බෝතල් ගත කළ බීමක් සිසිල් කිරීමට ඔබට ශීතකරණයක් අවශ්‍යය වනවා ඇත. එහෙත් සෑමාගේ ගෘහ විද්‍යාවට අනුව බෝතල් ගත කළ බීමක් අයිස් ක්‍රීම් වලින් සංතෘප්ත කොට වෙරලාසන්නයේදී පවා පිළියෙල කොටගෙන පානය කළ හැකිය. එය මෙසේය,
අවශ්‍ය ද්‍රව්‍යය -
- සාදා ගත් දිවුල් කිරි බෝතලයක්
- කෝන් අයිස් ක්‍රීම් අවශ්‍ය පමණට
- මුහුද අසල පිහිටි ගල් තලාවක්
- මරුටි කාරයක්
මුලින්ම සාදිගත් දිවුල් කිරි බෝතලය මරුටි කාරයේ දමාගෙන මුහුද අසල පිහිටි ගල් තලාව ලගට රැගෙන යා යුතුය. ඒ අතර මගදී බෝතලයෙන් දිවුල් කිරි භාගයක් ඉතිරි වනසේ පානය කළ යුතුය. ඉන්පසු ගල් තලාව අසල වාහනය නවත්වා අසල පිහිටි අයිස් ක්‍රීම් වාහනයෙන් අයිස් කෝන් අවශ්‍යය ප්‍රමාණයට මිලදී ගත යුතුය.
ඉන්පසුව අයිස් කෝනයක කොන කඩා, බෝතලයේ කටෙන් ඇතුල් කළ යුතුය. එසේ තිබියදී ඉතිරි අයිස් කෝනයක උල ආධාරයෙන් බෝතලය මත තිබෙන අයිස් කෝනයේ අයිස් ක්‍රීම් තෙරපමින් ඇතුලට යවන්න. අයිස් ක්‍රීම් සියල්ල තෙරපමින් ඇතුලට යැවිය නොහැක නිසා, මුහුද අසල ගල්තලාව මත තබමින්, මද හිරු එලියේ අයිස් ක්‍රීම් දියවන්නට හරින්න. එවිට කෝනයේ ඇති අයිස් ක්‍රීම් සාර්ථකව බෝතලය ඇතුලට ගමන් කරන්නේය.
ඉන් පසු බෝතලය හොදින් සොලවා පානය කරන්න.
මේ දැන් කළ සොයා බැලීමක්ය, අත්හදා බලා අදහස් ප්‍රකාශ කිරීම වටින්නේය. අදහස් හා අනෙකුත් උපකාර වලින් සහය දුන්නේ ප්‍රවීන සූපවේදීන් වන ලක්ෂාන් සහ දිල්හාර මහත්වරුන්ගෙන්ය.
සැමට ජය !
Written by sAm_2:50pm_15/10/2012
Elanne, maruti karayak dan koinda hoyanne. Bike eke genihin hariyana ekak natheyi?
ReplyDeleteපුලුවන් හැබැයි මගදීම දියවෙයි :/
DeleteMan 1da manda.
ReplyDeleteමෙතන නම් දෙක, උඩ එක !
Deleteමරු වැඩේ ඈ... කව්ද මේ ඡායාරූප ගත්ත ප්‍රවීණ මාධ්‍යදවේදී තුමා?
ReplyDeleteමම නම් නෙවෙමි !
Deleteඅර උඩ තියෙන ලොරියෙං අයිස් ක්‍රීම් කෑවොත්නං නොමිලේ පිටගැස්මත් හදාගන්න පුලුවං.
ReplyDeleteමගෙ අප්පේ ඕක මුහුදු හුලගටමයි බං මලකඩ කන්න ඇත්තේ !
Deleteහොඳයි හොඳයි දෙන්නත් එක්ක දිවුල් කූල් කරගෙන බීලා ෆොටෝත් අරගෙන... :) පොඩි පිහියක් තිබුනානම් කෝන් එකේ කොන නොකඩා කපා ගන්නත් තිබුණ..
ReplyDeleteදෙන්න නෙවෙ බං තුන්දෙනා. යටින්ම නම දාල තියෙන්නේ ඒ සූප වේදී මහත්තුරු දෙන්නගේ...:)
Deleteකොන කපන එක තමා මානුෂීය නේද බං ?
ඒකත් අනූපමාගෙ වගේ....
ReplyDeleteයටින් තියෙන නම බලන්න රාජ් මහත්තයා !
