මුලින්ම කිව යුත්තේ මල ගෙවල් තමයි ආතල් කියාය. මීට පෙර පෝස්ට් කිහිපයක මල ගෙවල් ආතල් ගැන සෑමා ලියුවේය. අවුරුද්දේ ජනවාරි පළවෙනිදාම සැට් වුණේ මල ගෙයක්ය. අපේ කොල්ලෙක් ගේ සීයා කෙනෙක්ය. පළවෙනිදා දහවල සෑමාට කෝල් එකක් ආවේ තවත් මිතුරෙක්ගෙන්ය.
“සෑමා හොඳ නිවුස් එකයි, නරක එකයි දෙකක් තියෙනවා.. මොකක්ද ඉස්සෙල්ලම ඕනෙ..??“
“කැමති එකක් කියපං...“
“හොඳ එක මචං.. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!“
“අහ්.. එසේම වේවා.. දැන් කියාං බලන්න නරක එක..“
“අඩො අපෙ අරූගෙ සීයා නැති වෙලා..“
“හුප්පට ඒමද?? ඒක නරක නිවුස් එකක් නෙවෙ මචං, අන්තිම කාලෙ සීයා අමාරුවෙන් හිටියෙ. අරූ මට කිව්වා රෑට ඇදෙන් පනින නිසා බිමට මෙට්ටයක් දාල දුන්න කියලත්..“
“එහෙනම් ගුඩ් නිවුස් එකක් බං.. !!“
අන්තිමට වූයේ අපි හතර පස් දෙනෙක් මල ගෙදරට සැට් වීමය. අපෙ මිත්‍රයා අපිට ගෙනියන්නට දෙයක් ඉතුරු නොකොට සියල්ල සෙට් කර තිබුණේය. සුපුරුදු ටේබල් එක, වාහනේ ඩිකිය කර ගත් අපි සැනසල්ලේ සීයාට පිං අනුමෝදම් කරන්නට සූදානම් වීය. පුන්‍යානුමෝදනා කරන ලද පැන් බෝතලය අප මිතුරෙකු විවෘත කළේය. ඒ අතර අප හතර දෙනෙකුට පැන් බෙදා දීමට ප්ලාස්ටික් කප් හතරක් වූයේය. එක අයෙකු කප් එකක් ප්‍රතික්ෂේප කළ නිසා අපි තිදෙනා වට වීමෙන් සීයා වෙනුවෙන් අවසන් කටයුතු ආරම්භ වූයේය. එක් අයෙක් ප්‍රතික්ෂේප කළද පැන් කප් 4කට වත් කර තිබූ නිසා වැඩි වූ පැන් පිරුණු කප් එක සීයා වෙනුවෙන් වෙන් කිරීමට තීරණය වූයේය.
වට පිටාව පාළු වූ හෙයින්ද, විශාල පාළු වත්තක් වූ හෙයින්ද, කළුවර නිසාම ආරම්භ වූයේ හොල්මන් කතන්දර වටයයි. කිසිම ගාණක් නැතුව කතන්දර එකින් එක එළියට ආවේය. සීයාගේ ෂොට් එක පැත්තකය. අයෙක් කීවේ මචං ඉන්න ගමන් ෂොට් එක අඩු වෙනවද බලපං කියාය. ජීවත්ව ඉන්න කාලේ සීයා ආතල් චරිතයක්, අඩි පුඩි ගහන චරිතයක් බව ආරංචි වූ නිසා කප් එක පිළිබඳ අවධානය වැඩි වූයේය. හොල්මන් කතා අවසන, ආතල් කතාද, ඔපීස් කතාද, ආරම්භ වූයේය. අවසන් වූයේය. පැත්තක තිබුණු සීයාට පිං පිණිස සීල් කැඩූ බෝතලය කාලක්ක්‍රියා කරමින් තිබුණේය. අවසන් කාල ඉතිරිව තිබූ හරියේදී එතැනට ආවේ අපි නොදන්නා ඩෑල් එකක්ය. රස්නය හා කඳ සහිත ඕනෑම දෙයකින් ආතල් එකක් ගන්නා මට්ටමේ සිටි නිසාම ඩෑල් එක බයිටට අල්ලා ගැනීමට හැකි වූයේය.
