10 සහ 11 වසරේදී සෑමා සමග එක පන්තියේ සිටි කොත්තා ගැන නොදන්නා කෙනෙක් නැත්තේය. එසේ සිටී නම් ලින්කුවෙන් කොත්තාගේ නයිට් රයිඩර් සර්කිට් එක ගැන දැන ගත හැක්කේය. එවිට කොත්තා සහ සාලියගේ බද්ධ මිත්‍රත්වය ගැනද කිව යුතු නැත්තේය. අප 11-බී පන්තියේ සිටියදි 11-ඒ පන්තියේ සිටි තදයා වුයේ 'ජම්බුවාය' මැරයා කිව්වාට ජම්බුවා හොද එකාය. දිනක් පාසල් පිට්ටනියේ වැටී තිබු අයිස් පැකට්ටුවක් වැලි පිසදා හෝදා අතට ගත් සාලිය සහ සෑමා එය ජම්බුවාට දුන්නේ මිතුරු කම වැඩි කර ගැනීමටය. එය සාර්ථක විය. ජම්බුවා හිතුවේ අයිස් පැකැට්ටුව පිරිසිදු ප්‍රණීත එකක් කියාය. එදින සිට දින කිහිපයක් ජම්බුවා අප සමග ෆිට් වුවත් සාලියගේ නොහොබිනා කට නිසා එකී කාර්යත් ලීක් වී ගුටි නොකා බේරුනේ අහිංසක සෑමාය.
එක් වෙසක් සමයෙක එහා පන්තියේ කූඩුව සැදීමට විවධ බලපෑම් මත අපේ කොත්තාව ඉලෙක්ට්‍රික් වැඩ සදහා යොදා ගත්තේ ජම්බුවා විසින්ය. එය සාලි සහ සෑමාට උසුලා ගත නොහැකි වේදනාවක් එක් කරන්නක් විය. අපේ පන්තියේ අසාර්ථක කූඩුවක් තිබියදී කොත්තා එහා පන්තියේ කූඩුවක් වයරින් කිරීම ඛේදනීය බව සෑමා සාලි සමග කතිකා කලේය. එකල්හි කොත්තා සතුව ඉලෙක්ට්‍රික් උපකරන රැසක් විය. ඒ අතර වයරින් වැඩ සදහා පෙරමුණ ගත්තේ දෙපැත්තෙන් ඇල්ලූ විට පත්තු වන ටෙස්ටරයක්ය. එය අප නිවසේ එදිනෙදා භාවිත කරන ජාතියේ එකක් නොවුනේය. ටෙස්ටරයේ තුඩ සහ අනෙක් කෙලවර එකම පුද්ගලයෙකු ඇල්ලූ විට බල්බයක් පත්තු වන්නේය. එය කූඩු වයරින් කිරීමේදී (ෆ්ලෑෂ්ෂර් කොට තුලින්) විදුලිය ගමන් කිරීම බලාගතැකි සාර්ථක උපක්‍රමයක් විය. කොත්තා එවන් උපකරනයක් සහිතව එහා පන්තියට වී වයරින් කලේ අපටත් වැඩ දමමින්ය.
අපේ අසාර්ථක කුඩුවක් තිබියදී කොත්තා එහා පන්තියේ කූඩුව වයරින් කරන්නේය. සාලි සහ සෑමා උපක්‍රම යෙදුවේය. "මචං ගනිං හොද කම්බි කෑලි ටිකක්" කියමින් සාලි කම්බි ගුලි සැදුවේය. එවන් ගුලි කිහිපයක් රැගෙන දෙදෙනා එහා පන්තියට පැන්නෝය. සාලි සහ සෑමා සාක්කුවෙන් හොරන් අතට ගත් ගුලි කිහිපයක් පරිවාර කූඩු එල්ලන හෝල්ඩර් අස්සේ එබුවේ ෂෝට් වෙන ආකාරයටය. වයරින් සියල්ල අවසන කොත්තා ටෙස්ටරය තබා බලද්දීද සෑමා සහ සාලි එතැන සිට කොත්තාගේ මොලය ෂෝට් වනු බලා සිටියෝය. අවසානේ හෝල්ඩරයට බල්බ දමා චෙක් කරන්නට ගිය විට කොත්තාට වැඩේ මීටර් විය. දෙදෙනාම ගුටි නොකා අස්ථාන ගත වීමට එය අවස්ථාවක් කර ගත් බව සැබෑමය.
එසේ කාලය ගෙවී ආවේ 13 වසරේ කූඩු තරගයටය. එය මහා විප්ලවකාරී වූවා සැක නැත්තේය. වෙසක් බැති ගී වෙනුවට ගීත දෙකක් ලියවෙන්නට තරම් හේතු වූ කතන්දර කිහිපයක් උත්පාදනය කලේ ඒ වසරේ වෙසක් උත්සවය බව කිව යුත්තේමය. එහෙව් වෙසක් කූඩු තරගයේ ප්‍රථම කතාව මෙසේය.
එහා පන්තියේ පරිවාර කූඩු රැගත් මහා පහන් කූඩුවක් තැනෙන බවට ආරංචි, කටකතා පැතිරුනේ රතිඤ්ඤා නූලකට ගිණිගත් කලෙක මෙන්ය. (එහා පන්තිය කූඩුව සෑදිමට කළ ප්‍රෝඩාව සහ ඊට ලියවුනු ගීතය ඊලග වෙසක් කලාප ලිපියෙන් බලාපොරොත්තුවන්න) 11 වසරේදී අපේ පන්තියේ සිට අල්ලපු පන්තියේ වයරින් වැඩ කරපු කොත්තාද සිටියේ මෙවර එහා පන්තියේය. එනිසා කරන්නට දෙයක් නැත්තේය. සෑමාගේ පන්තියේ එකාලත් කූඩුවක් තනන්නට මුල පිරූහ.
