ඔහු වට පිට බැලුවේය. පුරා දිනක් පුරා කැමරා කාච වලට මුහුණ දෙමින් තම සගයන් සමග පේලියට හිදිමින් ගත් ඡායාරූප කොතරම් ලස්සන වේ දැයි ඔහු හිතන්නට මැලි වූවේය. ඇය සමග මෙතෙක් ආ ගමන මේ තරම් කරදරකාරී දිනයකින් අවසන් වී, එකම වහලක් යට හිදින්නට හැකි වේ යැයි ඔහු සිහින මවන්නට ඇතිය. ඒ සුන්දර සිහිනය අද කෙලවර වී පියවී ලෝකයේදි දෙදෙනා එක් වී ඇති අයුරු ඔහුව පුදුම කළේය. උදේ පාන්දර මුහුණේ උලාගත් පාප්ප තට්ටුව සෝදාගෙන ඒමට ඇය නාන කාමරය වෙත ගියවගක් ඔහුට සිහි වුයේ සීතල අත් දෙකකින් ඔහුගේ මුහුණ අත ගෑ විටය. පිටුපසින් සිටියේ ඇයය. ඇය නම් මෙතෙක් දිනක් තම පෙම්වතිය වී සිටි තම බිරිදය.
තමන් සමග දගකරන්නට හදන පෙම්වතියට ඔහු බර වුවේය. ඇගේ අත් දෙකින් අල්ලාගෙන ඈ සිටි පැත්ත හැරුනේය. පුරා දිනයක් ඇග තෙත් කළ දහඩිය බින්දු ඇගේ තෙත සාළුවේ ගෑවෙන්නට වූවේය. තෙත පිටින් කාමරයට වැදුනු ඇගේ ගත පුරා පිරි වතුර බින්දු ඔහු ගේ දහඩිය දිය කළේය. ඔහු උණුසුම් සුසුම් හරිද්දී ඇගේ දහඩිය බිදු වාශ්ප වන්නට වුවේය. සුන්දර රිද්මයකින් සිරුරු දැවටුනේය. ලං ලංව ඈත් වුවේය. එකී ස්පර්ශය දෙසිත් උණුසුම් කළේය.
පුරා දවසක් හිටගෙන සිටි මහන්සිය දැන් ඔවුන් අතරින් ගිලිහී ගොසින්ය. සෙමින් රිද්මයෙන් ගැටෙන සිරුරු මහන්සියට හිදගන්නට හෝ වැතිරෙන්නට තැනක් නොසෙව්වෝය. හිටගෙනම, ගේ මැද්දේම ඔවුනොවුන් මෙතෙක් නොවිදි මිහිර විදින්නට වූවෝය. වෙනදා තිබූ බාධක රෙදි කඩමළු ගැලවෙන්නට වූවේය. වෙනදා සීමා සහිතව ගමන් කරන දෙඅත්, දෙපා, දෙතොල්, බාධක නොමැති මහා ගංගාවක් සේ ගලා යන්නට වූයේය. විටෙක ගං ඉවුරට විත් මින් රැලක් උඩ පනින්නට වූයේය. සෙමින් පිහිනා යන අතර එක වර උඩ පනිමින් උන් කළබල කලෝය. ඒ කළබලයේ, නැවතීමේ රසය ඔවුනොවුන් වින්දේ අඩවන් දෙනෙතින්ය. සම්පුර්න වැසූ, හෝ සම්පුර්ණ හැරුණු, දෙනෙත් වලින් කිසිත් රස විදිය නොහැක්කේය. එනිසාම අඩවන් දෙනෙත් ඔවුන්ගේ රසයට ඔවුන්ව යොමුකලේය.
