ඉතිං සැන්ටා ක්ලෝස් සීයේ, ඔබගේ සැප දුක් කෙසේද? පොඩි සෑමා නම් සුවෙන්ය. ඔබට ලියන්නේ නම් කලකින්ය. දැන් නත්තල් සීයා වුණාට පොඩි සෑමා ඔයාව දන්නේ සැන්ටා ක්ලෝස්ය. ඒ පොඩි සෑමාගේ සීයා නිසාය. සීයා ඉන්න කාලේ අපේ ගමටත් සැන්ටා ක්ලෝස් කෙනෙක් සිටියේය. හැම දෙසැම්බරේම සැන්ටා ක්ලෝස් සීයාට ඇන්දේ ගමේ හිටිය සාන්ත සීයාය. වැල මැරී තිබුණත් අල බැස තිබුණු නිසා සීයා දෙසැම්බර සීතලේ සැන්ටාගේ මූණට මුවා වී වැඩ කිඩ දැම්මේය. ඒ දාපු තරමක් වැඩ දැම්මේ අල්ලපු ගෙදර ආච්චීටය. ඒ ආච්චී ගේ සීයා මැරුණු දා සිට ආච්චි බලා සිටියේ සීතල දෙසැම්බරේ තෑගි අරගෙන සැන්ටා සීයා හෙවත් සාන්ත සීයා එනතුරුය. ගමටම නත්තල් දා සාන්ත සීයාගේ තෑගි ලබන්නට පොඩි දරුවන් වෙන අපි දෑස අයා බලා සිටින්නෝය. ඒ අතරද එහා ගෙදර ආච්චී දොරකඩට වී සිටින්නේ මැදියම් රැයේ සාන්ත සීයාගෙන් අරුම පුදුම තෑගි බලන්නය. විටක සාන්ත සීයාගේ පිණි මුවා මතට ගොඩවන අල්ලපු ගෙදර ආච්චී එකල අපි අස්සයා ගෝන් ටික් ටික් කරන්නාක් මෙන් කුලප්පුවෙන් දඟලනා බව කිව්වේ අපේ ආච්චීය. ඒ අසා සිටි සීයා හරස් ප්‍රශ්න රැසක් ඇසුවේ ආච්චී ඒ අඩව් ගැන දන්නේ කෙසේද දැන ගන්නට විය යුතුය. ආච්චී ගණනකට නොගෙන කියා සිටියේ අනේ මම පිණි මුවාගේ අං තට්ටුව ගැස්සෙනාව දැක්කා කියාය. එදා සීයා ආච්චීට බැන්නේ බොට සැන්ටා ගෙන් තෑගි තියා සැනසිලි තෑගිවත් ගන්නට ඉඩක් නොතබන බව කියාය. එහෙම මොකක් හරි ආරංචි වුණොත් සැන්ටා ක්ලෝස්ව, ක්ලෝස් කරන බව සීයා කියූ වාර අනන්තය.
අපේ සීයා එහෙම කිව්වාට එහා ගෙදර මැගි ආච්චී සැන්ටාට ගොඩක් ක්ලෝස්ය. ඒකට අපෙ සීයාට පොඩි ඉරිසියාවක් තිබුණු බව අපිට වැටහී ඇත්තේය. ඒක සාධාරණ විය හැකිය. මොකද අපෙ සීයා අසල්වැසියාට ප්‍රේම කරන නිසාය. ඒත් අපෙ ආච්චීටත් ඒ සම්බන්ධය පිළිබඳව තිබුණේ මහත් තරහක්ය. කේන්තියක්ය. මැගි ආච්චීව දකින්නට තරම් ඈ අප්‍රිය කළාය. ඒ අතින් අපෙ ආච්චී වැරදිය. කරන්නට තිබුණේ මැගි ආච්චීට ප්‍රේම කිරීමය.
