ආයුර්වේද බෙහෙත් ක්‍රමයට අපේ උන් කියන්නේ සිංහල බේත් කියාය. බටහර වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි බෙහෙත්ය. ඊට අමතරව හෝමියෝපති ප්‍රතිකාරද දැන් මාකට් එකේ ඇත්තේය. සෑමා ඒ බව දැනගත්තේ වැලිසර තිබෙන හෝමියෝපති හොස්පිට්ල් එක නිසාය. සෑමාගේ නැන්දා කෙනෙකු ආතරයිටිස් රෝගයට හෝමියෝපති බේත් අරගෙන තිබ්බාය. ඇයට අනුව නම් දැන් සනීපය. ඊට පසුවත් ඇයත් සමඟ බෙහෙත් ගන්නට ගිය කිහිප දෙනෙකු දැන් ගුණයැයි කියන්නෝය. හෝමියෝපති බෙහෙත් ගුණ අගුණ කෙසේ වෙතත් ඒ බෙහෙත් බොන එක නම් ආතල් පාටය. ඒවා පුංචි සීනි බෝල වැනි බෙහෙත්ය. කටේ දමා ගැනීමට පහසුය. තිත්තද නැතිලුය. ඒ නිසා බටහර බෙහෙත් වලට වඩා ආතල් විය හැකිය. ආයුර්වේද බෙහෙත් නම් කෝමත් පැණි වගේ නිසා අවුලක් නැතිය. චූර්ණ, ගුලි වගේ ඒවා නම් ටිකක් තිත්ත විය හැකිය. පත්තු, ඔත්තු, කුත්තු වගේ බෙහෙත් නම් විටක ගඳය, විටක සුවඳය. ඒවා හැදිල්ල සහ බැඳගෙන සිටීමේ අපහසුව පමණක් ඇත්තේය.
සෑමා නම් කාටවත් බෙහෙත් ගන්නට තැනක් රෙකමන්ඩ් කරන්නට යන්නේ නැතිය. අදහසක් පමණක් ඔලුවට දමනවා මිසක රෙකමන්ඩ් කිරීම ප්‍රායෝගික නැත්තේය. බොහෝ බෙහෙත් වලට වඩා ඇත්තේ රෝගියාගේ මනසට වැටෙන ආකල්පයන්ය. අතන හොඳයි, අර බෙහෙත් හොඳයි යන සංකල්පය ඔලුවට වැටීම මත රෝගය සුව වීමට ඇති ප්‍රතිශතයද වෙනස් වෙන බව සෑමාට හිතෙන්නේය. “ප්ලැසිබෝ“ හෙවත් “Placebo Effect“ එක අනුව සුව වීම හේතු සාධකයක් බව සෑමාට හිතෙන්නේය. කිටියාගේ සීයා අවසාන කාලයේ හෘද රෝගය සඳහා GTN (Glyceryl Trinitrate) භාවිත කළේය. එහි අතුරු ආබාධයක් ලෙස හිසේ රුදාව ඇතිවන බව කවුරුත් දන්නේය. ඔහු විට අදාල මාත්‍රාවට වඩා බෙහෙත් ඉල්ලුවේ පපුව රිදෙනා බව කියමින්ය. ඒ අවස්ථාවේදි ඔහුට ලබා දෙන්නේ ප්ලැසිබෝ ආකාරයේ කිසිම ක්‍රියාකාරීත්වයක් නැති බෙහෙත්ය. එය ගෙන ඔහු පවසන්නේ වේදනාව අඩු වූ බවක්ය. ඒ සියල්ලටම හේතුව ඔහුගේ සිතුවිල්ලය. එලෙසම සමහර දාට සෑමා දුටු විට ඔහු ඉල්ලා සිටින්නේ පොඩි අඩියක් ගසන්නට තිබුණා නම් හොඳයැයි කියාය. අසනීපකාරයා නිසාත් බෙහෙත් බොන නිසාත්, මධ්‍යසාර තහනම්ව තිබූ නිසා සීයාට අවුල්ය. විශේෂ අවස්ථාවක පොඩි ෂොට් එකක් හොරෙන් හෝ, කොහෙන් හෝ ලැබුණත් ඩේලි ගැසිලි බොරුය. විටක නිවසේ ඇති ඇපල් ජූස් එකක් වතුර අඩුවෙන් දමා සාදා දෙන්නේ මධ්‍යසාර කියාය. එක හුස්මට එය ගසා දමන සීයා ප්ලැසිබෝ ආතල් එකක් ගනු සැමා දැක ඇත්තේය.