මහ කූඩුව යකඩ වලින් ගැසීම සම්පූර්ණ කුඩුවේ ශක්තිය වර්ධනයට මහත් රුකුලක් බව කිවයුතු නැත්තේය. අප ශරීර කූඩුව අස්ථිරය. ලොව කිසිත් ස්ථිර නැත්තේමය. එහෙත් එවන් සරීර කූඩුව පවා රැදී ඇත්තේ ශක්තිමත්ව සැදුන ඇට සැකිල්ල නිසාමය. එනිසා මහ කූඩුව යකඩින් නිමවීමට සෑමාගේ පන්තියේ ඉංජිනේරුවෝ කතිකා කර ගත්තෝය. සුපුරුදු පරිදි පන්තියේ සුළුතරයක් බර කරට ගෙන වැඩ කරද්දී අනිත් එකාලා ආතල් ගත්තෝය. එය සදාතනික සත්‍යයක්ය. බහුතරයක් ලෞකික සැපේ එල්බගෙන සිටියදී අති මහත් බාධා මැඩගෙන නිර්වාන සත්‍යය සොයන්නාවු සුළුතර පිරිසක්ද සිටින බැවි පිලිගත යුත්තේය. එසේ ආතල් ගන්න පිරිස අතර සෑමා ඇතුලු පිරිස සිටියද, එය ප්‍රධන කාර්යයට බාධාවක් නොගැනීමට සියල්ලෝම සමත් වීය.
නම සදහන් කළ නොහැකි නිසාම "පහන්" ලෙස හදුන්වන පුද්ගලයා සෑමාගේ ඉස්කෝලයට ආවේ 13 වසර දීය. පොර කියවන්නේ බොදු පොත්ය. ආගමට දහමට ලැදිය. යමෙක් හිස් වචන, පරුෂ වචන තෙපලන්නේද හේ තම සවන් පත් පියා ගන්නේය. එය හැදුන දරුවෙකුගේ ලක්ෂන බැව් හෙතෙම පැවසීය. කිසිවෙකුගේ දැහිමි දිවියට බාධා කරන්නට අපට වුවමනා නැත්තේය. එනිසාම ඔහු ඉදිරියේ ඔහුට සරිලන ලෙසට උතුරු සලු පොරවා ගන්නට බහුතරයක් උත්සාහ ගත්තෝය.
"මචං මේකට වැල්ඩින් ඩොට් එකක් තියාගෙන එන්න ඕනේ.." ඒ කීවේ ඉංජිනේරු මහතෙක්ය. මහා කූඩුව වීල් එක (රිම් එක) උඩ සැදීමට පෙර මැදින් යකට බටයක් සවිකරන්නේ නොසෙල්වෙන ලෙස උඩින් ගැට ගසා තැබීමටය. ඉංජිනේරුවන් ගේ දැනුම හා භාවිත කරන ශිල්ප ක්‍රම අනුව සියල්ල වෙනස් වන බැව් කිය යුතුය.
"මචං මෙන්න චාන්ස් එකක් එලියට පනින්න.." එවර කීවේ සෑමාගේ යාළුවෙක්ය.
"හරි මචං අපි ගිහින් වැල්ඩින් කරන් එන්නම්. උඹල මෙහෙ වැඩ ඉවරයක් කරපං." සෑමා, මාකා, කස්සා, කොටා, කලස්, ගලයා.... ඇතුලු සෙට් එකක් ඉස්සර විය. සියල්ලෝම යකඩ බට, රිම් උස්සගෙන ගේට්ටුවෙන් එලියට පැන අසලම ඇති වින්කලයට රිංගා ගත්හ.
වැල්ඩින් ඩොට් එක තියන අතර තුර අපේ සහයට ආවේ 'පවන්'ය. අපරාදෙ කියන්නට බැරිය. වින්කලේ අයියා වැල්ඩින් කොට අපෙන් මුදල්ද එපා කීවේය. ඒ පිං අතේ වැඩක් නිසා විය හැකිය. සියළු කාරණා අහවරව අප පාසලට රිංගා ගත්තේ වැඩිපුර වේලාවක් එලියේ නිදහස විදගත් පසුය.
පැයක් යන්නට පෙර අපේ පන්තියටම ආවේ වින්කලේ අයියාය. පොර ආවේ කලබලයෙන්ය.
"ඇයි අයියේ මොකෑ සීන් එක??"
"අයියේ?? තමුසෙල මාර මල්ලිලා තමයි. උදව්වක් කලාම ඔහොමද අපිට සලකන්නේ???" සියල්ලෝම අන්දොස්ය.
"ඇයි අයියේ මොකද වුනේ??" හැමෝටම ඇති ප්රශ්නය ඇසුවේ මාකාය. ඒ අතර අපේ ටීචර්ලාද එතනැට රොක් වීය.
"බලන්න සර්.. මම මේ ගොල්ලන්ට වැඩේ නිකං කරල දුන්නා. එතනට ආවා පස් හය දෙනෙක්. කවුරු හරි එකෙක් මගේ ෆෝන් එක උස්සලා."
