Monday, January 27, 2014

තැඹිලි ගෙඩි.. - King Coco-Nutz !!!



හමුවෙද්දි පාර තොට
නොයෙක් විධ තැඹිලි හෙම
රස නොමැති බැව් දැනම
හලා ගත්තා කටට



ඉවසුමක් නොමැතිවම
වටපිටත් බලාගෙන
හොඳ හරිය හලාගෙන
කට දිගේ හදිසියට



බිව්වාම දඩිබිඩියෙ
එක හුස්මෙ උගුරු අට
ඉස්පාසුවක් නැතුව
මෙලෝ රසයක් කොයිද?



පාරෙ විකුනන්න ඇති
තැඹිලි අමතක කරල
වත්තකට තාප්පෙන්
අඩිදෙකට ගස් නැගලා



ගහයටම ඉඳගෙනම
ඇඟිලා දා හිල් කරලා
කලත්තා බිව්වාම
තිබුණු රස අමතක කරලා



ගෙදර වත්තෙන් කඩාගෙන
ජෝගුවට දමාගෙන
කකුල උඩදාගෙනම
හෙමි හෙමින් රස බලලා



නිදහසේ දිවගාන
තැඹිලි ගෙඩියේ රසය
හදිසියේ බිව්වාම
නැති බවක් දැනේ තව

ගූගල් දෙයියා දන්නේ තැඹිලි ගැන නොව පොල් ගැනය


Written_by_sAm_ශ්‍රී_Perera_6:23am_27/01/2014

42 comments:

  1. මදි මදි. තව විස්තර ඕන තැඹිලි ගැන..

    ReplyDelete
    Replies
    1. වැඩිය ලියන්න බැහැ.. වතුර අඩු ගෙඩියක් ගැන නේ ලිව්වෙ ;)

      Delete
  2. //ගූගල් දෙයියා දන්නේ තැඹිලි ගැන නොව පොල් ගැනය// උඹට වැරදිලා සෑමො. අල්ලගෙන ඉන්න දේ නෙමෙයි අල්ලගෙන ඉන්න කෙනා දිහා බලහං.

    ReplyDelete
    Replies
    1. දෙයිය වුනත් හරි දේ කරල නේ ??

      Delete
  3. මේ පින්තූරෙන් කියවෙන්නේ නං වෙන සිද්ධියක්...

    ReplyDelete
  4. කෝකද බන් තැඹිලි ගෙඩිය? :D

    ReplyDelete
  5. අපිට ඉතිං තැඹිලි තියා කුරුම්බා ඇට්ටියක් වත් නෑනේ. ඒ හින්දා වැඩිය කියන්න දන්නේ නෑ ඔන්න

    ReplyDelete
    Replies
    1. //කුරුම්බා ඇට්ටියක් වත් නෑනේ//

      no balls yet?

      Delete
    2. හොක් හොක් වයිඩ් බෝල්ස්

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. පස්සෙ පස්සෙ ගෙදර නිදහසේ බොනවට වඩා පාරේ හදිස්සියට බොන එක සමහර උන්ට රසයි කියලා හිතෙන්ඩ ගන්නවනේ.එහෙම උනොත් තමයි අවුල...

    ReplyDelete
  8. තැඹිලි වැහි වැහැපු රටක ඉදන් ලියන ඒවා......

    ReplyDelete
    Replies
    1. අඩේ මට සිරයි සෑමයි පැටලුණා..........

      සෑම දැන් තමා ගෙදර තැඹිලි රහ දන්නේ.....

      Delete
    2. සිරා බොනව ඇති.. හොදටෝම තැඹිලි..

      Delete
  9. හොරාට බීපං. අහුවෙන්න එපා.

    ReplyDelete
  10. තැඹිලි තියෙන්නෙ සහ බොන්නෙ වෙන මොන රටවල් වලද?

    ReplyDelete
    Replies
    1. වෙනසකට වගේ සීරියස් ප්‍රශ්නයක් ඈහුවෙ ගස් වල හෑදෙන තැඹිලි ගෑන. OK?

      Delete
    2. තැඹිලි පාට ප්‍රභේදය නම් ලංකාවට විතරක් ආවේනිකයි කියලා කියන්නේ

      Delete
  11. තාම මම හිතන්නෙ සෑමට දැනිල නෑ තැබිලි වල රහ.... හොරෙන් බීපු කාලෙ ඉවරයි නේද සෑමෝ...

    දැන් වත්තෙම ගහක් තියෙද්දි... අනික ඕන වෙලාවක් බොන්නත් පුළුවන්නේ...

    ReplyDelete
  12. උඹට තැඹිලි ගෙඩියකුයි කපුටෙකුයි නම් හොයාගන්න පුලුවන් වෙනියගේ මූණු පොතේ පි‍ටුවට ගිහින් බැලුවානම්.

