Thursday, August 30, 2012

පුංචි අපේ තිත්-වත්‍ය පත්ත-ලේ ! - පොඩි සෑමාගේ ලියුම්...


දයාබර අද්දියාපන මාමේ,

මගේ වි-භාග අත් දැකීම ඔබට මෙසේ ලියමි. මෙය රජතුමාට ලියා තේරුමක් නැතිය. මොකද එතුමාගේ පුත්තරයා විභාග ලීවේ අපි වගේ නෙවේය. තනියෙන්ය. උත්තල සමගය. අපට උත්තල තියා පස්සන පවා අවතලය.



මම පහ වසල තිත් වත්‍යය ලිවීමට ගිය දරුවෙක්මි. වි අභාගය වෙනුවෙන් මම සතියක් පුරාවට බෝ දී පුජා පැවැත්වීමී. ඊගෙන ගත්තා නම් බෝ දී පුජා අන වශ්‍යය බව අපේ ගුලුතුමා කීවේය. ඒත් අම්මා කිව්වේ බෝ දී පුජාවට පලයන් කියාය. ඒ අහවල් එකකට නෙවේලු. එහා ගෙදර අයියා ඇල්සෙඩ් ඉක්කෝර් එක නිසා අබ්බගාත වු නිසා, අපේ තිත්තත්ව පත්තරේවත් අකල් මරනයක් නොවේවා කියා පහන් පුජා පැවැත් වීමු. වැඩසටහනට පෙරමුන ගත්තේ ගමේ පන්සලේ හාමුදුරුවෝය. හාමුදුරුවෝ පිංකමට එන්නට පෙර පන්සලේ කෞතුකාගාරය ලොක් කරලාද කියා හොදට බැලුවෝය. ඒ හදිස්සියට බෝඨි පුජාවට පුවක් ගෙඩියක් ලෙලි ගසාගන්නට වත් ගිරයක් නැති වේ යැයි බියේය. හැම තැනම හොරුය.

දකුණු කකුල පෙරට තබා ගෙමිදුලට මම එදා බැස්සේ පැන්සල කනේ ගසාගෙන තිත්ත වත්තය ලිවීමටය. අම්මා ඔළුව අතගා කීවේ උබ පස්න පත්තලේ හදන පැහිච්ච වැඩ නොකර උත්තල ලියපං කියාය. මම ඇයට ආදරේ නිසා එසේ කලෙමි.

පස්න පත්තලේ අරගෙන මම වට පිට බැලුවෙමි. ඉක්කෝලේ ටීචර් කීවේ අතට ගත් හැටියේ නම ලියන්න එපා කියාය. ලියන්නට කිව්වේ වි භාග අංකයය. වි භාගයට පෙර දින දවස පුරාම මම පා ඩම් කලේ වි භාග අංකයය. ඒ ටීචර්ගේ අව වාදය නිසාය. ඒත් පස්න පත්තලේ උඩින්ම තිබුනේ නම ලියපං කියාය. මම අත දිග හැර සම්-පූර්ණ නම ලිවීමි. අපේ සීයාගේ පටන් දොන් හර්බට් .... ලෙසද, ලියා තාත්තාගේ කොනින් අවසන් කලෙමි. දැන් අත දිග හැර ගත් මම පලමු පස්නය කියෙව්වෙමි.

1. විභාග මධ්‍යස්ථානය -
මම වට පිට බැලීමි. මෙවන් පස්නයක් අප විසය නිර්දයේ නොතිබූ බව මට මතකය. ඒත් මගේ ගමේ, මගේ  පාසලේ තියෙන විභාගයේ, මධ්‍ය-ස්ථානය නොදන්නා කම මට විලි ලැජ්ජාවක්ය. ගමේ බලුකුක්කෝ පවා මට මග තොටදි හිනා වෙනු නොඅනු මානය. අත දිග හැර පැන්සල් තුඩ ලෙව කා තද බෝල්ඩ් අකුරින් මම ලීවෙමි. මධ්‍ය-ස්ථානය ගැටහැත්ත මධ්‍ය මහා විද්දි-යාලය.

