ආච්චී සතුව තිබු
ඇන්ටික්ම ගැජට් එක
තම දුවගෙ ගෙදර එවු
දෑවැද්දෙ තිබූ එක
සීයාගෙ සරම් පොඩි
නූල් එක දෙක ගැලවි
ආච්චිගෙ දෙඅත් පොඩි
සරණින්ම වැසුනු හැටි
කකුල් තරමක් පළල්
කර තබා සීරුවෙන්
උඩ - පහළ යන ලෙසට
දුන්නානෙ ඇය රුකුල්
ආච්චී තම දුවට
කියා දුන් ශිල්පයට
නැලැවුණා මිණිබිරිය
අම්මගෙන් ලැබ දැනුම
ආච්චී දන්නෙ නැති
ලේසි පහසුම විදිහ
අම්මලා නොදත්තේ
මේ විදිහෙ ඇති රසය
ඈත් කොට රත් දෙපා
පැටලෙමින් දෙකලවා
එදා කළ රඟ සොබා
අතින් අද කරනවා
ස්වාමී අකැමැතී
කකුල් දෙක පැද්දෙද්දි
වෙනසකට ඔහු කැමති
අත් දෙකෙන් වැඩ ගත්දි
මොක වුනත් අවසානෙ
නූල ගැලවී යද්දි
දවටලා කට කොනේ
කෙළවලින් නැහැවෙද්දි
හිලට දා ගත යුතුනේ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
ආච්චිලා කකුල් පටලවා ගත් මැෂිම |
මිණිබිරිය අතින් දමන සෙල්ලම |
Written_bY_sAm_ශ්‍රී_Perera_7:18am_7/7/14
අවේ බලන්න වෙනම සීන් එකක් අයියෝ බලන කොට :)))))))))))))))))))
ReplyDeleteතියෙන එක අවුලක් නැහැ නේ?? කැත ඒව බලනවට වැඩිය ;)
Deleteස්තුති !
මේක අදිරාජ්ජවාදී කුමන්තරයක්...
ReplyDeleteඔව් නැත්තං අංතිමට මැසිං කට්ටක් දමයියැ
ඔය සෑමා කියන එකාගේ හැටි ඔහොම තමා.. දුක් නොවී ඉදින්....!
Deleteමේක දේශමාමකයන්ගේ කුමන්ත්‍රනයක් බොල.. අදිරාජ්ජ්‍යවාදීන් නම් අමු අමුවේ කුනුහබ්බ ඔබයි නොවැ..
Delete@ නිමෝ - උබ නිවැරදිව වටහාගෙන ඇති බවක් පෙනේ !
කෙල නැතිවම බැරිද ඕක දාගන්න.......?
ReplyDeleteකෙල දාල ඇගිලි වලින් පිරිමැද්දම තමා නූල හොදින් කෙලින්වෙන්නෙ...
Deleteසුපිරි... මේ ටැලන්ට් එක තියෙන්නේ උඹට විතරමයි.. අද නම් හිතාගන්නම බැරි උනා...
ReplyDeleteස්තුති මාතේ !!
Deleteමුගේ හැටි දන්න නිසා හොඳයි ..නැත්තම් කට අරගෙන බලන් ඉඳලා කිච වෙනවා හොඳටම
ReplyDeleteඔය කිව්වට ඇරගෙන බලන් ඉන්න ඇති උඹ. අපිට මෙහෙට පේන එකක් ඈ ??
Deleteඔය මිනිබිරිය අතින් දාන සෙල්ලම නං හරියන්නේ නැ මචං
ReplyDeleteබොට පාඩු නිසා නේ එහෙම කියන්නේ...:D
Deleteසිරාවට මුගෙ බඩේ පාර..
Deleteහිතන්නවත් බැරි විදියට ලියල තියනවා මචෝ.... පට්ටයි උපරිමයි...
ReplyDeleteස්තුති නලියා..
Deleteමාතලන් අයියන්ඞි, ඉවාන් කියනවා වගේ උඔ ගැන දන්න හින්දා අනං මනං හිතුවෙි නැහැ නැත්තං විලි ලැඡ්ඡා 7 යි.
ReplyDeleteඇයි මොකටද උඹට ලැජ්ජා හිතුනේ...
Deleteඇයි අයියන්ඞි එහම නොවුනානම් මම වල් කම හිතේ තියාගෙනනේ බලන්නේ.
Deleteකෝමත් හිතේ තියෙන එක මේ පෝස්ට් එක බලද්දි විතරක් නැති කර ගත්තෙ කෝමද බං ??
Deleteඇත්තට ඔය අතින් දාන සෙල්ලම පලදායකද? කෙළිං මහන්ඩ ඇහැක් ද බං?
ReplyDeleteමන්ද බං.. පොස් කැලි නොවැ.. ගල් ඇතිල්ලිලා රළු වෙලා.. ගින්දර එන නිසා අත් මැසිම හොද ඇති... :)
Deleteඔන්න කාලෙකින් සෑමගේ මීයා දුවල.. එළ.. උඹ කියන එකේ හොදක් තියෙන්නේ අන්තිමට වැඩේ තේරුම් නොගත්තත් උත්තරේ නිසා ආයි පාරක් කියවල රස විදින්න හිතෙනවා.. එළ
ReplyDeleteමේ දවස් වල මීයා උඩු දුවනවා මචං...
