Thursday, June 27, 2013

උන් “හම්බයෝම“ බව ඔප්පු විය.. - Proved That They Are "Pigs"


මුස්ලිම් උන්ට විරුද්ධව බුකියේ ෂෙයාර් වන ඒවාට සෑමා නිහඩව සිටියේ ජාතිවාදයක් අනවශ්‍ය නිසාය. එහෙත් අද මුස්ලිම් උන්ට හම්බයෝම බව කියන්නේ සජීවී අත්දැකීමක් නිසාය. සෑමාට වුණ නිසා, ආත්මාර්ථකාමී හැගීමකින් ලියනවා නොව, උන් සාධාරණ මිනිස්සු බව උන්ම ඔප්පු කළ නිසා අද සිට සෑමාට උන් හම්බයෝය. හොද උන් ඇත්තේය. එහෙත් අද සිද්ධියෙන් පසු එක වරම උන්ගේ රොත්තක්ම අසාධාරණ හම්බයෝ බව ඔප්පු වූයේය.

සෑමා සුපුරුදු මාර්ගයේ වැඩට පිටත් වුයේ උදෑසන 8ට පමණය. කිරිබත්ගොඩ බලා යද්දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටි මාර්ගය යොදා ගැනෙන්නේය. පට්ටිවිල පාරේ වංගුවක් සමගම ඉදිරියට පැමිණි ත්‍රී රෝද රථයක් ඉස්සර කරමින් එකවරම ආවේ මෝටර් බයිසිකලයක්ය. කිසිවක් හිතාගත නොහැකිව සෑමා රථය පාරේ අයිනට කැපුවේ බයිසිකල්කරුවා බේරා ගැනීමටය. සෑමාගේ රථයේ Fender එක හෙවත් ඉදිරිපස පැත්තේ වැදී පිටුපස දොර දෙක සූරමින් වැදී ගිය බයිසිකල්කරු නොවැටී පාරේ නවත්වා ගත්තේය. සෑමා රථය පාර මැද තිබියදී වාහනයෙන් බැස බයිසිකල්කරුට හානයක් දැයි බැලීමට ඒ පැත්තට ගියේය. වරද ඔහු අතේය. වංගුවකදී ත්‍රී රෝද රිය ඉස්සර කරමින් පැමිනීම වරදක්ය. ඔහුට තුවාලයක් හෝ නැති බව සෑමා දුටුවේය.

නිල් බයිකය අරූගෙ නොව චන්දරේ අංකල්ගේය..



“දැන් මොකද කරන්නේ??“ රැවුල වවා ගත් ඔහු මුස්ලිම් අයෙක්ය. ඔහු ඇසුවේය.

“මොනා කරන්නද? තමුසෙගෙ නේ වැරැද්ද...“

“මගෙ වැරැද්ද කොහෙද? ත්‍රීවිල් එක එකපාරට නැවැත්තුවා...“ ඔහු පසෙක නවත්වා තිබු ත්‍රී වීල් එක පෙන්වා කීවේය.

“මට තමුසෙගෙන් වැඩක් නැහැ.. මට රස්තියාදුවෙන්න වෙන එකයි හලෝ කරදරේ.. තමුසෙ හින්ද මටයි පාඩු..“

“හරි දැන් වාහනේ අයිනට කරල නවත්තමු..“ ඔහු කිවේය.

“මල්ලි ඔයා ඔහොම තියන්න වාහනේ.. අයින් කරන්න එපා.. පොලිසියෙන් එනකල් තියන්න..“ පසෙක සිටි යුධ හමුදා නිලධාරී තිදෙනෙකු සිද්ධිය බලා සිට සෑමාට කීවේය. තම නිවස සිට වැඩි දුරක නොවූ සිද්ධිය ගැන නිවසට වත් නොදන්වා සෑමා ඒ අසල සිටින “චතුවා“ට ඇමතුවේය. චතුවා වැඩට ගොස් නිසා ආවේ චතුවාගේ තාත්තා හෙවත් “චන්දරේ අංකල්ය“

ආමි සෙට් එක පොලිසිය ඇමතුවේය. අංකල් ආවේය. මුස්ලිම් පොර ඒ අසල ඇති පොරගේ කම්පැනියේ සෙට් එකකට කතා කළේය. රැවුල් කාරයෝ 10ක් පමණ එහි ආවේය. උගෙන් වැඩක් නැති නිසාත්, ඉන්ෂුවරන්ස් එකෙන් වැඩේ කර ගත හැකි නිසාත් සෑමා වාහනය එලෙසම තබා පසෙක වී සිටියේ පොලිසිය සහ ඉන්ෂුවරන්ස් එකෙන් එන තුරුය.

පොලිසිය ආවේය. වාහනය එලෙසම තිබෙන නිසා සෑමාට කතා කරන්නට දෙයක් නැතිය. බැලු බැල්මට වරද කාගේද කියා පෙනෙන්නේය. කොහෙදෝ සිටි රැවුල වවා ගත් තඩි මුස්ලිම් එකෙකු විත් සිද්ධිය දුටුවා සේ පොලිසියට විස්තරය කියන්නට වූයේය.

“එතකොට ඔයා බයික් එකේ ආපු එක්කෙනාද? නැත්තං වෙන වාහනයකද ආවෙ?“ ඒ පොලිස්කරුය.

“නැහැ මම කම්පැනිය ඇතුලෙ හිටිය. මම සිද්ධිය දැක්කෙ නැහැ..“ ඒ තඩියාය.