පවුල් ප්‍රශ්න, ගමේ ප්‍රශ්න අඬ දඹර මොක තිබුණත් අපි සාන්ත සීයාට කෙසේ වෙතත් සැන්ටාට ආදරය කළෙමු. ඒ මෑන්ස් මොක වුණත් කන්නට ලොසින්ජරයක් හෝ අප අත තබන නිසාය. බොහෝ විට ගම පුරාම වීදි සංචාරය කර මධ්‍යම රාත්තිරියේ සැන්ටා අපේ ගෙවල් පැත්තට එන්නේ මැගි ආච්චීට ප්‍රථම ත්‍යාගය ලබා දෙන්නය. ඒ අනුව අවසන් සැනසිලි තෑගි ලැබෙන්නේ අපිටය. මැගි ආච්චීගේ අල්ලපු ගෙදර ඉන්නා අපිට සැන්ටාගේ සැලකිල්ලත් වැඩිය. ඒ සැලකිල්ල නිසාමදෝ නත්තල් පාටියෙන් ඉතිරි වූ කෑම බීම පවා සැන්ටා වෙනුවෙන් වෙන් කර තබන්නේ අවසන් ජාමයේ කා බී විනෝද වන්නටය. ඒ අතර තුර සැන්ටා තමන්ට ලැබෙන කෑම බීම මෙන්ම, කවලං වූ අඩි පුඩිද ගසා එන බව අමුතුවෙන් කිව යුතු නැතිය.
එදා ද සුපුරුදු පරිදි සැන්ටා මැගි ආච්චීට තෑගි දෙන්නට ආවේය. සැන්ටා සීයාට පදමට ඩෝප්ය. ඒත් සීයා අපිට තෑගි දෙන්නට අමතක නොකළේය. තෑගි අප අත තබා මැගි ආච්චී බලන්නට යන්නට යද්දී අපේ ගෙදර අය කිව්වේ සීයාට කෑම එකක් ලෑස්ති කරන බවය. “හරි හරි මම මැගියා බලා එන්නං“ කියූ සීයා අල්ලපු ගෙට පැන්නේය. කෙසේ හෝ වැඩ අහවර කොට කෑම ගන්නට මේ පැත්තට එන නිසා අපේ ගෙදර අය සීයාට කෑම පාර්සලය ගසා තබන්නෝය. අපේ ගෙදර අය අපිට කිව්වේ “ඔතල තියෙන්නේ, සීයා ආවම දෙන්න කියාය“ ඒ අසා සිටි අපෙ සීයාට ඌරු ජුවල්ය. “ඔතල දීහල්ලා ඕකට මල් පඩංගුව“ කියා කිව්වේ තරහින්ය. එහෙම කිව්වාට අපිට සීයා එනතුරු නිදි මරන්නට බැරිය. පැය ගණනක් ඉවසා බලා සිටියද සීයා එන පාටක් නැතිය. හැම දෙසැම්බරේම සාන්ත සීයා මැගි ආච්චී සමඟ අහවල් එකක් කරනවා දැයි බලන්නට අපේ පුංචි හිත් වලට සාධාරණ කුතුහලයක් ආවේය. ඒ නිසාම මැගි ආච්චීගේ මැට්ටෙන් හැදූ පැල්පතේ ජනෙල් ගැට්ටෙන් ඇතුලට එබුනේ සීයාගේ පිණිමුවා බලන්නටය.
පැත්තක කුප්පි ලාම්පුවක්ය. කළු දැල්ල කෙලින්ම ඉහළට නැගෙන්නේය. පහළින් කහ දැල්ල සෙලවෙන්නේය. සැන්ටාගේ රතු පාට තෑගි මල්ල ගොම පොළොවේ දිගා වෙලාය. සැන්ටාගේ රතු පාට තොප්පිය, සුදු බූල් සහිතව ආච්චීගේ හිසේය. මැගි ආච්චීගේ සුදු කොණ්ඩයට සීයාගේ රතු තොප්පිය පට්ට මැචින්ය. එහෙත් හරි කලබලයක්ය. ආච්චී පිණිමුවා සමඟ පොර බඳනවා විය හැකිය. සීයා බිම පෙරලිලාය. මැගි ආච්චී නරකය. අහිංසක පිණි මුවා උඩ නැගී උඩ පනිනවාය. සීයා පිණිමුවා බේර ගන්නට දඟලනවාය. ඒ කළබලය නිසාම මැගි ආච්චීගේ චීත්තය බිම වැටෙන්නට ඇතිය. පිණි මුවාගේ අං තට්ටුව පැටලී ආච්චීගේ හැට්ටය ගැලවෙන්නට ඇතිය.
