ධනවත්ම තැන සිට දුගී තැනට යන තෙක්ම හොරකම්ය. දහඩිය මහන්සියෙන්, තම හැකියාවෙන් දක්ෂතාවයෙන්, උගත් දෙයින් වැඩක් ගන්නා අය අතර හොරකමෙන් බොරුවෙන් වංචාවෙන් ලොව රවටමින්, ජීවත් වන අය නම් බොහෝය.
එවන් සමාජයක, තම උපන් හැකියාවෙන්, කලාත්මක මනසින්, ඇගිලි තුඩින් මැවෙන සිත්තමින් තම දිවිය ගැටගසා ගන්නා තරුණයෙකු විසින් නිම වූ චිත්‍ර පෙලක් මෙසේ පහතින් දැක්වෙන්නේය.
මේ සෑමා ආසම එකය |
අලියාට නම් මාරයියා කැමති වෙයි ;) |
මේ සෑමා කැමති දෙකය, දෙක කිව්වේ “දෙවෙනි සිතුවම“ |
මේ ඔහු විසින් කළ මි්‍යුරල් නිර්මාන කිහිපයක්...
මේ ඔහුගේ ජනප්‍රිය තරුවල සිතුවම් එකතුවක්...
ඔහු නමින් ශාක්‍ය රත්නායක වන්නේය. තම නිර්මාණ කිහිපයක් ඉදිආප්ප විකුණන කඩයක් තුල, බිත්ති පුරා අලවා තිබුනේ ඔහු විසින්මය. සිතුවම් ඇදීමට මෙන්ම, ම්‍යුරල් කලාවටද හේ දක්ෂය. බිත්තියේ එල්ලා තිබෙන නිර්මාන දැකීමෙන් විවිධ පුද්ගලයන් තමන්ට ලබා දෙන නිර්මාණාත්මක වැඩ කටයුතු කරමින්, දවස ගෙවන ඔහුට ශක්තියක් වෙන්නට, හැකියාව අනුව නිසි තැනක් ලබා දීමට හැකි අයෙක් වේ නම් ඔහු අමතන්න 072-3873175. උදා වූ නව වසරේ ඔහුට ශක්තියක් වෙන්නට ඔබට හැකි වේවා.
ලේ බින්දුවෙන් බින්දුව ගෙන මේ දිනවල රුධිරයෙන් කරන සිත්තම, ඉතා සාර්ථකව කිරීමට ඔබට හැකියාව ලැබේවා.
ඔබ සැමට, ගෙවී ගිය වසරින් හොද දේ උකහාගෙන, උදාවන හැම දිනක්ම පහන් චේතනාවෙන්, යහපත් ක්‍රියාවෙන් ගත කරන්නට හේතු වාසනා වේවා.
ඔබ සැමට, ගෙවී ගිය වසරින් හොද දේ උකහාගෙන, උදාවන හැම දිනක්ම පහන් චේතනාවෙන්, යහපත් ක්‍රියාවෙන් ගත කරන්නට හේතු වාසනා වේවා.
ජය වේවා.
Written by sAm ශ්‍රී Perera_08:03am_01/01/13
Written by sAm ශ්‍රී Perera_08:03am_01/01/13
හරිම දක්ෂ සිතුවම් කරුවෙක්බව ඔහු කල සිතුවම් වලින් පේනවා.
ReplyDeleteමම නම් කැමති අර පාට පාට කොන්ඩේ තියන චිත්‍රෙට.
ඔහුගේ නිර්මාන ගැන මෙසේ විස්තර දීම අලුත් අවුරුද්දේ පලවෙනි දිනම සෑම් කල හොඳ ක්‍රියාවක්. ඒකට නම් ස්තූතියි.
ශාක්‍යට වගේම සෑම්ටත් සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක්!!!
දක්ෂයෙක් ...!
ReplyDeleteමියුරල් කලාව අල්ලාගත්තොත්...ක්ෂෙත්‍රයට නැතිවම බැරි කෙනෙක් වේවි..!
මට නම් මෙතනදි ඔහුට වාසනාව පතනවට වැඩි දෙයක් කරන්න බෑ. දක්ෂයාට නිසි තැන ලැබේවා !!
ReplyDeleteඅලුත් අවුරුද්ද සද්කාර්යයකින් අරඹපු සෑමටත් ජය !
ශා...අපූරු හැකියාවක් තියෙනවනේ.... හැම පින්තූරයක්ම ලස්සනයි. මොකද්ද අර ලේ බින්දුවෙන් බින්දුව කතාව ?
