Thursday, September 15, 2016

උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා..!!


නිතර සුදු අඳින උන් විශ්වාස නොකළ යුතුය. උක්ත ආදර්ශය අපට දුන්නේ ලාංකීය පාර්ලිමේන්තු ක්‍රමයෙන්ය. සියළු ජඩ වැඩ අවසන දෙඅත් නොසෝදාම සුදු හැඳගත් පමණින් උන් සුද්ද වන්තයෝ බව කියැවුණේ දුර්දන්ත දේශපාලන ක්‍රමයෙන්මය. ඉන් කියැවෙන්නේ පාට හැඳගත් උන් සියල්ලෝම ගුණවත් කියා නොවේය. නමුත් යම්තාක් දුරකට පිළගත යුතු සත්‍යය මෙසේය. දුදනෝ සුදු ඇඳුමට මුවා වී තම වැරදි වසාගත් සුදනුන් වන්නට තැත් කරන බවය. අනෙක් සත්‍යය නම් කිසිම වර්ණයක් නොතකා අතට අහු වෙන හැම එකක්ම අඳිනා උන් ඉන්නා නිසා ඇඳුමෙන් පැළඳුමෙන් සමහර මිනිස් කොට්ඨාශ මැනිය නොහැකි බවය.




දැන් ඒ සියල්ල පසෙක තැබිය යුතුය. මේ ලියන්නට යන්නේ ඇඳුමට අදාල දෙයක් නොවේය. මේ ලියන්නේ ආත්ම ශක්තිය ගැනය. පිරිසක් මැද තමන් පිලිගැනීමට ලක්වේදෝ නොවේදේ යන මතය හැම සිතකම කොනක හොලමන් කරන්නාවූ සිතුවිල්ලක්ය. එනිසාම විශේෂ අවස්ථාවකට සහභාගි වෙද්දි තමන් අඳිනා ඇඳුමට පෙර බොහෝ අය සිතන්නේ අනිත් උන් පැමිණෙන්නේ කුමක් ඇඳගෙනද කියාය. එය තමන් කැපී පෙනෙන්නට තිබෙන ආශාව නිසාම කරනා දෙයක් බව කිව හැකිය. නැති නම් තමන්ට ඇති සැටිය අනෙක් අය හමුවේ බාල්දු වේ යැයි එන හැගීම විය යුතුය. 

මෑත භාගයේ ඉන්දියාවත් එක්ක හැප්පිය යුතුමයි කියන සංකල්පයේ සිට පැවැත්වුණේ හිරු ගෝල්ඩන් ෆිලුම් අවෝඩ්ස්ය. අපේ උන් ජැන්ඩිය ඇඳගෙන එන අතර ඉන්දියන් නාකි නලු නිලි සැට් එකක් ද ඉවෙන්ට් එකට එන්ටැර් වී තිබුණෝය. ජාත්‍යන්තර මට්ටමට යද්දී ඇඳුම ගැන සිතිය යුතුමය. එය ගැටළුවක් නැතිය. එහෙත් හිරු නිවුස් අස්සේ දුන් ලයිව් අප්ඩේට් එකක ස්වල්පයක් දුටු සෑමා එවලේම බුකියේ දැමුවේ මෙවන් ස්ටේටස් එකක්ය.


සුරාජ මාපා කිව්වා අපි ඉන්දියාව එක්ක හැප්පෙන්නෝනි කියලා.

ඊට පස්සෙ සාරංගා ආවා.

සාරංග කතා කර කර ඉද්දි ජැකී ෂිරොප් එනව කියල සාරංගව නවත්තං හිටියා.ජැකියට සැලුට් ඔක්කොම ගසලා ජැකියා යනකල් ඉදලා සාරංග එක්ක කතා කළා.

අන්න ඒමයි අපි රටක් වශයෙන් ඉදිරියට ගිහින් ඉන්දියාවෙ හැප්පෙන්නෙ !!

#හිරු_ෆිලුම්_අවෝඩ්ස්

ඒ ලංකාවේ හැටිය. තමන්ගේ එකා සිටියදී කොයින්දෝ එන උන්ට තැන දෙන්නේය. ආරාධිතයන්ට තැනක් දිය යුතුය. එය අපේ උන්ගේ සිත් නොතැලෙන ලෙස ප්ලෑන් කළ යුතුය. උත්සවයේ කැපී පෙනෙන සීන් එක සම්මාන ලද පිරිස බව පෙනෙන්නට නැත්තේය. සම්මාන ලබන නොලබන හැම අයම පැමිණියේ තමන්ගේ උපරිමයෙන් සැරසීගෙනය. සම්මාන උලෙලක් අවසන් විය යුත්තේ සම්මාන ලද උන් සමාජයට වැඩිපුර විවර වීමක්‍ ය. කොටින්ම කිවොත් ඔවුන් පොරවල් විය යුතුය. එවැන්නක් නම් සෑමා නොදුටුවේය. සම්මාන උලෙලක් හුදු සංදර්ශනයක් වූවා පමණක් ය.

