සෑමා වෙජිටේරියන් නොවේය. ලියන්නට යන්නේ වෙජිටේරියන් විය හැකි බවට ඉඟියක්ය. අද පෝය නිසාත්, වෙනදාට “පෝයට එකක්“ කියා ලේබලය යටතේ ලිපියක් ලියූ නිසාත් මේ ලිපිය ලිවීම සුදුසු යැයි සිතුනේය.
මාළු නම් සෑමාට පිරියක් නැතිය. කුකුලා නම් අවුලක් නැතිය. බොහෝ බෞද්ධයෝ එහෙමය. මාළුත් අවුලක් නැතිය. කුකුලාද අවුලක් නැතිය. සෑමා ඌරාද කන්නේය. එයට පුරුදු වූයේ ඌරාව බයිට් එකට සැට් කර ගැනීම නිසාය. විටින් විට බයිට් එකට සැට් වූ ඌරා අවසන කෑම පිඟානේ පැත්තකට තබා ගැනීමට තරම් දුර ගිය බව කිව යුතුය. හරකා නම් සෑමා නොකන්නේය. එකම එක දිනක් බැරි වීමකින් හරක් රොටියක් තුල තිබීම නිසා අනුභවයට ගත්තද ඉන් පසුව හරකා කාලාම නැතිය. සමහරක් හරක් නොකන්නේ ඇලජික් නිසාය. එහෙත් සෑමාට කිසිම මසකට ඇලජික්ද නැතිය. පුරුද්දක් ලෙස කන්නේ කුකුලා, ඌරා හෝ විටක මාළු පමණක්ය. එය වෘත රැකීමක් හෝ අමුතු සීලයක්, ප්‍රතිපත්තියක් හෝ නොවේය. එය හුදෙක් පුරුද්දක්ය. නැතහොත් ඒ නම් සෑමාගේ හැටිය.
කෑම හෝ නිර්මාංශ වීම ගැන සෑමාට සිහිවූයේ කතෝලිකයන්ගේ මේ දිනවල සිදුවන චතාරික සමය හෙවත් උපවාස කාලය ගැන සිහිවීම නිසාය. චතාරික සමය සෑමාට අනුව නම් අවුලක් නැතිය. එය ප්‍රතිපත්ති පූජාවක් බඳුය. අළු බදාදායින් ඇරඹී ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය සහ උත්ථානය යන ත්‍රිවිධ සංසිද්ධීන් ආධ්‍යාත්මිකව සැමරීමට ඔවුන් සූදානම් වන්නෝය. ඒ අතර කෙරෙන නිරාහාරව සිටීමෙන් සංඛේතවත් කෙරෙන්නේ ශාරීරික මර්දනය තුළින් තම පව් සිහිපත් කර ඊට ස්ථාපනය වීමට ඉඩ සැලසීමය. තමන් නිරාහාර ශීලය රක්ෂා කරන විට එම ආහාර කොටස, නැතිනම් ඒ සඳහා වැය කරන මුදල ආහාර නොලබන තමාට වඩා අඩු සැප සම්පත් ඇති කවරෙකුට දීම හෝ එය පුණ්‍ය ක්‍රියාවක් සඳහා වෙනත් ආකාරයකින් යොමුකිරීම සිදුකළ යුතුය. මා දන්නා, අසා ඇති කතෝලික දේශනය එයය. එහෙත් බොහෝ අය එක් වේලක් නොකා සිටින්නෝය. මස් මාංශ නොකා සිටින්නෝය. එලෙසම මත්පැන් වලින් පවා මේ කාලයේදී තොර වන්නෝය. එලෙස තමා පරිභෝජනය නොකරන කොටස කිසිවෙකුට පිරිනමනවාදැයි බහුලව දැක නැත්තේය. සියල්ල අවසාන වන දිනයේදී උත්සව ශ්‍රීයෙන් ආහාර අනුභවයෙන් සහ මත්පැනින් සියළු කාරණා නිමා කරන්නෝය. උක්ත උපවාස ක්‍රියාවලිය අද සමාජයේ කතෝලිකයන් රකිනා අයුරු විවේචනය කළ කතෝලික පූජකයෙකුගේ ලිපියක්, දේශනාවක් සෑමා දුටුවේය. ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලුවා මිසක සෑමාට ඒ පිළබඳව ලිවීමට අයිතියක් නැති බව කිව යුතුය.
