Google+ Followers

Monday, July 29, 2013

කමියුනිකේෂන් එකේ නංගීව මඤ්ඤං කළෙමි.. ! - Confused Girl at Communication !!


ෆීල්ඩ් ජොබ් කරන උන් හරියටම වැඩ කරනවාදැයි මොනිටර් කිරීම අපහසුය. සමහරු ගෙදර සිටම ඔපීසියට කියන්නේ තමා ෆීල්ඩ් එකේ කියාය. මෙවන් ගැටළු නිසා කම්පැනි හිමියෝ වල්මත් වන්නෝය. ඒ නිසා නොයෙක් උපාය මාර්ග වලින් සේවකයෝ වැඩ කරනවාද කියා සොයන්නෝය. ඒ අතර පාත්ෆයින්ඩර් හෙවත් කම්පැනියෙන් ලබා දෙන සිම්පත මගින් සේවකයෝ ඉන්නා තැන් දැන ගන්නෝය. එවිට හොර කිරීමට නොහැකිය. තමා ඉන්නා තැන ඔපීසියේ ලොක්කන්ට පේන්නේය. එම ක්‍රමය අපේ කම්පැනියේ තවමත් යොදාගෙන නැත්තේය. මන්ද ඒ ක්‍රමයට අපේ සමහරක් මැනේජර්ලාද අකැමැති නිසාය. අපේ තියෙන්නේ නියම සිස්ටම් එකක්ය. උදේ නමය වන විට ෆීල්ඩ් එකට ගොස් එම ඒරියා ඒකේ ලෑන්ඩ් ෆෝන් එකකින් කෝල් කළ යුතුය. එය ගන්නේ මැනේජර්ගේ ෆෝන් එකටය. එවිට ඒරියා කෝඩ් එක මගින් තමන් ඉන්නා තැන සොයා ගත හැකිය.

මේ ක්‍රමයේ වාසි අවාසි ගැන කිව්වොත් ජොබ ගහලා යනවාය. ඒත් අපේ උන් මේ ක්‍රමයට ටිකක් මනාපය. හේතුව එය වඩාත් නරකම ක්‍රමයට වඩා තරමක් හොද බැවින්ය. ඒ අතර කමියුනිකේෂන්වල ඉන්නා කෙල්ලන් සැට් කොර ගැනීමට හැකි වීමය. ඒ නිසා ඒරියා එකේ තිබෙන හොදම කෑල්ල සිටින කමියුනිකේෂන් එකට දුවන්නේය. ඒ අතර සිද්ද වෙන අකරතැබ්බ බොහෝය. ඒ ඒවායේ ඉන්නා අමුතු ජාතියේ මඤ්ඤං කෙල්ලෝ නිසාය. උන් සැලුන් වල ඉන්නා කෑලි වලට හපන්ය. සැලුන් කෑලි ගැන ලිවීම පසුවට කල්දැමීම සුදුසුය.

එදා උදේක සෑමා ගියේ රාගම - කඩවත පාරේ කමියුනිකේෂන් එකකටය. කලින් දවසකදී එහි යද්දී කෑල්ලක් සිටි බව මතකය. එහෙත් මේ වතාවේ සිටියේ එම කැබැල්ල ආයතනය හැර ගිය නිසා ලගදී ආපු කෙල්ලෙක්ය. ඒකිව වටකරගෙන පාරිභෝගිකභවතුන් රැසක් සිටි නිසා සෑමා කෝල් එක ගන්නට පෙර පැත්තකට වී සිටියේ අලුත ආ දැරිවියන්ට උදව් කළ යුතු නිසාය. මන්ද කමියුනිකේෂන් ඇතුලේදී අපිට කිසිම කලබලයක් නැති නිසාය. ඇයට ෆොටෝ කොපියක් ගහන්නට වුවත් උපකාර කිරීමට අපට හැකිය. ඒ අපේ සමාජශීලීත්වයයි.

හරියටම වේලාව 9:15 පමණ වූයේය. සෙනග අඩු නොවන පාටක් තිබූ නිසා සෑමා බොක්ස් එකට රිංගුවේය. ඒ රිංගුවේද එතැන හරහට සිටි අංකල් කෙනෙක්ට තට්ටුවක් දමා අයින් කරමින්ය. අංකල් පැත්තකට වූයේය. සෑමා ඇතුලට රිංගා කෝල් එක ගත්තේය. විනාඩියක් පමණ කතා කළ සෑමා එළියට පැමිණ තවත් ටිකක් වෙලා බලා සිටියේය. ඒ අන්තිමට ඉතිරිව සිටි පාරිභෝගිකයා යනතුරුය. පොර රුපියල් සියයට රීලෝඩ් එකක් දමන්නට කියා රුපියල් සියයක් ඇයට දුන්නේය. ඇය එය ලාච්චුවට දමාගෙන වෙන වැඩක නිරත වූවාය.

“හරි නේද නංගි.... මේක දාන්න එහෙනම්...“ කියමින් ඔහු බලාසිටින්නට බැරි තැන ගියේය.

“නංගි ගාන කීයද?“ 

ඒ ඇසුවේ සෑමාය. එහි කෝල් එක ගත් වේලාව, මිල ආදිය වැටෙන දර්ශකයක් නොතිබුණ නිසා සෑමා ඇයට කතා කර විමසුවේය.

“අනෙ පොඩ්ඩක් ඉන්න අයියා..“ කියමින් ඇය වැඩක නිරතවූවාය. ඉන්පසු ඇය මා දෙස හැරුණාය.