“මට හඳට යන්න ඕනෙ මැගියෝ.. මලක් ඕනේ... මැගියෝ...“
සීයා හති අරිමින් කෑගැසුවේය. ඒ අතර ජනේලය පැත්ත බලමින් දැඟලුවේය. කලබලය දැක පුදුම වී සිටි අපිට සැගවෙන්නට වෙලා නැති වුණේය. අපි හිතුවේ පිණිමුවා ගැන මිසක හැංගෙන එකක් ගැන නෙවේය.
“තොපි මොකද යකුනේ මෙතැන කරන්නේ.. පල යන්න කාලකන්නි යක්කු..“
“නෑ සීයෙ ඔතල තියෙනවා අරන් යන්න කියන්න අපි ආවේ..“
සාන්ත සීයා වෙස් මූණට මුවා වී, මැගි ආච්චී සමඟ පිණි මුවාට සලකපු ආකරය දුටු අපට දෙන්නට තිබුණු සාධාරණම පිළිතුර එයම විය.
“හෑ යකුනේ.. කවුද ඔතල තියෙනව කිව්වේ.....“
“අපෙ සීයා..“
“කවදාවත් නැතුව යකෝ.. උට මාව මතක් වුණා එහෙනම්.. උබලට විස්වාස ද? මොනවද ඌ මට ඔතල තිබ්බේ..“
මැගි ආච්චී පැත්තකට පැන්නේය. සාන්ත සීයා නැගිට්ට නැගිටිල්ලට ආච්චීට පනින්නට දෙයක් නොතිබ්බේය. පිණි මුවා මිසිං ය. සාන්ත සීයාගේ මුහුණින් අපිට පෙනුනේ අපිට කරදරයක් නම් නොවන බවක්ය.
“සීයාට.. මල් පඩංගුවක් තිබ්බා...“
“වරෙව් යන්න.. මම මදි පාඩුවක හිටියේ.. උබලෑ සීයා හොඳ එකා මාත් එක්ක බොරුවට අමනාප වුණාට.. මැගියෝ තෝ හිටු. මම ආයෙ එන්නං...“
සැන්ටා සීයා සතුටින්ය. අපිත් ඔහු පිටුපසින් ගියේ මහත් සතුටින්ය. ලබන නත්තලේ සිට අපිට වැඩිපුර තෑගි ලැබෙනවා ෂුවර්ය. සැන්ටා සීයා දිව ගොස් අපෙ සීයාව බදා ගත්තේය. කලබලයට සීයාගේ සරම පහලට වැටී අහවල් එකක්ද කරන්නේ කියා ඇසුවේය.
“උබ හොඳ එකා.. දීහං මට මල මෙහාට්ට..“
“මොන මලක්ද යකෝ.. තෝ මෙහෙන් තොලොන්චි වෙලා පල මේ බත් පත අරං“
“එහෙනං මුං මට ඇවිත් කිව්වේ උබ මට ඔතල තිබ්බ කියල එකක්....“
“ඔතන්න..?? උබට ඔතල, රෝල් කරල එකක් ගහන්නෝනි පුකේ...“
“තොපි හැත්ත.. කියපල්ලෝ මොකක්ද මේකෙ තේරුම...??“
“ඔය තියෙන්නෙ සාන්ත සීයාට ඔතපු කෑම එක.. ඒක ගැන අපි කිව්වෙ..“
අපිට කියන්න ලැබුණේ එච්චරය. සාන්ත සීයා කුණු හරප රැසක් කියා අඩි පොලේ ගසා නික්ම ගියේය. මැගි ආච්චී නැවත අප සමඟ කතා නොකළාය. ඒ විලි ලැජ්ජාවටය. අපෙ සීයාද වෙච්ච දේ හොදා යැයි කිව්වේ එදායින් පසු සාන්ත සීයා සැන්ටාට නො ඇන්ද නිසාය. ආච්චී නම් අපට සිද්ධිය මතක්වන සැරයක් පාසා දොස් කියන්නීය.