දෙපාමුල දග කරන ඔහුට සහයට ඇය ඉනෙන් එස වුණාය. එසවී තව තවත් ලං වූවාය. සිහින් ස්වරය, මනා රිද්මය, රස ගගුලට පන්නරක් වූවේය. කැඩණු සාළුව බිම වැතිර විල්ලුද පලසක් මැව්වේය. අපිලිවෙල කෙස් රොද මුහුනට වැටී ඇයට බාධා කළාය. ඇය ඒ බාධාව නොසැලකූවද, ඔහුගේ දෙතොල් ඒ බාධාව මැඩ ගන්නට මහත් වෙර දැරුවේය. ඇය ඔහුට බරදී, ලැමෙන් එසවී, හිස පහලට කඩා වැටෙන්නට සැලැස්සවූ විට අපිලිවෙල කෙස් වැටිය පහලට එල්ලා වැටෙන්නට වූයේ. තවමත් දෙනෙත් අඩවන්ය. වචන සිහින් ස්වරයන් වී, දෙතොල් අතරින් වාතලයට පිටත් වූයේ කෙදිරිල්ලක් ලෙසය.
නලලත, ඇහි බැම, දෙනෙත් පියන්, කම්වුල්, දෙතොල්, නිකට දිගේ රෑටා ආ ඔහුගේ දෙතොල් සහ දෙතොල් අතරින් එලියට රිංගා ආ දිවක් ඇයට සරදම් කලේය. වෙනදාට විශාල ධමනි අතරින් දිවෙන රුධිරය තම කේෂනාලිකා දිගේ වෙනදාට වඩා වේගෙන් දිවෙන බවක් ඇයට හැගුනේය. නිකටේ රැදී නොනැවතුනු දෙතොල්, බෙල්ල දිගේ පහලට උරහිස් දක්වා දිව ගොස් නැවතුනේය. මදක් උරහිසේ විඩා නිවූ ඔහු වේගය වැඩිකලේය. රිද්මය පවත්වා ගනිමින් වේගවත් වූයේය. ඇය රිද්මයට අනුගත වූවාය. ඒ රිද්මයෙන් සැලෙමින් ඔහු හා පාවෙන්නට වූවාය. උඩින් වැටෙන කුරුළු පිහාටුවක් දෙපසට පැද්දි පැද්දි බිමට වැටෙන්නේ යම් සේද ඇය, ඔහු මනා රිද්මයෙන්, සැහැල්ලුවෙන්, කිසිම බාධාවක් නොමැතිව පා වෙන්නට වූවෝය.
අඩවන් දෙනෙත් වැසෙද්දී, උණුසුම් පිණි පොදක් ඇයගේ සිරුරේ පතිත වූවේය. ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය. කලාත්මක, ආදරණීය, සුන්දරත්වය ඔහුට, ඇයට සැමදාම රැදෙන්නේ ඔවුන් නොවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීම මතය. ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය.
Written by sAm ශ්‍රී Perera_01:24am_03/01/13
කතාව ඈත්ත.....
ReplyDeleteයේ යේ මම එක.....
ReplyDeleteඑහෙනම් පාටි ඈ ;)
Deleteගණිකා වෘත්තීය නීතාගත කරනවා කියන්නේ මේවාට විය යුතුය. මොකද නීතියෙන විවාහ වන නිසාය. D
ReplyDelete:D +++
Deleteහික්ස් .. අනේ මන්දා :ඩී
Deleteදැන් මේකෙත් ගණන් වැඩි කරලාය.....සැපතටත් බාධාය!
ReplyDeleteහිකිස් හොද එකක් බැදපං.. එතකොට වියදම අවමයි ;)
DeleteI cant read ur blog!!! different fonts. I am using windows 8. Could u tell me how to fix this problem? Thank u.
ReplyDeletegoogle for win8, sinhala unicode software, :)
Deleteගණිකාව කෙසේ වෙතත්, සැමියා බිරිඳ එකිනෙකාට උපරිමයෙන් වල් වීමෙන් සිද්ධවන්නේ හොඳක්මය.... ගතින් මෙන්ම සිතින් ද ක්ලෝස් වෙනවාය.
ReplyDeleteතිසර මං කියන්න ආපු එක කියලා..... හි හි
Deleteසහතික ඇත්ත තිසර, ඔය ඉතිං හිරුවත් සහතික කරල තියෙන්නේ. තව වෙන මොනවද ඉතිං?
Deleteතිසර ++++++
Deleteහුටා... දෙයියනේ කියල උදේ පාන්දරම දැක්කෙ මේක.... ඒකත් ජයසිරි මංඟලම් කිව්වලු
ReplyDeleteඇයි යකෝ හුටා ?