“අර මනුස්සයට පිස්සුද මන්දා.. මෙතන නම්බර් එක ලියලා සල්ලි නොදී ගියා.. අපිට පිස්සු කියල හිතන්න ඇති..“

“කවුද අර රීලෝඩ් කරන්න කියපු පොරද?“

“ඔව් දැන් ගියෙ..“

“ඉතිං නංගි එයා සල්ලි දුන්නේ.. ඔයා රුපියල් සීයක් ලාච්චුවෙ දාගත්තෙ..“

“ඔයාට විකාරද.. සල්ලි දුන්නෙ නැහැ.. එනව අපිව රවට්ටන්න.. මාර මිනිස්සු..“

සෑමාට නංගීගේ මඤ්ඤං ගතිය තේරුණේය. ඒ නිසා ඇය සමග වාද කර වැඩක් නැතිය. ඇගේ පැත්තට කතා කළ යුතුය. නැත්තං අරූට බැන බැන ඉන්නවා මිසක යන්නට නොලැබෙන්නේය. එසේම ඇය පුහුණු අවධියේ නිසා පිස්සු කෙලිනවා ඇතිය. වැඩ වැඩි වූ විට කළබල වී ඔලුව අවුල් වෙන ගතියක්ද ඇත්තීය.

“අඩේ ඇත්තද නංගී.. මම දැක්කෙ සල්ලි දුන්න වගේ.. මාර මිනිස්සු නේද??“

“ඔව් අයියෙ.. කට්ටිය වැඩි වුනාම මාව අවුල් වෙනවා. ඊයෙත් එක්කෙනෙක් 250 රීලෝඩ් එකක් දාන්න නම්බර් එක ලියල සල්ලි දීල ගියා.. මම 450ක් දාලා.. අයියා මාව කන්න හදනවා..“

“අයියෝ.. ඔයා කට්ටිය ආවට කලබල වෙන්න එපා නංගි.. ඔයා කරන විදිහට පාඩුවෙ වැඩ ටික කරගෙන යන්න... වැඩ අල්ලගත්තට පස්සෙ අවුලක් නැහැ. එතකල් ෂේප් එකේ ඉන්න..“

“ඔව් අයියෙ.. ඒත් මිනිස්සු ඇවිත් කළබල කරනවනේ..“

“ගණන් ගන්න එපා අප්ප.. මගෙ ගාන කීයද කියන්න..“

“මොකේද අයියා..??“

“ඇයි සල්ලි එපාද? ගත්ත කෝල් එකේ ගාන කීයද??“

“අහ්.. නිකං කෝල් ගන්න දෙන්නෙ පෝයට.. ඉන්න බලන්න..“

ඇය කෝල් එකට ගතවූ කාලය පරික්ෂා කළේ ෆෝන් එකේම තිබු ඔප්ෂන් එකෙන්ය. එහි කලින් ගත් කෝල් වල කාලය සහ ගත් වේලාව වැටෙන්නේය. මෙය සාමාන්‍ය ගෙවල් වල පවා ඇති වර්ගයේ ෆෝන් එකක්ය.

“අයියෙ ඔයා විනාඩි 9යි තප්පර 15ක් කතා කරල තියෙනවා..“

වැඩ දමමින් අනුන්ගේ රීලෝඩ් පවා විනාශ කළ සෑමාට තරු පෙනුනේ එවිටය. කමියුනිකේෂන් එකේ අයියා මේකි නිසා හම්බ කරනවා ෂුවර්ය. හොද ආදායමක් එන නිසා ඒකිට පඩි පවා වැඩි කරනු ෂුවර්ය. සෑමා ඇග සීතල වී කතා කළේය.

“ඇහ්.. පිස්සුද.. මම විනාඩියක් වත් කතා කළේ නැහැ..“

“බොරු කියන්න එපා අයියේ.. මේ  තියෙන්නේ..“

“කෝ බලන්න..“

“පිස්සද.. නංගි මේ බලන්න කෝල් එක ගත්ත වෙලාව 9:15යි. කතාකරල තියෙන්නෙ තප්පර 56යි.“

“අනෙ මන්ද අයියෙ.. මගෙ ඔළුව අවුල් කරනව.. “

“මේ බලන්න මම ගත්ත නම්බර් එක.. එවලෙ මෙතන අංකල් කෙනෙක් හිටිය එයාවත් අයින් කරල මම කෝල් එක ගත්තෙ මෙතන බලාගෙන ඉදල.. ඔයා කැමති දෙයක් කරන්න.“

“හරි අයියා.. එහෙනම් විනාඩියට රුපියල් දහයක් දෙන්න..“

“මෙන්න නංගි මෙතන විස්සක් තියෙනවා.. අවුලක් වුනොත් කතා කරන්න මම නම්බර් එක දීල යන්නම්. අයියට කියල බලන්න..“

සැමා යහපත් චේතනාවෙන් නම්බර් එක දෙන්නට ගියේය. නංගී කොලයක් පෑනක් ගෙන සැරසුනාය. 

“අනේ මන්ද අයියේ.. හැමදාම එක එක්කෙනා නම්බර් දීල යනවා.. මට ඒව ලියාගෙනම එපාවෙලා..“

ඇය අතට ගත් කොළයේ නම්බර් තිහකට වඩා තිබුනේය. ඒ සියල්ල යටින් සෑමාගේ නම්බරය කොටු අකුරින් ලියැවුනේ ඇගේ අධ්‍යාපන මට්ටම පවා විදහා දක්වමින්ය.