“ඔයා ණයට කහින්නෙ නැතුව ඉන්නවද? දැක්ක වගේ මෙතන බොරු කතන්දර කියන්නෙ??“ ඒ සෑමාය.

“දැන් ඔයාට මොකද වෙන්න ඕන?“ පොලිස්කරු සෑමාගෙන් ඇසුවේය.

“මට මේකගෙන් වැඩක් නැහැ. මම ක්ලේම් කර ගන්නවා.. ඒත් මෙයා වැරැද්ද පිළිගන්නෝනි එච්චරයි..“ ඒ සෑමාය.

“එතකොට ඔයාට මොකද වෙන්න ඕන..?“ පොලිස්කරු බයික්කරුගෙන් ඇසුවේය.

“මට මුකුත් අවුලක් නැහැ..“ ඒ බයික්කරුය.

“මම උසාවි කේස් එකක් දාන්න බලාගෙන ආවෙ.. එතකොට ඇයි මට එන්න කිව්වෙ.?“ ඒ පොලිස්කරුය.

“මෙතන හිටපු ආම් එකේ අය තමා කෝල් කලේ.. අනික ඉන්ෂුවරන්ස් එකෙන් කිව්වා පොලිසියට කතා කරන්න කියල..“ ඒ සෑමාය. එවිටම ඉන්ෂුවරන්ස් එකෙන් ආවේය. පොලිස්කරු ඉන්ෂුවරන්ස් බුවාට කතා කොට පිටත් වන්නට සූදානම් වුයේය.

“හරි දැන් ඉන්ෂුවරන්ස් එකෙන් ඉන්නවනේ.. “ කියමින් පොලිස්කරු පිටත් වුයේය.

ඉන්ෂුවරන්ස් බුවා ෆෙන්ඩරය, පවර් මිරර්, අලාභානි පිළිබදව සටහන් කළේය. ඉන්පසු පැමිණි බයික්කරු පිටපස දොර දෙක සීරුනේ තමා අතින් නොවන බව කීවේය. සෑමාට මලය.

“තමුසෙ කෝමද එහෙම කියන්නේ?? මම මනුස්ස කමට තමුසෙට මුකුත් නොකිය ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න ගියාම තමුසෙ මට ඒකත් නැති කරන්නද යන්නේ?? පිටිපස්සෙ දොර කලින් ඉදලම මෙහෙමයි තිබ්බෙ කියල කියන්න තමුසෙ අපෙ ගෙදර ඉදලද එන්නෙ??“ සෑමා කන පැලෙන්න කතා කලේ ඔහුගේ අසාධාරණ කතාව නිසාය.

“නැහැ මම කීවේ මේක ගැන.. “ පොර බොරුවට පිටපස බෆර් එකේ පුංචි සීරීමක් පෙන්නුවේය.

ඉන්පසු එතැනට පැමිණි උන්ගේ සෙට් එකම සෑමා මත වරද පටවන්නට වූයේය. වටේ සිටි උන් සෑමා පැත්තට කතා කළෝය. උන් කීවේ සෑමා ආවේ පාරේ මැදින් බවක්ය. ඔහු හැප්පුනේ ඒ නිසා බවක්ය. ඔහු වේගයෙන් නොපැමිණි බවක්ය.

“තමුසෙලා මෙතන ඇතුලෙ ඉන්න ‍උන් එලියට දාගෙන සද්ද දාන්න එපා.. මම කාටවත් කෝල් නොකර මෙතන වැඩේ තනියව කරගෙන යන්න හැදුවම සද්ද දාන්න එපා. මාත් අවුරුදු 26ක් තිස්සෙ මේ ගමේ ඉන්නෙ.. වටේටම කෝල් කළා නම් මෙතන කොල්ලො ඕන තරම්..“ සෑමා සද්දය දැම්මේය. එකෙක් වත් ටීක් නැතිය. එහෙත් අහු මුළු වලින් තවත් කැ* කතා ඇසෙන්නට වූයේය.

ඒවාට පිළිතුරු දුන්නේ චන්දරේ අංකල් සහ පට්ටිවිල සමන්තයාය.

අපට වරද සහ කරදරය ඉතුරු කොට උන් යන්නට ගියෝය. ගම අපේය. එහෙත් උන් කම්පැනිවලට රිංගගෙන ගමේ උන්ට සද්ද දාන්නෝය. සාධාරණයට ඉඩක් තිබ්බා නම් මොකෙක් මොකක් කලත් අවුලක් නැතිය. උන් හම්බ කරගෙන කෑවාට කමක් නැතිය. මේ සිද්ධියම මුස්ලිම් උන් බහුල පැත්තක වූවා නම් අපේ එකෙක්ට එන්න වෙන්නේ ඇට කටේ තියාගෙනය. හැරෙන්නට වත් ඉඩක් නොලැබෙන්නේය. ඒ උන්ගේ හැටිය. තමන්ගේ එකාට අදින්නේ වරද නිවැරද්ද නොබලාය.

හෙටත් සෑමා යන්නේ ඒ පාරේය. ඔහු එන්නේද ඒ පාරේය. තාමත් ෆෙන්ඩරය තැලී ඇත්තේය. එය හදන්නට පෙර ඔහු නැවතත් ඒ පැත්තෙන්ම ආවොත්, යන්තම් වැදුනොත් කරන්නට දෙයක් නැත්තේය. වාහන නම් හැප්පෙන්නේය. එහෙත් මනුස්ස කමක් තිබිය යුතුය.

