දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
මිතුරනි මේ එක් දේශයන් දෙකක ප්‍රේම කතාවක්...
ඉන්දියාව තමා එකට තිබිලා ඉන්දියා පකිස්ථානෙ කියල දෙකට බෙදුනේ. මගෙ නම වීර්. එයාගෙ නම සාරා. මම කාෂ්මීර දේශසීමාවෙ ඉන්දියාව රකින ‘ඒක් සිපයිහෝ‘ ඔයාල හිතනව ඇති මම මොන සිපයියෙක්ද කියලා. සිපයිහෝ කියල හින්දියෙන් කියන්නෙ සෙබලාට.
මම හැමදාම උදේ හවස දේශ සීමාව මෙහා පැත්තට වෙලා කම්බි වැටෙන් එහා පැත්තෙ පාළු කාන්තාරෙ දිහා බලන් ඉන්නවා. ඔයාල හිතනව ඇති ත්‍රස්තවාදියො කොයි වෙලේ එයිද කියල මම බලන් ඉන්නව ඇති කියල. නැහැ, දේශ සීමාවෙන එහා පැත්තෙ කුඹුකෙ ලිද කියල හෙන ෆේමස් ලිදක් තියෙනවා. ඒකට උදේ පාන්දර ලස්සන කෙල්ලො රංචු රංචු නාන්න එනවා. මම ඒ ලිද දිහා තමයි බලන් ඉන්නේ.
දවසක් මම බංකරේට වෙලා ටෙලස්කෝප් එකෙන් ඒ ලිද දිහා බලන් හිටියා. බලද්දි ඒ පැත්තෙ කෙල්ලෙකුත් ටෙලස්කෝප් එකකින් මේපැත්ත බලන් ඉන්නවා. අපි දෙන්නගෙ ඇස් දෙක ටෙලස් කෝප් එකේ කාච දෙක හරහා එකිනෙක හම්බුනා. දෙයියනේ ඒ ඇස් පිහාටු දෙක සැලුන හැටි.. හරියට අර කවුද ඇමතිතුමා.. ටීවි එකේ දේශපාලන සංවාදෙකට ඇවිත් වගේ. දැන් කවුද ඒ ඇමතියා කියල අහන්න එපා. මොකද මට මේ තිර රචනය චිත්‍රපටයක් විදිහට එලියට දාන්නෝනි.
එදයින් පස්සේ මාස ගණනාවක් යනකල් දේශ සිමාවට මීටර් එක්දාස් පන්සීයක් එහා පැත්තෙනුයි මෙහා පැත්තෙනුයි ඉදගෙන අපි දෙන්න ඇස් දෙකෙන් කතා කළා. දැන් ඔයාල අහයි ටෙලිෆෝන් තිබ්බෙ නැද්ද කියල. මොන ටෙලිෆෝන් කෝල්ද? අපි දෙන්න ඉන්නෙ කම්බි වැටෙන් එහා පැත්තෙයි මෙහා පැත්තෙයි වුනාට මේ රටවල් දෙකක්. කෝල් එකක් ගත්තොත් වැටෙන්නේ IDD චාජර්ස්. එච්චර කරන්න අපිට වත්කමක් නැහැ. ඒත් ටික දවසක් යද්දි අපිට දෑසෙ කතාව විතරක් මදි වුනා.
ඔයාගෙ නම මොකක්ද?????????????????????????????? මම කෑගැහුව්වාම වචන දෝංකාර දුන්නා...
මගෙ නම සාරා.... එයා මට උත්තර දුන්නා.....
ඔයාගෙ නම.... නම.....
මගෙ නම වීර්.....වීර්.....වීර්.....වීර්.....
අපි දෙන්නගෙම උගුරු ගියා...
අපි දෙපැත්තෙ ඉදන් කෑගැහුවේ, වැට ලගට නොගිහින් කතා කලේ, දේශ සීමාව දෙපැත්තෙම බතල හිටවල වගේ බිම්බෝම්බ වලලා නිසා. අඩිය තිබ්බොත් කෑලි.
ඒත් බිම්බෝම්බ වල තියෙන භයානක කමට වඩා ආදරේ බලගතුයි කියල අපි ඔප්පු කළා.
