කස්සාගේ කතාව ඌට නම් ශෝක ජනකය. සෑමාට නම් ඒ තරම් කතාවක් නැත්තේය. කස්සාව කතා බහට සැට් වූයේ ඊයේ පෙරේදාය. ඒ නම් කාලෙකින්ය. කොණ්ඩය කපා ගන්නට යැයි කියමින් සැලුන් එක දක්වා ඇදුනු කස්සා හෙයාර් කට් එකට පසු පැමිණ සෑමා හමුව ඔහුගේ කතාන්දරය කියා සිටියේය. ඒ කතාන්දර අපේ කතාන්දරය කර ගැනීමට කාලය හරිය. කස්සාට එදා මේ කතාව සෑමාට කිව්වා යැයි අමතක ඇතිය. එහෙම අමතක වන්නට නොදී පෝස්ට් එක කෙටීම නම් පට්ට අසාධාරණය. එවිට ඌ කියන්නේ අඩේ බඩු වේලෙන්න කලින් විස්තරේ පත්තරේ දාලා කියාය.
“මොකැ බං වෙන්නෙ දැන් පන්සල පැත්තෙ ඒම යන්නේ නෑ නේද??“
සෑමලෑ, කස්සලෑ ගමට පන්සල් හතරක්ය. ගමේම කියන හෙඩ් පන්සල තිබියදී අනෙක්වා බ්‍රාන්චර්ස්ය. එහෙත් බ්‍රාන්චර්ස් පවා හෙඩ් ක්වාටර්ස් වන්නේ තමන්ගේ නිවස තිබෙන ස්ථානය අනුවය. කෙසේ හෝ කස්සා සහ සෑමා මේ කතා කළ පන්සල ඒ හතරෙනුත් පිට අපේ පන්සල යැයි කියවෙන අපේ දහම් පාසලය. ඔව්, කුප්ප කතන්දර රැසක් ලියැවුණු කැළණි දහම් පාසලය. පරණ පන්සල් කතා වල ලින්ක් ඇඳිය නොහැකිය. කෙසේ හෝ කස්සාගෙන් සෑමා ඇසුවේ ඉහත ප්‍රශ්ණයය. ඇයි බං පන්සල පැත්තේ යන්නෙ නැද්ද කියාය. සෑමාද එලෙසය. වෙනදාට දහම් පාසල් යන කාලයේ නම් දුරුතු මහා පෙරහැරට මේ දවස්වල සෑමාලා බිසීය. බ්ලොග් ලියන තරියා ඒවාට ප්‍රාෙයා්ගික සාක්ෂිය. ඒ කටු සහ ඒ කටු වල රස දන්නේ වැඩේ සිටි උන්ය.
“කොහෙ යනවද බං?? අපිව ඒ කාලෙම කුජීත කරල දැම්මනේ..“
ඒ කස්සාගේ පිළිතුරය. කුජීත කළේ කවුද යැයි ඇසීම වැඩක් නැතිය. තමන්ට තමන් ඇරෙන්නට වටේ සිටින උන් කුමන හෝ කුප්ප වැඩකින් ලඟ සිටින එකා කුජීත කිරීමේ ආදරණීය වෑයමේ යෙදෙන්නෝය. කුජීත වූ දවස ඇසීමද නිෂඵලය. මන්ද ඉස්සර දහම්පාසල් යන සෑම දිනක්ම අලුත් දිනක්ය. බාල්දියක් පෙරලෙන්නේ, පෙරලගන්නේ නැති දවසක් නොමැත්තේය. ඒ නිසාම සෑම දිනක්ම අලුත් අත්දැකීමක් ලබන්නට දෑස් අයා බලා සිටිය යුතුය. සෑමාට ඇසීමට ඉතුරුව තිබුණේ එකම ප්‍රශ්ණයක්ය. එය සෑමා කෙලින්ම කස්සාගෙන් ඇසුවේය.
