Wednesday, November 2, 2011

රුපියල් දෙකට බස් එකේ ගිය හැටි....

කස්ටිය ‍බලනවා ඇති යකෝ මූ ලියන්නේ අතීතාවර්ජන කතන්දරමයි මූට වර්ථමානයක් අනාගතයක් නැද්ද කියලා. ඉතින් පරණ ස්ටෝරි ලියාගෙන යනකොට වර්ථමාන ස්ටෝරි අමතක වෙන එකෙන් මටමයි පාඩු. ඒක නිසා අමතක වෙන සයිස් එකේ ජූංජං ස්ටෝරි මේ අතරම අප්ලෝඩ් පාරක් දෙන්න හිතා ගත්තා.

මේ සීන් එක උනේ අද (ඉරිදා) හවස් ජාමේ බස් එකේ දී. ගම්පහට ගිහින් එනකොට යාළුවෙක් සෙට් වුණා. පොර මාව ‍කාර් එකේ දාගෙන ඇවිත් කිරිබත්ගොඩට දැම්මා ගෙදර පල කියලා. මම ඉතින් පොරට සැලුට් එකක් දාගෙන ඇවිත් බස් එකට නැග්ගා. බස් එකේ පට්ට සද්දෙට දාලා මිල්ටන්ගේ සින්දු සෙට් එකක්. මොනව වුණත් අපේ පොඩි එවුන්ටත්  කවදා හරි ලෝබ නැතුව අහන්න පුළුවන් සිංදු සෙට් එක. දැන් එවුන්ට එහෙම ලියන්න බැරි එක ගැන වොරි වෙවී මාත් ඉතින් බැස්සා බියගම පාරෙන්.

මෙතන ඉදන් ඉතින් අපේ ගෙදරට රුපියල් 7 දුරක් තමා මම හිතන විදියට තියෙන්නේ. හරියටම දන්නේ නැහැ, වෙනදට කරන්නේ කොන්දොස්තර නැති පැත්තේ දොරෙන් නැගලා හොරෙන්ම බැහැලා යන එක. 

කොහොම හරි වැ‍ඩිවෙලා ගියේ නැහැ බස් එකක් ආවා. වෙලාවට සීටීබී එකක්. කිසි අවුලක් නැහැ පට්ට වේගෙන් යන නිසා ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා මම නැග්ගා. ඒ නැග්ගෙත් කොන්දොස්තර මහත්තයා පිටි පස්සේ නිසා ඉස්සරහින්. දන්නවනේ අපි ටිකට් ගන්න අමතක කරලා හොරෙන් ගියාට කොන්දොස්තර අයියලට ඉතින් අමතක වෙන්නේ රුපියල් පනහ හැට. අනික එයාලට හරියට ගණන් වරදිනවා. එත් ඒගොල්ලන්ට වාසි වෙන විදිහට. හැමෝම එක වගේ නැහැ, හොද කොන් අයියලත් ඉන්නවා.


හොද කොන් අයියලත් ඉන්නවා.

වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ මට තට්ටු කරලා සල්ලි ඉල්ලුවා. මම ඉතින් රුපියල් 7ක් මාරු සල්ලි නැති නිසා පොරට 10 කොළයක් දුන්නා.

"අනේ මල්ලි මාරු සල්ලි නැද්ද??"

"7ක් නම් දෙන්න නැහැ අයියේ රුපියල් 2ක් ඇති" මම රුපියල් 2 දුන්නම පොර මට රුපියල් 5ක් දුන්නම ගණුදෙනුව සුද්දයි. මම ඒ කලබලේ අස්සේ පොරට ඕලෙවල් මැත්ස් උගන්නන්න හැදුවේ නැහැ. රුපියල් 2 දීලා බලං හිටියා.

"ආ මල්ලී ටිකට් එක" කියලා පොර මට රුපියල් 5ක් එක්ක ටිකට් එකත් දීලා මම දීපු 10ත් මටම ආයෙ දුන්නා.

මොනව කරන්නද බස් එකේ ටියුෂන් දෙන්න බැරි නිසා මම සද්ද නැතුව සාක්කුවේ දාගත්තා. හරියටම බැලුවොත් මම රුපියල් දෙකක්වත් දීලා නැහැ. මම රුපියල් 3කුත් ණයයි.


මට වෙච්ච සීන් එකක් මතක් කළේ අපේ පැත්තේ ආච්චී කෙනෙක් කොන්දොස්තර අංකල් කෙනෙක්ට දාපු පාට් එකක් මතක් කරන්න ඕන නිසා. ඕකනේ බැරි එක් ස්ටොරියක් ලියන්න ගියාම තව කතන්දර මතක් වෙනවා. ඒකත් කෙටියෙන් මෙතනම කියලා දාන්නම්.



කොන්දා මාමා පිටි පස්සේ ඉන්නකොට  බස් එකේ ඉස්සරහින් නැගලා ටිකට් නොගෙන ඇවිල්ලා


දන්නවනේ ආච්චිලගේ හැටි කිව්වොත් කිව්වා ආයෙත් තැනක් නොතැනක් නැහැ. අනික පෝය හතරටම සිල් ගත්තත් ගොඩක් අය කටට එන කුණුහරපෙ කියනවා. ඒකනේ සීයලා සිල් ගන්න පන්සල පැත්ත පලාතේ යන්නේ නැත්තේ.