දවසක් එක වැහි දවසක මම මඤ්ඤොක්කා දඩු ටිකක් බෝම්බ තියෙන පැත්තට විසි කළා. එයත් ඒ වගේම ඒ පැත්තෙ ඉදල බතල දඩු ටිකක් විසක් කළා. වැස්සත් එක්කම ඒ පැත්ත මඤ්ඤොක්කා යායක් වුණා. මේ පැත්ත බතල යායක් වුණා. මේක “අපි වවමු පකිස්ථානෙ නගමු“ කියල ව්‍යාපෘතියක් නෙවේ. එයා වැටෙන් මෙහා පැත්තට බතල දළු විසික්කරද්දි මම වැටෙන් එහා පැත්තට මඤ්ඤොක්කා විසික් කළේ අළ බැස්සම ඒ අළ කන්න ඌරො එයි. ඒ ඌරන්ට බෝම්බ පෑගුනාම බෝම්බ පුපුරයි කියල හිතාගෙන. එතකොට අපිට ලගට ගිහින් කතාකරන්න පුලුවන් වෙයි කියල හිතාගෙන.
ඒත් අපි දෙන්නටම අල බහිනකල් ඉන්න පුළුවන් වුණාට, ඌරො අල ගලවන කල් ඉන්න බැරි වුනා.
දවසක් මම බයෙන් වෙව්ල වෙව්ල එපා කියල කෑ ගහද්දි එයා ඒ බෝම්බ මැද්දෙන් මං ඉන්න පැත්තට දුවල ආවා.
“වීර්.....වීර්.....වීර්.....වීර්.....“
“සාරා එපා....සාරා එපා....“
ඔයාලා බෝම්බ පුපුරයි කියල බයේ කන් දෙක වහ ගත්ත නේද?
මුලදි නම් මාත් බය වුනා. ඒත් 1947 ඉන්දියාව බෙදුන දවසෙ ඉදන් අවුරුදු 60 ගාණක් බෝම්බ වල දාල තියල ඒ බෝම්බ සේරම එක්ස්පයර් වෙලා. එකක් වත් පිපුරුවේ නැහැ.
එයා ඒ පැත්තෙ ඉදන් රූං ගාලා කම්බි වැට ලගට දුවගෙන ආවා...
“රූං රූං.....රූං රූං.....රූං රූං.....රූං රූං.....“
මම මේ පැත්තෙ ඉදලා දුවල ගියා...
“බ්රූම්... පීප්.... පීප්...“
“වීර්....“
“සාරා... අපේ ආදරේ දිනුව කෙල්ලේ.... හමාරා ප්යාර් හෝගා..“
“දැන් අපි මොකද කරන්නෙ වීර්..“
“අපි තවත් මේ දේශ සීමා දෙකේ ඉදන් දුක් විදින්නෝනි නැහැ සාරා.. ඔය කම්බි වැටෙන් රිංගලා ඔයා මේ පැත්තට එන්න. අපි ජානම් දේක්ලෝ කියාගෙන ගමට යං... “ මම කිව්වා.
එයා පැනගෙන ආවේ...
එත් එයා දේශ සීමාවෙ කම්බි වැටෙන් රිංගද්දි කම්බියට එයාගෙ බෙල්ල සීරුනා.. දේශ සීමාවෙ බෝම්බ වගේම ඒ කම්බි වැටේ කම්බිත් අවුරුදු හැටකට වඩා පරණයි. සාරා දේශ සීමාවෙන් රිංගලා මේ පැත්තට ඇවිත් මට තුරුලු වුණා විතරයි... කම්බියෙ තිබ්බ මලකඩ වල විසට පිට ගැස්ම හැදිල එයා මගෙ ඔඩොක්කුවෙමයි මලේ.
අනූපමා_8:48pm_11/10/2012
කතාව නම් ෆට්ටයි බං ... දුකක් නම් දැනුන නැ... මතුපිටින් පෙන දෙට එහා ගියපු දෙයක් ගැන බොහොම අපුරුවට හන්ගලා ලියලා තියනවා... ජය...
ReplyDeleteමගෙ අප්පේ මුකුත් හංගල නැහැ බං.. අවංකවම කෙල්ල මැරුනා. සරලයි :)
Deleteජය !
කව්ද දැන් අනුපම???
ReplyDeleteදන්නෙ නැද්ද?
Deleteමේක සැමා නෙමේ ලියලා තියෙන්නේ...
ReplyDeleteඇත්තට කවුද බං අනූපමා?? :)
ලිව්වේ මම යකෝ...
