සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.
නැවතිලාද?
නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ වතුර අහවර වෙලාය. කොටින්ම සරලව ගතහොත් වයසක සියා කෙනෙක් සෙල්ලම් කරන එක නවත්වනවා නොව සෙල්ලම නැවතිලාය. ඔහුට සෙල්ලම් කිරීම නැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති වුවත්, සිතාමතාම සෙල්ලම නැවැත්වූවේ නැති වුවත්, කාලය සමඟ සෙල්ලම ස්වක්‍රීයවම නවතින්නේය. ඒකට කියන්නේ නැවතිලා කියලාය.
ඒ අනුව සෑමා බ්ලොග් එක නවත්වන්නට අදහස් කර, අදහස් කරගෙන නැති නිසා බ්ලොග් එක නැවතිලා යැයි කියන එක සම්පූර්ණ වැරදිය. එසේම ලියන්නට දෙයක් නොමැති වීමේන්ද බ්ලොග් නවතින නිසා, සෑමාට ලියන්නට දෙයක් නොමැතිව බ්ලොග නැවතිලා යැයි සිතීමද අසාධාරණය. මන්ද ලියන්නට දේවල් තවමත් ඇති නිසාය. ඒ නිසා සරලව කිව යුත්තේ සෑමාට තාම නැවතිලා නැති බවක්ය.
නවත්තලාද?
සමහරුන් කළකට සමහර දේවල් නවත්වන්නෝය. සියළු දස්කම් දක්වාගෙන සිටින විවාහක ජෝඩු නවත්වන්නේ නැතිය. කාලාන්තරයකට එක ලෙසම ක්‍රීඩා කරන්නෝය. එහෙත් එසේ ඔවුන් කීවත් මසකට අනිවාර්යයෙන් දින කිහිපයකට නවත්වන්නට වන්නේය. ඒ ස්වාභාවික ව්‍යසනයකට ඉඩකඩ ලබා දීමට සිදු වීම නිසාය. එවිට සෙල්ලම් කරන එක නවත්වලා යැයි කියන්නට වන්නේය. එලෙසම බොහෝ අය බාර හාර ඔප්පු කිරීමට මස් මාලු අනුභවයෙන් වැලකෙන්නෝය. එවිට සරලව කියන්නේ මම මස් මාළු කන එක නවත්වලා යැයිය. සමහරු බොන එක නවත්වන්නේ නැවත බෝතලයක් දකින තුරුය. අනුන්ගේ මුදලින් බොන උත්තමයෝ වියදම් කරන්නට සිදුවෙද්දී බොන එක නවත්වලා යැයි පිළි වදන් දී, නැවත නොමිලේ බෝතලයක් දුටු විට බීම ආරම්භ කරන්නෝය. කිසිම පැකිලීමකින් තොරව දිනපතා අඩියක් ගසන ඇත්තෝ බීම නොනවත්වන්නෝය. එහෙත් බීම නවතින්නේ අග හිඟ කමක් ආවොත් පමණක්ය. එතැනින්ද නවත්වනවා සහ නවතිනවා යන වචන දෙකේ වෙනස හොඳින් පෙනෙන්නේය.
ඒ අස්සේ සෑමාට සිහිවන්නේ කිටියා නිර්මාංශ වූ ආකරය හෙවත් මස් මාළු අනුභවයෙන් තොර වූ හැටිය. මේ දිනවල සෑමාගේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපියක් සිදුවෙන නිසා ඇත්තටම බ්ලොග් එකට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේය. එකී අලුත් වැඩියා කටයුතු ඉවර වෙන තුරු කිටියා මස් මාළු අනුභවයෙන් තොර වෙන බව කියමින් මසට තිත තිබ්බාය. එවැනි කැප කිරීමක් අගය කළ යුත්තේය. (සමහර වෙලාවට ඇය බ්ලොග බලන නිසා ඒ වචන ටික සඳහන් විය යුතුය.) අලුත් වැඩියා කටයුතු අහවර වෙන තැන බාරය ඔප්පු කොට මස් මාළු අනුභවය ඇරඹිය යුතුය. බාරය ඔප්පු කරන්නට දිනක් කිටියා සහ සෑමා එළි බැස්සේ දහවල ආහාරයද පිටින් ගන්නට බලාගෙනය. නිවසින් එළියට බහින විටදීම තිබුණු දැඩි බඩගින්න නිසා සෑමා යෝජනා කළේ දහවල ආහාරය අරගෙන බාරය ඔප්පු කිරීමට යමු කියාය. එහෙත් ඇය තරයේ කියා සිටියේ සියළු වැඩ අවසන කෑමට යමු කියාය. සියල්ලට පෙර බාරය ඔප්පු කළ හේතුව සැමාට අවබෝධ වූයේ ඇය දහවල ආහාරයට දෙදෙනාටම චිකන් ඕඩර් කළ නිසාය. නැතිනම් ඕඩර් කරන්නට වෙන්නේ චිකන් එකක් සහ වෙජිටබල් එකක්ය.