අද සිට මුස්ලිම් උන් හොද උන් නම් උන් මුස්ලිම් උන් නමින්ද, මේ ජාතියේ උන් නම් උන් හම්බයෝ නමින්ද මූණට ඇමතීමට සෑමා මැලි නොවන්නේය. දිනක් තිහාරිය පැත්තේදී වාහනයේ රෝදය අස්සේ තිබි අතු කැබැල්ලක් ඉවත් කළ මුස්ලිම් පුද්ගලයා ද, තවත් දිනෙක මීගමුවේදී වාහනේ යතුර ඇතුලේ තිබියදී ලොක් එක ඇරීමට උපකාර කළ පුද්ගලයාද මුස්ලිම් අයය. අද හමු වූ උන් නම් හම්බයෝමය.

Written by sAm_7:52pm_27/06/2013

කලින් ලියූ - එක් මුස්ලිම් කෙල්ලෙකුගේ කතාවක්..

Saturday, June 22, 2013

සෑමා ස්ටූඩියෝවක් විවෘත කරයි... - sAm 4U studio..!!


වෙඩිමක් ගැනීමේ අපහසුව දන්නේ වෙඩිමක් ගත්ත එකාය. ගන්නට යන එකාය. ඒ නිසාම සෑමා හොර රහසේ කුසපතක් ඇද්දේ මේ වසරේ එකෙක්ට නොමිලේ වෙඩිමක් කර දෙන්නටය. ඒ අනුව කුසපත් ජයග්‍රහණය කළේ සම්පාය. 

පොරොන්දු වූ පරිදි ප්‍රවීණ වේස නිරූපණ ශිල්පියෙක් වන දිලා සම්පාව හොදට ඇන්දුවේය. එසේම සියළු ඡායාරූප සහ වීඩියෝ කටයුතු සිදු කරන ලද්දේ sAm 4U studio එකෙන්ය. එහි ට්‍රෑලක් මෙසේ දිග හැරෙන්නේය.




sAm ශ්‍රී Perera_9:28pm_22/06/13

Wednesday, June 19, 2013

මතක අමතකද? කමක් නැත... Absent Minded? No matter...!!


මේ අපේ එකෙක් ගැනය. ඒත් හැම එකාම මෙහෙමය. කොටින්ම කිවොත් සෑමාද එසේමය. අපේ එකා ගැන කීමට පෙර මේ පැත්තේ අංකල් කෙනෙක් ගැනද කිව යුතුය. අංකල් නම් නිව්ටන්ය. පොරගේ වෘත්තිය කිව්වොත් ගොඩක් උන් දැන ගන්නා නිසා ඒවා වැඩක් නැතිය. අංකල් හැමදාම උදේට අපේ කඩේට එන්නේය. අංකල් මහින්දාභිනන්දනයෙන් ඉන්නේය. ඒ නිසා කියවන්නේ දිනමිණය. ඒත් පත්තරය දෙකට නමන ගමන් හෙඩ් ලයින් එක කියවා අම්මා මුත්තා සිහි කරන්නේය. අංකල්ද මතක අමතක වෙන පොරක්ය. සමහර දාට සල්ලි දී දිනමිණ නැතුවම ගෙදර යන්නේය. එන්නේ වෑන් එකේය. වෑන් එක සුදු නොවේය. නිල් පාටය.

“බලන්නකෝ මම ගිය සතියෙත් කණ්නාඩි කුට්ටමක් හැදෙව්වා..“

“ඇයි කලින් තිබ්බ එකට දැන් පේනවා අඩුද?“

“නැහැ නැහැ.. මගෙ කල්පනාවෙ තරම තමා.. සතියකට පාරක් නැතිවෙනවා....“

“මගෙ අප්පේ... එච්චර කල්පනාව අඩුද?“

“ඔව් ඊයෙ පෙරේදා වෑන් එක සර්විස් එකට දැම්මා.. එතකොට සීට් එක අස්සෙ තිබිල කණ්නාඩි කුට්ටම් පහක් හයක් හම්බුණා...“

කියන්නට දෙයක් නැත. ඒ නම් අංකල් කෙනෙක්ය. ඒත් අපේ එකා තරුණ කොල්ලෙක්ය. ඒ අතින් බලන කල අංකල් ගේ කල්පනාව අපේ එකාට වැඩිය හොද බව සෑමාට හැගෙන්නේය. මෑතකදී සෑමා පැරකුම් බලන්න ගියේය. ඒ අතර මේ කියන අපේ එකාද සිටියේය. ඉන්පසු සෑමා මහරජාගෙ උන්ට නැති එක ගැනද ලීවේය. එදා හදිසියේ සැට් වූ නිසා පැරකුම් බැලුවේ කොච්චිකඩේ පැත්තේ හෝල් එකකින්ය. නිකං ගෙදර ටීවී එකෙන් බැලුවා වගේය. ඒ තිරය පොඩිකමක් නිසා නොවේය. තිරය ලොකු වුණාට, හෝල් එකේ පුටු මහා ගොඩක් තිබ්බාට, ඇතුලේ හිටියේ අපේ ගෙදර ඉන්න සාමාජික ගණන තරම් වත් නොවන පිරිසක් නිසාය. මේ හෝල් කොහෙම දුවනවාද දන්නේ නැතිය.

