තාක්ෂණය පෙවීම අපහසු කාර්යයක්ය. තාක්ෂණය දිනපතා වෙනස් වීමත්, ඒ සමඟ අප්ඩේට් නොවීම පිළිබඳවත් සෑමා මින් පෙර ලිපි ලියුවේය. දිනක් “මත්තා“ කැසට් ප්ලේයර් එක කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සෑමාට අපහසු වූයේ ඒ කාලේ ඒවා නොදන්නා අද කාලේ පොඩි උන් අපි එදා හිටියාට වඩා අද පරිණතව සිටින නිසාය. ඒ වාගේම අපි වයසට යද්දී දිනපතා බිහිවන අලුත් ගැජට් ගැන අප සිහියෙන් සිටින්නේ නැති නම් අපටද හැරමිට්ටෙන් යන කාලය වෙද්දි කෙළවන්නේය. එදාට හැරමිට්ට වෙනුවට අලුත් ගැජට් එකක්ද බිහිවෙනු ෂුවර්ය.
සෑමාගේ මිතුරෙකුගේ පියෙක් වැඩ කළේ විදුලිබල මණ්ඩලයේය. අංකල් සිරා බුවාය. හැබැයි හවසට ගෙදර එන්නේ පොඩි අඩියක් ගසාගෙනය. විදුලිබල මණ්ඩලයේ පැරණි සේවකයෙක් නිසා, විශ්‍රාම යන්නට කිට්ටු කාලයේ අංකල්ට වරප්‍රසාද ගොඩාක් තිබුණේය. කැමති විටක ගෙදර ඒමට, කැමති පරිදි නිවාඩු ගන්නට, වැනි වරප්‍රසාද කීපයක් ඒ අතර වූයේය. ඔෆීස් එකේ එළියට පනින්නට ඉඩ ලැබෙන නිසා අංකල් කලින් ගෙදර නොආවේය. රැකියාවට ආදරේ කරමු ලිපියේ කීවා සේම අංකල්ද ගෙදර නොගිහින් කට්ටි පැන්නේය. බොහෝ විට අඩියක් පුඩියක් ගසන්නට බාර් එකට ගියේය. ඉන් ගැටළුව මතුවූයේ ඇන්ටීටය. කොයි වේලාවේ කොතැනක සිටින්නේදැයි දැන ගැනීමට ඇන්ටී කළේ අපේ මිතුරා හෙවත් පුතුගේ සහයෙන් අංකල්ට ෆෝන් කටුවක් ලබා දීමය. කොහේ ගියත්, කොතැන ගියත් එය සාක්කුවේ දමාගෙන රැගෙන යා යුතු බවට නීතයක්ද අංකල්ට පණවන ලද්දේය. ඉන් මඳක් සැලෙන්ඩර් වූ අංකල් සතියක් පමණ ෆෝන් එක සාක්කුවේ දමාගෙන ගියේය. කොල් නොගත්තාට අංකල්ට කෝල් එන්නට වූයේ ඇන්ටී ගෙන්ය. කොහේද ? කොතැනනද? කීයටද? ආදී සුපුරුදු ප්‍රශ්න වලින් හෙම්බත් වූ අංකල් ඊලඟ සතියේ සිට ෆෝන් එක අමතක කොට ගෙදර දමා යන්නට වූයේය. සුපුරුදු ලෙස හැමදාම අමතක වන ෆෝන් එක මතක් කිරීම ඇන්ටීද තම දින චර්යාවෙන් අමතක කොට අංකල්ට දුරකථනයෙන් තොර නිදහස් දිවියක් නැවත ලබා දුන්නාය.