කතන්දරය ඇත්තේ එතැන නෙවේය. බෞද්ධ අප අතේය. ආදර්ශයට ගත යුත්තේ කතෝලික සුද්දෙක්වය. ඈත අතීත සිද්ධියක් හා මෑත භාගයේ සිද්ධියක් සංසන්දනය කිරීමට සෑමාට සිදුවන්නේ මේ අවස්ථාවේදීය. එලෙස කිරීම පට්ට අසාධාරණය. එලෙසම වැරදිය. එහෙත් මෑත සිද්ධිය නිතරම කියන්නේ ලියපං කියාය. ඉතිං ලිවිය යුතුමය.
සෑමා ගියේ කැළණි දහම් පාසලටය. කැළණි පන්සලට ඕනෑ තරම් සුද්දෝ එන්නෝය. උන් හැම එකාම බෞද්ධ නොවේය. හැම එකාම එන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ ගොස් නොවේය. එහෙත් ඒ අතරින් දැනෙනා දේ නම් අපට ඉන්දියාවෙන් ලැබුණු බුද්ධ ධර්මය, පෙර අපරදිග අධ්‍යාත්මික පිපාසිතයන් අතර බෙදා දිය යුතු බවය. බුද්ධ දේශනාව ඉතිරිව ඇත්තේ ලංකාවේය. එය නිවැරදිව සෞම්‍ය අයුරින් ලබා ගැනීමට අධ්‍යාත්මික සුවය සොයනා අපරදිගයන් ලංකාව වෙත ඇදෙන්නෝය. ඔවුන්ට එය ලබා දිය යුතුය. කලකට පෙර ලංකාවට එලෙස පැමිණි සුද්දෙක් සෑමාට හමුවූයේ දහම්පාසල් සමයේදීය. ඔහු කැළණිය බැලීමට අමතරව බුද්ධ දේශනාව පිළිබඳ පවා ප්‍රශ්න කළේය. එවිට ඔහු අසනා දෙයට පිළිතුරු දෙමින් සෑමා ජේසුස් වහන්සේගේ ආගම පිළබඳවද ප්‍රශ්න නැගුවේය. සැබෑවටම එතැනදී සිදුවූයේ කතිකාවතක්ය. සැක ඇති තැන ප්‍රශ්න කිරීමක් නොව අධ්‍යාත්මිකව දැනුම බෙදා හදා ගැනීමක්ය. මා බුද්ධ ධර්මය ඔහුට ප්‍රමෝට් කිරීමටවත්, ඔහු මට කතෝලික ආගම ප්‍රමෝට් කරන්නවත් උත්සාහ නොගත්තේය. අධ්‍යාත්මික දැනුම අන් සිතක වගා කළ නොහැකි බවත්, එය තමන් තමා තුලම ඇති කර ගත යුතු බවත් මාද ඔහුද දැන සිටියා විය යුතුය. ඒ එදා කතාවය.
මෙදා කතාවෙන් සෑමා තුල ඇති වූයේ අපට වඩා සුද්දන් කොතරම් අධ්‍යාත්මික ගුණ වගා කර ගැනීමේ පිපාසෙන් පෙලෙනවාද කියා හැගීමක්ය. භාවනාව කෙරේ අපරදිගයන් නැඹුරු වී ඇති බව නොරහසක්ය. එලෙසම නිර්මාංශ වීම කෙරේ ඔවුන් බහුතරයක් දක්වන රුචිකත්වයට ප්‍රායෝගික උදාහරණයක් ඔහු දුන්නේය. බොහෝ අපරදිගයන් නිර්මාංශ වන්නේ ශරීරයේ සෞඛ්‍ය තත්වය යහපත් කර ගැනීමට මෙන්ම අධ්‍යාත්මක සුවයක් බලාපොරොත්තුවෙන් බව සිතිය හැකිය. මා සිටින තැනකදී මා කතෝලික මිතුරෙකු ජර්මන් සුද්දෙකු සමඟ කතාවට පැටලුනේ්ය. එතැනදී ඔහු ලංකාව කෙරේ දක්වන රුචිකත්වය, ආදරය පිළිබඳවත්, ලංකාවේ වෙරළ තීරය කෙරේ ඔහු ඇති ඇල්මත් කියා පැවේය. නිර්මාංශ වූ ඔහුට සහ ඔහුගේ සහායිකාවට ලංකාවේ කන්නට ඇති තරම් කෑම ජාති තිබූ බව ඔහු කීවේ සතුටින්ය. වසර විස්සක් පුරාවට නිර්මාංශ වූ ඔහු සංචාරය කළ බොහෝ රටවල් උදාහරණයට ගෙන ඔහු කීවේ නිර්මාංශ වීම නිසා තමන් අපහසුතාවයට පත්වූ අවස්ථා පිළිබඳවය. අවසන ඔහු ඇසූවේ ලංකාවේ බෞද්ධයන් බොහොමයක් නිර්මාංශ දැයි කියාය. චතාරික සමයේදී තමන්ද නිර්මාංශ යැයි කියූ අප මිත්‍රයා සෑමාට සිතන්නට තැනක් ඉතුරු කළේය. සුද්දාද බෞද්ධයන් පිළිබඳ නැවත ප්‍රශ්න නොකළේ ඔහුට අවශ්‍ය වූ පිළිතුරක් නොලැබුනු නිසා විය හැකිය.