Deleteවෙන්න බැ. උඹ නෙව්
Deleteනියමයි බන්.බතල මයියොක්ක සීන් එක නම පට්ට.(කොහොමද බන් මේවා හිතෙන්නේ)@ බිම පෙරලී සිනා සෙමින් ...
ReplyDeleteඅපි වවමු රට නගමු නිසා ඕව සරලයි !
Deleteරෝයි ද සිල්වලට ටෙනීලට කෙලවෙයි වගේ... පට්ට පට පට ඕයි.. නියමයි සැමා.... තනි ඇහැට ඇඬෙනවා.. ඩබල් එකේම
ReplyDeleteරෝයිට, ටෙනීට කෙල වෙලා ඉවරයි. කිරි බණ්ඩේ, බන්දු, මැරවින් ආවාට පස්සේ !
Deleteපට්ට ඕයි ...
ReplyDeleteමේකේ තේරුම වැරදියි.. හරි තේරුම තමයි " තෝ දොස් නොකියා ඒ දේශප්‍රේමියට කන්න දීපං"
Deleteඋබේ හින්දි දැනුම අන්තිමයි .. මගේ පන්තියට වරෙන් ... සහන කාඩ් එකක් දෙන්නම්
අන්න හින්දි.. :)
Delete‘මී‘ ඒ අස්සේ ඇඩ්එකක් දැම්ම නේද ක්ලාස් එකේ ?
හෑ..... :O :O ලස්සනම හින්දි කතාව මම කියවපු...
ReplyDeleteඉංදි නොව සිංහල !
Deleteමරු බොලේ කාලෙකිං හින්දි චිත්තර පටියක් බැලුවේ නැති එකේ අඩුව මකා ගන්ඩ හොඳයි ඈ.අනික රංජන් ලොක්කත් දැං කාලෙකිං චිත්තරපටියක් හැදුවෙ නෑනේ
ReplyDeleteඇත්ත බං, හින්දි බලන්න හිතෙන්නෙම නෑ මට නම්. නිකම් ලව් ස්ටෝරියි මල්ගස් වටේ දුවන සිංදුයි එකක් පැය 3 ක් විතර පුටු රත්කරන එක මාර වාතයක්. මම දැන් බ්ලොග් කියවන්න එන්න කලින් හවස ඉඳන් හින්දි එකක් බැලුව, Udaan. ඒක නම් මරු. සින්දු නෑ, සීනි බෝල කතා නෑ. හිතට වදින ස්ටෝරිය, බැලුවට පාඩු නෑ ඒ වගේ එකක් නම්.
Deleteඅපේ උන් හැදෙනකොට කාලයක් යයි බං. එක්කෝ කවදාවත් හැදෙන එකක් නැහැ.
Deleteඒක නිසා අපි දේශද්‍රෝහියෝ වෙලා පිටරට චිත්තරපටි බලනවා :ඩී
හොඳ වෙලාවට ඉන්දියන්කාරයොන්ට සිංහල කියවන්න බැරි. නැත්නම් හින්දි පිචෑර් එකකට ස්ක්‍රිප්ට් එක ලියන්න උඹව කුදලගෙන යයි. අර ඇස්ගහන පොර උඹට බෝට්ටුවකුත් හොයල දෙයි යන්න. :)
ReplyDeleteඑතකොට දැන් ‘සුදු බෝට්ටු‘ත් තියෙනවද බං ?
Deleteකවද්ද ච්ත්‍රපටිය රිලීස් කරන්නේ? ස්ක්‍රිප්ට් එකනම් නියමයි.
ReplyDeleteස්පොන්සර් කෙනෙක් හොයනවා :)
Deleteඅපරාදේ අන්තිම මොහොතේ සෑම්ගේ මොලේ කුරුවල් වෙලා :D
ReplyDeleteඑහෙම තමා අවසානේ ඉවර වෙන්නේ !
Deleteඔයාගෙ නම.... නම.....
ReplyDeleteමගෙ නම වීර්.....වීර්.....වීර්.....වීර්.....
~~~
නියමයි........
දෝංකාරේ බං !
Deleteදෝංකාරෙ කියලා දන්නවා බන්.. නියමයි කිව්වෙ දෝංකාරෙ දක්වපු විදිහ..
Deleteඅපේ නම් සීමත් ඉවරයි කම්බිත් නැහැ බිම් බෝම්බත් නැහැ ඒත් මිනිස්සු දෙපැත්තේ .. තවත් ඈත් කරන්න නොපෙනෙන වැටවල් කම්බි පොටවල් බිම්බෝම්බ අතුරන අය හැම අතේම පිරිලා..