විටක විශාල රාජකාරියක් කරන ෆෝන් එක මහා වදයක් වන්නේ එලෙසින්මය. බොහෝ අයට රස්සාවෙන් නිවාඩු අරගෙන නිවසේ රැදී සිටියද, විරාමයක් නැත්තේ ෆෝන් එක නිසාය. ගුරුවරයෙකු වූ කේ.කේ.ඩබ්ලිව් පෙරේරා මහතා හෙවත් සෑමාගේ තාත්තා ෆෝන් භාවිතයෙන් තොරව සිටියේය. ඒ මෑත කාලයක් වන තුරුය. පාසල් සිසු සිසුවියන්ට ෆෝන් තහනම් සේම සෑමාගේ තාත්තාද ෆෝන් කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වුවේය. සෑමා පාසල් යන කාලයේ, ගණිත අංශ ප්‍රධානී ගනේපොල සර්ටත් ෆෝන් එකක් තිබ්බා මතකය. පන්තියේ උගන්වන අස්සේ ෆෝන් එක නාද වුවහොත් සර් ෆොන් එක අරගෙන පන්තියෙන් පිටතට දුවන්නේය. ඒ දිව ගොස් සෙක්ෂන් එකටම ඇසෙන්නට කෑගසා කතා කරන්නේය. අපේ උන් එය අනුකරණය කරමින් ගන්නේ පට්ට ආතල් එකක්ය. සර් විටක ෆෝන් එක ස්ටාෆ් රූම් එකේ අමතක කොට අපේ පන්තියට පැමිණ උගන්වන්නේය. එවන් මොහොතක වුවද ෆෝන් එක නාද වුව හොත් අපේ පන්තියට ඇසෙන්නේය. ඒ තරමට සද්දයක් දමා තිබුනේ සර්ගේ කන් නෑසෙන නිසාද නැතිනම් දුරකථන භාවිතයේ දැනුම මඳ නිසාදැයි සිතා ගත නොහැකිය. මෑත භාගයේ කම්පියුටර් ෂොප් එකක් කරන සෑමාගේ මිතුරෙකුගේ නිවසට ගොස් මොනිටර් එකක් ඉල්ලා තිබුණේ එම සර්මය. අපේ එකා LCD, LED හොඳයි කියද්දී CRT පැරණි වර්ගයේ මොනිටර් එකක්ම සර් ඉල්ලා තිබුණේය. එක පැත්තකින් සර් නිවැරදිය. CRT මොනිටර් එකේ කොළිටිය අනෙක් ඒවායේ තවම ඇත්දැයි සැක සහිතය. එහෙත් විදුලි පිරිමැස්ම සහ නව්‍ය බව අතින් නම් අනෙක්වා ඉදිරියෙන්ය.
සෑමාගේ තාත්තාට දුරකථනයක් ලබාදීමේ අදහස අම්මාට ආවේ කාරණා කිහිපයක් මතය. ඔහු පාසල් ගිය විටක පුවත්පත් කළමනාකරුවන් කඩේට ආ විටක සම්බන්ධ කර ගැනීමේ පහසුව ඉන් ප්‍රධාන වූවේය. විටක ඔවුනට ගෙවීම් කරන්නට චෙක් පත් ලියා තබා කොහේ හෝ අස්සක ගසා තාත්තා පාසල් යන්නේය. අම්මා ඒවා වරු ගණන් සොයා පසුව තාත්තාව කන්ටැක් කර ගන්නට පාසලට කෝල් කරන්නීය. ඉන්පසු තාත්තා පන්තියක සිට ඔපීස් එකට දිව යා යුතුය. එකී කරදර මඟ හැරීම සඳහා තාත්තා අතට ෆෝන් එකක් දිය යුතු බව අම්මාගේ මතය වූයේය. එහෙත් එම මතය ක්‍රියාවට නැංවූයේ මැතිවරණයකට පෙර දිනයේය. තාත්තා මැතිවරණ මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු ලෙස සේවයට ගිය මැතිවරණයකදී, ඊට පෙර දිනයේ තාත්තා පිටත් වෙද්දීම අම්මා තාත්තා අතට ෆෝන් එකක් දුන්නාය. එතැන් පටත් තාත්තා අතේ ෆෝන් එකය. ඉන්පසුව ගැටළු මතු වූයේ ෆෝන් එක ඔපරේට් කිරීමේදීය. තනි සිම් පතක් දැමිය හැකි භාවිතයට පහසු Nokia දුරකථනයක් වෙනුවට අම්මා තාත්තාට ලබා දුන්නේ ඩුවල් සිම් චයිනීස් ෆෝන් එකක්ය. එහි වැල් වටාරම් ඉතා සංකීර්ණ බැවින් තාත්තාට වෙනම ක්ලාස් එකක් කොට ෆෝන් එක අතට දෙන්නට වූයේය. මැතිවරණ මධ්‍යස්ථානයේදී Silent කළ ෆෝන් එක ගෙදර ගෙන එන තෙක්ම තාත්තා සද්ද නැත. ගෙදර ඇවිත් කීවේ තමන්ට කිසිම ඇමතුමක් නොලැබුණ බවක්ය.
