සෑමා අවුරුද්දට පෙර පෝස්ටුවකින් වැලහින්නගේ පෙම අහවර කලේය. එසේම නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් කුලේ 2500/-න් කන හැටි පෝස්ටු ගත කලේය. කුලේගේ ආදායම් මාර්ගය ගැන සදහනක් කිරීමට සුදුසු සාධක කිහිපයක් ලැබුණු නිසා හදිසියේ පෝස්ටුවක් කෙටීමට සෑමා උත්සුක වුයේය.
සෑමාගේ අල්ලපු ගෙදර ඉන්නේ සෑමාගේ පියාගේ (කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ) අයියාය. ඒ ගෙදර මේ දිනවල මීයන්ගේ කරදරයක පැටලී ඇති බවක් සෑමා දුටුවේය. සෑමාගේ නිවසේ මී කරදරය තිබුණද, සෑමාගේ අම්මා මීයන් මරන්නට වස තබන්නට අකැමැති වූ නිසාත් ගෙදරට ගෙන ආවේ මීයන් අල්ලන කම්බි දැල් උගුලක්ය. එය බොහෝ දෙනා දැක ඇති බවට සැක නැත්තේමය.
සෑමාගේ අම්මා එදිනම රාත්තිරියේ මී උගුල ඇටවු නමුදු නියම ප්රථිඵල නොලැබින. එහෙත් අතුලත තිබි කෑම නම් මීයන් අනුභව කොට තිබින. ඒ නිසාම අදහස ඇතැර දැමූ සෑමාගේ මව එම උගුල දුන්නේ අල්ලපු ගෙදරටය.
ඉකුත් මාස දෙක තුල සෑමාගේ ජොක්කු දෙදෙනෙකු අස්ථාන ගතවූ බව සෑමා බ්ලොග් ලෝකයට හෙලි නොකළේය. ඒ සෑමාට ඇති විලි ලැජ්ජාව නිසාමය. එහෙත් පසුගිද දින කිහිපය තුල අවුරුද්දට නිවස පිලිවෙලක් කරද්දී සීලිම අස්සේ ජොක්කු දෙදෙනෙකු එකතු කොට මීයන් නිවාස තනා ඇති බවට සාධක ලැබුනේය. ඒ දුටු සෑමාට මීයන් මරන කෝප සිත පහලව හොදැවැයින් මී පාසානම් නොහොත් මී වස ටිකක් නිවසට ගෙනාවේය. එයින් නියම ප්රථිඵල ලැබී දැන් සෑමාගේ ජොක්කු ආරක්ෂිතය.
එදා සෑමාගේ අම්මා දුන් මී කුඩුවෙන් දැන් මීයන් අල්ලන්නේ අපේ අල්ලපු ගෙදර මහප්පලාය. ඉකුත් දවස් දෙක තුලදි මීයන් දෙදෙනෙකු අල්ලා ගැනීමේ වාර්ථාවක් තැබීමට ඔවුන් සමත් වූහ. සෑමාගේ අම්මා උගුල ඇතුලෙන් පොල් කෑලි තබද්දී මහප්පලා තැබුවේ ඉදි ආප්ප බැවින් උගුල සාර්ථකව ක්රියාත්මක වී ඇත. ඊයේ මීයා සමග කූඩුව තබාගෙන ඔවුන් කල්පනා කලේ මීයාට කරන්නේ කුමක්ද කියාය. අවසානයට ආ තීරණය වූයේ මීයා කුලරත්න අංකල්ට නොහොත් කුලේට භාර දීමය.
හදිසි කැදවීමක් මත කුලේ නිවසට වාර්ථා කලේය. පොර ඒ ආවේද වැනි වැනීය.
"අංකල් මෙන්න මීයෙක් ඉන්නවා ඈතට ගෙනිහිං දාන්න. මරන්න එපා හැබැයි" ඒ කීවේ මහප්පාගේ පොඩි පුතා නොහොත් බුද්ධික අයියාය.