මගේ ඇස් දෙවන පස්නය වෙත දිව ගියේය. කාලය සිමා සහිතය. අපේ අම්මා කවදාවත් නැතුව අල්ලපු ගෙදර අයියා ඒ-ලෙවල් එක ලියු ඔරලෝසුව මගෙ අතේ බැන්දේ පන්සලෙන් බැදගත් පිරිත් නුල යට කරමින්ය. මට එවලේද මහා අමුත්තක් දැනින. “අම්මේ, අර අයියා  ඇල්සෙඩ් ඉක්කෝර් එක නිසා අබ්බගාත වුනේ මේ ඔර-ලෝ-සුවේ අවුලක් නිසාද දන්නෙ නැහැ නේද?“ අම්මා මට එරෙව්වාය. උබ පූදින් නැතුව හිටු, “ඒක ඔරලෝසුවෙ වැරැද්ද නෙවේ, ඒ කොලුවාගේ වෙලාවේ වැරැද්ද“ කියා ඇය කීවාය. මම නැවත පස්න පත්තලේට එබුනෙමි. ඒ අතර එහා පැත්තේ එකාගේ පත්තලය බැලුවෙමි. එහා පැත්තෙ සිටියේ අපේ පන්ති නායිකාවය. ඇය ඔලුව බිම හරවාගෙන නොනිමි ලියවිල්ලක් ලියන්නීය. ඇත්තටම ඇය හොදට පාඩම් කරන්නට ඇතිය. සතියක් පුරාවට ගෙදර කාමරයක ඇය සිරව සිට හොදට පාඩම් කළ බව කීවේ අපෙ අක්කාය. ඇය සමග හවුලේ පාඩම් කරන්නට යන්නට අම්මා මට ඉඩ නොදුන්නාය. ඇය කීවේ ‘ ඒ කෙල්ල ලොකු වෙලා බං, ඒකයි කාමරේ කියා.‘ බලනකොට ඊලග සතියේ එයා ටීචර්ට කේක් පෙට්ටියක් දි වැන්දා මට මතකය. ඒ විකාර වැඩක් නැතිය. මම ලිවිය යුතු නිසා නැවත පත්තලය පැලීමි.

2. මධ්‍යස්ථානයේ ශිෂ්‍යයන් ගණන -
පන්තියේ නායකයා වුන මට මේවා වැඩ නෙවේය. පස්න නෙවේය. හැමදාම රෙජිස්ටරය ලකුනු කරන අපේ ටීචර් මට කියන්නේ බලන්න කීදෙනෙක් ඉන්නවද කියාය. මම නැගිට ගනින්නෙමි. පස්න පත්තලය හදන්නට ඇත්තේ අපේ පන්තියෙ ටිචර්ද කියා මට විටෙක සැක හිතුනේය. ඇය ඇත්තටම මට ආදරේය. එනිසා ප්‍රායෝගික ගැටලු ලබා දී ඇත්තේය. මම පන්තියේ මෙන් නැගිට්ටෙමි. මම ආසම ඇය නොහොත් එහා පැත්තේ සිටි පන්ති නායිකාවගෙන් පටන් ගෙන සියළු පිරිස ගණන් කලෙමි. ගැහැනු මෙච්චරයි, පිරිමි මෙච්චරයි ලෙස බෝල අකුරෙන් ලිවීමි.

දැන් තෙවන ප්‍රශ්නය. එය අවසාන පස්නය බව මා දුටුවෙමි. එය කොටස් දෙකකින් සමන් විය.

3. විභාගය ආරම්භකළ වේලාව / අවසන් කළ වේලාව.
මරු පස්න ටිකය. කිලි කජුය. මම ඇඹරුනෙමි. පටන් ගත් වේලාව තප්පරයට ලිවීමි. ඉන්පසු ඇය දෙස බැලීමි. ඇය දිග පස්න පත්තරයක් අත තබාගෙන ලියන්නීය. මැසින් ගන් එකකින් සට පට ගගා වෙඩි තියන්නාක් මෙන් ඇය ලියන්නීය. පව්ය. ඇත්තටම පව්ය. කොච්චර ලිව්වාත් ඇයට මගෙ ලකුනු ගානට එන්නට නොහැකිය. මම අයි ලෑන්ඩ් පස්ට් වෙනවාය. නිවුස් පස්ට්, එකේ මාව පෙන්නනවාය. අනේ එයා දෙක වත් වුනොත් අපි දෙන්නාම ටීවි එකේය. එතැන් සිට ඉපැදෙන අපේ පෙම් අරගලය මෙගා ටෙලි නාට්ටියක් ලෙස විකාශය කලැකිය. මරුය. මම ඇය දෙස අවිහිංසක බැල්මක් හෙලා ඉතිරි පස්නයට උත්තර ලිවීම පමා කලෙමි. ඒ අවසන් වන වේලාව ලිවීමට හිස් තැනැක් ඉතුරු කරමින්ය.