ReplyDeleteදෙපැත්තෙද දැන් තුන් පැත්තකට බෙදෙයි වගේ.. :(
Deleteසබාස් බේටා සබාස්!!!
ReplyDeleteබෝත් සුක්රියා !
Deleteබෝත් ?ඒ කිව්වේ දෙපාරක් සුකරියා කියලද ?අනේ පල බෝ දන්න හිංදි
Deleteබෝත් ,,?,,?බෝත් කිව්වෙ දෙපාරක් සුකුරියා කියලා නේද ?
Delete2 X ස්තුති !
Deleteඇත්තටම ගොඩක් යථාර්ථවාදී චිත්‍රපටයක් වෙයි..
ReplyDeleteමේකට ජාතික රූපවාහිනිය හරහා මාකටිං පාරක් දුන්නනං දවස් 100ය පන්නන එක මහලොකු මයියොක්කාවක් නෙමේ...
ඔව් බන් මාමට කඩේ යන නාකි ලොන්තෙක්ව කොල්ලට ගත්තනම් තවත් හිට් කරන්න තිබුනා.
Deleteඑහෙනම් හසන්ත මාත්තියාවත් දානවා.. තව ගොඩක් කට්ටිය ඉන්නවා..
Deleteෂිංදු කියන්න ඉරුනිකා ලංගිව දාමු !
බලපු ලස්සනම හින්දි ෆිල්ම් එක. දැන් මේකේ සිංදු කෝ කම්බි වැට ලඟ හිටගෙන කියපුවා...:D
ReplyDeleteඒවා කපලා අප්පා.. එඩිට් කරපු එකාගෙ වැරැද්ද. මම ඒතන පොඩි කෑල්ලකට හිටියා.
Deleteඅරේ වාහ්! ක්‍යා බාත් හේ! බොහෝත් අච්චා බොහෝත් අච්චා !!
ReplyDeleteබෝත් සුකිරියා !
Deleteමඤ්ඤොක්කයි බතලයි පිට ගැස්මයි........ අනේ මංදන්නෙ නෑ උඹලගෙ වැඩ.
ReplyDeleteදන්නෙ නැද්ද මේක සත්‍ය ආදරේ බොල
Deleteඅර පොඩ්ඩි කියන්න වගේ අසම්පුර්නයි. මල් ගස් වටේ 2කයි, ෆයිට් 2කයි, ජෝකර් එක්කෙනයි තියෙන්න ඕනනේ. ඔන්න ඊළඟ පාර ඔය අඩුව හදා ගන්න ඔනෑ. නැත්නම් අපි වෙන සෑමේක් ගන්නවා. හරිය.
ReplyDeleteඅපොයි.. බොලාට පරන ආකෘතිය ඕනෙමයි නේද ? :/
Deleteහරිම ශෝචනීයයි සෑමා...
ReplyDeleteඩුකායි !
Deleteහිනා කල මැරෙනව ඔයි. මට මෙ තාම හිනාව නවත්ත ගන්න බැ සිරවටම
ReplyDeleteආයෙ කියවපං ජංජියෝ. එතකොට හරි යයි !
Deleteඅපරාදේ සෑම්.... සින්දුවක් නැතුව ගතියක් නෑ...... හි හි....
ReplyDeleteකතාව ගැන නම්... අනේ මන්දා... යුද්ධ ඉවර උනත් ඒවයින් තුවාල උනු මිනිස්සුන්ගේ හිත් හොඳවෙන්න තව කොච්චර කාලයක් යයිද....
යුද්ධය සුනාමිය වගේ මතකයන් අමතක වෙන්නෙ නැහැ හිරු..
Deleteඊලග එකට ෂිංදුවක් දාමු !
මේකෙ නම් හරිම අමුතු ගතියක් තියෙනවා සෑමා. සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝකය කැරකෙනවා. නෑ නෑ බීලා නෙවෙයි ඉන්නෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බඹර වගේ මට තවම විෂේ.. මාත් බීල නෙවේ !
Deleteසබාෂ්...බොහොත් කුෂී හූ බෙටා...
ReplyDeleteඑල එල දෝනි.. !
Deleteසෑමෝ..මීට කලින් මං කොහෙන් හරි මේක අහල තියනව වගේ මතකයිනෙ. මං ගිය ආත්මෙ ඉන්දියානුවෙක් වත්ද?