Deleteමට ඔය කොණ එක්ක දාන සෙල්ලම් මුහුදු වෙරලක් වගේ තැනක දාන්න අකමැති හින්දා ගෙදර් ගිහින්ම දිවුල් බොනවා
ReplyDeleteඒ වුනාට මද පවනේ බොනකොට තමා සැරට වදින්නේ !
Deleteඈ බං සෑමෝ.. ඒ ක්‍රමේ නං මරු කමයි. පරහකට තියෙන්නේ මට ඔය වගේ අත් දෙක දිකටම දාලා ඉන්ට අමාරු එකනේ.
ReplyDeleteමටත් කලින් තිබ්බ පුරස්නයක්.. දැන් නම් ඒක පුරුදුයි :)
Deleteඅත්හදා බලන්නට වටින අදහසක්..තැන්කූ සෑමෝ..
ReplyDeleteවෙල් කම් වේවා !
Deleteක්‍රමේ නං මරු! ඒත් මක්කටෙයි බං වෙරළ අයිනේ ගල්තලාවටම යන්න ඕන ඇ... :ඩි
ReplyDeleteඇයි බොල ගල් තලාව උඩ තියලා අව්ව වැටුනම තමා හොදට අයිස් කීම දියකරවන්නේ.
Deleteගල්තලාවේ කිරිම දියවෙන හැටි
Deleteඉතින් ඔය ගල ගාවටම ගිහින්ද ඇතුලට දාන්න කොන කඩ ගන්න ඕන?..
ReplyDeleteකලින් කඩල තිබ්බ නම් කරදර අවමයි !
Deleteඑහෙනං සැමට කරදරයක් නැති වෙන්නැති....
Deleteරහට හිටීවි...... :P
ReplyDeleteඊටත් වඩා ගුණයි !
Deleteහත් වලාමේ...... යකෝ අයිස් ක්‍රීම් ඒක
ReplyDeleteඇයි?? අපි අයිස් කිරිම දිය කරලා ගානට කෝන් එක දිගේ බෝතලයට යැව්වා !
Deleteදැන් අර කෝන් එකට මක්කෙයි කොරන්නේ.
Deleteමට හිතුන ටික කියන්නද එපාද සිතමින්....
ReplyDeleteමේ ඇයි අත් දිග කමිසයක් ඇදන් ඉන්නෙ?
ෆොටෝ ගන්නෙ කවුද?
ඇයි මුහුද ලඟටම යන්නෙ?
වගේ ප්‍රශ්න පත්තරයක් ඔළුවට එනවා අෆ්ෆා හික් හික්....
1. අත් දිග කමිස හොද නැද්ද?
Delete2. ෆොටෝ ගන්නේ සෑමා. පොටෝවෙ අත පේන ප්‍රවීන සූපවේදියා ලක්ෂාන්.
3. ගල් තලාවක් අවශ්‍ය නිසා. අර වගේ අයිස් ක්‍රීම් ලොරියක් අවශ්‍ය නිසා.
තව ප්‍රශ්න තිබේද ? තිබේ නම් යොමු කරන්න. :)
සෑමා සහ මරුටියේ වික්‍රමයන්ද? හෑ... ඇත්තටම සෑම් ටයි පොල්ල එහෙම දාගෙන වගේ වැඩට යන්නේ, කවුද ෆොටෝ ගත්තේ ?
ReplyDeleteටයි පොල්ල දාගෙන ඉන්නේ අපේ සූපවේදී ලක්ෂාන් මහතා බං :)
Deleteෆොටෝ සැට් එක මගෙන් !
අපිට මරුටි කාර් නැහැ අයිස් ක්‍රීම් ගන්න සල්ලිත් නැහැ ළඟ පාත ගල් තලාවකුත් නැහැ දැන් මොකද කරන්නේ?
ReplyDeleteසරලව දිවුල් ගසකට පොල්ලක් ගසා, කූල් වතුර වීදුරවකින් හදා ගන්න. රසයි. සෞඛ්‍ය සම්පන්නයි !
Deleteසීනි ?
Deleteහි හි.... මාර අත්හදා බැලීම්....
ReplyDeleteබීච් එක ලග හිටපු පොඩි කොල්ලො සැට් එකක් දුවගෙන ඇවිත් ඔලුව දාලත් බැලුවා. අපේ වැඩ :)
Deleteඔය ඉඳල හිටල උඹ ‘ගෘහ විද්‍යාව‘ ගැන ලියන එකත් හොඳා. ඒත් බං මේක දැක්කම මට මතක් වුනේ වෙන විද්‍යාවක්. ඒක මෙතන නොකිය ඉන්න එක හොඳා වගේ. අපි හොඳ ළමයි හරිය.
