Saturday, February 7, 2015
මධුසමයට පසුදා... - Day After Honymoon
දවස් දාහතරක ලස්සන හනිමූන් එක ඉවර වෙලා අපි දෙන්න ආපහු එන්න පිටත් වුණා.
“අනේ හරී ලස්සන පලාතක් සිතූ.. ආසාවේ බෑ.. ම්හ්.. තෑන්ක්ස්.. මම ඇත්තටම හිතුවෙ නැහැ අපි දෙන්නගෙ හනිමූන් එක මෙච්චර ලස්සන එකක් වෙයි කියලා..“ එයා එහෙම කිව්වා.
“ඔව් කුසූ.. මාත් හිතුවෙ නැහැ..“ එහෙම කියද්දි මට මතක් වුනේ අපේ සීයා කියපු කතාව. ඒ කාලෙ නම් එහෙම නෑලු. කසාද බැන්ද එදාම රෑට පවුලව ගෙදරට දක්කන් එනවලු. මොනාද මේ කැලෑ ගානෙයි, කදු ගානෙයි කල් මරන්නෙ කියල සීයා දවසක් ඇහුවා.
“මේ දැන් අපි මෙතැන ඉදන් කෙලින්ම යන්නෙ අපේ අලුත් ගෙදරට නේද සිතූ..“
“ඔව් කුසූ.. කෙලින්ම යන්නෙ අපේ ගෙදරට.. “
“මේ එතකොට ඔයා කිව්වා නේද ඒක තට්ටු සීයක බිල්ඩින් එකක් කියලා..“
“ඔව්, කුසූ.. ඒක ඒ පලාතෙ තියෙන උසම බිල්ඩින් එක.. හන්ඩ්රන්ඩ් ප්ලාසා කියල තමා කියන්නෙ. වෙන එකක් තියා අපේ කාමරේ බැල්කනියට ගියාම සමනල කන්දත් පේනවා. “
“ශා.. ඇත්තද සිතූ..“
“ඔව් කුසූ... මං හැමදාම උදේට එතැන ඉදන් බලනවා... “
“හානේ.. මට නම් අපේ ගෙදරට යන කල් ඉවසිල්ලක් නැහැ සිතූ..“
“ඒත් උදේ හවස තට්ටු හැත්තැ පහක් නගින්න බහින්න තියෙනවා..“
කමක් නැහැ සිතූ අපි නගිමු, අපි බහිමු මොකද ඉතිං අපි දෙන්නම නේ..
නගිමු බහිමු කතාවෙන් මගේ හිත ගැස්සුනා. අපේ එවුන් ඒ කාලෙම කිව්වේ මේකි වන්දනා නඩ එක්ක හොඳට නැගපු බැහැපු කෑල්ලක් වෙන්න ඇති කියලමයි. ඒත් මම ඒ සැකය මොහොතකට හංගා ගත්තා.
“නැ කෙල්ලෙ මම ඔයාට බොරු කිව්වේ. ඒ බිල්ඩින් එකේ ලිෆ්ට් එකක් තියෙනවා. ඒ ලිෆ්ට් එකේ බටන් එක ඔබලා මේ බලලා මේ බලද්දි අපි හැත්ත පස්වෙනි තට්ටුවේ... “
“හොර කොල්ලා.. මාව බොරුවට බය කළා.. මෝඩයා..“
කතාවෙන් කතාව අපි ගේ ලගටම ආවා.
“බහින්න කුසූ...“
“හානේ.. මේ බිල්ඩින් එකේ උසඅඅඅ...“
“අඅ.බ්.. හරි යමු..“ මම බෑග් ටිකත් අරන් ඉස්සර වුණා.
