ඔබ නියම වේලාව, සුභ මොහොත සහ නැකත ගැන විශ්වාස කරන්නෙක්ද? එසේ නම් කියවිය යුතුය.
සෑමාගේ නිවස ඉදිරියේ ඇත්තේ මැයි ගසක්ය. ගස නම් මැයි වූවාට මැයි මල් ගසක් වූයේ මෑතකදීය. එනම් අප්‍රේල් මාසයේ සිටය. ගස උස් මහත් වූ දා සිට කිසිම මලක් හට නොගත්තේය. මලක් තියා පොහොට්ටුවක් වත් නොතිබුණ බව සැබෑය. තත්වය එසේ තිබියදී ගිය මාසයේ මල් හට ගත්තේය. එයද අසාමාන්‍ය ලෙසකින්ය. ගස පිරෙන්නට අතු පිරෙන්නට මැයි මල්ය. අපූරුය. දකිනා සියළු දෙනා කීවේ එය සුභ ලකුණක් බවය. ඩ්‍රැකියාට පිදූ මල් ගහේ මල් ආ දවසේද හැම එකාම කීවේ එලෙසය. නමුත් මේ මැයි ගහේ මල් හට ගැනීම විශේෂ කොට සෑමාගේ අම්මා දැක්වූයේ ලැබෙන්නට සිටිනා දරුවා පිළිබදව සුභ ලකුණක් බවය. පෙර නිමිත්ත සුභ නිසා බැහැර නොකොට සිතේ තබා ගැනීම හොඳය. පෙර නිමිත්තක් නුගුණ මට්ටමේ නම් එවැනි පෙර නිමිති බැහැර කිරීම හොඳය. ඊටත් වඩා පෙර නිමිති ගැන විශේෂ අවධානයක් නොදැක්වීම හොඳය. සිතට සතුටුය. මධ්‍යස්ථය.
කුඹලාගේ කතාව එන්නේ ඊලඟටය. තඩි කුඹලෙක් සෑමාගේ නිවස ආක්‍රමණය කළේය. උළුවහු අස්සේ ගෙවල් සැදුවේය. දොර ජනෙල් අස්සේද ගෙවල් සැදුවේය. ඉන් නොනැවතී සාලය මැද ඇති වීදුරු ස්ටූල් එකේද ගෙවල් සැදුවේය. “බබාලා හම්බෙන්න ඉද්දී එහෙමයි“ හැමෝම කීවෝය. සෑමා ඒ කතාව අසා සිට දිනක් තම මිතුරෙකුගේ නිවසට ගියේය. අම්මද බොල සාලයේ කොනක තඩි කුඹල් ගෙයක්ය. මිත්‍රයාට සොයුරියන්ද නැතිය. ගෙදර සිටින්නේ මිතුරා සහ දෙමාපියන් පමණක්ය. එය දුටු විටම සෑමා ඇහුවේ කෝ බං උඹලෑ අම්මා කියාය. ඌ ගත් කටටම කිව්වේ අම්මා මචං හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලාය. මඟුලක්ය. මිත්‍රයාට වයස විසි අටකට කිට්ටු වෙද්දී මල්ලියෙක් නංගියෙක් ගෙදරට එන්න හදනවා විය හැකිය. කරන්නට දෙයක් නැතිය. අවශ්‍යතාවය ඇති තැන ක්‍රියාත්මක වී ඇති ගතියක් පෙනෙන්නේය. බැරිම තැන සෑමා තම මුව විවර කළේය. “මචං කාසල්ද? සොයිසාද? “ ඇස් උඩ ගිය මිත්‍රයා සෑමාට ජාතිය ඇමතුවේය. “බොට පිස්සද යකෝ.. අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා ඇඩ්මිට් කළේ..“ එහෙනම් කුඹලා වැරැද්දක් කරලාය. අපේ ගෙදර කුඹල් ගෙවල් කඩන්නට නොදී තබා ගත යුතුය. අහවල් එකක් නිසා නොව උන් පව් නිසාය. ටික දිනකින් උන් ගෙවල් හැර ගියාම කඩන එක වෙනම වැඩක්ය. අම්මා නම් කිව්වේ කුඹල් ගෙවල් සුදු පාටට පේන්ට් කළොත් කොල්ලෙක්, වෙන පාටක් ගෑවොත් කෙල්ලෙක් හම්බෙනවා කියාය. හැබැයි කිව්වත් වගේ එක කුඹල් ගෙදරක් සුදුපාට ගාලා තිබුණේය. හම්බුනේ කොල්ලෙක්ය. කුඹලාගේ ගෙදරින්ද සුභ අසුභ සහ අනාවැකි කිව හැකි බව වැටහුණේ එදාය.
