එදා සිකුරාදා. මුළු සතිය තිස්සෙම මම බලන් හිටියේ මං මේ දවස එනකල්. ඉස්කෝලෙ ඇරෙන බෙල් එක වැදුන ගමන් හොස්ටල් එකට දුව....ගෙන ගිය මං මගෙ සූට් කේස් එකත් අරන් එක පිම්මේ ස්ටේෂන් එකටත් දුව...ගෙන ගියා. හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..
ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගල ගෙදර යද්දි කෝච්චි පෙට්ටියෙදියි පාරෙදියි ඇස් දාස් ගණනක් මට හම්බුනත් මං හෙව්වෙ එකම එක ඇස් දෙකක් විතරයි. ගෙදර ගිය ගමන්ම මූන හෝදගන්නෙ වත් නැතුව ඇදන් ආපු ඇදුම් පිටින්ම මම ටක් ගාලා බත් පිගන් තුන හතරක් කාල දැම්මේ ඒ මූන බලාගන්න කල් ඉවසීමක් නැති වුන හින්දා. අන්තිම බත් කටත් කාලා, අම්ම දීපු මීකිරි හටිට්යත් උඩින් පල්ලෙන් ඉවර වෙනකල් කාලා දාපු මම, ගේ පිටිපස්සෙ කුරුදු ලන්දෙන් පාරට වැටුනෙ ඒ ඇස් දෙක මම එනකල් පෙරුම් පුරාගෙන මග බලාගෙන ඉන්න බව මං දන්න හින්දා.
කූචු..බීචි..කූචු..බීචි..කූචු..බීචි..
මග දිගට ලන්දෙ හිටුප කුරුලු රංචු කිචි බිචි ගෑවෙත් මගෙ හැගීම් තේරුම් අරන් කියලයි මට හිතුනෙ. ඒත් බලනකොට ගැරඩියෙක් කජු ගහක බෙනේකට රිංගලා ඒකෙ හිටපු මයින පැටව් කනවා. ගැරඩියට බය වෙච්ච පාර තමයි මේ කුරුලු පැටව් කච කච ගාන්නේ.
කුරුන්දෙ මල් කොමු මැදින් මම පාරට අඩිය තිබ්බා. එතකොටම කොයින්දෝ ඉදල අයිස් ක්‍රීම් කාරයෙක් මං ලගට ආවා. මට ඒ අයිස් ක්‍රීම්කාරයාව පෙනුනෙ හරියට සුර දූතයෙක් වගේ. රුපියල් 60ක්ම දීල ඌ ලග තිබ්බ අයිස් කෝන් දෙකක්ම අරගත්ත මං දුවලා ගියා..
හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...
ඒ යන ගමන් මගෙ අයිස් ක්‍රීම් එක මම මගදිම බස්සල ඇරියා. ඒත් අනිත් අයිස්ක්‍රීම් එක මගෙ අතින්ම පූජට කවලා, කට වටේම අයිස්ක්‍රීම් ගාගෙන පූජ හිනාවෙන හැටි බලන්න තව දෙවැටවල් දෙකයි.
හික්..හික්..හිකිහිකි...හික්..
පූජගෙ හිනා හඩ දැන් මට නම් ඇහෙනව ඇහෙනව වගේ..
දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා. |
දැන් මං පූජලගෙ කඩුල්ල ලග. කඩුල්ලෙ උණ බට දෙක අතරින් මම පූජලගෙ මිදුල දිහා බැලුවා. දැන් ඔහෙල හිතයි මම හෙන කොටයි. මම කඩුල්ලටත් වඩා මිටියි කියලා. පිස්සු.... ඒගොල්ලන්ගෙ කඩුල්ල හෙන උසයි.
පූජලගෙ බිත්තියො වැදුන මගෙ ඇස්දෙක බම්පර් වෙලා ගිහින් නැවතුනේ අපි දෙන්න ගිය සතියෙ හදපු පුංචි සෙල්ලම් ගේ ලග. ඒ පුංචි සෙල්ලම් ගෙදර ලග මගුල් පෝරුවෙ මම මනමාලයා. එයා මනමාලි. (දැන් ඔයල අහයි අෂඨක කියන්න ආවෙ එයාගෙ තාත්තද කියලා.)
ඒත් එක පාරටම දැක්ක දෙයින් මගෙ හදවත භූමිතෙල් ඉවර වෙච්ච පැට්ටල් මැක්ස් එකක මැන්ටල් එක වගේ කඩාගෙන වැටුනා. මගෙ සිහින කුමාරි, මගෙ පුංචි සුරංගනාවි, මගෙ පුංචි සමනලී පූජා.. එහා ගෙදර මාටියාගෙ පුතා ‘කරන්‘ට ලංවෙලා දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.