පස්න පත්තලය අහවර වෙන වෙලාව පැමිනියේය. මම ඔර-ලෝ-සුව බැලුවෙමි. ඇල්සෙඩ් ඉක්කෝර් එක නිසා අබ්බගාත වු  අයියාගේ ඔරලෝසුව එතරම් නරකම නැතිය. මම අවසාන පස්නයට උත්තලය ලිවීමි. වෙනත් අය මකන කටේ ගසමින්, කෙල ගගා මකද්දී, මම කිසිදු නිවැරදි කිරීමක් නැතිවම පස්න පත්තලය අහවර කලෙමි. පත්තල එකතු කරන්නට ශාලා-ආධිපති ටීචර් පැමිනියේය. අනිත් අයගේ පත්තල එකතු කල වේගයට වඩා වැඩි වේගයෙන් මගේ පත්තරය ගෙන පත්තල සියල්ල රෝල් කර මගේ පත්තරය හරහට තබා නූලකින් ගැට ගැසුවේය. එතකොට මුලින්ම බලන්නේ මගේ එකද කියා මට ආඩම්බරනීය බයක් ඉපදුනේය.

සොරි පුතා ඔයාට වැරදිලා දිල තියෙන්නේ ශාලා අධිපති පුරවන්න තියෙන පෝම් එකක්.

ඇය හිස අතගා මට කීවාය.

“අනේ කමක් නැහැ ටීචර් අපේ ගෙදර අය වුනත් කැමති වෙයි මට පත්විමක් ලැබුනම“ මම කීවෙමි.

මේ ලියුම ඔබ තුමාට ලැබෙන්නට පෙර මා අස්ථාන ගත වේදැයි නොදනිමි. ඒත් මෙය කියවා නැවත මගේ මල්ලීටවත් මෙවන් අතුරු අන්තරාවක් නොවේ වා යැයි පතන්නෙමි.


ඔබට මැතිවරණයක් පාසා ජනතාවගේ පිහිට.

අඹ සරණයි. !

පොඩි සෑමා පෙර ලියූ ලිපි -










72 comments:

  1. ෂෙඃ ! මුගෙ හුරතලේ හරියට මොන්ටිසෝරි සයිස්නේ. ඒ වුනාට කෙල්ලො ගැන හිතන්නෙ ඒලෙවල් සයිස් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ලොකු වුනත් පොඩි වුනත් කොල්ලන්ගෙ හැගීම් එකයි නේ !

      Delete
    2. ලොකු වුනත් පොඩි වුනත් කිව්වෙ ..... නෑ නෑ මට තේරුනේ නෑ. :)

      Delete
    3. ඒ කිව්වෙ වෙලාවකට ලොකුවෙනවා ආයෙත් තිබ්බ ගානට පොඩි වෙනව කියන එකද කොහෙද බං

      Delete
    4. විනාසයි !!

      ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකාට කියන කතා.පව් යකෝ !

      Delete
  2. මම බැලුවා මොකෝ බොලේ මේ මෙව්වා ලියන්නේ කියලා... ටිකක් විතර කල්පනා කලා මීට අවුරුදු ගානකට කලින් සිස්සත්තෙට මොනාද ආවේ කියලා ගොළුබෙල්ලන්ගෙ බිත්තර මොන පාටද කියලා අහලා තිබ්බා කියලා යන්තම් වගේ මතකයි ඒත් ෂුවර් නෑ....