ReplyDeleteයකෝ මූ ලැජ්ජ බයට හැදිලා.. උබ නොකියන විද්දියාව මොකක්ද බං ? :)
Deleteහෑ...... :ඕ අදමනේ බොලේ මේ ක්‍රමයක් ඇහුවෙ??? හික්ස්ස්ස්...
ReplyDeleteකවුද ඔය කැමරාකරුවා?? නිරූපනය?? අධ්‍යක්ෂණය?? එව්වාත් දැම්මානම්....
මේක විද්‍යාත්මක ක්‍රමයක්..
Deleteකැමරාකරනය - සෑමා
නිරුපනය - සූපවේදි ලක්ෂාන් මහතා
අධ්‍යක්ෂනය - දිල්හාර මහතා
:)
උඹේ දිවුල් සිසිල් කිරිම කෙසේ වෙතත් නැන්දාගේ ඒ කියන්නේ අපේ සෑමාගේ මව විසින් පිපාසිතව සිටි අපට සාදා දුන් දිවුල් කිරි විදුරුව නම් පංකාදුය
ReplyDeleteඅඩේ එදා උබ බිව්වා නේද දිවුල් ??
Deleteබලපං අපෙ අම්මා ගෙදර හිටපු මට දුන්නෙ නැති හැටි.. :(
හික්ස්...
ReplyDeleteකැමරා කරුවෙකු නං වෙන්න බෑ...
සුවර් එකටම කැමරා කාරියක් වෙන්න ඕනා...
මොකද මූදු වෙරලකනේ ඉන්නේ....
ඔන්න ඉතිං මාව විනාසකරන්නම දගලන එකා ඇවිත්.
Deleteකාරියක් නෙවේ බොල, පොටෝ ගැහුවේ මම. අනිත් එවුන් දෙන්නා ගේ අදසක් :)
ඔන්න මම ට්‍රයි කරලා ට්‍රයි කරලා අන්තිමේදී A වල ඉඳන් Z වෙනකන් කියවල ඉවර කර උඹේ බ්ලොග් ස්ටේටස් ටික...
ReplyDeleteවිවේචනය හොඳය.එත් අමු අමුවේම කඩේ යාම හිරිකිතය..එත් ඒක උඹේ අතල්ය....එත් උඹ පව්ය..
උඹේ writing style ඒක නම් එලය..creative ය..විවිධකරය...
සරලවම කිව්වොත් සටෙටස් ටික මරුය..
දිගටම උඹට අත සෙලවීමට ලැබේවා..
එහෙම කෙරුවට පස්සේ මටත් අප්ඩේට් එකක් දාපන් ගොඩ වෙලා යන්න...
ජය..
අත සෙලවීම කළ යුත්තේ රහසේමය. ප්‍රසිද්ධියේ අත සෙලවීම අවුල්ය. :)
Deleteස්තුති වේවා !
ජය සිරි !
අප්පේ මැදැ ගත්ත වෙහෙසක්.දැන් ඉතින් කොහෙමෙත් වෙහෙස නිවා ගන්න දිවුල් විදුරුවක් පානය කරන්නම වෙනවා
ReplyDeleteඅන්න හරි.. මහන්සිවෙලා තමා විවේකයක් ගන්නෝනි :ඩී
Deletemeka nam siraa
ReplyDeleteතුති !
Deleteමගේ ප්‍රියතම පානය.. අරවා ඇරුනම...
ReplyDeleteඅරවාට ගහන්නට මේවාට බැරිය !
Deleteමොකෑ බං හාමිනේ ගෙදර ගියැයි.....ගෘහවිද්‍යාව කොරන්න ගත්තේ..!
ReplyDeleteනැහැ නැහැ බං හාමිනේ එන්න කලින් පුරුදු වෙනවා :)
Deleteමුහුද අසල ගල් තලාවක ඉන්නවා නම් ඕවා බොන්න ඕනෙ නෑ සෑමා... ගහමුකො හොදවායින් රා කට්ටක්...
ReplyDeleteරා නම් සිරාය.
Deleteඒත් අයිස් ක්‍රීම් දාන්න බැරිය :(
අඩෝ හිම කිරම දැම්මම දිවුල් තවත් රසයි නොව.
ReplyDeleteනැතුව ! නැතුව !