"අපෝ මේක ආයෙ එන්නෙ නැති වෙන්න මම වැඩේ කරන්නම්. නැට්ටේන් අල්ලලා පොලේ ගහමු." කුලේ අංකල් කීවේ කසියා මතිනි.
"ඔයා ඕනෙ මගුලක් කර ගන්න. ඈතට ගෙනිහිං හරිද ?" අපි කුලේට වෝ(ර්)නිං දුන්නෙමු.
"හරි මට 100ක් දෙනවා...." කුලේ වැඩේට මිල තීරණය කලේය.
"ආං...." කියමින් බුද්ධික අයියා කුලේ අත තැබුවේ 100 නෝට්ටුවකි. මුදලට වඩා මී කරදරයෙන් මිදීම වටිනා බැව් හෙතෙම හොදින් දන්නා බව නිසැකය.
කුලේ මීයා බෑග් එකකට දමන අයුරු ජංගම දුරකථනයේ සටහන් කර ගැනීමට සෑමා සමත් විය.
වීඩියෝව හොදින් ඇසුවොත් ඇහෙයි. කුලේ නැගිටින්නේද "මොන හු.." කියාගෙනය.
ඒ සිදුවීම වූයේ ඊයේය. ඉන්පසු අදද එසේම සිදුවිය. රුපියල් සියයක් ගත් කුලේ මීයා රැගෙන ගියේය.
මීට පෙර දවසක් කුලේට වෙනත් ගෙදරක ඇන්ටි කෙනෙක් පූසෙක් දී ඇත. ඒ ඈත ගෙයක් ලගින් ගෙනිහින් දාන්නට කියාය. ඒ ඇන්ටී කුලේට මුදල්ද දී ඇත. කුලේ ඒ පූසා ගෙනවිත් දමා තිබ්බේ අපේ ගෙදරය. අපේ ගෙදරින් නැවත මුදල් ගෙන කුලේ ඒ පූසාව වෙන කොහේ හෝ නැවත දමන්නට ඇත.
එහෙව් කුලේ ගැන දන්නා සෑමා කුලේ මීයා රැගෙන යන විට පිටු පසින් ගමන් කලේය. කුලේ සෑමගේ ගෙවල් පැත්තට හැරී මිදුල දෙසට ගමන් කලේය. එසේ ගොස් පාර අයිනේ තිබෙන ලයිට් කුණුවක් ලග පහත් වී මීයා මුදා හරින්නට සැරසෙද්දී සෑමා කෑගැසුවේය.
"ආ.. ආ.. මීයව මොකද මෙතන දාන්න හදන්නේ.."
"නැහැ.. කවුද මීයෙක් දාන්න හැදුවේ.. මම නිකං පාත්වුනේ.." කියමින් කුලේ ආපසු හැරී ගියේය.
කුලේ කලින් දවසේ මීයාට කළ දේ තවම පැහැදිලි නැත. ඒ මීයාද මෙසේ දමා යන්නට ඇතැයි සැක සහිතය. පොර මීයන් දමා ගොස් දිනකට රුපියල් සියය බැගින් ගෙන මසකට රුපියල් තුන්දහසක් ලබා ගනු නිසැකය. පොර කෑමට දෙදහස් පන්සියයක් යන්නේද නැත්තේය.
සෑමා සියල්ල වාර්ථා කලේ තම පියාටය.
"මට නම් හොදටම ෂුවර් එදා මීයා තමා අද අහුවෙන්නත් ඇත්තේ.." සෑමාගේ තාත්තා කීවේය.
"මෙයාට නම් පිස්සු.. ඔයා කෝමද මේ ඒකම කියන්නේ??" සෑමා සිනාසෙමින් ඇසුවේය.
"මට නම් එදා එකාගෙයි අද එකාගෙයි වෙනසක් පෙනුනේ නැහැ. දෙන්නම එක වගේනේ.."