Profile වෙනස් කිරීම, FM ඇසීම වැනි වැඩකිඩ බෙහෝමයක් තාත්තා ඉක්මනින් ඉගෙන ගත්තේ නිතරම දුරකථනය ඔබමින් සිටි නිසාය. දැන් නම් වැඩේ ගොඩය. එහෙත් මෑත භාගයේ සිතාගත නොහැකි ගැටළුවක් පැණ නැග්ගේය. එනම් තාත්තාගේ ෆෝන් එකට කෝල් එකක් වත් එන්නේ නැති තත්වයක්ය. එකක්වත් කිව්වේ එන එකම කෝල් එක ගෙදර ලෑන්ඩ් නම්බර් එකෙන් අම්මා ගන්න කෝල් එකය.
අම්මා සහ තාත්තා ෆෝන් එක සෑමා අතට දුන්නේ දුරකථනයේ දෝශය සමනය කිරීමටය. සෑමා ෆෝන් එක අතට ගත් සැටියේ බැලුවේ ෆොන් එක සයිලන්ට්ද කියාය. එහෙත් සයිලන්ට් නෙවුයේය. ඉන්පසුව සෑමාගේ දුරකතනයෙන් තාත්තාගේ නම්බරයට කෝල් කර බැලුවේය. ආතල් එක කියන්නේ තාත්තාගේ නම්බර් එක දැන ගත්තේ ඒ අවස්ථාවේදීය. කිසිම අවුලක් නැතුව සෑමාගේ කෝල් එක තාත්තාට ලැබුණේය. ඉන්පසු ගෙදර ලෑන්ඩ් නම්බර් එකෙන් කෝල් කළ විට කෝල් එන්නේ නැතිය. දැන් කරන්නට තියෙන්නේ එක වැඩක්ය. බ්ලැක් ලිස්ට් එක බලන එකය. චයිනිස් ෆෝන් කැබලි වල බ්ලැක් ලිස්ට් එක එන්නේ කොල්ලන්ට වඩා කෙල්ලන්ට වැඩ ගන්නටය. බොහෝ කෙල්ලන් චැට් එකේදී, මඟ තොටදී කොල්ලන්ට නම්බර් දී බේරෙන්නේ මේ ඔප්ෂන් එක නිසාය. මුල් කාලේ හොඳට කතා බහ කරමින් සිට අනේ ඌ ගැලපෙන්නේ නැහැ, ඌට සල්ලි නැහැ, ජොබ අප්සට්, නැතිනම් තමන්ගේ කොල්ලාට අහුවෙයි සිතා කොල්ලාව බ්ලැක් ලිස්ට් කරන්නේ කෙල්ලන්ය. තාත්තාගේ ෆෝන් එක චැක් කළ විට ගෙදර ලෑන්ඩ් නම්බර් එක බ්ලැක් ලිස්ට් එකේය. මහා විනාසයක්ය. අම්මාට සෑමා කිවේවේ මෙන්න අම්මේ ඔයාව බ්ලැක් ලිස්ට් කරලා කියාය. තාත්තා දන්නා බ්ලැක් ලිස්ට් එකක් නැත්තේය. කෙසේ හෝ නම්බර් එකේ Option ගොස් බ්ලැක් ලිස්ට් එකට වැටී ඇත්තේ තාත්තා අතින්මය.