Written by sAm ශ්‍රී Perera_10:53pm_28.07.13

Thursday, July 25, 2013

දයා රහස් පරීක්ෂකයෙකි...?? - Mr's. Daya Is a Detective ??



දයා යනු තනියෙක් හඩ නගපු එකාය. ඊයේ හදිසියේ එහා පැත්තට පැන්නේය. පනින තුරුම පනින්නේ නැති බව කීවේය. මෙය හදිසි තීරණයක් වන්නේ එනිසාය. කස්ටිය දයාට බනින එක නම් වැරදිය. මෙතන ඇත්තේ රහසිගත මෙහෙයුමක්ය. නැත්තං දයා අච්චර ගිරිය කඩාගෙන කෑ ගසා එහා පැත්තට යන්නෙ නැතිය. මේ පැත්තේ ඉන්නා තුරු දුමියාගේ, සිට කෘමියා දක්වාම ලොකු කුඩා සැමගේ රෙදි ගැලෙව්වේය. එහෙව් කොල්ලෙක් විපක්ෂයට ද්‍රෝහී නොවන්නේය. මේක පොඩි උඩුකුරුඤ්ඤං ප්ලෑන් එකක්ය. ඒක තේරුනේ සෑමාට පමණක්ය.

මීට වසර ගණනාවක ඈත අතීතයට සෑමාගේ මනස දිව යන්නේ මෙවන් අවස්ථාවකය. ඒ කාලේ චන්ද්‍රිකා කියා නැන්දෙක් සිටියාය. ඇයට ඇගේම කියා සහෝදරයෙක් සිටියේය. ඔහු තම පවුලේ පක්ෂය දමා විපක්ෂයට පැන්නේය. විපක්ෂය සිතුවේ කොල්ලා ආ නිසා පක්ෂය ගොඩ කියාය. එසේම චන්ද්‍රිකා නොහොත් අක්කා ඇනගන්නවා කියාය. ඒත් සිදු වූයේ අනෙකක්ය. කොල්ලා ගොඩ ගියේය. විපක්ෂය ගොඩ නොගියේය. ඒකත් දයාගේ ජාතියේ ප්ලෑනක්ය. අනුර කොල්ලා අක්කා අතැර පැන්නේ අක්කාගේ සතුරන් අතර මිතුරෙක් වන්නටය. විපක්ෂයේ ඒවා අක්කාගේ කනේ තියන්නටය. ඒවාට මල්ලීට අක්කා සැලකුවාය. විපක්ෂයද රැවටී මලයාට සැලකුවේය. කොල්ලා ගොඩ ගියේය. අවසන කිසිම ආතල් එකක් නැතුව රට හැර ගියේය. ආත්මයම අතැර ගියේ මුකුත්ම නැතුවමය.

ඉස්කෝලෙ යන කාලේද කොල්ලෝ කල්ලි ගැසෙන්නෝය. ඉගෙන ගන්න උන් වෙනම, පිස්සු කෙලින උන් වෙනම කල්ලි ගැසෙන්නෝය. ඒ අතර පිස්සු කෙලින උන් ගැන කේලාම් කියන්නේ ඉගෙන ගන්න උන්ය. උන් ගොස් පන්තිභාර ගුරුතුමියගේ සිට ප්‍රින්සිපල් දක්වා කේලාම් කියන්නෝය. එය වාවා ගත නොහැකි පිස්සු කෙලින උන් ප්ලෑන් ගසන්නෝය. එහි සාර්ථකම ක්‍රමය නම් ඩබල් ඒජන්ට් ක්‍රමයය. එනම් පිස්සු කෙලින එකෙක් උන්ගේ කණ්ඩායමෙන් මිදී ඉගෙන ගන්න උන්ගේ පැත්තට යන්නේය. ඒ යන්නේ නිකං නෙමේය. සමාජයටම දැනෙන පෙරලියක් කරමින්ය. එක්කෝ වලියක් දමාගෙන සෙක්ෂන් එකටම පේන්නට මරාගෙන තම කණ්ඩායම අත අරින්නේය. එතකොට ඉගෙන ගන්න උන්ට මෙන්ම බලන් ඉන්න උන්ටද අරූව ෂුවර්ය. ඌ සදහටම තම පිස්සු කෙලින කණ්ඩායම අත්හල බවට පත්‍රක්ෂය. 

ගේම පටන් ගන්නේ එතැන් සිටය. කොල්ලා අරුන්ට ප්ලග් වන්නේය. උන් සමග එකට සිට පිස්සු කෙලින උන් ගැන ඉගෙන ගන්න උන් කේලාම් කියන්නට යද්දී තමා කලින් සිටි කණ්ඩායමට ඔත්තුව දෙන්නේය. එතැන් සිට ඉගෙන ගන්න උන් අතර භේද බින්න ඇති වන්නේය. උන්ගේ කණ්ඩායම අතර සිට කිසිවෙකු ඔත්තු දෙන බවට සැක සිතී එක එක අතර සහයෝගය බිදෙන්නේය. අවංක බව පළුදු වන්නේය. ඉතිං පිස්සු කෙලින උන් ගොඩය. කේලාම් කියන උන්, තමන්ට බාධා කරන උන් විනාශ වන්නෝය. එහා පැත්තට ගිය එකාද සතුටු සිතින් නැවත මේ පැත්තට එන්නේය. එවිට අර කණ්ඩායම බිදී අවසන්ය.