පලි - සෑමා තම පියා සමග තර්ක කිරීමට නම් මින් පසු අල්ලා ගන්නා මීයාට සුදු පාට තීන්ත හෝ අතුල්ලා කුලේට භාර දිය යුතුය. නැතිනම් තර්ක කිරීමට සාධාරණ සාක්ෂි නොමැත.
Written by sAm_5.30pm_15.04.2012

දැන් ජොකා අදින්නේ ත් මි පාසනම් කෑල්ලක් අලුත්ලට දාගෙන්ද..?? සැමියෝ ,
ReplyDeleteමගෙ අප්පේ ඒක අස්සේ දැම්මොත් අහිංසක තඩි මීයෙක් විනාස වනු නිසැකය..
Deleteමෙහෙම ගියොත් ගෙදර උන්ගෙත් මීයා මාරු වෙනවා ෂුවර්ය.. :-)
ReplyDeleteමගෙ අප්පේ එවන් අවාසනාවක් නොවේවා !
Deleteඅඩේ කුලේ කියන්නේ.. සෑමා වැනි බ්ලොග් කරුවෙකුට ධන නිධානයකි. ඉස්සරහට කුලේ ගැන පෝස්ට් කීයක් වැටෙයිද කියලා මම මේ කල්පනා කළේ.. සෑමෝ ඔය ජොකියට අකල් මරණ වලට එහෙම ගොදුරු වෙන්ඩ දෙනවා නෙමෙයි.. හදිසියේ අසනීපයක් උනත් දුවලා පැනලා බේත් ටික අරන් දුන්නත් උඹට පාඩු නැහැ..
ReplyDeleteමම මේ කල්පනා කළේ සෑමාගේ කටහඩ කෝකද කියලා...
පුදුමයි මීයෝ මීපාසානම් දාන්ඩ ඉතුරු වුනා..
ඇයි මේ කුඩේ ගැන වෙවුලන කට හඬින් කතා කරන්නේ සැමා නේ.
Delete@සෙන්නා - පොර බේත් බොන්නේ නැහැ බොල බොන්නේ කසියා..
Deleteකුලේ ගේ පෝස්ටු බර ගොන්නක් ඇත ලියන්නට.. බලමු මොනා වෙයිද කීලා..
@අසරණයා - කවුද බොල වේවලන්නේ..
මී උවදුරට සාර්ථක විසඳුමක් සොයාගෙන ඇති බව පෙනේ..
ReplyDeleteකුලේ ඉඳලා හිටලා සෑමාගේ ගෙදරට පැමිණ අපිට කියවන්නට දෙයක් දී යන බවද පෙනේ..
කුලේ කතා වස්තුවකි..
Delete:)
කසියා බෝතලයකට කල හැකි හරියක්!:p
ReplyDeleteමී කෙස් 1 mouse hunt ෆිල්ම් 1 වගේ වේවිද??
මවුස් හන්ට් කෙසේ වෙතත් වෙනමම ෆිල්ම් එකක් ගහන්ට වෙයි මචං අද උදේත් පොර මීයෙක් ගෙනිහිල්ලා 100/-ක් අරගෙන...
Deleteමීයො මරන එක නම් පව් වැඩේ..ඒත් ඉතින් වෙන කරන්න දේකුත් නැහැ නේද?..හැබැයි කුලේ ට නම් නියම බිස්නස් එක..!
ReplyDeleteපව් වුණත් කරන්න දෙයක් නැහැ නොවැ.. කුලේටත් දියුනු වෙන්ට ක්රමයක් !
Deleteමී කුට්ටම රැක ගනින් ඇත්ත මියන්ගෙන්.නැත්නම් අහවල් එකකටද උඹේම ඒවා උස්සන් යන්නේ.
ReplyDeleteඋඹ මොනවා කලත් කුලේ කියන්නේ මහා අහිංසක මනුස්සයෙක්.උඹල මෙහෙම විහිළු කරන්න එපා. හැබැයි මොනවා වුනත් කතා සාගරයක් වගේ.