සිද්ධියෙන් පසු තාත්තා වැඩි දුරටත් පැවසුවේ දිනක් Player එකේ සින්දුවක් Play වීම නවත්වා ගත නොහැකිව ෆෝන් එකේ බැටරිය ගලවා නැවත දැමූ විට තත්වය සමනය වූ බවක්ය.
Written_by_sAm_ශ්‍රී_perera_7:21am_23/07/14

මදැයි ඔයින් ගියා. අම්මට කිව්ව නම් කන වයිබ්‍රේඩ් වෙන්න බැනුම් අහ ගන්න තිබ්බා.
ReplyDeleteඅම්ම දන්නව බොලව්.. අවුලක් වුනෙ නැහැ හැබැයි ;)
Delete//ආතල් එක කියන්නේ තාත්තාගේ නම්බර් එක දැන ගත්තේ ඒ අවස්ථාවේදීය. //
ReplyDeleteමෙන්න බං තාත්තගෙ නිදහසට ගරු කරන පුතෙක්...!
අපිව ඒමයි බං හදල තියෙන්නෙ ;)
Deleteඅපි දරුවො හදන්නෙත් ඒමයි ;) ;)
මං මේක කියෝන අතරෙ බට්ටි කෙල්ල කෙමෙන්ට් එක්කුත් දාලනෙව...!
ReplyDeleteඋඹලා වයසයි මචං.. හැරෙද්දි කෙල්ලෝ කමෙන්ට් දාලත් ඉවරයි..
Deleteඅම්මා දන්න බ්ලැක් ලිස්ට් එකක තිබුණනං එවෙලේම ෆෝං එක භුමිය සිපගන්නවා ශුවර් ය.
ReplyDeleteකොහෙද බං අන්තරස්දාන වෙලා හිටියෙ.
Deleteකවුද දන්නෙ බොල. එහෙම දෙයක් උනාද? මට මතක නෑනෙ.
Deleteමූත් බැලැක් ලිස්ට් වෙලා හිටියෙ..
Deleteපට්ටයි...
ReplyDeleteමෙහෙත් තත්තෙ ඔයිට වෙනස් නෑ සෑමො...
වැඩේ කියන්නෙ අපේ අම්මට ෆෝන් කොටල පෙව්වත්හරි ය්නෑ නෙව..
සැක් ඉතරක්
අපෙ අම්මා වැඩ කිඩ දාන්නෙ ලෑන්ඩ් ෆෝන් එකෙන් නිසා අවුලක් නැහැ..
Deleteඅනික හැබැයි ඒක අර වත්ත වටේ ගෙනියන, සිග්නල් වලින් වැඩ කරන එකක්..
වැඩිහිටියන්ට මේව කියල දීම නං හරියන වැඩක් නෙවේ.
ReplyDeleteභාවිතයෙන්ම පුරුදු වෙන්නෝනි දේවල් බං...
Deleteෆෝන් එක කියන්නෙ මහ වදයක් තමා එක වෙලාවකට..
ReplyDeleteවෙලාවකට??
Deleteනෙවෙ..
හැම වෙලාවෙම..
කෝල් එන්නේ නැත්නම් වයිබර් හරි වට්ස්ඇප් හරි දාලා දෙන්න තිබුනනේ ..... තාත්තාට ෆේස්බුක් එකෞන්ට් එකක් නැද්ද .... ? :P
ReplyDeleteඒ පෝං එකේ මෙන අප්ස් ද බං?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅදටත් මම අම්මගේ වත් තාත්තා ගේ වත් ජංගම දුරකථන අංක නොදනී..
ReplyDeleteඅන්න දරුවෝ !
