කොහෙ නම් කූඩු හදන්නද? බටයක් කපා ගන්නට තැනක් තියෙනවද? ඕවාට වෙලාවක් තියෙනවාද? වෙසක් කූඩු ගැන කතා වෙන විට මේ දිනවල වැඩියෙන් ඇසෙන නිදහසට කාරණා බොහෝය. සියල්ල යාන්ත්‍රීකරණය වූ වර්ථමානයක, සියල්ල මුදලට විකිණෙන වර්ථමානයක, තමන් අතින් නිමවෙන වෙසක් නිර්මාණයක් දැක සතුටු වන්නේ බොහෝ අල්පයක් දෙනාය. වෙසක් සතියක ගෙදර පිරිසක් එකමුතුව, කූඩු බැඳ, සව් කොළ අලවා, එල්ලා හැඩ බැලුවේ ඉස්සරය. දැන් සව් කොළ ඇලවූ අට පට්ටමේ සිට, සැකිල්ල පමණක් ඇති අටපට්ටම දක්වාම කූඩු රැගෙන එන්නේ කඩයෙන්ය. සව් කොළ ඇලවූ කූඩුවක් රැගෙන ඒමෙන් වැඩේ ඉතා පහසු වන්නේ කූඩුව එල්ලා ලයිට් දැමීමේ කාර්යය පමණක් නිවැසියාට ඉතිරි වෙන නිසාය.
ඊයේ සෑමාගේ ගෙදර ආ මිතුරෙකු කියා සිටියේ තමන් කඩෙන් කූඩු දෙකක් ගත් බවක්ය. සැකිල්ල පමණක් ඇති කූඩු දෙකක් රැගෙන මිතුරා ගෙදර ගොස් ඇත්තේ සව් කොළත් රැගෙනය. කූඩුව සම්පූර්ණව සුදු සව්කොළ අලවා නිල් පැහැති රැලි දැමීම මිතුරාගේ අදහස වී තිබුණේය. කූඩු දෙක මේසයක් මත තබා සව්කොළද පසෙකින් තබා මිතුරා සිය පවුල අමතා කූඩුව අලවන ලෙස ඉල්ලා සිට ඇත්තේය. මොහොතකින් ඔහු අතට ලැබී ඇත්තේ පාප්ප ස්වල්පයක් සෑදු වලදක්ය. එතැන් පටන් මිතුරාට කූඩුව අලවන්නට සිදු වී ඇත්තේ තනිවමය. කතාව අවසනට මිතුරා කීවේ “අනේ මන්දා මචං, ඔහොම එකක් දන්නවා නම් මම අලවපු කූඩුවක්ම ගෙදර අරන් යනවා“ කියාය.
වෙසක් කූඩු, වෙසක් තොරණ් ආදිය ඇතුලත් වන්නේ ආමිස පූජාවටය. දන්සැල්, සීල ව්‍යාපාර ආදී කටයුතු අයත් වන්නේ ප්‍රතිපත්ති පූජාවටය. බුද්ධ දේශනාව නම් වැඩිපුරම නියැලිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවේ බවය. ආමිසය නොකළ යුතු කටයුත්තක් නොවූවත්, ආමිසය තරමක් දුරට කළ යුතුය. එලෙසම ආමිසය වැඩිපුර දකින්නට හැක්කේ වෙසක්, පොසොන් පෝය වලදීය. මන්ද ඒ සමයේ වෙසක් කලාප ආදියෙහි දර්ශණය වන්නේ කූඩු සහ තොරණ් නිසාය. ගෙදරකට කූඩුවක් හදන්නට නොලැබීම ගැන කණගාටුවනවාට වඩා සිතිය යුතු කරුණක් බුද්ධ දේශනාවේ සඳහන්ව ඇත්තේය. එනම් ආමිසය බැරි නම් ප්‍රතිපත්ති පූජාවට හෝ එක් විය යුතු බවය. යහපත්ව සිතිය හැක්කේ එවිටය. මේ පාරත් අපේ ගෙදර කූඩුවක් නැතැයි කියා මිලට ගත් කූඩුවක් ගෙනත් එල්ලුවාට කම් නැත. විටක ඒ ඔබ කාර්යය බහුල නිසා විය හැකිය. නමුත් පෝය දින ලැබෙන නිදහසින් කොටසක් වැය කොට පන්සලකට ගොස් හෝ නිවසේ සිට හෝ ධර්ම කරුණු පිළිබඳ කියවීම, ඇසීම කළ හැකි නම් ඔබට එල්ලන්නට බැරි වූ කූඩුවේ වටිනාකම සම්පූර්ණයෙන් ප්‍රතිපත්ති පූජාව හරහා ජනිත වන්නේය. තමන්ට ආමිසයෙන් කර ගත නොහැකි වූ දේ ප්‍රතිපත්තිය හරහා කර ගැනීමට වෙර දැරීම අගනේය.