    මරු ලියුම ඈ කාලෙකට පස්සේ නියමෙටම ලියලා තියෙනවා පොඩි එකා... මේකා හැබැයි මනමාල පොඩි එකෙක්

    ReplyDelete
    Replies
    1. මට මම ලියපු පේපර් එකේ තිබ්බ එකම එක පුරස්නයක් මතකයි බං. ඒකෙ අහල තිබ්බේ මීයෙක් උගෙ ගුලට යන හැටි පාර හොයල අදින්න. :)

      සිරාවට කියන්නේ.

      Delete
  3. දුංකූඩු පොඩ්ඩක් දෙන්න සත්තලං පුතේ

    ReplyDelete
    Replies
    1. මෙන්න 5 වසරේ එකෙක්ගෙන් මොනවද ඉල්ලනෝ?

      Delete
    2. මොනාද බං දුං කුඩු කිව්වේ ?

      Delete
  4. එම්බා සැම... මාගේ කොමෙන්ටු ගිලින්නේ කවරෙක්දැයි සොයා බලනු මැන.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් අහසින් වගේ පාත් වුනාම, බ්ලොග උබව හරියකට ඩිටෙක්ට් කරන්නෙ නැහැ බං. ස්පෑම් කරනවා.

      :)

      Delete
    2. අද ස්පෑම් නැකතද කොහෙද...මගෙත්‍ හෙනට ස්පෑම් :)

      Delete
    3. දැන් 20ක් විතර තිබුන බං :(

      Delete
  5. අයියෝ සල්ලි කිවුවලු..

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න වියදම් කරපු සල්ලි ගැනද බං කියන්නේ ? :)

      Delete
  6. තෑමයියේ...
    පන්ති නායිකාව තිත්තත්තේ ලීනකොටම ලොකු උනේ බොයිලැයි කොක්කා මස් කාලැයි?????

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා බොල.. දැන් කාලෙ උන්ගෙ හැගීම් වැඩි නිසා නොවැ 3 වසරෙදි පවා ලොකු වෙවන්නේ :ඩී

      Delete
  7. අඩේ පොඩි එකා පට්ට බොල.හරියට කාලීන දර්ම දේසනාවක් ඇහුව ගනන්. මෙව්ව දකින කොට මටත් නිකං කින් කින් ගානවා වගේ බං...ජය....!

    ReplyDelete
    Replies
    1. කීං කීං ගාන්නේ ඇයි සරෝ,, සතෙක් රිංගලද කනට ?

      Delete
  8. එළය... ඔය වගේ අබ්ග්ගත් වෙලා ඇති..හරකෙක් ඇමති වුනාම තව වෙන මොනවද !

    පොඩි එකාට/එකාලට දෙවියන්ගේම පිහිටයි !!

    ReplyDelete
    Replies
    1. ඔව් බං හරක් ගාලක් තියෙන්නේ. හැම දේම කොනක ඉදන් කාගෙන යනවා !

      Delete
  9. අනේ මෙයා ඔයා අලී උලතල්.....:D:D

    ReplyDelete
  10. හෙහ් හෙහ්.. අපරාදේ අච්චර ලේසියෙන් ලිවුව ප්‍රශ්ණ පත්තරේ ගන්න බෑ කිවුවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං දින්නා. ඒක ගත්ත නම් කොල්ලා අයිස්-ලෑන්ඩ් පස්ට් !

      Delete
  11. හපොයි බං.. මාතෘකාවෙ ඉඳලම කරකෝලා අතඇරියා වගෙයි... මම බැලුවා මේ පාර ප්‍රශ්න පත්තරේ මෙව්වාවත් අහලද කියලා...

    මම සිස්සත්වෙ ලියපු හැටි මතක් වුනා බං.. විභාග ශාලාධිපති ගෑණි එක්ක ගෝරියක් දා ගත්තනෙ.. ඒකි වෙන එකෙකුගෙ නමට කෙලින් මට අත්සන් කරන්න කියලා.. මම කිව්වා "ටීච මේක මගෙ නම නෙමෙයි" කියලා.. උඩ ඉඳන්ම පේළියක් මිස කරන් ඒකි ඇවිත් තිබුනෙ..එකෙක් ඇවිත් තිබුනෙ නෑ.. උගෙ පේළිය අරින්නෙ නැතුව අත්සන් කරලා.. ඊට පහල ගොන් වහන්සේලාත් අත්සන් කරලා තියෙන්නෙ තමුන්ගෙ නමට නෙමෙයි.. මම එහෙම කිව්වාම ටීච කිව්වෙ මොකක්ද දන්නවාද.. "මේ බූරුවො කටවහන් අත්සන් කරපන් මම තමුසෙට වඩා ඉගෙනගෙන තියෙන්නෙ. තමුසෙ එනවද මට උගන්නන්න.. සිස්සත්වෙ ලියන්න ආවානම් ඒක ලියනවා බොරු පණිඩිතකම් නොකර".. මං පොඩි එකාගෙ ඇස්වල කඳුළු පිරුණා..