සෑමා සිතන්නේ එතැන් සිටය. කිසිවක්, කිසිවෙක් අදාල නැත. මා ඒ මොහොතේදී නිර්මාංශ අයෙක් වූයේ නම් වටිනා බව හැගී ගියේය. එලෙසම තමා සීලයේ පිහිටා සිටින්නේ නම්, තමා ධර්මයේ පිහිටා සිටින්නේ නම්, අනෙකෙකුට කළ හැකි බලපෑම ඉන් පැහැදිලි වූයේය.
Written_by_sAm_ශ්‍රී_Perera_2:10pm_22/02/16
මෙදා කතාවෙන් සෑමා තුල ඇති වූයේ අපට වඩා සුද්දන් කොතරම් අධ්‍යාත්මික ගුණ වගා කර ගැනීමේ පිපාසෙන් පෙලෙනවාද කියා හැගීමක්ය. භාවනාව කෙරේ අපරදිගයන් නැඹුරු වී ඇති බව නොරහසක්ය. එලෙසම නිර්මාංශ වීම කෙරේ ඔවුන් බහුතරයක් දක්වන රුචිකත්වයට ප්‍රායෝගික උදාහරණයක් ඔහු දුන්නේය. බොහෝ අපරදිගයන් නිර්මාංශ වන්නේ ශරීරයේ සෞඛ්‍ය තත්වය යහපත් කර ගැනීමට මෙන්ම අධ්‍යාත්මක සුවයක් බලාපොරොත්තුවෙන් බව සිතිය හැකිය. මා සිටින තැනකදී මා කතෝලික මිතුරෙකු ජර්මන් සුද්දෙකු සමඟ කතාවට පැටලුනේ්ය. එතැනදී ඔහු ලංකාව කෙරේ දක්වන රුචිකත්වය, ආදරය පිළිබඳවත්, ලංකාවේ වෙරළ තීරය කෙරේ ඔහු ඇති ඇල්මත් කියා පැවේය. නිර්මාංශ වූ ඔහුට සහ ඔහුගේ සහායිකාවට ලංකාවේ කන්නට ඇති තරම් කෑම ජාති තිබූ බව ඔහු කීවේ සතුටින්ය. වසර විස්සක් පුරාවට නිර්මාංශ වූ ඔහු සංචාරය කළ බොහෝ රටවල් උදාහරණයට ගෙන ඔහු කීවේ නිර්මාංශ වීම නිසා තමන් අපහසුතාවයට පත්වූ අවස්ථා පිළිබඳවය. අවසන ඔහු ඇසූවේ ලංකාවේ බෞද්ධයන් බොහොමයක් නිර්මාංශ දැයි කියාය. චතාරික සමයේදී තමන්ද නිර්මාංශ යැයි කියූ අප මිත්‍රයා සෑමාට සිතන්නට තැනක් ඉතුරු කළේය. සුද්දාද බෞද්ධයන් පිළිබඳ නැවත ප්‍රශ්න නොකළේ ඔහුට අවශ්‍ය වූ පිළිතුරක් නොලැබුනු නිසා විය හැකිය.