මම මේ කියන ආච්චි බස් එකේ ‍හොරෙන්ම තමා යන්නේ. ඒක ගොඩ දෙනෙක් දන්නවා. ආච්චිලාට කරදර කරලා සල්ලි ඉල්ලන්නත් බැහැනේ.  අනික සමහර ආච්චිලා තැනක් නොතැනක් නැහැ අමු කුණුහරපෙන් බනිනවා. කොහොම හරි මෙයා කොන්දා මාමා පිටි පස්සේ ඉන්නකොට  බස් එකේ ඉස්සරහින් නැගලා ටිකට් නොගෙන ඇවිල්ලා. ඒත් අපේ හන්දියේ හෝල්ට් එකෙන් බහිනකොටම කොන්දා මාමා පිටිපස්සේ දොරෙන් බැහැලා ඇවිත් ආච්චිගෙන් සල්ලි ඉල්ලනවා. මමත් එවලේ අපේ හෝල්ට් එකේ හිටියේ.

"ආච්චී සල්ලි දුන්නේ නැහැ නේද??"

"ඇයි @$%^&ගේ පුතේ.. අපේ ගමේ, අපේ හන්දියේ, පයින් යන්න තොට සල්ලි ගෙවන්න ඕනෙද?? " ආච්චී පට්ට රිප්ලයි එකක් දුනනේ. කොහොම හරි එදා කොන්දා මාමා පාඩමක් ඉගෙන ගන්න ඇති.

Written by sAm_8.06pm_30.10.'11

Monday, October 31, 2011

දමියාගේ වික්‍රමය...

‍මේ ස්ටෝරිය 9 වසර හොල්ලපු ස්ටොරියක්. ඒ විතරක් නෙවේ මුළු ඉස්කෝලෙම vibrate වුණ සිද්ධියක්. පෝස්ට් එක දාන්න කලින් සිද්ධියට භාජනය වෙච්ච පොරගෙන් මම ඇහුවා මචං මේක දාමුද කියලා. ඒත් යහපත් රිප්ලයි එකක් නොලැබුණ නිසා කථාවේ රස ‍නොමැකෙන විදියට, නම් ගම් මනඃ කල්පිත කොරලා දාන්ට තමා මේ වෙර දරන්නේ. කවුරු වුණත් තරහා වෙන එකක් නැහැ මේක දැම්මට. අනික පුද්ගලයෙකුට වෙනම ඉලක්ක කරලා පහර දෙන්න හදනවා නෙවේ. සතුටු වෙන්න කැමති කස්ටියට හිනා වෙන්න අහිංසක අවස්ථාවක් ලබා දෙන්න හදනවා විතරයි.

අපි 9 ඉන්නකොට අපේ සෙක්ෂන් එකේ හිටියා නැටුම් කරපු කොල්ලෙක්. පොර ඉතිං "අනේ", "මෙයා","යනවා යන්න","සම...නලයා.." කෙනෙක්. පොර නැටුම් කරන නිසාද මන්දා හරි හැඩයි. ඒ කාලේ අපිත් එක්ක හිටපු සමහර කෙල්ලෝ පොර එක්ක ඉරිසි‍යාවෙන් හිටියද මන්දා. ඒත් කෙල්ලෝ පොරට පට්ට ආදරෙයි. ඇයි ඉතින් අපේ එවුන් එක්ක ඉන්න බයයි නේ මොනව කොරයිද දන්නේ නැති නිසා. ඒත් මෙයා එක්ක හිටියට කෙල්ලෙක්ට කිසිදු අතුරු ආන්තරාවක් වෙන්නේ නැහැ.

ඔහොම ඉන්න අතරේ අපේ පන්තියේ හිටපු එවුන් දෙන්නෙක්ට පොරගේ ලිංගිකත්වය පිළිබද ගැටළුවක් ඇති වෙලා. කොහොම උනත් සැක ඇති තැන් දුරු කරගන්න එක සාධාරණ කාරණයක්. මම ඒ කොල්ලෝ දෙන්නව ව්‍යාජ නමකින් ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මොකද මේ සිද්ධියට පස්සේ දවසක අපේ ජාගොඩයා පට්ට ගීතයකුත් නිර්මාණය කරපු නිසා නම් දෙක නැතිව ම‍ම ඒ සිංදුව දැම්මට කික් එකක් නැහැ. ඒ නිසා එක‍්කෙනෙක් "සුමිත් කුමාර" ලෙසත් අනිත් පොර "මලිත් කුමාර" කියලත් නම් කරමු.

කොහොම හරි මුන් දෙන්නා ඉන්ටර්වල් එකේ ගේමට එන්ටර් වෙලා මග රැකලා ඉදලා අර යාළුවගේ වටිනාම තැන මිරිකලා ෆුල් චෙක් අප් එකක් දාලා මුන්ගේ සැකේ දුරු කරගන්න ඕන නිසා. පස්සේ අපි ආරංචි කරලා බලන කොට පරීක්ෂණය අති සාර්ථකයි කීවා. තියෙන්න ඕනේ ඒවා තියෙනවා කියලත් කීවා. කොහොම හරි යාළුවා අඩාගෙන ගිහින් කෙලින්ම ඔෆීස් එකට. පිනාට කම්ප්ලේන් එකක් දාලා "සර්, අරගොල්ලෝ මගේ... මිරිකුවා කියලා" (මේකා කොහොම කටක් ඇරලා කිවද මන්දා) කොහොම හරි අපේ පන්තියට නඩුව විසදන්න ආවේ පිනා නෙවේ සුනිලා. සුනියා ගැන කවුරුත් දන්නවනේ. ඒ මදිවට පීටියත් ගේමට බැස්සා.


ෆුල් චෙක් අප් එකක් දාලා - සැකේ දුරු කරගන්න ඕන නිසා.


ඔන්න සුනියා පන්තියට ආවහම අපේ එවුන් මුකුත් දන‍්නේ නැති නිසා ෆුල් අන්දොස්. පන්තිය ඉස්සරහ අර යාළුවත් ඉන්නවා. අපේ එවුන් නාට්ටිය පටන් ගන්න තිරේ අරින කල් බලං ඉන්නවා.

