Monday, March 11, 2019

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කිරීම - Finger works in the Queue !!


ලියන්නට යන්නේ කැත හිත් වලට ලස්සන කවි කැටගිරියේ එක්ක නොවුනාට ස්මාර්ට් ෆෝන් එකෙන් දහසක් කැටයම් දමනා උන්ට දරා ගන්නට බැරි වෙනු නිසැකය. අපේ උන් ෆෝන් එකේ ඇප් භාවිත කළ ප්‍රමාණ මැන බැලුවහොත් සමාජ ජාලා ඇප්ස් ඉහළම තිබෙනු නිසැකය. ෆේස් බුක්, යූටියුබ් ඇරුණු කොට වට්ස් ඇප්, වයිබර් ඉහළම රැදෙනවා නිසැකය. ඉස්සර නම් sms එකකින් කළ එව්වා දැන් ඇප්ස් ගොඩකින් කිරීම පහසුය. ඒත් ඇප් ප්‍රමුඛතා ලිස්ට් එක ඉහත ආකාරයෙන් සමාජ මාධ්‍යය ජාලාම නම් ඔබ ඊටත් එහාට ගොස් තවත් වැඩකට ඇති ඇප් එකකට යොමුවී වෙනසක් සිද්ධ කරගන්නවා නම් එය වටිනා බව කිව යුතුය.

"මචං මැසේජ් එකක් දැම්මා"

ඉස්සර මෙහෙම එකෙක් කෝල් කළාම කෙලින්ම SMS ඉන්බොක්ස් එක බැලීම පමණක් ප්‍රමාණවත්ය. දැන් එහෙම නෙවේය. මුලින්ම මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ සහ වීචැට් පවා බැලිය යුතුය. එහෙමත් නැතිනම් අවසන ඇස්ඇම්ඇස් ඉන්බොක්ස් එක ද පරීක්ෂා කළ යුතුය. එහෙමත් නැතිනම් ජීමේල් එකට ලොග් වී එවූ මැසේජ් එක සොයා ගත යුතුය. දැන් මෙවලම් බහුලය. ආකාර බොහෝය.

කොච්චර තාක්ෂණය තිබුණත් අපේ උන් හිතන්නේ ඉන්ටර්නෙට් යනු ෆේස් බුක් කියාය. බොහෝ මහළු අය පවා ඉන්ටර්නෙට් කිව්වාම හිරි වැටී යන්නේ අම්මෝ ෆේස් බුක් කියන්නේ මහ විනාසයක්ය, ඉන්ටර්නෙට් යනු ඒ වගේම විනාසයක් කියාය. ඒ තත්වය බොහෝ විට සත්‍යය වන්නේ බෙහෝ අය ලැප්ටොප් එකක් පවා ඔන් කළ විගස බ්‍රවුසර් එකේ මුලින්ම ඕපන් කරන්නේ ෆේස් බුක් වීම නිසාය. නිකමට වෙනම ටැබ් එකක පවා බුකිය ඕපන් වී තිබීම දැන් සරල කාරණාවක්ය.

සමාජ ජාලා භාවිතය ප්‍රශ්නයක් නොවන්නේ කාලය ගත කිරීමට තනිව මඟ බලා සිටීමට සිදුවන වෙලාවක් කල් මැරීමේ හොදම මෙවලමක් ලෙස භාවිත කළ හැකි නිසාය. අවභාවිතාව ගැන වෙනම ලිවිය යුතු මාතෘකාවක්ය. එලෙසම තාක්ෂණය ඇඟිලි තුඩක තිබියදී කාලය බල්ලාට දමා පෝලිමේ සිටින උන් දැක්කාම සෑමාට නඟින්නේ ඌරු ජුවල්ය. බෙහෝ වෙලාවට තැපැල් කන්තෝරු, විදුලි බල මණ්ඩල, ජලාපවාහන මණ්ඩල සහ බැංකු වල පෝලිම් වල ඉන්න අය දැක්කාම සෑමාට හිතෙන්නේ අනේ ඇයි මුං මෙහෙම කියාය. අතේ ෆෝන් කෑල්ලක් තියාගෙන ඒකට කොට කොට පෝලිම් වල දුක් විදින්නේ බිල් ගෙවීමට නම් ඔබ දෙවරක් සිතිය යුතුය. පෝලිමේ නොසිට විදුලි හා ජල බිල්පත් ගෙවීම දුරකතනයෙන්ම කළ හැකි බව සියල්ලෝම දන්නා නමුදු භාවිතාව ඉතා අල්පය. 



හදිසියකට ෆෝන් බිල් ගෙවීමට සුපර් මාකට් වල පෝලිම් වල තපින අය, වෙනත් බිල් ගෙවීමට පවා සුපර් මාකට් පෝලිමේ තපින අය පව් ය. එයාලා ස්මාර්ට් ෆෝන් අතේ තබාගෙන සිටින්නේ සමාජ ජාලා වල සිරවී පෝලිම් අස්සේ සිරවී සිටින්නට විය යුතුය. ඩයලොග් මොබිටෙල් ආදී ඕනෑම බිලක් ඔවුන්ගේ වෙබ් අඩවි වලින් කාඩ් මඟින් ගෙවිය හැකිය. නැති නම් ඔබේ බැංකුවට අදාල ඇප් මඟින් අමතර ගෙවීමක් නැතිව එවලේම පහසුවෙන් කර ගත හැකි බව දැන ගත යුතුය.