සරලව කීවොත් මෙසේය. අයියාගේ ෆෝන් එක චාර්ජ් වෙන්නට දොර අසල ෆ්ලග් එකේ ගසා තිබී ඇත්තේය. අප ගිහින් ආ පසු ෆෝන් එක මිසින්ය. කරන්නට දෙයක් නැත්තේය. සියල්ලෝම මිතුරන් නිසා සැක කරන්නට කිසිවෙක් නැත්තේය. අප සියල්ලෝම අමු අමුවේ කීවේ චෙක් කර බලන්න එකෙක්වත් ගත්තේ නැහැ කියාමය.
මේ අතර නොකියා බැරිම සිදුවීමක් වුයේය. අපේ පන්තිභාර පියල් මහතා පරීක්ෂන නැතිවම ඇගිල්ල දිගු කලේ මා මිතුරෙක්ටය. එය පෞද්ගලික තරහක් පිරිමැසීමක් බව සියල්ලටම පසක් වී එතුමා ප්‍රසිද්ධියේ නිරුවත් වූ බව කිව යුත්තේය.
අයියාගේ ෆෝන් එක සැම්සුන් ය. ස්ක්‍රීන් එක නිල්පාටට පත්තු වෙන එකක්ය. එය පාසල තුලම ඇති බවට ඔහු කීවේ දෙතුන් පාරක් කෝල් කළ විට ෆෝන් එක කිසිවෙක් ආන්සර් කොට කට් කර ඇති නිසාය. එවිට ඔහුට පාසලේ ලමුන් කෑගසන්නාක් මෙන් හඩ ඇසී ඇත්තේය. වින්කලයට ගිය සැවොම ඉන් පසුද එකට සිටි නිසා ෆෝන් එකක් ආන්සර් කරන්නට තියා ලග තබා ගත්තද අනෙක් අය දැන ගන්නවා ෂුවර්ය.
සියල්ල එසේ වෙද්දී පරීක්ෂන ඇරඹුනේය. අපට නම් සැක කරන්නට කිසිවෙකුත් නැත්තේය. ඒ සියල්ලෝම මිතුරෝ නිසාය. අනික එහෙව් බලු වැඩක් කරන අයෙක් සෑමාගේ සෙට් එකේ නැති නිසාමය. කරුණු කරනා එසේ තිබියදී සාධාරන සැකය යොමු වූයේ අපේ සෙට් එකේ නැති පවන් දෙසටය. පෙර අපිත් එක්ක ගමනක් බිමනක් නොයන්නේය. එහෙව් එකා එදා අපේ පස්සෙන් ආවේ වැඩේ අතරතුරදීය. එසේම පොර මගදී වැඩේ අතැර පිටත් වුවේය. එහෙත් පවන් වැඩේ කලා යැයි අපිට කිව නොහැක්කේය. එනිසා සද්ද වසා සෝදිසියෙන් සිටියේ පොරගේ කටයුතු ගැනය.
එහෙත් පොර කීවේ "මොනව වුනත් කැ** වැඩේ බං. ඒ අයිය අපිට උදව් කරද්දී කවුද බං ෆෝන් එක උස්සපු එකා.." කියාය.
වින්කලේ අයියා පොලිසි යනවා කියා පිටත් වුවේය. කාලය ගෙවෙද්දි පවන් තම ඥාති සොයුරියකගේ පන්තියකට ගියේය. ඇය සිටියේ (මතක හැටියට) 7 වසරේය. අපේ එකෙක් ෆලෝ එකේ සිට හොරය අල්ලා ගත්තේය. පවන් ෆෝන් එක උස්සා කලින් පාසලට පැමින ෆෝන් එක නංගීට පවරා ඇත්තේය. ඕෆ් කර දුන් ෆෝන් එක ඇය ඔන් කර බලා ඇත්තේය. එනිසා වැඩේ අජපල් විය. සියළු පැහැදිලි කිරීම් මැද නංගී සහ අයියා විත්ති කූඩුවේ සිටියදී වරදකරුවන් බවට පත්වීය.
පවන් සියළු දෙනා ඉදිරියේ කොන් වූවේය. ඒ අපේ සෙට් එකත් නෝන්ඩි කළ නිසාමය. ඒ සමගම අපේ පන්තියේ පවන්ට ගීතයක් ලියවුනේය. ටී.එම් මහතාගේ "සැනසුම් සුසුමන් පාවීලා" ගීතයේ තාලයට එය ලියැවුනේය.
ජීවිතයට -
සොරකම හෙවත් අදත්තාදානය නොකල යුත්තේමය. එය මෙලොව හෝ පරලොවදී විපාක දෙන අකුසලයක් බව දත යුත්තේය. පව් කිරීමට ලැජ්ජා වීමත්, බය වීමත් පවින් වැලකීමට හොදම උපායයි.
පලි - දහම්පාසල් ධර්මාචාර්යය විභාගය දක්වා ප්‍රයෝජනවත් දහම් කවි, ගාථා රැසක් පාඩම් කරවූ හය වසරේ දහම් පාසල් පන්තියේ සෑමාට ඉගැන්වූ 'සමන්මලී' අක්කා (ටීචර්) ආදරයෙන් මතක් කරමි. ඇයව වසර ගණනාවකින් නොදුටුවද ඇය පාඩම් කරවූ ගාථා,සූත්‍ර සහ දහම් කවි බොහොමයක් තවමත් පාඩම්ය. ඔබට පිං.
