D
ReplyDeleteහසිත ඇතුලුව :ඩී
Deleteබලාගෙන යනකොට මේ කතාවත් ඇත්ත තමයි..
ReplyDeleteනැතුව බොරු ඇහ් ?
Deleteහොඳ වෙලේට යටින් විස්තරේකුත් දැම්මෙ.. නැත්නම් තේරෙන්නෙ නෑ..
ReplyDeleteඅපොයි.. විස්තරේ නොදා ඉන්න හැදුවෙ මම.
Deleteඒක දාපු එක අප්සට් වගේ මට නම්.. :)
අප්පට සිරි ඉවරවෙනකම් හිතුවේ වෙන දෙයක් බං
ReplyDeleteහරි වෙන දෙයක් තමා :)
Deleteහප්පේ හොඳ වෙලාවට අවසානෙට දාලා තියෙන පින්තූරේ දැක්කේ
ReplyDeleteඋඩ හරියට ගැලපෙන කොමෙන්ට් එකක් දිව අග තිබ්බේ
අපරාදේ ඒ කමෙන්ට් එක දාමුකෝ බලන්න..
Deleteඅපි අහුවෙයි ඕවට. මම දන්නවනේ සෑම් කුණුහරුප ලියන්නෑ කියල. අනික අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො, හරිය. මම නම් මුල ඉඳලම වැරදියට හිතන් කියෙව්වෙ නෑ, හරියට හිතාගෙන කියෙව්වෙ. ;)
ReplyDeleteඅම්මේ මගෙ චරිත සහතිකේ විදිහට ප්‍රින්ට් කර ගන්න හිතෙනව බං.
Deleteපිංතූරෙ බලලම කියෙව්ව
ReplyDeleteඑතකොට සැබෑ රස නැහැනේ :(
Deleteඅපේ අප්පේ කියන කතා...... හාමේ.... මේකද
ReplyDeleteඔව් .... ඒක තමා.. :)
Deleteහූ හූ...හූ හූ....අදනම් අහුවුනේ නෑ...සැමා අයියා ගැන කියෝල තියන හින්දම පලවෙනි පද හතර කියෝනකොටම දැනගත්ත මොකක්ද කියලා.
ReplyDeleteෂික් ඒත බලන්න ආපු ඒවා නෙවෙයිනේ තිබුනේ...
අප්පද බොල තරුවා දියුනු වෙලා නොවැ..
Deleteඑල එල.. සතුටුයි !
කලිසම ඇදන් ඉන්න වෙලාවට නම් මැද්දේ තෙරපන්න එපා
ReplyDeleteමගුලයි.. රැලි ගැහෙයි !
Deleteඅද නම් උඹෙ ගැටේට අහුඋනේ නෑ සැමෝ......අයන් එක කියලා හිතුනා :D
ReplyDeleteතොපි නරක් වෙලා. රැවටෙන්න දන්නෙත් නැහැ :(
Deleteසතා කවුද කියලා දන්න හින්දා කැත හිතක් නැතුව බලා ගෙන ගියත් ටිකක් දුර යද්දි හිත කැත වුනා.ඒත් අපරාදේ අගට යනකොට ආයෙත් වෙනස්
ReplyDeleteටික දුරකදි හිත කැත වුනා.. හිනා යනව බං..
Deleteලැබුනු පුංචි විවේකයකදී, කියවන්ට ආවේ. අනෙක් අයගේ හිත් පටලන්ට ලියපු කවි බව නම් හොඳටම තේරුනා.
ReplyDeleteමම නැති උනාම කට්ටිය හෝ ගාලා පෝස්ට් ලියනවනේ.:)
ඇයි ඔබ තුමියත් දාල තිබ්බෙ ?
Deleteඔයා හිටියම කට්ටියට ලියන්න වෙලාවක් නැහැනේ. ඔයා එක්ක සෙට් වෙලා චැට් නේ :පී
අදයි අප්සට් ගියා බං. කල්පනා කරලා කරලා පින්තුරේ බැලුවේ එතකං තේරුනේ නැහැ. යට විස්තරේ නැත්නම් ඒත් තේරෙන්නේ නැහැ.
