Google+ Followers

Friday, August 30, 2013

සියුම් සමට හානි නොවන පරිදි ඇතුලට දමන්න.. - Do not Damage Your Sensitive Skin !!!





සිනිදු මුත් හිස
දරදඩුයි කද
නො-නැමෙනා ලෙස
කෙලින් වී ඇත


හිස පුළුන් වන්
සැප පහසු බැව්
දැනෙනා පහසක්
ලොවෙත් නැත පෙම්


හිලේ හිරවෙයි
කියා සැක නම්
අත ගගා හිස
සෙමින් ඇතුලට
දැමිය යුතු වෙයි


සමහරක් විට
පුංචි කෙල්ලන්
හිර කරන් හිල
කරයි සැත්කම්


දැමිය යුතු දේ
හොදින් හදුනා
තරම විමසා
දැමිය යුතුමා


හොදින් පිරිමැද
පුළුන් වන් හිස
ශක්ති මත් නම්
එඹිය යුතුමා


ඇතුලෙ දමලා
සෙමින් සොලවා
කරක කරකා
සැපය වඩනා


සැපය වැඩි තැන
වේදනාවයි
අඩියෙ වදිනා
ලෙසින් දමලා
සියුම් පටලය
කඩා ගන්නා
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written_by_sAm_ශ්‍රී_Perera_9:50pm_30/08/13
ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!
කෙලින් වෙන සැටි හොයා ගත් හැටි
හොරෙන් උස්සා බැලුවෙ ඉස්සර

Wednesday, August 28, 2013

මර්ලින් බැලීම... How to Watch Merlin.. !!


පසුගිය මාසයේ අපේ කඩ පෙල ඉදිරිපිට වහලයක් ගැසුවේ සෑමාගේම මිතුරෙක්ය. පොර යකඩ සමග හැප්පෙන එකෙක් නිසාත් වැඩ හොද නිසාත් වරු දෙකකින් වැඩේ අහවර වූයේය. ඇත්තටම බැලුවොත් අමානෝ තහඩු දමා වහලය යකඩයෙන්ම ගැසීමට අපේ මිතුරාට ගතවූයේ පැය 6ක් පමණ විය යුතුය. මන්ද බුවා වැඩ කලේද සවස 5-8 අතර කාලය තුලය. එසේ දින දෙකක් මිතුරා වැඩ කළේය. එම කාර්යය සදහා අපේ ගමේ අංකල් කෙනෙකුට කතා කළ විට ඔහුට කුලිය ලෙස රුපියල් දොලොස් දහසක් ඉල්ලූ නිසාත්, බඩු සප්ලයි කොට එවන් මුදලක් ඉල්ලීම ඉතා කැත නිසාත් වැඩේ පැවරුනේ මගේ මිතුරාටය. මිතුරාත් බිසීය. ඒත් අපේ අම්මාගේ වචනය අහක දමන්නට බැරි නිසා වැඩේ පොරට පැවරුනේය.

පළමු දින යකඩ තහඩු නොදමා වැඩේ අහවර වූයේය. දෙවෙනි දින වැඩේ සම්පුර්ණව අහවර කරන්නට තිබියදී ආවේ ඔහුගේ තවත් මිතුරෙක්ය. ඔහුද සෑමා අදුනන පොරක්ය. වැඩේ අහවර වූ තැන සිට සෑමාගේ අම්මා කස්ටියට ආප්ප සමග තේ පැන් සංග්‍රහයක් ලබා දෙන්නට සැරසී සිටියේය. ඒත් අනිත් එකා ආපු තැන සිට මුන් දෙන්නාටම එකවර කුලප්පුවක් සැදුනේය. සෑමාද අන්දුන් කුන්දුං වී සිටියේ මුන් දෙන්නා යන්නට දගලන්නේ ඇයිද කියාය. යකෝ මෙච්චර ආප්ප තියෙනවා, තොපි මේකත් මිස් කරගෙන යන්නද කල්පනාව කියා අසද්දීද උන් කීවේ ආප්ප කොයි වෙලේ කන්න බැරිද බං යන්න ඕනේ කියාය. අන්තිමට වැඩේට ඇන්ටර් වුණ සෑමාගේ අම්මා ආප්ප රැගෙන පහල තට්ටුවට ආවේ මුන් දෙන්නා පනින්න හදන නිසාය. කෙසේ හෝ මුන් දෙන්නා අම්මාට කිව්වේ මර්ලින් බලන්න යන්න ඕනේ කියාය.

මොකද අද දෙන්නගේ හදිස්සිය. මම තේ වතුරත් වක් කළා. කියමින් සෑමාගේ අම්මා පහලට ආවාය. අනෙ ඇන්ටි අපිට මර්ලින් බලන්න ඕනෙ ඒකයි මේ කළබල කළේ. ඒ අපේ මිතුරන් දෙදෙනාය. සෑමාට එකවරම මතක් වූයේ මීට පෙර දවසකද කවුරුන් හෝ මර්ලින් බලන්න ඕනෑ කියමින් දුවපු ආකාරයය. අඩේ මටත් මතකයි මචං.. තව කවුද ඔහොම දිව්වා මර්ලින් බලන්න ඕනෙ කියලා.. කියමින් සෑමා මතක් කළේය. එවිට අපේ උන් කියා සිටියේ ඔව් බං මර්ලින් බලන්න කොල්ලො ආසයි කියාය. ඒත් වැඩක් නැහැ බං ඒකට එච්චර පුදුම හිතෙන්නෙ නැහැනෙ කියමින් සෑමා කීවේය. පිස්සුද යකෝ මරු.. මේ වෙලාවට මර්ලින් බලලා හොදට කාලා නිදා ගත්තම ආයෙ පහුවෙනිදට කික් එකේ වැඩ කරන්න පුලුවන්.

එදා වැඩේ අහවර වූයේය. ඊයේ අපේ ආච්චීගේ බණ පිංකම පැවැත්වුණේය. හදිසියේම එදිනට පෙර දා අපේ වහලේ වැඩේට ඇන්ටර් වූ මිත්‍රයා කෝල් කළේය. මචං මම උබලගෙ බණ ගෙදර ඉස්සරහ ඉන්නෙ උඩහට වරෙන්. සෑමා එවලේ සිටියේ කස්ටිය සමග බෝංචි නූල් කඩමින්ය. මිත්‍රයා පැමිණ ඇති බවක් කියු නිසා ක්ෂණිකවම සෑමා උඩහට ගියේය. විනාඩි 15ක් පමණ පාර ලගට වී සිටියද බුවා නැති නිසා සෑමා පහලට බැස්සේ දවස් ගාණක් තිස්සේ එකී කන්ද නැග බැස කකුල් දෙකේ විඩාව නිසා මිතුරාට සිතින් බැන වදිමින්ය. නැවත සෑමා බෝංචි නූල් අරින වැඩේට ඇන්ටර් වූයේය. ආයෙත් මිතුරාගෙන් කෝල් එකක්ය. මචං මම ඇවිත් ඉන්නේ වරෙන්. සෑමා ක්ෂණික උඩට නැග්ගේය. “නැගපං බයික් එකට..“ කියමින් මිතුරා සෑමාව බයික් එකේ නග්ගා ගත්තේය.

“කොහෙද බං යන්නෙ??“

“යන තැන වැඩක් නැහැනෙ උබ ඉදගෙන හිටපං..“

“යකෝ මම බෝංචි නූල් ඇර ඇර හිටියෙ... අපෙ ගෙවල් වල උන් මාව හොයයි..“

“අඩේ.. බෝංචි නූල් අරින්න හොද බේතක් තියෙනවා වරෙන් යන්න..“

බයික් එක නැවතුනේ රහස් ස්පොට් එකකය. එතැන සිටියේ එදා වහලය ගහන දවසේ ආ අපේ මිතුරාගේ මිතුරාය. 

