Tuesday, May 17, 2016

ඉර මාමාට සහ වැහි දෙයියන්ට ඉස්ටූටි කරන්නට ලියමි.. !!


පැන්සලක් කොලයක් අතට ගත්තේ කාලෙකින්ය. ඉක්කෝලෙ වැඩ අස්සේ කාටවත් ලිපියක් ලියන්ඩට පොඩි සෑමාට නො ඇහැක් වූයේය. ඉක්කෝලෙ ඉන්නා කෙල්ලන්ට චැට දැම්මාට, ඇෂ් ඇස්.ඇම්.ඇස් ගැහුවාට ලියුමක් ලියන්ඩට තරම් පොඩි සෑමාට කාලයක් නැතිවූවාය නැතිය. වැස්ස නිසා, අකුණු ගසන නිසා ලයිට් නැති නිසා පොඩි සෑමා කුප්පි ලාම්පුවෙන් මේ ලියුම කොටන්නට ලියන්නට ගත්තාය ගත්තේය. 



ඉතිං දයාබර ඉර මාමේ, වැහි දෙවිමාමේ,

ඉර මාමා නම් අපේ සිරිලංකාව සමඟම පට්ට ඇරියස් බව පොඩි සෑමා දන්නේය. මොකද බොට පහුගිය ටිකේ අපේ එවුන් සාප කළ නිසාය. ඒ කෝපය නිසාම කන පැලෙන්න අව්ව තිබුණාය තිබුණේය. ඒ බව පොඩි සෑමා හොදටම දන්නෙමුය දන්නෙමිය. ඔයා බොරු නිවාඩු දමා ගෙදර ගිය බව අපි දන්නේය. ඒ ගොස් වැහි මාමා එව්වේ අපිත් එක්ක ඇති තලාටය. ඒ වුණාට පොඩි සෑමා නම් ඔයා දෙන්නා එක්කම යාලුය. ඇත්තටම ඔය දෙන්නාම හූනියමක්ය. කළේ හොඳක්ය. අපේ ගමම අද කාලා එක පවුලක් මෙන් ඉන්නේ ඔය දෙන්නා නිසාය. ඒ ගැන කාටවත් තේරුමක් නැතිය. ඒත් මට හොඳටම තේරෙන්නේය.

එහා ගෙදර සූටි අයියාගේ නම කිරි පුතාය. ඒ ඇන්ටී ලස්සන බව තාත්තා කීවාය. පුතාට ආදරයට කියන්නේ කිරි පුතා කියාය. ඒ කොලුවා තාම කිරි බොන බව ගමම දන්නේය. අපේ තාත්තා ඒ බව දන්නෝ කෝමදැයි අම්මා ඇසුවේය ඇසුවාය. තාත්තා කිව්වේ ඌ නිසා උගෙ අප්පාටත්, එහා ගෙදර මිල්ටන් මාමාටත් කුක්කු නැති බවය. ඉතිං කිරි පුතා අයියාව මම දැක්කේ මීට වසර ගානකට පෙරය. ඒ කලින් දාසක් ගංවතුර දාපු නිසාය. අල්ලපු ගෙදර හිටියත් කිරි අයියාගේ කට හඬ මට ඇසෙන්නීනේය. හැමදාම උදේට ඌ දොට්ට යන බව මා දැනගත්තේ අපෙ අම්මාගෙන්ය. “අම්මේ හරී...“ යැයි ඌ උදේට කෑගාන්නේ කක්කා දාන්ඩ දොට්ට ගියාට පසුය. එවිට කිරිපුතා අයියාගේ අම්මා පැමිණ කක්කා කනවාය හෝදනවාය. දාසක් අපෙ මිල්ටන් මාමාද ඒ පැත්තට දිව්වේ බාල්දියක් අරගෙනය. කිරි පුතා අම්මේ කිව්වාම අපේ මිල්ටා අහවල් එකට ගියා දැයි අම්මා ප්‍රශ්න කළාහුය. ප්‍රිතු සේනේහය එහෙම බව කිව්වේ අපෙ තාත්තාය. කෝම වුණත්  වෙනදාට ඒ අයියා ගෙදර වහලය උඩ සිටින්නීනේය. කැප් එක හරාට දාගෙනය. ඌට කැප් එක හරි පැත්ත දාන්ඩ බැරි බව කිව්වේ අපෙ තාත්තාය. අම්මා කිව්වේ නම් උගෙ අප්පා හරියට කැප් එක දැම්මා නම් කිරි පුතා අද මෙලොව නැති බවක්හුය. ඒත් අපෙ තාත්තා විද්‍යාත්මකව පහදා දුන්නේ අප්පා කැප් එක දැම්මාට මිල්ටා නිසා කිරි පුතා මෙලොව කෝමත් එළිය දකින බවක්ය. ඒවා පොඩි සෑමාට දැන ගන්න වෙන්නේ ජුන්ඩා ලොකු වුණාමය. විජ්ජාව පාඩමටය.

