Wednesday, February 27, 2019

නොකියාම නිදි නේද?




බිම වැටී ඇති පිනි සේම
දිළිසුනා ඔබ ළඟ  පාත
වැතිරිලා මම නොදොඩාම
රස සොයමි රහසේම

පිනි වාගේ දිලුනාට
පැණි රසක් නැතුවාට
දහඩියෙන් නැහැවීම
නිදි නේද නොකියාම

ඉඩ නැතිව සයනේම
කිටි කිටියෙ වෙලුනාම
මඳ අඳුරෙ ගිලුනාම
ආදරේ ‍නොදැනේද

කෙටි හුස්ම හනි හනික
ගන්නේද නුබ මැණික
නිදි සේම පැද්දේද
ඔය පපුව මැද හුස්ම

ඇස් පියන් තද කරන්
නොනිදාම ඔබ නිදන්
මට පහසුවෙන් තියන්
ඉඩ දෙන්නෙ කිම කියන්

සිහිසුන්ව ඔබ වැටී
මට ලිහිල් බව දි දී
කිමිදෙන්න හුස්ම දී
නුබ හොරෙන් ඇයි නිදී

සඳ රැස් අප දකී
මද සුළං රැල් වැදී
ඇහැරෙන්න හිත නොදී
නුබ හිදින් මම සිබී

මගෙ උකුල් බර දැනී
හිදින් නුබ නොරැවටී
සේද තිරපට ඇරී
මුළු රෑම නෑ නිදී

#sAmsRi_27/02/19

3 comments:

  1. අසහනෙන් ඉන්නේ..ඕවා දාලා අපිව නරක් කරන්න එපා

    ReplyDelete
  2. ලස්සන පැබදීමක් sAm

    ReplyDelete
  3. නින්ද යන්නැති එක ලෙඩක්.

    -னයා-

    ReplyDelete