ඔබ කිව්වාට මේ ඇය ගැනය. අපි නොහිතුවාට අපේ එකාලා යාළුවෙලා යන්න ඕනෙ හැම තැනම (ඒකි එක්ක ) කරක් ගහලා සතියෙන් දෙකෙන් අත ඇරලා දාන ඇය ගැනය. මේ ටික කියවූ විට ඇය ගැන ඔබටම දුකක් ඇති වෙනු නොඅනුමානය. එවිට ඔබ ඇය කෙරේ බැදි සෙනේ උතුරා යනු ෂුවර්ය.
ඇය අදින්නට පලදින්නට ඉතාම ලැදිය. සාමාන්‍යයෙන් විලි වැසෙන්නට ඇන්දොත් යටට ඇදුම් දෙකක් සහ උඩට ඇදුම් දෙකක් ඇදිය යුතුමය. ඒ කීවේ අවම ඇදුම් ගණන ගැනය. එසේම කරාබු දෙකක් ජීවිතාන්තය දක්වා එල්ලාගෙන සිටිය යුතුය. එය මහත් කරදරයක්ය. විටෙක උරැහිස ගාවටම දිග කරබු දැමිය යුතුය. එසේම ඇය සරලව ඇයට පහසු විදිහට ඇන්දොත් එය ඇයටම කරදරයක්ය. උනුසුම් දවස් වලට ඇය පහසුව තකා අදින්නේ දනිස්සට වියතක් උඩට වන්නට කොට සායක් හෝ කලිසමක්ය. එය ඇයට පහසුවක්ය. එහෙත් එලියට බැස්ස විටදී එකිනෙකාකේ බැල්මෙන් පරිස්සම් වීමට අත් බෑගය හෝ කුඩා පසුම්බිය කකුල අතර රදවා ගත යුතුය. එසේ නැතිනම් දෙපා හිරි වැටෙන තුරු කකුලක් පිට කකුලක් දමා සිටිය යුතුය. තවත් විටෙක ඇය අඩි උස සපත්තු දැමිය යුතුය. එවිට ඇයට හයියෙන් ගමන් බැරිය. හයියෙන් යන්නට පුලුවන් ඇයලාද පහුවදාට කොන්දේ කැක්කුම සහිතව කෙදිරිගාන්නෝය.
ඇය කොන්ඩය වවන්නීය. එය දනහිස දක්වා දික් වූ විට ඇය ලස්සනය. ඒත් ඇයට කරදරයක්ය. කොන්ඩය කාඩාගෙන සිටියොත් අම්මා බනින්නේ ඇස්වහ වදී ගැට ගහ ගනින් කියාය. විටෙක ඇය කොටට කපා ලේයර් කරන්නීය. එවිට ඇය තවත් ලස්සනය. එහෙත් එය ඇයට නිදහසේ වැඩක් පලක් කරන්නට තරම් උපකාරී නොවන්නේය. එවිට කොන්ඩ කැරලි කන් දෙක අස්සේ රදවමින් කතා කළ යුතුය. එසේම ඔපීසියේ වැඩ කරද්දී පවා කොන්ඩය මූනට වැටේ නැවත එය කන් පෙති අස්සේ ගැසිය යුතුය.
ඇය නිය පොතු දිගට වවන්නීය. එවිට ඇය සෞඛ්‍යය ගැන සිතා එය පිරිසිදු කළ යුතුය. බොහෝ විට ඇය ඒවා වවන්නේ වම් අතේය. එවිට දකුණු අතින් කෑමට පුලුවන්ය. එහෙත් වම් අතේ රැදෙන ඒවාද විටෙක ආහාරයට ගන්නීය. ගෙදර උයන පිහින කටයුතු වලදී මෙන්ම ලැප් ටොප් කී පෑඩ් එක මතදී ද ඇගේ දිගු නියෙපොතු කැඩෙන්නට ඉඩ බොහෝමය. එවිට ඇය ඒවැ නැවත නිය කපනයෙන් කපා මට්ටම් කළ යුතුය. විටෙක ඇය එහි වර්ණ තවරන්නීය. බොහෝ නිය ආලේපන වල දැන් තරු කැට, හාර්ට්, වැනි කුඩා කැබලි ඇත. එවිට ඇය ඉන් එකක් අනිවාර්යයෙන් එක නියපොත්තක රැදෙන ලෙස වර්ණ කල යුතුය. ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.