    ReplyDelete
    Replies
    1. නොදකින් පට්ට බැල්ලි..

      Delete
    2. මේවට නම් කියන්න දේවල් නෑ හරී. අසභ්‍ය වචන විතරයි කටට එන්නෙ. මම
      රාමා සමග එකඟ වෙනවා!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. සෑමගෙ මේ පෝස්ට් එක හින්දා මම මුලු කතාවම බ්ලොගයෙ දැම්මා..

      ලින්ක් එක දැම්මට අවුලක් නෑ නේද සෑමො.. කැමතිනම් අයින් කොරලා දාන්න...

      http://dreamsofharee.blogspot.com/2012/08/blog-post_31.html

      @ රාමා, Dude,
      මොනවා කරන්නද මගෙත් බැනුම් අහන්න තිබ්බ වෙලාවක් වෙන්න ඇති!

      Delete
    4. @හරී - ලින්ක් දැමිමේ සම්පුර්ණ නිදහස තිබේ :)

      ඔහොම උද්දච්ච ගුරුවරු ඉන්නවා බං. පත්වීම ගත්තට මොලේ නැහැ. එක්කෝ මනුස්සකම නැහැ.

      Delete
  12. අනේ සෑමා පුතේ ඔච්ච්ච්ර විතර මොලේ තියෙන එකේ අද්දියාපන ඇමැතිකමවත් ඉල්ලා ගනින්කෝ

    ReplyDelete
    Replies
    1. ඔහේ කියන්නෙ දැං අද්යාපන ඇමතිකම කරන්න මොලේ ඕන කියලද?

      Delete
    2. සරා, රාජ් මහත්තයා කියපු දේ නිසා හිනා වෙලා පැත්තකට වෙමි. :)

      Delete
  13. පොඩි එකා , පොඩි එකෙක් උනාට "තිත්-වත්‍ය පත්ත-ලේ " කියලා ලියලා තියනවා හරි ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. ටිකක් අමාරුයි ලියන්න. තාම පොඩි එකාලේ.

      Delete
  14. හික්ස්ස්ස්..... :D සැමා මෙච්චර හුරත්ල්ද හෆ්ෆා???

    ReplyDelete
  15. පව් පොඩි සැමා... :-)))
    කුක්කා ගානට වැටිලා..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෙ කුක්කා කිව්වේ බලු කුක්කෙක්ද යකෝ ?

      ජය !

      Delete
  16. අලේ හරිම ආතොල් ලිඋමක් සෑමා... රන්දුල ඇමතියාට පිටපතක් යැව්වෙ නැතුවාද ?

    ReplyDelete
    Replies
    1. දැනටමත් ගිහින් ඇතිනේද සිරෝ ? :)

      මම නැති වුනොත් පොඩ්ඩක් බලපං !

      Delete
  17. අඩේ පොඩි එකා මරුනෙ ඈ....

    ReplyDelete
  18. කෝ බොල මගෙ කමෙන්ට් එක ? ඇමතියට බැන්නා කියලා සෑමට තදවෙලාවත්ද ?

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා දැන් බං දොට්ට දැම්මේ :(

      Delete
  19. අලෙ හැලි හුහතල්..
    ගෙට වෙච්ච කෙල්ලොයි පෙම් හබැයි ලියන්නේ නම් ලොකු සෑමා මිස පොඩි සෑමා නොවේ...
    පුතේ... උඹ පාස්.. කට වහන් වරෙන් යන්ට

    ReplyDelete
    Replies
    1. පාස් කොරනව නම් කට වහගන්නම්

      හැබැයි අයිලෑන්ඩ් පස්ට් ඕනි :)

      Delete
  20. අලේ... මලු සිස්සත්වෙ නොවැ

    ReplyDelete
    Replies
    1. ඒලෙවෙල් තියා එයාලට තිත්වත්තෙත් බැනේ :(

      Delete
  21. පොඩි සෑමගේ ලිපි මරු නෙව !!!

