සොලවමින් කොඩි
තබයි පෙර අඩි
තර කරයි මඩි
ඉතිරි දිනකදි
එක දිනක් ඇති
කම්කරුවො එති
පාට කොඩි ඇති
සෙවනෙ සැනසෙති
ලොකු කරන් ඇස්
පුරවගෙන බස්
පාලකයො ගොස්
කන්න දෙති මස්
කෑම එක ෆ්‍රී
බෝතලය දී
පාට කොඩි දී
දිනය තොපෙ කී
දවසෙ සැනසී
දිනයෙ කම්කරු
මහ එවුන් බොරු
කියාගෙන මරු
කරයි කම්කරු
දිනය මහ සරු
පායපන් හිරු
හෙට දිනත් සරු
වේවි යැයි සිතු
රැවටේය මතු
sAm_ශ්‍රී_Perera_9:15am_01/05/14
/ පායපන් හිරු
ReplyDeleteහෙට දිනත් සරු
වේවි යැයි සිතු
රැවටේය මතු/
හැමදාම ඔහොමමයි..
ජය වේවා!!!
ජයම වේවා !!
Deleteගත වු සියවස්
ReplyDeleteගණනට ම
ඇස් ඇරි නැත
හිස් මැරී ඇත
උස් තැනන් මැත
බස් අසන් සිත
හිස් කමින් අත
රැස් කමින් ඇත...
෴ මඳෙව් විල ෴
දෙවෙනි කවිය අපුරුයි...
Deleteකරයි අරගල
ReplyDeleteරජුන් පිට නැග
දිනය අවසන් වන තුරාවට
හෙටින් පසු යලි
යලි පුරුදු ලෙස
රජුන් අප කර
උඩ නගිනු ඇත.
උඩ යට මාරු වීමක් පමයි වෙන්නෙ නේ..
Deleteඅනේ මන්දා බන්...
ReplyDeleteබොලා මොනාද දන්නෙ !
Deleteඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්න
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
මමත් එවන්නම් ඊයක්
Deleteජය !
Deleteහෙට ඉදන් ආයෙත් හිටපු තැනමයි අපි ටික!
ReplyDeleteදැනටමත් එතැනම තමයි නේ..
Deleteදවසෙ වැඩි වෙනස නෑ. වෙනදට එකතැන ඉඳන් කියවන ටික අද ඇවිද ඇවිද කොඩි උස්සන් රතු ඇඳගෙන කියවනව. එච්චරයි
ReplyDeleteජුන්ඩක් වත් වෙනස් නැද්ද?
Deleteමහ එකාල ඡන්දෙ කාලෙට ඇරෙන්න පාරට බහින දවසක් වීම...
කෑ ගසයි බොරු
ReplyDeleteනද දේවි හොරු
ඒ වුනත් මරු
හෙට තමයි තරු. :-)
දිලිසෙනා තරු
Deleteතුරන් වෙන තුරු
දඟකරන හොරු
නිවා දමපන් - පායනා හිරු..
ඡන්ද දවස් වගේම තමයි ...........................................
ReplyDeleteඅන්න ඒ වගේ..
Deleteමැයි දින ප්‍රෝඩාව කවදා නම් කම්කරුවෝ තේරුම් ගනියිද?
ReplyDeleteආතල් ගන්න යන උන් ඉන්නව නේ..
Deleteඅපේ දිනේ
ReplyDeleteඅපිට ආයෙම
දීලා
මකබෑවෙයව්
(කොහොමද මගෙ හයිකු කවිය?)
Deleteහරිම ලස්සනයි.. කියවද්දි ඇඬුනා බං..ඒ තර හිතට දැනුනා :D
Deleteපට්ට පට පට ;)
Deleteමතක් වුනා නම් මමත් ලියනවා හයිකුවක්..
Deleteමේක සුප්පා..
මල පිපුනට පස්සෙ මේකා එලියට බැහැලා.. :)
ඔය මලෙත් මොනව හරි තහනං උත්තේජකයක් තියෙනවද දන්නෑ. :D
Deleteආවොත් කරු
ReplyDeleteපායයි හිරු ..
ජය වේවා..