Delete"ඇය සමග මෙතෙක් ආ ගමන මේ තරම් කරදරකාරී දිනයකින් අවසන් වී"
ReplyDeleteසැමා කරදරේ වැටිලාවත්ද ?
එව්වා පැත්තකින් තියමු. කියල තියන දේවල් සහතික ඇත්ත නොවැ..
කරදරකාරී දිනය කිව්වේ වෙඩින් දවස බොල රාමෝ :)
Deleteඒකම තමා බොල මාත් කියන්නේ. උඹ බැන්දද?
Deleteඅද සමාජයේ දකින්නට තිබෙන කණගාටු දායක සිද්ධී වලට මුලිකම බලපාන ප්‍රධානතම කරුණක් තමයි අයාලේ යන ගත සිත. තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට පමණක් සංසිඳව වන්න ඉඩ හරිනවා නම් නිරපරාදේ නැති වන ජිවිත නවතා ගැනිමට හැකිය.තාවකාලික තෘප්තින් නිසා අනාගතයට අයිති ජිවිත ඔවුන් විනාශ කරන්නේ හිත්පිත් නැති ආකාරයට ය.ඉන්දියාවේ , ඇමරිකාවේ වෙන සිද්ධින් පිළිබඳව හඬක් නඟන අපේ ඇත්තෝ ශ්‍රිලංකාවේ වෙන සිද්ධින් පිළිබඳ ව මුනිවත රකියි.පුංචි දරු පැටව් දෙදෙනා සහ ඔවුන්ගේ අම්මා නිදි පැදුරේ මරා දැමිම ඉන්දියාවෙත් ඇමරිකාවෙත් වෙච්ච සිදුවිම් වලට වඩා බිහිසුණු බව මම කියමි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හන්දියෙන් හන්දියට බුදු පිළිම, සුරුවම්, සහ වෙනත් ආගමික ස්ථාන පිරුනු රටක මෙවැනි දේ සිද්ද වීම ඛේදවාචකයක් ගයනි.
Deleteස්තුති අදහසට !
"ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය." සැවෝම මෙය තේරුම් ගත්තානම් හද සසල කරවන අමානුෂික සිදුවීම් ගැන අසා "අනේ අපොයි" කියා සුසුම් හෙලන්නට අවසථාවක් නොමැති වන්නේය.
ReplyDeleteනැතුව නැතුව. සහතික් ඇත්ත !
Deleteඅවැසි සියලු රස නිවසේ තිබේනම්.. ආයේ වෙන මොනවාද. කොයි වේලේත් හිත ගෙදරමයි.
ReplyDeleteනියම ලියවිල්ලක්..
ජය
ගෙදර රසට කන්න දෙනවනම් , කඩෙන් කන්නෙ මක්කටෙයි ?
Deleteබෝඩිම් වෙලා ඉන්න අපිට කොහෙන්ද බන් ගෙදරින් කෑම...කඩෙන්ම තමා...
Deleteඅනෙක ගෙවල් වලින් කන උනුත් වෙනසකට කියල කඩ කෑම කනවනේ හිටල...
මම මේ කෑම ගෙන කිවේ...
“දෙපාමුල දග කරන ඔහුට සහයට ඇය ඉනෙන් එස වුණාය. එසවී තව තවත් ලං වූවාය. සිහින් ස්වරය, මනා රිද්මය, රස ගගුලට පන්නරක් වූවේය. කැඩණු සාළුව බිම වැතිර විල්ලුද පලසක් මැව්වේය“
ReplyDeleteකොහොම වෙතත් ලියවිලා තියෙන ශෛලිය නම් එල
ස්තුති..
DeleteKarut Dana dayk Unat Lasanta Liyala Tiyanwa.
ReplyDeleteJayawewa
මං මේ කල්පනා කළේ සැමාට මේ වචන සෙට් එක කොහොමද ආවේ කියලා... නියම වචන ටිකක් යොදාගෙන තියෙනවා...
ReplyDeleteමේක ලියවුණු වෙලාව පාන්දර එකට විතරනේ, ඉතිං අදහස් දෝරෙ ගලනවා ;)
Deleteඅපරාදේ බං දෝරෙ ගලලා පිටට ගිය ටික
Delete@ රතු රජරට,
Deleteහික් හික් ... මටත් හිතුන, මටත් හිතුන. අපරාදෙ බං, මේව කුමන්ත්‍රණ.