හැමදාකම මිනිසුන් මනින්නේ කූඩුවේ තරමය. තොරණේ උසය. බල්බ් දැල්වෙන ආකාරයය. විටක ඇස් බොඳකර තොරණ දිහා බලන්නේ බල්බ් වල ලස්සන බලන්නටය. එහෙත් තොරණේ ජාතකය අසන උන් නැතිය. තොරණේ ජාතකය දන්නා උන් නැතිය. ඒ මදිවාට තොරණ අයිතිකරුවන් කරන්නේ ජාතකයට වඩා ආධාරකරුවන්ගේ නම් කියන එකය. කවියෙන් උන්ට පින් දෙන එකය. තොරණක කතාව සම්පූර්ණයෙන් අසන්නට බැරි නම් කළ යුත්තේ ජාතකයේ නම බලා, පිළිවෙලින් රූප රාමු බලා කතාව අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමය. තොරණක ප්‍රධාන අරමුණ ධර්ම දානයක්ය. කිසියම් දහම් කරුණක් ජනතාවට ලබා දීමය. විටක තොරණක් දුටු සැනින් එයද වෙසක් කූඩුවක් මෙන්ම ආමිස පූජාවක් ලෙස, ආලෝක පූජාවක් ලෙස සිතෙන අවස්ථා එමටය. එහෙත් එය හුදෙක් ධර්ම දානයක් නිසාම ප්‍රතිපත්ති පූජාවට ඇතුලත් විය යුතුය.
මේ කියන්නට හදන්නේ ආමිසය අත හැරිය යුතු බවක් නොවේය. බුද්ධ ධර්මයේ ප්‍රතිපත්ති පූජාව අවධාරණය කොට ප්‍රමුඛත්වය දී ඇති බැවින් ම ආමිස පූජාවට තැනක් ඇත්තේම නැතැයි නූතන සමහර බෞද්ධයන් පන්සලට නොයන, බෝධිය නොවඳින, මල් පහන් පූජා නොකරන තත්වයට පත්වා ඒවා හෙළා දැකීම අභාග්‍යයක්ය. අර්ථවත් ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට මුල් වන බව ඉතිහාසය සාක්ෂි දරන්නේය. බෞද්ධ උත්සව මෙරට ආරම්භ වූයේ මිහිදු හිමි වැඩම කළ දා සිටය. බුදු දහම හඳුනාගත් මිනිසුන් ආමිස පූජා වල නිරත වන්නට වූවෝය. එය ක්‍රි.පූ 3 සියවසේ අශෝක යුගයේ සිට ආරම්භ වූවක්ය. බුදුදහම සිත් තුළට කාවැද්දීම සඳහා නොයෙක් ආකාරයේ සංකල්ප ක්‍රියාත්මක වූ තැන එහි මුල් තැන ගත්තේ උත්සවයි. එනම් ආමිසයයි.
ආමිසයට මිනිසුන් ගරහන තත්වයට පත්වී ඇත්තේ මල් පහන් පූජාව බුද්ධ පූජාව වැනි උතුම් ආමිස පූජා තරගකාරී වාණිජ සංකල්ප වලින් අන්ධ භක්තිය සිදු කරන බහුතරයේ ක්‍රියා පටිපාටිය නිසාය. සිද්ධස්ථාන අපිරිසුදු කෙරෙන තෙල් කුණු පුරවන ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් කරන ප්‍රදර්ශනය ආමිස පූජා නිසා ආමිස පූජාව ප්‍රතිඵල රහිත යැයි සැලකීම අප්‍රබුද්ධ චින්තනයේ විපාකයයි.
අර්ථවත් ව කරන ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට දොර ඇර දේ. ශ්‍රද්ධාව පාදක වන්නේ ප්‍රඥාව බව නොදැනීමෙන් ආමිස පූජාව කොන් කිරීම නිවැරැදි ක්‍රියාවක් නොවේ. ආමිස පූජාව අර්ථවත්ව සිදු කළ හොත් මහත්ඵල මහානිසංස දායක ය.
“ශ්‍රද්ධාවෙන් පිරී ගිය හදින් ආමිස පූජාවක් කිරීමෙන් පිබිදෙන්නේ ප්‍රතිපත්ති පූජා මනසයි.”
එසේ නම් අප කළ යුත්තේ ප්‍රතිපත්ති පූජාවට මඟ විවර කර ගැනීමය. කෙලින්ම දාන, ශීල, භාවනා ආදියට යොමු වීමට මැලි වන බෞද්ධයන්ට ආමිස පූජාවට වඩ වඩාත් නැඹුරු වීමෙන් ප්‍රතිපත්ති පූජාවට ආරම්භයක් ලබා ගත හැකි බව සිතට ගත යුතුය. නැති නම් ඔවුන් හැමදාම කරන්නේ මල්, පහන් පූජාවේ සිට, පන්සල් යෑම දක්වාද බැන වදිමින්, තමන් නිවසේ සිට ධාර්මිකව කටයුතු කරනවා කියා එලොවටත්, මෙලොවටත් වැඩ නැති අන්ධ භක්තිකයන් වීමය.