Deleteමට මතක නෑ. ;)
Deleteකෙලිමින් බොරු
Deleteඅරියි පතුරු..
රැගෙල කතුරු,
කපයි මිතුරු..
අපි අහන්නේ හිරු - හිරු කියන්නේ බොරු...
ජය වේවා!!!
@පත්තර මල්ලි - අඩේ කරුවා කියපු වදන නේ..
Delete@විදානේ - හිරු විතරයි නම්.. ලොල්..
හෙට ඉදන් ආයෙම වෙනද වගේ රස්සාවට යන්න එපැයි බං ඔය කොතන කොහොම කෑ ගැහුවත්..
ReplyDeleteසිරාවට !
Deleteනිල් කොළ රතු කොයි පාට දේශපාලුවොත් එකයි.
ReplyDeleteකම්කරු දිනයට පාට කොඩි ඈදා ගැනීමයි වැරැද්ද. එදාට කම්කරුවොත් බෙදිලා..
Deleteසහතික ඇත්ත සෑමෝ..
ReplyDeleteස්තුති !
Deleteමැයි 1 කම්කරු දිනය වුනාට එය සමරන්නේ පෙළපාලි යන්නේ මෝඩයන්.
ReplyDelete+++
Deleteමැයි පලමුවනදා තවදුරටත් කම්කරු දිනයක් නෙවෙයි.. ඒක හොරුන්ගෙ දිනයක් වංචාකාරයින්ගෙ දිනයක්
ReplyDeleteසිරාවට..
Deleteබොරුවට දින සමරලා පහුවදා ඉඳලා සාමාන්‍ය විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙනවා.
ReplyDeleteපායයි හෙට හිරු
ReplyDeleteපෙනෙයි තොපිට තරු
කම්කරුවො ඇති...
ReplyDeleteනුමුත්
දැන් වදව ගොස් ඇති..
කඩේ යන්න වුන්
නම් එමට ඇති
මේ මේ.. පොන්සේකා මහත්තයත් කොඩි වන වන තමා ගියේ..
ReplyDeleteඑක බස් එකේ ආපු සන්ධානේ දෙන්නෙක් වතුර බෝතලයට ගහගෙන ඉස්පිරිතාලේ කියලා පත්තරේක තිබුනා.
ReplyDeleteබලන් ගියාම වතුර කියන්නෙත් මාරාන්තික ආයුධයක් නෙ. :)
Deleteගෑවෙන තැනක මරණයක්.
නැත්ද මං අහන්නෙ.? :)
වතුර බෝතලයක්ද කෂියා බෝතලයක්ද දන්නේ නැහැ :D
Deleteවහාම ක්‍රියාත්මක වෙන පරිදි වතුර බෝතල් තහනම් කරමු
Delete//ලොකු කරන් ඇස්
ReplyDeleteපුරවගෙන බස්
පාලකයො ගොස්
කන්න දෙති මස්//
වෙනද යන බස්
නෑනෙ කම්බස්
ගමං යන උං
වෙලා අන්දොස්
++++++++++++++++++
Deleteසිරාවටම තියෙන බස් ටිකේ උන් ගියාම අපි මොකැයි යන්නේ...?
Deleteඅපිට කවිත් බෑ
ReplyDeleteඅපිට මැයි දිනෙත් නෑ
බොලට ඒ ඔක්කොම තිබිලත්
බනිනවා හැර කියන්න කිසි දෙයක් නෑ
උඹ මෙහෙ හිටියනම් ඉස්සෙල්ලා බනින්නේ උඹට
Deleteඅහවල් දෙයක් කරාටද බෝල මට බනින්නේ ???
Deleteඅපේ දවසත් උන්ගේ කරගෙන,තව කොහේද උන් අපේ අයිතිවාසිකම් රැකලා දෙනවා කියලා විස්වාශ කරන්නේ....?
ReplyDeleteදැන් මැයි දිනේ අයිතියත් වුන්ට..
ReplyDeleteහැමදාම අපි උන්ට රැවටුනා..
උන්ට අපි රැවටුනා..
thats true
ReplyDeleteලස්සනයි.. මම කෙහොමත් කැමති උබ ලියන කවි ලස්සනයි, අර්ථවත්
ReplyDelete