එයාට ගෙනාපු අයිස් ක්‍රීම් එක මගෙ අතේම දිය වෙලා බිම වැටුනා. මම මීහරකෙක් වගේ දුවගෙන ගිහින්....
හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...
අපේ තාත්තට කිව්වා, මම අයිස් ක්‍රීම් අරගෙන යනකොට පූජා කරනයා එක්ක අයිස් ක්‍රීම් කනව දැක්ක කියල. අපේ තාත්ත තමා අපේ එස්ටේට් එකේ ඨාකූර්. මාටියා අපේ වත්තෙ මුරකාරයා. ඒක කියද්දිත් තාත්ත කරනයත් එක්ක මාටියගෙ මුළු පවුලම ගමෙන් එලවල දාලා පූජාව මට අයිති වෙන හැටි මට මැවිල පෙනුනා.
“ආහ්.. උඹ අයිස් ක්‍රීම් දෙකක් අරගෙන යනකොට පූජ කරනයත් එක්ක අයිස් ක්‍රීම් කනවා?? “
“හාහ්.. තාත්තේ.. “ මමත් බොරුවට ඇඩිලා වගේ කිව්වා.
“ඈහ්.. උබට කොහෙන්ද පවන් අයිස් ක්‍රීම් කන්න සල්ලි??? මගෙ කොට්ටෙ යට තිබ්බ රුපියල් සීය නැතිවුනේ කොහොමද කියල මම හොයාගත්ත. මෙහාට වරෙන්..“ තාත්ත මාව ඇදගෙන ගිහින් වත්ත කෙලවරේ බිලිං ගහේ බැදලා, ඇගට දිමි ගොටු දාලා මාව කෝටු මස් කළා..
Written 6:46pm_17/10/12
ඔන්න ළමයි පෙරේතකමේ ආදීනව අද අපේ සෑමා කියා දීලා තියෙනවා... බත් පිගන් තුන හතරක් කාලා, මී කිරි හට්ටියකටත් වග කිව්ව එකා.. මොන මගුලකටද අයිස් ක්‍රීම් කන්න ගියේ... එකක් නම් කමක් නෑ ඒකත් දෙකක්...
ReplyDeleteගත හැකි ආදර්ශය....
තාම බහ නොදුන් කෙල්ලෙක්ට අයිස් ක්‍රීම් කැවීමට සිතීම නොසිතූ කරදර ලගා කරයි
ජය !
වෙනදට එයා මම එනකල් බලං ඉන්නවා බං...
Delete:-(
මොකද බං මේ තැන් තැන් වල හරකා තප්පුලනවා වගේ,
ReplyDeleteහ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ් ගාන්නේ???
එතකොට පවන් කියන්නේ සැමාද?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ හති දාන සද්දේ බොල !
Deleteමරු මරු අහලා තියෙන කතා දෙක තුනක්ම සෑමා එකට එකතු කරලා මෙගා එකක් නෙමෙ ඒත් පුංචි බඩී එකක් හදලා....
ReplyDeleteබඩී ඒවා හොදයි බං මටත් ලේසී !
Deleteමූට මොකෝ මේ වෙලා තියෙන්නේ ... පෙහෙලා නෂා පෙහෙලා හුවා ද කොහෙද ...:D
ReplyDeleteහින්ඩි එකක් නේද බං ඒ? ඒක මෙතනට ආවෙ කෝමද?
Deleteහින්දි ෂෝට් ෆිල්ම් එකක් වගේ... හි හි...
ReplyDeleteහැබැයි කොල්ලට තාත්ත දුන්න සම්බුව නම් හරි.....
නැහැ වැරදී.. කොල්ල 60/- වියදම් කලේ. තාත්තගෙ නැති වුනේ 100/- ක් !
Deleteඉතිං සෑමො, උඹ ඉතුරු 40 ට මොකද කළේ.
Deleteතව 460ක් දාලා ස්පා පොට් එකට ගියා :)
Delete500 යි ද බං??
Deleteඋබ එදා ඉදන් කොලෙ ඉතින් තාත්තගෙන් සල්ලි උස්සල රටේ ඉන්න පූජලට පූජ කරපු එකනේ
ReplyDeleteLOL ඕයි
ගොඩ මීයෝ ++++++++++
Deleteපූජකයින්ට සල්ලි දුන්නේ පිං තකා බොල..
Deletepatta aaaaa
ReplyDeleteපට්ට නමක් බං බොට තියෙන්නේ !
Deleteසැමා උලල නැද්ද? :D
ReplyDeleteඋල තියලා..
Delete
ReplyDeleteදම්සාරීඊඊඊඊඊඊඊ...
මොන සාරී?? යකෝ පූජා සාරි ඇන්දෙ නැහැනේ !
Deleteඉරිදා ලංකාදීපේ දම්සාරිද?