Deleteහච්චෝ හි හි :)
ReplyDeleteදිවුල් කිරියි මරුටි කාර් එකකුයි ළඟ පාතක තිබුණා නම් මටත් මේ විදියට ම හදාගන්න හිතුනා!!!!
ReplyDeleteත්‍රීවීලයක් වුවද කම් නැත !
Deleteසෑමා වගේ පුත්‍ර රත්නයක් ලද දෙමව්පියෝ නිවුනේ වෙයි. මොකද වෙන කොල්ලේ නම් වැල්ලට යන්නේ බෝතල් අතැතිවය. අනේ වාසනාවන් සාම.
ReplyDeleteඅන්න සෑමාව තේරුම් ගත්ත එකම එක පුද්ගලයා. වෙන උන් සැර බීම ගෙනිය්දි අපි ගෙනියන්නේ සිසිල් නොකල බීම. සිසිල් කරන්න බලාගෙන ;)
Deleteජය !
දිවුලුත් තිෙයනවා... අයිකිරිමුත් තිෙයනවා.... මරුටියක්...??
ReplyDeleteබයිසිකලයක් හරියන්නැද්ද
බයික්කලේ පට්ට සිරා.. මගදීම අයික්කීම් දියවෙනවා. ගල් තලා අනවශ්‍යයි !
Deleteජය !
අත්දැකීමෙන්ම කිව්ව කතාවක් වගේ පේනවා...අර පොටෝවේ තියන එක මාත් කොහෙදි හරි දැක්කා වගේ මතකයිනේ අප්පා....ඒත් මතක නෑ නෑ වගේ...
ReplyDeleteමාරවිල පැත්තේ තියෙන අයික්කීම් ලොලියක් :)
Deleteඅයිස්ක්‍රිම් දිවුල් ඇත්ත කතන්දරය මෙන්න
ReplyDeleteඔතන හිටපු එකම පිරිමියා සෑමාය
පින්තුර ගත්තේ සෑමාගේ සල්ලාල දැලට අහුඋන ඩිස්පැන්සරියක වැඩකරන කෙල්ලෙක්ය
මූ දොස්තරයට බෝලය බස්සන්ඩ ගිය වේලාවක කෙල්ලවද දැපනේ දාගත්තාය
දැන් කෙල්ල දිවුකිරියි අරකයි මේකයි අරගන ඩිස්පැන්සරිය අරින්ට හෝරාවකට දෙකකට කලින් ගෙදර උන්වත් අන්දලා සැමාගේ කාර් එකට නගිනවාය
මේ සෑමා කෙල්ලට වැඩ පෙන්නන්ඩ කරපු විජ්ජාවකි
මෝඩ කෙල්ලන්ට මෙව්වා ලොකු උනාට අපිටනං පඩේකට වැඩක් නැත
අටමාගේ උක්ත පරීක්ෂණය/නිරීක්ෂණය ඇසුරෙන්, ඉදිරියේදි කිරිබත්ගොඩ සැරිසරද්දී අටමා තම ජීවිතාරක්ෂාව පිළිබද සැලකිලිමත් විය යුතු බවට සෑමා අවවාද කරන්නේය.
Deleteඅහුවෙයන් හන්දියෙදී !!
ඔක්කොමත් හරි මරුටි කාරෙක තමා ප්‍රශ්නේ....:D
ReplyDeleteහයිබ්‍රිඩ් හරියන්නෙ නැහැ පො.කු ! :පී
Deleteහැ වැඩෙත් හොඳයි ... කොරලම බලන්න ඕනි ... මේ .. add එකට කියක් ගත්තද ආ .. :P maruti :D
ReplyDeleteමරුටි ඇඩ් එකට ඉන්දියාවෙන්ද, කාගීල්ස් ඇඩ් එකට අපහාස නඩුද ලැබුනී !
Deleteඕක මේ විදිහටත් කරන්න පුළුවන්.. බීමටික බීලා අයිස් ක්‍රීම් ටික ගිල දාලා වෙරළේ උඩ පැන පැන හිටපන්.. එතකොට ඒ ජාති දෙකම බඩේ දී මිශ්‍ර වෙනවානේ..
ReplyDeleteඅන්න කතාව
Deleteසයියෝ ගල් තලාව අපරාදේ එතකොට. :(
Deleteනිකමටවත් ඔය වැඩේ නම් ට්‍රයි කොරන්න බැරිය.. මට දිවුල් කිරි පෙන්නන්න බැරිය! ඒතරමටම පෙරේතය... හිකිස්!
