පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මා
කළු වූ වලා අතරින් එළියක් වැටුණා
හිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බා
හිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණා
සීතල වතුර කැට එක්කොට සිරුර දොවා
තෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලා
පොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දා
තෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවා
සිත් නැති වැස්ස පාසල් ගමනට බාධා
රත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවා
තෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදා
මෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණා
නැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලා
එන්නේ සවස හොදටම විඩා වෙලා
අම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලා
තෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවා
නෙසතුටු සිතින් සීතල සුසුමක් සලලා
අම්මා දෙපා නොවැඳම එළියට බැහැලා
දොරටුව අසල සිටි අම්මා දෙස නොබලා
පාසල් යන්න ආවා එළියට බැහැලා
සත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩිය
උස්සා තබන්නට බැරි තරමට වෙහෙස
ඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසර
මොහොතයි තරහ නිවසට විත් යාළු වෙමි
පාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවා
යෙහෙලියො අතර නොගැටී නිසලව සිටියා
උණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දා
තෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියා
චිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේ
පොත පත වැඩට සිතුවිලි බාධා මත්තේ
අබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේ
පාසල අතර දිව යයි සිත ගේ පැත්තේ
සුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනා
ලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වා
කඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වා
කලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වා
නිවස නොපෙනෙනා මානේ සිට බැලුව
කිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුව
පස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුව
දියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිව
පුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මා
හිත් නැති අහස නිවසක් අතුරා දැම්මා
උන් තැන නොමැත මාගේ පිම්බර අම්මා
පතනෙමි අමා සුව බුදු සරණයි සම්මා
sAm_ශ්‍රී_Perera_7:02am_30/10/14
ඇස් බොදවුනා..
ReplyDeleteඇගේ මයිල් කෙලින්වුනා මචං sms එක දැකලා. කවිය නියමයි
ReplyDelete:'(
ReplyDeleteඒ සිදිධිය තවත් පැතිකදකින දැකපු විදියක් නේ අයියා? ඇත්තමයි අම්මා එක්ක මල පැනලා (මගේ වරද්දකටම තමා) ගියපු දාට නම් මේ කවිය ඇත්තම තමා.
//සත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩිය
උස්සා තබන්නට බැරි තරමට වෙහෙස
ඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසර
මොහොතයි තරහ නිවසට විත් යාළු වෙමි//
ඇත්තමයි ඒ ළමයින්ට දැන් කාගේ සරණක්ද? තාමත් බලාගෙන ඇති පස් අස්සෙන් බේරිලා දුවන් ඇවිත් පුතේ කියනකන්.
සත්තයි.............. නියමයි................ සුපිරියි........ නිර්මාණාත්මක චින්තනය
ReplyDeleteකවි පන්තිය පට්ටයි මචෝ...
ReplyDeleteඇස්දෙක පොඩ්ඩක් බොඳ උනා. තරහකින් නොවුනත් ඉස්කෝලේ ගිහින් ආපහු එද්දී තමන්ගේ අම්මා, තාත්ත පස්කඳු අතරේ හිරවෙලා මියැදිලා කියනඑක දැනගත්තු දරුවෙකුට මොනතරම් දුකක් දැනෙනවද.
අම්මෝ...ඇඩෙනවා සෑමෝ...අම්මා එක්ක අපි කොයිතරම් තරහා වෙලා ඉන්නවද...ආයෙනම් කරහා වෙන්නේ නෑ...
ReplyDeleteනියමයි සෑමෝ පද ගැපලුම..
ඒ වගේම ඒ අපි අතරින් වියෝ වුනු හැමෝටම මතු සසරක මෙවන් විපතකට මුහුණ දෙන්න නොලැබේවා පතමු..නිවන් සුව පතමු..
කියන්න වචන නෑ සෑමො. ඒ ළමයි 75 දෙනා කොච්චර දුකක් විඳිනව ඇද්ද.
ReplyDeleteහ්ම්ම් සංවේදීව දැනුනා මචෝ පුළුවන් දෙයක් ඒ මිනිස්සු වෙනුවෙන් කරමු හැමෝම එකතු වෙලා....
ReplyDeleteඋඹගෙ සංවේදි කවිකම ගොඩක් අගය කරනවා මචං...!!!
ReplyDeleteඇහැට කඳුලක් එකතු කරපු සිදුවීමක් මචෝ…
ReplyDeleteහ්ම්, කාලෙකට පස්සේ දැනෙන දෙයක් ලියලා. ( මේ බ්ලොග් එක කියෙව්වත් සමහර පෝස්ට් වලට නම් කමෙන්ට් කලේ නැහැ )
ReplyDeleteනිර්මාණය නම් උපරිමයි. අදාළ සිදුවීම ඇතුලේ මේ වගේ කතා ගණනාවක් ඇති. ඒ කතාව ඔබ සංවේදී නිර්මාණයක් කරලා තියෙනවා.
සසර ගෙවෙන දුක් කරදර නැත නිම්මා
ReplyDeleteඅතැර නොමැත ඒ අතරද දරු පෙම්මා
නිතර හිතට බර දෙන දුක එය වෙම්මා
අපැර ගියයි මුළු ගම හා ඒ අම්මා
සෑමා සංවේදි සිදුවීමක් හිතට දැණෙන්නම කවි පෙළක් කරලා. හිත වාවගන්න බැහැ බන් ඒ මූණු දකිනකොට.
ReplyDeleteඅපි මොනවා හරි කරමු බං!
ReplyDeleteබොහොම සංවේදී අවස්තාවක්.
ReplyDeleteමේ ළමයි වෙනුවෙන් අපි මොනවහරි කරන්න ඕන.
උදේ දැකපු අම්ම හවස පස්කන්දකට යට වෙලා කියල අහනකොට මේ පොඩි එවුන්ගේ පපුවේ මොන ගින්දරක් පත්තු වෙන්න ඇත්ද?
කදුලු ආවා මචං. ඇත්තටම හිතට දැනෙන්න ලියල තියෙනව.
ReplyDeleteසත්තයි බං ඇඟ කිලිපොලා ගියා මේ කවී ටිකට.මේ පොඩි වුන් වහල් කමට විකිනෙන්න නොදී ආරක්ෂා කර ගන්න බං.
ReplyDeleteඋපරිමයි...
ReplyDeleteඅද නම් මුකුත් ලියන් නැතුව බැහැ,ගොඩක් හිතට වදින කව් පෙළක් අගයකරනවා.
ReplyDeleteadenawa aise..godak lassanai.
ReplyDeleteපිස්සු හැදෙනවා අප්පා මිනිස්සුන්ට වෙන දේවල් දැක්කම.....
ReplyDeleteනිර්මාණය අති සාර්ථකයි අයියේ.ඇස් වලට කඳුළු උනනවා
අති සාර්ථක නිර්මාණයක් සෑමෝ
ReplyDeleteFor a moment you made me cry..screw you Sam..malith
ReplyDelete