බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ඔවුන් ගෙවන්නේ මැදුම් පිළිවෙතමද? සිතිය යුත්තේ එයයි. තම පන්සලට වාහනයක නැතිනම්, බණට දානයට වැඩීමට ප්‍රවාහන පහසුකම් නැති තැන සිට සොයන්නේ සැපය. ගමනා ගමනයට වාහනයක් තිබීම හෝ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සෙවීම සාධාරණය. වාහනය හොඳ ජාතියේ එකක් විය යුතුයැයි සෙවීම, වාහනයේ සැප සෙවීම, ආදිය ආශාවන්ගේ ඇලීමේ ප්‍රමාණය මත අසාධාරණය. දානය පූජා කරන ගිහියාගේ සිට, බණ දහම් අසා බුද්ධ ධර්මය මත යැපෙන ගිහියා දක්වා එය නම් පට්ට අසාධාරණය.
විටක මෙය වාහනයෙන් නොනැවතෙන්නේය. එය ගිහි සැප දක්වාම දිවෙන්නේය. දානය ලැබෙද්දී එය රසවත් විය යුතුය. පිරිසිදු විය යුතුය. එය දන් දෙන්නා අත තිබිය යුතු ගුණයක්ය. එමෙන්ම ඕනෑම පෘථජන පුද්ගලයෙක් (පැවිද්දන් ඇතුළුව) බලාපොරොත්තුවන දෙයක්ය. එය එසේ විය යුතුය. මන්ද අපේ උන් දාන දෙන්නේ ගෙදර එකෙක් මළාමය. එවිට ලැබෙන පින් වැඩි වෙන්නට කෑම රසවත් හා පිරිසිදු වීම හොඳය. නැත්තං මැරුණ එකා ගෙදර විත් හොල්මන් කරනවා ෂුවර්ය. ඒ කෑම වේලට, දාන වේලට මැරුණ එකා කැමතිම ආහාරය මෙනූ ගත වීම තවත් හොඳය. එවිට ගෙදර උන්ට දැනෙන බය අඩුය. මන්ද මැරුණ එකාගේ හොල්මනින් බේරිය හැකිය. දානය එසේ පිරිසිදු රසවත් වීමට අමතරව පන්සලෙන්, හාමුදුරුවන්ගෙන් මෙනූ එකක් දානය දෙන ගෙදරට ලැබෙන්නේ නම් එය සාධාරණ දැයි දෙවරක් සිතිය යුතුය. කෑම කඩෙන් ඕඩර් කර ගෙන්වා ගන්නා සේම දායක මහත්යාගේ නිවසට දෙන මෙනූ එක සාධාරණ දැයි හිතන්නට තරම් දෙයක් නැතිය. පැවිද්දෙකු මස් මාළු කෑම දැන් සාමාන්‍ය සිද්ධියක්ය. මස් යනු බොහෝ විට චිකන්ය. චිකන් කෑම වරදක් නොවන තැනට වැටී ඇත්තේය. හරකා, ඌරා නම් පැවිද්දන්ට අකැප ලිස්ට් එකේ තැබෙන්නේය. චිකන් කෑම එතරම් දරුණු සිද්ධියක් ලෙසට නොගැනෙන නිසා මස් මාළු කෑම පිළිබඳ සෑමාගේ සිතේ අකැපක් නොමැති තරම්ය. එහෙත් ගිහියාගේ ආර්ථික මට්ටම අනුව සකසන්නට යන දාන මෙනූ එකට හාමුදුරුවන්ගේ මෙනූ එක බද්ධ වන්නේ නම් ඒ තරම් කොල්ල කෑමක් ලොවෙත් නැතිය.
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියෝ උපාසකයෝය. මේ උපාසක, උපාසිකාවෝ විටක ගෙදර ජීවත් වන්නට මුදල් නැත්නම් සරණ යන්නේ සංඝයාගේය. ගෙදර ඉන්නා හයක් හතරක් නොදන්නා පොඩි එකාව පන්සලට ගෙනිහින් දමා පැවිදි කරවන්නෝය. පොඩි එකාට උගන්වන්නට මුදල් නැති තැන ඌව පන්සලට යවා, හිස බූ ගා, සිවුර අන්දවා, පන්සලේ මුදලින් දරුවාට උගන්වන්නෝය. ඒ අතර පන්සලේ මුදල් ගෙදරට අඳින්නෝය. ඒ අතර මැද ගෙදරට වඩින පොඩි නම ගම මැද්දේ සිට නිවසට වඩම්මාගෙන වටේ පිටේ ගෙවල් වලින් කලෙක්ෂන් දමන්නෝය. ඒ අතර මැද පිරිවෙන් අධ්‍යාපනය ලබා, ගුරුවෘත්තියට බැදෙන තරුණ හිමි නම කොහෙන් හෝ කෙල්ලෙක් සැට් කරගෙන සිවුර හැර යන්නෝය.