පහුගිය පෝස්ටුවේදී කියන්න අමතක වුණා. ඒක තමා සෑමාගේ 100 පෝස්ටුව. එතකොට මේක 101. රැදී සිටි සැමට තුති. එසේම 100 පෝස්ටුවට පසු වෙසක් කලාප ලිපි එක් කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

Samsung සුසුමන් පාවීලා
වැල්ඩින් වතුරෙන් නෑවිලා
වින්කල් අස්සෙන් රිංගාලා
කොයි යන්නෙද සොරකම් කරලා
ජීවිතයට -
සොරකම හෙවත් අදත්තාදානය නොකල යුත්තේමය. එය මෙලොව හෝ පරලොවදී විපාක දෙන අකුසලයක් බව දත යුත්තේය. පව් කිරීමට ලැජ්ජා වීමත්, බය වීමත් පවින් වැලකීමට හොදම උපායයි.
අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
උන් කල ඒ සිත හටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විදිනේ
"අනුන් සතු සැප සම්පත් දැක එය ඔවුන්ට නොව තමාට හිමිවේවායි දැඩි ලොබයෙන් සිතන්නේ නම් එයින් හටගත් පාපකර්මය නිසා ඒ අය නිරයේ දුක් විඳින්නේමය."
- ලෝවැඩ සගරාව-
තෙමගුල සමරන වෙසක් මහේ - ඔබ සිත් සනසමි බැතින් මෙසේ
සෑමා සියළු සිත් සැනසීමට, සතියක් පුරාවට දහම් කරුණු පූජා කරන වගයි.
"Samsung සුසුමන් පාවීලා
ReplyDeleteවැල්ඩින් වතුරෙන් නෑවිලා
වින්කල් අස්සෙන් රිංගාලා
කොයි යන්නෙද සොරකම් කරලා"
පට්ට කවිය හොඳේ,උඹද ලිව්වේ :ප , ඔහොම තමය් බෝසත්තු වගේ ඉන්න සම හරක් මිනිසුන්ගේ හැටි, 24 පෝයටම පන්සල යනවා එත වැඩක නෑ :)
හත්තිලව්වේ මම 1 ද ?? :o
Deleteඅපොයි ඔව් පන්සලේ බෝ අත්තේ ඉන්න එකාලා අමු හොරු..
Deleteඇයි පුබුදුවෝ එක වුනාම ටැක්ස් ගහනවද බය වෙලා වගේ..
වැඩේ නම් කැතය කෙසේ වෙතත් මේ වෙසගේ සෑමාද හොද ළමයෙක් වේ යැයි බලාපොරොත්තු වේ
ReplyDeleteසෑමා සදාතනික හොද ලමයෙක්ය. දැන් බ්ලොග් ලෝකේ නිශාන් වැන්නවුන් යහ මගට ගැනීමට සෑමා තැත් කරන්නේය..
Deleteඅර වැඩේ නම් පවු බොල !!!
ReplyDeleteඒ උනාට සිංදුව නම් පට්ට ය....
පවු කොහෙද හොරා සිර කල යුතුය. ඒත් අපි කොන් නොකලෙමු..
Deleteතුති !
සෑම වගේ යාළුවො එක්ක ඉදලවත් හොද ළමයෙක් වෙන්න පවනට බැරි උනානේ.....
ReplyDeleteඒක තමා බුදුහාමුදුරුවෙ ඉන්න කාලේ දේවදත්තලත් හිටිය නොවැ
Deleteආව් අප්ප.....සියවෙනි පෝස්ට් එකට මගෙන් සුභම සුභ පැතුම් අයියෝ.....
ReplyDelete"Samsung සුසුමන් පාවීලා
වැල්ඩින් වතුරෙන් නෑවිලා
වින්කල් අස්සෙන් රිංගාලා
කොයි යන්නෙද සොරකම් කරලා"
මරු ඈ....
ඉස්තුති !
Deleteසියවෙනි පෝස්ටුව වෙනුවෙන් එකසිය එක්වෙනි පෝස්ටුවේදී සුභ පතමි.. ජයෙන් ජයම වේවා සහෝ...
ReplyDeleteවෙසක් සතියේ ධර්ම දානය බොහෝම උතුම් පිංකමක්.. :D
සබ්බ දානං ධම්ම දානං ජිනාති.. !
Delete100 වෙනි පෝස්ටුවට උණුසුම් සුබ පැතුම් සෑමා.
ReplyDeleteසෑමාගෙ බෞද්ධකම ඉස්මතුවන පෝස්ට් එක කියෙව්වම මට හිතුනෙ මූ මේක කුලේටවත් කියලා ලියාගත්තද කියලා. :D :D කමක් නෑ වෙසක් මාසෙනේ!
henryblogwalker the Dude
සෑමගේ ධර්මයයි, හෙන්රිගෙ English පාඩමයි එකම style එක ඈ.
Deleteඅංජන, සෑමයි මායි කවදාවත් මුන ගැහිලා නැතුවට බලාගෙන ගියාම එකම පැත්තෙ තමයි ඉඳලා තියෙන්නෙ.
Deleteමේ පාර මූ සූප්පුවත් ගලවලා වෙසක් කාඩ් එක අලවලා තියෙන්නෙ. සැබෑ වෙනසක්!
:D :D
henryblogwalker the Dude
කොල්ලට තදටම හිතට වැදිල එදා දීපු උපදෙස් ටික. :D
Deleteඩියුඩ් මහතා සහ අංජා සෑමාට කියන්නට දෙයක් ඉතිරි කර නැත්තේය. :)
Delete1 - කුලේ ධර්මය දනී. එහෙත් පොර ඉපිද ඇත්තේ නත්තල් දිනයේය. පොරට කියා ලියාගන්නට පුලුවන් වුවත් පෝස්ට් කල නොහැක්කේ කුනු හබ්බ අවම වශයෙන් 20ක් හෝ අඩංගු විය හැකි නිසාය.