ඇය ඇහි බැම කපන්නීය. එය මසකට වරක් වත් කළ යුත්තේය. එසේම ක්ලීන් අප් කළ යුතුය. දත් නොමැද්දත් ඒවා අනිවාර්යය. ඔපීස් යන්නට සාරි අදින දිනෙක ඇය උදේම අවදි විය යුතුය. ඉන් පසු වෙනදා වෙලාව වෙන තුරු ඇය සාරිය පැටලැවිය යුතුය. දහ දොලොස් වරක් රැලි හැදිය යුතුය.
ඔහු හිටගෙන කරන දෑ ඇය හිදගෙන කළ යුතුය. ඔහු හදිසියේ තාප්පයකට බර දී පිට කරන් මුත්තරා සාම්පලය ඇය හරි හතරැස්ව කොටු වූ තැනක හිදගෙන කළ යුතුය. එසේම මසකට දින කිහිපයක් ඇයට කේන්තිය පාලනය කර ගැනීමට සිදුවන්නීය. ඔහු ට්‍රිප් එකක් ගිය විටෙක ජබොස් ගා දියට පැන්නද ඇයට එසේ පැනිය නොහැකිය. ඒවාට වෙනම සූදානම් වි ආ යුතුය.
ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.
ඇයට තනිවම ගමන් බිමන් යාමට නොහැක. එසේම ඇදිරි වැටෙන්නට ප්‍රථම ඇය නිවසට රිංගා ගත යුතුමය. නැති නම් ලෝකේ එවුන් ගේ කතන්දරය. ඔහුට නළුවෙක් වන්නට හැකිය. එවිට ඔහුට ලෝකයෙන් කතන්දර හැදෙන්නේ නැතිය. එහෙත් ඇයට නිලියක් වීමට නොහැකිය. ලෝකයෙන් පමනක් නොව ගෙදර එකාලගෙනුත් කතන්දරය. නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය.
ඔහු කුඩාකල සිට දගලමින් සෙල්ලම් කරමින් හැදෙන්නේය. ඇය කුඩා කල සිට සෙල්ලම් කළද, හදිසියේම ඇයව කුඩා කාමරයක සතියක් පමන නිවාස අඩස්සියේ තබන්නීය. ඉන්පසු ඇයව නහවා, කිරි ගසකට කොටා එලියට ගන්නීය. එදා පටන් ඇයට සෙල්ලම් තහනම්ය. කොලු ඇසුර සීමා වන්නීය.
ඇයට තම ඇද වටා ටෙඩී බෙයාර්, මිකී මවුස් වැනි සතුන් ඕනෑය. ඒවා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ විය යුතුය. එවා ඇද වටේම තබාගෙන නිදා ගත යුතුය. ඇය දුක හිතුන විට අඩන්නේත්, හිනා වෙන්නේත් ඒවා බදාගෙනය. එසේ නැතිනම් ගෙදර පූස් තඩියෙක් හෝ බලු තඩියෙක් සිටි යුතුමය. ඌව බදාගෙන ඇය හිස අත ගාන්නීය. පොටෝ ගසන්නීය. එහෙත් ඌට කන්න දෙන්නේ ඌව නාවන්නේ ඔහුය.
පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය. පෙර දැනුම් දීමක් සිදු කළ යුතුය. එහෙත් මේ ඡේදයේ කරුණු ඇයට මෙන්ම ඔහුටද අදාල වෙනවාය. එනිසා මෙය, සුදුසු තැනට, සුදුසු පරිදි, සුදුසු කාලයක වෙනස් කර සිතා බැලිය යුතුය.