Deleteඋඹලෑ තාත්තව අදහන්න වටිනවනේ බං. ලෝකේ බැඳපු උන්ගෙන් සීයට අනූවකට කරන්න ඕනෙ, නමුත් බය වැඩක් කිසිම ගානක් නැතුව කරපු උඹලෑ තාත්තගේ ෆෑන් ක්ලබ් එකට මමත් අද ඉඳලා ජොයින් උනා කියහං.
ReplyDeleteමචං ක්ලබ් එකේ මෙම්බර් ෂිප් ෆී එකතු කරන්නෙ මම..
Deleteඅපේ තාත්තාට පෝන් එකක් දිලා එක දවසයි ඒක බාර් එකේ. අනිත් එක බස් එකේ, ඊලග එක දාපුතැන මතකත් නෑ. පෝන් කෙිය ඉවරයි.
ReplyDeleteබලං ඒ ගොල්ලන්ට පෑනක් වගේ දෙයක් ලේසියෙන් අමතක වෙනවද කියල??
Deleteඅපිට ෆෝන් අමතක වෙන්නෑ පෑන් පැන්සල් වගේ ඒව අමතක වෙනවා :)
අනේ මම අපේ උන්දෑට පොං එකක් ඇරං දුන්නේ කාලෙක ඉස්සරය. ඊට පස්සේ එකේ තියන ටිරිකිස් වැඩ ගැන මාස හයක් පමණ ටියුෂන් දුන්නාට පසු යන්තම් කෝල් එකක් ගන්න, නොම්මරයක් සේව් කරගන්න එස්එම්එස් එකක් බලන්න දැණුම ලැබුණාය. ඒ අර නොකියා 1100 එකකින්ය. ඔහොම ගිගින් ඒ පෝනය බිම අතෑරුණා කීප විටක්. අන්තිමට කුස්සියේ සින්ක් එකටත් අතෑර ගත්තා වතුර පිරිලා තියෙද්දී. ඉතින් ඒක චක බ්ලාස්. ඊට පස්සේ ඇන්න දුන්නා ෆුල් ටච් චයිනීස් පෝනයක්. ම්හු...........එකේ වැඩ කොච්චර කියලා දුන්නත් මතක තියාගන්නෙම නැත. බැරිතැන ඒක දුවට දීලා ආපහු පරණ තිබුණු ජාතියේ එකක්ම ඇන්න දුන්නා.
ReplyDeleteයකූ ඕව පුරුදු නොකරන තරමට හොදා..
Deleteඅඩියක් පුඩියක් ගහලා බොලා ගෙදර එන්න පරක්කු වුනාම කෝල් කරල කරදර කරන්නෙ නැද්ද?
අපි නම් ඉතින් කොහොමත් බ්ලැක් ලිස්ටඩ්..
ReplyDeleteකොහෙන්ද?
Deleteමූ ඇහුවොත් කුජීත ප්‍රශ්නයක්..
Deleteසැමගේ තාත්තා ආදර්ශෙට ගැනීමට ගිහිං සෑමා මේ දවස් වල .... එක්කෝ ඕනේ නෑ
ReplyDeleteඅඩේ උබ කාට බය වෙලාද කමෙන්ට් එක දාන්නැත්තේ??
Deleteමාත් ඒ කාලෙ බ්ලැක් ලිස්ට් තියෙන ෆෝන් එකක් හෙවුවා බැන්ඳ දවස් වල. ;D ;)
ReplyDelete//ආතල් එක කියන්නේ තාත්තාගේ නම්බර් එක දැන ගත්තේ ඒ අවස්ථාවේදීය. // ආතල් කෝටියයි කියන්නෙ මාත් බැලුවා දැන් ෆෝන් බුක් එක, තාත්තගෙ නම්බර් එක සේව් කරලා නෑ බං. :D :D
ඇහ් උඹ බැදලද??
Deleteබලපං ඒ කියන්නෙ අපි දෙමාපියන්ට කතා කරන්නෙ ලඟට ගිහින් මිසක් දුර ඉදන් නෙවේ... ;)
තව පොඩි කතාවක් මතක් උනා. ඒක ලිව්වොත් මෙතනත් පෝස්ට් එකක් වෙයි වගේ. පස්සෙ බලමු. :)
ReplyDeleteපෝස්ට් තමා ඕනේ...