ගං වතුරට කලින් කිරි පුතා අයියා මා හැමදාම දැක්කේ කොළපාටටය. ෆේක්ස් බුකියේ ඔන් ලයිට් එකේය. ඌ ඉන්නේ සැපේය. අහසේ දෙයියෝ නෑ කිව්වේය. පොලොවේ ඉන්නේ රියල් කැනරියෝ කිව්වේය. වහලේ උඩ රෙකෝඩ් කරපු ඒ විඩියෝ එක දාලා කිරි පුතා මාමා අයියා බිමට බැස්සේ එහා ගෙදර ඇන්ටී අල්ලගෙන හිටි ඉනිමග දිගේය. කෝම හරි ගංවතුර නිසා අයියා එළියට බැස්සෝසේය. පොඩි සෑමාට ඉන් කිකැරි අයියා සමඟ කතා කරන්නට අවස්ථාවවාදී ක් ලැබුණේය. අයියා කිව්වේ උඩ ඉන්නා ඉර මාමාට රැපක් කියන්ඩ ඕනේ කියාය. ඉර මාමා නිවාඩු ගියේ සැපේ ඉන්ඩලුය. ඉතිං නිවාඩු කැංසල් කොට ගෙන්නා ගත හැක්කේ රැපෙන්ලුය. පොඩි සෑමා අම්මාට කිව්වේ මේ මහ වැස්ස කිරි අයියා පුතාගේ වැඩක් කියලාය. අම්මා කිව්වේ ඔව් ඒකත් වෙන්ඩ බැරි නෑ එහා පැත්තේ මිල්ටන් අංකල් වස්කවි කාරයා කියාය.අපෙ ගෙදර උන් හැදාම කියෝන මිල්ටන් අංකල්, කිරි පුතා, කිරිපුතාගේ අම්මා අතර සම්බන්ධන් තාවය තාමත් මට පේලිකාවක්ය. ඒ පේලිකාවේ හරස් පදයක වත් කිරි පුතා අයියාගේ ඩැඩා නැත්තෝතිය.

කෝමෙන් කෝම හරි අපේ ගමම කෝමත් සමඟියයෝය. ඒත් ගමටම තිබ්බ ප්‍රස්නය මිල්ටන් අංකල් හා කිරි පුතා අංකල්ගේ අඩ දඹරයන්ය. එත් මිල්ටන් ඉර මාමා ෂහ වැහි දෙයියන්ගේ ඩීල් එකට පිං ෂිද්ද වෙන්නට මිල්ටන් අංකල් ආ කිරි පුතා අංකල් අතර ප්‍රශ්නය නිරවුල් වූවානේය. ඒ ගං වතුර නිසාය. ඊයේ සෑ තමයි සෑය. අපේ කිරි පුතා අයියලා ගෙදෙට්ට වතුර ගලන්නට වුණේ ඊයේ හවස සිටය. කිරි පුතා අංකල් වැඩට ගොස්ය. අසල්වාවේෂියෙක් ලෙස මිල්ටන් අංකල් කිරි පුතා ඇන්ටිලැ ගේ දිහා බලන නිසා හොඳය. නැත්තං කිරි පුතා අයියා අදටත් මිනි පෙට්ටියේය. ඉර මාමා කැදවන්නට සැල්පිං රැසැපක් කරන්නට කිරි පුතා අයියා වහලෙට නැග්ගාගේය. බිමට බයින්නට තිබ්බ ඉනිමඟ මිසින් වෙලා තිබ්බේ ඒ මෝතේය. බලද්දී ඒ ඉනිමඟ මිල්ටන් අංකල්ලෑ තාප්පෙට හේත්තු වෙලාය කොරලාය. ඒ කොරලා ඇත්තේ කිරි පුතා ඇන්ටීය. කිරි පුතා අයියා වහලේ උඩ සැපේ බව ඇන්ටී නොදත්තායතෝය. මිල්ටන් අංකල් තාප්පේ උඩින් ගේ පැත්ත සැපෙන් බලං ඉන්නා නිසා ඇන්ටී තාප්පෙට ඉනිමග හේත්තු කොරලා මිල්ටං දෙයියා වත්ත පැත්තට වඩම්මලාය. දෙන්නා සැපේ ඉදලාය ඒ මදිවට වත්තේ දණක් උසට ගං වතුරය. ඇන්ටිලෑ කාමරේ ඇඳේ කකුල් මට්ටමට වතුර තිබ්බ බව කිව්වේත් මිල්ටන් අංකල්යහුය.