දැන් කතන්දරය නන්දා මාලනිය ගේ ඇදුම ගැනය. හැමෝම කැටයම් දාද්දී ඇය සරල, චාම්, සුපුරුදු ඇදුම ඇන්දාය. සෑමා කලින් කීවේ ඒ ගැනය. සුදු පාට, අදින ඇදුම, සියලු මිනිසුන් මනින පොදු සාධකයක් කර ගත යුතු නැත්තේය. සෑමාට අදාල නම් ගායකයෙක් නම් සංගීතයට කළ මෙහෙවරය. නිලියක් නම් චිත්‍රපට හෝ නාට්‍ය කර්මානත්යට කළ මෙහෙවරය. ඉන් එහාට ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අපිට වැඩක් නැත්තේය. නන්දා නැන්දා ගත හොත් සෑමාට නම් චරිතයක්ය. පවතින රජයකට විරුද්ධව ගායිකාවක ලෙසින් ඇය එදා තනිවම නැගිට සිටියාය. පවතින රජයට, ඔවුන්ගේ ධනවාදී බලයට, ක්‍රියාකාරකම් වලට එරෙහිව හෙන හත වැදෙන්නට යැයි පවසන්නට තරම් ඇය එඩිතර වූවාය. ඉදින් ඇය එවන් එඩිතර කමක් තිබු නිසාම මහා පරිමාණයෙන් පැවැත්වූ සම්මාන දුන් සාදයට පැමිණ සිටියේ සුදු වතින්ය. එය ඇයගේ යුනෆෝම් එකය. සෑමා ඇයව සදාතනිකව දැක ඇත්තේ සුදු වතින් සැරසීගෙනය.

ඉන් පෙන්වූයේ ඇගේ සරල බව, චාම් බව, ගුණවත් බව හෝ සුදන ගුණය ලෙස සෑමා ලේබල් නොගසන්නේය. එය හුදෙක් ඇගේ එඩිතරකමය. පාටියකට යද්දී අපට පොදුවේ දැනෙන චකිතය ඇයට නැති බවය. එන අයෙක් අය කුමක් අඳින්නේද? කෙලෙස නම් එන්නේද යන්න දෙවරක් නොසිතා තමන්ට කැමති සැහැල්ලු ඇඳුම ඇඳීම සමාජ ක්‍රමයට කොටු නොවීමක් ලෙස හැදින්විය හැකිය.

ඇදුම ගැන ඇයට සිතන්නට දෙයක් නැතිය. එය ඇය පෙන්නුම් කළේ ඔය කියන්නාවු සම්මාන සාදයෙන් නොවේය. පවන ඇල්බම් එකෙන්ය. ආණ්ඩු විරෝධී රැල්ලෙන්ය. සප්ත ස්වරයෙන් උද්ගෝෂණ කළ ඇය එඩිතරය. ඒ නිසාම ඇය ගැයුවේ, තද පිරිමි හඩින් කිව්වේ, “උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා“ කියාය. ඒ එඩිතර කම පහත පද වැලෙන් කියවා තේරුම් ගත අයෙකුට ඇගේ සුදු වත අදාලම නැත්තේය.

අබුඩාබියේ දීය දයාබර ස්වාමිනී..
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි..
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක..
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න..

අරාබියෙ මොලේ නැති කාලකණ්ණින් සමග
වැතිර හිද වෛරයේ ගිණිගොඩේ පැහෙන්නෙමි..
මා සිරුර මගේ නොව අනුන්ගේ යයි සිතා
දිරාමය දිරාමය ගනන් කර බලන්නෙමි..

මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි..
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා...
ගමන්බල කරදාසි අරාබියෙ උන් ලඟයි..

අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්..
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද...
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා..
මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිණී..

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -රෝහණ වීරසිංහ

ඉතින් නැවත එන්නේ සුපුරුදු තැනටය.


Written_by_sAm_ශ්‍රී_Perera_13/09/16

27 comments:

  1. //දැන් කතන්දරට නන්දා මාලනිය ගේ ඇදුම ගැනය//

    අන්න හරි.. ගහමු ඔය කතන්දරයට.. හැක්..


    මම ඔය කිසිම දෙයක් දැක්කේ නෑ කියංකෝ..

    ReplyDelete
    Replies
    1. ඔන්න වැරදි හැදුවා මාමී

      Delete
    2. දේ-සකයා.. උඩ කමෙන්ට් එක මම පෝං එකෙන් දැම්මේ.. හැක් !

      Delete
  2. ගොඩ කාලයකින් මචෝ. නියම පොස්ට් එක. ආයෙත් බ්ලොග් ලියනවට ස්තුතියි. 👊🏽

    ReplyDelete
  3. සෑමාට හෙණ හත වැදී නැසේවා නැසේවා..

    ReplyDelete
  4. හැමෝම සුදු රෙද්දක් ගැන කතාවුනා උනේ මොකක්ද කියලා දැනගත්තේ මේකෙන් කියහංකෝ ..

    ReplyDelete
  5. ඕක එදත් ඔහොම තමයි සෑමෝ. ඒ කාලෙත් ඉන්දියාවේ පුකට වැඳ වැඳ තමයි 'සිංහල' පිචර් හැදුවේ.