සෑමා සිතන්නේ එතැන් සිටය. කිසිවක්, කිසිවෙක් අදාල නැත. මා ඒ මොහොතේදී නිර්මාංශ අයෙක් වූයේ නම් වටිනා බව හැගී ගියේය. එලෙසම තමා සීලයේ පිහිටා සිටින්නේ නම්, තමා ධර්මයේ පිහිටා සිටින්නේ නම්, අනෙකෙකුට කළ හැකි බලපෑම ඉන් පැහැදිලි වූයේය.
Written_by_sAm_ශ්‍රී_Perera_2:10pm_22/02/16
ආයේ ලියන්න ගත්ත එකට සතුටුයි..... දැන් නම් කියවන අය ගොඩාක් අඩුයිද කොහොද? කමක් නෑ ඉතින්.. කතාව නම් බාගයක් විතරයි කියවන්නන උනේ.... පස්සේ ඇවිත් කියවන්න ඕනි...
ReplyDeleteපුලුවන්නම් නම් පරණ උන්නු අයව සෙට් කරගන්න බලන්න
ජය වේවා
දේව් හුඟ කාලෙකින්....
Deleteදේව් - ලියන්න පටන් ගත්තාම කියන්න බෑ මචං. සිද්ධිය මතක් වෙද්දී ලියලා දාන්නෝනි කියලා හිතුනා. පරණ උන්.. හොයන එක කලු නික හොයනවා වගෙ වෙයිද ?
Deleteපරණ උං......මතක් වෙද්දි පිස්සු වග්‍ෙ
Deleteමාංශ භක්ෂක වීම බෞද්ධ කමට බාධාවක්ද ?
ReplyDeleteමම හිතන්නේ බාධාවක් නෙවේ. ඒත් පිලිවෙත් පිරීමට බාධාවක්..
Deleteපිණ්ඩපාතයට වඩින හාමුදුරුවරුන්ට නිර්මාංශ, මාංශ ආහාර කෝකත් ලැබෙනවා. බුදු හාමුදුරුවෝ දේශනා කලෙ තමන්ගෙ අරමුණ මුදුන් පැමිනෙන කල් ජීවත් වෙන්න ලැබෙන ආහාරයෙන් යැපෙන්න කියලා. ආපෝ, තේජෝ,වායෝ, පඨවි වලින් හැදුනු ශරීරය ආපෝ, තේජෝ,වායෝ, පඨවි වලින් හැදුනු ආහාරයෙන් රැක ගන්නවා විනා මේවා මාංශ, මේවා නිර්මාංශ කියලා උන් වහන්සේලාට හොයන්න කියලා නෑ. එහෙම නැති උනොත් උන් වහන්සේලාට පිණ්ඩපාතේ වඩින්න කලින් දවසේ ගොදුරුගම පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කරන්න වෙයි, හෙට පිණ්ඩපාතේ වඩිනවාය, කවුරුත් වෙජිටේරියන් උයන්නය කියලා.:D
DeleteTo senna
Deleteමේ කාලෙ හැටියට අපි බොහොම දෙනාට සරීරයට අවශ්‍ය ව්‍යායාම ආදිය ලැබෙන්නෙ අඩුවෙන්. වැඩි වැඩයෙන් මස් මාංශ තෙල් ජාති කෑවා ම ඒවා දිරවන්න ආයෙත් මහන්සි වෙන්න ඕනි.. ඒ නිසා ටිකක් අඩුවෙන් කැලරි තියෙන ශාඛ දේවල් වැඩියෙන් ආහාරයට එකතු කරගන්න එක හොදයි කියලා තමයි මට නම් හිතෙන්නෙ..
ReplyDeleteඅනික මස් මාළු නැතුව පෝෂණයක් නැහැ කියන උදවිය සුද්දගේ ඇඟ දැක්ක නම් එලවලු කාපු එකෙක්ද කියල ආයෙත් අහනවා. පිහිනීම් විනෝදාංශයක් වෙච්ච සුද්දා හෙන ෆිට් එකේ ඉන්නවා. මස් මාළු නොකා.
Deleteස්තුති අමිලයා !
රංගන ශිල්පී රොශාන් රණවන වගේම බර ඉසිලීමේ ශූර චින්තන ගීතාල් ලත් වෙජිටේරියන්නේ... එයාලාගේ හයියෙන් අඩුවක් ද, සරීරෙන් අඩුවක් ද, කොහෙන් කැපුවත් කිලෝ එකයිනේ.... :D
Deleteරංගන ශිල්පී රොශාන් රණවන වගේම බර ඉසිලීමේ ශූර චින්තන ගීතාල් ලත් වෙජිටේරියන්නේ... එයාලාගේ හයියෙන් අඩුවක් ද, සරීරෙන් අඩුවක් ද, කොහෙන් කැපුවත් කිලෝ එකයිනේ.... :D
Deleteහොඳ ආරම්භයක්!