ReplyDeleteකොහොම උනත් සැමාට සුබ අලුත් අවුරුද්දක් වේවා !
උඹ මං කැමති වෙයි කිව්ව අලියටනං මං කැමති නැහැ බං.. ඌත් නිකං අර සිරිකොතේ ඉන්න කනාටු අලියා වගේ එකෙක්නේ.. අර 9 වෙනි තැන තියෙන අලි පින්තූරෙටනං මං කැමතියි...
ReplyDeleteහැබැයි මං කැමතිම එක 11 වෙනි චිත්‍රය...
යාළුවට ගොඩ යන්න ලැබේවා..!
ලස්සන නිර්මාණ ටිකක්. ඒ වගේම සෑමාගෙන් හොඳ වැඩක්.
ReplyDeleteසෑමාටත් සැමටත් සුබ නව වසරක් වේවා !
යාලුවා දක්ෂයෙක් උදව්වක් කළ හැකියි මා මුනගස්වන්න.
ReplyDeleteසියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....
මේ ලිපිය ලියද්දිම මට මතක් වුනේ නලීන්ව,
Deleteස්තුති නව වසරේ කෙනෙක්ට උදව් කරන එකට..
ජයෙන් ජය වේවා.. !
සෑම් නියම වැඩක් කරලා...
ReplyDeleteමට නම් ආස හිතුනේ අර පාට පාට කොණ්ඩේ තියෙන එක.. විජයගේ එකත් නියමයි....
මියුරල් කෙරුවාව ලේසි වැඩක් නෙවෙයි.. ඒක කලාත්මක කරන එක ඊටත් හපන් අමාරු වැඩක්.. ඒත අපේ රටේ ඒ වගේ දේවලට තියෙන්නේ අමුතු සැලකීමක්.. ලොකු සල්ලිකාරයෝ අනිත් අය කරන නිසා කරන්න හදනවා.. ඒත් කලාත්මක දෙයක් අගය කරන්න දන්නේ නැති කමින් ලොකු ගනං දීලා වැඩකට නැති දේවල් කර ගන්නවා.. කලාත්මකව කරන්න දන්න කෙනෙක්ට ඉඩක් දෙන්නේ නෑ ඒවා එක්කෝ විකාරයි, නැත්තම් ගාන වැඩියි කියලා... ඒ අස්සේ සමහර පොඩි ගනං වලට යන්තම් ගහලා දෙනවා.. ඒකෙන් හරියට කරන කෙනාටත් නිසි මිලක් ගන්න බෑ..
සෑම් එයාට කියන්න එයාට තියන දක්ෂතාවය ඉතාම විශ්ෂ්ඨයි. ඒ නිසා මේවා විකුනන්න පිළිවෙලක් යොදා ගන්න කියලා. අපිත් බලමු යමක් කරන්න. පුළුවන් නම් ඔය කළා පොළේ දාගත්තොත් විකුනන්න හැකි වෙයි. ඒක ඉක්මනින්ම ජයවර්ධන පුර විනෝද කලාපයට ගේනවා. ඒ නිසා අප්‍රමාදීව සොයන්න කියන්න.
ReplyDeleteනියම චිත්‍රටික බං. මගේ කැමැත්තත් උඹේ කැමැත්තම වේවා! සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteohu wenuwen yamak karanna hakiyai hagenawa..
ReplyDeletePuluwn uparima uthsahaya gannam..
Subha nawa wasarak wewa !!!
හොඳ නිර්මානකරුවෙක් බව පේනවා වාසනාවන්ත අනාගතයක් පතනවා. (හැම දේටම වාසනාව එපෑ)
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
වැඩ්ඩෙක්
ReplyDeleteවිජයගේ එක ෆොටෝ එකක් වගේ
සැමාටත් ඔහුටත් සුබ නව වසරක් !!
චිත්‍ර ටික නම් නියමයි. සැබෑම දක්ෂයෙක්.. ඔහුව මේ විදිහට අවධානයකට ලක් කරපු එක නම් අගේ ඇති වැඩක්.
ReplyDeleteසුබ නව වසරක් වේවා..!
ජය වේවා. සුබ නව වසරක් වේවා.
ReplyDeleteඅර චිත්‍ර ඇදපු දක්ෂ කොලුවටත් එසේම වේවා.
සුභ නව වසරක් වේවා සෑම්..
ReplyDeleteඅළුත් අවුරුද්දේ තවත් මිතුරෙකුට දුන් සහයෝගය බොහෝ සේ අගයමි..