කෙසේ හෝ ෆිල්ම් එක අහවර වී අපේ එකාව රැගෙන ආවේ සෑමාය. කොච්චිකඩේ සිට වත්තල පැත්තටම විත් තේ එකක් ගහමු යැයි කියා අපේ එකා පර්ස් එක හෙව්වේය. සැප කනේය. පර්ස් එක නැතිය. “මචං අනිවා පර්ස් එක ඇත්තේ එහා පැත්තෙ සීට් එකේ... “ ක්ෂණික ගැසූ යූ ටර්න් එකෙන් කොච්චිකඩේටම දැක්කුවේ පර්ස් එක තිබේද? නැද්ද යන දෙගිඩියාවෙන්ය. හොද වෙලාවට හෝල් එකේ සෙනග නැතිය. පර්ස් එක තිබ්බ තැනම එසේම තිබ්බේය. ඒ නැති වුණා නම් නැවත හරවාගෙන ගිය පෙට්ට්‍රල් ටිකත් අපතේය. ඒ අපේ එකාගේ මතකේ තරමය. මෙහෙම ප්‍රශ්න හැම එකාටම ඇත්තේය. එහෙත් සිහි එළඹවා ගැනීමට මේවා ලිවිය යුතුය.

පැරකුම් කේස් එකට පසු දිනෙක අපේ එකාට සෑමා සහ දිලා කතා කළේ ඌව මාරවිල පැත්තට ගෙන්වා ගැනීමටය. 

“මචං මම දැන් මීගමුව පැත්තට එනවා..“ ඒ අපේ එකාය.

“හරි මචං.. උබ ඇවිත් කෝල් එකක් ගහපං..“

මීගමුවට දෙතුන් පාරක් එන්න කාලය ගත වෙද්දී අපි නැවත අපේ එකාට කෝල් කළෙ ඉන්නා තැන දැන ගැනීමටය. පොරගේ ඩයලොග් පෝං එක කට් වෙන්නේය. රින්ග්ස් ගොස් නැවත කට් වෙන්නේය. එක්කෝ පොර ලග පාතක ඉන්නා නිසා කට් කරනවා විය යුතුය කියා අපි හිත හදාගත්තෙමු. මොහොතකින් අපේ එකාගෙන් කෝල් එකක්ය.

“බලපං සෑමා *** සීන් එක වුනේ..“

“මොකද බං?? අපි කෝල් කරද්දි උබ කට් කළානේ..“

“නැහැ බං.. කට් කළේ නැහැ.. මගෙ ඩයලොග් සිම් එක තියෙන ෆෝන් එක නැති වුනා..

“ඇහ්..“

“ඔව් බං මම බෑන්ක් එකට ගිහින් ඇවිත් වාහනේට නගිනකොට පෝං එක නැහැ. ඉතිං මම ආයෙ බැංකුවට ගිහින් එතන දෙක කළා බං.. උන් හැම එකාම හොයන්න ගත්තා.. ඒ අස්සෙ ඇතුලෙ ඉන්න සික්කා හිටන් බැලුව බං.. තිබ්බෙ නැහැ..“

“ඉතිං කෝමද යකෝ හම්බුණේ...??“

“මම මචං මගෙ මොබිටෙල් එකෙන් කෝල් කළා, බැංකුව ඇතුලට යන්න කලින්ම. එතකොට පෝං එක කට් කරනවා.. රිංගස් යනවා කට් කරනවා.. මම හිතුව හොරකම් කරලම තමා කියල..“

“ඉතිං..“

“ඊට පස්සෙ මම බැංකුව ඇතුලට ගිහින් සීන් එක කියල එලියට එද්දි එළියෙ සික්කා දුවගෙන එනවා.. අර තියෙන්නෙ සර්ගෙ පෝං එක වාහනේ ඇතුලෙම කියාගෙන...“

“කොහොමද බං කෝල් කරද්දි කට් වුණේ එතකොට..??“

“මම පෝං එක උඩ ඉදගෙනමයි බං කෝල් කරල තියෙන්නේ.. රිංග්ස් යනව ඇහුනෙ නැහැ. මගෙ පුකටම කෝල් එක කට්වෙලා..“

“අයියෝ බං.. විලි ලැජ්ජාවයි නේ.. තෝ බැංකුවෙ උන්ටත් නෝන්ඩි වෙලානේ..“

“ඔව් බං.. මට කලිසම කටින් ගලවන්න හිතුණා...“

Written by sAm_ශ්‍රී_perera_11:01am_19/06/13

Sunday, June 16, 2013

දහම් පාසලේ JISM බැලීම...- JISM at Sunday School !!!


ඉස්කෝලෙ ගෙනියන සීඩී ආදී නොහොබිනා දේවල් කල් තියාම ප්ලෑන් කර ඇතුලට ගෙන යන්නේ චෙක් කරන නිසාය. අහු වුනොත් චොර වෙන නිසාය. එසේ ගෙනියන ඒවා පන්තිය තුලම අහු මුළු වලම හංගන්නේ දැඩි ආරක්ෂාවක් ලබා දීම සදහාය. ඒත් දහම් පාසලේ ඒ සෙල්ලම් නැතිය. අදින්නේ සරම හා කමිසය හෙවත් නැෂනල් එකය. ඒ නිසා කැත විදිහට පන්ති චෙක් කරන්නේ නැතිය. ඒ අප දහම් පාසල් දරුවෝ නිසා විය යුතුය. නමය, දහය වසරේදී දහතුන වසරේ අයියලා කිහිපදෙනෙක් පවා සීඩී ගත්තේ සෑමාගෙන්ය. ගෙදර අයියාගෙන් උස්සන සීඩී සෑමා වැඩ්ඩා වාගේ ඉස්කෝලෙ ඇතුලෙ එවුන්ට බෙදන්නේය. නැවත ඒවා ගෙදර ගෙනවිත් නිසි තැන තැබෙන්නේය. එවිට ගැටළු නැත්තේය.