“අඩෝ උබත් මෙතනද??“

“ඔව් බං.. කෝ අර කොලේ ගනින්..“

“මෙතන කීයකද??“

“300ක බං..“

“ඇහ්.. 300ක KG කිව්වට තියෙන්නෙ මිලි ග්රෑම් වලින්නේ බං..“

“ඔව් බං ගනින් ඔය කොලේ තියල ඔතන්න..“

“වතුර තියෙනවද??“

“පොඩ්ඩක් දෙපැත්තෙන් තෙමපං. නැත්තං ඉක්මනට ඉවර වෙයි..“

“හරි මචං.. මේ තියෙන්නෙ..“

“ආ ගනින්..“

“මචං මේක හැමදාම සිද්ධ වෙනවද?“

“නැහැ සෑමා අපි මර්ලින් බලන්න ඕන වුණාම විතරයි මේ පැත්තට එන්නෙ...“

පලි - අපේ එවුන් මර්ලින් බලන්නේ ඔහොමය. සෑමාද මර්ලින් බලන්න යන බුවෙක් යැයි සිතිය යුත්තේ නැතිය. එදා ගියේ මුන් මර්ලින් බලන හැටි සෑමාට වටහා දීමට විය යුතුය.

Monday, August 26, 2013

ආදරණීය ආච්චී... - Ever Loving Grand Ma..


අපේ ආච්චී ගේ අවසන් කටයුතු ඊයේ සිදු වුණේය. මෑත භාගයේ සිට ඇය සිටියේ අසනීපයෙන්ය. පෙනහළු ආශ්‍රිත රෝගයක් නිසා ඇය ස්වසන පද්ධතියේ අකර්මණ්‍යතාවන් මැද දිවි ගෙවූයේ මෑත කාලයේ සිටය. 1931 වසරේ සිට 2013 වසර දක්වා අවුරුදු 82ක්, අප අතරේ සිට ඇය අපෙන් සමුගත්තාය. මේ පිළිබද කිසිවක් සෑමා බ්ලොග් අවකාශයට හෝ, බුකියේ හෝ සටහන් නොකළේ සියළු දෙනාගේ වැඩ කටයුතු වලට බාධාවක් වන නිසා වුවත් සෑමාගේ අයියා “මුදියා නොහොත් සමියාට“ මේ ගැන කියා තිබූ නිසා සිද්ධිය ලීක් වූයේය. ඒ ගැන අසා ඔහු කස්ටිය දැනුවත් කළේය. තරියාද සෑමා අමතා ශෝක ප්‍රකාශයක් නිකුත් කළේය. එසේම සෙනසුරාදා දින අපේ පැත්තේද ආවේය. ඒ අනුව කටයුතු පිළබද සොයා බැලූ, ආව ගිය හැමෝටම සෑමාගේ ස්තුතිය පිරි නැමෙන අතර, සෑමාගේ පාසලේ, අපේ ගමේ, පන්සලේ, සියළු දෙනාට හද පිරි ස්තුතිය පිරිනමන්නේ අපේ ඥාති මිත්‍රාදීන්ටවත් හිතන්නට වෙලාවක් නොදී සියළු වැඩ කටයුතු කරට අරගෙන සොයා බලා සිදු කළ නිසාවෙන්ය. අප ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හෙවත් අළුදෙනියේ සුමනරතන ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පිරිනමන්නේ සියළු දායකයෝ සහ දහම් පාසල් දරුවන්ගේ සහයෝගය අප වෙත ලබා දුන් බැවින්ය.

ආච්චීගේ දේහය නිවසින් පිටතට ගෙන පාංශකූලය දෙන අවස්ථාවේදී කතාවක් පැවැත්වූ හිමි නමක් කළ දේශනාව සෑමා මෙහිදී සදහන් කරන්නේය. 

“අපි ගිය බොහෝ මලගෙවල් වල අපි දැකල තියෙනවා ගෙදරින් දේහය එළියට ගන්නට නොදී පෙට්ටිය බදාගෙන අඩන ඈයෝ. ඒත් මේ දරුවන්ගෙ හදවත් වල තියෙන දුක කදුළු වලින් පිටත් කළා මිස කෑගහගෙන දගලන්න ගියෙ නැහැ. මම හොදින් දන්නවා මෑණියන් අසනීපයෙන් සිටි කාලෙ මේ දරුවෝ සැලකුව හැටි. දරුවෝ අම්මව බෙදාගෙන සලකන්න ගියෙ නැහැ. හැමෝම එකා වගේ සැලකුවා. එහෙම ජීවතුන් අතර ඉන්න කාලෙ සලකන්න බැරි වුණ අය තමා පෙට්ටිය බදාගෙන අඩන්නෙ..“

ආච්චී අසනීපයෙන් සිටියද ඇදටම වී සිටියේ අවසන් දින තුනක් පමණය. ඒ අතර කාලයේ අතරින් පතර ඇය ඇදේ සිටියද එච්චර අසාධ්‍ය තත්වයක් නොවූයේ වෙලාවට කෑම බීම, බෙහෙත් ආදිය ලැබුණු නිසාය. අපේ මාමා නිතරම නිවසේ සිට ඇය ගැන සොයා බැලු නිසාත්, ලොකු අම්මා, අම්මා සහ පුංචී ඇයට අමාරු දින වල මාමාගේ නිවසේ රැදී සිටිමින් ඇය බලා ගත් නිසාත්, ආච්චීගේ බෑනලා, ලේලිලාද නොපිරිහෙලා තම කටයුතු ඉටුකළ නිසාත් ඇය ඉතා සතුටින් සිටියාය. ඒ අතර ඇයගේ කල්පනාව හිටි හැටියේ නැතිව යන්නට වූයේය. එයින් අප කතා කරන්නට යන විටදී ඇය විහිළු කරන්නේ, බනින්නේ අසනීප තත්වය නිසාය.

දිනක් සෑමා ඇය හමුවට ගියේ වැඩට ගෙස් ගෙදර එන අවස්ථාවකය. ඒ දින වල ඇයගේ කල්පනාව අඩුය. ඒ අතර දයාසිරි තම පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂය සමග එක්වී තිබුනේය. අපෙ ආච්චී උපන් දා සිට එජාපයේය. 

“කොල්ලො උබ කොහෙද ඔය යන්නේ..“

“මම යනවා ආච්චී වයඹට..“

“උබලට කරන්න පුලුවන් දේවල්ද ඕවා.. උබලට පුලුවන්ද උන් එක්ක හැප්පෙන්න..??“

“මොකද බැරි ආච්චී.. මමත් ඉල්ලනව අනිත් පැත්තෙන්.. එහා පැත්තෙ දයාසිරි..“

“දයා සිරි කිව්වෙ?? ඒ කවුද බං??“

“ඇයි ආච්චි පල්ලෙහා කඩේ ඉදිආප්ප විකුණන දයාසිරි.. “

අපේ ගමේ ඉදිආප්ප විකුණන දයාසිරි අයියා සෑමා සිහිපත් කළේය. එවිට ඇයට සිනා පහළ වූයේ අපේ එවුන්ගේ හැටි දන්නා නිසාය. නිවසට ගිය විටක ඇය සිනාසෙන්නේ ඇය සතුටින් සිටින නිසාය. මිනිසුන් සමග සිටීමේ අනිසංශ දැනෙන්නේ මල ගෙයක් වූ විටකය. අවසන් කටයුතු කරන තුරාවට පාන්දර ජාමය වන තුරු ගමේ උදවිය රැදී සිටියේ අප ඥාති මිත්‍රාදීන්ගේ ගම සමග ඇති ලබැදියාව නිසාමය. මලගෙදරට ආ පිරිසට බාධාවක් කලේ සෑමාගේ අයියාගේ පුත්‍ර රත්නය පැමිණීමෙන්ය. කොල්ලා සිටින මොහොතේ කැරම් ගසන එවුන් පැත්තකට වී සිටියෝය. කාඩ් පැක් එකේ දෙපැත්තේ පාට සහිත ජෝකර් සහ පාට නැති ජෝකර් දෙපැත්තට තබා සෑමා පොඩි එකාගේ අතට දුන්නේය.