සිත්තාරට වගේම සෑමාටත් බලාපොරොත්තු සඵල වෙන නව වසරක් වේවා!
ReplyDeleteවීක් එන්ඩ් එකේ ග්‍රීන් පාත් එකේ චිත්‍ර විකුනන්න සෙට් වෙන්න කියන්න. එතනත් හොඳ බිස්නස් තියෙනවා.මාත් නිතර කැරකෙන තැනක්. මහ වෙදන කිව්ව වගේ කලාපොලත් එක්ක සම්බන්ධ වුණා නම් හැකියාවට අවස්තාවක් ලැබෙයි.
ReplyDeleteහැකියාවක් තියෙන සොඳුරු මනුස්සයෙක්! සුභ පතනවා!
ReplyDeleteමෙය පලකල සැමාටත්, උදව්වක් කරන්න ඉදිරිපත් වූ නලියාටත් පින්...
ReplyDeleteසැමාට සුභ නව වසරක් වේවා... ෆොන්සේකා ලොක්කටත් විෂ් කොලැයි කියන්න.. දැන් එයාට විෂ් කොරන අය අඩුයිනේ.. 2013 දිත් අපි ඉන්නෙ එතුමට පින් සිද්ධ වෙන්න නොවෑ....
ලස්සනයි මචං, මිනිහ දක්‍ෂයෙක්නේ, උත්සාහය තියෙනව නම් හැකියාව තියෙනව නම් අනිවාර්යෙන්ම ඔහු යන්න ඕන මාර්ගය ගොඩනගා ගන්නව. මුලින්ම මමත් ඔහුට සුබ පතනව !
ReplyDeleteසෑම්ටත් මේ 2013 අවුරුද්ද යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ඔහු හැබෑ දක්ෂයෙක් .... සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා..
ReplyDeleteසෑමා කලේ ලොකු පිනක්. මේ කොලුවාගේ මුණ දැක්කම මට කියන්න පුළුවන් කවදා හරි හොඳ නමක් තියන කොලුවෙක් කියලා.
ReplyDeleteසැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!
Deleteඅයියණ්ඩියා..මුලින්ම කියන්න ඕන ස්තූතියි කියලා..මම මේ වගේ කෙනෙක් හොය හොය හිටියෙ අම්මගෙයි තාත්තගෙයි පිංතූරයක් ඇඳගන්න..දැන් හරි..
ReplyDeleteසුබ නව වසරක් වේවා!!
ජය!
නියම වැඩකාරයෙක් මේ වගේ දක්ෂයින්ට නිසි තැන ලැබේවා. සැමා මල්ලිට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteහැමදාම හැම කෙනෙක්ම කරන ප්‍රාර්ථනාවල් වෙනුවට නව වසරේ මේ වගේ අත හිත ලැබිය යුතු දක්ෂයෙක්ව හඳුන්වා දීල එමගින් ඔහුව නියම තැනට ගෙනයන්නට උදව්වක් වෙච්චි සෑමට බොහොම පිං මේ නව වසරේ.
ReplyDeleteදැනටම ඒ වෙනුවෙන් අත දිගුකල නලින් සොයුරාට තුති...
මෙවන් වූ මහඟු කාර්ය්‍යයන් දිගින් දිගටම කරගෙන යන්නට ඔබ දෙදෙනාටම නව වසර පුරාම නිදුක් නිරෝගි සුවය ලැබේවා!
හොද නිර්මාණකරුවෙක් අවංකවම... අවුරුද්දේ ඉස්සෙල්ල දාපු වැදගත් පොස්ට් එකක් සෑමා..
ReplyDeleteඋඹටත් සුභ නව වසරක් වේවා!!
පුදුම දක්ෂයෙක් සැමා .මට ඒ කාලේ ඉඳන්ම චිත්‍ර අඳින අය ඒ දේ කරන්නේ
ReplyDeleteකොහොමද කියන දේ ගැන පුදුම උනන්දුවක් තිබ්බ .අපේ ඉස්සර ගෙදර අන්කලුත්
චිත්‍ර වලට පුදුම දක්ෂ කෙනෙක්.මුලින් හිතෙන්නේ බලි ගානවා කියල , ඒත් ටික
වෙලාවකින් හිතන්න බැරි රූපයක් අර බලි මැද්දෙන් හැදෙනවා..ඕක බලන් ඉන්නම
ඕනේ තේරුම් ගන්න බන්.ස්තූතියි මේ වගේ දෙයක් අලුත් අවුරුද්දේ දාපු එකට.