ReplyDeleteමම උබ නිසාම තමා තොරනේ විස්තරේ දැම්මේ.
Deleteමලක් නැත්තම් නොතේරෙන එව්වො ඉන්නව නේ :ඪී
යෙප්.. මම සත්තයි හිතුවා මේ අයන් එකක් ගැන කියලා..ප්‍රොමිස් අලේ..මම හරි..... :D
ReplyDeleteඔයා හිතුවේ Iron - යකඩ කියල නේද?
Deleteඒහෙනම් වැරදි :))
හොද වෙලාවට මගේ හිත කැත නෑ... කැත හිත් වලටනේ කවි ලියලා තියෙන්නේ !!!
ReplyDeleteහැබැයි ඉතින් අර අක්කෑ අයන් එක වෙන්ඩෑ ලෝකේ තියෙන දුක් විඳිනම අයන් එක !!! ඔන්න උනට තේරුනා නම් පහලින් කමෙන්ට් කරහන් !!!
ඒක දුක නෙවේ බං.. සැප.. :)
Deleteමේකෙන් පේන්නෙ සෑම් ගෙ පැහැදිලි ඊරිසියාව...
ReplyDeleteඅපේ ගෙදර අයන් එකක් ඇත. ඉරිසියාව කුමටද ?
Delete:)
මට අයන් එකක් මතක් වුනේ නෑනෙ...:( මුකුත්ම හිතුනෙ නෑ.. ප්‍රොමිස්!! ඇත්තමයි කියන්නෙ මම...
ReplyDeleteඅප්පේ දස අතේ දිවුරලා.. අහිංසක හිතුවක්කාර කෙල්ල.. :)
Deleteඅනේ බන් මටත් අන්තිම එක වෙනකන් අල්ලගන්න බැරි උනා නේ :(
ReplyDeleteකවිටික පස්ටා!!
අල්ල ගන්න බැරි වුනා කිව්වේ ???
Deleteමම නම් දැන් සැමා ලියන හෙඩිමට බය වෙලා යන්නේ නෑ....එහෙම ගියේ ඉස්සර........
ReplyDeleteනිර්භීත ලමයි දැන් මෙයාලා.. සෑමා යුධ පුහුනුවක් දෙනවද මන්දා :)
Deleteඒකියන්නේ මේක අරවට කියපු කවි පෙලක්. මම කියැවුවේ කැත හිත් වලට.පට්ට ඈ...! ජය...!
ReplyDeleteහිකිස් අරව මේව පටලගෙන නේ !
Deleteමල හලියෙඩිම ටේලුනා අයන් එකක් ගැන ටමයි කීල.......;)
ReplyDeleteඅපි ඩැන් උයාගෙ කවි සිස්ටොම් එක ඩන්නවනී..............^_^
අප්පේ ඒමද ? බලමුකෝ !
Deleteමෙදා පාර නං යාංතමට වගේ හිතුනා ඕක තමයි කියලා.. ඇති යාංතං.. හිකිස්..
ReplyDeleteඑල එල.. අපේ ඉතින් කැත හිත් නෑ නොවැ... ගුඩ් තින්කින්.. මම කිවුවේ අයන් එක ගැන හිතුන එක..
ReplyDeleteහරි ඉතිං අයන් එක ගැන තමා !
Deleteමල හතයි ඈ!ඔන්‍න මං නම් කතා හිතෙන් තොරව අන්තිම වෙනකම් කියෙව්වා!
ReplyDeleteමල හතයි ? මල් හතයි ?
Delete:ඩී
ජය !
දැං සෑමගෙ හැටි දන්නව අපි... හි හි...
ReplyDeleteදැන් වැඩේ නවත්තන්න වෙයි වගේ :(
Deleteඅයන් මෑන්
ReplyDeleteමැදක් වෙන්ට කියවලා, කොයිල් වගේ හින්දා පල්ලෙහාට එක්ස්ප්‍රස් ආවා. මෙන්න බොලේ........