Deleteනෑ නෑ ඒ දම්සාරි නෙවේ.අර දිගු දෑස වීඩියෝ එකේ ඉන්න දම්සාරී. :ඩී
Deleteඒකෙ ඉන්නෙත් පවන් කෙනෙක්නෙ.
දැන්නේ මතක් වුනේ ප්‍රමුදියෝ
Deleteකතා කොක්ටේල් එකක් කියෙව්වෙමි.. පට්ටයි ඈ.. ඒකත් නරක නෑ බලාන ගියාම..
ReplyDeleteකොක්ටේල් සැර වැඩී නේද බොල ;)
Deleteහොද වැඩෙ බොට
ReplyDeleteමම ? නොව පවන් !
Deleteඅයියෝ සල්ලි කිව්ව !!! හූ ඈ ...... වැරදුනා.......... පව් බං
ReplyDeleteසල්ලි වගේද අර කෙල්ල බං.. අනික අයික්ර්‍ම් එක ?
Deleteඔච්චර හරියක් කොටාබාල දුවන්නත් පුලුවන් උනාද බොල..?
ReplyDeleteහොඳවැඩේ බඩජාරියට..!
ඒක හින්ද තමා බං හති දාන්නේ.. :)
Deleteජය !
හූ ඈ
ReplyDeleteබොලා හාහ් හාහ් හාහ් හාහ් ගාලා හිනා වෙන්නේ මොකෑ බන් මග දිගට?.
මට තේරෙන්නෙ නැහැ බං හති දාන විදිහ ලියන්න... හිකිස්..
Deleteජය !
හොද වැඩෙ!!! හික්ස්ස්ස්ස්ස්ස්...
ReplyDeleteහා !
Deleteහච්චෝ.....:)
ReplyDeleteහා !
Deleteබලාපන් ඉතිං. මාටියගෙ පුතාට තිබිච්ච තරම් වත් මොලයක් බොට නෑනේ. තෝ හරක වගේ දෙකක් අරගත්ත. ඌ එකක් අරන් ලස්සනට දෙන්න දෙපැත්තෙන් කෑවා. කාපුව මදිවට තව ඉඩජහරිකමට මගදිගට නැවති නැවති අයිස්කිරිම් කකා හිටියෙ නැතුව ගියානම් බොටයි චෑන්ස් එක.
ReplyDeleteහැබෑට බං, මැද තිබිච්චි අයිස්කිරිම් ටික ඉවර වුනාම අරුන් දෙන්නට වෙන වෙන ඒවත් ලෙවකෑවෙන්න ඇතිනේ.
ඔව් බං. ඒක දියවුනාට පස්සෙ තමා හොදම හරිය :ඩී
Deleteඑතකොට පුජා තවමත් කන්නේ කරන්ගේ Ice Cream එකද?
ReplyDeleteඋබ මහ වල් විදිහට බං කියල තියෙන්නේ :)
Deleteගෙනියපු වරිගය දියවෙන වරිගයක් බව නුඹ දැන සිටිය යුතුයි නෙව ...
ReplyDeleteඑසෑයැ.. එසෑයැ.. :)
Deleteඅයියෝ මං හිතුවේ මේකත් අර පෙහෙලා නෂා වගේ වෙයි කියල
ReplyDeleteඅහ්.. පොඩි උන්ගෙ සිංදුව නේ :ඩී
Deleteමහගෙදර සහ ප්‍රවීනා මුල් කරගෙන එවුවාට මඩ ගැසීම සඳහා මේ ගෙනියනු ලබන සමාගේ මඩ ව්‍යාපාරය තරයේ හෙලා දකිමි..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
සැමා ලියන ඔක්කොම එවුවා හෙළ දකින්නම වෙලා තීන්නේ මොකද මන්ද .. :p
Deleteපණුච්චි මාව කන්න මයි හදන්නේ.. යකෝ මම ඇපල් ගෙඩියක් වගේද පේන්නේ ?
Deleteඅපරාදේ...අර දියවෙච්චි අයිස්ක්‍රීම් එක....
ReplyDeleteඒ නියමයි කතාව. කතාව කියවද්දි සීන් නිකම් මැවි මැවි දැක්කා හිකිස්.............
ReplyDeleteකතාවෙ මුල සිට අගට කියවාගෙන එද්දී............... කතාව වෙනස් වෙන්නේ මුකෝ ඈ.. :ඔ
ReplyDeleteඔය පුජා-කරන් කියන්නේ හින්දි නළු-නිලි ජෝඩුවක් නෙවේද? හින්දි ෆිල්ම් ගැන නොදන්නා හින්ද කමෙන්ට් කිරීමෙන් වලකෙමි. සමස්තයක් පිරිමින්ට වන්දේ මෙතන තියෙන්නේ.