    ReplyDelete
    Replies
    1. දැන් යන්නෙ දෙමල ෆිල්ම් කොපි රැල්ලක් බං.
      මෑත භාගයේ ප්‍රවේගය ෆිලුම කොච්චර හොද වුනත්, කොපියක් බං !!

      Delete
  6. මට ඒ ‍ෆිලුම් අවොර්ඩ් එක බලලා නෙද්දකින් කියවුනා.. සම්මාන දෙන්නේ අපේ උන්ට,, උලුප්පලා පෙන්නුවේ හම්පඩ හින්දි එවුන් සෙට් එකක්..ඒ ආපු උන් ඔක්කොම අද ‍ෆිල්ම් නැතිව එහෙ වේලෙන එවුන්...

    සාරංගයට වෙච්ච සීන් එක මමත් බලාගෙන හිටියේ.. අනේ ඌට කොන්දක් තිබුන්නෑනේ දෙකක් කියලා ආපහු හැරෙන්න...

    නන්දා මාලනී මමත් දැකලා තියෙන්නේ සුදු ඇඳුමින් විතරයි... අනිත් එවුන් ඇඳන් ආපු විගඩන් ඇඳුම් එක්ක ඇයව එතන නිකන්ම කැපිලා පේන්න ඇති...

    ReplyDelete
    Replies
    1. සාරංගට ඔය කියන එක නැහැ කියල දැක්ක තැන් තව තියෙනවා සෙන්නා..

      නන්දගේ ඇඳුම ලොකු සීන් එකක් නෙවෙ අපිට. මට නම් එයාගෙ ගට ගැන තමා සතුටු.

      Delete
  7. නන්දා නැන්දා සුදු සාරි අඳින්නේ ගෝකුල නම් කසාද මිනිහා ඇ්‍ර අත හැර වෙන අයෙකු හා ගිය පසු උඹ මලාය කියා මා හිතනවා යන චේතනාවෙන් තමන් කණවැණ්දුම් බව පෙන්වීමට බවයි කියවෙන්නේ.

    ඒ අතින් ඇය පරාජය පිළිගත් ගෑණියෙකි.

    ReplyDelete
  8. නන්දා ඒක විදියක 72 89 කාල වල සංගීතයෙන් විප්ලව කරපු විප්ලව වාදිනියක්ලු. අැගේ ගීත බොහෝමයක් තහනම් ලු.
    "යදමින් බැද විලංගු ලා මගේ පුතා අරන් යන්න"

    ReplyDelete
  9. අනේ මන්ද ඉතිං....

    ReplyDelete
  10. //එය හුදෙක් ඇගේ එඩිතරකමය.//

    ඇත්තම කථාව...

    කිසිම දෙයක් මොළේ ඇතුලේ නැති හිස් ඔලු ගෙඩි තියන බහුතරයක් තමයි ඇඳුමෙන් පිම්බෙන්න හදන්නේ..එතනදී මං අදහස් කරන්නේ අපිළිවෙලට අපිරිසිදුවට යා යුතුයි කියන දේ නෙවේ...ඔතන තියෙන්නේ යම් කිසි ආකාරයක හීන මානයක් කියලයි මං හිතන්නේ...හැම දේකටම මූලික වෙන්නේ තමන්ගේ පෞරෂය සහ ආත්ම ශක්තිය...

    ReplyDelete
  11. එකම සුදු රෙද්දෙ ඉන්න කෙනායි. පාට මාරුකරලා සුදුරෙද්දට බහින එකයි අතර මාරම වෙනසක් තියෙනවා. සමහර විට රෙද්ද නැතිවෙන්නත් පුලුවන් එතකොට

    ReplyDelete
  12. එකම ඇඳුම අදින එක සාක්කුවටත් ලාභයි.එතකොට ඔය මගුලට,මරණෙට කියලා වෙන වෙනම ඇඳුම් හොයන් යන්න ඕන නැහැනේ.

    ReplyDelete
  13. ඉන්දියන් හම රැලි වැටුන උන්ව මෙහෙ ගෙනාවා කියලා අපේ සිනමාව ජාත්‍යන්තරයට යනවද බං...මීඩියා කාරයො කිසිම දෙයක් කරන්නෙ නෑ අත පිහදාගන්න...අන්න ඒ වගේ කුට්ටියක් ගලවගන්න කරන වැඩක් තමයි මේකත්...සැමියාගෙන් වෙන් උනාට පස්සෙ නන්දා දිගටම සුදු සාරි ඇදපු බවක් තමයි මම දන්නෙ.

    ReplyDelete
  14. අලුත් අයිස් ඒජ් මූවී එක continental drift බලලා රටක් ඉදිරියට යන විදිහ ඉගන ගන්න ඔනෙ

    ReplyDelete
  15. sAm, First time reading your blog..!!

    Patta.. !

    Man hithanne oyatat loku "gatak" thiyenna oni mehema liyanna..!!

    Keep it up Bro..!!

    ReplyDelete
  16. sAm, First time reading your blog..!!

    Patta.. !

    Man hithanne oyatat loku "gatak" thiyenna oni mehema liyanna..!!

    Keep it up Bro..!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...