ReplyDeleteඅප්පේ මූ හොර කරලා !
Deleteමම නම් මුලදිම දැනගත්තා.
ReplyDeleteඅන්තිමට දාපු අමතර විස්තරය නොතිබුණානම් හොදයි.
//කෙලින් වී සිට
විඩා නිවාගෙන//
මෙතනදි රිදම් එක පොඩ්ඩක් අවුල් වෙනවා. විඩා නිවාගෙන වෙනුවට "ඉසිඹුවක් ගෙන" කියලා දැම්මානම් ගානට එනවා.
කොහොම වුනත් විශිෂ්ට නිර්මාණයක්...
ඔය කියන පදය දාන්න කලින් මාත් හිතුවා. ඇත්තටම රයම් එක අවුල් ගියේ එතැන තමා. මාත් ඇබරුනා වචනයක් නැතුව. ඉසිඹුව හොදා තමා.
Delete"විඩ නිවාගෙන" දාන්නත් හදල මේ විදිහටම දැම්මා හිටියා.
ජයෙන් ජය !
උඹේ හැටි දන්නා නිසාම හිතුවා අයන් එක ගැන වෙන්ට ඇති කියලා...
ReplyDeleteපට්ට ඈ....
ඔන්න ඉතිං අහුවුනාට පස්සෙ පච කෙලිනවා..
Deleteමටත් මුල ඉදන් හිතුනා අයන් එක කියලා.
ReplyDeleteමෙන්න තව පචයක් :)
Deleteපට්ට යකෙක්නෙ බොල...!
ReplyDeleteහප්පොච්චියේ... තව පොඩ්ඩෙන් කෝච්චිය පීලි පනිනවා..!
තව පොඩ්ඩෙන් නෙවේ.. පැනල ඉවරයි වගේ..
Deleteසැමා අයියගෙ කැත හිත් වලට ලියන කවි පට්ටනෙ.... මගේ හිත නම් කැත නෑ අලේ..උබල තමයි මේ අපිවත් නරක කරන්නෙ...
ReplyDeleteගොඩ කාලෙකින් මේ පැත්තට ආවෙ....මටත් මුලදී මීටර් උනේ නෑ මොකක්ද කියල මගදි නම් තේරුණා මොකාටද එන්නෙ කියල...
කාලෙකින්ද පලවෙනි පාරද බං අවේ.. මට මීටර් නැහැ බොලාව ;)
Deleteජය !
සික් විතරක් . . මූ මේ අයන් එක ගැනනේ ලියලා තියෙන්නේ . . :D
ReplyDeleteනැහැ මචං අයන් එක ගැන :ඩී
Deleteසැහ් ඉතරක් .. මූ ඇත්තත කුණු හබ්බයක් ලිව්වත් දැන් ඒක තේරෙන්නෙ නැතුව යනවා
ReplyDeleteකුනු හබ්බ ??? එකක් දාල බලන්න ඕනේ ;)
Deleteඋඹේ හිතට පහල වෙන අදහස් නම් කියල වැඩක් නෑ සෑමෝ. වෙලාවකට හිතෙනවා කුණුහරුප කියලා ජාතියක් නෑ කියලා.
ReplyDeleteඇත්තටම කුනු හරප නැහැ මචං.
Deleteඔය කුනු හරප කියන වචන කිහිපය නාම පද හා ක්‍රියා පද විතරයි. තමන් ලගම තියෙන නාම පද හා තමන් කරන ක්‍රියා පද
ඒවා කුනු හරප නම් තමන් කුනු හබ්බයක් වෙනවනේ..
ආදරේ වැඩි කමටදෝ උඹ
ReplyDeleteබදාගෙනම උන්නේ යට ඇඳුම ඇගේ
බැරිම තැන ඇය වැරදමා ඇදි විට
අතැර නොම සිටියානේ කොටසක්
හිකිස් උනු වෙලා.. :)
Deleteඅනේ සෑමෝ මමනම් සිරාවටම අහුඋනා බොරු කියන්නේ මොකටද මමනම් හිතුවේ මොකක් හරි වල් සීන් එකක් කියලා ....