සෑමාගේ වත්තේ ගසක මී වදයක් තිබුණේය. එය අලුතෙන් හදපු එකක්ය. එය දුටු බොහෝ අය කිව්වේ එය සුභ ලකුණක් කියාය. එසේම කිසිම කරදරයක් නොකොට තබා ගත යුතු යැයි කීවෝය. දින කිහිපයකින් මී වදය මිසින්ය. මී වදය තියා මී මැස්සෙක්වත් එතැන නොසිටියේය. අහෝ අසුභ විය හැකිය. තිබ්බා නම් සුභ නම් නැති නම් අසුභ නොවන්නේද? සෑමා හැමෝගෙන්ම ඇසුවේය. අම්මාගෙන් කුණු හබ්බ නොඇසූ ටික පමණක්ය. අනෙක් සියළු වදන් අසා ගත්තේය. මී වදය අමතකව ගියේය. බබා හම්බුණේය. ගෙදරට විත් පහුවදා බලන විට ඒ ගහේ ඒ අත්තේම මී වදයක්ය. කලින් සැට් එකමද නොදන්නේය. ඒත් මී වදයක්ය. අම්මාගේ හිත හදන්නට සෑමා එය පෙන්නුවේය. සුභ අසුභ කතන්දර සෑමාට වැඩක් නැත්තේය. අම්මාගේ හිත හදන්නට පෙන්නුවේය. දැන් සතුටින්ය. බබා ගෙදර ආවාට වැඩිය මී වදය රීප්ලේස් වී ඇති නිසාය. අනාවැකි, පලාඵල වලින් ලැබෙන ආතල් එක එයය. නරක දේවල් නම් අමතක කොට, හොඳ දේවල් නම් පොසිටිව් වී සිටීම තරම් දෙයක් ලොවෙත් නැත්තේය.
හොස්පිට්ල් එකෙන් නික්ම ගෙදර එන්නට හදන මොහොතේ සිස්ටර් කෙනෙක් සෑමාගෙන් ඇසුවේ දැන් බබාට නමක් දැම්මාද කියාය. මල් මඟුලක්ය. වෙලාව බැලිය යුතුය. අකුරු තේරිය යුතුය. කාටවත් නැති නමක් ගැලපිය යුතුය. සම්ප්‍රදාය එයය. නැත්තම් නඩුවක්ය. “ඩිස්චාර්ජ් කරද්දිත් නම් දාගෙන ගෙදර යන අය ඉන්නවද?“ සෑමා සිස්ටර් ඇමතුවේය. “මොකද නැත්තේ ??“ සිස්ටර් පිළිවදන් දුන්නාය. කස්ටිය හොස්පිට්ල් එන්නේ වෙලාවටය. හම්බෙන වෙලාවද දන්නෝය. සීසර් කරන්නට බඩ කපන්නේ සුභ පැත්ත බලාගෙනය. එළියට ගන්නේ නැකතටය. දරුවාගේ වෙලාව කේන්දරය හැදෙන්නේ සුභ විදියටය. සුභ අකුරුද දන්නෝය. එවිට නම හදාගෙනම ඇඩ්මිට් විය හැකිය. සැප නම් කනේය. හොස්පිට්ල් සීසර් පැකේජය සමඟ නම් නොමිලේ දුන්නා නම් වටින්නේය. ඩොක්ටර් සෑමාගෙන් ඇසුවේ සීසර්ද ? නෝමල්ද? කියාය. “අනේ ඩොක්ටර් සූර පප්පා කාටුන් එකේ සීසර් චාටර් වෙන හැටි දැක්කම බබාව සීසර් කරල ගන්න හිතෙන්නෑ, අපි හම්බෙන වෙලාවට නෝමල් ගමු..“ සෑමා කීවේ එපමණක්ය. ඩොකටර් අංකල් සෑමාට ධම්ම පදයේ ගාථාවක් සහිත කාඩ්පතක් අතට දුන්නේය. “සීසර් කරනවා නම් මටත් ලාබයි. ලේසියි. අනික චාර්ජස් වැඩියි. ඒත් මමත් කැමති නෝමල් ගන්නවාට.“ ඩොක්ටර් කීවේය. ඩොක්ටර් දුන් කාඩ්පතේ තිබුනේ මේ ගාථාවය.