*******
“ෂික්... අදම ලිෆ්ට් එක කැඩිලා.. සොරි කුසූ අපි මොකද කරන්නෙ??“
“මොනා කරන්නද සිතූ කෝමෙන් හරි නගිමු..“
“හරි.. මම විසිපස් වෙනි තට්ටුවට වෙනකල් ඔයාගෙ පාලු මැකෙන්න සිංදු කිය කියා නගිනවා..“
“ෂාහ්.. නියමයි නේ..“
“හැබැයි ඊට පස්සේ විසිපස්වෙනි තට්ටුවෙ ඉදන් පනස් වෙනි තට්ටුවට වෙනකල් ඔයා සිංදු කියන්න ඕනේ..“
“අනේ.. මට ඔයාට වගේ සිංදු කියන්න බැහැනෙ සිතූ..“
“හරි.. සිංදු බැරි නම් මොනා හරි කියන්න ඕනෙ...“
“ආ.. මං කතන්දර කියන්නම්..“
“හහ්.. ඒක හොදයි..“
“එතකොට පනස් වෙනි තට්ටුවෙ ඉදන් හැත්තැපස්වෙනි තට්ටුවට යනකල්.. “
“ආා.. එතැන ඉදන් මම ආයෙත් සිංදු කියනවා..“
“ෂාහ්.. නියමයි නේ.. එහෙනම් මේ ලිෆ්ට් එක කැඩිච්ච එකමයි හොඳ.. යං...“
කුසූව ඉස්සරකර ගත්ත මම සිංදුවක් කියාගෙනම පඩිපෙල නගින්න ගත්තා.
“බැරි බර කරේ තියන්... දෙපයට වාරු අරන්.. අපෙ බඩ කට පුරවනවා...“
“ෂාහ්.. නියමයි නේ සිතූ...“
“ආන්... ඔන්න හරි.. අපි විසිපස්වෙනි තට්ටුවටම ආවා... දැන් ඔයාගෙ වාරේ..“
“අනේ සිතූ.. මට ලැජ්ජයි... මම කියන්නම්.... ම්..... පනස් වෙනි තට්ටුවෙ ඉදන් හැත්තැ පහට මම කියන්නම්...ම්.... පනහ වෙනකලුත් ඔයාම සිංදු කියන්න කෝ..“
“හහ්හා.. හහ්හා.. හහ්හා.. (හති යවමින්) හරි මෙතැන ඉදන් පනහට මම ම සිංදු කියන්නම් හැබැයි ඉතිං පනහේ ඉදන් හැත්තෑ පහට ඔයා සිංදු කියන්න ඕනේ..“
“හහ්හා.. හහ්හා.. හහ්හා.. (හති යවමින්) හා.. හරි හරි...“
මං ආයෙත් සිංදුවක් කියාගෙන පඩි නගින්න පටන් ගත්තා...
“ඔබ හා මෙමා.. අතිනත් අරන්.. අපගේ ලොවේ.. තනි වූ එදා..“
“ආහ්.. හරි.. ඔන්න පනස් වෙනි තට්ටුවටත් ආවා.. හහ්.. හහ්.. දැන් ඔන්න ඔයාගෙ වාරේ..“
“ඒ කියන්නෙ දැන් මං කතන්දර කියන්න ඕනෙ නේද සිතූ..“
“ඔව්, ඔව්, ඔව්.. දැන් නම් කියන්නම ඕනේ...“
“අනේ සිතු.. වෙරි සොරි...“
“ඇයි... ? ඇයි කුසූ...“
“මම කතන්දර නම් ඕනෙ තරම් කියන්නම්.. ඒත්...“
“ඇයි කුසූ ඒත් කියන්නේ?????“
“මට ඉස්සෙල්ලාම ඔයාට කියන්න තියෙන්නේ... ගොඩාක් දුක හිතෙන කතාවක් සිතූ..“
“ඒ.. ඒ.. මොකක්ද කුසූ ඒ...??“
“මේකයි ඒ දුක හිතෙන කතාව සිතූ..“
“මොකක්ද කුසූ..“
“ඔ.. ඔයා.. ඔයාා මට දීපු අපේ ගෙදර දොරේ යතුර...“
“ඔව් කුසූ...“
“මං ඒක... ක.. කාර්.. කාර් එකේ අමතක කරලා ඇවිල්ලනේ සිතූ...“
අම්මේ.. ගෑනිව පහුවදාම ගෙදර ගිහිං දාන්න තිබ්බේ!
ReplyDeleteපිස්සුද බං තව තට්ටු 75ක් බහින්න එපෑ..
Deleteහැම කෙනෙක් අතින්ම ඔය වගේ වැරදි වෙනවා. ඒත් ගෑණියෙක් අතින් වැරැද්දක් වුණොත් ගොඩාක් අඩුපාඩුවක් විදිහට තමා මේ සමාජය පිළිගන්නෙ.ඒක අතීතයේ පටන්ම එන එකක් මං හිතන්නෙ.ඒකට ප්රධානතම හේතුව ගැහැණියක් තම පිරිසිදුභාවය රකින්නේ යම් සේද ඒ ආකාරයෙන්ම අනෙකුත් දේද සිදු කල යුතු වන්නේය යැයි අදහසක් සමාජය තුල ගැබ්ව ඇති හෙයින් යැයි අනුමාන කල හැක.
