Sunday, May 27, 2018

බේබද්දන්ව බේරා ගතිමි.. - For the name of the Dopers !!




#බීමත්කමේ_දුර්විපාක

දුක කාටද
කාළකන්නිකම කාටද
අඬදබර කාටද
නිකරුනේ තුවාල කාටද
රතු ඇස් කාටද
#බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටය
තව තවත් බොන්න යන මිනිසාටය
මඨ්‍යසාර රතට රතේ
දිලිසෙන විට..
වීදුරුවෙහි පෙන දමන විට
ලස්සනට වැක් කෙරෙන විට
#ඒ_දෙස_දෙස_නොබලන්න

නැත්නම්..
අන්තිමේදි එය
නයෙකු මෙන් සපා කයි
පොළගෙකු මෙන් දෂ්ඨ කරයි
එවිට ඔබේ ඇස් ⁣අද්භූත දේ දකි
ඔබේ කට විලම්බීත දොඩවයි
එවිට ඔබ...
මුහුද මැද ඒ මේ අත
පෙරලෙන කෙනෙකු මෙන්ද
කුඹ ගස මුදුනේ
නිදන්න හදන කෙනෙකු මෙන්ම වනු ඇති
එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත

"ඔවුන් මට පහර දෙන්නට ඇත
නමුත් මට රිදුනේ නැත
ඔවුන් මට ගසන්නට ඇත
නමුත් මට දැනුනේ නැත
කොයි වේලේ මා අවධි වෙයිද..?
එවිට මම තව උගුරක් බොමි".....


- කතාකරන පන්හිදේ බොන උන්ට එදිරිව ලියූ පද වැලක් ඉහත දැක්වෙන්නේය. බීලා අඩි පොලේ ගහන උන් හිටියේ ඉස්සරය. බොන හැම එකාම බේබද්දෝ ගානට වැටුනේ ඉස්සරය. දැන් එහෙම විය යුතු නැතිය. අඩියක් ගසා සැපේ ඉන්නා උන බෝය. කාටවත් කරදරයක් නැතුව, වෙනදාටත් වඩා වටේ පිටේ උන් එක්ක සතුටින් ඉන්නා උන් බෝය. ඉතිං සෑමා රිටර්න් එක දුන්නේ මෙහෙමය. කවියෙන්මය.


ඉස්සර වලිය,
අල්ලපු ගෙදරින් නැගෙන..
අංකල් බීමත් ය,
වැඩ ඇරී ගෙදර එන..
ඇන්ටී ඇඳිවතය,
ගුටි සමග නිවසින් පිට කෙරෙන..
දරුවන් කදුලෙන් ය,
ඉගෙනුමට තිත තබන..

අංකල් පුතුය,
දැන් ඒ නිවසෙම වෙසෙන..
හවසට පාටිය,
බෝතල් කිටි කිටි හඩ ඇසෙන..
ඔහුගේ වයිෆ් ය,
බයිට් මික්ශර් හදන..
එනමුදු සතුටින් ය,
වලියක් නොම ඇස ගැටෙන


Written_by_sAm_ශ්‍රී_4:15pm_27/05/2018

6 comments:

  1. මට දැං වැඩිය බොන්න බෑ සෑමා. පිස්සු කෙලිනවා. කොහොම හිටිය කොල්ලෙක්ද තනියම බෝතලයක් ගහලත් බිවිවෙ නෑ වගෙ ගියෙ මං ඒ දවස් වල

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ කන්නෙලියෙ ගිය කාල වෙන්න ඇති.

      Delete
  2. ලංකාවේ උන්ට බොන්න කිව්වොත් නාන නිසා කවදාවත් බොන්න නම් කියන්නේ නැත

    ReplyDelete
  3. තම තම දැන පමණ
    නැත්තං කචල් වෙයි හැම

    ReplyDelete
  4. බුහාහාහාහාහා ...බේබද්දෝ 😂 තව එකක් ලියන්න ඕන..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...