ReplyDeleteඅශෝක ශිලා ලිපි වලද?
Deleteසරා පවුවුවුවුවුවුවුවුවුවුවුවුවු...........
ReplyDeleteඔව්ඔව්ඔව්ව්ව්ව්ව්ව්ව්ව්.......
Delete:ඩී :ඩී
ReplyDeleteපව් අප්පා..
බෝත් පව් හේ !
Deleteචිකේ මුං චිත්තරපටිය හදන කොට සැමාගෙන් උපදෙස් අරන්ද කොහෙද??
ReplyDeleteනරක් වෙලා හිටි බොල !
Deleteඅයියෝ දුක් සීන් එකක් නේ අන්තිමට....
ReplyDeleteවීර්-සාරා නිදුක් වේවා.
Deleteවචනයේ පරිසමාප්තයෙන්ම පට්ටය... දෝංකාර සීන් එක නම් පට්ටය..
ReplyDeleteඉන්දියාවේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ට දුන්නොත් මේ ස්ක්‍රිප්ට් එක නම් එකෙන්ම ගොඩ යනවා ෂුවර් ය. :DD
අපෝ බැහැ උන් මේක මෙගා කරනවා ෂුවර්. ඊටපස්සෙ ලංකාවට එවනවා හඩ කවලා පෙන්නන්න. ශාන්ති / ප්‍රගති වගේ.. :)
Deleteහපුච්චෝ.... අපරාදේ සරා මැරුනේ.. නියම හින්දි ගනයට වැටෙන්න නම් සරාට ආපහු පණ දෙන්න තිබ්බ..
ReplyDeleteඑහෙම නැත්තම්
ස්..සස..සරෝඕඕ....... මමත් එනෝ.. කියලා කම්බියක් ඇනගෙන වීර්ටත් මැරෙන්න තිබුනා..
සෝක් ස්ටෝරිය..
ඊලග කොටස ලියන්න වෙයිද ?
Deleteඅපෝ බැහැ මේ ඇති :)
කවුද බොලේ අනූපමා .............
ReplyDeleteයමක් හංගලං ගහල තියෙනවද මන්ද @ ටියුබ් ලයිට්
හිතන්නෙපා. මුකුත් හැංගිලා නොමැත !
Deleteහින්දි සිනමාව කා දැමීම හෙලා දකිමි...
ReplyDeleteඒ මරු කතාව ඈ... (රහසින්)
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හින්දි සිනමාවට නව ජීවයක් දෙන්නට සෑමා ඉදිරියට ගමු (සද්දෙන්)
Deleteඇත්තට සිනමාව සෑමා කාලද ?(රහසින්)
චිත්‍රපටිවලට වියදම වැඩියි....ටෙලියක් ගහමු..!
ReplyDeleteමෙගා ද?
Deleteමම මේ බ්ලොග් එකට කමෙන්ට එකක් දාන පලවෙනි වතාව සෑම්
ReplyDeleteජය වේවා සහෝ
ස්තුති නැවත එන්න !
Deleteසෑම් අයියට හිතෙන්නෙත් මාරු දේවල් තමා. මරු අනේ.
ReplyDeleteහරිම ආදරණීය හිතක් :ඩී
Deleteමම හිතුවා අන්තිමට ප්‍රේමය කහනවා කියයි කියලා.. මාර අයිඩියාවක්නේ අප්පා මාර ගති ඕං ඔහොමලු හින්දි ෆිල්ම් බහුතරයක්... මේක ලිව්වෙ සැමයියගේ වෙන්ඩ භාරි නම් ආයේ දෙකක් නෑ මොන පොරොන්දම් බැලිලිද පැන්න ගමන් බඳින්ඩයි තියෙන්නේ.තකට තක තමා ඈ... හැබැයි ඉතින් ලිව්වේ සැමයියනම් මොනා කියන්නද කියලා තාම කල්පනා කලේ නෑ... ඇත්තටම කවුද බොලේ අණු+පමා???
ReplyDeleteඅපේ පවුල ලියපු අටමගලයක් නෙවේ බොල. ඒ අහිංසකී ලිව්වොත් උබලට පරණවිතාන මහත්තයා ගෙන්න වෙයි. :)
Deleteඋබ අනු උපමා දන්නෙ නැත්තං කලබල නොවි හිටු !
ජය !