Deleteඋඹත් තාත්තගෙම අඩිපාරේ පලයන් පුතේ...
ReplyDeleteනැතුවෙ බොල අල්ලපු ගෙදර එකාගෙ අඩි පාරෙ යන්නද?
Deleteඅපේ පියා ද මෙසේමය.. මම ද පියාගේ ෆෝන් නොම්මරේ දන්නේ නැත.. ඕවා මතක කාටද බං.. ගෙදර නම්බරේට නේ අපි කතා කරන්නේ.
ReplyDeleteඅපේ ගෙදර නම්බරේ = ලෑන්ඩ් නම්බරේ = අම්මාගේ ෆෝන් නම්බරේ :)
Deleteඑහෙම නේද?
ෆොන් එකත් අර ගැනු වගෙ ඇතුවත් බැරි නැතුවත් බැරි මගුලක් තමයි.තාත්ත මරු බඩුව නේ
ReplyDeleteනැතුව බැරි ඇයි දන්නෑ නේද බං?
Deleteතාත්තා පව් ... :)
ReplyDeleteබ්ලොක් කරපු නිසා අම්මා පව් නැද්ද?
Deleteමට දැනුයි මීටර වුනේ එදා අටම ගෙ ගෙදරදී මම උඹට කතා (call ) කරන්න පෙර මාතලන් ලොක්ක කිව්ව පොඩ්ඩක් ඉදින් මෙතන KAW පෙරේරාගේ පුතාගෙ පුතා ඉන්නව කතා කරපං කියපු එක....
ReplyDeleteඋබට දැන්ද මතක් වුනේ???
Deleteඅපිද බං එවලේ බීල හිටියෙ උබද??
මදෑ තව පොඩ්ඩෙන් තාත්තට බලන්ඩ වෙන්නේ "මෙහෙන් බත් කා හමාර්" පිචැර් එක.
ReplyDeleteමේක බලද්දි මට මතක් උනෙ අපෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්ව. "අංකල් උන්නාන්සෙ" කියල තමයි අපි එයාට කතා කරන්නෙ. හිතට දෙයක් ගත්තොත් ආයෙ වයිමටවත් බෑ ඒක වෙනස් කරන්ඩ හරිම මුරන්ඩු කෙනෙක්. හැබැයි විනෝදෙට බර වගේම අවුරැදු 18න් ඉහල නං 18 මාසයි එකෙක් උනත් උන්නාන්සෙ බොන වෙලාවක ගියොත් මහ හයියෙන් ඈන්ටිට කතා කරල කියනව තව වීදුරැවක් ගේන්ඩ කියල. මොකද එයා දන්නව පුතාගෙ යාලුවො ඉතින් යහපත් දේට නෑ බෑ නොකියන බව. උන්නාන්සෙගෙ එක විනෝදාංශයක් මේ ගෙදර ඔක්කොගෙම කන්කරච්චලේට හේත උනා. ඒ තමා මැච් එකක් දවසට රේඩියෝ එක ගාමසේවා වසමටම ඈහෙන්ඩ දාගෙන ෂොට් එකක් දැමීම.
කතාවට එමුකො එහෙනන්. මේ යාලුව 2006දි විතර "උන්නාන්සෙ"ට ගෙනත් දුන්නා නොකිය කලර් ඩිස්ප්ලේ පෝන් එකක්. ඒකෙ රේඩියෝ එහෙම තිබ්බ. යාලුවගෙ තාත්ත මේකෙන් කෝල් ගන්න වැඩේ ඈරැනම මෙලෝ දෙයක් නොකරන නිසත් මැච් එක ගමටම ඈහෙන්ඩ නොදා කනේ ගහගෙන ස්වයං ආතල් එකක් ගන්ඩ පුලුවන් නිසත් නිකමට මම ඈහුව අන්කල් ඕකෙ රේඩියෝ එකෙන් මැච් එක අහන්ඩකො නිකන් පිට්ටනියෙ ඉන්නව වගේ ඈහුවැකි කියල. බලපල්ලකො උන්නාන්සෙ දුන්න උත්තරේ.