ඔහු විවාහයට පෙර නිදහස්ය. ඇලක - දොලක, ඔරුවක් - පාරුවක් ගියාට සටහනක් නොහිටින්නේය. එහෙත් ඇය විවාහයට පෙර නිදහස් නැත්තේය. වැට කඩොලු, බාධා සහ සීමා අනන්තය. ගලක කොටා සටහනක් තැබුවා සේ සියල්ල සටහන් වන්නේය.
විවාහයට පසු ඔහු ගේ නිදහස සීමිතය. වෙලාවට ගෙදර ආ යුතුය. යන තැනක ඇය හා යා යුතුය. නොකියා ගමන් තහනම්ය. මතට තිතය. එහෙත් ඇය විවාහයට පසු නිදහස්ය. කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.
යාළු වූ විගස ඇයට විවාහ වන්නට ඕනේමය. පට්ට හදිස්සියක්ය. ඉන්පසු දරුවෙක් ඉල්ලා දගලන්නීය. එයද ලද පසු දරුවා අත දරා පැත්තකට වන්නීය.
Written by sAm_5.15pm_17.05.2012
ඇය සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ඔබෙන් යමක් ඉල්ලනවාය. විටෙක ඇය හමුවන්නට එන විට යමක් රැගෙන එන්නට කියනවාය. එවිට එය කරන්න බැහැ කියමින් ගැටුම් ඇති කර ගන්නවාට වඩා, ඇය සැනසීමට එය ඇය වෙනුවෙන් කරනු යහපත්ය.
ඒ ඇය යනු "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් නිසාය."
o.O
ReplyDeleteඇහේ නගනයක්ද නංගි ඇහක් ලොකු වෙලා ?
Deleteමේක වැලන්ටයින් පෝස්ට් එකද සෑමෝ පරක්කු ව්එලා වගේ වගේ දාලා තියෙන්නේ?
ReplyDeleteඅහ් තව දෙයක් ඇය ආසකරන එකම පාටනම් මේ ලොකේ ඒ සෝස පාට පමනකි....
වැල-ඉන් ටයිම් පෝස්ටුවක් කලින් දැම්ම මතක නොවැ..
Deleteඅඩේ සෝස පාට කතාව සහතික ඇත්ත..
ජය !
ඇය ඇහි බැම කපන්නීය- වැරදියි වැරදියි. උගුල්ලනව උගුල්ලනව මෙන්න මෙව්වයිං
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Threading_(epilation)
http://en.wikipedia.org/wiki/Epilator
කවිකාරිය දන්න දේවාල්.. :)
Deleteස්තුති විකියේ ලින්කුවට.. වැදගත් යමක් දැනගත්තා..
ජය !
චන්ද්‍ර මාසයකට වරක් ශුද්ධ වීමටත් , විළි රුදාව විඳීමටත්, පසු කාලයේ පොඩි උන්ගේ විකීම් ඉවසා සිටීමටත් අයට සිදු වේ.
ReplyDeleteමේක බොරුයි කියන්න බැහැ නොවැ..
Deleteඉදුනිල් උබත් හොද අත්දැකීමක් තියෙන එකෙක් වගේ..
ජය !
ඉස්සර කාලේ මිනිස්සු හිරයක් ගන්නවා කියන්න ඇත්තේ මේ සිද්දි නිසා වෙන්න ඇති. බර පතල වැඩ සහිත ජීවිතාන්තය දක්කවා.
ReplyDelete+1
Deleteසහතික් ඇත්ත මචං..මට කියන්න දෙයක් නැහැ මචං.. අසරණයෝ උබට ක්සැලැන්ඩර් ලකුණුත් දාල නොවැ..
Deleteජය !
//කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.//
ReplyDeleteහිනා යනවාය ;) කෝම උනත් ඇත්ත කතාවය
ඉගෙන ගන්න හුගක් දේවල් තිබුනේය
ජයෙන් ජය!!!
මෙවන් දේවල් දැන සිටීම වැදගත්ය.
Deleteනව විශය නිර්දේශයට සෑමා මෙවන් කරුනු නිර්දේශ කරමි..
ජය ! :)
නියම රිසර්ච් රිපෝට් එක එල ....
ReplyDeleteස්තුති රෙපා..
Deleteජය !
යකෝ පහුවුනු පෝස්ටුවට කොටපු එක වැරදිද මංදා කියලා හිතුනා මේක කියවනකොට.ඇත්තටම බොට අස්පොට් වගේද මචෝ.දැන්ම කියාපන්.ඇහැක් යමක් කොරන්න. ජය...!
ReplyDeleteමොකක්ද මචං පහුවුන පෝස්ටුව ??
Deleteඇහැක් යමක් කොරන්ට බොට බැරිය. ඒකට බෙහෙත ඇත්තේ ඇය ලගමය. :)
ජය !
අපිට නං ඔය මොකුත් නැත්තේය.... ඔව්වා විකාරය... අයියෝ ඩොලර්ය... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)
මගේ අප්පේ මිදි කෑ නරියා සේය.. ඔව්වා විකාර කියන්නේ එනිසාය.. :පී
Deleteජය හොදේ !
මේක බැලුවට පස්සෙ මට දුක හිතෙන්නෙ ඇත්තටම සෑම් අයියෙ උඹ ගැන තමා...........
ReplyDeleteසිතුවිලි මගේ හසුරා ගත හැක නමා - මට දුක හිතෙන්නේ ** ගැන තමා..
Deleteජය කිව්වා !
මට හිතෙන්නේ සෑමා කසාදයක් කරගන්න හදනවයි කියලා.
ReplyDeleteමගුලයි !
Deleteඅනේ දෙයියනේ .... කෙල්ලොවත් දන්නෙ නැතිව ඇති උන් මෙහෙමයි කියල. උඹ හිතල තියන දුර.
ReplyDeleteඒ අහිංසක දැරිවියන්ට යථාවබෝධය ලබා දෙන්න ඕනේ මචං..
Deleteබොට බ්ලොගක් නැහැ නේද? DDT වලට වඩා සෑමා කැමතිම TNT වලටය
ජය !
සෑමා මේ හදිස්සියෙ Specification දාල තියෙන්නෙ මොකෝ කියලා බැලුවෙ!! :)
ReplyDeletehenryblogwalker the Dude
අහවල් ලෙඩක් දාන්න යනවද මන්ද අහිංසක සෑමාට.. :)
Deleteජය !
මෙවන් වූ විග්‍රහයක් මා ජීවිතේටවත් අසා නැත. සිරාවටම ඇය "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් ද ?" ඒ සුළු මොහොත වෙනුවෙන් ජීවිතයම කැප කරනවා නේද? මට හිතුනේ එහෙම අප්පා.
ReplyDeleteඋබ හිතල තියෙන දුර..
Deleteසුලු මොහොතක සතුටක් කිව්වෙ අහවල් දේ විතරක්ම නෙවේ බොල..
ජය !
සැටිපිකේට් ඇත්ත....:D
ReplyDeleteපොඩ් මිස්ටේක් එකක් අහුවුනා...
//ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ දුරකතනය පමනක්ය.//
ඔහුට අවශ්‍යය පර්ස් එක සහ දුරකථනය පමනක්ය.
ඇයි සිකරට් පෙට්ටිය.. මෙහෙ ඔටුවන්ගෙ ඉස්ටැයිල් එක ඒක තමා..