    ReplyDelete
  22. නියම නිර්මාණයක් සෑමා! :)
    මට එක දෙයක් කියාපං සෑමා.
    උඹ අර ෆෝම් එක කොහොමද දැක්කෙ ඔය විස්තර දැනගන්න.
    නිකං හිතලා ලිව්වද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ෆෝම් එක කවදාවත් දැකල නැහැ මචං.

      මට හිතුන මේව මේව ඇති කියල. ඒ වගෙම අපේ තාත්ත පේපර් මාර්කිං/විභාගශාලාධිපති වගේ ඒවට යන නිසා එයා කියල තියෙනව වගේ මතකයි. ලගදි නෙවේ... ගොඩක් කාලෙකට කලින්.

      ඇයි මචං හෙන්රියෝ ?

      Delete
    2. නෑ බං. එහෙනම් උඹ සැබෑ නිර්මාණශීලියෙක්. මම දැකලත් නෑ ඔය ෆෝම් එක.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. සර් කෙනෙක් ඒ ෆෝම් එක දැකල නැහැ :)

      ස්තුති හෙන්රි !

      Delete
  23. නියමයි සැමෝ


    ප්‍රරශ්නය : කැළණි ගගට වැටෙන අතු ශාඛා මොනවාද?

    පොඩි සැමා : අඹ අතු, කොස් අතු,දෙල් අතු.......

    ReplyDelete
    Replies
    1. ආඅ මේ තියෙන්නේ ලියපු උත්තර.. උඹ පාස් පුතේ.. ලකුණු භාගෙකින් අයිලන් පස්ට් මිස් උනේ..

      Delete
    2. රෙපා පේපර් එක පන්නල වගේ :)

      Delete
  24. මේ ලියුම මරු සහෝ! :)
    හිනා ආවා වගේම..දැන් රටේ ඇතිවෙන ප්‍රශ්න ගැන නම් කතා කරලා වැඩක් නැහැ කියල හිතුනා..

    ReplyDelete
    Replies
    1. වර්ථමානයේ විකට නාට්‍ය නැති අඩුව පුරවන්නේ එතුමලා !

      Delete
  25. මේකනම් මරු සෑමෝ .... දැන් රටේ වෙන්නේ ඔය වගේ දේවල්ම තමයි..ඔක්කොම කණපිට ගහල...හය්යෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි කව්වේ... ඉගෙන ගන්න ගිය සල්ලිද ?

      ජය !

      Delete
  26. මෙහෙම එව්වා වෙනවා ඇති.. සසිරිබර මෙසිරිලක..

    ReplyDelete
  27. ආශ්චර්යයද මොකද්ද කියන්නෙ මේක වෙන්නැති මයෙ හිතේ..:)

    ReplyDelete
    Replies
    1. මටත් යන්තමින් හිතුනා රූ !

      Delete
    2. හී හී නෑ තව ටිකෙන් ඒක

      Delete
  28. පොඩි එකා පරිස්සම් කොරගනින් සැමෝ... :D

    ReplyDelete
  29. පොඩි එකා පට්ට ලොකු එවුන්ට දෙන එකක් නේ ලියලා තියෙන්නේ :)
    ඕකා ලොකු වෙද්දී තව මොනවා කරයිද දන්නේ නෑ ;)

    ReplyDelete
  30. අනේ පොඩි එකා.... අයියෝ අයියේ ටිකක් ලේට් වුනා.. සොරි ආ.....!!

    ReplyDelete
  31. වෙච්චි දෙයක්. පතිපල කොහොමද වෙයිද දන්නෙ නෑ නේද..

    ReplyDelete
  32. Oh my goodness! Awesome article dude! Thank you, However I am going through issues with your RSS.
    I don't know why I can't subscribe to it. Is there anyone else having the same RSS problems?

    Anybody who knows the solution will you kindly respond?
    Thanx!!

    Feel free to surf to my web site; facebook hack tool

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...