මෑතකදී සෑමා පන්සලකට ගියේය. පැත්තකින් සෑමාගේ කන වැකුනේ සෝමතිලක ජයමහ මහතාගේ අපූරු ගීත වැලක්ය.
“ඈත රටින් ලද දූත හසුන් - බැලුවාට හොරෙන් සඳ එළියේ...
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“
ගීතය නම් මනමාල ගිරවුය. සරලය, අර්ථවත්ය, සංගීත රසයෙන් යුක්තය. අනිවාර්යයෙන් සාහිත්‍යෙයන් පැසසිය යුත්තේය. බොහෝ ආදරබර ගීත, විරහ ගීත ලියූවන් අතර පැවිද්දෝ සිටින්නෝය. එය සාහිත්‍ය හැකියාවමය. එවන් මට්ටමකදී මෙවන් ගීත ඇසීම සාධාරණය. විවේචනය කළ යුතු නැතිය. මාද නැවත සෝමතිලකයන්ගේ ගීත ඇසිය යුතු යැයි සිතා නිවසට විත් ගීත ගොනුවේ ඇති පැරණි ගීත ලැයිස්තුව පීරුවේ ඒ නිසාමය. පන්සලේ තිබූ සබ්වූෆර් එකෙන් පැහැදිලිව ඒ හඬ ඇසුනේය. වූෆර් එක නම් මයික්‍රොලැබ් එකක්ය. ඒ බව තරුණ හාමුදුරු දෙනමගේ දෙබසින් ගම්‍ය වූයේය. ක්‍රියේටිව් වූෆර් එකේ මිලත්, කොලිටියත් මයික්‍රෝලැබ් වූෆර් එකත් සමඟ සසඳන්නට හාමුදුරු දෙනම සමත් වුණෝය. ඒ අතර ෆෝන් පිළිබඳ ඇතිවූ දෙබස අපූරුය. ඒ පැරණි ඇල්කාටෙල් මොඩ්ල් ගැන සිට අලුත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් දක්වාම දිව ගිය කතාවක්ය. එම්.සී එකේ ඇති ෆෝන් ගැන, තාක්ෂණික මෙවලම් ගැන ඔවුන් සතු වූ දැනුම සිත් ගන්නා සුළුය. තාක්ෂණික යුගයක ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම වරදක් නොවන්නේය. එහෙත් ගිහි සැප හැරදා, පැවදි වන්නේ ලෝකෝත්තර සුවයකට මිස ලෞකික සුවයක් සඳහා නොවන බැව් නම් කිව යුතුය.
සැප නම් තවත් ප්‍රභේද ගොඩක් ඇත්තේය. ගිහියා විඳින පැවිද්දා නොවිදිය යුතු උපරිම ගිහි සැපය ලෙස දකින්නේ කම් සැපතය. එය විවිධාකාරයෙන් විදින ගිහියෝ පිළිබද සමාජගත ප්‍රසිද්ධ රහස් ඇත්තේය. ඊට පැවිද්දාට වඩා කෙලින්ම වගකිව යුත්තේ කාන්තාවන්ය. පැවිද්දා දෙවෙනුවට වගකිව යුත්තේ යැයි විටක සිතෙන්නේය. මන්ද කාන්තාවක් පැවිද්දෙකු අසලට ගොස් සැප සොයන්නේ රහස්‍යභාවය රැක ගැනීමට මිසක අන් කිසිවකට නොවන්නේය. ගමේ සිටින සිරිපාල හෝ මසිරිපාල සමඟ ජිකි ජිකියක් දැම්මහොත් එය පසුවදාම පබ්ලික් වන්නේය. පබ්ලික් නොවුන හොත් සිරිපාල හෝ මසිරිපාලම එය පබ්ලික් කරන්නේ මහ රැජිණ සමඟ ජිකියක් දැමූ අයෙක් මෙන්ය. එහෙත් පන්සලේ හාමුදුරුවෝ එසේ නැතිය. තැඹිලි, සුප් බී දන් වළදා, පළතුරු අනුභව කරන ස්වාමීන් වහන්සේ අසල සපුමල් සුවඳය. සිරුර සනීපය. සැප නම් අනන්තය. රහස්‍යභාවය නම් මහ පොලොවේ වල දැම්මා සේය. එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. එතැන් පටන් පන්සලේ කුළඟන සමිතියේ සභාපතිනී, ලේකම්, හෝ භාන්ඩාගාරික තැන හොබවන්නෝය. එතැන ඇත්තේ ගිහියෙකු නොලබන පැවිදි සැපය. අපා ගත වන තාවකාලික සැපය.
මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.
වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..
මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.
පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.
Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014
මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.
වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..
මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.
පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.
Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014
ඔ යේස්... මන් එක....
ReplyDeleteමේ ගැන නම් කියන්න දේවල් එමටයි. ඇත්තමයි සෑමෝ තිත්ත වෙනවා සමහර දේ දැක්කම. පිරිකරට ඉල්ලන්නේ, ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, කොම්පුටර්, ඩොන්ගල්. ඔවා ඇහුවම පිං කරන්න නෙමෙයි බං හිතෙන්නේ. මුළු පන්සලටම දානේ දෙනවට වඩා බඩගින්නේ ඉන්න එක මිනිහෙක්ට කන්න අරං දෙන එක ඊට වඩා පිං.
Deleteහුරේ.. මූ එක..
Deleteපිරිකරට එහෙම කෙලින්ම ටෝක් කරල ඉල්ලන සීන් එකක් මම තාම නම් අත් දැක්කේ නැහැ. ඒත් පිරිකර එක්ක එදිනෙදා කටයුතු ඉටුකරගන්න මුදල් ලබා දෙන බව නම් දන්නවා මචං...
හැම පන්සලකටම නිශ්චිත ගොදුරු ගම් හා ක්‍රියාකාරී දායක කාරක සභාවක් පිහිටුවනවනම් ඇත්තටම මේ සමහර හාමුදුරුවන්ගේ නොකටයුතුකම් වළක්වා ගන්න පුළුවන්. දායකය පන්සල අතෑරල ගිහින් හාමුදුරුවොන්ට තමන් වටේ ඉන්න කිහිප දෙනෙක්ගේ උවමනාවන්ට විතරක් ක්‍රියා කරන්න වුණු තැන්වල පන්සලත් ගමත් දෙකම අභාවයට යනව. මේක නොවිය යුතු දෙයක්. පන්සල ගොඩනැගිය යුත්තේ දායක සභාව යටතේ වන අතර හාමුදුරුවරුන්ට ධර්මය දේශනා කිරීමටත් (ධර්මය ඉගෙන ගැනීමටත්) පොදු කටයුතුවලදී ධර්ම අනුශාසකත්වය ලබාදීමටත් පමණක් වගකීම් ලබා දීමෙන් පන්සල හා ගම අතර සම්භන්දතාවය වැඩි කර ගතහොත් මේ තත්වය පාලනය කර ගත හැක.
ReplyDeleteදායක සභා සහ පන්සල් පිලිබඳ වර්තමාන රජය විසින් පනවා ඇති නීති මෙසේය.
Delete1. සෑම පන්සලක්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන් ලියාපදිංචි වියයුතුය. නැතහොත් රජයෙන් කිසිදු ආධාරයක් නොලැබේ. එය නීත්‍යානුකූල පන්සලක් ලෙස රජය විසින් පිළිගනු නොලැබේ. (දළදා මාලිගාවයි ශ්‍රී මහා බෝධියයි ලියාපදිංචි කරලද දන්නේ නැහැ. මල කෙලියයි, ඒ පූජණීය ස්ථාන දෙකම වහන්නයි වෙන්නේ ලියාපදින්චි නොකළොත්)
2. සෑම දායක සභාවක්ම අනිවාර්යයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලයුතුය. විහාරාධිපති අනිවාර්යයෙන් දායක සභාවේ සභාපති වියයුතුය. මහ සභා රැස්වීමේ වාර්තාව, සාමාජික නාම ලේඛනය, බැංකු ගිණුම පිලිබඳ විගණන වාර්තාව, මාස හයකට වරක් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කලයුතුය. (පිංකැට ගරන පන්සල් වලට අබ සරණයි. ප්‍රාදේශීය ලේකම්ගේ අභිමතයට හාමුදුරුවොත් යටත්.)
