කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි බැදපු මිනිහෙක්ගෙ ලගින්ම ඉන්න සාමාජිකාව තමයි බිරිද, ඒවගේම යාළුවො කියන්නෙත් අපේ ජීවිතේ ඉන්න සමීපතම සත්තු කොට්ඨාශයක්. සමහරුන්ගෙ සමහර මිතුරො ජීවිතේදි බිරිදටත් වැඩිය එයාලට සමිපයි. ඔයාල ඒ වගේ සීන් නම් අනුමත කරන එකක් නැහැ. තවත් සමහරුන්ට බිරිද තමයි එයාගෙ හොදම මිතුරිය. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට තාම මට හරි උත්තරයක් නැහැ. හැබැයි මේ කතාව අවසානෙදි ඔයාලට පුළුවන් වෙයි මට හරි උත්‍තරේ හොයල දෙන්න.
මම ජයවීර, මගෙ හොදම මිත්‍රයා රණවීර...
ඇත්තටම කියනව නම් රණවීරයා මාර බොක්කක්. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් රණවීරයා ඒක මට ඔප්පු කරපු වාර අනන්තයි. දවසක් නොකරපු වැරැද්දකට ගුරුතුමා මට ගහන්න හැදුවා.
“ජයවීර මම අද උබව ඉතුරු කරන්නෑ...“
“අනේ මට ගහන්න එපා සර් මම නෙවේ ඒ වැරැද්ද කළේ...“ මම ගුටිකන්න බයෙන් කෑ ගැහුවා.
“ජයවිරට ගහන්න එපා සර්.. ජයවීර නෙවේ ඒ වැරැද්ද කළේ මං.. මට ගහන්න..“ මට ගුටි කන්න එච්චර හයියක් නැති බව තේරුම් ගත්ත රණවීර මං වෙනුවෙන් වරද භාර අරන් ගුටි කෑවා.
චටාස්...වටාස්... ආහ්.. ඇහ්..ඇහ්..ඇහ්...
ගුරුතුමා ගහපු සද්දෙත් එක්ක පොර ඇඩුවට, රණවීරට ඒක එච්චර දෙයක් නෙවේ.. ඉස්කෝලෙදි නිතරම ගුටි කන්න වෙන හින්දා රණවීරයා නිතරම කලිසම් දෙක, තුනක් එක පිට එක ඇදලයි ඉන්නේ. ඒකයි ඌ බය නැතුව සර්ට ෆේස් කළේ.
දැන් ඔයාල හිතයි ඇයි පොර අච්චර සද්දෙන් මීහරකෙක් වගේ ඇයි ඇඩුවෙ කියල.
පුරුදු විදිහට ගුරුතුමා වේවැලෙන් පස්සට කෙලී කියල ඉදිරිපත් වුනාට, එදා ගුරුතුමා ගැහුවේ උගෙ කොන්දට. ඒකයි.
පොඩිකාලෙ නොදන්න කමට යාළුවො වෙනුවෙන් ඔහොම ගොන් කම් කෙරුවට ලොකු වුනාම එහෙම කරන්නැති බව ඔයාල හිතනව ඇති.
නැහැ... රණවීරයගේ ඒ ගුණේ ලොකු වෙලත් එහෙම්මම තිබ්බා. ලොකු වෙලා අපි දෙන්නම හමුදාවට බැදිලා සාම සාධක භටයෝ විදිහට ඉරාකෙට ගියා. එදා ඒ හතුරු උණ්ඩේ අපි ලගට එනකල් අපි දැක්කෙ නැහැ.
ඩිෂුම්..ඩිෂුම්..සට..සට..සට..සට..සට...
“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. මරණෙ සතුටින් භාර ගන්න කියල හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා. දැන් මාව මැරෙනව බලන් අකැමැති අය කන් දෙක පියා ගන්න එපා. බය වෙන්න එපා..
ඒ උණ්ඩෙට මාව බිලිවෙන්න රණවීර මට ඉඩ දුන්නෙ නැහැ. මට ආපු උණ්ඩෙට රණවීර පැන්නා. ඒත් ඒ එඩිතර පපුවට වැදුනු උණ්ඩෙ අඩිගානක් පස්සට විසි වුණා. පපුවෙ නෙවේ හොදකම, පපුවෙ බැදල තිබ්බ වෙඩිනොවදින යකඩ පතුරෙ.
ඒ වගේ කල්‍යාන මිතුරෙක් ලෝකෙවත් ඇති කියල මම හිතුවෙ නැහැ. ඒත් ඒ පාර නිවාඩුවට ගියාම සියල්ල වෙනස් වුනා. මට ඒ නිවාඩුවෙදි හම්බුනා අචලා... නොතිසිතු මොහොතක අහම්බෙන් හම්බුනත් එයා මට එයාගෙ ජීවිත කතාව සේරම කිව්වා.