නක්‌ඛත්‌තං පටිමානෙන්‌තං, අත්‌ථො බාලං උපච්‌චගා;
අත්‌ථො අත්‌ථස්‌ස නක්‌ඛත්‌තං, කිං කරිස්‌සන්‌ති තාරකාති.
නක්‌ඛත්‌තං පටිමානෙන්‌තං, අත්‌ථො බාලං උපච්‌චගා;
අත්‌ථො අත්‌ථස්‌ස නක්‌ඛත්‌තං, කිං කරිස්‌සන්‌ති තාරකාති.
නැකැත් බලා උපරිමයෙන් කෙළවාගත් නායකයන් සිටින්නෝය. අපද කෙලවා ගත යුතු නැත්තේය. කිසිවක් කරන්නට නියම වේලාව එම මොහොත යැයි බුද්ධ දේශනාවය. එහෙත් සම්ප්‍රදායට අනුව අපේ උන් හිත හදාගන්නේ වැඩක් කරන්නට නැකැත් බැලීමෙන්ය. කතාව ඇත්තය. අප මෙන්ම ජෝතිෂ්‍යකරුවෝද කීයක් හෝ හොයා ගත යුතුය. ජීවත් විය යුත්තේය. සෑමා කියන්නේ යමක් කරන්නට නැකැත් බලා ප්‍රමාද වෙනවාට වැඩිය අප්‍රමාදව, හරි දේ හරි තැනදී කළ යුතු බවක්ය.
මා පමාද’මනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති විපුලං සුඛං
නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප‍්‍රමාද වෙන විදිහට, ප‍්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා. අප‍්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.
-ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි.
මා පමාද’මනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති විපුලං සුඛං
නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප‍්‍රමාද වෙන විදිහට, ප‍්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා. අප‍්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.
-ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි.
sAm_ශ්‍රී_Perera_2:50pm_09/05/2015
නැකැත් මක්කටෙයි බෞද්ධයන්ට..
ReplyDeleteකාට කියන්නද බන්........
Deleteකාට කියන්නද බන්........
Deleteඇයි යකූ ජෝතිෂ්‍යයන්ට එපෑ...
Deleteඋන් ජීවත්වෙන්නෙ කෝමැයි???
හිස්තැන් පුරවන්න.....
ReplyDeleteනැකතත් _ _ _ යි
සෑමා බඩුවක් පෙන්නන්ටෙයි................
Deletehttp://kurutugegeepawra1.blogspot.com/
ගොහින් බැලුවානම් ඒ කාලේ තමුංගේ කෙරුවාව
මෙන්න මේකා වෙසක් කලාපේ කුනුහබ්බ කියනෝ..
Deleteඅඩේ.. ඒ කාලෙ ලියපුවා ආයෙත් කියවන්නෙම නැති කොට, උබ මතක් කරපු එක නම් ලොකු දෙයක් ඈ.. ;)
පියෙක් උනා එහෙනං නේද?සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි හැලපේ..