3. විහාරස්‌ථ කාර්ය සාධක සමිතියක් ආරම්භ කොට එය සමාගම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කලයුතුය. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා අදාළ කොන්ත්‍රාත් මෙම සංගමයට ලබාගත හැකිය. විගණන වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කලයුතුය.
අපේ පන්සලේ තවම කරගන්න බැරිවුනේ, විහාරස්ථ කාර්ය සාධක සමිතිය පමණයි. දැනට අපේ පන්සලේ නෙලන සෙල් පිළිමයට, රාජ්‍ය අංශයෙන් ලැබෙන ආධාර දෙන්න නම් මේ ඔක්කොම සම්පූර්ණ කලයුතුයි. ලබන මාසය තුළ එය කරගන්න අපි වැඩ කටයුතු කරලා තියනවා.
දායක සභාවට බලය දෙන්න ගියාමත් වෙලාවකට වැඩේ සවුත්තු වෙනවා. ඒ නිසාම සමහර හාමුදුරුවරු බලය තියාගෙන හැම වැඩේම කරට ගන්නවා. එතැනදිත් වෙන්නේ මහ පටලැවිල්ලක්. දායක සභාවේ වුනත් නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීම වැදගත්..
Deleteවන මලට ආශාවෙ
ReplyDeleteවන බඹරා ආවා සේ
මම ප්‍රේමී ආවා සොයා...
ඕ.. මේ.. ආවේ..
මද පවනේ සැනසිල්ලේ ඔබ තුරුලේ නැළැවිල්ලේ
මම මිහිර දෙන්නම් සදා
කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා...
ඕ.. මේ.. ආවේ..
අතගන්න සැනසිල්ලේ නැළවෙන්න සුදු වැල්ලේ
ඔබ එන්නකෝ මා සොයා
පිළිගන්න මේ ආලේ දැන් නේද හොඳ කාලෙ
මනරංජනී වේ සුදා
ඔබ නේද සුර කෙල්ල පෙම් ලෝකේ ගිනි දැල්ල
රග දෙන්න මිහිරේ සදා
කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා...
ඕ.. මේ.. ආවේ
සුවඳයි මලයි වාගෙ ඔබගෙයි මගෙයි ආලෙ
පවතීවා ලෝකේ සදා
පෙම් ලෝකෙ සිනමාවෙ රගපාන හැම වේලෙ
සුර සිහිනෙකි මේ සුදා...
-H. R. ජෝතිපාල / සුජාතා අත්තනායක.
හරි දරුණු සිංදුවක්නෙ බන්!! :D
Deleteඅම්මද බොල.. දැනුයි මම ලිරික්ස් දන්නේ.. :))
Deleteගොඩක් තැන් වල ඔහොම තමා බං! අනික ඌරාව කන සාදුලත් වැඩවාසය කරනවා සැමො. ඒකත් මේ මේ දේවල් මේ මේ විදිහට ඕන කියලා වද දෙන එක නම් මහ කැත වැඩක් තමා.
ReplyDelete//එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. // ++++++++++ මේ ටික නම් හිනා කාලා මැරෙන තරමට පට්ටෙටම ලියා ඇත. ආයෙ ලොවෙත් නැත. :D :D
අඩියක් පුඩියක් ගහන ඇත්තොත් ඉන්නව නොවැ..
Deleteඉස්ටූටියි.. හිනා කාලා මලාට..
අම්මේ මේ ලඟදි දවසක මං පන්සලකට ගිහාම එතන හිටිය හාමුදුරු කෙනෙක් සෙට් උනා ෆෝන් ගැන අහන්න. ඒ නමට lumia එකක්ම ඕනෙලු! ඊට පස්සේ එකක් අරගෙන කෝල් කරනවා දිගට හරහට මේකේ අර app එක දාගන්නේ කොහොමද මේක කරගන්නේ කොහොමද වැඩ කෝටියයි! අන්තිමට පොඩ්ඩක් වදින්න කිව්වාම කෝල් කරන එක නැවැත්තුවා!
ReplyDeleteඋබල තමා තාක්සනික උපදෙස් දෙන්න ගිහින් සාසනේ කන්නේ :ඩී
Deleteපොඩි නමකට සොෆ්ට්වෙයාර් පූජ කරන්න ගිහින් අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නම් මට බැන්නා බං..