2 - හෙන්රියාගේ සහ සෑමාගේ සමානත්වයක් අංජා දැක ඇත්තේය. පෝස්ට් ගැන එලෙස කිව්වාට කම් නැත. වයස සමාන බව සිතන්නටවත් එපාය. (දවසක් මුනගැහෙමු)
3 - එදා කියු අසික්කිත කතා වලට සූප්පුව විසික්කලේමි. වෙසක් අවසන නැවත් එකක් දමමි.
ජය !!
තව ප්‍රශ්න ඇතිද :))
අඩේ මේකා මට ඩූඩ් මහතා යයි ආමන්ත්රනය කර ඇත. (LOLයැ)
Deleteකුලෙත් ඉපදී ඇත්තේ හොඳට බොන්න පුලුවන් දවසක නොවැ. සෑමාගේ සහ හෙන්රියාගේ වයස ගැන කියා ඇත්තේ මරු කතාවකි. ඇත්තෙන්ම හෙන්රියා නම් පුත්තලම් බූරුවන් පස්දෙනෙකුගේ පමන වයසය. ඒ වයසට ඌ සෑමාගේ වයසෙ දරුවන්ද සාදාගෙන පින් අතේ වැඩ කිසිවක් නොකලත් දැහැමින් සෙමෙන් වාසය කරන බව සැබෑය. එහෙත් සෑමාගේ හකු බැස ඇත්තේ සූප්පුව ඉරීමෙන්මද?
සෑම් කොලුවෝ අනේ බං සූප්පුව ආයෙ දැම්මත් කමක් නෑ වෙන ෆෝටෝ එකකට දාපං. සූප්පුව ගහං ඉන්න එකා මට වැඩිය වයස පාටයි අර උඩුරැවුලක් හන්දාද මං දන්නෙ නෑ. බොරු නං ඔය මගෙ බ්ලොග් දෙකට ගිහින් මගෙ ෆෝටෝස් එක්ක සංසන්දනය කරලා බලාපං.
henryblogwalker the Dude
සැමා අයියාගේ රැවුල පුත්තලම් බූරුවන් පස්දෙනෙකුගේ වයසයිය.... ඩුඩි අයියා නොකියා කියන්නේ සැමා සූප්පුවට අමතරව වෙන මොනාදෝ උරනා බවක්ය... අනේ මං නං පොඩි එකාය මං ඔය උරනා එව්වා දැකලාවත් නැතිය :පී
Delete//සෑමාගේ හකු බැස ඇත්තේ සූප්පුව ඉරීමෙන්මද?// නැත හෙන්රියා. වෙසක් නිසා කිව නොහැක. වෙසක් පසුවී කියන්නම් ;)
Deleteමුන් ඔක්කොම සෑමාගේ උඩු රැවුල එක්ක තරහා නිසා සෑමා උඩු රැවුල ඉවත් කර සති දෙකක් පමන වන බව කිව යුතුය.
ගැමියා - උබ බබා බව එදා දැනගතිමි. :පී
සෙන්චරියට සුබ පැතුම්..!!!
ReplyDeleteජයවේවා...!!!
ටැංකූ !!
Deleteවෙසක් කලාපයේ අද දහම් අවවාදය සතුටින් උගත්තෙමි...
ReplyDelete100 ට සුභ පැතුම්...!!!
එකෙක් හැදුනොත් හිරගෙවල් භාගයක් වැහෙනවලු. ;)
Deleteජය !
අඩේ මෙහෙමනෙ ධර්මය කියල දෙන්න ඕනෙ.
ReplyDelete100+ උන එකට සුභ පතුම්.
18+ උනෙත් ලගදි නොවැ..
Deleteජය !
අනේ අම්මෝ හලන පච
Deleteමේ පෝය දවසේ පච ??
Deleteශතකයට සුබ පැතුම්!!
ReplyDeleteසැමට ( සෑමාට ) සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!!! උතුම් වු නිර්වානය අවබෝධ කරගැනීමට සිතුවිලි පහල වේවා !!!!!
මෙත් සිත් පිබිදේවා..
Deleteජය !
100 වෙනි පොස්ට් එකට මගෙන් සුභ පතුම්..
ReplyDeleteකවියනම් මාරු.උතුරායන බොදු බැති කියවීමට බලන ඉන්නේ.
සිල් ගත්ත ඇත්තා ගැන කියන්න දෙයක් නැහැ.නියම සිලේ වාසනාවන්..
සෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
Deleteතෙරුවන් සරණයි.. !!
සිංදුවනම් පට්ටයි ඈ...
ReplyDeleteමේ වෙසක් කලාපයේ අදහස නම් නියමයි.. කාටවත් නොහිතුන දෙයක්නේ.. 100ටත් සුභ පැතුම් ඔන්න...
සුභ පැතුමට පිං.. !
Deleteසෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
තෙරුවන් සරණයි.. !!
100 ට 200 ක් මාත් සුභ පැතුව ඔන්න..!!.(ඔයාටත් දැන් සෑහෙන්න වයසයි නෙහ්?) :D:D
ReplyDeleteතවම 24යි බොල. ඊලග පෝස්ටවේ මගෙ බර්ත් සැට්ටි පිකේට් එක දාන්නද ?