    ReplyDelete
  13. ඉස්සෙල්ල පෝස්ට් එකට අපි දාපු කමෙන්ට්ස් වලට උත්තර දීල ඉදිං බං...
    රෙද්ද මගේ අරක විකසිත නොකර...

    ReplyDelete
    Replies
    1. සිරාවටම මමත් ඒකට එකගයි....!

      Delete
    2. ඔන්න පාන්දරම ඉල්ලීම ඉස්ට කොලා.. අපූරු රිප්ලයි ටිකක් දැම්මා..

      Delete
  14. තැඹිලි හදිස්සියෙන් කඩන්න බෑ බිම වැටුනොත් පුපුරනවා. හදිස්සියට කපන්න බෑ වැඩිපුර කැපිලා වතුර අහකට යනවා. හදිස්සියට බොන්න බෑ කට දෙපැත්තෙන් වැක්කෙරෙනවා.

    ඒ වගේම අහලා තියනවා නේද අර සුප්‍රසිද්ධ කොළඹ යුගයේ කවිය.

    දෙළුම් ගෙඩි රැක්කා
    තැඹිලි ගෙඩි වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී සිටිනු දැක්කා

    ReplyDelete
  15. එහේනම් දැන් හෙමිහිට බොනව වගේ බලාන කකුල් උඩදාගෙන බොන්නේ හරිය හික්ස්..!!!

    ReplyDelete
  16. හදිස්සියෙන් බොන තැඹිලිත් රහයි මචං....

    ReplyDelete
  17. බැදපු ඈයො මෙහෙම කතා කියන්වයි? මායියා දැක්කොතින් ඔන්න අපිනම් නැහැ ...

    ReplyDelete
  18. //නිදහසේ දිවගාන
    තැඹිලි ගෙඩියේ රසය
    හදිසියේ බිව්වාම
    නැති බවක් දැනේ තව// හැබෑටම සැමාටත් පහල වෙන කවි සිතුවිලි..

    ReplyDelete
  19. සෑමාගේ මේ යටි අරුත් සහිත කවි නම් අපූරුයි.

    ReplyDelete
  20. වාරෙට ඔහොම තමයි සෑමෝ... උඹ බැඳලනෙ ^_^

    ReplyDelete
  21. වෑවර තැඹිලි හොඳ ගිනියම් ඇති දාටයි..
    ඒවායේ රස දැනෙන්නේ වැඩි පුර රෑටයි... එහෙමත් කියනවා. ;)

    ReplyDelete
  22. सुपर, उत्कृष्ट कविता .. अपने असली कवि .. उत्सुक .. !

    වැවර බොන්න මගේ මේ වයසට අකැපයි
    සීවර දෙයියෝ දුටුවොත් මගෙ වත ඉවරයි
    ලීවර අහුවෙන්නේ බීවොත්, වෑවරමයි
    පීරුවේ නැති දාට බොර වතුරත් කදිමයි

    හෙක්.. හෙක්.. හේ.. :v

    ReplyDelete
  23. කසාද බැන්දම මිනිස්සු කවියෝ වෙනවා කියල අහල තිබුනේ නම් නැහැ හික් හික් හික්

    ReplyDelete
  24. මග දිගට දකින ගෙඩි
    තැබිලි ගෙඩි තැබිලි ගෙඩි
    දනන් සිත් පහන් වන
    සුන්දරම ඇසුරුමක

    මග දිගට අලෙවියට
    තැබිලි ගෙඩි තබා ඇත
    එය දකින සැම දෙනගෙ
    පිපාසය දෙගුන වෙයි

    සිත පිනා යන ඇසුරුමක
    ගුනැති බීමක් බහා
    ලොව මැවූ මැවුම් කරු
    කළ හපන්කම බලව

    සැමා මතු නොව යකා
    එමතු නොව සැම දෙනා
    තැබිලිවල මහිමයෙන්
    මන්මත්ව යනු නියත

    මහ පාර දෙපස අයිනේ තැබිලි විකුනන්නට තිබෙනු දැක යකාට පහළ වූ සිතිවිල්ලකි.වෙන මොකුත් නොසිතනු මැනව.

    ReplyDelete
  25. මතුරපු තැඹිලි ගෙඩියක් බිපුවාම ඇඟට මාර හයියක් එනවා කියලා අහලා තියනවා. ආයේ අළු කෙහෙල් මාළු තුන හතරක් කනකල් නවත්ත්වා ගන්න බැලූ. මොකද කියන්නේ. අත්හදා බලමු ද? උඹ විකුනන ඒවා වගේ නෙවේ. ඇඟට අගුණ නෑලු.

    ReplyDelete
  26. ගූගල් දෙයියෝ හරි තැඹිලි උඹට පෙන්නලා තියෙන්නේ.. දැන් මූ ඒවා නොදැක්කා වගේ ඉන්නවද කොහෙද..

    ReplyDelete
  27. උඹව නං හදන්න බෑ නායකතුමා!!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...