නියම සිත්තරෙක් නෙව !
ReplyDeleteසෑමටයි පොඩි සෑමටයි සුබම සුබ නව වසරක් වේවා !
අර උඹ කැමතී කියලා තියෙන දෙකට නම් මාත් හෙන කැමතී ( දෙවනි පින්තූරෙට )
ReplyDeleteනියම වැඩකාරයෙක්නේ. එළ!
ReplyDeleteසෑම්ට සුබ නව වසරක් වේවා!
සැමාට සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteමේ වගේ දක්ෂයො රැක ගන්න ඕන..... ඒත් ඒක වෙනවද ???????????
සැබෑ දක්ෂයෙක්.......
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සෑම් අයියෝ.....!!!
ශාක්‍ය නියම දක්ෂයෙක්...ආයෙ හෝදන්න දෙයක් නෑ...
ReplyDeleteහොදම වැඩකින් වැඩ අල්ලපු සෑමාට ත් පවුලේ සැමටත්....සුබ නව වසරක් වේවා...!
ස්තූතියි සෑම් විස්තරයට. අන්තර්ජාලයෙන් මිල දී ගන්න අපිටත් හැකියාව ලැබෙන්න කප්රුක http://www.lanka.info වගේ තැනක දාන්න කියන්න. මුහුණුපොතේ පිටුවකුත් දැම්මොත් එතැනින් විස්තර හොයාගන්නත් පහසු වේවි.
ReplyDeletehttp://www.muralfest.com.au
කියවන ලියන එක ඇරුනම මම වැඩියෙන්ම ආසා දෙයක් තමා මේ අඳින වැඩෙයි ඇඳපුවා බලන වැඩෙයි....
ReplyDeleteආයේ කතා දෙකක් නෑ මේ කොල්ලා නම් පුදුම දක්ෂයෙක්.අර කොණ්ඩ කෑලි වැටිච්ච චිත්‍රය මාර කලාත්මකයි.... අනික්වත් සුපිරි
හැමදාමත් වගේ පුළුවන් විදියකට නැගිටින්න අත දෙන සැමාගේ මේ වැඩ අගය කරනවා.ජය වේවා සැමෝ ...
සුබ නව වසරකුත් වේවා අයියන්ඩි
හොඳ වැඩක් සෑමා.... මූ නියම දක්ෂයෙක්.... කවුරු හරි මේවා දැකලා ඌට සැලකිල්ලක් ලබාදෙයි කියලා හිතනවා.
ReplyDeleteඒ වගේම උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා..
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
අලුත් අවුරුද්දේ සෑමා අතගැහුවෙ හොඳ වැඩකට.. සහජ හැකියාවක් තියෙන අපූරු කලාකරුවෙක්..
ReplyDeleteසෑමාට පහළ වී ඇති උදාර සිතුවිල්ල ගැන මට හරිම සතුටුයි බන්... තමන් විතරක් ගොඩ යන්න දගලන ලෝකෙක තවත් එකෙක් ගොඩ දාන්න ඔය විදියට කථා කරන උන් අද සෑහෙන්න අඩුයි... කොල්ලගෙ දක්ෂතාව ගැන විවාදයක් නෑ....
ReplyDeleteඇදුම් නැති ඒවාටම මොකෝ බොලං උඹ වැඩිපුර මනාප....
සෑමාට සුභ නව වසරක් වේවා !
සබැ දක්ෂයෙක් කවදා හෝ ඔහුට නියම තැන ලැබේවි..
ReplyDeleteලස්සනම ලස්සන චිත්‍ර ටිකක් සෑම්,හරිම නිර්මාණශීලී කලාකරුවෙක්,
ReplyDeleteඔබගේ ප්‍රාර්ථනා එසේම ඉටුවේවා
හැපි 2013ක් ඈ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට ලස්සනයිනේ ඈ............
ReplyDeleteසෑමාගේ ප්‍රජා සේවාව හරිම අගෙයි. නලීටත් ඒ වගේම ස්තූතියි. ඇත්තෙන්ම නලීන්, පත්තරවලට අඳින සමහරුන්ට වඩා මේ කොල්ලා දක්ෂයෙක් කියලා පේනවා නේද?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අයිය හොඳයි,,,, සැමා හොඳා......යි
ReplyDeleteසුබම සුබ නව වසරක් වේවා...
මේ වසරෙත් බදා ගත් දේ බෙදා ගන්නට.... My Tech Gate