“මේක අතේ තියාගෙන ගිහින් ඉන්න කස්ටියට මැජික් පෙන්නන්න..“

“ඒ කෝමද?“

“මෙහෙම පැක් එක අරන්.. මේ පාට නැති ජෝකර් කියල පෙන්නන්න. ඊට පස්සෙ අත් දෙක පිටිපස්සට කරල... මැජික් එකක් වගෙ පෙන්නලා.. මෙන්න පාට ආවා.. කියල පැක් එක අනිත් පැත්ත පෙන්නන්න..“

කොල්ලා පැක් එක රැගෙන ගොස් වටේටම වැඩ දමනු සෑමා බලා සිටියේය. ආපු අයද කොල්ලාගේ වැඩ දැක මැජික් දැක්කා සේ රග පෑවේය. ඉන්පසු මොහොතකින් සෑමා දුටු වේ විලි ලැජ්ජාවේ බැරිව යන දෙබසක්ය. කොල්ලා අපේ තාත්තාගේ ඉස්කෝලේ ස්ටාෆ් එකේ කස්ටියද මැජික් පෙන්නමින් සිටියේය.

“ඔන්න බලන්න මැජික්.. මේ ජෝකර්ගේ පාට නෑ...“

“හරී...“ බලන් සිටින අය මැජික් බලනවා වගේ සිටින්නෝය.

“ඔන්න දැන් පාට තියෙනවා..“ කොල්ලා පැක් එක හරවා පෙන්වන්නේය.

“ආනේ.. මාරයි.. මේ පොටෝ එකේ ඉන්නෙ කවුද එතකොට..??“ සමහරු වැඩි දුර ප්‍රශ්න අසන්නෝය.

“අහ්.. මේ අපෙ බාප්පා පොඩි කලෙ පොටෝ එකක්..“ සෑමාගේ කාඩ් කුඩුවන්නේ ඒ කතාවටය. සෑමා කතාවට පිලියමක් යොදන්නට පොඩි එකාව ලගට ගත්තේය.

“දැන් ඔයා නිකං මැජික් පෙන්නුවා ඇති.. දැන් ඔයා සල්ලි වලට මැජික් පෙන්නන්න.“

“ඒ කෝමද බාප්පේ..“

“මැජික් එක කරන්න කලින් අහන්න මැජික් එකක් තියෙනවා රැපියල් පහක් දුන්නොත් කරනවා කියලා..“

කොල්ලා ශිල්පය දැන ජනතාව අතරට ගියේය. පසුව සෑමා ඒ අසල පුටුවක තිබී රුපියල් පහක් දැක විමසුවේ මේ කෙහෙන්ද කියාය. අසල සිටි අයෙක් කීවේ පොඩි එකාට අංකල් කෙනෙක් දුන් රුපියල් පහක් කියාය. ඒ කොල්ලාගේ මැජික් ආදායමය. ආනේ ඇත්තද කියමින් එය සාක්කුවේ ඔබාගන්නට සෑමා සමත් වූයේය.

පාංශකූලය වෙලාවේද කොල්ලා ඉදිරි පසින්ම හිද ගත්තේය. සෑමා හිතුවේ කොල්ලා ඒ අවස්ථාවේද වැඩේ වන කරයි කියාය. එහෙත් හොදින් වැදගෙන සද්ද වහගෙන ඉදගෙන සිටි නිසා කවුරුත් කොල්ලා දෙස බැලුවේ හොරෙන්ය. කොල්ලාට පේන්නම බැලුවොත් පිස්සු කෙලීමේ ප්‍රතිශතය වැඩිය. පැන් වඩන අවස්ථාවේද කොල්ලා සද්ද නැතිව පැන් කළය ඇල්ලුවේය. මාමා සියල්ල බලාසිටිනු සෑමා දුටුවේය. සියල්ල අවසන සෑමා මාමාගෙන් ඇසුවේ කොල්ලා හොදට හිටියා නේද කියාය.

“මාත් හොරෙන් බලං හිටියෙ කොල්ල සද්ද නැතුව බලං හිටියා..“

“මම බයේ හිටියෙ පිස්සුවක් කෙලී කියල..“

“වැදගෙන ඉන්න අස්සෙ මට ටොක් ටොක් ගාලා සද්දයක් ආව... මම හොරෙන් බැලුවා..“

“ඒ මොකද ඒ??“

“කොල්ලගෙ කකුල් දෙක ලගින් තඩි කඩි රෑනක් යනවා.. කොල්ල බෝතලේ උලුක් කරගෙන එකා එකාට ගේම දෙනවා මම දැක්කා..“ මේකා අත් දෙක වැදගෙනත් කඩි සැට් එකකට ගේම දී ඇත්තේය. මාමා නම් කීවේ කරන්නට දෙයක් නැති කමට තලන්නට ඇති කියාය.

එදා සමියා මලගෙදර ආ සැටියේ විමසුවේ “සෑම් අයියා මේ නැති වුනේ අර මාළු වැස්ස වීඩියෝ එකේ හිටිය ආච්චීද ?“ කියාය. ඇත්තටම වයසින් වැඩි අපේ තාත්තාගේ අම්මා නොහොත් සමියා කියූ ආච්චීය. තවමත් අපේ කඩේ වැඩ කරන්නේද, ඇයය. දැන් අපගේ එකම පැතුම ආච්චීවේ සෙන්චරිය දක්වා සනීපයෙන් තබා ගැනීමටය. තෙරුවන් සරණින් එය සාර්ථක වන බව අපේ විශ්වාසයය.

මේ සෑමාගෙ අම්මා අතින් ලියැවුනු එදින ජනතාව අතර බෙදා දැමුනු කවි කොළයයි. ටයිප් සැටිං කොලේ සෑමාය. පොඩි වැඩිනම් රයිට් ක්ලික් කොට වෙනත් ටැබ් එකක ඕපන් කොරන්ට.


ආදරණීය ආච්චී - ඔබට නිවන් සුව.. !

Written_by_sAm_ශ්‍රී_Perera_2:44pm_26/08/2013

Tuesday, August 20, 2013

ගායකයෙකු නොමැති කමින් බොදව ගිය සිහිනය...- sAm Blurred his Dream !!


දයා පැන්නේය. පනින්නට පෙර ගීත ගැයුවේය. ඒ ගීතය පැන්නාට පසු සෑමා වෙනස් කළේය. ගායකයෙකු සෙවුවද හම්බුනේ නැතිය. හැම තැනම ස්ටාර්ස් ලාය. එහෙත් සෑමාගේ පද රචනයට සහය වන්නට තරුවක් ලොවෙත් නොවීය. එකී අසාධාරණ හේතුව නිසා සෑමාගේ මේසය මත එහා මෙහා වෙමින් තිබී අද දින අම්මා විසින් තේ කෝප්පය තබන්නට ගිය ඒ කොළය අද මෙසේ ජනතා අයිතියට පත් වන්නේය. හැකි එකෙක් අරන් ගායනා කරන්නේ නම් අගනේය.

ඔරිජිනල් එක තාලයට ගායනා කොට, අලුත් වර්ෂන් එකත් එම තාලයටම ගයා බලන්න. වෙනසක් විය යුතුනම් යටින් කමෙන්ට් කරන්න.


ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී මුතු පලස මත දිදුලන
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

කාලකන්නි නෙත් විදා ආශ්චර්්‍යය නංවනා
ගජබින්නරී සාටකී රතු පලස මත දිදුලනා
රටකන්නදී බොන්නදී සාටකේ ගැට ගසමිනා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි.... තවත් ඔයා හිනැහුණා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් මාලෙකින් ගෙල සරසලා
වයඹට උඩින් තරුවක් මවා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි... තවත් ඔයා හිනැහුණා..

සිහිලැල් සුළං රැල්ලක් එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටි
මතකයි ඔයා මං හැරගිය හැටී
මතකයි.... තවත් ඔයා හිටි හැටී

කුරහන් සුළං සුවදක එතී
සිරිකොත උයන් හැරදා එමී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මම හැර ගිය හැටී
මතකයි... තවත් මං හිටි හැටී


දයා අසිරිමත් වේවා !

Written by sAm_8:50pm_20/08/13

Monday, August 19, 2013

ගුරාගේ කාඩ් ගැහිල්ල.. - How Gura Played with Cards !!


ගුරුන්ටත් අකුරු වරදින්නේය. එහෙම කීවේ ඉස්සරය. දැන් සග, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයටම අකුරු වරදින්නේය. කතිරය වැරදුන තැන සිට හැම එකම වරදින්නේය. ඒවා වැඩක් නැතිය. මේ කියන්නට යන්නේ අපේ එකෙක් ගැනය. ඌටත් වැරදුනේය. බුවාගේ නම අපි කියන්නේ ගුරා කියාය. හරි නම ලියැවුනේ නැතත් ගුරා කීවාම උගෙ නම කියවී හමාරය. ඇග පත ඉන්විසිබල් හල්ක් වගේ වුණාට වයසින් පොඩි එකාය. හැම එකාටම කතා කරන්නේ “අයියා..“ කියාය. ගුරා හොද එකාය. මෑතකදී ඔපීසියේ වැඩක් ගුරාගේ කරමත වැටුනේය. ඒ අපේ සැට් එකටම විසිටින් කාඩ් ගහන වැඩක්ය. ගුරාගේ නම සහ බැංකු ගිණුම් අංකය අපේ හැම එකා අතටම දුන්නේ ගුරාගේ ගිණුමට මුදල් බැර කිරීමටය. ඒ සමගම අපේ නම්, දුරකථන අංක, ආදී සියළු විස්තර ගුරාගේ දුරකථනයට කෙටි පණිවිඩ මගින් දැනුම් දීම සිදු කෙරුනේ වැඩේ අකුරටම සිද්ධ කර ගැනීම සදහාය. අපේ මැනේජර්ලාගේද නම් අදී විස්තර ගුරාට ලබා දුන්නේ ඔවුනටද විසිටින් කාඩ් ගසා ගැනීමේ පරමාර්ථයෙන්ය. ඒ අතර එක මැනේජර් කෙනෙකු ගුරාට ඔහුගේ පරණ විසිටින් කාඩ් එක ලබා දී තිබුණේය. ඒ මැනේජර් පට්ටමට උසස් වීම ලබන්නට පෙර සාදන ලද එකක්ය.

සති කිහිපයකින් අපට විසිටින් කාඩ් ලැබුණේය. කිසිම අවුලක් නැතිය. කාඩ් එකේ මෙටීරියල් එක ටිකක් අවුල් වුණාට සෑමාගේ කාඩ් එකේ විස්තර නිවැරදිව තිබුණේය. සෑමා තමන්ගේ නම එතරම් සුලභ නොවන නමක් නිසා ඉන් බැට කා ඇති වාර අනන්තය. ඉංගිරිසියෙන් සමින්දික කියා ලියුවොත් සමහර ටීචර්ලා කතා කලේ ක“ යන්න වෙනුවට කා“ යන්න දමා ස්ත්‍රී ලිංග කරලාය. එහෙමත් නැතිනම් කවුරුන් හෝ නම ඇහුවොත් දහ දොලොස් පාරක් නම කියන්නට වෙන දඩුවම විද ඇති නිසාය. වෙනත් අයෙකු සෑමාගේ නම ලියුවොත් එය ලියන්නේද වැරදියටය. ස“ යන්න වෙනුවට චමින්දික කියා ලියූ අවස්ථාද බහුලය. එවන් දඩුවම් විද ඇති නිසා සෑමා කාඩ් එක ගත් හැටියේම නම කියවා බැලුවේය. අනේ කිසිම අවුලක් නැතිව නම හරිය. හිත සතුටින් කාඩ් එකක් කියවා බලා සෑමා එය උඩ සාක්කුවේ ඔබා ගත්තේ අමතක වීමකින්ය. ඉතිරි කාඩ් මිටියම සෑමා කැබිහෝල් එකේ බැස්සුවේ මග තොටදී නංගිලාට දෙන පරමාර්ථයෙන් නොව, රාජකාරී කටයුතු සදහාමය.

කාඩ් සිද්ධියෙන් පසු අපේ සැට් එකම නැවත එකම වේදිකාව හමුවූයේ මල ගෙදරකදීය. අප මිතුරෙකුගේ පියා නැතිවීමේ සොවින් අප එහි රැස්ව සිටියදී අපේ එවුන්ට කාඩ් සීන් එක ඇදී ආවේය. කාඩ් එකේ හොද නරක පිළිබද ප්‍රශ්න මතු වෙද්දී සෑමාට සිහි වූයේ එදා උඩ සාක්කුවේ දමා ගත් කාඩ් එක පැය දෙකකට විතර පසු එළියට ගනිද්දී තෙත් වී තිබි අයුරුය. ඒ තරමට මෙටීරියල් එක සිරාය. ඒ අතර අපේ මුරේ තම අදහස් දැක්වූයේය. මුරේ කීවේ ස්පයිඩර් මෑන් ආච්චී දුටු එකාය.

“ගුරා මගෙ කාඩ් එකට තමයි බං මරුම ආතල් එක දුන්නේ..“

“ඇයි බං මොකද සීන් එක?“

“මූ නම දෙකට කඩල ගහල බං.. මේ තියෙන්නෙ කාඩ් එක..“ 

මුරේ කාඩ් එක දිගු කළේය. මුරේගේ නම MURALI SRINIVASAN ය. එය කාඩ් එකේ ගසා තිබුණේ තනිකරම කැපිටල් අකුරෙන්ය. එහෙත් SRINIVASAN වචනයේ අකුරු අතර පරතරයක් තිබුණේය. එහි එය සටහන්ව තිබුණේ SRINIV ASAN ලෙස වී සහ ඒ අකුරු අතර පරතරයකින්ය.

“ඉතිං මේක උබ ගුරාට කිව්වෙ නැද්ද බං“ අපේ එකෙක් අතුරු ප්‍රශ්නයක් නැගුවේය.

“කිව්ව බං ඌ ඒකටත් මාර explanation එකක් බං දුන්නේ..“ මුරේ කීවේ උගේම වචනයෙන්ය.

“මොකද බං කිව්වෙ?“

“මචං ඌ කියනවා V අකුර පොඩ්ඩක් ස්ලෝප් එක තියෙන අකුරක්ලු. A අකුරෙත් පොඩි ස්ලෝප් එකක් තියෙනවනේ. ඒක නිසා ඒ දෙක එකට ලං කරල ලියන්න බැහැලු.“

ගුරාගේ පැහැදිලි කිරීමට අපට හිනා ගියේ අප සිටින්නේ අවමගුල් ගෙදරක බව අමතක කරමින්ය. සැප කනේය.

“ඉතිං බලපං ඌ කියල තියෙන දේත් ඇත්ත නේ බං..“ එකෙක් හිනා වෙමින් කීවේය.