Deleteහා අනේ දාන්නකො බලන්න....හික් හික් හී..
Deleteඊ-මේලයක් දමමි. :පී
Deleteane sadu SaMagen Bana padekuth aha gaththa
ReplyDeleteසෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
Deleteතෙරුවන් සරණයි.. !!
ඕනවට වඩා සිල්වත් උං තමා ගේම කෝල් කරන්නෙ අපිටත් නොදැනිම
ReplyDeleteඔව් හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියනව නොවැ
Deleteතෙරුවන් සරනයි !
දැං උඹ වෙසක් සතියෙම බණද? බාරුත් වහනව, කොලේ කපන්නත් චෑන්ස් එකක් නෑ පොලිසිය පනිනව. දුක තමයි සෑමෝ.
ReplyDeleteඅර වගේ හොරු නං මට පේන්න බෑ. (ඒ කිව්වෙ අහුවෙන්න හොරකම් කරන එවුන්). අපේ එකෙක් හිටිය කඩේකට ගියාම මොනවාහරි උස්සනව, උගේ ආදර්ශ කවිය මේක,
හොරකම නරක නැත
වැඩිපුරම හොද නැත
කලොත් නිසිතැන
කරපු එකෙකුට වැරදිලා නැත.
මේවකියල මම අපාගතවෙයිද දන්නෑ. ඊටත් වෙසක් කාලෙ.
අන්න..තියරියක් තියෙන සිරා හොරෙක්....
Delete//මේවකියල මම අපාගතවෙයිද දන්නෑ.//
....හික්ස්...කොහොමත් අපට තථාගත වෙන්න බෑනෙ...:(
හිකිස්.. මරු හොරෙක්.. ඒත් රාජ් දෙවෙනි සිල් පදේ කඩන එක හොද නැහැනේ..
Deleteසෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
තෙරුවන් සරණයි.. !!
හොරා දැනගෙනත් වින්කලේ අයියට සාධාරණේ ඉෂ්ඨ කරේ නැද්ද......සෙන්චරියට සුභ පැතුම් තවත් දීර්ඝ කාලයක් කරගෙන යාමට.....!!!
ReplyDeleteහොරාට පාඩම් කියාදිලා අයියට අල්ලලා දුන්නා.. පොර දැන් හැදිල ඇති.. ඊට පස්සෙත් හොදට හිටියා..
Deleteඔබට පිං. !
සීයට සුභ පැතුම්!!!
ReplyDeleteඋපාසක බලල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා කියනවානේ.
ඒක ඇත්ත..
Deleteසීයාටද ? 100ටද සුභ පැතුම්.. :)
තෙරුවන් සරණයි.. !!
100 ට සුභ පැතුම්...!!! සෑමාට උතුම් වු සුබ වෙසක් මංගල්‍යයක් වේවා :)
ReplyDeleteසෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
Deleteතෙරුවන් සරණයි.. !!
අඩෝ පවන්!!! උඹ හින්දා අපි වින්ද දුක් මතක් වෙනවා යකෝව් ..ඒක නෙවේ 100ට සුබ පැතුම් ඇන්ඩ් අර සින්දුව මතකද?
ReplyDeleteබොල්ලෑගල ඉඳලා ,කාර් එකක පටවාලා............
ඇහ්?
අහ් ඒක ඊලග පෝස්ටුව බව සදහන් කලා නොවැ..
Deleteසිංදුව මතකාාායි..
ජය !
වෙසක් කාලේ අදර්ශමත් කතා ගොඩක් සමඟ “වැදගත්“ කතා 100ක් අප වෙත ගෙනා සෑමාට සුභ පැතුම්..
ReplyDeleteතවත් මෙවන් කතා ගොඩක් අප අතරට ගෙන ඒමට කාලය ලැබේවා..
තුති.. !
Deleteසෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
තෙරුවන් සරණයි.. !!
100+ උනාට සුබපැතුම් !!!! උඹලගේ පැත්තේ ඇවිත් තමා අර අහවල් එකාත් තමන් කරපු වැරදි අනුන්ගේ පිට පටවන්න පුරුදු උනේ.//
ReplyDeleteඅන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ// ....කරපු පවු සේරම මැකී යන්න මේ කරන්නා වූ කුසලකර්මය හේතුවේවා !! වසනා වේවා !!
//කරපු පවු සේරම මැකී යන්න මේ කරන්නා වූ කුසලකර්මය හේතුවේවා !! වසනා වේවා !!///
Deleteඑසේම වේවා.. :)
සෑමා කියූ ලෝවැඩසඟරාවේ කවි මටත් මතකය... මට නම් පාඩම් කෙරෙව්වේ අම්මාය... ඈට පිං ය...
ReplyDeleteබොහෝ අකටයුතුකම් වලට මුල් වන්නේ පිටින් පේන්න උපාසකයෝ වගේ ඉන්නා අය බව බොහෝ විට අත්දක ඇත්තෙමි...
දහම් කරුණු කියාදීම වෙනුවෙන් මගේ ස්තුතියි පුද කරමි...
100 දක්වා ආ මඟට සුභ පතමි..
සුභ වෙසක් මංගල්‍යක්ම වේවා!!!
සියළු සිත් නිවී සැනසේවා..
Deleteසෑමාගේ පැතුම එයමය..
තෙරුවන් සරණයි !
අඩො අර දෙයියනේ කියල //බනක් දහමක් දෙසාගෙන හිටිය මාරයට ගෙමක් දෙන්නද// උඹ ඒ පාර හදන්නේ...බන කියන්ඩ අරං මොනා උනත් හොරකං කොරන එවුන්ට නම් දුටු තැන පහර දිය යුතුමය..