"කෝ ඉස්සරහට එනවා බලන්න සුමිත් කුමාරයි, මලිත් කුමාරයි" සුනියා කීවම දෙන්නම නැගිට ආහ.

"ආ තමුසෙලා දෙන්නද, තමුසෙලා මොකද මේ ලමයට කලේ"

"මුකුත් නැහැ සර්"

"‍මුකුත් නැත්තම් මේ ලමයා අඩාගෙන ඔෆීස් එකට එනවද?" සුනියා මලෙන් කීය. (ඇත්ත තමයි පස්සේ ආරංචි වුණ විදියට මුකුත් නැත්තේ නැහැනේ)

"කියනවා ඇයි තමුසෙලා ඒ වගේ දෙයක් කළේ ??" සුනියා ඇසූවිට ‍අපේ ජෝඩුව ගැහි ගැහී උත්තර දුනි.

"නැහැ සර් හැමෝම මෙයා ගැන එක එක කතන්දර කියනවා. අපිට ඕනෙ වුණා ඇත්ත මොකක්ද කියලා දැනගන්න..."

"ඇයි තමුසෙලා @$$%^&...." කොනක ඉදන් සුද්ධ මහාප්‍රාණ සිංහලෙන් ජාතිය ඇමතු සුනියා ‍ජෝඩුවටම සතියක නිවාඩුවක් සම්මත ‍කළේය. දෙන්නා නිවාඩු අහවර වී පන්තියට එන විට පට්ට සිංදුවක් අපේ එවුන් ලියා තිබිණ.

"පන්තියේ -- මිරිකුවේ සුමිත් කුමාර....."
"ඒකට සහය වුණේ මලිත් කුමාර...."
"මුළු පාසල බැබලුව සිසු සුමිත් කුමාර..."
"අද පාසල් නාවේ ඇයිද මලිත් කුමාර...."

Written by sAm_11.45pm_27.10.'11


පලි- පුද්ගලයෙකුට වෙනම ඉලක්ක කරලා පහර දෙන්න හදනවා නෙවේ. සතුටු වෙන්න කැමති කස්ටියට හිනා වෙන්න අහිංසක අවස්ථාවක් ලබා දෙන්න හදනවා විතරයි.

Saturday, October 29, 2011

දයා පැනඩෝල් බීම

මතකනේ පීටියා ගැන ලියනකොටම මම දයා පැනඩෝල් බීපු එක ගැන කමිං කෑල්ලක් දම්මා. දයාන් කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එකේ පට්ට චරිතයක්. කොල්ලන්ගේ එල බොක්කක්. දයාන් ටීම් එකේ ඉන්න කොට දීපු ආතල් සීන් මම දැන ගත්තේ අපේ ටීම් එකේ කැපා (කැප්ටන්) චමක ගෙන්. ඊට කලින් දයාන් පන්තියේ ඉන්න කොට හැසිරෙන විදිය මතක් කරන්නම්කෝ.

දයාගේ හිසරදය.

අපි නමය වසරේ ඉන්නකොට අපිට විද්‍යාව, ගණිතය උගන්නන්න අළුතින් තරුණ ටීචර්ලා දෙන්නෙක් ආවා. කස්ටියට මතක ඇති විද්‍යාව කරපු මෙන්ඩිස් ටීචරුයි, ගණිතය කරපු ශේෂා ටීචර්වයි. අපේ එවුන් කීවා දෙන්නගේ නම් දෙකත් සබ්ජෙක්ට්ස් වලට මැචිං ලු. "මෙන්ඩිස්" කියන නම "කොන්ඩිස්" වගේ, "ශේෂා" කියන නම ඉතින් ගණිතයේ ‍"ශේෂය" කියන වචෙනට සමානයි නේ. අපේ එවුන් ගාල්ලෙත් එක්ක පට්ට මල වුණාට මේ දෙන්නට පට්ට ආද‍රෙයි. තරුණ ලස්සන ටීචර්ලා දෙන්නෙක්, අනික දෙන්නටම කේන්ති යන්නේ නැහැ. ඒ නිසා කොල්ලෝ පාඩම නැතිවුණත් ටීචර්ලගේ මූණු දිහා හරි බලං ඉන්නවා ගුරු භක්තිය ඉස්මතු කරගෙන.

දයාන් කොලුව හිටියේ අපේ ඩෙස්ක් පෝලිමට පිටිපස්සේ පෝලිමේ. හරියටම බිත්තිය පැත්තේ කෙලවරේ මට පිටි පස්සේ හිටියේ. කොල්ලට එදා ඉදන් ගණිතය ඇලජික්. අනිත් ඒවත් ‍එහෙම තමා. ඒත් කොල්ලා වැඩිපුර ඇලජික් ගණිතයට. ඉතින් පොර හැමදාම ශේෂා ටීචර් ආපු හැටියෙම දාන්නේ එකම ට්‍රික් එක.

"ටීචර් මට ඔළුව කැක්කුමයි"

"ඇයි ඒ?"

"අනේ මන්දා ටීචර් උදේ ඉදන් තියෙන්නේ.."

"ඇයි මුකුත් බිව්වේ නැද්ද?"

"පැනඩෝල් බිව්වා ටීචර්"

"එහෙනම් ඔළුව ඩෙස්ක් එකේ තියාගෙන ඉන්න"


"දයාන් ඔයා පැනඩෝල් බීලද නිදා ගත්තේ???"


මුල්ම දවසේ ටීචර් සමාව දීලා ඔළුව තියාගන්න කීවට කොල්ලා හැමදාම එකම සීන් එක කරන නිසා ටීචර්ට වැඩේ මීටර් විය. එදායින් පසු ටීචර් එනකොටම කොල්ලා නිදිය. ඉවසන්න බැරි තැන දවසක් ටීචර්....

"ඇයි දයාන් නිදි??"

"ඔළුව රිදෙනවා ටීචර්..."