රස දන්න මී ගැහැනු සත්තු ජොක්කු අරන් යනවා ඇති බං.. :)
Deleteකුලේ ? අහිංසක ? උබ දන්න තරම තමා..
හපෝ..මීට පස්සේ ඔය දෙගොල්ලන්ගෙන්ම සැමාට පරිස්සම් වෙන්න වෙයි වගේ...(මීයන් සහ මිනිසා)
ReplyDeleteහ්ම් ඒක ඇත්ත. මට මගේ අනාගතය වටිනවා නොවැ.. :)
Delete//එහෙත් පසුගිද දින කිහිපය තුල අවුරුද්දට නිවස පිලිවෙලක් කරද්දී සීලිම අස්සේ ජොක්කු දෙදෙනෙකු එකතු කොට මීයන් නිවාස තනා ඇති බවට සාධක ලැබුනේය.//
ReplyDeleteසෑමෝ ඊට පස්සේ මීයෝ යහතින් හිටියද බං?
මී පාසානම් තියන්න කලින් දෙතුන් දෙනෙක් මැරිලා හිටියේ ඒක වෙන්ට ඇති..
Deleteමට මතක් උනේ ඒ කාලේ මී කුණක් විකුණලා සිටුවරයෙක් උන මනුස්සයා ගැන.. ඔන්න බලපං කුලෙත් එහෙම වෙන්නේ නැද්ද කියලා..
ReplyDeleteජොක්කු සහ ම්යෝ ගැන මාත් නොඅසමි.. මොකද උඹට ඒකට සෑහෙන් උත්තර බදින්න වෙන නිසා.. මම ඒවම බලන්නම්..
කුලේ මීයි විකුණෘ ගොඩ යනවා ෂුවර්ය.
Deleteස්තුති ජොක්කු මීයෝ ගැන නොඅසා සිටීම ගැන.. ;)
පොඩ්ඩක් මීයන්ගෙන් පරිස්සම් උනොත් හොඳයි වගේ. ඊලඟට මොන, මොනවා ගෙනි යයිද දන්නේ නෑ ගෙවල් හදන්ට. :D:D:D
ReplyDeleteමගේ එක ගෙනියන්ට මීයෝ.. ටිකක් අමාරු වෙයි.. :)
Deleteජොක්කුන්ට මීයගේ කූඩුවක් කියා කියන්නේ මක් නිසාදැයි දැන්වත් ඉගෙන ගත්තද...
ReplyDeleteහිකිස්.. කමෙන්ටුව දැක ඉගෙන ගතිමි. !
Deleteමෙම ලිපිය කියවා පහත සඳහන් නිරීක්ෂණ කරන ලදි
ReplyDeleteජොක්කුන්ගෙන් හැදූ නිවස ජොක් සෙවන, ජොක් විලා හෝ ජෝක් පාය විය හැක
සීලිමේ තිබ්බත් ජොක්කුන්ගේ කාර්යභාරයේ හෝ ස්ටේටස් එකේ වෙනසක් වී නොමැත
ජොක්කුන්ගේ ලිපිනය පමනක් වෙනස් වී ඇත.
මී කූඩුවේ ඇමට ඉතුරු ජොකාම මිස පොල් කෑලි, ඉඳි ආප්ප තැබීම අනුවන කමකි.
ප්රශ්ණයට පිළිතුරක් කුලේ නොමිලයේම සපයා ඇත එනම් ඌ බළලා සෑමලාගේ ගෙදර ලඟට අනුන්ගේ වියදමින් ගෙනත් අත හැරීම. (උඹලා වැඩේ කාගෙන ඇත)
උගත් පාඩම් හා ප්රතිසංවිධාන: මෙවර හසුවන මීයාගේ පිටේ SAM 1 යනුවෙන් පච්චයක් කොටවා කුලේට භාර දීම යෙහෙකි.
henryblogwalker the Dude
සභාපති
හිකිස්.. කියන්නට දෙයක් නැති මට්ටමේ කමෙන්ටුවකි.. :))
Deleteජය !