ReplyDeleteමාරයා කියන්නේ මාර පරාජය ගැනය.. :)
Deleteහොරකම හොද නැත..
තෙරුවන් සරණයි රාජ් මහතා !
දහස් ගණනින් පෝස්ට් දැමීමට දිරිය ශක්තිය ලැබේවා කියල සුභ පතන අතරේම සැමාට මෙච්චර කාලයක් මතක තියෙන විදියට දහම් කරුණු කියල දුන්න සමන්මලී අක්කටත් පින් දෙනවා. සුභම සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා !!!!!
ReplyDeleteස්තුති සුභ පැතුමට..
Deleteඊට පස්සේ සමන්මලී අක්කා දැක්කෙම නැහැ.. :(
තෙරුවන්සරන වේවා !
මටත් හොරකම් කරන එවුන් පෙන්න බැහැ, ඉස්කොලේ යනකාලයෙදී අපේ පැන්සල් පෙට්ටි පිටින් උස්සන එකෙක්ව අල්ලගත්තේ බොහොම අමාරුවෙන්, ඌව ඉස්කොලෙ ඇරුනට පස්සේ කැඩෙට් රූම් එකට අරන් ගිහින් බාල්කයෙ එල්ලලා ගැහුවේ, ඉට පස්සෙ දවසෙ ඌගේ අම්මා ඇවිත් අපිට බැනලා පොලිසි යනවා කිව්වා,එත් ගියෙ නැහැ මාසයකින් පස්සෙ ඌව වෙන ඉස්කොලයකට දාගත්තා
ReplyDeleteඅපොයි ඒකව හදාගන්න අම්ම වත් කැමති නැතිව ඇති..
Deleteමරු අම්මල නොවැ..
තෙරුවන් සරනයි කුෂී !
100 ට සුබ පැතුම්.
ReplyDeleteසුබ වෙසක් මංගල්‍යයක් වේවා !
මෙය 101 ය. ;)
Deleteසෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
තෙරුවන් සරණයි.. !!
ඔහොම උන් ගැන නම් මාත් අහල තියනවා බං. උපාසක කම හුවා දක්වන උන්ගෙන් තමයි වැඩිය පරෙස්සම් වෙන්න ඕන. පෝස්ට් එකේ අන්තිම ටික පට්ටයි ඔයි..:D :D
ReplyDelete100 සුභ පැතුම්. සුභ වෙසඟක් වේවා...!
සෑමාගේ ලිවිල්ලෙන්...සිත් නිවි සැනසේවා...
Deleteතෙරුවන් සරණයි.. !!
වැදගත් ලිපියක් මචන් සියවෙනි එක.බොලා බණ දහම් ගැනත් යමක් දන්නවා එහෙනම්.වටිනා අදහසක් අපේ වචන වලින් කීවට ස්තූතියි උබට.ජය...!
ReplyDeleteබ්ලොගාලා විවිධ අංශ වලින් උගත් බව ලොවට පෙන්විය යුතුය. ඔබත් දැන් බ්ලොගෙක් නොවැ
Deleteජය..!
මේක 100 නොව 101ය.
සතකයට සුබ පැතුම්...
ReplyDeleteහිතන්න යමක ඇති කතාවක්..
ස්තුති සහෝ..
Deleteජයෙන් ජය !
සෑමෝ ඔය සින් එකට දුශාන්(ඉදලා නොහොත් බානා) මාට්ටු උනා මතකද...????
ReplyDeleteඔව් බං පියල්ගේ සැක කටයුතු ලිස්ට් එකේ බානා හිටියා. පව් බං එහෙම හිතන එක වැරදී. සාක්ෂි නැතිව වැරැද්ද පටවන්න තරම් පියලා දුදනෙක්..
Deleteඋබට සීන් එක මතකයි නේද? බලපං ඉතිං කූඩු උස්සපු පන්තියේ හිටපු ජයනාත්ට වැඩේ මතක නැහැනේ.. :පී
මගෙනුත් සුභපැතුම් සමග ප්‍රීති වෙසක් මංගල්‍යයක් වේවා
ReplyDeleteඑසේම වේවා !
Deleteසීයට සුභ පැතුම් වගේම .................... මේකත් නියමයි ...
ReplyDeleteස්තුති..
Deleteතෙරුවන් සරණයි !
උපරිමයි සැමා අයියේ... අමුතුම විදියකට සැමා අයියා පෝස්ට් දාන්නේ.අවුරුද්ද වෙනුවෙන් සුභ පතන්නත් කතාවක් දැම්මා දැන් වෙසක් උත්සවේ නිමිති කරගෙනත් නියම පෝස්ට් එකක් දැම්මා නියමයි
ReplyDeleteඋපදේශකුත් එක්ක නියමෙට දීලා තියෙන්නේ.සැමා අයියාට උගන්නපු සමන්මලී අක්කට බොහෝම පිං.(මෙහෙම එකෙක්ට උගන්නනවා කියන්නේ සෙල්ලං යැ).සැමායියාගේ ශතකයට මාගේ හදපිරි සංතෝසය පුදකරනවා මේ අවස්ථාවේදි.තව තවත් වැඩියෙන් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්ටෝන.ලේ පිරිසිදු කරගන්න නියම තැන.
මේ වෙසඟේ සැමායියාගේ සිත නිවී සැනසෙන්න යැයි මම ප්‍රාර්ථනා කරනවා.සුභ වෙසඟක් වේවා!!