දයාගේ- රනාගේ ප්ලෑනද එයමය. රනා සීතල යුද්ධ කාරයාය. මලින්ද මාමාට දයා ප්ලග් කලේ එලෙසය. දයා වැඩ දමාගෙන ගොස් මලින්දයාට සපෝට් වගේ සිට ඩබල් ගේමක් දෙන්නේය. එවිට මලින්ද මාමා සමග වටේ සිටින සෙට් එක කැඩෙන්නේය. මහ ඇමති සීට් එකට පවා කේස් එන්නේය. කොහෙන්වත් ආ දයාට දෙන එක වැරදිය. අපි එදා ඉදන් මේ පැත්තේය කියමින් උන් කෑ ගසන්නෝය. එවිට දයා යකෝ මම කලින් හිටියෙත් මේ පැත්තේ, නම හදාගන්න තමා ඒ පැත්තට ගියේ කියමින් සද්ද දාන්නේය. වැඩේ එවිට ගොඩය. රනාගේ - දයාගේ ප්ලෑන සාර්ථක වන්නේය. එසේම ඇමති සීට් වලටද ගේම ඇදෙන්නේය. කැබිනට් එකේ සිට මරා ගන්නේ එදාටය. එවිට විපක්ෂය ගොඩය. මලින්ද මාමා තම සෙට් එක භේද බින්න වී තැන තැන සී සීකඩව වී සිටිනු දැක අමන්දා නන්දයට පත් වන්නේය. එවිට විපක්ෂය ගොඩ යන්නේය.

සෑමාට කෑමක් විෂ වෙලා හෝ, අහවල් දෙයක් පෑගිලා කියා හෝ සිතෙන උන් මෙතැන් සිට බිහි වනවා ඇතිය. ඒත් මෙවැනි මැජික් ඇත්ත සමාජයේ වීමට බොහෝ ඉඩ ඇති බව සිතිය නොහැක්කේ මන්දැයි සෑමාටම සිතෙන්නේය. මොකද වෙඩි කාපු උන් කිසාම පැල්ලමක් වත් නැතුව නැවත රටට එන එක විශ්වාස කළ හැක්කක් නොවන්නේය. ගස් බැදපු උන් තමන්ම බැද ගත්තා යැයි කියන එක විශ්වාස කළ හැක්කක් නොවන්නේය. එහෙව් රටක මෙවන් සීන් එකක් විශ්වාස කළ හැක්කක් නොවන්නේ මන්දැයි සෑමා ප්‍රශ්න කරන්නේය.

පලි - මෙවන් සිහින මේ දින වල පෙනෙනවා නම්, මෙවන් දේ මේ කාලයේ සිතෙනවා නම්, ඔබ සිරි ලාංකික ආශ්චර්යට ලගා වී ඇත්තේය. එය විදිය යුතුය.

Tuesday, July 23, 2013

ලොක්කා අප සනසන්නට ඇවිත් ගියේය...


කන්න දෙයක් නැතිව කෙදිරි ගාන උන් හැම තැනමය. අවුරුදු කන්නට කස්ටිය ඒ.ටී.එම් පෝලිම් වල සිටියෝය. හැම සතේම එළියට ඇද්දෝය. ඒ අස්සේ රත්තරං බඩු උකසට තිබ්බෝය. අනේ දැන් නම් කාලා හමාරය. මහ එකා කුජීතය. කරන්නට දෙයක් නැතිය. ලබන පාර ගෙදර යවනවාය. කියමින් අපේ ගමේ උන්ද සිටියෝය. හැමදාම එහෙමය. හැබැයි මැතිවරණයේදී මහ එකා දිනුම්ය. ඇයි යකෝ විපක්ෂයේ හරි හමන් එකෙක් නැත්තං ඡන්දය නොදා ගෙදර හිටියත් මහ එකා පරාද විය යුතුය. ඒත් ඒකා දිනන්නේය. ඒ තරම් මැජික් එකක් ලොවෙත් නැතිය.

ඒත් ඒක මැජික් එකක් නොවන බව අද අපට හැගුනේය. අපේ ගම පුරා තොරණ් ගැසුණේය. පාරවල් වල තිබු සමහර තඩි වලවල් ගොඩ වූයේය. දෙපැත්තේ වල් වැදී තිබූ පාරවල් ඩෝසර් කොට පලල් වූයේය. මහ නස්පැත්තියක්ය. සතියකින් වැඩේ අහවරය. වෙනදාට හයියෙන් යන උන්ගේ වේගය අඩු කරන්නට තෙල් සංස්ථාව පැත්තේ දමා තිබූ ගැට්ට පවා කැඩුනේය. ඒ ගැට්ට කැඩුනේද මහ එකා එන නිසාය. සතියකින් මහා විපරියාසියක් වූයේ මහ එකා එන නිසාය. එක අතකට පොරව ගෙදර යවන එක වැරදිය. හැමදාම දිනවිය යුතුය. එසේ බලයේ තබාගෙන රටේ අහුමුලුවල පුංචි ගම් අස්සේ රිංගවිය යුතුය. එවිට සතියකින් වලවල් වැසෙන්නේය. ගැට්ට කැඩෙන්නේය. වල් පැල ඉගිල්ලෙන්නේය.