කෙල විසිවෙන තරම් හිනා ගියා කමෙන්ට් එකට.ශෝක් කී බෝර්ඩ් එක..
Deleteසිරාවට බං !
Deleteමීයන්ටත් මුගේම ජෝක්කු හැර වෙන මොකුත් තිබ්බේ නැද්ද ගෙවල් හදන්ට?.
ReplyDeleteකුලේ ඕකුවන්ව පුච්චලා කයිද දන්නේ නැහැ කෑම වියදම ශේප් කරගන්න
බහුතරයක් මීයෝ ජොක්කු අස්සේ වසති.
Deleteඇත්තටම කුලේ මීයෝ පුච්චලා කන්න තරම් බඩ්ඩක් තමා.. :)
කුලේ සෑමාට කතා සාගරයක් වී ඇති සෙයකි.
ReplyDeleteමීයන්ගෙන් පරිස්සම් වීම නුවණට හුරුය.
සිරාවට !
Deleteසෑමෝ.. උඹ එහා ගෙදර මීයන් උඹලගේ ගෙදර ඉන්න පූසාට දුන්නනම් වැඩේ ඉවරනේ බන්.. ආයේ සල්ලිත් දීලා තුන්වෙනි පාර්ශවයකට වැඩේ බාර දෙන්න ඕනි නෑනේ.. හිකිස්..
ReplyDeleteඅපේ ගෙදර පූසෙක් නැහැ මචං..
Deleteඅනික දැන් ඉන්න පූසෝ අල්ලල දෙන මීයො කන්නෙ නැහැ නොවැ.. :)
කුලේ මහා ඇට්ටර මිනිහෙක්නේ :/
ReplyDeleteඒක නම් සහතික ඇත්ත !
Deleteබලාගෙන පාසානං තියද්දි . . වැරදි මීයට කැවුනොත් උඹ මැරෙන්නෙ මූත්රා විස වෙලා
ReplyDeleteමගුලයි.. මීට පස්සෙ පරිස්සං වෙන්ට ඕනේ.. :)
Deleteහප්පා මීයො!
ReplyDeleteඅධික වැඩ අස්සේ ගොඩ වුනෙමි. ෆලෝ දෙන්නෙමි. සැමාගේ පත බ්ලොග මුල සිට වෙලාව ලැබුනු විගස කියවමි. ජයවේවා!
මගේ වේලෙන ළදරු බ්ලොග ෆලෝ කිරීමට තරම් නිහතමානී ඔබට මගේ හිත පතුලෙන්ම ගෞරවය :)
වේලෙන බ්ලොග කියා අවතක්සේරු කර ගන්න එපා සහෝ..
Deleteඋබට පුලුවං. ඒකයි මම ෆලෝ කලේ...
මම පඩිපෙලක් නැගගෙන යන ගමන්. මට මුල පඩිම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු ගැලෙව්වේ එතැන. මාත් එහෙම වේලි වේලි හිටපු කාලයක් තිබ්බා. දැනුත් වෙලාවකට එහෙමයි.
ජය !
අනේ කුලේ මාමා හරිම හුරතලයෙක් වගේ...අනේ තව video ටිකක් ඔනාආආ
ReplyDeleteදමන්ට පුලුවං ඒවා පමනක් දමමි :)
Deleteහික්ස්ස්... අන්න එහෙමයි දියුණු වෙන මිනිස්සු :D :D
ReplyDeleteඅන්න හරි දියුනු වෙන්න මීයා විකුනපං මචං !
Deleteමී කරදරය අපේ ගෙදරද උග්රව තිබ්බේ ය. මම කලේ හාමිනේගේ ගෙදරින් පුසෙක් ගෙන ඒමය. මීයෝ සරෙන්ඩර් ය..
ReplyDeleteමොක නැතත් ජොකා පරිස්සම් කොරගන්නවා හොඳයි
ReplyDeleteමොන හු.... :)
ReplyDeleteපව් මීයා............
ReplyDelete