“මාත් සිරා ගත්ත බං. ඒක නිසා මම සද්ද නැතුව හිටිය ආ ඇත්ත නේද කියල..“ මුරේ කිවේය.

“උබත් අමු මෝඩයෙක්නේ බං..“

“හිටපං කෝ කියන්න. ඊට පස්සෙ මට ටීක් වුනේ අපෙ තිවාගේ කාඩ් එක දැක්කම.“

තිවාද අපේ එකෙක්ය. උගෙ නම තිවාගරන්ය. උගෙ නම ලිව්වාමද V A අකුරු දෙකක් එක ලගට වැටෙන්නේය. ඒත් උගෙ කාඩ් එකේ එහෙම අවුලක් නැතිය. V අකුරේ ස්ලෝප් එක් A අකුරට බලපා නැතිය. මුරේ මෙය දැක නැවත ගුරාට අමතා ස්ලෝප් එක ගැන උගන්වා ඇත්තේය.

“ඉතිං උබ ඌට පෙන්නුවෙ නැද්ද තිවාගෙ කාඩ් එක“

“මම ඌට කෝල් කරල කියල දුන්න මචං. සෙට් වුනෙ නැහැ තවම. සෙට් වුනාම පෙන්නලම කියල දෙන්න ඉන්නෙ...“

“පව් බං ගුරා.. ඌ හොද එකා..“

“එහෙම අවුලක් නැහැ බං. ඌට බයිටක් දාමු..“

“ඇයි උබල දන්නවද අනිත් සීන් එක??“ මුරේ නැවත හඩ අවදි කළේය.

“මොකක්ද බං ඒ?“

“අපේ මැනේජර් මූට කාඩ් එකක් දීල එකෙන් බලාගෙන නම දාල අලුත් කාඩ් එක ගහන්න කියල. මූ කරල තියෙන්නෙ designation එක මැනේජර් කියල දාන්නෙ නැතුව, පරණ විදිහටම ගහලා. කාඩ් සෙට් එකම අපරාදෙ බං..“

සැප කනේය. ගුරා ආයෙත් මෙහෙම වැඩ බාර නොගන්නා බවට ප්‍රකාශයක් කර ඇති බවට ආරංචි ලැබෙන්නේය. ඒ අතර අද සවස සෑමාට මාර ආතල් එකක් වූයේය. එයත් ගුරාගේ කාඩ් සෙල්ලමේ ප්‍රතිඵලයක්ය. එය සෑමාට ලැබුණ කෝල් එකක්ය.

“හොලෝ... සෑම් නේද කතා කරන්නේ..“

“ඔව් කියන්න..“

“මල්ලි මම මේ අද මැක් ඩොනල්ඩ් එක ලගදි හම්බුණ එක්කෙනා කතා කරන්නෙ. අර ඩොක්ටර් ඔයාට කෝල් එකක් දෙයි..“

“ඈැැැ... මොන ඩොක්ටර්ද?“

“මේ සෑම් නේද?“

“ඔව්.. සෑම් තමා.. ඒත් මම කාටවත් මගෙ කාඩ් එක අද දුන්නෙ නැහැනෙ..“

“මේ නම්බර් එක තමා. මේ දවල් නේද මට කාඩ් එක දුන්නෙ. නමත් මේකම නේද? මට රාගමදි අද හම්බුනේ..“

“ඔව් අයයේ. හැබැයි ඔයා හොයන්නෙ සම්පත්ද දන්නෙ නැහැ. එයා අද රාගම. ඉන්න මම කෝල් එකක් ගන්න කියන්නම්..“

සෑමාට හිතුනේ සෑම්/සම්පත් යන නම් දෙක පටලවා ගිය විසිටින් කාඩ් එකක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියාය. ඒ නිසා සම්පා අමතා ඌව කන්ටැක්ට් කළේය. එහෙත් පසුව සම්පාද කීවේ එවැනි අයෙක් හමුවූයේ නැත කියාය. පැය කිහිපයක පසු ලකියා කෝල් කළේය.

“මාර සීන් එක බං..“

“ඇයි බං..“

“මගෙ කාඩ් මිටිය අස්සෙ උබෙ කාඩ් එකක් තිබිල. මම දවල් එකක් ඇදල එකෙක්ට දුන්නා. ඌ මාව දැන් හම්බවෙලා බැන්න බං.“

“ඔව් මට එකෙක් කෝල් කරල කතා කළා බං.. මම හිතුවෙ සම්පව හොයනව කියල.“

“කැත සීන් එක බං. ඌ කියනව මොනවද බං අනිත් උන්ගෙ කාඩ් බෙදන්නෙ කියල. මම දැන් ඌව හම්බවෙන්න ඇවිල්ල ඉන්නෙ..“

“හරි හරි.. උබ වැඩේ කර ගනින්...“

“ඔව් බං. කෙල්ලෙක්ට කාඩ් එකක් දෙන්නත් බයයි බං.. මම දෙන කාඩ් වලින් උබලට කෑලි සෙට් වෙයි.. අපරාදෙ...“

Written by sAm_ශ්‍රී_Perera_7:23pm_17/08/13

Sunday, August 11, 2013

මල් ගහේ කොළ කන්නට වෙයිද මන්දා... - Seems We Will Have Leaves for Lunch !!


වත්තේ පැල කරපු පැල ගැන දන්නේ සෑමාගේ අම්මා හෝ තාත්තාය. බොහෝ විට මල් පැල නම් ඒවා හිටවා ඇත්තේ අම්මා විය යුතුය. ගෙඩි එන ඒවා නම් තාත්තා හිටවපුවා විය යුතුය. එසේම බෙහෙත් පැල නම් අම්මා හිටවපුවා විය යුතුය. ගමේ හැම එකාම බෙහෙත් පැලෑටි හොයාගෙන එන්නේ අපේ ගෙදරය. අපේ ගෙදර නැති පැලයක් නම් අපෙ අම්මා ඒ පැලය සොයා ගත හැකි තැනක් තක්කෙටම කියන්නීය. ඒ අතින් අපෙ අම්මා නම් දේශීය ඩොක්ටර් කෙනෙක්ය. ඒ මදිවාට පොතක් තියාගෙන මොනවා හරි කොටලා දෙන්නේ අසනීප වූ වෙලාවල්වලටය. 

අද අපේ මාමා කෙනෙක් ආවේය. ඒ උක් දඩු කෑල්ලක් හොයා ගන්නටය. අපේ ගෙදර ඇති උක් දණ්ඩක් නැත්තේය. තිබ්බා නම් ඒවා කාලා අහවරය. අපේ අම්මා පොරට ඒවා සොයාගත හැකි වෙනත් නැතක් කීවේය. මේකා තැන හොයාගෙන යන්නට සෑමාවත් බයික් එකට නග්ගා ගත්තේය.

“හෙල්මට් එක දාගෙන වරෙං..“

“අහවල් එකටද හෙල්මට්.. මේ ලගට නේ යන්නේ..“

“දාගෙන වරෙන්.. හැම තැනම පොලිසිය..“

“ඕනෙ නැහැ.. මමනෙ එන්නෙ..“

“මොකටද හෙල්මට්??“ ඒ සෑමා ගෙවල් ලග බුවෙක්ය.

“පොලිසියෙන් ඇල්ලුවොත්..?“ ඒ අර මාමාය.