තත්වය එසේ තිබියදී අපේ මිත්‍රයා, නම භාවිත කිරීමට සුදුසු නැති බැවින් මිත්‍රයා මෙතැන් පටන් බුවා වන්නේය. බුවා සෑමාගෙන් සීඩී එකක් ඉල්ලුවේය. කොටින්ම කිවතොත් ඒක කැත එකක් නෙවේය. JISM නමින් ආ සරල ඩබල් ගණයේ සීඩී එකක්ය. ඩබල් කීවේ සීඩි දෙකක් සහිත ෆිල්ම් එකක් නිසාය. නැතිව අන් කිසිවක් නිසා නොවේය. බුවා පන්සලේ දායක සභාවේ පොරකගේ හෙවත් සිරා අංකල් කෙනෙක්ගේ පුතෙක්ය. අංකල් සිරා කියා අපට හැගුනේ අපි ගෙවල් වලට හොරෙන් බස් එකක් සෙට් කරගෙන යන්නට හැදු ට්‍රිපකට කෙලවී අංකල් ද සෙට් වු නිසාය. අපේ උන් කෑලි සහිත උන්ද, අප වැනි කෑලි නැති උන්ද සෙට් වී නාමල් උයනට අධ්‍යාපන චාරිකාවකට සූදානම් වූයේ අපිම බස් එකක් සෙට් කර ගෙන යන්නටය. එහෙත් අවසන අපට යන්නට වාහනයක් නැති වෙද්දී අංකල්ම බස් එකක් රැගෙන ආවේය. කෑලි නැති උන්ට බියර් ටින් දුන්නේ යන එන මග ඇති වන තනිය නැති කර ගැනීමටය. එදා කෙල්ලෝ එක්ක ගිය වුන්ට කිසිත් නොකියන්නටත්, හොරෙන් බොන උන්ට මුකුත් නොකියන්නටත් කටයුතු කළ නිසා අංකල් සිරා පොරක් වුයේය. එසේම අපේ බුවාගේ ආච්චී පන්සලේ දහම් පාසලේ ටීචර් කෙනෙක්ය. පසු කලෙක කොල්ලා අපේ සෙට් එකේම ශිෂ්‍ය නායකයෙක් වුයේය.

අපේ බුවා සෑමාට වද දුන්නේ JISM ඕනෑ කියාය. හැම සතියේම මල වදේය. දහම් පාසල තියෙන්නේ ඉරිදා නිසා එක සතියක් මිස් වුනොත් බුවා තවත් දවස් හතක් ඉවසිය යුත්තේය. එලෙස කල් ඇරීම නිසා බුවා සිටියේ සෑමාව මරාගෙන කා හෝ JISM බැලීමේ වුවමනාවෙන්ය. දිනක් දහම් පාසල ඇරී “මචං අද මම උබලගෙ ගෙදර ඇවිත් අරක අරන් යන්නම්“ කීමට තරම් බුවා අසරණ වූයේය. ගෙදරට ඇවිත් ඔය ජාතියේ ගණු දෙනු කිරීමේන නිවසේ විසීමේ ප්‍රජා අයිතිය පවා නැති කර ගැනීමට අකැමැති වූ සෑමා බුවාට කීවේ නැවත ලබන සතියේ සීඩී එක අරන් එනවා කියාය. බුවා සතුටින් නික්ම ගියේ අවසන ඊලග සතියේ හෝ ෆිල්ම් එක බැලීමේ අධිෂඨානයෙන්ය.

ඊලග සතිය ආවේය. බුවා පාන්දරම ආවේ සෑමා ලගටය.

“මචං අරක ගෙනාවද?“

“අයියෝ ඔව් බං..වද දෙන්න එපා.. අද ගෙනාවා..“

“ඉතිං කෝ දියන්කෝ...“

“හරි මගුලක්නෙ බං.. මෙච්චර දවසක් ඉවසුව වගෙ ඉවසපං.. යද්දි දෙන්නම්..“

“උබ ගෙනාවද බං. බොරු නේද කියන්නෙ..ගෙනාව නම් කවරෙ පෙන්නපං..“

“මේ තියෙන්නෙ බං..“ කවරය පවා දැක්ක පසු ඇස ඉවතට ගන්නට හිතෙන්නේ නැතිය. ඒ නිසා කොල්ලා කවරය බැලුවේය. කාඩ් බෝඩ් කවරයේ ප්‍රින්ට් එකෙන් ඇස ඉවතට ගත් බුවා..