ReplyDeleteටැංකු නාඩි !
Deleteආගම් අතර විවාද වෙනුවට සංවාද පටන්ගන්න පුලුවන්නම් කොච්චර හොඳද?
ReplyDeleteඇත්තටම වටිනා දෙයක්.
Deleteඅවබෝධයක් ලබන්න ප්‍රශ්න කරනවා නම් ඒක වටිනවා. නැත්තම් තමන්ගෙ මතේ හරි කියල කියවන්න ප්‍රශ්න කරද්දි වෙන්නෙ අවුලක්. මම නම් දකින්න හදන්නෙ ආගම් වල තියෙන ඉගැන්වීම් අතර සම්බන්ධයක්. එහෙම ගැට ගහල පෙන්වන්න පුලුවන් දවසට ප්‍රශ්න අඩුවෙයි.
බටහිර රටක ජීවත්වෙන කෙනෙක් විදිහට මම ඔය කියන අත්දැකීම් දෙකම ඇතිතරම් විඳලා තියනව. බෞඋධයෙක් කිව්වාම සුද්දො අඩියක් දෙකක් පස්සට ගිහින් බොහොම ගෞරව කරනවා. මොකද බුදුදහම ගැන බටහිර රටවල තියෙන්නේ බොහොම ලොකු පැහැදීමක්. ඒ වගේම මමත් අවුරුදු දහයක් තිස්සේ නිර්මාන්ෂයි. මම නිර්මාන්ෂයි කිව්වාම සුද්දො හිතන්නේ බෞද්ද උදවිය හැමදෙනාම නිර්මාන්ෂයි කියලයි. එත් බුදුරජානන් වහන්සේ එහෙම දෙයක් දේශනා කරලා නැහැ කියල කිව්වාම සුද්දො පුදුම වෙනව. ආයෙත් සුද්දන්ගේ ඒ විපරීතභාවය නැතිවෙන්නේ සතුන් මැරීම ගැන බුදුරජානන් වහන්සේ පනවල තියන ශික්ෂාපදය ගැන පැහැදිලි කරහමයි.
ReplyDeleteඅත්දැකීමෙන් දැනිල තියන කනගාටුදායක දෙයක් නම් බෞද්ධ නොවෙන පිටරටියන්ගේ අවංකභාවය සහ අනුන්ට උදව්කිරීමේ ගතිය වැඩියි බෞද්ධ වෙන ශ්‍රීලාංකික පිරිසට වඩා. අනික් කාරණාව තමයි උපතින් බෞද්ධ වෙන අපේ මිනිස්සුන්ට වඩා උපතින් වෙනත් ආගමක ඉපදිලා පසුව බුදුදහම හදාරන උදවිය බුද්ධ දේශනාව ගැන හුඟක් දේ දන්නවා වගේම ඒම උතුම් දේශනාව ඇතුලේ හැසිරෙන්නත් උපරිම උත්සහ ගන්නවා.
විචාරක කියල තියනව වගේ ආගම් අතරේ සංවාද කරන්න පුළුවනි නම් හැමදෙනාටම මොනවහරි හොඳ දෙයක් ගන්න පුළුවන්.
අපේ මිනිස්සු හරකට තියන කරුණාව කුකුලට, මාළුවට නැත්තෙ ඇයි කියන ඒකනම් මට හරිම පුදුම සහගත දෙයක්. ස්තුතියි සෑම් මේ ලිපිය ලිව්වට.
නිර්මාංශ වීම බුද්ධ දේශනාවේ අනිවාර්යයත් නැහැ. දේශනා කරලත් නැහැ මයෙ හිතේ. ඒත් උගන්වන විනය හා ශික්ෂනය නිසා මිනිස්සු නිර්මාංශ වෙන්න පෙලබෙනවා...
Delete"ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ªහීති"
මාගේ දහම එව බලව, තම තම නැණ පමණින් විමසුව, ප්රත්යක්ෂයෙන් අවබෝධකර ගනුව. එසේම මහණෙනිෘ මාගේ දහම ප්‍රඥාවන්තයිනට පමණි - බුදුන්වහන්සේ.