“අපේ තාත්ත මහ බේබද්දෙක් ජයවීර. අපේ අම්මා මාවයි නංගිවයි ලොකු කරන්න නොවිදිනා දුක් වින්දා... මාත් මේ ලෝකෙ විදපු නැති දුකක් නැහැ. අම්මට අපිට දෙන්න දැවැදිවත් කමකුත් නැහැ ජයවීර. අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි.“
එදා මම අචලගෙන සමුගත්තෙ අපි කසාද බදින දිනෙත් නියම කරගෙන. නිවාඩු ඉවර වෙලා ගිහින් ඒ කතාව රණවීරට කියන්න මම මාර ආසාවෙන් හිටියේ. ඒත් මගෙ මූන දැකපු ගමන් රණවීර කියපු කතාවෙන් මම පිස්සු වැටුනා.
“මචං, මේ පාර මං නිවාඩු ගිය වෙලාවෙ මට මාර කෙල්ලෙක් සෙට් වුනා..මාර අහිංසක හිතහොද චරිතවත් කෙල්ලෙක් බං. නම අචින්තා.. මම ලබන මාසෙ ඒකිව බදිනවා...“
හොදම යාළුව වුනාට උගෙ වෙඩින් එකට මට යන්න බැරි වුනා. මගෙ වෙඩින් එකට ඌට යන්නත් බැරි වුනා. ඒක තමා මේ හමුදා සේවයේ හැටි. ඌ ඒකට තරහ වුනේ නැහැ. අපි අතරෙ තිබ්බෙ ඒ වගේ පුංචි දේවල් වලට තරහ වෙන ෆෙන්ඩ් ෂිප් එකක් නෙවේ.
වෙඩින් එකට යන්න බැරි වුන එකත් එක්ක මේ පාර නිවාඩුවෙදි අපි දෙන්න සෙට් වුනා.
“අඩේ මේච්චර ෆ්‍රෙෙඩක් වෙලත් උබ තාම මගෙ වයිෆ්ව දැකල නැහැනේ බං...“
“ඉතිං මචං උබ මගෙ වයිෆ්ව දැකලත් නැහැනේ..“
“ඒකනේ... ඒකනේ මමචං කියන්නේ... මූණු දැක්කෙ නැති වුනාට මචං.. උබයි මමයි වගේ උනුත් අපේ හදවත් වලින් බැදිලා ඉන්නේ...“
“අනිවාහ්..“
අපි දෙන්න එතැනින් එලියට බැහැල ඇවිදන් එන්න ආවා. සමහර විට ඔයාල විශ්වාස කරන එකක් නැති වෙයි. එකපාරට දැකපු දර්ශනෙන් මගෙ ඇග කිලිපොලා ගියා.
ගෑණු දෙන්නෙක් අපි දෙන්න දිහාට ඇවිදන් එනවා. එක්කෙනෙක් මගෙ වයිෆ්. අනිත් එක්කෙනා....
ඔයාලට විතරක් නෙවේ... මම රණවීරටයට වත් නොකියපු රහසක් තිබ්බා.. මට අචලට අමතරව තව අනියම් බිරිදක් හිටියා. දැන් නම් මට රණවීරට මුහුණ දෙන්න බැහැ. රණවීරට නෝන්ඩි වුණා වගේ නෙවේ. අර ගෑණු දෙන්නට නෝන්ඩි වුනොත් ඉදලා හමාරයි.
මම පණ කඩාගෙන දුවල ගිහින් හෝටලේක කුස්සිය පිටිපස්සෙ දොර මුල්ලක හැංගුනා.
හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්... හාාාාා
මම එතැන හැංගිලා විනාඩියක් වත් ගියෙ නැහැ. රණවීරයත් දුවන් ඇවිත් ඒ දොර මුල්ලෙම හැංගුනා...
“මොකෝ මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...“
“මට සමාවෙයන් රණවීර මම උඹට නොකියපු රහසක් තියෙනවා...“
“ඒ මොකක්ද බං ඒ..???“
“මට බිරිදට අමතරව අනියම් බිරිදක් හිටිය රණවිර. අර අපි දෙන්න ඉස්සරහට ආවේ මගෙ බිරිදයි, අනියම් බිරිදයි...“
“හ්ම්... එහෙමද???“ රණවීරත් ලොකු සුසුමක් හෙලුවා...
“ඉතිං ඇයි මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...???“
“මෙච්චර කල් උබටත් නොකිව්වට මටත් අනියම් බිරිදක් හිටියා.... මාත් දුවගෙන ආවේ ඒ හේතුව නිසා තමයි. අපි දෙන්න එලියට යද්දි අපේ ඉස්සරහට ආවේ මගෙ බිරිදයි අනියම් බිරිදයි තමා බං..“
දැන් කවුරු හරි මට කියල දෙන්න.. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට උත්තරේ ??
sAm_ශ්‍රී_Perera_8.40am_30.10.2012