“අම්මට හුඩු අයියා දැන්ද යන්නේ??“
“ඔව් මල්ලි.. ඔයාල කවුද??“
“අපි අරූගෙ යාලුවෝ.. අයියා කාගෙ කවුද?“
“මම සුදු අයියගෙ (අපේ එකාගෙ තාත්තාගේ) අසල්වැසියෝ“
“එල එල.. එහෙනම් හීනියට එකක් දාමු.. මම දැක්කා කැරම් ගහන තැන අයියා දුමක් එහෙම දාගෙන ඉන්නවා..“
“කමක් නෑ මල්ලි මම මේම යනවා.. මම පොඩ්ඩක් දාගෙනම තමයි ආවේ..“
“පිස්සු කෙලින්න එපා.. එකක් ගන්න..“
“හරි මල්ලි ඔයාලට මදි පාඩු නම් අපි බඩු අරන් එමු.. කන්ටැක්ස් තියෙනවා.. මම ඒනම් පොඩ්ඩක් දාගත්ත ඕං..“
බුවා අපේ මට්ටමට සිටියාද, නැතිද මීටර් නැතිය. එහෙත් පොර ඒ කාලේ කතන්දර ටිකක් ඇඳ බෑවේ අපෙ උන් එක්ක එක ක්ලාස් එකේ එකට හිටියා වගේය.
“මතකද මල්ලි සමීරයා...“
“මොකෝ නැත්තෙ.. අර අතුලයගෙ කඩේ එහා පැත්තෙ හිටියෙ..“
“අන්න හරි.. නයිට් කඩේ අතුලයා..“
“හැබැයි අයියෙ අතුලයා ඩයල් එක නේද??“
“නැතුව උබලට මතකද අපි සී.ටී.බී බස් කාරයෙක්ට ගැහුවා..“
“අපිට සීන් එක ආරංචි වුණා.. මොකක්ද ඇත්තටම උනේ බං අයියෙ..“
“මේකයි මල්ලි සීන් එක.. කොන්දා අපෙ සමීරයගෙන් ගේම ඉල්ලුවා. අපිත් හිටියනේ සීන් එකේ. ප්‍රියන්තයා පැනපු හැටියෙ කොන්දට ගැහුවා. අනික මහ රෑ වුණේ සීන් එක. අපේ උන් ඔක්කොම ඇඳල අරන් කොන්දටයි, ඩ්‍රැයිවර්ටයි දෙන්නටම කෙලියා. පැනලා දිව්වා. අන්තිමට හැංගුනේ අතුලයගෙ කඩේ.“
“ඒකනෙ අයියෙ කිව්වෙ අතුලය හොඳ එකා කියල. සමීරයා නම් මහ චාටර් ඩෑල් එක.“
“එහෙම පොඩි සීන් එකක් තියෙනවා. පොලිසිය ආවා මල්ලි අපිව හොයාගෙන. අතුලයා තමයි අපිව කඩේ ඇතුලෙ හංගලා තිබ්බෙ. අනික ඌට ගම්පහ පොලිසියෙ කන්ටැක්ස් ඒම තියෙනවා.“
“අයියා මොකෝ කියන්නෙ තව අඩියක් ගහනවද??“
“නෑ බං මල්ලි මම දැං යන්නෝනි. දෙකත් පහු වෙලා නේ. කෙල්ලො දෙන්නා බලං ඇති..“
“අම්මට හුඩු.. අයියට ලොකු ලමයි ඉන්නවද??“
“ඔව් මල්ලි එක්කෙනෙක් මේ අවුරුද්දෙ විභාගෙ, අනිත් එක්කෙනා කැම්පස්..“
“හරි අපි මේම කරමු. දානෙ දවසට සෙට් වෙමු.“
“ආයෙත් අහලා මල්ලි මගෙ නම්බරේ ගහ ගනින්. එද්දි කෝල් එකක් දියං. වල් ඌරද, ඌරද, හරකා නැතුව ඕනෙ එකක් සෙට් කරල තියන්නම්.“
“අයියගේ නම??“
“මම ආනන්ද..“
ආනන්ද අයියාගේ දරුවන් ගැන ඉතා විමසිල්ලෙන් අසා ගෙන, ඔහුව පිටත් කිරීමට කාලය එළැඹ තිබුණේය. බයිට වැඩි වුණාම බෝරිං ය. සුදුසු කළ පිටත් කළ යුතුය. අපේ උන් සමීරයාව, අතුලයාව, මතක් කරන්න යැයි පවසමින් ආනන්ද අයියාව වීල් එකට නැග්ගවීය. ඒත් උන් දන්නා අතුලයෙක්, සමීරයෙක් නැතිය.