කෝම හරි බිමට බයින්නට ඉනිමග නැතුව කිරි අයියා පුතා කෑ ගැහිලාය ගහලාය. ගං වතුර කලබල අස්සේ කාටත් ඇහිලා නැතිය. කෝමත් කිරි පුතා අයියා වහලෙට වෙලා රැප දාන නිසා ගමේ උන්ට ගානක් නැතිය. අනික අයියා සෙයාර් කරන ඒවා පේජ් වලා ඇඩ්ඩිං ලා බයිට් එකට ගන්නා බව කිව්වේ අපෙ අක්කාය. එයාත් බුකියේ ඒන්ජල් කෙනෙක් ය. කෝමෙන් හරි කිරි පුතා අයියා වහලේ උළු කැටයක් ඈත් කරලා කාමරේට ඔලුව දමා ඇත්තේයහුය. එතකොට කාමරේ ඉදලා ඇත්තේ මිල්ටන් අංකල් හා කිරි පුතා ඇන්ටීය. කිරි පුතා දැක ඇත්තේ ඇඳ මට්ටමට වතුර තියෙද්දී මිල්ටන් අංකල් ඇන්ටීව නෙලාගෙන වඩාගෙන ඇදෙන් උඩට ගන්නවාය. “අනෙ අංකල් අම්මවත් බේරගෙන මාවත් බේර ගන්ටෝ“ කියලා කිරි අයියා කෑගහලාය. ඒ අස්සේ ඇන්ටිව බේරගන්න මිල්ටා ඇවිත් හිටියේ හෙලු ඇඳුම් නැතුවලුය. ඇන්ටීද ඇඳුම් ඇඳගෙන එලියට බහින ටිකට කිරි පුතා අයියා වහලෙන් ලිස්සලා ගිහින්යලුය. රූටලා රූටලා වහලේ කෙලවරෙන් බිම වැටෙද්දීම මිල්ටං අංකල් කිරි පුතා අයියාව අල්ලගෙනය. මුළු ගමම දුක් ගංගාවක ගිල්වන්න ගිය සෝක පුවතක් නැවැත්තුවේ මිල්ටන් අංකල්ය. නැත්තං කිරි පුතා අයියාද මැරෙනවාය. ඇන්ටීද මැරෙනවාය. අංකල් ඔපිසියෙන් කලින් ඕෆ් වෙලා ආවා නම්, මිල්ටන් අංකල්ද මැරෙනවාතමාය.

මොක වුණත් හැම දේම වුණේ හොඳටය තමයි. කිරි පුතා අංකල්ගෙන් මැරුම් කන්නට හිටි මිල්ටං අංකල් දැන් පවුලේ සාමාජිකයෙක් වගේය. අපෙ අම්මා කිව්වේ නම් කෝමත් එක ගෙයි පවුලක් කියාය. එසේම කිරි පුතා අයියා ඊලඟ රැප අප්ලෝඩ් කරනවා කිව්වේ මිල්ටන් අංකල්ගේ ගුණ ගැහිලා ගයලාය. මේ සියල්ලටම මුල ඉර මාමාය. එයා නිවාඩු නොගියා නම් අද මේ සතුට නැතිය. මිල්ටන් මාමා ගමටම වීරයෙක් වුණේය. තරහවෙන් හිටි පවුල් දෙකක් යාලුවෝ වුනෝය. ඒ වැහි දෙයියන්ට පිං දෙන්න සිද්ද වෙන්නටය. 

දැන් ප්‍රශ්න අහවර ඉවරය. හැමෝම යාලුවෝය. ඒ නිසා ඉර මාමා නැවත පැමිණ, වැහි දෙයියා රිටයර් වුණා නම් හොඳය. ඒ අවතැන් වූ මගේ යාලුවන් නිසාය. යාලුවන්ගේ දෙමාපියන් නිසාය. රස්නය සමනය කර ගමේ සාමය උදා කළ ඔබට ස්තුතිය. නැවත අවශ්‍ය විටක එන්න කියනකල් පලයන්ය එන්න එපාය.

පිං සිද්ධ වේවාය. !!

Written_by_sAm_ශ්‍රී_Perera_08:15am_17/05/16

පොඩි සෑමාගේ පෙර ලිපි

නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි
නිදහස පොඩි සෑමාගේ කුප්ප ලිවිල්ලක්... !!!
පොඩි සෑමා ටෙලිවිෂන් වැඩසටහනකට යයි

21 comments:

  1. සෑමා නම් එකාට පිස්සුව හොදටම වැඩි වෙලාය.. ඒක නිසා වැහිමාමාට පලයං කියන්නාය.. නොදොමකින්ය.. මේ සෑමා කියන අදුරුමිස්ටයා නැවත පැමිණ ඇත.. ඒක පහුගිය දොහේ වෙච්චි දේවල් වලින් හොදට පෙනේය.. නයි පෙනේ නෙමේය.. බෝම ස්තුතියිය.. හරිම සන්තෝසය..