හිටලාද?
සමහරු නිතර ඇසුවේ මචං හිටලාද කියාය. ඒ ප්‍රශ්නයට පිස්සු කොර වෙන සෑමා අනිත් පැත්තට අසන්නේ “මොනවාද?“ කියාය. හිටනවා කියද්දී එහි ප්‍රෙභේද රැසක් ඇත්තේය. කොටින්ම කිවහොත් හිටිනා දේවල් රැසක්ය. මුලින්ම ජෝතිපාල මහතා කිව්වේ “ඔබ එනතුරු මා තනියෙන් හිටියා“ කියලාය. එතැන කිව්වේ නැවතිලා බලා සිටින එක ගැනය. දැන් කාලේ මචං හිට්ටා නේද? හිටියා නේද? කියා ඇසුවොත් පිළිතුරු දෙන්නට පෙර නැවත ප්‍රශ්නයක් නගන්නට වෙන්නේය. සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය. වෙන කිසිවක් හිටලාද? හිට්ටාද කියා නොඅසන්නේ නම් අගනේය.
මාසයක් පමණ නිහඩව සිට නිදහසේ ගලාගොස් ලැබුණු ලක්ෂ හයක හිට්ස් සමඟ, සෑමා නැවත නොනැවතී ලියන්නට සූදානම් වන්නේ මෙතුවක් රැදී සිටි සියළු බ්ලොග්කරුවන්ට, සියළු රසිකයන්ට ස්තූති කරමින්ය.
Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_02/10/14
මම දවසට දෙපාරක් තුන් පාරකට වැඩිය ඔලුව දාලා බැලුව උඔ මුකුත් ලියලද කියලා...
ReplyDeleteසතුටුයි එල ද බ්‍රා පුලුවන් වෙලාවට ලියමු.
අන්න මචං හයිය..
Deleteස්තුතියි !
මොකක් ලිව්වත් හිනාවක් නම් යනවමයි බන්... මේ බ්ලොග් එක දැක්ක මුල් කාලේ මට මතකයි දවස් 2ක් සම්පුර්නේම්ම මේ බ්ලෝග කියෙව්වා...
ReplyDeleteස්තුතියි..
Deleteමට මතකයි මැසේජ් එකකුත් දාල තිබ්බා වගේ :)
මෑත කාලයේ සිට සෑමා මනුස්ස ජීවිතය ඇසුරෙන් උදාහරණ ගෙනහැර දැක්වීම අගය කළ යුතුය.
ReplyDeleteහිට්ටේ නැත්තං දිගටම කරගෙන යන එකයි ඇත්තෙ.
බැන්දම ජීවිතේ අවබෝධය වැඩි වෙනවා මචං..
Deleteකිව්වත් වගේ දිගටම කරමු.. හැබැයි හිට්ටේ නැත්තං නේ??
ලක්ෂ 6ක් හිට්ටාට සුබ පැතුම් !
ReplyDeleteඉස්ටූටියි...
Deleteතව ලියන්න දේවල්නම් ගොඩක් බොට තියෙනව කියල අපි දන්නව බං..
ReplyDeleteඅඩේ ඒ කෝමද ඒ?
Deleteසැමාට හිටලද ?
ReplyDeleteහිටල නෙමෙයි අඩිය අල්ලල
Deleteඅපෝ අඩුපාඩුව ඇවිත් කමෙන්ට් කරලා..
Deleteඔහේ තාම අඩිය ඇල්ලුවේ නැතෙයි
Deleteචමියා ප්‍රවීණයන්ගෙන් උදව් ගනින්..
Deleteමෙහෙත් එහෙමයි , අඩිය අල්ලගෙන එන්නේ ..
Deleteයටින්ම ඉන්නේ තවත් හිට්යෙක්ද බං සැමෝ. (මං කිව්වේ මට උඩින්)
Deleteඅම්ම ගහයි චමියෝ.. ඉක්මන් වැඩි නැද්ද?
Delete@දේශක - බොට උඩින් චමියා නේ.. ඌත් හිට්ටෙක් කියන්නේ..
//සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය.// උඹ මෙහෙම කිවුවාම අපිට හිතෙන්නෙ බ්ලොග නොහිට්ටාට වෙන මොකක් හෝ හිටලා බවය. ඒත් ඉතිං ඒ බව නොඅසන ලෙස ආදරේන් මතක් කර ඇති නිසා ඕන් ඇහුවෙ නෑ!! :D :D :D
ReplyDeleteලක්ෂ 6ට සුබ පැතුම් වේවා!!