“කොයි සීන් එක ගැනද බං උබ කියන්නේ?? “
කස්සා කතාව දිග හැරියේය. එය කස්සාට සිනා මුසු දුක් කතාවක්ය. සෑමාට නම් එය මී පිරුණු රසවත් සිනා සාගරයක්ය.
“ඇයි බං හේරා අපිට දුන්නනේ පුඩිය..“
හේරා යනු ගුරු මණ්ඩලයේ සිටි ඇන්ටික් වස්තුවක්ය. ජාතික කෞතුකාගාරයේ තැබිය යුතු අයෙක්ය. දහම් පාසලේ උගන්වන කාලයේම වයස අසූ ගාණක් පමණ අයෙක්ය. කොණ්ඩය සුදුම සුදුය. පාඩම කියවන්නේ පොතක් බලාගෙන වුවද අවුලක් නැතිය. අපි ලියන කියන කිසිවක් ඔහු නොබලන්නේය. පන්තිය ඉදිරිපිටම කෙල්ලන්ගේ ඩෙස්ක් එකක් මත ඉදගෙන තමාට කතා කළ හැකි උපරිම දුරට ඇසෙන ලෙසද, තමාට පෙනෙන උපරිම දුර සීමාව බලාගෙනද හෙතම පාඩම කියවන්නේය. අන්තිම පේලි වල උන්ට කරදරයක් නැත්තේය.
“මොකක්ද බං ඒ සීන් එක..??“
සෑමා වැඩි විස්තර සොයන්නේය. හේරා සෑමාට මැවී පෙනෙන්නට විය. පාඩමට අවධානය නැති වුවත් කුපාඩි වැඩකට මාට්ටු වුණොත් හේරා අපෙ උන්ගේ රෙදි ගලවන්නේය. ඔහු දැන සිටි දරුණුම වචනය “පරයා“ යන්නය.
“නැහැ බං දවසක් මම දහම් පාසල් ගියෙ නැති දවසක හේරා ඇවිත් අපෙ උන්ට පේපර් එකක් දීලා...“
“ඉතිං...“
“අපේ සම්පතා කරල තියෙන වැඩේ පේපර් එක ලියලා මගෙ නම දාලා..“
“පොඩි සීන් එකක් නෙ අවුලක්ම නෑනෙ.. අනික බං හේරා පේපර් නෙවේ මොක දුන්නත් දරුණුවට ගන්න දෙයක් නෑනෙ බං..“
“එහෙම අවුලක් නැති නිසා තමා සම්පතා මට ඉහළ උසාවියටම යන්න බඩු සැට් කළේ.. ඌ පේපර් එකට මගෙ නම දාලා P. අතාවුද කියලත්..“
“උබ පී නෙවේ නෙ යකෝ. කේ නේ..“
“ඒක තමයි.. කුපාඩි කමට බං පී දාලා තියෙන්නෙ. අනික මූ අන්තිමට තිබ්බ ප්‍රශ්ණෙට සුපිරිම ආතල් එකක් දීල තිබ්බා..“
“ඒ මොකක්ද ඒ??“
“තුන්වන ධර්ම සංගායනාව ගැන ලියන්න තිබිලා.. මූ සුපිරියටම ලියලා. මුල් ටික සිරාවට ලියලා. අන්තිමට ජෝගියක් දාලා බං“
“ඉතිං කියාංකෝ ජෝගිය..“
“මූ අන්තිමට ලියලා සංගායනාව අවසානයේ සිරස මාධ්‍ය ජාලය අනුග්‍රහයෙන් සුපිරි තරු තේරීම සඳහා සුපර්ස්ටාර්ස් තරඟයක්ද පැවැත්වුණා කියලා. පලමු ජයග්‍රාහකයා අජිත් බණ්ඩාරට සුපිරි මෝටර් රථයක්ද, දෙවෙනි හා තෙවෙනි ස්ථාන සඳහා මුදල් තෑගිද, අනෙක් දස දෙනාට සැනසිලි තෑගිද දුන්නා කියලා.“
