නොපෙනනා කඳුළු නීරසයි
ගත පෙගුණු දහඩියම මහ ගඳයි
බුලත් විට මුඛය තිත්තමයි
දෑතෙ කරගැටම තිස් තුනයි
නිය පොත්ත වැදුනොතින් තුවාලයි
ඒ ඇතුලෙ කුණු පිරී ජරාවයි
පිබිදෙනා යටිකයම අවසරයි
පිලිකුලක් නැතිව ඔබ ලඟ හිදියි
මගෙ හුස්ම ඔබෙ නලල තෙමාලයි
ඒ පුසුබ නුබට නම් මහ මෙරයි
අව් රශ්මි පුච්චනා මා ගතයි
පුන්සඳේ දැවටෙද්දි පින තමයි
මගෙ මැණික යැයි කියන නුබ තමයි
කාසි සොයනා හිතට සවි ගෙනෙයි
වැලපෙනා දහවලින් මුදාලයි
සිරි යහනෙ මා රජෙක් කරාලයි
උන්ට නොපෙනෙනා නුබ රැජිණියයි
දැලි දූලි ඔය හුස්මෙ රඳාලයි
මා ජීවෙ ඒ දූලි වසාලයි
හැමදාම ලඟ ඉන්න පතාමයි
නුබ යනු අහස බව මතක තබා ගතයුතුයි. අවසන් නිවේදනයයි ඕන් 😂 (නුඹ)
ReplyDeleteඋඹට මොකද බං වෙලා තියෙන්නෙ? සෑමා පරිණත වී ඇති බව පෙනේ...
ReplyDeleteඅනේ අම්මපා සෑමා ලියපු ඒවාගේ හැටියට දැන් නම් පරිණත වෙලා තමයි.
ReplyDeleteරස වින්දා!
ReplyDeleteDayal Bathee
හුට්ටපරේට ගහපු කලාබරේ කිව්වලු..අපිට ඉතින් කවි තෙරේන එකක්යැයි
ReplyDelete