"පැනඩෝල් බිව්වද?" දැන් ටීචර් දයා ව බයිට් එකට අරගෙන ඇත. පොර නිදාගෙන ඉන්න හැමදාකම නැගිට්ටවලා අහන්නේ "දයාන් ඔයා පැනඩෝල් බීලද නිදා ගත්තේ???" කියාය. එදා ඉදන් දයා "පැනඩෝල් විය"

 දයාන්ගේ ට්‍රීට්මන්ට් (Treat) එක

අපේ එවුන් එදා ඉදන්ම කෑමට කිසිම වෙනසක් කරන්නේ නැත. කෑම දාසලා බොහොමයක් බිහිවුණේ අපේ කැලෑසියෙනි. බර්ත් ඩේ කේක් කපන සීන්, කෑමට ජාපාල ඇට දාන සීන් (ජම්බුවා තමා මේ සීන් එකට ප්‍රකට), ඔක්කෝම ඉස්සරහට කියවන්න පුළුවන් වෙයි. ඒ සියළු සීන් ආහාර සම්බන්ධ ඒවාය.

අපි තුන් වෙනි පීරියඩ් එකේම ඉන්ටර්වල් එක ගන්න නිසා කස්ටියම පොර කකා කෑම කන එක නවත්තන්න කාටවත් බැරිය. කෑම ගේන එවුන්ට හැමදාම පාඩුය. කැන්ටිමෙන් කන එවුන් ශේප් එකේ ඉන්ටර්වල් එකේ තනියම කයි. ටීම් එකේ එවුන් ප්රැක්ටිස් දවසට පන්තියට බෑග් එක ගේන්නේ නැති නිසා කෑම එක පන්තියට එන්නේ නැත. ටීම් එකේ එවුන් වටවෙලා කෑම ගන්න කොට සිදුවෙන අක්‍රමිකතා මම දැන ගත්තේ චමකගෙනි. චමකයා දීපු ස්ටෝරියක් තමා දැන් පෝස්ට් වෙන්න යන්නේ....

"බලපං බං දයා හැමදැම කරන්නේ අපේ කෑමවලට පනින එක, මූට කොච්චර කීවත් ගේන්නේ නැහැනේ" චමකයා කීවේ දයා ඉන්න තැනමය. ඉස්සර ඉතින් කියන්න තියෙන දේ අපි දෙබරෙට ගැහුවා වගේ කෙලින්ම කියන නිසා අවුලක් නැත. ඒ නිසා අපේ එවුන් තරහා වෙන්නේත් නැත.

"අනේ පල මන්දයෝ (මන්දයා යනු දයාන් හැමෝටම භාවිත කරන පොදු නමක්ය) බලපං මම හෙට ගේනවා පට්ට බත් එකක්, චිකන් කෑලි පුරවපු එකක්" දයා කීවාද පොරට කියවුණාද දන්නේ නැත. ඒත් දැන් ඉතින් ‍වැඩේ සෙට්ය.

"අම්ම ගහයි බැට් එකෙන් මෙන්න මූ ට්‍රීට් එකක් දෙන්න යනවා" දයාන්ට වැඩේ සෙට් වෙන පාටක් පෙන්නුම් කරයි.

"හරි හරි බලපංකෝ හෙට ගේනවා" පොතේ හැටියට හෙට ප්රැක්ටිස් නිසා කෑම එක අපිට සෙට් වෙන්නේ නැත. සෙට් වෙන්නේ ටීම් එකේ එවුන්ටය. කමක් නැත දයා කීවට ගේනකල් ෂුවර් නැත.

"හරි හරි උඹ ගෙනෙන් කෝ.." චමකයා කීය.

පහුවදා... අපිට දයා කෑම ගෙනාවද කියලා බලාගන්න ඕන නිසාම ක්‍රිකට් රෑම් එක පැත්තට ඔළුව දැමීමු. කස්ටිට ඉන්ටර්වල් එකත් ඉවරවෙලා පිට්ටනියේ ‍ප්රැක්ටිස් පාරක ඉන්නකොට චමකයාට කිට්ටු වී අපි දයාගේ ට්‍රීට් එක ගැන ඇසුවෙමු.

"ඔව් බං පොර කෑම එකක් ගෙනාවා, හැබැයි චිකන් තියා කුකුලෙක්ගේ තටුවක් වත් නැහැ." චමකයා කීය. දයාන් පිට්ටනියේ එහා පැ‍ත්තේ සිට සීන් එක බලා සිටී.

"චමකයා මොකද කස්ටිය අහන්නේ??" දයා ඇසුවේ ෆීල්ඩ් කරන ගමන්ය.

"ආ.. ඇහුවෙද? ඇහුවේ උබගේ මස් නැති බත් එක ගැන..."

"පලයං යන්න.. මේ තියෙන්නේ පට්ට චිකන්..." කියමින් දයා කලිසම් සාක්කුවෙන් කුකුල් අඩු ටිකක් ගෙන කන්නට පටන් ගත්තේය.


මේ තියෙන්නේ පට්ට චිකන්..



අපිට සීන් එක තේරුණේ දැන්ය. පොර කලින්ම කුකුල් අඩු ටික සාක්කුවේ දාගෙන ඇත්තේ ප්රැක්ටිස් කරන කොට කන්නටය. අපේ එවුන්ගේ ඇස් උඩ ගියේ පොර සාක්කුවේ දාගෙන සිටි නිසාය...

Written by sAm_10.51am_27.10.'11


Friday, October 28, 2011

ගාල්ලේ ගේ තහනම් කලාපය..

කලින් ‍පෝස්ට් එකෙන් කස්ටිය කියවන්න ඇති අපේ එවුන් ගාල්ලේට වෙලාවට වැඩ කරන්න උගන්නපු හැටි. මේ ස්ටෝරියත් ඒ පෝස්ට් එකටම දාන්න හිතුවට ස්ටෝරිය දිග වැ‍ඩිවෙන නිසා වෙනම ලියන්න හිතුවා.