“දැන් දාපං බං ඕක මගෙ බෑග් එකට..“

“යනකොට ගනින්. දැන් චොර කරන්න එපා බං.. ඔහොම තියපං..“

“නැහැ බං උබට අමතක වෙයි.. දාපං බං.. මොකක්ද..“

“වද නොදී ගනින් එහෙනම්..“

ඔෆීස් එක ලගම ක්ලාස් එකේ හිටපු අපි වැඩිය චාටර් නොවී බෑග් වලට බඩු මාරු කර ගන්නේය. එලෙස බුවා බෑග් එකට සීඩි එක ඔබාගෙන, අප සමගම රැස්වීමට ධර්මශාලාවට පැමිණියේය. රැස්වීම අවසන්ව අපි පන්තියට ගියේ මදක් ප්‍රමාද වීමෙන්ය. කස්ටියම පන්තියේය. ගුරුවරයෙක්වත් පන්තියේ නැතිය. එහෙත් අපේ බුවා පෙනෙන්නට සිටියේ නැතිය. විපරම් කර බලන විට ඉහල නියෝගයකින් බුවාව ඔපීසියට කැදවා තිබුනේය. පොර ඔපීසියේ දොරටුව ලග සිට අපේ ක්ලාස් එක දෙස බලාගෙන සිටියේය. අපේ උන්ට හේතුව සොයා ගත යුතු කුකුසක් ආවේය. සැරින් සැරේ අපෙ උන් බුවා ලගට ගොස් සීන් එක විමසන්නේය. බුවා කීවේ පොඩි සීන් එකකට ඔපීසියට කැදෙව්වා කියාය.

පන්තියට ආ ගුරුවරයෙක් කීවේ අපේ පන්තිය චෙක් කළ බවක්ය. බුවා ඒ අස්සේ සීඩී එකකට මාට්ටු වී තිබුනේය. එය මහා නරක සීඩී එකක් කියා හැමෝම කීවෝය. සෑමා කිසිත් නොදන්නා නිසා සද්ද නැතුව සිටියේය. බුවාද සෑමාව අසු කළේ නැතිය. පොර සිද්ධියට මුහුණ දී පන්තියට ආවේය.

“මොකද බං කර ගත්තෙ?“

“මොනා කරන්නද බං මගෙ එකෙ තිබිලනෙ මාට්ටු උනේ..“

“ඉතිං?“

“ඉතිං තව උබලව මාට්ටු කරල වැඩේ වන කරන්නෝනි නැහැනෙ. අපෙ ආච්චිත් ඉන්න නිසා මම දන්නව වැඩේ ශේප් වෙනව කියල. ඒක නිසා මම සද්ද නැතුව හිටිය.“

“එතකොට යකෝ ආච්චි ගෙදරට කිව්වොත්??“

“ඔව් බං.. ආච්චිට සේරම සිද්ධිය මුන් ටිකකිව්වා. උන් ඒව ගෙදරට කියන්න කියල ආච්චිට කිව්වෙ..“

“ඉතිං යකෝ ආච්ච වැඩේ වන කරයිනේ..“

“නැහැ බං... මම ආච්චිට මගෙ බෑග් එකෙ තිබ්බ කිංස්ලි පීරිස්ගෙ වරා මල ඇල්බම් එකේ සීඩි එක පෙන්නල කිව්ව මේක සිංදු සීඩී එකක්. අරුන්ට පිස්සු කියල. දැන් අවුලක් නැහැ..“

බුවා අදටත් ඉදහිට සෑමාට මුණ ගැසෙන්නේය. බුවා හොද ව්‍යාපාර හිමියෙක්ය. හොද එකාය.

sAm_ශ්‍රී_Perera_11:17pm_16/06/2013

Thursday, June 13, 2013

මහ රජාගෙ උන්ට නැති එක... King's Family Missed it... !!


රාජ මාලිගවෙන් එලියට බහින කොල්ලාගේ රාජාභරණ ගැලවෙන්නේය. රාජ සළු පිළි ගැලවෙන්නේය. කොල්ලා හෙවත් කුමාරයා ඇදුමින් පවා නිදහස ලබන්නේය. රාජ කුමාරයෙක් නොවන ගමේ කොල්ලා රෙදි නැන්දා අල්ලාගෙන සිටි අත අතැර ඉවත දිව යන්නේය. කොල්ලා නිදහස් සුව විදින්නේය. දෙඅත් අහසට උස්සා හිරු කිරණ, පහස විදින්නේය. රෙදි නැන්දා පස්සෙන් දිව එන්නේය. කොල්ලා පතන නිදහස ලබා, හිර ගෙදරක වන් මාලිගාවක තිබූ සීමා මායිම් බිද දෙඅත් අහසට විහිදා කැරකෙන්නේය. එහෙත් ලද නිදහස සීමා කරන්නට රෙදි නැන්දා වද දෙන්නේ කොල්ලා පසුපසින් ආරක්ෂාව දෙමින් ගමන් කරන නිසාය.

කොල්ලා පිරිවර වටකොට ගෙන ගමන් කරන්නේය. ඒ රාජ මාලිගාවේදීය. සැපක් නැත්තේමය. නිදහසක් නැත්තේමය. තනිවම වැඩක් කරන්නට බැරිය. පිරිවර වටකොටගෙන නිදහස් සුලගක සුවයක් විදින්නට නැත්තේමය. කොල්ලා අහසින් වැටෙන වැහි දිය දහරක සුවය විදින්නට වැස්සේ තෙමෙන්නේය. රාජ පුරුෂයෝ හෙවත් වටේට සිටිනා පිරිවර පැමිණ හිසට ඉහලින් රෙද්දක් අල්ලන්නෝය. සැප නැත්තේමය. හිතු දේ කරන්නටම බැරිය. උන් වද දෙන්නේය. නිදහසේ වැස්සක තෙමෙන්නට වත් නොදෙන්නේය.

