තල දිගේ නලල්
ඇඳි ඇඳී තෙපුල්
පියන් ඇස් තදින්
සිඹිමි මං හොරෙන්
තෙපුල් මත වෙලී
උරහිසේ ගැටී
පපුතුරේ ඇඳී
කලබලෙන් විදී
ලැම මතින් මිදී
උදරයේ හිදී
නාභියේ තුඩේ
පොපියමින් ලගී
සිහින් ඉන කෙලවරේ
දෙපා යුග අතරෙහී
රස ගඟුල් ඇහිරුණේ
සිහින් තොල් මැතිරුණේ
අසනි වැසි ඇඳ වැටී
අහස් කුස ගිගුරුවේ
මුළු රැයම තෙත් වුණේ
මල් යහන බීරිමේ..
මේ ඉන්නේ තවත් දක්ෂ කවි කාරයෙක්....
ReplyDeleteකලින් මේ පැත්තට ඇවිත් ගියා..ඒත් පෝස්ට් වැටිලා තිබුනේ නැ.දැන්නම් ලියන්න පටන් අරගෙන වගේ..
ආයෙත් එන්න ඕන නිසා බ්ලොග් රෝලටත් දාගත්තා.....
එහෙනම් අපි ගිහින් එන්නම්..ජයවේවා සෑම් !!!
ඉස්ටූටියි...
Deleteවාරකන් තිබ්බා.. දැන් මූදු යනවා.. ඒකයි පෝස්ට්..
ජය වේවා කිව්වා.
ඒ පැතේ එන්නම්..
සුරුංගාරාත්මක කවියක් ලු ඈ...
ReplyDeleteමේ හොටි කියන එකට සැරයි කියල දැම්මෙ ඇයි බං...
නිකං මැගී දයිය වගේද...
හැක්
දයියා කියන්නෙ හොට් තමා යකු..
Deleteමැගී තහනම්.. කන්ඩ එපා..
පරණ සැමියා ආයි තිරිහන් වෙන්වා වගේයි දැනුනේ.. ජය වේවා බොට
ReplyDeleteතිරිහන් නෙවේ බං “තිරිසන්“
Deleteමං හිතුව කැත හිත්වලට ලියපු එකක් කියල.
ReplyDeleteමාත් හිතුවේ එහෙමයං බං නොකිවට.. හැක්
Deleteහිකිස්...සැවටුනා නේ??
Delete@රාජ් - බ්ලොග් බලන්න වෙලා තියෙනවද බං? උබ දැන් රගර් ගහනව නේද?
@දේශක - හැක්..
අදාල පාර්ශව දැනුවත් කරලද මේක දැම්මෙ.
ReplyDeleteඒකත් සාධාරණ ප්‍රශ්නයක්. ගෙදර ගිනි පිටට දෙනවද කීකරු ස්වාමි පුරුසයෙක් නැද්ද මං අහන්නෙ.
Deleteඅනික බබා.. උංකුං
Delete@ප්‍රසා - අදාල කොයි පාර්ශවයද බං?
Delete@රාජ් - ගෙදර ගිණිමද? පිට ගින්නක්ද ? බොලා කෝමද දන්නෙ ? :ඩී
@දේශක - හැක්...
සෑම් ආපහු දිගටම ලියන්න පටන්ගත්තා වගේ.. මමත් බ්ලොග් ලිස්ට් එකට දාගත්තා, ජයවේවා ඔහොම යන්..
ReplyDeleteස්තුතියි !
Deleteඑල , ඔන්න සෑමා ඇවිත් . ජයවේවා
ReplyDeleteපොවන්නද හදන්නෙ අහිංසකයට ?
Deleteසුපිරි.
ReplyDeleteසිහින් කෙදිරිය
මුවින් නොනැගෙන
හැඟුම් සිරකර
තවත් කුමටද
උරා මා කොපුල්
නිවා හද තැවුල්
දරා පෙම් පැතුම්
පෙලයි හද සුවෙන්.....
හොඳයි ඈ..
Deleteපංකාදු විසිපහයි!
ReplyDeleteඑල
Deleteඅම්මපා වනචරකම..... කොයි තරම් වනචර කතාවක් වුණත් සභ්‍යත්වයට හානි නොකර හරිම ලස්සනට ලියලා තියෙනවා... උඹ මාර කවියෙක් සෑමෝ.................
ReplyDeleteකවිම නෙවේ බොල.. ලිව්වා නිකං...
Deleteස්තුතියි
චීයා කැතායි...
ReplyDeleteඅකුරුදු මාතෙ?
Deleteලස්සනයි බන්.. ඔන්න ඕක තමා සාහිත්තෙ කියන්නෙ. සුරුංගාරෙ උතුරනව හැබැයි ඕන තැනක කියන්න පුලුවන්.කස්ටියකට දුනුදිය අදින්නෙ තව කස්ටියකට උල්දිය දාන්නෙ මොකුත් නෑ හෙහ් හෙහ්
ReplyDeleteස්තුතියි. මේකගේ නමේ හැටියට තමා කමෙන්ට් :ඩී
Deleteනියමයි..... ලස්සනයි.......... සුන්ගාරාත්මකයි................ වනචර නෑ.............
ReplyDeleteඉස්ටුටියි !
Deleteමෙන්න සෑමා ආයෙත් ඇවිත් ..මම හිතුවේ අර කැත හිත් වලට කියන කවියක් කියලා ...කොහොම උනත් උඹ ආයෙත් ලියන්න පටන් ගත්ත එක හොදයි මචෝ ...
ReplyDeleteගොවිඳුනි මේ සිරි යහනේ
විරහී වැලහින්නකි මා...
රතිකෙලි රමණී,
සිහිකර පැරණී,
යමුනා නදියද වැලපේ..
පියයුරු මඬලේ තැවරුන දෙතොලේ
සුවඳින් සැනහෙම් සොඳුරේ..
හීසර මෙන් හද දවමින්
තුරු සිදුරින් එයි සඳ කැන්
යොවුනන් නැළවෙන මේ රෑ
වියොවින් කැළඹෙයි රාධා..
වස්දඬු රාවේ හඬ අනුරාගේ
පැතිරේ දෙසවන් පෑරේ
මද රජගෙන් ලැබ රිදවුම්
සලෙළුන් වෙහෙසෙන මේ රෑ
වියෝවින් කැළඹෙයි රාධා.....
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය- මෝහන්රාජ්
ගායනය - නන්දා මාලනී
!!!!
Delete