අල්ලපු ගමේ ජල පිරිපහදුවෙන් අපට මෙන්න මුලු කලාපයටම ජලය ලැබෙන්නට පටන් අරන් මාස ගණනාවක් වන්නේය. ඒ කියන්නේ කලින් ඕපන් වී තිබුණේය. අද ලොක්කා හදිසියේ පාරවල් සුද්ද කරමින් ආවේ නැවත ඕපන් කිරීමටය. වෙනදා මහ එකාට අම්මා මුත්තා නැතුව බනින උන් සුදු පිරුවට ඔතාගෙන කන්ද නැග්ගෝය. “අනේ මොනව වුනත් ටැප් එකෙන් එන වතුර ටිකට පාටක් තියෙනවද අයියෝ??“ කියමින් සැට් එක ලොක්කා පිළිගන්නට ගියෝය. වෙනදාට බඩේ ගින්දරේ දගලන උන් පාන්දර වැටුණු වැස්සට, ඉන්පසු ඇතිවුණ කූෂ්ඨක අව්වට ආලයෙන් වෙලෙමින් තනි රැක්කෝය. ලොක්කා සමග පෙමින් වෙලුනෝය. ආදරෙන් බලා සිටියෝය.

පෝය දවසේ භද්දිය හාමුදුරුවෝ සිරස නාලිකාවේ බණක් දෙසුවෝය. යම් පුද්ගලයෙකු දකින විට පුද්ගලයා ගේ ස්වරූපයෙන් බාහිර පෙනුමෙන් ඔහු පිලිබදව යම්තාක් දුරකට අදහසක් සිත තුල හට ගන්නේය. එය එම පුද්ගලයා සමග කතා බහ කරන්නට පෙර ඇති වන්නක්ය. ඒ අනුව සුදු ඇදගෙන එන අය පිළිබදව මිනිස් සිතේ යහපත් සිතුවිලි එන බව පැහැදිලිය. එසේම කෝට් එකට අපේ සමාජයේද එහෙම යහපත් සිතුවිලි එන්නේය. සක්විතිට අසීමිතව බිලි වූ පිරිස් කෝට් එක ගැන යහපත් හැගීමකින් උන් අයය. සුදු සරම, නැෂනල් කිට් එක, සාටකය අපේ උන්ගේ යහපත් හැගීම් පෙල ගස්වන්නේය. ඉතිං කොනක සිට හුරේ කියන්නේ ඒ පූර්ව ආකල්පය නිසාය. ගමේ උන්ටත් උනේ ඒ ටිකමය. පැත්ත පලාතක ආවේ නැති පළාත් සභා මන්තිරි තුමා ආයෙත් ගමට ආවොත් නෙලනවා කියපු උන් මීයාට පිම්බාක් මෙන් අම්බානක ලව් සික් එකේ සිටියෝය. වේදිකාව බදාගෙන උම්මා දෙන මට්ටමේ පට්ට කික් එකේ සිටියෝය. අනේ අප රජතුමාය. අප ආදරේ නොකළ හොත් ඔහුට ආදරේ කරන්නට වෙන උන් නැතිය. ඉතිං කස්ටිය පෙරමුණ ගත්තෝය.

ප්‍රාදේශීය සභා ඡන්දයට ගොස් පට්ට චාටර් වී උඩුකුරුඤ්ඤං වී සිටි බ්‍රියට්ටිස් අක්කාද අද කන්ද නැග්ගාය. බඩපොත්ත පිට කොන්දේ ඇලී තිබුණද සාරි පොඩිත්තක් දවටාගෙන ඇට මාලය ගැටගසාගෙන ඇය ශාන්තිය සොයා ඇදුණාය. එහෙත් ඇයට හම්බුණ ලොක්කෙක් නැතිය. උස මදි නිසාම කෙලවරක සිට ඇගිලිතුඩු වලින් එසවී ලොක්කාගේ සාටකය දක්වා උඩුකය බලාගෙන ඇය කන්ද බැස්සාය. ගමට පැමිණිය හැකි හැම මාර්ගයකම පාලම් තොරණ් වැදුනද ලොක්කා සුටුස් ගා ඉගිලී ගියේ භක්තියෙන් බලාසිටි එවුන්ට ලගට එන්නට බැරි පරිදිය. පාර දෙපැත්තේ වේලී වේලී සිටි පොලිස් බට්ටන්ට සහ හමුදා භටයන්ට කාරුණික වූයේ අහසේ වලාකුළු පමණක්ය. ඒවා හෝ නොතිබුණා නම් උන් අව්වේය. අපේ ගෙවල් ලග සිටි හමුදා භටයා ටී එකක් බොන්නට තරම් වාසනාවන්ත වුවත් එය බීවේද තිගැස්මෙන්ය. ඒ ඔහුගේ ලොක්කා දැක්කොත් සොරි නිසාය.

ලගදීම ලොක්කා පමණක් නොවේය. සොක්කෝද ගේමට එන්නෝය. ඒ සොක්කන්ට වඩා ලොක්කා හොද බව හිතෙන්නේ උන් දැක්කාමය. පොඩි කෙල්ලන් උස්සන උන්, කසිප්පු පෙරණ උන්, දණ ගස්වන උන්, රට හිනස්සන උන් එක පෙළේ එන්නෝය. මොකා ආවත් කරන්නට ඇත්තේ එක දෙයක්ය. විපක්ෂයේ හරි එකෙක් නැති නිසා යැයි කියමින්, ඡන්දය දී උන්ව ඇතුලට යවන එකය. ඊලගට උන්ට සාප කර කර ලුණු පොල් කට්ටේ උලාගෙන පාන් කන එකය.