මෙතන තියෙන නිදහස් බව නිසා තමයි ගොඩ දෙනෙක් විමසා බලන්න, අවබෝධ කරගන්න උත්සාහ කරන්නෙ.
ස්තුතියි අම්බලන්ගොඩ අදහස්වලට ;)
සැමා...
ReplyDeleteදැනගනින් මම කතෝලිකයෙක්.
එත් අර උඹ උඩින් ලියලා තියෙන අර "සොයා බැලුවා මිසක සෑමාට ඒ පිළබඳව ලිවීමට අයිතියක් නැති බව කිව යුතුය." කියන වාක්‍යය ට නම් කිසිසේත්ම එකඟ නැත.
බොහෝ දෙනෙක්ට තමුන්ගේ ආගමේ වැරදි නොපෙනෙන්නේ පොඩි කාලේ සිට ඒ "තමුන්ගේ ආගම" ලෝකයේ ඇත්තම ආගමය, ඉතුරු සේරම ආගම් "තමුන්ගේ ආගමට" වඩා පහලින්ය කියලා මොළ සෝදන නිසා ය.
දවස් හතළිහක් නොකා නොබී ඉන්නවාට වඩා තියෙන කෑම බීම නැති මනුස්සයෙක් එක්ක එව්වා බෙදා හදාගෙන ඉන එක කොච්චර වටිනවාද කියලා තේරුනෙත් උඹේ මේ පොස්ට් එක කියෝපු නිසාය.
ඒ නිසා මෝඩ බයියෙක් වගේ නොව යහපත් චේතනාවෙන් තමුන්ගේ හෝ වෙනත් ආගමක පවතින සංකල්පයක්, මතයක්, වත් පිළිවෙත් වගේ දේවල් ප්‍රශ්න කරන එක කිසිදු ආගමිකයෙකුට ප්‍රශ්නයක් විය යුතු නැත. මට නම් කිසිම ප්‍රශ්නයක් නැත.
මේ රටේ අසනීපයක් වගේ පැතිරීගෙන යන "ගව මස් නොකනු" සංකල්පය ගැන නම් මගේ කිසිදු කැමැත්තක් නැත. ඒ අනිත් සත්තු ද පණ සහිත එවුන් බැවිනි. ගවයා විතරක් නොකන්න කියලා සින්හලබෞද්ධ මැට්ටෝ කියන්නේ ගවයා රහත් වෙච්ච සතෙක් හින්දා නොවේය. ඒ තනිකරම මුස්ලිම් විරෝධී ජාතිවාදී ව්‍යාපාරය නිසා හදාගත්තු බොරු බියගුළු මතවාදයක් පමණි.
එක එහෙම නෙමෙයි නම් ඔය හරක් මරන්න එපා කියන මහා ලොකු බෞද්ධයෝ කරන්න ඕනේ මස් කන්න එපා කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එකය.
වෙජිටේරියන් වීම හෝ නොවීම තමුන්ගේ කැමැත්තය ය. ඒ එක්කම සැමට හිතුනා වගේම මටත් හිතෙන්නේ "මමත් වෙජිටේරියන් වුන නම් කොච්චර හොඳ ද " කියා ය.
හිතන්නන යමක් ඉතුරු කරපු වැදගත් ලිපියක්
අයිතියක් නැහැ කියල කිව්වෙ මචං ඇත්තටම මගෙ ධර්මය මට විවේචනය කරන්න පුලුවන්. අන් අයගේ ධර්මය විවේචනය කරනව කියන්නෙ ඒක කරදරකාරී වැඩක්.
Deleteගව ඝාතනයට විරුද්ධ රැල්ලක් අනගාරික ධර්මපාලතුමාගෙ කාලෙ ඉදන්ම තිබ්බා. මම හිතන්නේ මෑත භාගෙදී කුකුලා, ඌරා කරලියට එන්න කලින්, අතීතේ ඉදලම කෑවේ හරකා ගොඩක් වෙලාවට. ඒ රැල්ල නිසාම වෙන්නැති ගව මස් වලට එරෙහිව මෙච්චර මතයක් ගොඩ නැගෙන්නේ. උබ කිව්වත් වගේ හැම මසකට විරුද්ධව රැල්ලක් එනව නම් ගොඩ. අනික උබ කිව්ව වගේ මුස්ලිම් උන්ට (ජාති වාදී හම්බයන් නොව) විරුද්ධ රැල්ලක් හදවන්න බොර දියේ මාලු බාන සැට් එකකුත් ඉන්නව නොව.