රෙදි නැන්දා සමග යන කොල්ලා ගල් තලාවකට නගින්නේය. අහසේ සියොතුන්ගේ නද සමගින් අහස දෙස දෑත් යොමා ගල් තලාව මත කැරකෙන්නේය. කුඹුරු මැදින් යද්දී වතුර පාරකට පැන දගලන්නේය. නිදහස එමටය. කොල්ලාට සතුටුය. කොල්ලා පසුපස එන රෙදි නැන්දා වද දෙන්නේය. ඒ කොල්ලා රැක ගැනීමටය. කොල්ලාට රජ මැදුරේ තිබ්බ තරම් වන්නට නම් වදයක් නැත්තේය. මාලිගාවේදී කණ්ඩුල නම් අලි පැටියා පිට යද්දී පවා රාජ පුරුෂයෝ පැමිණ තමන්ව බස්සා ගන්නේය. නිදහසක් නැත්තේය. එහෙත් එළියට බැස්ස මොහොතේ සිට කොල්ල දැන් නිදහස්ය. රජ සැපට වඩා ආතල්ය.

කොල්ලා රැක ගැනීම රෙදි නැන්දාගේ වගකීම කොට අය සිතන්නීය. එහෙත් කොල්ලාට හිර ගෙයක් වූ රජ මැදුරෙන් එලියට ආ මොහොත සිට ලැබෙන නිදහස බිදුවක් හෝ අඩු වූයේ රෙදි නැන්දා නිසාය. කොල්ලාට ඒ දණ්ඩේ යන හැටි රෙදි නැන්දා කියා දෙන්නීය. ඇය ඉස්සර වන්නීය. පසු පසින් කොල්ලා දිව යන්නේය. රෙදි නැන්දා නැවතී හැරී බලන කළ කොල්ලා නැත්තේය. කොල්ලා රෙදි නැන්දා පසු පස සැගවී සිට එළිය එන්නේය. රෙදි නැන්දා තම වගකීම ඉටු කරන්නීය. කොල්ලාට එය තරම් වදයක් නැත්තේය. කොල්ලාට දෙන ගස් ගෙඩිය කොල්ලා කටේ දමා ගන්නේය. ඒ මදි වූ තැන කොල්ලා ගසට නැග තවත් ගෙඩි කඩාගෙන ලග තබා ගන්නේය. ඉස්සර නැති නිදහස කොල්ලා විදින්නේය.


ඉහත කී සියල්ල සිරි පැරකුම් චිත්‍රපටයේ සෑමා දුටු ඒවාය. ගීතය, පද, ගැලපීම සෙලටම ඇත්තේය. එයටම ගැලපෙනම වීඩියෝවක්ය. එය බලන අතරතුර සෑමාට සිහි වූයේ රජා ගැනය. රජාගේ දරුවන්ට නැති සැපක් අපේ උන් ගන්නා බවක් සෑමාට සිහි වූයේය. උන්ට ආතල් ඇත්තේ සිරවූ සීමාවක් තුලය. අපේ උන් ගන්නා ආතල් උන්ට නැති බවක් පෙනෙන්නට ඇත්තේය. උන්ට එළිය බහින්නට බැරිය. තනියම යන්නට එන්නට බැරිය. සද්දෙට පඩයක් අරින්නටවත් බැරි තරම්ය. අපේ උන් තරගෙට සද්දෙට පඩ අරින්නේ ආතල් එකටය. උන්ට ඒ නිදහසවත් නැති තරම් යැයි සෑමාට හැගුනේ මේ වීඩියෝව දැකිමෙන් පසුවය.

පිටින් බලන අපේ උන් කියන්නේ උන්ගේ සැප කනේ කියාය. ඔව් සැප කනේ පමණක්ය. අපේ උන්ට සැප ඇග පුරාම ඇත්තේය. ඕනෑම වෙලාවක එළියට බහින්නට නිදහස ඇත්තේය. බස් එකක නැග යන්නට නිදහස ඇත්තේය. වටේට හුස්ම ගන්නට, හුලං වදින්නට නොහැකි තරමේ පිරිවරක් නැත්තේය. හිටියත් හිටින්නේ අපේම උන්ය. අපේ මිත්‍රයන් මිස අපිට කෙලින්නට එන්න හදන උන් නෙවේය. එහෙත් උන්ට එන්නේ කෙලින්නටය. ඒනිසා වටේට සිටිනා පිරිවර වැඩි කරගැනීම උන්ගේ පරමාර්ථයමය.

චිත්‍රපටය පුරාවට දිව ගිය, රාජ කුමාරයෙක් නොවන ගමේ කොල්ලා නිදහසේ සිටින ආකාරය සෑමාගේ සිත් ගත්තේය. ඒ නිසාම සිතේ උපන් කතන්දර මෙසේ අකුරු කරන්නට සිත් වූයේය.

ඔබ ලබා ඇති නිදහස උපරිමයෙන් රැකේවා.
ජය !

Written by sAm_ශ්‍රී_Perera_9:22pm_16.06.13

Monday, June 10, 2013

මැනේජර් සහ මිස්ඩ් කෝල් එක... - Manager Struggled With Missed Call !!!




පිස්සුද මචං අද බොන්න බැහැ.

විකාර කියන්න එපා බං මම ගම්පහට එනවා. උබ දිලා එක්ක සෙට් වෙලා වරෙන්. ප්‍රභාත් එනව කිව්වා.

හරි හරි ඉස්සෙල්ලම වරෙල්ලකො. ඇවිත් කතා කරමු.

***

මුන්ට පිස්සු බං දිලා.... මේ වෙලාවෙ මොන බොනවද?