මොක වුණත් අපිට තෑගි දෙන්නට සාන්ත සීයා එනවා නම් අපි සතුටුය. ඒත් ඒ සතුට කවදාවත් නොලැබෙන්නේය. දැන් සාන්ත සීයලා ඉන්නේ සාප්පු වලය. නත්තලටය. ඒ අපිව ගෙන්වා ගන්නටය. අපෙන් සල්ලි අරන් අපිට බඩු දෙන්නටය. නැති නම් නිකං දෙන්නට නෙවේය. එහෙව් එකේ සැන්ටා සීයා සිටියා නම් මැගි ආච්චීටද සතුටුය. අපිටද සතුටුය.
Written_by_sAm_ශ්‍රී_10:14pm_26/12/16
හිනා කාල පන යනව බං සැමෝ.. කොහෙද බං මිසිං වෙලා හිටියෙ..?
ReplyDeleteහොරා වගෙ උන්නෙ !
DeletePatta kathawa!Siyalu darshana mawila penawa!
ReplyDeleteස්තුතියි !
Deleteඋබ ආයමත් ලියන එකනම් එල ද බ්‍රා
ReplyDeleteඑල
Deleteඅනේ ඉතිං උඹලත් අර වෑසක ඩෑල් දෙකට අස්සය ගෝං කරන්න දෙන්නැතුව උදැල්ල දැම්මනෙ.
ReplyDeleteනියමයි.
නැත්තං නත්තල් බබාලා ආවොත් ඒම
Deleteදැන් සැන්ටට අඳින්න තහනම් නේද...?
ReplyDeleteඒම සීං එකක්ද??
Deleteඒත් මම දැක්ක බොලව් ඉන්නවා..
තොපිලා පොඩි කාලේ ඉදලම අස්සයා ගොං යන එවුන්ට බාදා කොරලා..තොපිලටත් ඔය සාපේ වදිනවා බොල
ReplyDeleteඅපොයි... ගැලවෙන්න බැරි වෙයිද බං ??
Deleteමම මුලින්ම කියෙව්වෙ උබලගෙ මාතලන්ගේ අර දැන් ලියන්නෙ නැති රජසම්පත් ලැබේවා කියන එකාලගේ අටමාගේ බ්ලොග්. බෝගේ ඒවා ඒ දවස්වල ඉඳලම පුදුම රසවත්. උබලට වැඩ ඇති. ඒත් උබල ලියන්නෙ නැති එක ගැන දුකයි. මේක ගොඩක් උනේ සම්මාන දීල ලංකාවේ බ්ලොග් ලෝකේ කුඩු කරල කණ්ඩායම් හදපු දවසෙ ඉඳල. දැන් අවුං ලියන්නේ උන්ගේ උප්සට් ළමාවිය ලියල දුක විකුනන්න. වෙන ඇති රෙද්දක් මේකේ නැහැ. මාතලන් අටම පැරා නැත්නම් මේක සුසාන බුමියක්.
ReplyDelete/////දැන් අවුං ලියන්නේ උන්ගේ උප්සට් ළමාවිය ලියල දුක විකුනන්න////////
Deleteමේක ටිලාන්ගේ අදහස. මේක දැක්කම උඹ ගැන දුක හිතුනා. බ්ලොග්ස් කියන්නේ තම ආත්ම ප්‍රකාශන සටහන් කිරීමටත් යොදාගන්නා මාධ්‍ය්යක්. වලිග වලින් බල්ලො නටන්නේ නැහැ. බල්ලො වලිග නටවනවා මිසක්. කාගෙවත් රෙද්දවල් හදන්නේ නැතුව අපි අපේ රෙදි හදාගත්තාම වැඩේ ගොඩ.