    ReplyDelete
    Replies
    1. හරිම තං-තෝසය. චන්ද්‍රිකා මැඩම්ද ඉස්සර හිටියේ තං-තෝසයෙන්ය. ඒ තෝසේ කෑමට ආස නිසා නොව වයසක නිසාය. ඇමති මංඩලයම බිව්වේ කුක්කුය. හපොයි වැරදි කමෙන්ට් එකක්ය.

      ස්තුතිය. හරිම තංතෝසය.

      Delete
  2. අමුඩෙට පසු.
    පොඩ්ඩක් ඉඳිං කියෝල එන්න.

    ReplyDelete
    Replies
    1. නොදකිංග් ය. කිරිපුතා අයියාට නොමිලේ තුන එක්ස් එකක් බලා එය සෑමා ලවා එය අපටද පෙන්වන්න තිබ්බ චාන්ස් එක නැතිකරගෙනය.
      හොඳට නකට දෙකට ක(පු)ටමය කියන්නේ ඕකටය.

      මොනව උනත් අපටනං තාම වහිනවාය.

      Delete
    2. ටැංකුය. තුන ඇක්ස් නිසා අනිවා ඇක්ස් පාර හෙවත් පොරෝ පාර වදිනවාය. ඒක සුවර්ය.

      Delete
  3. සැක් ඉතරක්. පොඩි සෑම හලි නලකයි. මේකා අපිවත් නලක් කොලනවා...

    ReplyDelete
    Replies
    1. රටක් බේරා ගැනීමට ලියුම් ලිව්වාම තොපි නරක් වෙන්නේ කෝමදැයි තාම ප්‍රස්නයක්ය.

      Delete
  4. මිල්ටන් අන්කල්ට අව්ව වැස්ස කියලා නැහැ හැමදාම සැප සහ සතුට වගේය.

    ReplyDelete
  5. ගං වතුරෙ පවා ජීවිත බේරාගන්න මිල්ටාට සූර්ය දිව්‍යරාජයාගේ උත්තමාචාරය.
    මට මල පැනලා හිටියේ උඹ මට මාමා කියනවට.
    යකෝ අවුරුදු බිලියන 4.6 ත් වයසක්ද?

    මීට

    සූර්ය දිව්‍යරාජයා

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ඉස්ටූ කරන්න ලියන්න තිබුනනෙ

      Delete
    2. හුටා. සූර්යාට මාමා කියන එක වැරදියි වගේ.

      Delete
  6. අනේ පවු කිරි පුතා..... අපේ පැත්තෙ ගස් කරන්ට් කම්බි වල හයිය බලා ඇති නිසා අපිට ලයිට් නැතිය... ඊට උදව් කල වැහි දේවතාවට අපගේ බල්වත් මෙව්ව එක...

    ReplyDelete
    Replies
    1. ෆෝන්, ලැප් චාජ් කරනු ලැබේ...
      පැයට 100/- යි.
      191/ඒ, ‍මහ වීදිය.
      045-22*****

      Delete
    2. පුහ්!!! අපිට දැං කරන්ට් තියෙනවා.....!!!

      Delete
    3. අපිටත් දවසක්ම නැති වුනේය.
      දැන් තිබේය.

      Delete
  7. පොඩි සෑමා දැන් ඉස්සරට වඩා පණ්ඬිතයා වෙලාද කොහෙද?

    ReplyDelete
  8. ඒයි සෑමා. උඹලා වතුරට කො‍ටු වෙලාද ඉන්නේ? පෙතියගොඩ බැම්ම කැඩුනා කිව්වා. කඩුවෙල පාලමේ ගෑවෙන ගානට වතුර ආවා කිව්වා. උඹලට කොහොමද?

    ReplyDelete
    Replies
    1. වෝටර් වර්ලඩ් එක සහ මානෙල් වත්ත පන්සල අතර මැද අපි ඉන්නෙ. වතුර දාන්නෙ නැහැ. කොටු වීමක් තියෙන්නෙ. ජනතාවට උදව් කරන්න සැට් වුනා නොසෑහෙන්න.

      ස්තුතියි මචං විපරමට.

      Delete
  9. නැතිකොට එනකන් අඬන
    ඇතිකොට යනකන් බනින
    වැස්ස උඹත් මං වගේ
    හොඳක් කිසිදා නොඅසන

    ReplyDelete