උබේ නිදහස් මතයට ස්තුතියි !!
ආගම කියන්නේ එකක්. ධර්මය කියන්නේ තවත් එකක්. මම හිතන්නේ එහෙමයි.
Deleteධර්මය කියන්නේ සොබාදහමට එකඟව ජීවත් වෙන ආකාරය ට. ආගම කියන්නේ ඒ ධර්මය මුල් කරගෙන හෝ විකෘති කරගෙන බිහිකරගත්තු වත්පිළිවෙත් සහ සංස්කෘති වල එකතුවක්.
ආගම් කොච්චර ලෝකේ තිබුනත් හැම ආගමක් ඇතුලෙම තියෙන ධර්මය එකයි.
පුලුවන්නම් හොයලා පෙන්නපන් වෙනස් ධර්ම තියෙන ආගම් දෙකක්.
සිරාවට..
Deleteධර්මය කියන්නේ හැසිරීමක්.. ක්‍රියාවෙන් කල යුතු දෙයක්..
ආගම කියන්නෙ ඇදහීමක්.. විශ්වාසයක්..
මේ ලිපිය මට තවත් ටිකක් මස් වර්ග කෑම අඩු කිරීමට හිතන්න සැලැස්සුවා. ඔබට පිං
ReplyDeleteස්තුතියි ඉයන්..
Deleteජය !!
ගොඩක් වැදගත් ලිපියක්...
ReplyDeleteනිර්මාංශ වෙන්න උත්සාහ දරලා නැහැ, නමුත් මට එහෙම වෙන්න අපහසුයි කියල හිතෙනවා...
මම බෞද්ධයෙක්, හැබැයි හරකා කියන සතා අනිත් සත්තුන්ගෙන් අපගමනය වෙච්ච සතෙක් විදිහට මම දකින්නේ නැහැ...
මම ඔය ගොඩක් මස් වර්ග කනවා, හැබැයි සමහර මස් අප්පිරිය නිසා කන්නේ නැහැ...
නිවාඩුවට ගමේ ගිය වෙලාවේ ගොයි මස් වගයක් තියෙනවා කියල එහා ගෙදර අයියා කිව්වා, මම කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ අප්පිරිය හිතිච්ච නිසා...
ඊට අමතරව වල් ඌරු මස් වගයක් තිබුනා යාළුවෙක් ගාව, කලින් දිගටම කාල ඒකත් එපා වෙලා නිසා ඇහැක් ඇරලා බැලුවේ නැහැ ඒ දිහා...
සමහර මස් වර්ග එක වතාවක් හෝ දෙකක් කෑවට පස්සේ අප්පිරිය වෙලා එපා වෙලා තියෙනවා...
තව ඒවා කවදාවත් කාලවත් නැතුව අප්පිරිය නිසා කන්නේ නැහැ...
හොඳ ලිපියක් සෑමා.
ReplyDeleteබෞද්දයින්ට අන්‍යයන්ට දීමේ හැඟීම් පුහුණු කරන්න ඕන පන්සල් වලින්. නමුත් බොහෝ පංසල්වල දැන් වෙන්නෙ සිමෙන්ති ගොඩවල් ගොඩ කරන එක විතරයි.
මටත් ඕන මසක් කන්න පුලුවන් ඇලජික් වෙන්නෙ නැතුව. ඒත් ඒක පස්සෙ දුවන්නෙ නෑ. හරක් වෙනුවෙන් ගිනිතියාගන්න එකනං මම දකින්නෙ හරක් වැඩක් විදියට.
මටත් ඕනේ මසක් පත්තියන් වෙනවා, ඒත් හරක්මස් අප්‍රියයි.
ReplyDelete@කුකුලගෙ කොටුව - කුකුලෙක් මස් කනව ඇහුවමයි
Deleteනොකන මස් කියලා ජාති තියෙනවද ? මටනම් එහෙම ඒවා නැත. හිතුනොත් සෑමාගේ මස් වුනත් කෑ හැක .