අපේ එවුන් ගාල්ලෙව වෙලාවට පන්තියෙන් එළවන සිස්ටම් එක හොයා ගත්ත නිසා හිටියේ ෆුල් ෆන් එකේ. ඊට පස්සේ ගාල්ලේ ටිකක් දරුණු වුණා. පන්තියේ එවුන් එක්ක වැඩි භජනෙට ගියේ නැහැ. මොකද ඒ වෙන කොට තමන්ට දාපු කාඩ් එකත් ගාල්ලෙට ආරංචිවෙලා තිබ්බේ. ඊට පස්සේ ගාල්ලේ අපේ එවුන් ගෙදර වැඩ කරනවද කියලා හොදටම චෙක් කරන්න ගත්තා. හැමදාම ගෙදර වැඩ දෙන්නත් ගත්තා. ඒ හැම දේම කලේ අපේ එවුන්ව මට්ටු කරන්න. අනික පොත් බලන්න සැරින් සැරේ ලගට එන්න ගත්තා. ඒක නිසා අපේ එවුන්ට ගාල්ලේ පන්තිය පුරා ඇවිදින එකට පිලියමක් හොදන්න සිද්ධ වුණා.

අපේ පන්තිය ඩෙස්ක් පේලි 3 ගානේ තමා දාලා තිබ්බේ. ඒ කියන්නේ පන්තිය කොටස් තුනකට බෙදිලා ඒ මැද්දෙන් ටීචර්ලට යන්න පුළුවං. ඒක ගාල්ලේට පහසුවක් උනා. ගාල්ලේ ඩෙස් අස්සෙන් රිංගන එක නවත්තන්න අපේ එවුන් සමහර දවස්වලට ඩෙස්ක් ලං කරලා යන්න බැ‍රිවෙන විදහට හදනවා. ඒත් වැඩක් නැහැ. ගාල්ලේ ඉඩ ඉල්ලනවා යන්න බැහැ කියලා.

ඔන්න දවසක් ගාල්ලේ එහා පැත්තෙන් රිංගුවා කොල්ලන්ගේ පොත් බලන්න. මේක හැමදාම කරන්න බැරි වැඩක් නිසා එහා පැත්තේ සෙට් එකේ එකෙක් කරපු වැඩේ ටීචර් ලගට එනකොට "ගදා...යි" කියලා නහය වහගෙන. ගාල්ලේත් හිතුවා කවුරු හරි එකෙක් අදෝ වාතයක් ඇරලා තමයි කියලා සද්ද නැතුව සාරි පොටෙන් නහය වහගෙන පොත් චෙක් කරනවා. ඒත් ඇත්තටම කාටවත් ගදක් ආවේ නැහැ. ගාල්ලේටත් වැඩේ මීටර් නැහැ. ගාල්ලේ ‍වටේම ඉන්න සෙට් එකම නහය වහගෙන. ගාල්ලේත් සාරි පොටෙන් නහය වහගෙන. 

පොත් ටික චෙක් කරලා ගාල්ලේ අපේ පැත්තට සේන්දු වුණා. ගාල්ලේ එනකොටම අපේ පැත්තේ සෙට් එකම නහය ව‍හගෙන. පව් වැඩේ ගාල්ලේත් මේක දැකලා නහය සාරි පොටෙන් වහ ගත්තා. ඒ මදිවට අපේ එකෙක් කෑගැහුවා "ගදා..යි" කියලා. ඒ පාර නම් ගාල්ලේට වැඩේ මීටර් වුණා එයාට තමා මේ ගදායි ගදායි කියන්නේ කියලා.

"මොකද තමුසෙලා අද පන්තියේ ජරා කළාද ගදායි ගදායි ගාන්නේ" ගාල්ලේට මලය.
"නැහැ ටීචර් බලු බෙටි ගදක් එනවා ඒකායි" කී විට ගාල්ලේට සීන් එක ඇත්ත බව සිතිණ.
"දැන් මේ යන්නේ 3වෙන් පීරියඩ් එක, ඇයි උදේ ආවේ නැද්ද ගද?" ගාල්ලේ නඩුව ඇරඹීය.
"නැහැ ටීචර් කවුරු හරි ජරාවක් පාගලා, ඒකයි ගද..."
"ඉතින් මම විතරනේ පන්තියට ආවේ..." කියමින් ගාල්ලේ සපත්තු චෙක් කරන්නට විය. අපේ එවුන්ට පට්ට ආතල්ය. "නැහැ ඔන්න මම නම් පාගලා නැහැ" ගාල්ලේ නඩුව ෆයිනලයිස් කළාය.

එතැනින් නොවැතී අපේ එවුන් ගාල්ලේ එන හැමදාම "ගදායි, ගදායි" කියන්නට වූ නිසා ගාල්ලේට පන්තිය පුරා ඇවිදීම එපා විය. එමෙන්ම ඇයට තහනම් කළාපයක් ප්‍රකාශයට පත්වු නිසාම ඇගේ පොත් චෙක් කිරීම අහවර විය.

අපේ එවුන් ඉන්ටර්වල් එකෙත් ගාල්ලේ දැක්කොත් කොහේ හරි හැංගී "ගම ගාල්ලේ" කියා ආදරණීයව ආමන්ත්‍රනය කරයි. ගාල්ලේ ගොඩක් ආදරේ කළේ ජාගොඩටය. ගාල්ලේට ජා' නයාට මොනවාද මෙනි. එහෙම සීන් එකකින් දවසක් මට ටොෆිය සෙට් වුණේ ජාගොඩ නිසාය. 