අන්න නියම ලොකු හාමුදුරුවෝ...
සෑමා නියම අර්ථකතනයක් දීලා තියනවා. නියමයි මචෝ... වදින්න ඕනි තැනට නියමෙට වදින්න ගහල තියනවා. එක අතකට බන් ජනදිපති වෙන්න පොදු අපේක්ෂකයා විදියට හාමුදුරුවෝ ඉල්ලන කාලේ ඕවත් මොනවද බන්....
ReplyDeleteDJ NIRAJ from FreewareHut
ඒ වැඩේ නම් අසාර්ථක වෙයි බොල. ඡන්ද කැඩෙන වැඩක් නොවැ..
Deleteගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති......................
ReplyDeleteදම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහ පොලවේ ජනිත නොවනුදෝ
අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුල ඉකිබිඳ වැලපෙති
දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී..
දියසෙන් රජ ආවෙත් නැත එයින් තැවුනෙ සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත
තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බෝසතුනේ
තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ..//
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - ඩබ්. ඒ. අබේසිංහ
+++
Deleteෂිංදුව හොයා ගන්න වෙයි වගේ...
හාපෝ ඕය ගැනනං කතාකරල වැඩක් නෑ.
ReplyDeleteගමේ ඉන්න දායකයො කෙලින් ඉන්නෙ නැති නිසා වෙන වැඩ තමයි ඔය.
උන් කෝම කෙලින් ඉන්නේ.,?
Deleteහවස අඩියක් ගැහුවම?
ඈ යකෝ ... මූ ගෙදරකට වැද්ද ගන්නෙ වටින්නෙ නෑනේ. පන්සලට ගිහිල්ලත් හාමුදුරුවොන්ගෙ දොරට කන තියන් මුළු කතාවම අහගෙන ඉඳල, පොඩි නමගෙ තාක්‍ෂණික දැනුම ගැන කියන්නත් එනව මෙතන තව.
ReplyDeleteඔහොම තමා බං, දැන්කාලෙ උන්නාන්සෙල මේ ගිහි අපිට එහා. මොනව උනත් ඉතින් තම තමන් කරගන්න දෙයක් තම තමන්ටම නේ. අනුන්ගෙ පවට අපි මොකට කරගහනවද.
මීට හුඟ කාලෙකට කලින් මම රාජ්ගෙ ලිපියකට කමෙන්ට් එකක් දැම්මා උන්නාන්සෙගෙම වැරැද්දෙන් මට වීඩියෝවකින්ම මාට්ටු උනු කොලු හාමුදුරුවෙකුගෙ ගෑනු හුටපටයක්. ඒ වෙලාවෙ සමහරු කියල තිබුන එයාට සිවුරු ඇරල යන්න කියල කියන්න කියල. මම මොකටද කාගෙවත් සිවුරු ගලවන්නෙ, කෙහෙල් ගහකට කොටපු දවසට මාට්ටු වෙයිනේ කියල මම පාඩුවෙ හිටිය. ඔන්න මාස කීපෙකට කලින් පත්තරවලත් තිබුනා හාමුදුරු කොල්ලා හොටෙල් රූම් එකක කෙල්ලෙක්ට ධර්මය අවබෝධකරවමින් ඉද්දි පොලිසියට මාට්ටු වෙල. මම අද වෙනකන් ගෙදර අයටවත් කිව්වෙ නෑ, ඊට හුඟ කාලෙක ඉදන් මම ඒක දැනගෙන හිටපු බවවත්. ඔහොම තමා දැන් අයගෙ වැඩ. ඒ වගේ මම දැකපු අහපු හුඟක් දේවල් නිසා මම නම් වයසට සලකල හරි වැඩිහිටි උන්නාන්සෙලට යම් සැලකිල්ලක් දැක්වුවත් ඔය කොලු නමවල් ගැන නම් සතේක විශ්වාසයක් නෑ.
චිකේයියා බං බොලා ඔය විදියට තමා දොස්තරයා මිසීට කරන ඒවත් අහන් ඉන්නේ...