Deleteස්තුති දෙපාරක්ම බැලුවට :)
පටන් ගන්නකොටම දැනගත්තා...... (තොගේ හැටි ගැන දෙයක් තියෙනවා යැ.)
ReplyDeleteහැබැයි හිතාගන්න බැරි උනා මොකක්ගැනද කියන්නේ කියලා. සුපිරි බන් සෑමා..!
හිතා ගන්න බැරි වෙච්ච එකම මට සතුටක් ඩෝ... :)
Deleteඉස්තරම්!
ReplyDeleteහැබැයි අද ඉන්න මිනිබිරීලාගෙන් 75% කටම මහන මැෂිමක වැඩ කරන්න දැණුමක් නැහැ.
ඒ උනාට එයාලා වෙනත් අත්වැඩ ගැන දන්නවනේ විචා මාමේ
Deleteවිචාරක - සහතික ඇත්ත, දන්නා අයත් පිටුපාලා ඉන්නෙ...
Deleteමැලේ - අත්වැඩ පර වැඩ සමව සිතාගෙන උන් ඉන්නෙ :)))
යටින්ම තියෙන ෆොටෝ කෑලි දේක නොතිබුනානම් හොඳ ආතල් එකක් ගන්න තිබ්බා
ReplyDeleteඒක නැතුව දවසක් කවියක් දාලා.. මේක වැල සයිට් එකක් කියල ලේබල් වැටුනා මචං..
Deleteහික්..හික්..
ඔය කාගේ හෝ මැෂින් කැඩුණොත් අපේ ලක්මාල් මලයව කන්ටැක් කරපල්ලා. ලක්මාල් කිව්වේ අටංපහුරා
ReplyDeleteසිරාවට.. අන්න මැෂින් නම්.. ඩෑල් එක...
Deleteඋඹ කියාගෙන එනකොටම මම නං දන්නව මොකක් හරි අන්ඩරයක් කියල.
ReplyDeleteඅන්න... නිවැරදිව හදුනා ගැනීමක් :)
Deleteඅතින් සෙල්ලං දාන මැෂිම දැක්කෙත් අදමයි..
ReplyDeleteමුල ඉඳං අගට කියෝල රූප දෙක බලල අග ඉඳං මුලට කියෝගෙන ගියා..
සැමාගෙ මේ සෙල්ලම අපි දන්න හින්ද හොඳා..
ඉස්තුති මුලා නොවී කියෙව්වාට :)
Deleteකොච්චර අතින් වැඩ දැම්මත් ඔය මිණිපිරියොත් කාලයක් යත්දි කකුල් දෙක පොඩ්ඩක් ඈත්කරන් කරන වැඩේට හුරු වෙනවා බං. :D
ReplyDeleteමහන මැෂින් ගැනයි කිවුවෙ. :) :)
කිව්වත් වගේ උපතින්ම ලැබෙන හැකියාවක් ඕක..
Deleteමගේ හිත වල් නැති නිසා මට නම් තේරුනා උඩින් පේන්නේ නැති දෙයක් යටින් තියෙනවා කියලා...:D
ReplyDeleteවල් නැති නිසාද බොලව් උඩ එකට කලින් යට ඒව පේන්නේ??
Deleteසුපිරි ටැලන්ට් එක මචන්. නියම වචන ගැලපුමක්.
ReplyDeleteස්තුති !
Deleteඅටමට කිවුවනම් මැසිම සිද්ද කරල දෙයි
ReplyDeleteඔයිල් මාරු කරලද මචං?
Deleteහුඟ කාලෙකට පස්සේ මේ මොඩ්ල් එකේ එකක් ලියලා. මේ ටැලන්ට් එක සෑමාට නියමෙටම තියෙනවා!!
ReplyDeleteස්තුති අරූ !
Deleteඅහ්, උඹට කැත හිතට කවි ලියන්න මතක් වෙලා තියෙන්නේ සෑහෙන්න කාලෙකින්..
ReplyDeleteලගදි තමා බං ලේබල් එක මතක් වුනේ :ඩී
Deleteමාත් මේ එක කියන්න ආවේ ඔයා කියලා ගිහින්... හාකෝ
Delete:p
ReplyDeleteඅනේද කියන්නේ.. උඹ කැත හිත් වලට ලියන කවි නං එකෙන්ම සුපිරියි ඈ.. ඔය කියන්නත් වගේ ඕකත් ටැලන්ට් එකක් බොල.. හැමෝටම ඔහොම දෙන්න බෑ..
ReplyDeleteමිනිබිරියො අතින් වැඩ දාන ගැජට් එකක් මමත් ලංකාවට යැව්වා...ඒකෙන් මැහෙනවා බොල සුපිරියටම...
ReplyDeleteසෑමගෙ කැත හිත බැන්දට පස්සෙ තවත් කැත වෙලා වගේ...
මං ආසම මේන්න මේ සෑමයියගෙ දෙබිඩි කයි වලට :D
ReplyDeleteසරමයි නූළයි එනකොට තේරුනා උඹ එන්නේ කොහේටද කියලා
ReplyDeleteඅනේ උඹෙ! පට්ට මචං! ඒල ඒල ඒල!
ReplyDeleteඑල එකක් එල එකක්!! :)
ReplyDelete