මොකාට මොනවා ලියන්නත් අයිතියක් තියෙනවා. තමන් තෝරගෙන කියෙව්වාම ඉවරයි. ඇයි ටිලාන් ඒ වගේ කොමඩි ටයිප් එකක්වත් ලියන්න පටන් ගන්නේ නැත්තේ. නව වසරේවත් ලියන්න පටන් ගත්තොත් අපිට හිනාවෙන්නත් පුලුවන්.
මේත් මාතලන් ටයිප්ම පොරක් තමා.ඉතිං මේ වගේ කොමෙන්ට්ස් ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා අරුවෝ.
Deleteමම දැම්ම කොමෙන්ට් එකක් නිසා මම හිතුව අරුණ අයිය මේකටත් කොමෙන්ට් කරයි කියල. ඒකයි මේකයි අතර සම්බන්දයක් නැහැ. ඔබ තුමාට ලැබුන ලොකු කේලමකින් වයින් වෙලා වගේ. දැන් බ්ලොග් කේලම් හෙන ෆාස්ට් නේ.
Deleteමම ඔබ තුමාට ගොඩක් රෙස්පෙක්ට් කරනව.
දැන් මේකෙන් සී නුවර තට්ටයටත් ෆුල් ආතල්. ඔය උඩ ඉන්නේ.
හැක හැක.
අනේ අරූ අය්යේ. මට ඔහේ එක්ක උනත් ඔහේගේ මලය එක්කවත් අමනාපයක් නැහැ.
මම බ්ලොග් ලියන්නෙ නැහැ. හැබැයි කොමෙන්ට් කොරනව.
මම මේ ලිව්වෙ කාටදැයි කියල ඔහෙට ඊ මේල් කොරන්නම්.
මෙතන දැන් වහෙන් ඔරෝ ඉන්න හිගන්නෝ ඔහෙත් දැකල ඇතිනේ.
සමහරක් අවුන් පොස්ට් ලියල හිඟා නොකා හිඟා ඉල්ලනකොට කථා කරලා උදව් දෙන්න හැදුවහම ලොකු සීන්. ඒ වගේද බ්ලොග් එක?
මම කියන්නේ පොස්ට් ලියල හිඟන අවුන් ගැන. ඔහෙට ඕනනම් අරූ අය්යේ මම අද ඉඳල කොමෙන්ට් කරන එකත් ඇත අරින්නන්. බ්ලොග් කියවන එකත් ඇත අරින්නම්.
ඔහෙල දන්නේ නැති ගොඩක් ආතල් තියෙනවා මේ බ්ලොග් පිටිපස්සේ අරුණ මහත්තයෝ.
අනේ ටිලාන්....එහෙම හිතන්න එපා. මම ඔය බ්ලොග් කේළමුන් සමග කිසි ඇයි හොඳැයියක් නැහැ. අත්දැකීමෙන් වටහාගත්තොත් සතා කවුද නයා කවුද කියලා පැත්තකට වෙනවා මිසක් පූර්ව නිගමනවලට එන්නේ නැහැ.
Deleteටිලාන් ඒකනේ මම මගේ කමෙන්ට් එකේ මුලින්ම් ලිව්වේ " මේක ටිලාන්ගේ අදහස" කියලා. සැබෑ ලෝකේ කේලමුන් ඉන්නවා නම් සයිබරයේ නොඉන්න විදිහක් නැහැනේ. විමසිලිමත්ව ඇසුරු කරන්න. කාටවත් තමන්ව යූස් කරන්න දෙන්න එපා. ටිලාන්ට සුබ නව වසරක්!!
වැරදි වැටහීමක් වුනා නම් සොරි ඩොට් කොම්. බ්ලොග්ස් විනාශ කරන එවුන් ගැන දන්නවා නම් අපි ඒවා හෙලිදරව් කරමු. ටිලාන් දන්න දේවල් ලියන්න. ඒක බ්ලොග්ස් වලට හොඳයි.