ReplyDeleteඅනේ කොල්ලෝ දන්න විදියට අර මරුතියෙන් ගිහිල්ල සිසිල් පානයක් බීපිය. අද තමයි දැනගත්තේ හතිදාන විදිය ලියන්නේ කොහොමද කියලා. හ්හ හ්හ
ReplyDeleteඋඹට තාත්තට විරුද්ධව මානව හිමිකම් එකට යන්න පුළුවන්...
ReplyDeleteඅපේ සෑමා කතාවේ පසු තලයට නාධ රටා එක්කල වගයි කුචු බිචු..කුචු.....ඩොං පටොං...බවුවා...ඩිස් කෙයා...
ReplyDeleteආයේ යනකොට අයිස් ක්‍රීම් ගිනියන්න එපා. ලොලි පොප් එකක් ගිනියපන් .එතකොට කරන් අයිස් ක්‍රීම් කවයි..උබ ලොලි පොප් කවයි .. පුජාටත් එතකොට වෙනසක් තියෙනවනේ...
ReplyDeleteඋඹට ඔහොමමයි වෙන්න තිබ්බේ... සැබෑ ආදරය අඳුරන එකා කවදාවත් අයිස්ක්‍රීම් දෙකක් ගන්නේ නෑ, එක බෙදගෙන කනවා... අනික මොන මගුලකටද බං ඕවා තාත්තට කියන්න ගියේ.... කිසිම දවසක සැබෑ ආදරවන්තයෙක් නොකරපු වැඩක්... තාත්තට බූට් සීන් කියන එක... දැන් නාඩා ඉතුරු 40 සීනි බෝල කාපං...
ReplyDeleteසෑමත් ගෙදර ගියපු ගමන් කෑල්ල බලන්න යන්නෙ නැතුව බතුයි කිරි හට්ටියි එක්ක මගුලක් කරාද?.ආපු ගමන් ගියා නම් ගොඩ නෙ.
ReplyDeleteඅපරාදෙ සෑමට තිබුනෙ තඩි ගල් ගෙඩියක් අරන් කරන්ගෙ අයිස්ක්‍රීම දෙපලු වෙන්න දමල අරින්න. කොහෙද ගියානෙ අඬාගෙන තාත්තට කියන්න.
ආ..උඹේ තාත්තා ටාකුර් කියලා අර අහිංසක මාටියාගේ කොල්ලගේ අවංක පිවිතුරු නිර්මල ආදරය කන්න නේද තෝ ගියේ!!හොඳ වැඩේ උඹට!
ReplyDeleteහයියො.. මල ජන්ජ අලෙ.. :D
ReplyDeleteකුරැල්ලෝ "කූචු..බීචි..කූචු..බීචි..කූචු..බීචි.." ගාන් නෑ බන්..
ReplyDelete"කිචි...බිචි...කිචි...බිචි.." ගාන්නේ..
හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...
හිකිස්...හොහ් හොහ් හොහ්....!!
ReplyDeleteඅඩේ මේක පට්ට කතාවක් සෑමා.... අර කුරුල්ලෝ කෑගහපු සීන් එක පට්ට, ගැරඩියාට බයේ. අර ඇස් දෙක බිත්තියේ වැදිලා බම්පර් වෙච්ච එකත් පට්ට. මම හිතුව හැබැයි කතාව හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක් විදිහටම ෆිනිෂ් වෙයි කියලා.
ReplyDeleteමේ කතාව නම් සෑමගේ එකක් වෙන්න බෑ..!!
ReplyDeleteසිතුවිල්ල නරකයිනේ ඒක තමා අවුල උනේ.. කරනයව එලවන්න ගියාට හොද වැඩේ.. :)
ReplyDeleteදුක තමා සිරිසේන කිවුවලු ...
ReplyDeleteමේ දවස්වල ලියැවෙන්නෙම චිත්‍රපටිවලට සුදුසු කතානේ. රඟපාන්ට ආසාවක් ඇවිල්ලද දන්නේ නෑ. :D
ReplyDeleteහික්ස්... වෙච්චි දෙයක්...
ReplyDeleteමොනව උනත් හොදට කාලනේ...
යසයි බොට... එක අයිස්කිරීමක් දෙපැත්තේ ඉඳන් කන්න හැදුවට. පොඩි උන් කරන වැඩද මෙව්වා මං අහන්නෙ.
ReplyDeleteහපොයි වෙච්චි විනාසයක්. ගහෙන් වැටුණු මිනිහට ගොනා අන්නා වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ. පට්ට කතාව සෑමෝ.
ReplyDeleteදැන් ඉතින් කාපිය මාව.....හිකිස්...........
ReplyDeleteකොහොම උනත් බඩජරියෙක් ගේ කතාවක්.
ReplyDelete