“අයියේ මුලක් තියෙනවා පරිස්සමෙන් රිවස් කරන්නේ..“
“හරි මල්ලී.. මම කල්පනාවෙන්..“
“හෝව්.. හෝව්.. හෝව්.. වැඩියි, වැඩියි.. පස්සට ගත්ත වැඩියි..“
“ඇයි ඇයි මොකෝ මල්ලි..“
“හෙමින් ගන්න අයියා..“
“පොඩ්ඩක් හිටහල්ල යකුනේ මම තාම වීල් එක ස්ටාර්ට් කළෙත් නැහැනේ..“
“හරි බං අයියේ.. පෙර දැනුම් දීමක් කළේ..“
****
ආනන්ද අයියා මාරු වුණේ දානය දා බයිට් සැට් කරනවා කියාය. ඉන්පසු අපේ කතන්දරය. ආනන්ද අයියාගේ දියණියන්ගේ විස්තර සොයන්නට ගිය එකා විනාසය. වීල් එක ස්ටාර්ට් කරන්නට පෙර “හෝව් හෝව්“ කියූ එකාද විනාසය.
“අඩෝ.. සීයා ෂොට් එක දාලා..“
“කෝ යකෝ සීයගේ ෂොට් එක..??“
සීයාගේ ෂොට් එක මිසින්ය. අපි ආනන්ද අයියා බයිට් කරන අතර සීයා ඇවිත් අඩියක් ගසා ගිහින්ය. පැත්තක තිබූ පපඩම් බෑග් එකද පේන්නට නැතිය. අපෙ උන් අතින් පරීක්ෂණ ආරම්භ විය. අවසන නිගමනය වූයේ. එක්කෝ සීයා ඇවිත් ෂොට් එක දමාගෙන යන්නට ඇතිය. නැතිනම් ආනන්ද අයියාගේ වෙස් ගෙන සීයා වීල් එකේම පැමිණ අඩියක් ගසා අපිටද ආතල් දී පිටත්ව යන්නට ඇතිය.
ආනන්ද අයියා සිරාවටම ගමේ ඩයල් එකක් දැයි බැලීමට සිකුරාදා බණට සහභාගී වී බැලිය යුතුය. !!
Written_by_sAm_ශ්‍රී_Perera_11:15pm_04/01/16
මේ තියෙන්නේ අවුරුද්දේ වැඩ අල්ලලා! සන්තෝසයි! සන්තෝසයි!!!
ReplyDeleteඅල්ලගෙන යනවා ඕං !
Deleteබොට නූල් බැඳීමට සහ තොයිල් නැටීමට සෙනසුරාදා දානයෙන් පසු අපි පැමිණෙන්නෙමු.
ReplyDeleteබණට වඩින්න බැරි වුනා ප්‍රසෝ
Deleteආනන්ද අයියා ගැහුවද ෂොට් එක.....
ReplyDeleteයෑස් ආනන්දයා සීයාගේ කොටහට කෙලලා !
Deleteහොද වෑඩේ තොපිට..බදාගෙන කන්න තියෙන දේ බෙදාගෙන කන්න ගියා..ඈති උඹලගේ කලිසන් ගලවගෙන ගියේ නෑති එක
ReplyDeleteThanks for this blog posst
ReplyDelete