ස්තුති ගැමී.. සෑමාව නිවැරදිව අධ්‍යයනය කරල වගේ.. ;)
Deleteසියලු සිත් නිවෙන සුභම වෙසක් මංගල්‍යයක් වේවා.
ගැමියාගේ සිත නිවී පහන් වේවා.
තෙරුවන් සරණයි සහෝ !
පිට පෙනුමෙන් හැසිරීමෙන් මනුස්සයෙක්ව තීරණේ කරන්න බැහැ කියන එකට හොඳ උදාහරණයක්.
ReplyDeleteඕව් නේ සෑම් දැක්කම හිතාගන්න බැහැ නේ ඒ වගේ කෙනෙක් කියල.
Deleteඩ්‍රීම්ස්ගේ කතාව ඇත්ත. පිට පෙනුමෙන් මිනිස්සු මනින්න බැහැ නොවැ.
Delete@අසරණයා - ඇගේ සහ මගේ හිත් දෙපලු කරන්නට ආ අසරණයාට එදිරිව පෙල ගැසෙමු. !
වෙසක් කාලයේ හොද කතාවක්...
ReplyDeleteසුභ පැතුම් සැම්
ස්තුති සහෝ..
Deleteතෙරුවන් සරණයි !
පට්ට කවිය....ගොඩක් සිල් රෙදි පුරෝගෙන ඉන්න උන් තමයි ඔය වගේ බලු වැඩ කරන්නේ....
ReplyDeleteසහතික ඇත්ත..
Deleteතෙරුවන් සරණයි !
කවිය නම් මරු.. පවන් කරපු වැඩේ නම් හරි නෑ තමා..
ReplyDeleteකවියක් නොව ගීතයකි..
Deleteපවන් දැන් හැදිල ඇති..
තෙරුවන් සරණයි !
This comment has been removed by the author.
ReplyDeleteඋපාසක බළල්ලු තමයි සෑම් අයියේ මීයෝ ඩබල් ඩබල් අල්ලන්නේ. හොරකම් සීන් එක කියවෙනකොට මං තක්කෙටම හිතුවේ අනිවා පවන් තමයි වැඩේ දෙන්න ඇත්තේ කියල. සැම් අයියගේ 100 වෙනි පොස්ට් එකට මගෙන් සුභම සුභ පැතුම්. ඉස්සර වෙච්ච සිදිදියක් ලිව පොස්ට් එකෙන් වෙසක් කාලෙට උචිතම මාතෘකාවක් ගැන කියවෙන්නේ. නියමයි.
ReplyDeleteකාලෝචිත ධර්ම දේශනා අඩුයි මේ කාලේ. ඒ නිසා සෑමාවත් ආදර්ශවත් දෙයක් ලියන්ට බැලුවේ..
Deleteජය..
තෙරුවන් සරණයි !
පවන් උන්නු හැටියට මම හිතාන උන්නේ සිරිමත් වගේ හොඳ බොදු යහපත් දරුවෙක් කියලයි . ඒත් ෆෝන් එක ඉදිරියේ ඌ ෆෝම් වෙන්න ගිහින් යහපත්කම අනාගෙන නෙව .. අපෙත් උන්නා ඔහොම ෆෝන් ගල් කරල ගැන්සියක්ම .. අපි නම් උන්ව පඩේකටවත් ගණන්ගත්තේ නෑ උන් අපිව ගණන්ගත්තෙත් නෑ මයෙ හිතේ ..!
ReplyDeleteඑහෙම එකාල ගණන් නොගන්න එක අපිට හොදයි සදරුවෝ. නැත්තං පවන් කලා වගේ අපිත් චාටර් වෙනවා..
Deleteතෙරුවන් සරණයි !
වැරැද්ද වැරැද්දමය.. දඩුවම් ලැබේමය..
ReplyDeleteලැබුවාවූ ශතකයටත් තව දිගු ගමනකටත් සුබ පැතුම්...!!!
සැම සිත් නිවෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා...!!! :)
ස්තුති නන්දු...
Deleteතෙරුවන් සරණයි !
ලෝවැඩ සඟරාවත් කියවලා තියෙනවා නේද?:)
ReplyDelete100 ට ජයවේවා.
මේ තියන්නේ ලස්සනම හරිය.
//Samsung සුසුමන් පාවීලා
වැල්ඩින් වතුරෙන් නෑවිලා
වින්කල් අස්සෙන් රිංගාලා
කොයි යන්නෙද සොරකම් කරලා// :)))
ලෝවැඩ සගරාව කිව්වම ඔයාල දන්නේ 'ලෝහ කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ' පොතක් කියලනේ..
Delete:පී
තෙරුවන් සරණයි !
සුබ වෙසක් මංගල්‍යයක් වේවා...!!!
ReplyDeleteඑසේම වේවා..
Deleteතෙරුවන් සරණයි !
100ට සුභ පැතුම්! ප්‍රීති වෙසක්!
ReplyDeleteඑසේම වේවා සහෝ..
Deleteඋබව අල්ලන්න තියෙන අමාරුවක්.. ;)
සෑම් මහතාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා......
ReplyDeleteවෙසක් එකට ගමේ ගියා මචං. ඒක හින්දා එන්න පරක්කු උනේ.
මම දැක්ක ගමේ ගියා කියල තියෙනවා..
Deleteගමේ පන්සලේම සිල් ගන්න ඕනෙද බං.. :පී
සෑම් මහතාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා......
ReplyDelete