Deleteපර්ස් එක, ඒක උඩින් ෆෝන් එක, ඊටත් උඩින් සිගරට් පෙට්ටිය.. ඔය සෙට් එක අතේ තියාගන තමයි යන තැනක යන්නෙ....
magulai'''
Deleteඅඩේ මගෙ හිතේ තිබ්බ එක (මට කියන්න ඕනෙ වුන එක) කස්ටියට තේරිලා නේද,
පර්ස් එක කියලා ඒක නැවැරදි කරමි.. ස්තුති !
පෝස්ටුව නම් නියමයි
ReplyDeleteස්තුති
Deleteජය !
මට මතක්වුණා කාලෙකට කලින් සර් කෙනෙක් කියපු කතාවක්..
ReplyDeleteගෑණියෙක් මේන්ටේන් කරනවා කියන්නෙ ස්විමිංෆූල් එකක් තියාගන්නවා වගේ වැඩක්ලු.. සුලු කාලෙක වින්දනය වෙනුවෙන් විශාල වියදමක්ලු..
හිකිස්.. සර් නම් උගත් පොරක් බං..
Deleteඋබල සර්ගෙ ගෝලයෝ උන එක තමා අවුල..
ජය !
ඔච්චර දුකක් විදින ඇයට මොන එකකටද දුක් දෙන්නෙ කියන මෛත්‍රී සහගත හැඟීමයි,
ReplyDeleteනිවිසැනසිල්ලෙ තියෙන ජීවිතේ තව කෙනෙක්ව සතුටු කරන්න ගිහින් නාස්ති කරගන්න බෑ කියන ආත්මාර්ථකාමී හැගීමයි කලවම් කරල ගත්තම අන්තිම තීරනේ, කෙල්ලො එපා.... :)
ජය වේවා....,!!!!
Deleteමගෙ අප්පෙ සාතන් පට්ට දරුනු වෙලා..
Deleteනොබැදි ජාතීන්ගේ සමුලුවට යන්නද කල්පනාව..
ජයෙන් ජය එහෙනම් !
ඇය ගැන බොහෝ දේ දන්නා ඔහුගේ ලිපිය කියවු
ReplyDeleteමම
ඇය
ඔබ ඇය බැව් මම නොසිතුවෙම්..
Deleteඇයට ජය !
මර කතාවක්.. හිතන්න බොහෝ දේ ඇත..
ReplyDeleteහිතුවා ඇති.. දැන් ඉතිං හොයාගන්ට.. :)
Deleteජය !
ඇය ... නගරබද නම 35 පනින විට විවිධ ක්ලබ් ගණනාවක සාමාජිකත්වය ලබා ගන්නීය. ඔහු ඒ සඳහා ගෙවිය යුතුය. ඒවා කාන්තාවන්ට පමණක් සීමා වූ ඒවාය. ඇය... ගම්බද නම 35 පනින විට පන්සලට වන්නීය. සෑම පෝයටම සිල් ගන්නීය. නගරබද ගම්බද වෙනසක් නැතුව ඔහුට දෙවි පිහිටය. වෙනත් ඒවා පසුපස යාමට වෙන්නේය.
ReplyDeleteඇය අත නිතරම කුඩයක් හා සන්ග්ලාස් කුට්ටමක් ඇත. වැස්ස දවසට සන්ග්ලාස් දැමීමටත් පායන දින වල හෙවනේ වුනත් කුඩය ඉහලාගෙන යාමටත් ඇය පසුබට නොවන්නීය.
තනිවී සිටින්නයි මා අදහස් කලේ යයි ඔහුට ඉබේටම කියවෙන්නේ මෙවිටය.
පන්සල් ගිය කල හාමුදුරුවන්ට කතා හැදෙන්නේ ද කාන්තාවක් නිසාමය. ඒ ඇය වැඩිපුර පිංතකා ආවාසයට රිංගන නිසාමය.
Deleteඋබ වැදගත් කරුනු ටිකක් එකතු කලාට මොකෝ අන්තිමට තනියම ඉන්නවා කියන්නේ ඇයි ?