Monday, July 15, 2013

පූගොඩ බඩා කරලියට... - "Pugoda Bada" Back to the Stage !!!



බඩා යනු සුපිරි බුලට් එකක්ය. පොර අපට සෙට් වුනේ කොළඹ කොම්පැනියක වැඩ කරද්දීය. එහි ගෙවුණු වසරක කාලය අපට ආතල් දුන්නේ බඩාය. එනම් කුෂාය. මලියා, සෑමා සහ බඩා ගෑවුණු තැන වටේ ඉන්නා උන්ට කේස්ය. නඩුවක් හෝ ආතල් එකක්ය. හැම විටම කේස් නැති වුනත් වටේ ඉන්න උන්ට ගින්දර දෙන වාර අනන්තය. සියල්ල සිදු වූයේ ආතල් එකට මිස කාටවත් විනාශයක් ලංකර දෙන්නට නෙවේය. මේ සියල්ල මැද එල්.ආර්.එස්. පෙරේරා (ඌගේ මුලකුරු සමග නම එසේය. කොල්ලා එහෙම කතා කරනවාට කැමතිය.) අප සමග සිටියේය. පොර අපි තුන්දෙනා සමග එකට සිට, වචනයක් වැරදුනොත් බයිට් වෙන ඩයල් එකක්ය. ඌ ඉරට හද කීවොත් අපි පිලගත යුතුමය. නාහෙට නාහන ඩයල් එකක්ය. ඒ නිසා බඩාගෙන් අනන්තවත් බයිට් වන්නේය. එහෙත් ඌට අවුල් යන්නේ සෑමා හෝ මලියා ඌව බයිට් කලොත් පමණක්ය. නැතිනම් බඩා කියන කිසිවකට අවුල් නොයන්නේය. දිනක් ලියුමක් කොටුවේ තැපැල් කන්තෝරුවක පෙට්ටියකට දාන්න ගොස් පොර බයිට් වුනේය. එය සෑමා කලින් දවසක් ලියූ බවක් මතකය. සිද්ධිය සැකෙවින් මෙසේය.
දිනක් මිතුරෙකුගේ ගෙදරට ට්‍රිප් එකක් ගොස් බඩා ගෙදරට ගොඩ වෙන්නට පෙර ගොඩ වූයේ ලැට් එකටය.
එල්.ආර්.එස්. පෙරේරාට තවත් මිතුරෙකු ලියුමක් දුන්නේ තැපැල් පෙට්ටියට දැමීමටය. කරන්න කිසි දෙයක් නැතිය. මුද්දර පවා අලවා තිබු නිසා ඇත්තේ තැපැල් පෙට්ටියට දැමීම පමණය. පොර තැපැල් කන්තෝරුවට ගියේ බඩා සහ සෑම සමගය. 

“මචං මේක අර පෙට්ටියට දැම්මම ඇතිනේද?“

“පිස්සුද බං.. ඔය මුද්දරේ උඩින් සීල් එක ගහ ගනින්..“ ඒ බඩාය.

“කොතනින්ද ගහ ගන්නේ..“

“අර ඇතුලෙ ඉන්න අංකල්ට දියන්.. “

බඩාගේ බඩා සහ පපුව වෙන් කර හදුනා ගන්න
කොල්ලා ලියුම රැගෙන බර වැඩක යෙදී සිටි අංකල් ලගට ගියේය. අංකල් හිස ඔසවන්නේ නැතුවම ඇයි ඇසුවේය. අපට පෙනුනේ එල්.ආර්.එස් ලියුම දික් කරනවා පමණක්ය. අංකල් මල පැන අතපය දිගු කරමින් මොනවාද කීවේය. මූන දෙකට කැඩී එලියට ආ මිත්‍රයා අප සමග කතා කළේ පසුවදාය.

බඩා දුන්නොත් ගිණි ගෙඩියක්ය. පසුව බඩ සොලවමින් නොනැවතී සිනා සෙන්නේය. ඒ කාලේ අපි වැඩ කළේ ෂිෆ්ට් එකක්ය. වැඩට ආ යුත්තේ උදේ 6.30ටය. 2ට වැඩ අහවරය. බඩා 7.30ට පමණ පැමිණ පැයක් පමණ හති අරින්නේය. අතේ අරන් එන්නේ A4 කොළයක පමණ දිග පලල ඇති බත් එකක් පමණය. කෑම වෙලාවට එය දිග අරින්නේ “බලපං අපෙ අම්ම කොච්චර කිව්වත අහන්නෙ නැහැ තඩි බත් එකක් ඔතනවානේ.. “ කියාය. අපිත් සමග කියවමින්ම බත් එකට දෙසා බාන බඩා.. “අද නම් අමාරුවෙන් කෑවා“ බං කියන්නේය. හැමදාම එකම වචන ටිකකය. එහෙත් බත් පොඩ්ඩක් ඉතුරු කල දවසක් නැත්තේය. සමහර දින වල 2ට වැඩ අහවර වී බඩා 5 වෙනතුරු ඕ.ටී කරන්නේය. අපිට ඕටී තියෙන දාට බඩා තනිවම අපි එනතුරු සිටින්නේය. ඒ 3ට ලැබෙන ටී බ්‍රේක් එක නිසාය. ටී එක නොමිලේය. කොල්ලා ටී එක බීමට කට්ට කාගෙන පැය 3ක් අප එනතුරු සිටින්නේය. විටෙක 2ට වැඩ අහවර කොට. 3ට ටී එක බී ගෙදර යන්නේය.