ReplyDeleteමමත් ඕන මසක් කනවා.එත් හරක් මස්,සැමන් වගේ එව්වා කන්නේ අඩුවෙන්.ඒ ඒ කෑම කෑමෙන් සමහර විට අසාත්මිකතාවයන් මට එන නිසා.මම කැවා කියා නොකන අයට කන්න අනුබල දෙන්නෙත් නැහැ.
ReplyDeleteමාත් හරක්මස් කන එක නවත්තන්ඩ ඉන්නේ , මොකද මට වෙලාවකට උඹව කන්ඩ හිතෙනවා
ReplyDelete++++
Delete++++
Deleteකාලෙකින් බුද්දියත් බැහැල තියෙන්නේ
Deleteමමත් දන්න යෝගා මාස්ටර් කෙනෙක් ඉන්නවා වෙජිටේරියන්. ඌ නම් ඉන්නවා හොදට. ගෑනිත් ඒ පස්සේ ගිහින් වෙජිටේරියන් වෙලා හැමදාම අසනීපෙන්. චෙකප් කරන් විටමින් අනන් මනන් ගන්න එනවා ෆාමසියට.
ReplyDeleteබෞද්ධයි කිවුවම මුනුත් අපෙන් අහන්නේ වෙජිටේරියන්ද කියලා. ඉතින් කියන්න වෙනවා බුද්ධාගමේ එහෙම තහංචි නෑ. ඕන නම් නොකා ඉන්න පුළුවන්ය කියලා.
බටහිරින් ආපු මිත්‍යාවක් තමා සමබර ආහාල වේලට මස් මාළු ඕන කියන එක. අපිත් ඉතිං ඒවා දොත් මුදුන් දීල පෙළපොත් වලත් චාට් ගහල පාඩං කරනවා.. හැක්
ReplyDeleteයකෝ ඕක සමබල නේද?????
Deleteහැක.. මූ සමබර කියන්නෙ තරාදියෙන් කිරලා බලලා කන්නෙ.
Deleteමුගෙ බරට සැට් වුනොත් ඕනෙ සෙද්දක් කනවා.. :D
මට ඕකම කල්පනා උනා ඊයෙ. සදාචාරය සහ අවිහිංසාව පැත්තෙං බැලුවහම මස් මාලු කන එක අවුල් තමා. හරියට බැලුවහම ඉතිං ගස් වැල් වලටත් පණ තියෙනවනෙ.
ReplyDeleteමට හිතෙන්නෙ මිනිහයි කියල මොනව කරන්නද? උන්දැ පරිණාමීයව හැදිල තියෙන්නෙ සර්වභක්ෂකයෙක් විදිහට. මිනිස් සත්ත්වයත් අනික් විලෝපිකයො වගේම මස් මාලු කනව. වෙන මොනව කරන්නද? ඕක හින්ද තමා මං හිතන්නෙ බුදුන් වහන්සෙ දේවදත්තට කිව්වෙ, "කැමති නම් නිර්මාංශ වෙන්න, අකමැති අය නිර්මාංශ නොවුනට කමක් නෑ" කියල. ඔය ගැන අන්තවාදී වුනොත්, බෞද්ධයගෙ මූලික අරමුණ වන, නිර්වාණය කෙරෙහි සිත එකඟ කරගන්න තමයි බාධා වෙන්නෙ.
නිර්මාංශ කියන්නෙ උපරිමය
Deleteඅඩු ගණනෙ ලංකාවෙ වේදනා අවම මැරීම (humane methods of slaughter)වත් කරනවනම්
“අඩු ගානෙ“ කියල මටත් කියන්න පුළුවං.
Deleteනොමැරීම සහ මැරීම ගැන තේරුම් ගැනීම තමා විය යුත්තෙ. එතකොට ඉබේම සත්ත්ව ඝාතන නවතියි. ආතර් සී ක්ලාක් ගැඹුරු මුහුද සහ 3001 පොත් වලින් කතා කරනව මේ ගැන.
තවත් පණක් නසා ජීවයක් නැති කර ආහාර ගන්නවාට වඩා හැකි තරම් ශාකමය ආහාර ගැනීමනං හොදයි තමයි. ඒත් ඉතින් ගහක් කොළක් වැවෙන්නැති තැනක මොන ආගම ඇදහුවත් කන්න වෙන්නේ සත්ව මාංශම තමා.......... නමුත් අපිට ඇති තරම් ශාකමය ආහාර තියෙනවා......
ReplyDelete