මොනා කියන්ඩද කියලා තේරෙන්නෑ සෑමෝ.. මොකක් හරි වැරදි දෙයක් කියවුනොත් හොඳ ඇයලා පවුය.. ඒක නිසා මුකුත් නොකියමි.. පවතින ලෙස පැවතිච්චාවේ, වෙනස්වෙන ලෙස වෙනස් වෙච්චාවේ..
ReplyDeleteජයම පතමි !!
හොද ඇයලාට නිගාවක් නොකලෙමි. සමස්ත බහුතරය මෙතනින් මනින්ට බැරිය.
Deleteබොටත් ජයෙන් ජය !
සෑමා මේ දවස් වල ඇය ගැන ලොකු ලොකු දේවල් කියනවා.. මොකෝ මේ වෙනස.. ඇත්ත කියපං...
ReplyDeleteමගෙ අප්පේ උබට වෙච්ච දේ මට වෙන්න යනවා නෙවේ බොල..
Deleteජය !
මට නම් දුක ඔබ(සෑම්) ගැනය....:(
ReplyDeleteඅලේ ඇයි ඔබ ගැන දුක් වෙන්නේ :ඩී
Deleteමොකෑ මේ අලුත් පොටෝවක්.. පොල්කිච්චෙක් වගේ.
මට දුක හිතෙන්නේ සැමා ගැන තමා... :D
ReplyDeleteසෑම් මොකද මේ... පරස්තාවක් වත් කරගන්න හිතිලද... අනේ වාසනාවන්
අනේ අ-වාසනාවන් (සෑමාට)
Deleteජයෙන් ජය !
//නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය. //
ReplyDeleteඇහ්? ඒ මොකෝ??
ඇයි දෙයියනේ ගායිකාවක් වුනත් ඇයට කතන්දර හැදෙනවා ෂුවර්ය !
Deleteමට දුක හිතෙන්නේ "ඔබ" ගැන.:D:D:D
ReplyDeleteසෑමා පව් පොඩ්ඩි..විහිළු කරන්න එපා..
Deleteසීරියස් පිටනේ ලියලා තියෙන්නේ...බලන්නකෝ.. :D
අනේ සෑමා විනාශ කරලා.. ඇයි බොල අහිංසක කොල්ලන්ව නැති කරන්නෙ..
Deleteදුකම කොයිතරම් සතුටක්දො කියල ඉන්න අනේ .
ReplyDeleteහිකිස් මෙන්න මගෙනුත් ++++
Delete//ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.//
ReplyDeleteසහතික ඇත්ත...
සෑමාගේ උකුසු ඇසින් බේරීමට මගක් සෙවිය යුතු බව පෙනේ..:))
පරිස්සමෙන් ඉන්නව හොදයි මට හැම දේම පේනවා..
Deleteජය !
100%කට වඩා එකඟයි!
ReplyDeleteස්තුති සහෝ !
Deleteපොල්කිච්චි වාගේ රණ්ඩු කරන්නේ
ReplyDeleteමොනරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වගේ නිතර දොඩන්නේ
ආදර කුඩුවේ රන් කිරිල්ලී මගේ
මම නේද..? උම්ම්ම්ම්මාආආආ.....!!
Deleteඅප්පද බොල මෙයා දැන් පැනල උම්ම දෙන්නේ :)
Deleteසෑහෙන්න වෙහෙස වෙලා කරපු ලොකු සමීක්ශන වාර්තාවක් බව මටත් පේනවා... ඈ නොදන්න දෙවලුත් දැනගත්තා... හි හි
ReplyDeleteඔයා නොදන්න දේවල් මෙතන ? වෙන්න බැහැ නොවැ.. :-)
Deleteජය !
හැබැයි උඩින් කමෙන්ට් කරපු ගෑල්ලමයි ඔක්කොටම දුක සෑම් ගැන.. පව් නේද ?
ReplyDeleteමෙන්න මෙයා වලියක් අවුලවන්න හදන්නේ..