හිකිස් දෝරෙ ගැලුවෙ අහවල් ඒව නෙවේ යකෝ.. අදහස්.. :)
Deleteහැක් හැක් :D
Deleteසහතික ඇත්ත කතාව!
ReplyDeleteමෙන්න බනියත් සහතික කරලෝ...
Deleteසෑම එන්න එන්නම වල් වෙනවා මදිවට මේ නාකි අපිවත් වල් කරන්න හදනවා.....
ReplyDeleteනාකි විසේ ගෙටත් උසේ කිව්වලු..
Deleteමෙන්න නලියා බබා වෙන්න හදනෝ..
amme mara adaha tikakne. ;) monawa wunath anthima kathawanam sahathika eththa. :))))
ReplyDeleteඅන්තිම ටික සහතික ඇත්ත නම් මුල්ටික එච්චර ඇත්තක් නෙවේ ද ;)
Deleteගෑණු වල් නම් පිරිමි පිට යන්නෙ නෑ. පිරිමි වල් නම් ගෑණු පිට යන්නෙ නෑ... කතාව එච්චරයි. ඒත් සමහර දේ ජානවල පවතිනවා. ඒවා නම් වෙනස් කරන්න අමාරුයි....
ReplyDeleteජානවල ඒවත් මැකෙන්නෙ නැද්ද බං උක්ත ක්‍රමයෙන් ?
Deleteවල් කම එකිනෙකාට තිබීම සාර්ථක විවාහ ජීවිතේක පදනමයි....
ReplyDeleteඑහෙත් එය පිට ගිය කල්හී....
අහෝ ඛේදයකි....!!!
පට්ටෙට ලියලා තියෙනවා ඈහ්...
ස්තුති !
Deleteවිසි එක්වන සියවසේ වාත්ස්‍යායන නොහොත් සෑමා..
ReplyDeleteමොකක්? අඩේ මොකක්ද බං ඒ වචනේ ?
Delete:))
ඇයි යකෝ කාමසූත්‍ර ලියපු එකානේ ඌ
Deleteඅඩේ එහෙමද?
Deleteමම දන්නෙ ජ්‍යාමිතික සූස්තරේ විතරයි බොල
උන්නත් දාහයි
ReplyDeleteමළත් දාහයි
පෙට්ටියට දාහයි
තුන්දාහයි
හැබැයි
බැන්දොත් පන්දාහයි — at නොබදින්න හිතමින්.
පන්දාහක් ඇතිද?
Deleteමමත් බදින අදහස අතාඑරල දැම්ම..ගනන් වැඩි යකො දැන්...
Deleteකතාවක් තියෙනවනේ..නිදියහනේදී බිරිඳ බිරිඳක් නොව ගණිකාවක් විය යුතුය කියලා. සෑමාගෙ කතාව හරි... සාර්ථක ලිංගික ජීවිතයක් ගතකරන පවුල්වල අවුල් අඩුයි.
ReplyDeleteඅප්පට සිරි ළිහිණි.....මේකිව කලින් හම්බවුණේ නැනේ..(අපේ නෝනා නොදකීවා මේ කමෙන්ටුව)
Deleteමේව පවුල් විනාස වෙන වැඩ ඈ :)
Deleteසුමින්ද ගමගේගෙ ශෘංගාර කලාපය මතක්වෙනවා.....
ReplyDeleteතව ඉතින් ඔයින් පස්සෙත් කෙරෙන්න දේවල් එමටයි...ගෙදර කාමර සැලසුම් කර ගැනීම,දරු මල්ලො හැදෙනකොට ඔවුන් නිසි වයසේ දි වෙනත් කාමරවල ස්ථානගත කිරීම.එතකොට දරුවා ස්වාධීන වෙනවා.එහෙම කරන්න බැරිවුනොත්....
පුංචි පුතේ නුඹ ආ පසු
අම්මි හුගක් වෙනස්වෙලා
හිනාවෙන්නෙ නෑ.....
එදා දාපු කෝල බැලුම් දැන් දමන්නෙ නෑ....