Deleteසෑමාට සරමක් හම්බඋනාට සුබ පැතුම් ය.
ReplyDeleteනැකත් බැලීමෙන් තමන්ගේ වැඩ ප්‍රමාද වී ඔක්කොම කෙළ විය හැකි නිසා මම දැන් ඔය සියලු දෙයින්ම ඈත්වී මගේ වෙලාවට මගේ වැඩ කරගනී.
ඒක හැම අතින්ම සුබ දායකය.
සුබ පැතුවාට තුති..
Deleteකිව්වත් වගේ නියම වෙලාව.. වැඩක් කරන්න හිතෙන වෙලාව නොවැ !
මාත් නැකැත් ගැන ලිව්වා මේ වෙසක් එකට මේක ඊට වඩා විස්තරාත්මකව සෑමා ලියලා තියෙනවා.
ReplyDeleteපුතාට උඹේ බ්ලොග් එක කවදා හරි උරුම කරලා දියං සෑම්... ! කිටියට සුභපැතුවයි කියහං මව් පදවියට. නව මාසයක් එයා නෙ දුක් වින්දෙ, උඹට නම් මොකද ඉතිං?
හිටු ඩ්‍රැකියගේ කතාව බලන්න..
Deleteඒ මාස නමයත් හරි, මම කිටිත් එක්ක ලේබ(ර්) රූම් හිටපු පැය 14ත් හරි බං.. ඉපදීම දුකක් කියල දැනුනා ඇත්තටම !
සුබ පැතුම් සෑමා !!!!
ReplyDeleteස්තුතියි දෙපාරක් සුභ පැතුවාට ;)
Deleteඅපේ උණුසුම් සුබ පැතුම් ....!!!!
ReplyDeleteඋඹට ඉතින් කලින්ම සුභ පැතුවනෙ. සුභ කෙසේ වෙතත් මී මැස්සන්ගෙන් ළමය පරිස්සම් කරගනින්, අපේ එකාට පොඩි කාලෙ මී මැස්සෙක් විදල මාර දුකක් වින්ද.
ReplyDeleteබබා එහෙම කොහොමද හොදින් ඉන්නවද , සුභ අකුරක් බලලා ගණපිහිටුවලා නමක් දාපන් , ඕවයේ ඇත්තකුත් තියෙනවා..
ReplyDeleteබබ්බු හදන්නේ නැකත් වෙලාව බලල නෙවෙයි නම්, එලියට ගන්න වෙලාවක් මොකටද බන් :3
ReplyDeleteසෑමා පියෙක් වෙලාය. උබට මගේ උණුසුම් සුබපැතුම්ය. මේවා සමරන්න ඕනේ දේවල්ය. නිකන් අත්හැර දැමීම අපරාධයක්ය.
ReplyDeleteසුබ පැතුම් !
ReplyDeleteමම නම් බබා හම්බවෙන්න කලින්ම නම හදාගෙන තිබුණෙ. ඔය නැකැත් ගණ මොන මගුලක්වත් බැලුවෙ නෑ. උෟට බත් කවන්න අකුරු කියවන්න නැකැත් බැලුවෙ නෑ. මාස 6 පහුවෙද්දි බත් කැව්වා. අනේ ඔය අගේට කෑවෙ. ගේ හදද්දි වහලෙ ගැහුවෙ අපෙ මාමා. නැකතක් නැතුව මුලින්ම වහලෙට ලී කෑල්ලක් තියන්න බෑම කිව්වා. ඒ ගමන මං කොළේක නැකැත් වෙලාවක් ලියලා දුන්නා. ඒ වෙලාවට ලී තියලා වහලෙ ගැහුවා. ඔය තියෙන්නෙ බං අපූරුවට.
ReplyDeleteහැම මගුලටම නැකැත් පස්සෙ දුවන්න ගියොත් අන්තිමට අපට 'නැකත් පත' වෙනවා.