දවසක් ජා, මාත් එක්ක වතුර බොන ටැ‍ප් එක ලග ඉන්නකොට ඈතින් ගාල්ලේ එනු දුටු ජා "ගම ගාල්ලේ....." යැයි කෑ ගසා අස්ථානගත විය. ජා නිසා මට ‍ටොෆිය සෙට් විය.

ජා "ගම ගාල්ලේ" යැයි කෑ ගසා අස්ථානගත විය.

මම ගාල්ලේ දැක්කේ මගේ ලගට ආවාට පසුය.

"ඇයි මොකද සමින්දික මාව දැකලද කෑගහන්නේ?? " 
ඇසුවේ මගේ කනකින් අදිමිනි. මට කර කියාගන්නට දෙයක් නැත. ජා' පාවා දිය නොහැක. 

"ඇයි ටීචර් මොකද සීන් එක?"
"මොකක්ද සීන් එක? දැන් තමුසෙත් ජාගොඩ වගේ හැදෙන්නද යන්නේ" 

ටීචර් කීවේ එපමණකි. මටද අවුලක් නැත. කෑගැහුවේ ජා'ය. ටීචර් මට බැන්නේ ජා' මතක් කරමිනි. සිතමින් මා හිත හදා ගතිමි.

Written by sAm_9.01am_26.10.'11


***මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..***

Wednesday, October 26, 2011

ගම ගාල්ලේ පුka ලෑල්ලේ...

‍ඉස්සර ඉදන්ම අපේ එවුන් ආරිය සිංහල කොල්ලෝය. ඒක නිසා අපේ එවුන්ට ඉංගිරීසි දිරවන්නේ නැහැ. මතකනේ අට වසරෙදී ඉංගිරීසි සර්ට අපේ එවුන් දීපු ආතල් (ඒක බලන්න මෙතන කොටන්න) නවය වසරෙදි ඉතින් අපිට හිටියේ ටීචර් කෙනෙක්. අපේ එවුන් ඉතින් ටීචර්ලට පණට පණ. මට මතකයි අපි පොඩිම කාලේ ඒ කියන්නේ අපි 5 වසර වගේ ඉන්නකොට (ඒ කාලේ ඉතින් අපි ටීචර්ලට එච්චර ආදරේ නැහැ, දැන්නේ ලස්සන පේන්න ගත්තේ) කෙල්ලෝ හරි ආසයි ටීචර් ලගින් යනකොට ටීචර්ගේ සාරි පොට අතගාන්න. ඒත් අපි නොතේරණ කාලේ ඒ වගේ විකාර වැඩ කලේ නැහැ. 8, 9 වසර වලින් පස්සේ තමා පටන් ගත්තේ. 

ඔය හැම දේටම අපේ එවුන් මුල් පෙත් තැබුවේ 9 වසර සෞඛ්‍යය පොතෙන්. අපේ සමහර එවුන්  9 වසර සෞඛ්‍යය පොත අම්මට අහුවෙයි කියලා ගෙදර ගෙනියන්නත් බයයි. ඇයි ඒකේ අරවා මේවා ප්‍රින්ට් කරලා ඒ මදිවට ඒවා ලකුණු කරලත් තියෙනවා. ඉතින් අපේ එවුන් සෞඛ්‍යය පොත හැංගුවේ, බැලුවේ වැල පත්තරයක් පරිහරනය කරනවා වගේ.


ඉංග්‍රීසි ටීචර්ට නම ලැබුණ හැටි

ඉතින් අපි නමය වසරෙ ඉන්නකොට තමා ඉංග්‍රීසි ටීචර් මුලින්ම අපේ ඉස්කෝලෙට ආවේ. ටීචර් ටිකක් ස්ලිම් (ඒ කියන්නේ කෙට්ටුයි). අනික ටීචර්ගේ පෂ්චාත් බාගය ඇත්තෙම නැහැ වගේ. අපේ එවුන් දැක්ක හැටියෙම කීවේ පපුව හතර පැත්තෙන් වලවල් 4ක් හාරලා කැරම් බෝඩ් 1ක් හදමු කියලා. තව එවුන් කීවේ "කෙට්ටු පු..ට මොන වෙට්ටුද කියාය". ආපු පළවෙනි දවසෙම ටීචර් සිංහලෙන් දීපු ඉන්ට්‍රොඩියුස් එක නිසා අපි ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් දොට්ට බහිනකල්ම ටීචර්ට නමක් රෙජිස්ටාර් වුණා.

ටීචර් ටිකක් ස්ලිම් (ඒ කියන්නේ කෙට්ටුයි). අනික ටීචර්ගේ පෂ්චාත් බාගය ඇත්තෙම නැහැ වගේ.

"ළමයි ‍මගේ නම.... මම ආවේ ගාල්ලේ ඉදලා, ඒ කියන්නේ මගේ ගම ගාල්ලේ...." ඉන්ට්‍රොඩියුස් එකට පහුවෙනිදා ඉදන්ම ටීචර් "ගම ගාල්ලේ පුka ලෑල්ලේ" වුණා. ටික කලක් ගිහින් ඉතින් ඕක ටීචර්ට මීටර් වුණා ඒක නිසා අපේ එවුන් "ගාල්ලේ" කියලා ෂෝට් ෆෝම් එක යුස් කරන්න පටන් ගත්තා.


ගම ගාල්ලේ වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්ත හැටි

කලින් කීව වගේ අපේ එවුන් ආරිය සිංහල කොල්ලෝ. ඒ නිසා ටීචර් පන්තියට එනවට කැමතිත් නැහැ. මොනව උනත් අපේ එවුන් ඒක ටීචර්ට ඇගෙව්වේ අමුතු විදිහට. අනික පත්වීම ලැබුණ අළුත නිසා වෙන්න ඇති එයා බෙල් එක ගැහුවත් පන්තියෙන් යන්නේ නැහැ. දවසක් පීරියඩ් එක ඉවර වෙන බෙල් එක ගහලා ටීචර් යන්නේම නැහැ. ඊලග පීරියඩ් එකේ තිබ්බේ පීටී. දන්නවනේ පීටියා පන්තියට එන්නේ නැහැනේ. අපේ එවුන්ට හිතුණා මෙයා යන්නේම නැතිවෙයි කියලා.