යනුවෙන් සෝ ගී ගයලා,ලතවෙලා...බීලා, කිචවෙලා...සල්ලාල වෙලා නැතිවෙන එක තමයි වෙන්නෙ
නුරා නෙතින් කෝල බැලුම් දැන් හෙලන්නෙ නැ...
Deleteහොද එකතු කිරීමක් සුමියා..
අඩේ නියම වචන ටික අයියේ...මාවත් නිකන් මොකද්ද වෙලා මෙව්වා එකකින් අරවා වෙලා මෙන්න මෙහෙම එකක් උනා වගේම උනා...අන්තිමට කියලා තියන ටිකත් සහතික ඇත්ත...
ReplyDeleteමගෙ අප්පේ තරුවා මඤ්ඤං වී ඇත
Deleteade mama baluwa ko meke matrukawa kohetawat adala nane kiyala.... Balinnam meka hariyatama hari kathawa...
ReplyDeleteDan itin kella kamatten badinawanam eka neetyanukula ganika wurtiya kiyamuko.... Etakota ammala balen kellage akamatten bandala dunnot eka neetyanukula istri dushanayakda? Eka ehema dakinawanam hodai eka athakata nadda man ahanne....
Wenada wagema maru samo sithu kusu matak una... Eke kawiyen kiyapu eka meke niyameta liyala tiyenawa.... Jaya wewa
අම්මෝ බං උබ ස්ත්‍රී දූෂනය සාධාරනී කරනය කරලද මන්දා :)
Deleteමොනා වුනත් ස්තුති අදහසට !
අඩේ සෑමා දියුණු වෙලා.... හිකිස්... දැන් අර අරක ඔනි නැති වෙයි නේ හලෝ... එල එල...
ReplyDeleteයාකෝ රාජ්‍ය රහස් පිටට දෙන්න එපා ඩෝ :පී
අරක කිව්වේ? දින්නගේ එකද?
Deleteමට කියන්න ආව එක අමතක උනා මේක දැකලා.. ඒ කිවුවේ ඒක ගැන නෙමෙයි බොල.. කොහෙද ඉතින් ඒක දන්නේ අපි විතරක් හන්දා කියන්න බෑනේ මෙතන..
Deleteවැඩිහිටියන්ගෙ උපදෙස් වටිනවා ආ... ;)
ReplyDeleteමරු පොඩි හිටියා
Deleteබොරු ලැජ්ජාව පැත්තකින් තියල දෙන්නම
ReplyDeleteරති සුවය විඳිනවා නම් අහවරණේ ...
සැමා කියල තියෙන අන්තිම දේ ඇත්ත.නිදි යහනේදී බිරිඳ
ගණිකාවක් මෙන් හැසිරෙන්න ඕනේ කියල බණ පොතෙත්
තියෙනවා.මට සූත්‍රයේ නම මතක නැහැ.
අර අන්තිමට ලියපු එක
" නිදි යහනේදී ඔවුනොවුන්, ඔවුනොවුන්ට ගණිකාවන්
වී නම් ...... ...... ..... "
කියල තිබ්බ නම් මීට වඩා තේරෙනවා .මට උබ කියන කතන්දරේ
මේකමයි කියල තේරුම් ගියේ කමෙන්ට් ටික බැලුවම..
ටිකක් අපැහැදිලි වගේද?
Deleteස්තුති අදහසට !
මගුලයි... මෙවා කියවලා අහිංසක අපි වගේ පොඩි උන් නරක් වෙනවනේ.. :P
ReplyDeleteපව් අයියෝ
Deleteමාර පැනි හඳක්නෙ නියමෙටම විස්තර වෙන්නෙ...
ReplyDeleteසැමා මලය එහෙම එකක් ඇත්තටම අත්වින්දාවත්ද?...
කිව්වත් වාගේ අපරාදෙ අර "ඇයගේ සිරුරේ පතිත" කෙරුවෙ...
රසයි රසයි....
ආ සැම් මාමේ ඔකෙත් එක එක හතරමං හන්දි තියෙනව නේව...
ReplyDeleteමේ ජීවිතයේ එක් සුලු තැනක් විතරයි කියලයි මට හිතෙන්නේ
ReplyDeleteමට තේලෙන්නෑනේ :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තාම අත් කරත්ත පදින පොඩි කොල්ලන්ට ඕව තේරෙන්නේ නෑ තමා. අර බිල්ඩ්ම උඩට ගිහින් කරොල බලල කරත්තේ පැදපං මල්ලියෝ...