දැන් මේක ලිව්වෙ සෑම් ද අනුපමා ද අලි පුරස්නයක්නෙ කවුරු ලිව්වත් මරු ඈ.. "අපි නොදන්න ලයිව්" වගේ
ReplyDeleteඅනු උපමා ගැන කස්ටිය කලබල වෙලා නේද?යකෝ මෙක ලිව්වෙ මම සත්තයි !
Deleteඅප්ප අලත් බැහැල!
ReplyDeleteඑහෙනම් රට නැගේවි!;)
දිවි නැගුම !
Deleteමේක නම් චිත්‍රපටියක් විදිහට ගුවන්විදුලියෙන් හරි තිරගත කරන්න ඕනෙ. මරු ආ..
ReplyDeleteමිනිස්සු හිනස්සන එකත් ලේසි වැඩක් නෙමෙය හෆ්ෆා,,
ඇයි බොල වර්ථමාන රජය ඒ කාර්්‍යයට උර දීල ඉන්නේ. බය වෙන්න එපා !
Deleteබං අයියෙ මේක මෙගා ටෙලියක් කොලමුකො........;)
ReplyDeleteහිකිස්.. ! ගෑල්ලමයි කැමතිම ඒවා !
Deleteඅනේ සාරා පව්ව්ව් ..මට දුකා ..යි ...
ReplyDeleteකෝම හරි සාරාව මරා ගත්තා !
Deleteඅද කතාවෙන් කොහාටද ගැහුවේ කියහන්
ReplyDeleteදැවෙන සිත් වලට මිස රජයට නොවේ !
Deleteඅනේ අපොයි කිව්වාලු!!!
ReplyDeleteකොහොම වුනත් ෆට්ට කතාව!! ඇත්තට කොහොමෙයි මෙව්වා කල්පනා වෙන්නෙ?? :D හික්ස්ස්....
නියමයි!!
මේව ලියන්න බොන්නම ඕනෙ නැහැ හිතු..
Deleteතියෙන්නෝනි තෘප්තිමත් හිතක්. හෙන ගැහුවත් නොසැලෙන !
කෝ බං බුලට් පාරවල් කාගන දුවන වීරයා?? එතකොට මල්ගස් ටික ගෙදර දාලා ඇවිත් ද? ඒ ඔක්කොටම වඩා දුෂ්ටයා කටු කම්බි හිටවපු එකා වත් කරමු නේ? අඃ... සින්දු බොල.. කෝ සින්දු??
ReplyDeleteඅප්පා මේක ඉන්දියාවෙම එකක් නෙවෙ නේ බං. ලංකාවෙ ඉදන් ඉන්දියාව ගැන ලියපු එකක් නිසා වෙනස්.
Deleteමොකද ජය ලලිතා ඇන්ටි පහු කරන් මධ්‍යම ඉන්දියාවට යන්න එපැයි...
//ලස්සන කෙල්ලො රංචු රංචු නාන්න එනවා. මම ඒ ලිද දිහා තමයි බලන් ඉන්නේ.// තෝ මහා වනචරයෙක් නේ..
ReplyDeleteකාලෙකින් හිනා ගියා මචං. එල සිරාවට ගොතලා...
කොහෙන්ද බන් තොට මේ වගේ අයිඩියා.
ReplyDelete//...අළ බැස්සම ඒ අළ කන්න ඌරො එයි. ඒ ඌරන්ට බෝම්බ පෑගුනාම බෝම්බ පුපුරයි...//
//...අවුරුදු 60 ගාණක් බෝම්බ වල දාල තියල ඒ බෝම්බ සේරම එක්ස්පයර් වෙලා. එකක් වත් පිපුරුවේ නැහැ...//
පට්ට ඈ. අයි ලැයික්.
දැන් එතකොට එහෙමයි වෙලා තියෙන්නේ. හපොයි අම්මේ..!!
ReplyDeleteහච්චෝ හි හි :) :) මාර ලියවිල්ල :)
ReplyDeleteපළවෙනි කාරණේ කවුද මේ අනුපමා කියන්නෙ?!!
ReplyDeleteකොහොම වුනත් මේ ශෝකාන්ත කතාවලට මම විරුද්ධයි අප්පා..!!
patta mcn... digatamam liyahan
ReplyDeleteඒ වුනාට බන් උඹ කෙල්ලට කිස් එකක් දුන්නා නම් පණ එනවානේ...උඹට ඒක අමතක වෙලා
ReplyDeleteපිස්සු වගේ ....
ReplyDelete