"කසුන් ඔයා යන්නකෝ" ජාගොඩ ගාල්ලේට ඇහෙන්නට (කසුන්ට) අස්පයාට කෑගැසීය.

"ඇයි ජාගොඩ කෑගහන්නේ" ගාල්ලේ ඇසීය. යන්න කියන්නේ ටීචර්ටම බව ඇයට නොතේරිණ. ඒත් අපේ එවුන් සීන් එක දනී.

"මෙයාට වෙලාවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ ටීචර්" ජා' කීය. ටීචර් ඒ කියපු එකවත් නොතේරුණ නිසා පාඩම කන්ටිනියු කළාය.

"සාලිය ඔයා යන්නකෝ" තවකෙක් කෑගැසීය.

"දැන් මොකද ඔතන ප්‍රශ්නේ?" අනිත් පැත්තෙනුත් කෑගසන නිසා ටීචර් ඇසීය.

"සාලියට වෙලාවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ ටීචර්" දැන් ගාල්ලේට වැඩේ ටික ටික මීටර් වේ.

ටික වෙලාවකින් පන්තියම තැනින් තැන එක එකාට "යන්නකෝ", "යන්නකෝ" ගාන්න වූ නිසා ටීචර්ට අප්සට්ය. බැරිම තැන ගාල්ලේ ජාතිය ඇමතීය.

"තමුසෙලට ඉගෙන ගන්න උවමනාවක් නැත්තම් කියනවා. මම යන්නම්" එදායින් පසු ගාල්ලේ ඔරලෝසුවට වැඩ කරන්නට පටන් ගත්තාය.


පලි- හොද ප්‍රතිචාර තියෙනකොට ලග ලග පෝස්ට් ගොඩක් දාන්න හිතෙනවා. ඒක නිසා මේ ටිකේ පෝස්ට් ටිකක් උනන්දුවෙන් දැම්මා. මැසේජ්, කොල් දීලා ස්ටෝරි මතක් කරන කස්ටියට ටැංකූවේවා.


ඊලග පෝස්ට් එකෙන් "ගාල්ලේව පන්තියේ පැත්තකට කොටු කළ හැටි" බලාපොරොත්තුවන්න


Written by sAm_11.52pm_25.10.'11


** මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..

Tuesday, October 25, 2011

පෙම් හසුන....

පීටියා සම්බන්ධ කථාවට පස්සේ පොර ගැන රසික ප්‍රතිචාර වැඩි වුණා. ඒක නිසා පීටියා සම්බන්ධ තවත් කථාවක් අමාරුවෙන් මතක් කරලා ලියන්න තීරණය කළා. පීටියාගේ තියෙන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයක පළකරන්න බැරි, මාධ්‍යය සදාචාරයට පටහැනි වචන නිසා ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා තමා ලියන්න වෙන්නේ. අනික මේ සීන් එකට සම්බන්ධ චරිත දෙක (ස්ත්‍රී හා පුරුෂ) ප්‍රසිද්ධ කොරන්ට හොද නැති නිසා නම් ගම් නොදා ලියන්නම්. ඒත් දන්න කස්ටිය දන්නවා මේ කවුරු ගැනද කියන්නේ කියලා.

කලින් ලියපු ස්ටෝරි කියවපු අය බලන්න ඇති යකෝ මුන්ගේ ඉස්කෝලේ හිටපු එවුන් ලවු කරපු නැති එවුන්ද කියලා. මොකද ඔක්කෝම කතන්දර කාටහරි ගේමක් දීපුවා, නැත්තම් මඩ නාන සීන්. ඒත් හත්දෙයියනේ එකා දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙච්ච සීන් මේවයේ දාන එක හරි නැති නිසා මම ඒවා දාන්න  ගියේ නැහැ. නැත්තම් ‍මගේ කීර්ති නාමයටත් කැලලක්.

9 වසරේ ඉන්නකොට අපේ පන්තියේ එකෙක් ඉතින් ලවු කළා කෙල්ලෙක්ට. (නැත්තම් එල්ටන් ජෝන වගේ කොල්ලෙක්ට ලවු කරන්නයැ??) ඉතින් කොල්ලා දහ දුක් විදලා කෙල්ලට තමන් ට්‍රයි කියලා ඇගෙව්වා. ඒ කාලේ ලවු කිරිල්ල තමා පට්ට ආතල්. ෆෝන්, ෆේස් බුක්, ස්කයිප්, ගූගල් ටෝක්, යාහූ මැසෙන්ජර්, එම් එස් එන් මැසෙන්ජර්, ටුවීටර් නැහැනේ. ඒකාලේ ඉතින් වෙසක් කාඩ් එකක් දෙන්නෙත් "අතේ තැපැල් කටේ ඇපල්" නැත්තම් "මුද්දරය හුලගේ ගියා, අල්ල ගන්න බැරිව ගියා" කියලා. දැන් ඒකට, කෙලින්ම ෆේස් බුක් වොල් පෝස්ට් එකක් දැම්මම කෙල්ලේ දුසිමක් කමෙන්ට් කරනවා. (මේ තත්වය පිළිබද මගේ මිත්‍රයෙක් පට්ට පෝස්ට් එකක් දාලා තිබ්බා ඒක කියවන්න මෙතන ක්ලික් කරන්න)

ඔන්න ඔහොම අදුරු යුගයක තමා අපේ යාළුවා කෙල්ලෙක්ට ටෝක් කලේ. ඉතින් පොර කෙල්ලට පේන්න හොරෙන් බලං ඉදලා, ඇස් ගහලා, පෑන් පැන්සල් පොත් එහෙම මාරු කරගෙන, ක්ලාස් යද්දි මග රැකගෙන ඉදලා ‍කෙල්‍ලට තමන් ට්‍රයි කියලා සිග්නල් එක දුන්නා. ඒ කාලේ කොහෙමත් කෙල්ලන්ට අපි හැරෙනකොට තේරෙනවා. එත් බබාලන්තේ බේබිලා වගේ අපි අහනකන්ම කන දික් කරගෙන ඉන්නවා. මෝඩ හැත්ත. ඒකට දැන් සහශ්‍රකේ ලමයි හරි ඇඩ්වාන්ස්. 