ඔව් සෑමා.. දමියා අවුලෙන් බං ඉන්නෙ අර සීන් එකට. ඒකයි ඔය බොන්න සෙට් වෙන්න හදන්නෙ.

බලමු බං. ප්‍රභාත් එනව කිව්වෙ. ඌට අවුලක් නැහැ ඌට ගෙදරට ලගයි නේ. අපි යද්දි පොලිසියෙන් ඇල්ලුවොත්.

හරි හරි බං. අපි බලමු කස්ටිය එකතු වුනාම කතා කරගමු.

හුටස්.. මේ මගුලෙ බැට්රි ලෝ.. හිටපං අනිත් පෝං කෑල්ලට සිම් එක දාගන්න. මැනාගෙ පෝං නම්බර් එකත් ගහ ගන්නෝනි. පොරට කෝල් එකක් දෙන්නත් තියෙනව බං.

හරි හරි බං මාරු කර ගනින්. බොන්න ගියාම ඕව මතක් වෙන්නෙ නැහැනෙ.

මැනාගෙ නම්බරේ නිකං ගහ ගත්ත බං.

***

මොකද කියන්නෙ අපි අද සෙට් වෙනවද?

අනෙ මන්ද බං ගෙදර යන්නෝනි..

හරි බං සෙට් වුනාට පස්සෙ ගෙවල් වලට තමා යවන්නෙ. තොපිව අපේ ගෙදර අරන් යන්නෙ නැහැ.

අනෙ මන්ද බං බෑ කියන්නත් බැහැනෙ...

***

මචං දැන් ඇති නේද? තව බෝතලයක් කඩනවද?

හතරකට එක බෝතලයක් සෑහේ මචං.. අනිත් දවසෙ ඉතුරු එක ගහමු..

එහෙනම් වේටර්ට කියපං ඒ බෝතලේ අරන් තියන්න කියල..

බිල ගේන්නත් කියපං..

සෑමා මගෙ කාඩ් එක තියෙන්නෙ ඒකෙන් ගෙවන්න පුලුවන් නේද?

බැරුව ඇති දිලා.. තෝ ඕක දාගනින් ඇතුලට.

පල යන්න, මෙතන කාඩ් පුලුවන් අර ගහලත් තියෙන්නෙ..

බැහැ බං.. ඊයා.. බලපං කාඩ් එකේ කැත ඕකෙන් ගෙවන්න බැහැ..

ඇත්තටම බැරිද බං..

පැත්තකට වෙලා හිටපං දිලා.. අපි ගෙවන්නෙ..

ඒක තමා දමියා..

***

හරි නේ මචං.. දැන් කස්ටිය ගොඩ වෙන්ඩෝ...

පොඩ්ඩක් හිටපං දමියා.. මට කෝල් එකක් එනවා..

සෑමා බලපං කවුද කියලා.. කාපු බීපු වෙලාවට වද දෙන හු***

පොඩ්ඩක් හිටපං දමියා.. මේක දන්නෙ නැති නම්බර් එකක්..

සෑමා - හෙලෝ...

එහා පැත්තෙන් - හෙලෝ කවුද මේ..

සෑමා - මොන හු** මට කතා කරල මම කවුද කියල අහන්න.. තමුසෙ කවුද??

එහා පැත්තෙන් - දන්නෙ නැහැ මට මිස් කෝල් එකක් තිබ්බ ඒකයි ගත්තෙ..

සෑමා -  මොන ප^ ^ ක්ද මම මොකටද තමුසෙට මිස් කෝල් ගහන්නෙ...

එහා පැත්තෙන් - හරි හරි.. මම හෙට කෝල් එකක් ගන්නම්..

සෑමා -  හෙට නෙවෙ හලෝ අදම මේ කතාව ඉවරයක් කරමු..

එහා පැත්තෙන් - බීප්.. බීප්..

කවුද බං සෑමා ඒ???

අනෙ මන්ද බං. මම ඌට මිස් කෝල් ගැහුව කියන්නෙ..

හිටපං මගෙ මොබිටෙල් එකෙන් ගහල බලන්න..

දමියා පොඩ්ඩක් හිටපං..

මෙන ඉන්නවද බං.. මම ගත්ත..

කට් කරපං යකෝ...

ඇයි බං..

මට දැන් බං මතක් වුනේ.. ඒ අපේ මැනා..

අප්පට.. හු**වා.. තෝ මාර බඩුවක් නෙ.

මොනව කරන්නද බං. දිලා එක්ක එද්දි නම්බරේ නිකං ගහ ගත්ත.. මිස් කෝල් එකක් ගිහින් වගේ..

දැන් ඉතිං නටපං..

***

පසුවදා උදේ...

ගුඩ් මෝර්නින් මිස්ටර් ***

අහ් සෑම්.. මට ඊයෙ රෑ කෝල් කළාද??

මාර සීන් එකනෙ වුනේ.. මම නම්බර් එක ඩයල් කලා බැට්රි ලෝ වුණ නිසා අනිත් පෝං එකෙන්. ඔයා දෙවෙනි පාර ගන්නකොට මට අමතක වුනා ඔයා කියල. ඒකයි සද්ද දැම්මෙ.

හරි.. එතකොට මොබිටෙල් එකකිනුත් ගත්තද?

ම්ම්... මගෙ මොබිටෙල් එකක් නැහැනෙ..

හරි මම බලන්නම් කවුද කියල..

Written by sAm_11:16pm_10/06/13
Related Posts Plugin for WordPress, Blogger...