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කර ගත යුතු නැති බවට ඔබ දැන ගත යුතුය. එය භාවිත කළ යුතුය. ඔන්ලයින් සියළු දේ කර ගත හැකි රටක බැංකු කටයුතු, මූල්‍යය කටයුතු ඉතා පහසුවෙන් කර ගත හැකි ඇප් සහ ඒවායේ එන නොයෙකුත් අලෙවි ප්‍රවර්ධන සහනයන් පවා ලබා ගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැති බව සිහි කළ යුතුය.

#sAmsRi_11/03/19

12 comments:

  1. කතාවනම් ඇත්තය.නමුත් සමහර ඇප්වල ඇඩ්වටීස්මන්ට් නිසාම වදයක්ය. මෙහි තවත් පැත්තක් ඇත. මමනම් ඒ සඳහා කාලය යොදා ගන්නේ ඇවිදීම සඳහාය වටපිට බැලීම සඳහාය. කාලය ඇඟිල්ලට දී පුටු රත්කරකර සිටීමම නොකළ යුතුය. ඉදහිට ඇවිදීමද කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. කමර්ෂල් ඇප්ස් වල ඇඩ් නැත. මම පාවිච්චි කරන්නේ කමර්ෂල් බෑන්ක් ඇප් එකය. සරලය. ලේසිය. ෆ්‍රීමි ඇප් එක ඩිස්කවුන්ට් සහිතය. ඒත් තවම පාවිච්චි කර නැත.

      ඇඟිල්ලෙන් සියල්ලම කරන්න ගියාම ඇත්තේ එක පාඩුවක්ය.
      බැංකු වල, සුපර් මාකට් වල පෝලිමේ සිටියදී දකින්නට කතා කරන්නට ලැබෙන කෙල්ලන් මිස් වෙන එකය.

      ඒ ඇරෙන්න වෙන පාඩු නම් නැත.

      Delete
  2. ඇත්ත . ෆ්‍රිමි ඇප් එකත් හොඳයි. ඩි්කවුන්ට් එහෙමත් තියෙනව. ඉතුරු වෙන සල්ලි වලට පොළියකුත් ලැබෙනව.

    ReplyDelete
    Replies
    1. ඉන්ස්ටෝල් කළා. කමර්ෂල් කාඩ් එක ඇඩ් කරගන්න බැහැ. ඒ නිසා තාම එහෙමයි.

      ලාෆස් ෂෙඩ් වල තෙල් වලටත් 5% ඩිස්කවුන්ට් දෙනවලු.


      ආයි ට්‍රයි කරන්න ඕනෙ කාඩ් එක ඇඩ් කරන්න

      Delete
    2. මම ජීනි දාගෙන ඇන ගත්තා...කෙලවුනාම සපොර්ට් එකක් ගන්නවත් උන්ගෙ බල්ලෙක්වත් කන්ටැක්ට් කර ගන්න බෑ.. Dialog නේ... ජීනි පාවිච්චි කරණවනම් පරිස්සමෙන්.. උන් සමහර Payment වෙලාවට කරන්නෑ.. මට water board එකෙන් red notice එකකුත් ආවා ජීනියෙක් හින්දා.. පස්සේ ගලවලා දැම්මා...

      Delete
    3. සෑමා, අරක කමර්ෂල් බැංකුවෙන් අහාං. උන් හදල දෙයි...

      සෙන්නො, ෆ්‍රිමි දාගං. කිසි අවුලක් නෑ තාම...

      Delete
    4. @ඩ්‍රැකි - කමර්ෂල් එකෙන් මට කතා කරලා කිව්වා කාඩ් එක ඇඩ් කරන්න බැරි sms ඇලර්ට් ඇක්ටිව් නැති නිසා කියලා. ඒක ඇක්ටිව් කරන්න එහෙ එන්න කිව්වා. මම යයිද ඉතිං ?

      Delete
  3. ඇප් අමතක කරහංකො. CDM හයි කරල තියෙන බැංකු වලත් සල්ලි දාන්න ඔය යස අගේට පෝලිං වල මිනිස්සු ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ ගැන කවර කතාද මචං

      Delete
  4. ඇත්ත ඇත්ත මටත් ඕක අනන්ත හිතිලා තියනවා... ඇයි මුන් මේ සුපර්මර්කට් වලට බිල් ගේවන්නේ, බිල් ගෙවන්න ඇයි පෝලිං වල ඉන්නේ කියා...

    මම්ත් ලයිට් බිල ඇරුනම අනිත් ඔක්කොම ජාලයෙන් / ඇප් වලින් තමා ගෙවන්නේ.. ලයිට් බිලනම් විකාරයක්... ඒක ජාලයෙන් ගෙවන්න විදිහක් දන්නවනම් කියපන් මේ එක්කම..

    ReplyDelete
    Replies
    1. සීඊබී.එල්කේ සයිට් එකේ තියෙනව ඔන්ලයින් පේමන්ට් කරන්න තැනක්. හැබැයි කමිෂන් එකක් වෙනම අය කරනව.

      Delete
    2. @සෙන්නා - //ලයිට් බිලනම් විකාරයක්... ඒක ජාලයෙන් ගෙවන්න විදිහක් දන්නවනම් කියපන් මේ එක්කම..//

      කමර්ෂල් ඇප් එකෙන් ලයිට් බිල ගෙවන්න රෙජිස්ටර් වෙන්න. මම කරන්නෙ ඒකෙන් ජල, විදුලි දෙකම ලෙසටම ගෙවෙනවා වෙලාවට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...