ඉතින් අපේ එකාට කස්ටිය එකතු වෙලා ලියලා දුන්නා පෙම් හසුනක්. හැබැයි කටුවට. ඒක පොර ගෙදරදී සුවද දාලා, බෝල අකුරු දාලා ලියාගෙන ආවා. හැබැයි අපිට රී කරෙක්ෂන් දාන්න බැරිවෙන්න පොර මේක සීල් කරලා.

"අඩෝ උඔ ඇයි මේක අලවලා ගෙනාවේ?"

"ලේසිනේ මචං දැන් ඉතින් මගේ ප්‍රේම සංදේශය පූජා කරන්න විතරයි තියෙන්නේ" කොල්ලා කීය.

"හරි හරි දැන් උඔ ඕක කොයි වෙලේද පෝට් කරන්නේ?"

"මේක අපි ඉන්ටර්වල් එකේ ඒකිගේ අතටම දෙමු."

පෙම්වතාගේම ප්ලෑන් එක අනුව අපි ඉන්ටර්වල් එකේ මිෂන් එක‍ට සෙට් වුණෙමු. ඒ කාලේ ඒ වගේ වැඩ ලේසි නැත. වටේ ඉන්න කෙල්ලෝම ටීචර්ලට කේලම් කියන නිසා පරිස්සමට කළ යුතුය. ඉතින් අපේ එවුන්ට ඉන්ටර්වල් එකේ කොහොම හරි මිෂන් එක අමතක වුණා. කොහෙම හරි ඉන්ටර්වල් එකේ සෙල්ලම් කරලා අපේ එවුන් පන්තියට එන්ටර් වුණා. එදා ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එක තිබ්බෙත් පීටියට නිසා අපිට ෂුවර් පොර එන්න ලේට් වෙනවා කියලා.

කස්ටියම පන්තියට එන්ටර් වෙලා ටික වෙලාවකින් අපිට දැනුනා අපේ පෙම්වතා මිසිං කියලා. ටික වෙලාවකින් තේරුණා පෙම්වතිත් මිසිං කියලා. මාර කේස් එක අපි නැති වෙලාවේ සුදු වෑන් එකක්වත් ඇවිත්ද? කස්ටිය පරීක්ෂණ ඇරඹීය.

"පිස්සු කෙලින්න එපා බං උන් දෙන්නා එයි. අනික දැන් පීටීයාගේ පීරියඩ් එක. ආවෙත් සෙට් එකටම කන්න වෙයි ඉදගෙන හිටපල්ලා"

"එහෙම කොහෙමද අපේ සහෝදරයෙක් අස්ථාන ගත වෙලා අපි කොහොමද නිහඩ වෙන්නේ.‍ මේක ‍විදේශීය කුමන්ත්‍රනයක ප්‍රථිඑලයක්"

සියළු සීන් මැද පන්තියට පැන්නේ පීටියා, පෙම්වතුන් සහ පිනාය. කස්ටියට සීන් එක මීටර් වෙන්නට විය. අපේ කොල්ලා ලෙටර් එක දෙනකොට, පෙම්වතී ලෙටර් එක අරගෙන ඇත. මේ ආදරයට ‍‍එරෙහි වුණ දුෂ්ඨ කතක් සීන් එක පිනාට කම්ප්ලේන් කර දෙදෙනා චෙක් කර ඇත. දැන් ‍වැඩේ චොරය.

"ආ මේකද තමුසෙලාගේ පන්තිය, හැමෝටම දැනගන්න මම මේ කථාව කියන්නේ" කියමින් පන්තිය අමතා පිනා වෝර්නිං දීම ඇරඹින.

"තමුසෙලා දැනගන්නවා මේක ඉස්කෝලයක්. මෙතන තමුසෙලට ඕන විදියට ලව් කරන්න බැහැ. බලනවා ඉගෙන ගන්නේ නැතිව කරන වැඩ. මේ මිනිහා මේ ලමයට ලිවුමක් දීලා. මේව මේ කාලේ කරන්න ඕන වැඩද? කට්ටියම අහගන්නවා මිනිහගේ ලිවුම..." පිනා කොල්ලාව චාටර් කරයි. අනික ලිවුම පන්තියටම ඇහෙන්න කියවන එක කැත වැඩකි. අවංක නොයිදුල් ආදරයකට අකුල් හෙලනවා සේම මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. මෙන්න පිනාගේ කියවිල්ල...

"සද ඇති පහන් රැයක....ආදරණිය ... ලියමි.." කියා පටන් ගෙන අවසාන කලේ... "මම ඔයාට අදරෙයි...." කියා පිනාගේ කථාව ස්ටක් විය.


"මම ඔයාට අද-රෙයි"


"අදරෙයි??? යකෝ තොට අද රෙන්න බැරිනම් හෙට රීපං, මේ වගේ වැඩ ඉස්කෝලේ කරලා අහුවෙන්න එපා" පිනා කීවේ එපමණකි.

Written by sAm_11.32am_24.10."11

Related Posts Plugin for WordPress, Blogger...