Deleteඅපි දැක්කා දෙසැ. 31 නලියා හිටියෙ කොහෙද කියලා ;)
Deleteඉස්කෝල කාලෙ හොරෙන් කියවපු පත්තර මතක් වුනා...මරු සෑම්
ReplyDeleteකෝ බොල මගේ කමෙන්ට් එක
ReplyDeleteනැවු ගියාට පාර හිටින් නැති බව ඇත්ත. ඒ උනාට හොඳම දේ..... මුහුදු වලට නැවු නොදාන එකයි
ReplyDeleteඋඹ ඉන්නෝන තැන ඔතන නෙවෙයි බං, වැල පත්තරය ප්‍රධාන කතෘ ධූරයට ඉහළින්ම සුදුසුකම් තියෙනව උඹට.
ReplyDeleteඋඹට රෑට නේද දොරේ ගලා යන්නේ..(අදහස්)..
ReplyDeleteමුත් ඒ ගමන ගණිකාවෝ ගැන ලියන්න අරන් කියලා ආවා මදැයි.
ReplyDeleteකියන්න තියෙන ටික ඊලග පොස්ට් එකේම දාන්නම්.
කොහෙන්ද බං මේ වචන සැට් එක හොයා ගත්තේ??? අර අන්තිම කෑල්ල තමා ලිපියේ හොඳම කෑල්ල.. ඔය බැඳපු එවුනුත් ඒ බව උඩ කමෙන්ට්ස් වල සහතික කරලම තියෙන්නේ
ReplyDeleteසෑම් මේක තමන්ගෙම අත්දැකීමක්ද?ලස්සනට ලියවුනු කතාවක්.
ReplyDeleteකිවයුතු දේවල් සියල්ලම කලින් කියවෙලා තියෙනවා,ජයවේවා
පුංචි මට තේරුණේ නෑ මෙව්වා..! හිකිස් යැ... සෑමාට ජය!
ReplyDeleteවචන තමයි බොල වචන.අර සිංදුවක තියෙන්නේ නෙළුමට නෙළුමක් හැපෙනවා දැකලයි දණ්ඩි පැටව් මේ හැටි දඟලන්නේ කියලා......
ReplyDeleteමදැයි හොරෙන් යන්න ආවා.
ReplyDelete....//ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය.//.... ඒ කියන්නේ සැමත් වෙන්ඩ පියෙක්ද?
උඹේ හැකියාවනම් ඉහලින්ම අගය කරන්න ඕනි මචෝ. එළකිරි.
:D සුභ අලුත් අවුරුද්දක් වේවා සැමා!
ReplyDeleteසුපිරි කතාවක්ය.....හැමකෙනෙක්ම එසෙ වෙවායි පතමු.....
ReplyDeleteරසයි
ReplyDeleteහෙටම බදිනවා මාත් හිටපංකො..:D :D (සැමෝ බ්ලොග් එකෙන් 3D ෆිල්ම් එකක් බැලුවා වගේ..පට්ට ආහ්.අන්තිමට මාත් නිකන් හිරිවැටිලා ගියා වගේ උනා බන් ;)
ReplyDeleteyes...u r right
ReplyDeleteපට්ට ,, සමාජය විසින් කථා කල යුතු ( අනිවාර්යයෙන්ම ) දෙයක් . ගොඩක් සමාජ ගැටළු ඇති වෙන්නේ තම පවුල හරියට සමබරව පවත්වාගෙන යන්න බැරි උනාම .. එතකොට බැනල වැඩක් නෑ තමන්ගේ මිනිහ බඩු ගහන්න යනවා, තමන්ගේ ගෑනි පිට යනවා කියලා ..
ReplyDeleteවල් කතාව උනත් පට්ට සංයමයක් කොල්ලො මේකෙ තියෙන්නෙ
ReplyDeleteඔබ නිවැරදිය. වල්කම හරියට පරිහරණයෙන් සාථක පවුල් ජීවිතයක්...
ReplyDeleteඇයි යකෝ කසාද බදින්නෙ ඕක කරන්නමද?