ReplyDelete█ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න
ReplyDeleteමොකක් හෝ බාහිර හේතුවක් නිසා සිවුරක් ඇතුලට ගාල් වූවාට ,ඒ තිබෙන්නේත් පෘථක්ජන පංචස්කන්ධයක්මය . ඉතින් එකී මෙකි නොකී හැම සැපයම සොයන්නේ සිවුර අමතක කරමිනි. සැබවින්ම සසර කලකිරී නොව , ආර්ථික දුෂ්කරතා නිසා, හතර කේන්ද්‍රය පාලු නිසා , ඉගෙන ගැනීමට යන නොයෙකුත් හේතු නිසා මහන වන්නේ කෙසේ හෝ පසුව සිවුරු හැරීමේ පරම අභිලාෂයෙනි. ඉතින් වරද කාගේද ? කාටවත් වරදක් කිව හැකිද ?
ReplyDeleteඉවාන්.....උඹ හරි, මමත් හිතන්නේ ඔහොම තමයි.
ReplyDeleteපන්සල් ගැන මම ඉතින් හැමදාම ලියනවා නේ.. මට බුදු හාමුදුරුවොත් එපා වෙන්නේ වස් කාලෙට... කනක් ඇහිලා ඉන්න නෑ නේ බං.. මොන නිවන්ද.. පත්තු වෙලාමයි ඉන්නේ...
ReplyDeleteසෑමා............ එකගයි....... එකෙන්ම...
ReplyDeleteඔව්වා ඔහොම තමයි බං,කාලෙත් එක්ක ඒ ගොලොත් මොඩ් වෙනවා,පොෂ් වෙනවා.
ReplyDeleteමේ ප්‍රශ්නයත් සර්වකාලීනයි සෑමෝ. බුදුහාමුදුරුවො ඉන්න කාලෙත් නොයෙකුත් වෙනත් පරමාර්ථ නිසා මහණ උන අය විකාර කලා. දැන් ඉතින් ඒක ප්‍රතිශතයක් හැටියට වැඩිවෙලා. විදේශගතවූවන් ඔක්කොටම හපන්.. අපි එව්ව නොබලා සිල්වත් ටහෙනක් හොයාගෙන අපේ ගමන යනවා එච්චරයි.. ගිහියන්ට බුදුන්වහන්සේ අවසර දීල තියෙනවා නියම විදිහට පිළිනොපදින සඟුන්ට නොසලකා හරින්න. කෝ අපේ අය්යලා හොය හොය යන්නෙ චීවරධාරී හොරුන්වනෙ.
ReplyDeleteදැන් එතකොට හන්දුරුවන්ලා ඔහොම ගිහින් ඉදිරි කාලේදී වයිබර් වලින් වට්සුඅප් වලින් දහම් පණිවිඩ එවන කොට කාටද ආඩම්බර
ReplyDeleteහික් හික්.."ආවසේ" කියන එක තේරුනේ දැන්නේ ඉතින් ඔන්න බලන්නකෝ...
ReplyDeleteයකෝ...අපාගත වෙයි..
ReplyDeleteබොබසේට අහුවුනා නම් උඔ මරනවා.
මට මාරයාගේ බ්ලොග් එකේ තිබ්බ කතා සහ කමෙන්ට් මතක් උනා උඹේ පෝස්ට් එක බැලුවම...
ReplyDeleteගීතයට අරුත් සැපයීමට අදහසක් නැත.
මොන මගුල තිබුනත්, අපි උඹලට කරන්න බැරි දෙයක් වෙච්ච චීවරය දරාගෙන දවසක් හරි ඉන්න එක දැන් තියෙන හැටියට වැදගත් බං.
දුප්පත් කමට හරි ගිහින් ඒ ඉන්න ටික කාලෙකට හරි සාසනේ වෙනුවෙන් අබමල් රේණුවක හරි දෙයක් වෙනවා කියන එක අමතක කරන්න නරකයි.
එදා වෙලා කන්න හරි සල්ලි තියෙන එවුන් සාසනේට ඒ සේවෙවත් කරන්නේ නැහැ...
ඇත්ත සැමෝ. ඒ වුණත් පවුනේ. කන්න බොන්න ටිකක් දීලා හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
ReplyDeleteඅපේ පැත්තෙ ආන්ටි කෙනෙක් දවසක් කෑගහගෙන ආවා අපේ තව යාළුවෙක්ගෙ අම්මා හොයාගෙන,
ReplyDelete"බලහංකො නංගියෙ, මේ පංසලේ ඉන්න හැත්තට කිරිබත් එක්ක හු###න බැරිලුනෙ, උංට ඉඳියාප්ප එක්ක හැ#####න ඕනෙයි කියන්නෙ" කියාගෙන.