"අනේ යනව අයිසෙ යන්ඩ මම මේ කෝල් එකක් ගන්නෙත් කිරල මැනල බැරිම වෙලාවක මොකද මේ අට මගලෙන් කෝල් එකක් ගත්තම බර කැපෙනව. තමුසෙ කියන්නෙ රේඩියෝ එකත් මේකෙන්ම අහල 100 කාඩ් එක විනාඩි 10න් කපා ගන්ඩ කියලද?"
දීපල්ලකො ඉතින් උත්තර :D
හිනා යනවා බං...
Deleteපට්ට කතාව, උඹ මොකෑ කිවේවෙ ඊට පස්සෙ?
උඹලා ගේ තාත්තාට ඕක ඔහොම වෙන එක පුදුමයක්ද බං ඔය චයිනිස් ෆෝන් පාවිච්චි වෙනම ඉගෙන ගන්න ඕනේ කොට.
ReplyDeleteඇත්තටම බං ඒ තරමට යූසර් ෆෙන්ඩ්ල් :ඩී
Deleteඅපේ අම්මට ෆෝන් එකක් අරන් දුන්න... ඔන්න ඔහේ කෝල් කරන්න කියල... හුහ්.. අන්තිමට අපිට උනේ එයාගේ කෙළවරක් නැති SMS වලට රිප්ලයි කරන්න. පොඩි දේටත් සුටුස් ගාල SMS ! SMS එකට රෙප්ලයි එක පරක්කු උනොත් දෙතුන් පාරක් එවනවා, අන්තිමට කෝල් කරනවා. ඒ මදිවට බිස්නස් කාඩ්ස් යවන්නත් දන්නවා... හි.. හි... දෙපාරක් කියල දුන්නම හරි... මගේ යාළුවොත් පුදුම වෙනවා...
ReplyDeleteහැබැයි බේසික් nokiya ෆෝන් එකක්
රේඩියෝද.... ටෝච් ද... කොහොම හරි හොයාගෙන කරනවා.
එකම වැඩේ, ඉඳල හිටලා මොකක් හරි අන්දොස් වැඩක් කරන්න ගිහින් සෙටින්ස් වෙනස් කරගනවා... ආයෙත් හදල දෙන්න සෙට් වෙන්නේ මට තමයි... පව් අනේ..
අන්න එහෙම අතපත ගාල පුරුදු වෙන්න කැමැත්ත තියෙනව නම් වැඩේ ගොඩ දා ගන්න ලේසී..
Deleteඒකට අපේ අය.. පුරුදු වෙන්නෙත් නැහැ.. බැහැ කිය කිය ඉන්නවා..
අපේ ඩඩාට ඇත්තේ එකම ෆෝන් එකක් පාවිච්චි නොකිරීමේ රෝගයයි, එකම ඔප්ෂන් ඇති ෆෝන් මාරු කරමින් සිටියි
ReplyDeleteඇයි බං එහෙම කරන්නෙ?
Deleteඅයියෝ තාත්තා... :-) පව්ය..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඋබලගේ ඩබලත් අපේ ඩබලට දෙවෙනි නැති ජාතියෙ ආතල් දෙන ඩබලක් වගේ.. ලොල්.. ලඟදි අහනව මගෙන්, පුතේ මොකක්ද අර ෆේස් බුක් කියන්නේ? ඔහේගෙ යාලුවෙක් ඇවිත් ඔහේගෙ හොඳ පින්තුර ටිකක් පෙන්නලා ගියා මට... හුකා... පුක පොලවේ ගහගෙන මරුනනම් හොඳයි කියල හිතුන බන් මට හොදේ..
ReplyDelete