Tuesday, January 6, 2015

මෙත් මඟින් ලොව දිනමු.. !! - The Way to Win the World !!




නහී වේරේන වේරාණී ගාථාවෙන් කියවෙන්නේ සියළු වෛරී සිතුවිලි අත්හැර සිත මෛත්‍රි යෙහි පිරවීමෙන් ඕනෑම වෛරී සතෙකු, සතුරෙකු මර්ධනය කළ හැකි බවක්ය. එම බුද්ධ වාක්‍යය අප රටට කෙතෙකුත් ගැලපුනේද යත්, එය අප සහ ජපානය අතර මිත්‍රත්වය දැඩි කරන හේතුවක් වූයේය. එනම් ජේ.ආර් ජයවර්ධන මහතාගේ පාලන කාලයේය. ජපානය යුධ ක්‍රියාදාමයන් අතැර සාමකාමී පිළිවෙතකට විත් සදාතනිකව යුද්ධයක් ගැන නොසිතන මට්ටමකට ආවේ උක්ත වාක්‍යය ජේ.අර් විසින් ජපාන පාලකයන් හට කියාදීමෙන්ය. ජේ.ආර් ගේ එම වදනත් සමඟ ජපානයේ සිත් පැහැදී ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සම්බන්ධයන් දැඩි වූ බව නොරහසක්ය. එහිම ප්‍රථිඑළයක් ලෙස ශ්‍රී ලංකාවට ජයවර්ධනපුර රෝහලද දායාද වූයේය. එකළ එම රෝහළට ගිලන් ඇඳන් 999ක් (නිවැරදිව ගණන මතක නැත. නැවැරදි කරන්න.) ජපානය විසින් දයාද කරන්නට යද්දී ජේ.ආර් විසින් 999ක් මොකටද තව එකක් වැඩිපුර දමන්න යැයි කියා ඇත්තේය. ඒ ඇයි ලෙස ජපානය විමසූ විට ජේ.ආර්කියා ඇත්තේ එම ඇඳ ඔහුට මරණාසන්න වූ කළෙක භාවිත කළ හැකි බවක්ය. ඒ වෛරී නෙවන තැන, මෛත්‍රිය වඩන තැන ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටකට, බුද්ධ දේශණාවෙන් ලැබුණ ප්‍රායෝගික පිළිගැනීමක්ය.

මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ සියළු සත්වයින් සුවපත් වේවා යැයි කියා සිතන ඇත්තෝද වන්නේය. එහෙත් නිවැරදි මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ පිළිවෙලින් සියළුම සත්වයන් සිහි කරමින්ය. එය එකින් එක පිළිවෙලට ගලාගෙන යන මට්ටමක පවතින්නේ නම් වඩා වැඩි කාලයක් භාවනාවේ යෙදීමටත්, වෛරයන් දුරු කොට සිත සැහැල්ලු කරගැනීමටත් හේතු වන්නේය. 

එය හුදෙක් සියළු ලෝ වාසින්ට උතුරු දිශාවේ, දකුණ දිශාවේ, නැගෙනහිර සහ බටහිර ඇතුලු සියළු අනු දිශා දක්වාම විහිදෙන්නාවූ මෛත්‍රියක්ය. නොඑසේනම් දකුණ පමණක්, තමන්ගේ අයට පමණක් වෙන් වූ එකක් නොවේය. සියළු සත්වයෝ ජීවත් විය යුතුය. සියළු සත්වයෝ හිත් පිත් ඇත්තෝය. එක හා සමාන අයිතිවාසිකම් ඇත්තෝය. එනිසාම උතුරු, නැගෙනහිර ඇතුලත්ව දකුණු බටහිර යන සියළු දිශා අනුදිශා සහිතව අප මෛත්‍රී වැඩිය යුතුය. එලෙස මෛත්‍රී වඩන්නාවූ ඇත්තන්ට සත්කාර කළ යුතුය. එවිට අපට හටද සත්කාර ලැබෙන්නේය.

ඉතින් පසෙක වාඩිවී සැහැල්ලුවෙන් පිළිවෙලට පහත වාක්‍යයන් කියවා සියළු සතුනට මෛත්‍රී වඩන්න.
ඔබ සැමට මෛත්‍රී වේවා. වෛරී සත්වයින් මෛත්‍රිෙයන්ම සැනසේවා..

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව..

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං – මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
මාතා පිතරෝ – මව් පියවරු ද,
හිත සත්තා – හිතවත් සත්වයෝ ද,
මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,
වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,
ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,
ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,
ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,
ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,
ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා – අධිපති ජනයෝ,
සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,
සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්ත – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,
දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,
පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,
උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,
පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,
දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,
පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,
උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,
හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,
උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,
සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,
සබ්බේ භූතා – සියලු භූතයෝ,
සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,
සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,
සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,
සබ්බේ අරියා – සියලු ආර්යයෝ,
සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,
සබ්බේ දේවා – සියලු දෙවියෝ,
සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,
සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,
සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

Written_by_sAm_ශ්‍රී_Perera_11:12am_06/01/2014