ඉස්තුටියි..
Deleteසුභ පැතුවාට නොව අරක නොඇසුවාට..
බ්ලොග් එක හිටලා නැතුව ඇති නමුත් කොරගහනවා.ඔන්න ලක්ෂ හයට මගෙනුත් සුබ පැතුම්!!!
ReplyDeleteකොරය අරිනවා කියන්ට තමා මේක දැම්මෙ හැලපයියා.. :)
Deleteවෙල් කම් වෙල් කම් සෑමා අයියා. :D
ReplyDeleteජය වේවා !
Deleteහිට්ට නෑ කිව්වට ඔය ලස්ස හයක්ම හිට්ට තියෙන්නේ.. ඒක නමෛයි බං කව්ද බං මේ ලදරම ඔය තරං බලන්නේ. කිටියට ගෙදර වැඩ නැති නිසා මේකම බල බල ඉන්නවද දන්නෑ උඹ එනකං.. හැක්.. ජය වේවා.. ඔය ටින් ටින් ගාගෙනත් අයියල පටන් ගමු කිය කිය ආවා. ඒත් නෑ. සෑමා ගැනනං ඉතිං මයේ හිතේ අබමල් රේණුවකවත් අවිස්වාසයක් නෑ. උඹ ඉතිං ඩොගාගෙත් දතගලවන එකානේ..
ReplyDeleteමේ ලෝකෙන් මාව මෙච්චර විස්වාස කරන්නෙ උබ විතරද මන්දා දේශෝ.. :)
Deleteහැක් හැක්.. පවුලටත් විස්වාස නැ.. වැඩ නිසා බ්ලොග බලන්නැ බං පවුල.. ඔය කවුරු හරි ඔත්තුවක් දුන්නොත් බලනවා ඇරෙන්න ;)
මේ ලදරම මෙච්චර බලන්නේ තෝ වගේ ලදරම් කොලුවෝ තමා බං..
සුබ පැතුම්!!!
ReplyDeleteහිටින්ට එපෝ....:)
ඒක පොඩ්ඩිගේ ප්‍රාර්ථනාවකි.. හැක් හැක්..
Deleteකෙල්ලෝ කැමතිම නැද්ද බං හිටිනවට ??
Deleteලොල් !!
ලස්ස හයක් හිට්ටනේ,සුබ පැතුම් !!!
ReplyDeleteස්තූති මනෝ !
Deleteසුභ පැතුම් සැමෝ... ලියන්න පුළුවන් උන් නිලියන එක ගැන නම් පුදුම දුකක් තියෙන්නේ..
ReplyDeleteනොලියන හොඳ සැට් එකක් ඉන්නවා..
Deleteඅවුස්සලා ගන්නෝනි මචං..
ස්තුතියි..
බැන්දට පස්සේ හිටලා කියලා තමා හිතුනේ
ReplyDeleteහිකිස්.. ඒව වෙන්න බැරි දේවල්ද මචං.. ?
Delete:)
ඒ.. සෑමා... හිටලද බං? අනේ වාසනාවන්... උඹටයි කිටියටයි සුභ පැතුම්...!!
ReplyDelete600,000 ටත් සුභපැතුම් බං...!
ස්තුතියි පැතුම් දෙකටම.. ;)
Deleteමූ නම් හිටී....
ReplyDeleteනැද්ද හා.....
එල ආ....
හිටින්ඩ එපා යවමු දිගටම
ජයම වේවා !!!
නොහිටා යවන්නම තමා හිිත.. :)
Deleteස්තුතියි දමියා..
ලස්ස හයට සුබපැතුම් සැමෝ .. මමනම් හිතුවෙම හිටලා කියලමයි. උඹ ඔය කිව්වට හිටලා ඇති දැන්නම් අනිවා
ReplyDeleteනැවතිල්ලෙ හිටලා, හිතලා බලපං.. :)
Deleteපඳුර වටේ තලලා තලලා ඇත්ත කිව්වා එහේනම් නෑනටත් සුබ පැතුවා කියහං ජය..!!!
ReplyDeleteස්තුතියි රාජ් අයියා..
Deleteමේ පැත්තේ වරෙල්ලා දවසක,
හරි එහෙනං අපි එන්නම් සබන් අරං බබා බලන්න
ReplyDeleteඋබ ඉතිං ටිකට් බුක් කරන් එද්දි..
Deleteකෙලින්ම කුමාරොදේ අරන් වරෙන් ලමයි මොන්ටිසෝරි යවන්න..
ලක්ස හයට සුභපැතුම් ඕං ඈ..
ReplyDeleteඉස්ටූටියි.. සංචා !
