දස මසක් පුරා දුක් විඳ
හිටියා උදරය පිරිමැද
සැපයයි කියා දරු ගැබ
සිටියා සිරවී කුටියක
උපතින් මතුද දවසක
හිටියා උදරය පිරිමැද
සැපයයි කියා දරු ගැබ
සිටියා සිරවී කුටියක
උපතින් මතුද දවසක
ඔතලා රෙද්ද සරුවට
හතරයි දෙකේ කොටුවක
සිරවුණා පොඩි තොටිල්ලක
අම්මා පියා මඟ හැර
ඔෆීස් ගිය මොහොතක
බලා ගන්න එකෙක් නැති කොට
සිරවුණා “ඩේ කෙයාර්“ එකක
නොනවතී එතැන මතුවට
අ‘ යනු ආ“ යනු කියනට
ලොවක් මතු ජය ගන්නට
සිරව සිටියා “නර්සරියක“
අ‘යන්නෙන් ලොව දිනුමට
බැරි බව කියන දවසක
පහලොස් වසක් තුරාවට
සිරව සිටියා ඉස්කෝලෙක
ජය ගත් එවුන් පාසල
දිව්වා යුනිවර්සිටියට
සිරව සිටියා වසර පහකට
අතර තුර මහ ස්ට්‍රයික් මැද
යුනිවර් සිටි ගිය උන්
යුනිවර් සිටි නොගිය ඩෑල්
සෙට් වී එක තැනක ෆන්
සිරවුණා මතු ජොබ් එකක ඩල්
සොයා ගෙන සහකාරයක් පෙම්
බදාගෙන සහකාරියක් පෙම්
නැගී කැටයම් පෝරුවක බං
සදා කාලික සිරවුණා ලව්
රාහුලයෙක් ඉපදුණා
බන්ධනයක් ඇති වුණා
සිදුහත් මුව කියවුණා
එලෙසම සිත් සිර වුණා
දරු සුරතල් බලමිනා
එකා දෙන්නා වැඩි වුණා
සරලව තිබු ජීවිතේ
සදහකටම සිරවුණා
සිරවුණා “ඩේ කෙයාර්“ එකක
නොනවතී එතැන මතුවට
අ‘ යනු ආ“ යනු කියනට
ලොවක් මතු ජය ගන්නට
සිරව සිටියා “නර්සරියක“
අ‘යන්නෙන් ලොව දිනුමට
බැරි බව කියන දවසක
පහලොස් වසක් තුරාවට
සිරව සිටියා ඉස්කෝලෙක
ජය ගත් එවුන් පාසල
දිව්වා යුනිවර්සිටියට
සිරව සිටියා වසර පහකට
අතර තුර මහ ස්ට්‍රයික් මැද
යුනිවර් සිටි ගිය උන්
යුනිවර් සිටි නොගිය ඩෑල්
සෙට් වී එක තැනක ෆන්
සිරවුණා මතු ජොබ් එකක ඩල්
සොයා ගෙන සහකාරයක් පෙම්
බදාගෙන සහකාරියක් පෙම්
නැගී කැටයම් පෝරුවක බං
සදා කාලික සිරවුණා ලව්
රාහුලයෙක් ඉපදුණා
බන්ධනයක් ඇති වුණා
සිදුහත් මුව කියවුණා
එලෙසම සිත් සිර වුණා
දරු සුරතල් බලමිනා
එකා දෙන්නා වැඩි වුණා
සරලව තිබු ජීවිතේ
සදහකටම සිරවුණා
හැර යන්නට ජීවිතේ
නිසි කාලය එලැබුණා
නෑ නොනෑ කදුළු මැදින්
මිනි පෙට්ටියෙ සිරවුණා
පෙට්ටිය මැද අසුරලා
සුවඳට “සෙන්ට්“ තවරලා
මල් වටේට අහුරලා
වලක් කපලා සිරකළා
Written_by_sAm_ශ්‍රී_Perera
8:02am_02/06/15
පොසොන් කාලපයේ පෙර ලිපි..
ඇත්ත තමයි බං.. ජීවිතේ ගෙවෙන්නේ මේ සිරවීම් අතරෙනේ..
ReplyDeleteහ්ම් ජීවිතේම සිරවීමක්.
ReplyDeleteනියමයි !
ReplyDeleteසිරවී ඇත අප දැන් බ්ලොග් පඩංගුවකත්...!
හපොයි මෙහෙම හිරවිල්ලක්.
ReplyDeleteඇත්තටම ජීවිතේ නම් කියල වැඩක් නැහැ. අපූරුවට ජීවිත කතාව කවි ටිකක හිර කරලා. පට්ට.
ReplyDeleteජය වේවා!!!
සෑමත් හිර වෙලා හිටියනෙ අවුරුද්දකට වැඩිය. දැංවත් ලියන එක හොඳා...
ReplyDeleteබොහොම අගෙයි සෑම් අයියෙ! අන්තිමට ඔච්චර තමයි කාටත් උරුම.
ReplyDelete- ආගන්තුකයා