Deleteපරිස්සම්වෙයන්සෑමෝ..
ReplyDeleteස්තුති සහෝ !
Delete;)
සෑම්ට මරණ තර්ජනවත් එයිද??? අවුලක් නෑ.
ReplyDeleteකාන්තා තර්ජන නොවැ.. අවුලක් නැහැ !! හිකිස් !!
Deletegrls r thr to be loved...not to understand කියලා කව්දෝ කියලා තියනවා කියලා කොහෙදෝ දැක්කා! වැඩිය හිතන්න එපා බං! හිතලා ඉවර කරන්න වෙන්නේ නෑ!
ReplyDelete//හිතලා ඉවර කරන්න වෙන්නේ නෑ!//
Deleteසබිය යමක් කමක් දන්න කොල්ලෙක් නේද ?
ජය !
අඩෝ රිප්ලයි එකක් දෙන්න බැරිද බොක්කෙන් කමෙන්ට් දැම්මම .තද වෙනවා ඩෝ!!!
ReplyDeleteකවුද බොල මේ චන්ඩියා..
Deleteසැමා තව ටික දවසකින් ......................................
ReplyDeleteපට්ට පෝස්ට් එක බං . කොයිතරම් කාලයක් මේ ගැන හෙවුවද ?
මගෙ අප්පේ මචං හිස් තැන පුරවන්ට එපෝ..
Deleteඑච්චර කාලයක් ගියෙ නැහැ බං.. එක හුස්මට ටයිප් කලා..
ජය !
සෑමෝ.... අනේ හැබෑට කොච්චර කල් මෙව්වා හොයන්න ඇතිද? ගොඩක් මහන්සි වෙලානේ.... (මම කොහෙවත් අතුරු දහන් වුණේ නෑ බොල.. හැමදාටම නැති වෙනවට වඩා මෙහෙම හරි එන එක ගැන සතුටු වෙයං)
ReplyDeleteඑච්චර මහන්සි වුනේ නැහැ. සමාජ යථාර්තය තේරුම්ගන්ට පාරෙ වටයක් ගියාම ඇති.
Deleteමම හිතුව බොලා කම්පස් එකකට වත් රිංගලා කියලා..
ජය !
පට්ටයි පට පටයි........
ReplyDeleteස්තු ස්තුතියි..
Deleteජයෙන් ජයයි !
ගෑනු උදවිය පිළිබඳව සෑහෙන්න දන්නවා වගේ...හිහී..
ReplyDeleteනැතිව.. ඔයාලත් මෙහෙ යන එන නිසා අපි හොදට දන්නවා ;)
Deleteජය !
අඩෝ මගේ කමෙන්ට් එකට උත්තර දීපිය............... ^%$^%$*&^*^*^
ReplyDeleteඋබේ කමෙන්ට් එකට උත්තර වැටිල ඇති.. මම තාම කල්පනා කරන්නේ උබ කවුද කියල..
Deleteඅනිවා අපේ කුජීතයෙක්ම තමා.. :)
උබටත් ජය ඉතිං !
සහතික ඇත්ත පුංචි දේකින් වුනත් කෙනෙක්ගේ හිත සතුටු කරන්න පුළුවන් අතින් පයින් යනවැයි..
ReplyDelete//ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.//
බොලේ මාරයිනේ මෙච්චර අයිටම් ඕනේද අප්පා කෙල්ලන්ට??? ඔක්කොමත් හරි කියමු ඉංගිරීසි කතා පොතක් මක්කටැයි?? සැමා අයියේ දවසක සැමා අයියට ජොබ් දෙක තුනක් කරන්න වෙන පාටයි වියදම සැරයි(තවත් කෙට්ටු වෙයිද මන්දා)
හිකිස්.. ජීවිතේ දුකායි.. වියදම සැරා...යි..
Deleteජය !
patta true!!
ReplyDeleteඇති යන්තම් කමෙන්ට් දාන විදිහ හොයාගෙන..
Delete