දිනක් ලන්ච් එක ඉවර වී අප සියල්ලෝම පඩි පෙලේ ලෑලි අත්වැලට හේත්තුවී චැට් එකක්ය. එකවරම ලෑලි කැබැල්ල දෙදරා ගියේය. බඩා ගානක් නැතුව සිටි නිසා හැම එකාම බැලුවේ බඩා දෙසය.

“මොකද බං වුනේ??“

“පොඩි වාතයක් ගියා බං..“

“පොඩි..? හොද පොඩි.. යකෝ පැත්තකට ගිහින් ඇරපං කෝ...“

“සද්ද ඒව ගද නැහැ බං.. පොඩ්ඩක් බඩ කුරු කුරු ගෑව. ඒකයි..“

“තොගෙ බඩේ අමාරුවට කොම්පැනි පලිද යකෝ.. ඔය ලෑලි දිරයි..“

කෑමට මෙන්ම බඩා බීමටත් දක්ෂයාය. අක්කර දෙකක විතර බඩක් බෝතල් 5ක් දැම්මත් පිරෙන්නේ නැතිය. එහෙව් බඩා බොන්න ගත්තාම නොනවත්වන්නේය. දැනෙන්නේ වත් නැතිය. දිනක් බඩා අම්බානක සැට් වී ගෙදර ගොස් ඇත්තේය. ඒ ස්ටෝරිය අපි දැන ගත්තේ බඩාගේම වචනයෙන්, පසුවදාය. බඩා ගෙට ගොඩවෙන විටම තාත්තා ඉදිරියට පැමිණ ඇත්තේය.

“බිව්වා නේද??“

“බිව්වා?? කවුද බිව්වෙ?? මම බිව්වෙ නැහැ..“

“බිව්වෙ නැත්තං ඔය වැනෙන්නේ???“

බඩා කකුල් දෙකට හයිය ගෙන, එක අතක් ඉනට තබා. අනිත් අත බිත්තියට තද කර ගත්තේය.

“වැනෙනවා.. කවුද වැනෙන්නේ??“

“හරි හරි.. ගිහින් නිදා ගන්නවා කියවන්නෙ නැතුව...“

එදායින් පසුවත් බඩාගේ බීම නොනැවතුනේය. දිනක් කොම්පැනියෙන් අවුටින් එකක් ගියේය. වාද්දූව පැත්තේ හොටෙල් එකක් බුක් කර සෙට් එකම එහෙ දක්කාගෙන ගියේ කම්පැනියේ මුදලින්ය. අපේ උන්ට බීම තහනම් කොට තිබුනේය. එදා උදේ සිටම මුහුණට හමුවෙන හැම එකාම අහන්නේ.. “මුකුත් නැද්ද මචං..“ කියාය. හැම එකාගේම මුහුණු මැලවී තිබුනේය. නොයෙක් වර්ගයේ ගේම් එහෙම සංවිධානය වී තිබුනේය. එහෙත් ගතියක් තිබ්බේ නැතිය. ඒ ඇල්කොහොල නැති නිසාය.

ඉන්පසු ඇදුම් මාරු කරනවා නම් අපට වෙන් කර තිබු කාමර පෙන්නුවේ මැනේජර් කෙනෙක්ය. බඩා පෙරමුණ ගෙන අපිව ඇදගෙන ගියේය. කස්ටිය එහාට මෙහාට වෙනතුරුම බඩා අපව එහි රදවා ගත්තේය. ඉන්පසු තම ෂර්ට් එක අස්සෙන් බෝතලයක් ඇදලා ගත්තේය. සුදුවා කාලේ බෝතලයක් බඩ අස්සේ ගසාගෙන උදේ සිටම සූදානමින් සිට ඇත්තේ බඩාය.

“මේක කොහෙමද බං ගහන්නේ??“ ඒ සෑමාය.

“කටේ තියං ගහපං.. ඇයි උබට කප් ඕනද?“

“නැහැ යකෝ.. අමුවෙන්?? අනික සුදුවා.. කෂියා ගහනවා වගෙ..“

“බැරි නම් හිටපං..“ බඩා කටේ තියාගෙන එක හුස්මට ගැසුවේය.

“ඊයා බං..“

“මෙහෙ වරෙන්.. මම දැන් කාලෙ බෝතලෙන් බාගයක් ඉවර කලා.. දැන් මේක පිරෙන්න සින්ක් එකෙන් වතුර පුරවලා ගහපං..“

“අහ්.. එතකොට ටිකක් ෂේප් වෙයි නේද බං..“

සෑමා පුරවා උගුරු දෙකක් පමණ ඇස් පියාගෙන ගැසුවේය. 

“මොකද මෙතන වෙන්නේ...??“ ඒ අපේ මැනේජර් කෙනෙක්ය.

“පොඩි ෂොට් එකක් දැම්ම අයියා..“ ඒ බඩාය.

“අයියෝ.. අමුවෙන්ද ගහන්න තියෙන්නෙ?? එහෙම හරි කමක් නැහැ.. මෙහෙ දෙනව බලන්න..“

එදා සිට බඩාට මැනා සැලකුවේ කෂියා මුදලාලි කෙනෙක්ට වාගේය. 