Deleteමචං..........................
ReplyDeleteලක්ෂ හයට සුභ පැතුම්.............. හදවතින් ම සුභ පැතුම්................ තව ලක්ෂ පහ හමාරක් විතර අපේ පැත්තට ආවාම අපිත් ලක්ෂ හයට එනවා. ඒක නිසා ඕක ඒ තරම්ම දෙයක් නෙමෙයි අපිටත් හරිය...................
ඒක නෙමෙයි නැවතිලත් නැතිනම්, නවත්තලාත් නැතිනම්, හිටලත් නැතිනම් අහවල් එකක් වෙලාද බං
අර හැලපයියා කිව්ව වගේ කොර ගහන සීන් එකක් තියෙන්නේ...
Deleteඒකනේ කියන්නේ ලක්ස ගනන් ගේමක් නැහැ.. අපිත් ඒ පැත්තෙ එනවානේ.. :)
ඒ කියන්නෙ හිටලාද? එල එල! ;)
ReplyDeleteලස්ස හයට උණු උණු සුභපැතුම් සෑමෝ....!!
හිටලා නැහැ දිගටම ලියනවා :)
Deleteඉස්ටූටියි..
එකත් එහෙනං හිටලා නේ .. :3 ජය ජය
ReplyDeleteහුකෑස්...
Deleteආයේ අහන්නයි හොයන්නයි දෙයක් නෑ හිටලා හිටලා :P
ReplyDeleteසුබ පැතුම්
ෆල යන්න.. තෝ කෝමද දන්නේ?
Deleteඅප්පේ ඈති යන්තං. මම හිතාගෙන හිටියෙ පෝ දින දහම් පඩුරත් දීල උඹ වනගත වෙලා කියල. දවස පටංගන්නෙ උඹයි සිරයි අටමයි අපේ ආමි අංකලයයි අර දේශකයයි මොව හරි ලියලද කියල බලාගෙනම තමා. එකක් හරි අප්ඩේට් නැත්තං ඉතිං කිසි ලොල් එකක් නෑ.
ReplyDeleteප.ලි. ලස්සම හයයි කියහල්ලකො ඉතිං හිටිල්ල නේ? මේ අව්රැද්ද ඉවර වෙන්ඩ කලිං මිලියනයටම යමු නේ.
මාස දෙකට කොහොමද බන් ලක්ස දහයක් ගන්නෙ?
Deleteදහම් පඩුර දීලා ගියේ උබලගෙ හිත් හදන්න :)
මචන් මමත් මෙ අහන්නමයි හිටියෙ තාම හිට්ටෙ නැතෙයි
ReplyDeleteනැතෙයි කියලද අහන්නෙ?
Delete:D
සාමා මොකෙන් හරි ගොඩ ගොස් ඇති බව ටක්කෙටම දන්න නිසා මම නම් බය වුණේ නැත. හයට සුබ පැතුම්!!! මචෝ.
ReplyDeleteසාමා අමර ද?
Deleteටක්කෙටම උබ හරි :D
ස්තූතියි !
දැන් නං හිටින්ඩ කාලේ.. තව ටික දවසක හිටියි..
ReplyDeleteදිගටම කරගෙන යමු.
හිට්ටෝ !!
Deleteඑහෙනම් කළගෙඩි වන්නමට සුභ පැතුම් ය. ලක්ෂ හයටත් එක්කම !! :)
ReplyDeleteඅන්න වචනේ :)
Deleteඅනේ මන්දා බං. අපිටත් හිතිලා, නමුත් ඩීසන්ට් කමට නො අහා ඉන්න දේවල් උඹම අහගෙන. ඉතින් මොකද කරන්නේ?
ReplyDeleteමචං හෙන්රියගේ අල්ලපු ගෙදර එකාද ඩීසන්ට්?
Delete:පී
ලක්ෂ හයෙන් හිටින්නේ නැතුව දිගටම පලයන්. නැත්නම් හිටෝ පස් ගහනවා. ජයවේවා!!
ReplyDeleteහිටෝ පස් කියන්නෙ මොනද බං?
Deleteස්තුතියි.. තර්ජනයට..
හිටුවා පස් ගැසීම......ඇයි උඹට ඕනද?
Deleteසුබම සුබ පැතුම්....!!! අපි නම් දිගටම එනවා කියවන්න....
ReplyDeleteහුඟ දවසකින් මමත් ඔන්න අවා කුණු හපර නොවන සෑමා ගේ හපර කථාවක් අහන්න.
ReplyDelete600000 ට සුභ පැතුම්... හිටලනම් ඒකටත් එහෙම්මමයි.... :)
ReplyDeleteloku putha mama thumula math ube wade karanawa lawata
ReplyDelete