“අඩෝ.. හේරාට උබව මාට්ටුද??“
“නිකං ම මාට්ටු වුණා බං..“
“ඒ කෝමද උබ එදා දහම්පාසල් ගියෙ නෑනෙ..“
“මේකනේ හේරා පේපර් එක උස්සං ඇවිත් කවුද මේ පරයා කියල ඇහුවා. මම අන්දුං කුන්දුං වෙලා බං හිටියෙ. පී. අතාවුද කිව්වාම මම කිව්වා මම පී නෙවේ කේ කියලා. එතකොට පන්තියම හිනා වුණා. පස්සෙ මම කිව්වා මම එදා ආවෙත් නැහැ කියලා. මූ කියපි ඒම වෙන්නෙ කෝමද මේ පේපර් එක ලියලා තියෙන්නෙ කියලා...“
“උකා.. ඇයි යකෝ රෙජිස්ටර් එක??“
“මොන රෙජිස්ටර් ද බං. මම හේරාට ගේම ඉල්ලුවා බොරු නම් එදා රෙජිස්ටර් එක බලන්න කියලා. මූ රෙජිස්ටර් එකේ බලපි. මම එදා ඇවිල්ලා කියල මාර්ක් කරල බං. අපේ එවුන්ම නේ රෙජිස්ටර් එක මාර්ක් කරන්නෙ. ඉතිං උන් කවදාවත් අපිට ආවෙ නැහැ කියලා එක නොදා ඉන්නෙ නෑ නේ...“
“අඩෝ අන්න ඒක තමයි කියන්නෙ නිරපරාදෙ එක දා ගන්න යන්න එපා කියලා..“
Written_by_sAm_ශ්‍රී_9:45pm_22/12/16
කාලෙකින් ආවෙ....කථාව නම් මල් මසුරං බං...ඔය වගේ අං ගිලපු උන් හැම තැනකම ඉන්නවා. අපේ පන්සලේ නම් අපි දහම් පාසල් යන කාලෙ කලේ මී අඹ ගහට පොල්ලක් ගහලා අඹ වැටෙන්න කලියෙන් මාරු වෙන එක...පොල්ල බිම වැටෙනකොට ඒ ලග පාතින් යන අහිංසකයෙක් තමා මාට්ටු උනේ.
ReplyDeleteමගේ නොවන මගේ ම පේපර් එක!
ReplyDeleteනියම සීන් එක
ReplyDeleteහැක්... මරු ආතල් බං.
ReplyDeleteඅපෙත් ඔහොම දහම් පාසල් සීන් තියෙනව. ඒව ලියන්න කොහෙද ඉතිං බ්ලොග් එකක්.
පට්ට...
ReplyDeleteහොඳ පාඩමක් බං.නිකම් "එක" දාගන්න යන කාට වුනත් ප්‍රින්ට් කරලා දෙන්න වටිනා පාඩමක්.
ReplyDeleteහම්මෙ ගස් යන වැඩනෙ බන්
ReplyDeleteප්ලෑන් කරල ගේම දීල තියෙන්නෙ බං. අපි අපේ එකෙකුට වෙලාව මාරුවෙන්න ඔයවගේ වැඩක් කලා. කලිං දවසෙ රූම් එකේ තිබුන ෆෝන් ඔරලෝසු ඔක්කොගෙම වෙලාව පැය දෙකක් ඉස්සරහට දැම්ම. රැවටුන එකා රැවටුනා සුපිරියට!
ReplyDeleteසංගායනාව අවසන් කරපු හැටි මරු අප්පා. හේරා බූරුවා වෙන්න ඇති කියෙව්වට පස්සේ.
ReplyDeleteතුන්වන ධම්ම සංඝායනාවට පස්සේ සුපිරි තරු තේරුවේ නැද්ද එතකොට ?
ReplyDeleteමරේ මරු.....ජය......
ReplyDeleteඑල ද බ්‍රා
ReplyDelete