සිංහල සහ ඉංග්‍රිසි බෙහෙත් ගැන සෑමාගේ දළ ආකල්පය නම් මෙසේය. උණක්, හෙම්බිරිස්සාවකට ඉංග්‍රිසි බෙහෙත් ශේප්ය. පීනස වගේ සීන් එකකට සිංහල බෙහෙත් කිරීම සාධාරණය. ඊට අමතරව සෑමා සිංහල බෙහෙත් හොඳ යැයි කියන්නේ අතක් පයක් කැඩුනු සීන් ජොයින්ට් කිරීම් සඳහාය. ඊටත් කළින් හදිසි අනතුරු වාට්ටුවේ හෝ සිට ඇන්ටනා වගේ යකඩ කූරු බස්සා ට්‍රයි එකක් දිය යුතුය. ගල් ප්ලාස්ටර් දමා හෝ ට්‍රයි කර බලා එහෙමත් සැට් වෙන්නේ නැත්තං සිංහල බෙහෙත්, පත්තු පිහිටය. සෑමා සතුව ඇත්තේ එහෙව් සිම්පල් ප්ලෑන් එකක් ය.
හොස්පිට්ල් පවා කිසිවෙකුට රෙකමන්ඩ් කරන්නට නොයායුතුය. සොයිසා හොඳ එකාට කාසල් හොද නැතිය. කාසල් හෝ සොයිසා හොඳ උන්ට ජපුර හොඳම නැතිය. රිජ්වේ නම් බහුතරයකට හොඳය. උණ නම් IDH තමා හොඳම කියූ විටක අයෙක් සෑමාට කිව්වේ පිස්සුද මහ ඉස්පිරිතාලේ තමා හොඳම කියාය. එසේ කියද්දි මීගමුව රෝහල ඩෙංගු වලින් ලංකාවේ හොඳම සේවාව ලබා දී තිබු බව පුවත්පත්වලද තිබුණේය. එතැනින්ම පෙනෙන්නේ හොඳ නරක තීරණය වන්නේ එක් එක් අයගේ සිතුවිලි මත බවය. එලෙසම කුමන හොස්පිට්ල් එකකදී හෝ කෙලවෙන්නේ කුමක් හෝ කරුමයක් නිසා බවය.
මෑතකදී සෑමාගේ මිතුරෙකුට සෙම්ප්‍රතිශ්‍යාව දරුණු වී තිබුණේය. උදෑසන කෝල් එකක් දුන් පොර පැවසුවේ අඩේ ඉන්න බැහැ සෑමා උණ ගන්න වගේ කියාය. එහෙනම් බෙහෙත් ගනින් යැයි සුපුරුදු උත්තරය දුන් සෑමා කතා බහ කර දුරකථනය විසන්ධි කළේය. පසුව දහවල නැවතත් කෝල් එකක් ආවේ උගෙන්මය. එහා පැත්තේ සිට පොර අමාරුවෙන් කතා කළේය. උණ ඩබල් වී ඇත් බවක් සෑමාට දැනුණේය. එකවර එහා පැත්තෙන් දුරකථනය විසන්ධි වූ අතර නැවත නැවත ට්‍රයි කළද මිතුරාව සම්බන්ධ කර ගැනීමට සෑමාට නොහැකි වූයේය. අවසන උත්සාහය අතැර දැමූ සෑමාට පසුදා උදෑසන නැවත මිතුරාගෙන් ඇමතුමක් ලැබුණේය.
“මොකෝ *&) උනේ.. ෆෝන් එකක් ඕෆ් වුණා නේද??“
“ඔව් බං මට එකපාරට හෙම්බිරිස්සාවක් හැදුනා.. මම ෆෝන් එක ඕෆ් කරන් ගෙදර ආවා..“
යකාගේ සීන් එකක්ය. හෙමබිරිස්සාවක් ඌට එක පාර ඇවිත් ඇත්තේය. ෆෝන් එකත් ඕෆ් කරන්න තරම් කේස් එකක්ය. ඒ අමාරුව අපේ මිතුරාට දින කිහිපයක් තිබුණේය. අවසන් වතාවට සෑමා කිව්වේ උබට ඉංග්‍රිසි බෙහෙත් අරන් හරි ගියේම නැතිනම් සිංහල බෙහෙතක් ගනින් කියාය. මිත්‍රයා එම අදහසට එකඟ වන්නට ඇතිය. ඉංග්‍රිිසි බෙහෙත් අරන් දින දෙකක්ද ගතවී සුව නොවූ තැන මිතුරා එයට එකඟ වන්නට අැතිය. ඒ අනුව ඔහු සිංහල බෙහෙත් අරගන්නට ගොස් තිබුණේය.