“මොන පොලිසියද? මම රට වටේම යන්නෙ හෙල්මට් නැතුව..“

“පිස්සු හැදෙයි..“

“නැතුව.. හිටපු ගමන් ලංකට් එක නැතුවත් යනවා..“

ඒ වචනය ඇසුනු පසු මාමා කික් එක ගැසුවේ නොසිතු වේගයෙන්ය. උක් ගස් ඇති ගෙදරට පියෑබුවේ කතාවට සිනා සෙමින්ය. ආච්චි කෙනෙක් පැමිණ උක් ගස් ඇතැයි කීවාය. ගේ පිටි පස්සේ ඇති බවක් කියා ඇය කපාගෙන එන්නම් කියා ගියාය. ඇය මොහොතකින් ආවාය. ඒ ආවේ දුම් දාන අඩියක පමණ දිග උක් දණ්ඩක් අතැතිවය. එහි අග්ගිස්සේ තිබූ මුල් කැබැල්ල පෙන්වා කීවේ “පුතා මේක ගිහින් හිටවන්න පැළයක් ගන්න පුලුවන්“ කියාය. දණ්ඩ අතට ගත් සෑමා සූස්.. ගාමින් දැගලුවේය. හරි මගුලක්ය. ආච්චී මේ දැන් වත්තෙන් කැපූ උක් දණ්ඩ පට්ට සීතලය. දුම් දාන්නේය. ශීතකරණයේ සතියක් පමණ තිබුණු එකක්ය. නැත්තං ආච්චීගේ වත්ත අයිස් ලන්තය වාගේ පැත්තක් විය යුතුය. ඒ මදිවට මුල හිටවන්න කියූ නිසා මාමාට සහ සෑමාට අහවල් එකෙන් හිනාය. අවසන කරක් ගසා උක් ගසක් සොයා ගැනීමට අපට හැකි වූයේය.

ඒ බෙහෙත් හොයන්නට ගියාම වෙන දේවල්ය. ඉස්සර අපි වත්ත සුද්ද කරන්නට හැදුවොත් අපෙ අම්මා එයට ඉඩ නොදෙන්නීය. නැතිනම් ඇය අප සමග වැඩේට හවුල් වන්නීය. අපි තනියම සුද්ද කළා නම් ගස්, පැල ගැන තිබෙන්නා වූ දැනුම වැඩි කමට අපෙ වත්තේ බෙහෙත් පැලයක් තියා පොල් පැලයක් වත් ඉතුරු වෙන්නේ නැතිය. බොහෝ කළකට පෙර දිනක් සෑමා පැලයක් සිටෙව්වේය. ඒ ඇසළ පැලයක්ය. ඒ සෑමාගේ උපන් දිනයක දවසේය. පන්සලෙන් ලැබුණු පැලයක් හිටෙව්වේ කට කපපු බූලියකය. ඒ පැළය හොදින් වැඩුනේය. වසර ගණනාවක් ගොස් ඒ පැලය බූලියෙන් ඉවත් කොට බිම සිටවිය යුතු යැයි සිතා ගත් සෑමා පැලෑටියේ කදෙන් අල්ලා ඇද්දේය. ඒ පැලයේ මුලත් සමගම ගලවා ගැනීමටය. එහෙත් මුල භාජනයේ තිබියදී කද අතට ආවේය. එදා සිට පැත්තක තිබූ මුල සහිත කදෙන් ඇසල පැලය හොදින් වැඩුනේය. එක පැලය දෙකක් වී භාජනයේ පැල දෙකක් තිබුනේය. ඉන් එකක් අක්කාටත්, අනික අපේ ගෙදරටත් තබා ගැනීමට අම්මාට හැකි වූයේ සෑමාගේ දක්ෂතාවය නිසාය.

මේ සියල්ල මැද අපේ වත්තේ නාදුනනා පැලයක් තිබුණේය. එහි නම අම්මා දන්නේද නැතිය. හිටවූයේ කවුද කියාවත් නොදන්නා මුත් එය හැදී තිබුනේ පෝච්චියකය. සමහර විටක අපේ පැත්තේ මල් විකුණන බණ්ඩාරයා අම්මා රවටා රෝස පැලයක් කියා දුන් පැලයක් විය හැකිය. පොර ඒ තරම් බඩ්ඩක්ය. මල් පැලය ගන්නා දවසේ තිබෙන මල ආයේ කවදාවක වත් පිපෙන්නේ නැතිය. එක්කෝ ඌ මල අලවා විකුණනවා විය යුතුය. පොර මල් ගේන්නේ ලොරි භාගයකය. ඒ පැල හැමදාම තියෙන්නේ ලොරිය ඇතුලේය. ඉර එලියක් වැටෙනවා දැයි සැක සහිතය. කුමක් කෙසේ වුවද අපේ ගෙදර අද මල යුද්ධයක්ය. අම්මා අඩේ මලක් පිපිලා කියා කීවාය. මම ඇසුවේ මල් ගහේ නම මොකක්ද කියාය. අම්මා කීවේ නම් නම මොක වුනාම මොකද බං? මලක් ඇවිත්නේ කියාය. අනේ මලක් නේ කියා සෑමාද ගොස් පොටෝ කෑල්ලක් අල්ලා ගත්තේය.

මලේ කතාව සවස් ජාමේ වියැකී ගියේය. රාත්තිරිය උදාවෙන විට අම්මා කීවේ අඩේ මල් සුවදක් එනවා කියාය. මගෙ අප්පේ මලේ යුද්දේ ආයේ නැගී ආවේය. ටෝර්ච් එකක් අතට ගත් අම්මා පහළට ගියාය. අඩේ මල හොදටම පිපිලාය. තඩි සයිස්ය. ලොකු අම්මලාගේ ගෙදර සැට් එකද, අපෙ තාත්තාද, සෙට් එකම එළියට බැස්සෝය. සෑමා ගෙදරටම වී සිටියේය. එහෙත් වටෙන් පිටෙන් කස්ටිය පොටෝ ගන්නා ෆ්ලෑෂර් එළියද දුටු නිසා සෑමාද පොටෝ කෑල්ලක් අල්ලා ගැනීමට පහළට බැස්සේය. ඒ සමගම අම්මා ගෙදරට ආවාය. තාත්තා, සෑමා සහ ලොකු අම්මාගේ ගෙදර සැට් එක මල වටේ ඉතුරු වූවෝය.


“අඩේ මේක මාර මලක්නේ...“

“කවුද බං මේකෙ නම දන්නේ??“

“අනේ මන්දා අම්ම හිටවපු එකක් වෙන්න ඇති..“

“එයත් නම දන්නෙ නැද්ද බං??“

“හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..“ ඒ තාත්තාය.

“මොකක්ද??“ ඒ සෑමාය..

“හෙට අනිද්දට අපිට මේකෙ රසත් දැනෙයි..“

“ඒ කෝමද?“

“අර මල් ගහෙන් කොල දෙක තුනක් කඩල මම කලවං මැල්ලුමට දැම්මා.. පොඩ්ඩක් බලන්න හොදයිද කියලා.. අපිට මැල්ලුමක් හදල දෙයි..“

සෑමා වට පිට බැලුවේ අම්මා අහල පහල ඉන්නවාද කියාය. ඇය පේන්නට සිටියේ නැති නිසා කස්ටිය නිදහසේ සිනාසුනෝය. නැත්තං මල කන්නට වෙනවා සුවර්ය.

පලි - මලේ නම හොයලා දීපල්ලා..

Written by sAm_10:22pm_11/08/13

Wednesday, August 7, 2013

රෑට කෙල්ලො - කොල්ලෝ කතා කරන ඒවා.. - Couple's Night Time Conversations !!