මම දන්න කීප දෙනෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා. ඒවා ඔක්කොම අඩියක් පුඩියක් ගහපු වෙලාවට කරන හලෝ මචං කන්වර්සේශන්ස්.
Deleteඅරුණ අයියා.
Deleteඔබගේ කෘතහස්ත බ්ලොග් අත්දැකීම් වලින් කල අවබෝදාත්මක කමෙන්ටුවට හිස නමා ආචාර කරමි. කොමෙන්ට් ඉවත් කලෙමි.
එහෙත්,
මම ඔය උඩ ඉන්න එකාගෙන්ම හිතා ගන්ට පුළුවන් අනෝ ඇවිත් ඉන්න. හොඳ හෝ යම්කිසි දෙයක් කථා බහ කරන අතරෙත් මැද්දට පැනල හුළු අතු පත්තු කරන ඇවුන්ට කියන්ට තියෙන්නේ "සී නුවර මහත්තයෝ, බොට ගෑනි සමග සංසර්ගයේ යෙදෙන්ට බැරි තරම් ප්‍රශ්නයක් තිබේනම් වියාග්‍රා තිබෙන්නේ ඔබ සඳහා පමණි.
රසික උබ බ්ලොග් ලොවින් අතුගා මුහුණට මුත්‍රා කර වැළලිය යුතු මිනිසෙකි. I P සනාථ කර ඇත.
ප්‍රශ්න ඇතිවෙලා උත්තරත් දෙන්නම හොයාගෙන.
Deleteඅන්න අවසානයක් ඇති සංවාද.
ස්තුතියි මචං ලා !!
මේ උඩ තියෙන කමෙන්ට් එක සහතිකම ඇත්තය.මීට අවුරුදු හතරකට පහකට උඩදී බ්ලොග් ලිව්ව බොහෝ උන් අද අන්දෝ සන්සාරයක් නැතිය.ඒ කාලේ අඩිවිරජාගේ , සෑමගේ , රයිටර්ගේ, තරියගේ බ්ලොග් බලා හිනා වුන තරම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.සෑමගේ කැත හිත් වලට ලස්සන කවියක් ආයෙ බලන්නත් ආසයි.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔබ තුමියට මතකද මන්ද මුං ඕගනයිස් කළ බ්ලොග් ගේට්ටු, අවුරුදු උත්සව, බීච් පාටි ?? ඒවායේ තිබුනේ බොහොම අව්‍යාජ සහෝදර කණ්ඩායම් හැඟීම්. මඩ පොස්ට්, කතා කරන පින්තුර කථා, ආෆ්ට පාටි, අප්ඩේට් වෙනකං අපිත් බලාගෙන හිටිය. මේ කිසි දෙයකට මම සම්බන්ද නොවුවත් පුදුම විදිහට ඒවා බ්ලොග් තුලින් දැකල කියවල සන්තෝස උනා. ඒ දවස් තමයි බ්ලොගයෙ ස්වර්ණමය අවදිය, ආයෙ කවදාවත් නොයෙන. 🙈
Deleteස්තුතියි ආයෙත්.
Deleteඒ කාලෙ තිබ්බ ගතිය ආයෙ ගන්න සපෝට් එකක් දෙන්න වෙනවා හිටං !
සැන්ටත් සෙල්ලන් මිනිහෙක් නෙවෙයි බලන් ගියාම
ReplyDeleteමමත් සින්ඩියකට එන්ටර් වුනාම සෑම්ගේ පෝස්ට් එකක් තියෙනවද කියලා බලනවා. අද කාලෙකින් එකක් අහුවුනා. නියමයි. මම රස වින්දා. මම සෑමා හාස්‍ය රසය මතුකරන විදිහට කැමතියි. මට රස විඳින්න කැමති බ්ලොග් එකක්.
ReplyDeleteආ සෑමයියේ..! කාලෙකින් නෙහ්.. එහෙම හරි කමක් නෑ පෝස්ට් එකක් දාන්න. ලේ ටික චුට්ටක් පිරිපහදු කරගන්න..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ජය..!