“අඩෝ සෑමා කැ&^ සීන් එක බං..“
“ඇයි මොකෝ උනේ.. උබට හොඳ නැද්ද තාම??“
“මම ගියා බං සිංහල වෙදෙක් ලඟට.. අපෙ ගෙවල් ලඟම..“
“මොකො උනේ?? ඌ නස්නයක් වත් කලාද??“
“මොන නස්නද බං?? ඌ මට බේත් තුන්ඩුවක් ලියල දුන්නා..“
“ඉතිං ගිහින් ගනින් බේත් බඩු කඩේකින්..“
“රෙද්දෙ බේත් බඩු කඩේ.. ඌ ලියල දුන්නෙ පැරසිටමෝල්, ඇමොක්සිලින්, ෆෙක්සොෆෙන්ඩීන් දුන්නා බං..“
“හැමිනෙනවා.. උබ කලිනුත් ඉංග්‍රිසි බේත් ගත්ත නේ.. උබ දැන් මේකත් අරන් බිව්වද??“
“ඌත් යකාගෙ වෙදෙක් බං.. ආයෙත් ඔය බේත් ටික බොන්න පුලුවන්ද බං??“
“ඉතිං උබ මොකද කළේ...??“
“මම සිංහල බේත් කඩේකට ගිහින් තල් සූකිරියි, සිරප් එකකුයි ඉල්ල ගත්තා බං..“
Written_by_sAm_ශ්‍රී_9:45_pm17/01/17
පලි - කෙසේ හෝ අප මිතුරා දින කිහිපයකින් විශේෂඥ්ඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගෙන සුව වූ බව කිව යුතුය.
මමත් කාලෙකින් මේ පැත්තෙ ආව. සිංහලෙන් බෙහෙත් ඉංග්‍රිසියෙන් බිවුවා වගේම තමයි කියල මටත් හිතුණා කියවල ඉවර වුනාම.
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ විසිට් කළාට..
Deleteජය වේවා !
සිරාගේ වැඩේට අපේ ආයතන සම්බන්ද කරලා දෙන්න කතා කරගන්න උබට මුණ පොතෙන් පණිවිඩයක් දෙන්නම්
ReplyDeleteස්තුති මෙන්ඩියා.. මම බලන් ඉන්නවා..
Deleteආ...පෝ.... බෙහෙත් ඈක්... මටනම් සින්හලෙන් ඉන්ගිරිසියෙන් දෙකෙන්ම බෙහෙත්නම් ඇලජික්
ReplyDeleteඑහෙනම් බොමු ඉංදියෙන්.. මෙගා ක්‍රමයට ??
Deleteසෑම්ගේ කතා අහන්න මාත් ආවා.
ReplyDeleteජයවේවා!!!
ජයින් ජයිම වේවා පුති !
Deleteමම බෙහෙත් ගන්න යන තැන ඩොකානං දෙන්නෙ තියෙන සැරම එක නිසා බොහෝ වෙලාවට වන්ෂොට් සනීප වෙනව. මොනව උණත් සිංහල වෙදා ඉංග්‍රීසි බෙහෙත් දෙන වැඩේනං කැ& සීන් එකක්ම තමයි.
ReplyDeleteඅපෙත් වන් ෂොට් කෙනෙක් ඉන්නවා. එක වේලයි බඩු සුවර් !
Deleteරත්නපුරේ ඉන්නවා ඩොක්ට කෙනෙක් නම 'වන්ෂොට්', එක පාරක් ගත්තහම ඇති .බේත් ලියනව සතියකට විතර (නිකං හෙම්බිරිස්සාවකට වුනත්) .ෆාමසිවලින් බේත් තුණ්ඩුවෙ තියන ඩොක්ටගෙ සීල් එක දැක්ක ගමන් බේත් දෙන්නෙ දවස් තුනකට විතරයි.
ReplyDeleteමස්සිනා ඩොකා..ඒ හීන්ද ඌ අපිට බෙහෙත් දෙන්නෑ බන්..
ReplyDeleteමේ දවස්වල කැස්සක් තිබුනා මේ පැත්තේ. මාර අමාරුයි සති දෙක තුනක් යනකම්. ඩොක්ටර්ස්ලා කියන්නේ බෙහෙත් ගන්න එන්න එපා කියලා. සිරප් බීලා, ස්ට්‍රෙප්සිල්ස් කාලා, හොඳ කරගන්න ඕන. ඇතුවත් බැරි, නැතුවත් බැරි බෙහෙත්...
ReplyDeleteඋඹලගෙ ආධාර වැඩේට ආධාරයක් දෙන්නෙ කොහොමද බං....විස්තර කියහං...
ReplyDelete