ReplyDeleteඅපේ ලක්ෂාන් පුත්තලම් ගොස් දිවුල් ගෝනියක් ගෙනත් තිබින. ඒත් බං සිකුරාදා ගෙනාපුවා අපි සදුදා යද්දි ඉවරයි :(
Deleteමරු ඈ ...කතාව අතරේ උබ අපේ කොම්පැනියේ ඇඩ් එකකුත් දාලා තියෙනවා... එල
ReplyDeleteඅහ් උබ කාර්ගීල්ස් මැජික් පොරක්ද ?
Deleteකොම්පැනියට කියල මට ගානක් සෙට් කරපං කෝ !!
බැහැ උබ දාලා තියෙන අයිස්ක්‍රීම් වෑන් එකේ කැත බලපන්කො... මේක උබ හිතා මතා අපිට කල අපහාසයක් අපි නඩු මගට බහිනවා...හරිය
Delete
ReplyDeleteඔක්කොම හරි මරුටියක්නෙ බං නැත්තෙ.
මේකට පේටන්ට් පෙන්ඩිංද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අර වේගෙන් ගිහින් දඩකාපු ජාතියේ සිරා වාහන නම් මේකට මැච් වෙන්නෙ නැහැ හෙන්රි මහත්තයෝ... :)
Deleteපේට්න්ට් ගන්න කලින් පෝස්ට් එක දැම්ම නේ බං. ඒක අමතක වුනා :(
මරුටිය තමයි අඩු!
ReplyDeleteත්‍රීව්ල්ද ඕකේය !
Deleteජය !
හික්ස්... දිවුල් කිරි රැගෙන වෙරළට යන එකයි වැඩේ.. වෙරලට යන මගදිම ඉවරවෙනවනේ...
ReplyDeleteබෝතලය සීල් කර රැගෙන යන්න.
Deleteඇත්තම කියන්න මචං.. මේ බෝතලෙත් බාගයක් මම මගදි හොරෙන් බීලා. අපේ උන්ට නෙදැනෙන්න වතුර දාලා ෂේප් කළා !
කෝන් නොමැතිව මෙය අත්හදා බලා ඇත පට්ට රසය
ReplyDeleteඅඩෝ උබ කෙල්ලෙක් එක්ක ප්‍රීතිපුර බීච් එකේ ඉන්න කොට නේද මේ වැඩේ කලේ ?
කෝන් එකත් එක් කරල බලපං මාර ආතල්..
Deleteප්‍රීති පුරයක් නෙවේ බොල මේ. මේක මාර-විල :)
ඔය පොටෝ ගහනකොට වට පිට කවුරුවත් උන්නෙ නැද්ද.
ReplyDeleteඅනේ බං!
ReplyDeleteකොන කපන එක පජාතාන්තර වැඩේට විරුද්ධයි නේද බං?
ReplyDeleteඅත්හදා බලා ප්‍රතිපල දන්වන්නම්.
ReplyDeleteකොන කඩන්නම ඕනෙද සෑමෝ ?
ReplyDeleteපට්ට පට්ට
ReplyDeleteට්‍රයි කරලා බලන්නම්
කොහොම වෙතත් පට්ට අදහස් ඈ :)
ෂික්.. ඉතාලියේ මරුටි නෑනේ බං.. ලංකාවට එන්නම ඕන මේක අත්හදා බලන්න.. ආවම මතක් කරපං හොදේ... :)
ReplyDeleteකොකා කොලා සමග අයිස්ක්‍රීම් වගේ ද මන්දා??
ReplyDeleteඔය මුකුත් නැත්තම් පළමුව දිවුල් පානය කර, දෙවනුව අයිස් ක්‍රීම් ආහාරයට ගන්න.. එවිට බඩේ දී අයිස් ක්‍රීම් + දිවුල් වේ... සරලයි සුකොමයි... හික්ස්..
ReplyDeleteමුහුදක් නැත. ලුණු පොල්කට්ට මිදුලේ තැබුවෙමි. ඉර පායා ඇත. ඔහාට පායන එකමද කියා ශුවර් නැතිය. ගල් තලාවක් නැත. බිම වාඩිවී කලවා අතර බෝතලය ගසා ගත්තෙමි. කොන කැඩු පැත්ත ඇතුලට දැමුවෙමි.
ReplyDeleteයකෝ මං අව්වේ.ඕක මෙහාටත් හරියනවද කියලා ඉක්මනටම කියාපියෝ.