පෝං නම්බරයක් සැට් වුණ හැටියේ හෝ, කපල් එකක් ආදරෙන් වෙළුන සැටියේ වැඩිපුර පෝං එකෙන් කතා කරන්නෝය. එයට ගැමි වහරේ කියන්නේ මල් කඩනවා කියාය. එහෙම කරන කතා බහ වැඩිපුර කෙරෙන්නේ රෑ ජාමයේය. හැම එකාම අහන්නේ “නංගි ඔයාට රෑට කතා කරන්න පුලුවන්ද කියාය“. එහෙමත් නැතිනං ඔයා “රෑට නිදා ගන්නේ තනියමද කියාය“. ඒ සුර ලොව අන්තයේ සිට තම සහයකයා ඇමතීමටය. මල් කැඩීම යන නම ලැබුනු හැටි නොදන්නා මුත්, අපේ සම්පා දිනක් මේ වචනය පවා වැරදියට භාවිත කළේය. ඇත්තටම ඌ එයට කීවේ “මල් කපනවා“ කියාය. අප තේරුම් කර දෙන තුරු ඌ හිතන් හිටියේ හරි වචනය “මල් කපනවා“ කියන එක කියාය. මල් කපන්නට නම් එක්කේ කිතුලකට හෝ, පොල් වත්තකට යා යුතුය. සම්පා අනුරපුරේ ඩයල් එකක් නිසාදෝ කියන කුහුහරප පවා අගක් මුලක් නැති ඒවාය. ස්ත්‍රි පුරුෂ පටලවන්නේය. රෑ පුරා ෆේස් බුකියේ සිට පහුවදා ඇවිත් අපට කියන්නේ “ඊයෙ රෑ එලිවෙනකල් ෆේස් බුක් ගැහුවා මචං“ කියාය. ඒ උගේ වචන භාවියය. දිනක් ලපටි කෙල්ලෙක් දැක “අනේ හුජ්ජි කෙල්ලෙක්“ බං කීවේද ඒ බස් වහරේ ආදීන පෙන්වා දෙමින්ය. කෙල්ලො - කොල්ලෝ කතා කරන හැටි ලියන්නට ගොස් සෑමාද හැලප අයියා සේ රටේ නැති කතා කියන්නේය. කතාව මෙසේ දිග හැරෙන්නේය.

කලින් කී පරිදි කෙල්ල - කෙල්ලා රෑ කතාවට සැට් වෙන්නෝය. පෝං එක කනේය. එක අතක් කනේය. අනිත් අත කොහේද දන්නේ නැතිය. ගෙදර උන්ට ඇහෙනවා නම් කතා කරන්නේ කෙදිරිලි හඩින්ය. නැතිනම් සද්දෙට කතා කළ හැකිය. අපේ එකෙක්ගේ පළවෙනි කෑල්ල පෝං එකෙන් හෙමින් කෙදිරිලි හඩින් කතා කර ඇත්තේය. ඒ කෙල්ලගේ කාමරේ නංගිලා පවා නිදා ගන්නා නිසා උන්ට ඇහෙයි කියාය. අපේ එකාද කෙදිරිලි හඩින් කතා කර ඇත්තේය. ඒ උගෙ කාමරේ කිසිවෙකු සිටි නිසා නොවේය. අරකි කතා කරන විදිහටම ඔටෝ කතා වූ නිසාය. පොර කී කතාව නිසා මේ ලිපිය ලියැවෙන්නේය.

දෙබස යන්නේ කෙදිරිලි හඩින් බව මතක තබා ගන්න...  කෙල්ල රතු පාටද, කොල්ලා නිල් පාටද වන්නේය..

“හෙලෝ..“

“බබා දොයිද??“

“නැහැ ඇදේ අනේ ඉන්නෙ...“

“මොකද හොරෙන් කතා කරන්නෙ...“

“මේ.. නංගිල එහා පැත්තෙ දොයි... මම ඒකයි හොරෙන් කතා කරන්නෙ..“

“එයාල ඇහැරෙයිද?“

“ඇහැරෙන එකක් නැහැ.. ගොඩක් වෙලා ඉදන් දොයි..“

“හ්ම්... බබා ඔයා මොනාද ඇදගෙන ඉන්නෙ??“

“නයිට් ඩ්‍රස් එකක් අනේ.. “

“ඩ්‍රස් එකට යටින්...??“

“යටින් ඒවත් ඇදල ඉන්නෙ..“

“පිස්සුද බබා.. මේ රස්නෙ.. මොකටද අනෙ ඕව අදින්නේ...“

“හ්ම්...“

“ගලවල දාන්න.. ගලවල දාන්න..“

මොහොතකට සද්ද නැත... තප්පර කිහිපයක් ගතවේ..

“බබා.. බබා... මොකද වුණේ?? ඇයි කතා නැත්තෙ...“

“ගැලෙව්ව අනේ...“

“හ්ම්.. සෝයි...“

අපේ මිත්‍රයාගේ ඔරිජිනල් කෙල්ල ගෙන් කෝල් එකක් පැමිණේ. ෆෝන් වේටින්ය. කොල්ලා ක්ෂණික අනිත් කෙල්ල හෝල්ඩ් කොට කෝල් එක ආන්සර් කරයි. අර කෙල්ල සිංදු අසමින් සිටී

“හෙලෝ...“ (නිදිමත බවක් හගවමින්..)

“දොයිද??“

“ඔව්... දොයි අනේ.. දොයි..“ (නිදිමත බවක් හගවමින්..)

“හරි... දොයියන්න බබා...“

කෙල්ල පෝං එක තබයි. අනිත් කෝල් එක අන්හෝල්ඩ් වෙයි..

“මොනාද අනෙ කරන්නෙ.. මොකද වුණේ..“

“මාත් ගැලෙව්වා බබා...“

“හෝල්ඩ් කලේ,,,??“

“ගලවන්න තමයි...“

“හ්ම්...“

“එන්නද ලගට??“

“ඔය ලයිට් නිවලා නිදා ගන්න ලමයෝ“.... (මර හඩින් කෙල්ලගේ පැත්තෙන්... අම්මා කෑගසයි..)

“හා... හරි හරි අම්මේ...“

“මම බලාගෙන හිටියේ.. මේසෙ ඉදගෙනම කෝල් එකක ඉන්නවා..“ (මර හඩින් කෙල්ලගේ පැත්තෙන්... අම්මා කෑගසයි..)

පලි - එහා පැත්තේ කියන කරන දේ ඇත්ත බව සිතා හැගීම් අවුස්සා නොගන්නටත්.. මෙහා පැත්තේ කියන කරන දේ ඇත්ත බව සිතා හැගීම් අවුස්සා නොගන්නටත්.. කල්පනාකාරී විය යුතුය.

Written by sAm_ශ්‍රී_Perera_10:35pm_06/08/2013

Thursday, August 1, 2013

ස්පයිඩර් මෑන් ආච්චී.. !! - The Spider Grand Ma,, !!


සෙට් වෙන්නට තැනක් සොයා ගැනීම තරම් අපහසු දෙයක් කොල්ලන්ට නැත්තේය. දිනපතා සෙට් වන තැන් වගේ නොව, හිදිසියේ සැට් වීමට තැනක් සෙවීම අපහසු වන්නේය. ඒ තැනේ කොලිටිය ගැන සැක සංකා ඇති වන නිසාය. කොල්ලන්ට එසේ වුවත් බැන්ද උන්ට නම් ගෙදර ඇත්තේය. ඒත් ගෙදර ගෑණිගේ අවුලක් නැතිනම් හැමදාම සෙට් වීම්ය. එහෙමත් නැත්තං සමහරුන්ට ඔකේෂනලි සෙට් වීම්ය. ඒ අතර පවුල නැති දවස් වල සැට් වීම බහුලය. එදාට යාළු මිත්‍රාදීන් පිරිවරාගෙන නිවැසට එන්නේ තමන්ගේ පවර්ස් පෙන්වීමටය. වෙනදා ඔළුව පාත් කරගෙන ඉන්නා බුවා එදාට රජෙක් වැනිය. හැමදාම ගෙදර පාටි දානවා සේ කස්ටියගේ මන දොල සපුරන්නේය.