ReplyDeleteඅන්න රොබින් නියම කොල්ලෙක් !
Deleteඋබගෙ හැටි දන්න නිසාම වල් විදියට කියෙව්වෙ නෑ.ඒත් කරුමෙට වල් විදියටමයි හිතෙන්නෙ. ඇත්තටම නියම නිර්මානයක් කැත හිත්වලට.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ස්තුති ජෝන් මහතා :)
Deleteපිස්සු කොර සෑමෝ!!!!
ReplyDeleteස්තුති !
Deleteකැත හිත තියෙන අපි වගේ උන් සැමාගේ කවි කියවන්න පටන් ගන්නේ යට ඉදලා නිසා ගානක් නෑ. දැන් ඔය හොද හිත් තියෙන අයට මොන මොනවා හරි වෙන්න සිස්ටම් එක මාරු කලොත් හොදයි වගේ හිතෙන්නේ නැද්ද?
ReplyDeleteඅපෝ කැත වැඩ බං.. යට ඉදන් පටන් ගන්න එක :පී
Deleteකැත හිත තියෙන උන් යට ඉදන් තමයි බං පටන් ගන්නේ :P
Deleteකලිසම මැද තෙමුණ වෙලාවේ ඇඳන් ඉඳිද්දී ඕකෙන් වේලන්න ගිහින් සෑමාගේ ... මොකක්ද එකක් ගානට වඩා වේලී ගියයි කියන්නේ ඇත්තද ?
ReplyDeleteහිකිස්.. මැද්ද මැදලා රැලි තිබ්බ කියලද හිතේ..
Deleteහම්මේ ඇති යාන්තං මෙදා සැරේනම් ටිකක් කියවනකොට වැඩේ හරියටම තේරුනා
ReplyDeleteකාව්‍යාත් බොරු කෙලින්න අරන් වගේ..
Deleteමීට පස්සෙ ඇඳුම් මදින ගානෙ මේක මතක් වෙයි.
ReplyDeleteඋඹ මේ අයන් ගැන දාපු දෙවෙනි එක... ඇයි ස්පයිඩර්මෑන්?
henryblogwalker the Dude
අහ් ඔව් නේද? අයන් ගැන දෙවෙනි එක තමා මචං..
Deleteඋඩින් එකෙක් දාල තිබ්බ 'අයන් මෑන්' කියල. අරක ස්පයිඩර් මෑන් මේක අයන් මෑන්.. :)
මුලින්ම ආපු ගමන් - අහ් මේ සැමාගේ කැත හිත් කවිනේ සෑහෙන කාලෙකින් ලියලා තියෙන්නේ...
ReplyDeleteමුල් ටික කියවද්දි - අද නම් හරියටම හිතනවා මොකක් ගැනද කියලා හි හි
ටිකක් මැදට යද්දි - හෑ මේ මොන කුණුහරුපයක්ද බොලේ "තනපටත් වැතුරුවාලු"
මැද්දෙදි - අද සිරාවටම සීන් එකක් කියලා තොපි රැවටුණානේ කියලා කියයි හාපෝ මේකනම්..
අන්තිමට ලඟයි - සරම අස්සෙත් ගිහිල්ලා(මාව නිල් වී ඇත)
අන්තිම කවිය - අද නම් විනාසයි හාපෝ
අන්තිම විස්තරේ - අහුවෙයන්කෝ තෝව..... මුගෙ අවලං වැඩ $ෑ$%උ&^*&(
විස්තරේ නොතිබෙන්න ගැමියා කපෝතිය...
පට්ටම පට්ටයිය මා ඇදගෙන නා බැහැලත් නෑවෙමි
පියවර වශයෙන් කුතුහලිත හැගීම් විස්තර කිරිමේ ලා ගැමියා නම් සුපිරිය.
Deleteජය :ඩී