දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
පෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ කර ගන්නවා නම් සාප වෙන්නේ හත්මුතු පරම්පරාවටමය. අහුවෙන හැම අලියාම නසමින් දළ ඇත්තු සොයන කළෙක, ස්භාවධර්මයාද කැළැබෙන්නේමය. ගැසිය යුත්තේ හෙනමය.
සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා
හැම එකාම හොයන්නේ අනුන් ගැනය. තමන් ගැන නොවේමය. අනුන් ගැන නොසොයා තම තමන් තමන් ගැන සොයා ගත්තා නම් රටටම සිරාය. ආතල්ය. කරදර ලස් ය. එහා පැත්තෙ එකාගෙ සිල් රෙද්දෙ ලේය. සිල් රෙද්ද යනු දැහැමි බවට සංකේතයක් ලෙස සිතන රටක් ය. එහෙව් රෙද්දෙ ලේ නම් අවුල්ය. ඒ ලේ ගෑවිච්ච එකා ගැන හොයන එකාත් අවි අරන් දාගැබට විදින්න ඇවිල්ලා විය යුතුය. එක්කෝ පිං කැටයට කෙලින්නටය. නැති නම් නිධානය ගොඩ දමන්නටය. නැති නම් ජාති ආගම් වාදය පතුරා තම තැන රැක ගන්නටය. ගැසිය යුත්තේ හෙනමය.
උතුරින්ද දකුණින්ද උඹ අවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා
"සිoහල ජනයනි රුහුණු මායා පිහිටි රටේ... දමිල ජනයනි යාපා පටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ.... මුස්ලිම් ජනයනි බේරුවල හම්බන්තොට තිහාරියේ.... උරය පලා සැතකින් බලන් රුහිරු..... එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....." එහෙම කිව්වෙ නන්දා මාලිනිය ය. පාට එකම මුත් බෙදී ඇත්තේ අපට ඕනවාට නොවේය. එක එකාගේ දේශපාල උවමනාවටමය. උන්ගේ බලය තර කරන්නටය. අපට ප්‍රශ්න නැති නම් උන්ට තැන නැත්තේමය. අපට ප්‍රශ්නයක් නැති ම තැන උන් මාකට් කරන්නේ ජාතිය, ආගමය. මාකට් කළ හැකි හොඳම භාණ්ඩය එය ය. මැරෙන තුරු කෙළ ගන්නට පුලුවන්ය. අවසන උන්ට බලය හිමි වන්නේය. මරා ගත් උන්ට ලැබෙන ඉටි ගෙඩියක් නැතිය. ගැසිය යුත්තේ හෙනමය.
කෝවිලට ගිනිබින්ද වෙඩිඋන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිනු සොයලා
කාගේවත් ඇජෙන්ඩා වලට නොනැමිය යුතුය. කළ යුත්තේ මහ උන්ට බලය දෙන්නට ලේ පාට ලෙස නොබෙදා එකා වන්ව සිටීමය. කෝවිලට වෙඩි තිබ්බ එකාද, පන්සලට වෙඩි තිබ්බ එකාද, පල්ලියට වෙඩි තිබ්බ එකාද, කරේ තියා නොගෙන, උණ්ඩය පිට වුණ තැනට කෙලිය යුතුය. නැසිය යුතුය. නිල් අහස, නිදහස් අහස සුදු පරෙයියන්ට මිස, උකුස්සන්ට, රාජ අලියන්ට බිලි නොදිය යුතුය. බිලි දෙන උන්ට ගැසිය යුත්තේ හෙනමය.
දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න හැරලා
වැටෙන දහඩිය බිංදුවක්ම ගෙදර වෙනුවෙන් කරන උන්ය. ගොවියෝය. රටම සරි කරන උන්ය. කම්කරුවෝය. රටේ බර අඳින උන්ය. මැයි පළ වෙනිදාය. පොඩි උන්ට සංතෝසම් දී මහ උන් රඟන දවසය. සියළු දහඩිය ගෙදරට වැය කොට, අස්වැන්න නෙලා ගෙට දාගෙන කන්නට හදන විට මැරෙන්නට ආසන්නය. සියළු දහඩිය ගෙදරට කියා පුදා ඇත්තේ මහ එකාලටය. දහඩියෙන් රැස් කළ දේ බුක්ති විදින්නට යද්දී සැප කෙලවර වී මියෙන්නට ඔන්න මෙන්නය. මහ එකාලට ගැසිය යුත්තේ හෙනමය.
නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
දෙවියන්ට පිං දෙන්න පුළුවන්ද වැදලා
සියල්ල දහඩියට කැප කළේ කම්කරුවෝය. පොඩි උන්ය. මහ එකාලට හූරා කන්නට දුන්නේ ඒ ටිකය. උන් නිදිය. සැපේය. පොඩි උන් නිදි නැතිව වැඩය. දුකේය. එහෙව් නිදි ගත් ඔටුනු වැජබෙන්නට ඉඩ හැරිය යුතුද? එහෙව් ඔටුනු රැකිය යුතුද? එහෙව් මහ එකාලට වැජබෙන්නට දෙන එහෙයියන්ට දෙවියන්ද සාප කරනු නියතය. එහෙව් එකාලා දෙවියන්ට වත් පිං දෙන්නට නුසුදුසුය. මහ එකාලාගේ වැරැදි දැක දැක නිහඩ උන්ට ගැසිය යුත්තේ හෙනමය. ගැසිය යුත්තේ හෙනමය.
Music composed - Iraj Weerarathna
Lyrics - Wasantha Dukgannarala
Flute - Nuwan
එදා සිට අද දක්වා පාලකයා කිමෙක් වුවත් සිදුවන අලි සංහාරය දැක ඉරාජ් ගේ ගීතය සිහිවිය. මුල් පද කිහිපය පමණක් අලින්ට වූවාට, ඉතිරියද අලි කතන්දරයක්ය. මේ ඉක පුරාජ්, ඉරාජ් කාලයේ කළ ගීයක්ය.
Written_by_sAm_ශ්‍රී_7:00am_30/11/2017
විල මැද ඉන්න ගෙවල අලි ටික සංහාරයට ලක්වෙනවනම් ලොකු දෙයක් මුන් ඉතුරු කරලා....
ReplyDeleteඒ කාලකණ්ණි ගලේ ගැහුවත් මැරෙන්නෑ බං
Deleteමරු
ReplyDeleteනියමයි සෑමා ...
ReplyDelete