සමහරෙක් පවුල ඉන්නා විටදී පවා ඉදහිට පාටි දමන්නෝය. හෙමීට සෙට් වී තම යාලුවන්ට පෙන්වන්නේ පවුල තමා බිව්වාට අවුලක් දාන්නේ නැහැ කියාය. ඒ කියන්නේ බොරේ අදින්නේ නැහැ කියාය. ඉන්පසුව යාලුවෝ කබරයා දමමින් ගෙදර විනාස කරමින් බයිලා ගසා මධ්‍යම රාත්තිරියේ පිටත් වන්නෝය. එතැන් සිට ගෙදර එකාගේ වෙරි හිදෙන තුරු පවුල කන පුරවන්නීය. අදෝනාව බහුලය. ආයේ බොන එක එපා වෙනතුරු යාලු මිත්‍රාදීන්ගේ ගුණ වයමින් අස්පස් කරන්නීය. බුවා පහුවදා යාලුවන්ට කියන්නේද පවුල දීපු සපෝට් එක ගැනය. කිසි අවුලක් නැති ගානට කතා කරන්නේ විලි ලැජ්ජාවේ බැරි නිසාය.

එක එකාට බීම සම්බන්ධව නිවසින් ලැබෙන ප්‍රතිචාර විවිධය. ඒ අතර අපේ එකෙක් දිනක් සැට් වෙන්නට කතා කළේය. ඒ අපේ අමිලයාය. අපේ උන් දන්නේ කුරේ කිව්වාමය. ඒ උගෙ වාසගමය. කොල්ලා ඔන්ද ස්පොට් සෙට් වෙන ඩයල් එකක්ය. හැබැයි මොනවා වුනත් ඒ වෙලාවට මතක් වෙන්නේ අපිවය. එහෙව් වෙලාවක අපිට කොල්ලා ඇමතුවේය. දෝදුවා සහ සෑමා අමිලගේ නිවසට ගියේ සැට් වීමටය. සෑමා ගෙදරට කිව්වේ අමිලයා ගෙවල් මාරු කළ නිසා ගෙදර බඩු අදින්නට ලොරියකින් නව නිවසට යන බවක්ය.

“මචං අමිලයා අවුලක් නැහැ නේද?“

“මොන අවුලක්ද බං.. තාත්ත ගෙදර නැහැ. මල්ලිත් එන එකක් නැහැ බං. ආවත් අවුලක් නැහැ..“

“එහෙනම් කොත්තුවක් රයිස් එකක් දාගෙනම යමු..“

සියල්ල පොදි ගසාගෙන, බලාපොරොත්තු පොදි බැදගෙන ගොස් අපි අමිලයාගේ ගෙදර ගේට්ටුව ඇරියෙමු. වාහනය ඇතුලට ඔබාගෙන පුටු තුනක් දොරකඩ තැබුවෙමු. මිදුලේ බයිසිකලයක් තිබුනේය. දොර ඇරගෙන ඇතුලට ගොස් විපරම් කළ විට සිටියේ අමිලගේ තාත්තාය. මල්ලීද කොහෙදෝ සිට ආවේය.

“උබ මාර හු*(^ක් නේ බං... මේ ඉන්නෙ සිය පවුලම..“

“අවුලක් නැහැ බං බෝතලේ කඩල.. පලවෙනි ෂොට් එක දෙමු එයාට.. එතකොට අවුලක් නැහැ..“

එම පියවර අනුගමනය කළ විට අවුලක් නොවීය. ඒත් වෙරි හිදුනු විට අංකල්ගේ මූන බලන්නට බැරිය. අංකල් ගෙදර නැති හැමදාම මුං බේබද්දෝ වගේ බොනවා යැයි අංකල් හිතනවා ෂුවර්ය.

අපේ මුරලියාද බෙබාය. වැඩිය බොන්නේ නැතිය. ඒත් බොන වේලාවට ජෝන් ප්ලේයර් සමගද එක් වන්නේය. පොර මැජික් ද පෙන්වන්නේය. සෙට් වුන වේලාවට එවන් ආතල් දෙන උන් මරුය. මුරලියා දෙමල කොල්ලෙක්ය. දරු පවුල් කාරයාය. ඌ සිංහලෙන් කතා කරන විදිහ තවත් ආතල්ය. බුවා දිනක් තම මිත්‍රෙයකුගේ ගෙදර සැට් වෙන්නට ගොස් ඇත්තේය. කොල්ලාගේ පවුල සහ දරුවෝ කොහේ හෝ ගොස් ඇත්තේය. ඒ අතර තුර මුරේට ඇමතුම ලැබී ඇත්තේ “මචං කවුරුත් ගෙදර නැහැ සෙට් වෙමු කියාය.“ මුරේත් එක පයින් කොල්ලාගේ ගෙදර ගොස් ඇත්තේය.

“ෂුවර්ද බං ගෙදර අය දැන්ම එන එකක් නැහැ කියලා??“

“ඔව් මචං කිසි අවුලක් නැහැ. අපෙ වෙලාවට අද ආච්චිත් නැහැ මචං..“

“ආච්චිත් ගියාද පවුල එක්කම?“

“නැහැ බං.. ඔය කොහෙද ගියා.. හැබැයි අපෙ පවුලට හපං මචං..“

“ඉතිං යකෝ ආච්චි ආවොත්??“

“පිස්සුද බං.. මේ ගේට්ටුව වහල තියෙන්නෙ ආච්චි කොහෙ එන්නද?“

දෙන්නා එක දෙක තුන කියමින් ෂොට් හලා ගන්නට වූවෝය. ඒ සෙට් වෙලා තිබුනේද මිදුලේය. ගේට් එක නිසාත්, කොට බිත්ති සහිත තාප්පය නිසාත් දෙදෙනාට පාරේ යන උන්ගෙන් කිසිම බාධාවක් නොවීය. ඒ අතර තාප්පය දෙස බලා සිටි මුරේ මිතුරාට තමා දැක්ක දේ පෙන්වන්නට වූයේය.

මුලින්ම තාප්පය උඩින් සෙරෙප්පු දෙකක් වත්ත පැත්තට වැටුනේය. ඉන්පසු එක අතක් තබා තව අතක්ද තබමින් කිසිවෙකු තාප්පයෙන් ඉහලට එසවුනේය. අත් දෙකට බර දී වත්ත පැත්තට පැන්නේ ආච්චී කෙනෙක්ය.

“අප්පට හඩු ආච්චී..“ කොල්ලා පුටුවෙන් නැගිට්ට වී ඇත්තේය.

“ආච්චි?? කවුද බං මේ ස්පයිඩර් මෑන්ගෙ ආච්චිද??“

“නැහැ බං අපෙ ආච්චි.. ආච්චි කිව්වට හොද ගෑණි බං..“

“මේ මොකද මේ.. තමුසෙල මෙතන බොනව නේද? මතක තියා ගන්නවා.. මීට පස්සෙ එක කැ^&^% යෙක් වත් බොන්න හිතාගෙන මෙහෙ පස් පාගනවා නෙවේ....“

මුරේ කිසිත් කියා ගත නොහැකිව බාගෙට හිස් කළ බෝතලයද අමතක කර ගෙදර ගොස් ඇත්තේය. එදායින් පසු මිතුරා බීමට කිසිවෙකුටත් ආරාධනා කළ බවක් ආරංචි නොවූ  බව මුරේ පැවසුවේය.

පලි - ඔබ බීමට තැනක් සොයනවා නම් ඊට සුදුසුම තැන බීමට අකැමැති වුන් පේන මානයේ හෝ නැති තැන බව සිහියේ තබා ගන්න.
Related Posts Plugin for WordPress, Blogger...