ReplyDeleteසෑම් නියමයි
කමෙන්ට් එක නම් සුප්පා.. සියළු කාන්තාවෝ තුටු වෙයි යකෝ..
Deleteඑහෙනං ඉතිං ආයෙ බහින එකයි තියෙන්නෙ දෙන්නත් එක්ක සිංදු කිය කිය.
ReplyDeleteබොට ඔය මන්දිරේට මන්දිර බද්ද ගෙවන්නත් වෙයි.
මන්දිර බද්ද වගේද බං කුසූට දැන් ගෙවන්න වෙන බර බාග බද්ද?
Deleteමමනම් ලොවෙත් ආයි බහින්නේ නෑ.. උඹ අමතක කරානම් උඹම ගිහින් අරං වරෙං කසු කුසූ.. එළ එළ.. මං හිතුවෙ දුක හිතෙන කතාව වෙන එකක් කියල.. හහ් හා..
ReplyDeleteපඩ්පෙල නගිද්දි දුක හිතෙන වෙන කතා ඉවරයි බං. ගෙදර එන ගමන් නේ ;)
Deleteතොගේ ...%^$!*#@!(%^#!(#^#!))!$#!@# කියලා කිව්වේ නැද්ද ?
ReplyDeleteපිස්සුද? හනිමූන් රස්නෙන්?
Deletepredictable කතාවක් ලිව්වාට මාගේ විරෝධය !!
ReplyDeleteඒ කියන්නෙ උබ ලගදි හනිමුන් යන්න ඉන්නවා..
Deleteනැත්තං උබ තට්ටු 75ක් නගින්න ඉන්නවා..
හරිද මගේ ප්රෙඩික්ෂන් ;)
පව් අප්පා!
ReplyDeleteකොල්ලද?
Delete'අනේ හනී, මූන් එක පල්ලා, මගෙත් කකුල් දෙක මැඩලින් ගහනවා. ඔයාම ගිහිං ඇන්න එන්න සුදෝ' කියනවා ඇර වෙන මක්කා කොරන්ඩද
ReplyDeleteමචං පඩි නැගලද කකුල් මැඩලින් ගහන්නේ? නැත්තං හනිමුන් එකේ මහන්සිය නිසාද?
Deleteවිචාරක්ගෙනම් වයසට
Deleteයකෝ ඕක 25වෙන තට්ටුවෙදිවත් කිවුවනම් තව එකක්.. ඔහොමම තමයි ඉතින්..
ReplyDeleteඑතැනදිත් මේකි කොල්ලට සිංදු කියන වැඩේ භාර දුන්න නේ බං..
Deleteගෑනු ඔහොම්මමයි
ReplyDeleteවරද ට සමාව දුන්න එකේ......
ReplyDeleteපඩි පෙළවල් 75 නැවත බසින එක....මොන හුත්තක් ද පැටියෝ.....
වරද ට සමාව දුන්න එකේ......
ReplyDeleteපඩි පෙළවල් 75 නැවත බසින එක....මොන හුත්තක් ද පැටියෝ.....
දවස් 14 කට පස්සෙ කොල්ලා ඉතුරු වෙලා හිටියද බං පඩි නගින්න...
ReplyDeleteනියමයි නියමයි.
ReplyDeleteහනිමුන්
ඌට 25 වෙනි තට්ටුවෙදීම නාස් ලණුව දාගත්තු නිසා දැන් ගාණට යතුර ගේන්නත් යවාවි.
ReplyDeleteමල මගුලයි. ඇත්තටම ඔය වගේ බිල්ඩිමකට යන ලිෆ්ට් එක කැඩුනොත් හෙම මම නම් කරන්නේ අහල පහලින් කාමරයක් කුලියට ගන්න එක දවස් කුලියට.
ReplyDeleteවිවාහය දෙදරා ගියාද නැත්නම් මදුසමය ගිනිගත්තද දන්නේ නෑ :p :p
ReplyDeleteහහ් හහ් හහ් හා මරු කතාව සෑම්
ReplyDelete