බඩාගේ කතා සෑමාට ෙකොනක ඉදන් මතක් ෙවන්නට වූයේ මෑතකදී ලැබුණු මිස් කෝල් එකක් නිසාය. සෑමාගේ පෝං එකේ ක්‍රෙඩිට් ලිමිට් එක ගැට්ටේ තිබුනු වෙලාවක ලෑන්ඩ් නම්බර් කෝල් එකක් ලැබුනේය. එවන් කෝල් එකක් ගත්තොත් ඩිස්කනෙක්ට් වෙනවා ෂුවර්ය. එහෙත් කවුරුන්ද නොදන්නා නිසා, ඔෆීෂියල් කේස්ද නොදන්නා නිසා හිත හදාගෙන සෑමා කතා කළේය. බලනකොට අපේ මිත්‍ර බඩාය. පොරගේ හිනාවෙන්ම සෑමා අඩෝ උබ බඩා නේද කියා ඇසුවේය. එම කතාව පැය කාලකට වඩා තිබුනේය.

“ඇයි බං මේ වෙන නම්බර් එකකින්... කෝ උබෙ පරණ නම්බර් එක..“ ඒ සෑමාය.

“අහ්.. මේක ඔෆීස් නම්බර් එක බං..“

“එහෙමද? මම බැලුව මචං මොකද කියලා.. ඇයි ඉතිං මේකෙන් ගත්තෙ..“

“මේකෙන් ගත්තම ලාභයි නේ බං.. පට්ට වාසී.. බිල යන්නෙ නැහැනෙ..“

“උබට විතරක් නෙවේ &^**$# උබලගෙ ඔෆීස් එකටත් වාසී..“

“ඇයි මචං සෑමා එහෙම කියන්නෙ..“

“ඇයි යකෝ මම මිස්ඩ් කෝල් එක දැකල ගත්තම, උබට විතරක් නෙවෙ තොපෙ ඔෆීස් එකටවත් බිල යන්නෙ නැහැ...“

“අඩේ මම ගන්නම් මචං..“

එසේ කියා කට් කළ බඩාගෙන්...තාමත් කෝල් එක නැතිය.

Written by sAm ශ්‍රී Perera_11:24pm_15/07/13

Friday, July 12, 2013

නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!




දවසට වරක් කරනව මම එය අනිවා
රෑ මැද ජාමෙ තනියම මම පිය මැන්නා

නංගී නිදයි දවසම දගලන හින්දා
ඈ ගොරවන නිසා සැක නැහැ එය මා දන්නා



අහිතක් නොවේ ආදරයෙන් අපි දෙන්නා
වෙනසක් නැතිව ඈගේ එක මගෙ වාගේ

කෙදි කෙදි වාගේ කෙලවර කිතියක් දෙන්නා
කළුවර අස්සෙ තොල් අග මා ගා ගත්තා



දිව උඩ දලමින් නටනා හැටි මාගේ
කොස්සෙන් මිදුල අතුගානා හැටි වාගේ

උස්සා බෙල්ල උගුරට දාලා සාරේ
අහවර කළා දවසට වරකුත් බාරේ



යහනින් නැගිටලා නංගා ගිය තාලේ
තාමත් මැවෙනවා මාගේ දෑස් තලේ

වේගෙන් ආව නැවතත් පැත්තෙන් සාලේ
නිදි හිරි කඩමින්ම මම ඇසුවා තොවිලේ



බ්‍රශ් දෙක එක නිසා මම කිව්වා නේද?
මාර්ක් එකක දමමුකෝ බුරුසුවෙ හනික

කනකට නොගෙන මාගේ කීමක් අනික
මැද්දා නේද? මගෙ බුරුසුවෙන් රෑක
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*

Written by sAm_ශ්‍රී_Perera_8:43pm_12/07/13

Friday, July 5, 2013

නම්බරේ ගත් කෙල්ල නිවසට හොයාගෙන එයි.. - Girl At The Door Step..!!


මේ කතාවේ නම් ගම් මන* කල්පිත නොකලොත් ජීවිත රැසක් අනතුරේය. ඒ නිසා කතාව දිගටම කොටාගෙන යනවා මිසක නම් ගම් නැතිය. හැබැයි කතාවේ රසය ටිකක් අඩු වෙනවාය. සිනහවට වඩා ජීවිත රැක ගැනීම වටිනා නිසාම රස අඩු වුවද කතාව ලියවෙන්නේය.

“අඩෝ අන්න පට්ට කෑලි දෙකක් යනවා..“

“ස්ලෝ කරපං.. ස්ලෝ කරපං..“

“අඩෝ.. උබ අත වැනුව නේද?? අන්න උන් දෙන්නත් අත වැනුවා..“

“නවත්තපං යකෝ.. බලමු කොහෙටද යන්නෙ කියල.“

“අන්න.. හෝල්ට් එකේ නවත්තල තියෙන බස් එකක නැග්ගා..“

“දෙන්නෙක් ඉන්නව නේ.. නම්බර් එක දියන්.. උබෙ එකයි මගෙ එකයි දෙමු..“

“හරි මචං මෙන්න.. මගෙ නම්බර් එක..“

“මචං මායි, මූයි ගිහින් නම්බර් එක දීල එන්නම්. උබෙ එකත් එක්කම. උබ බස් එක ඇද්දුවොත් කාර් එකේ අපිව ෆලෝ කරගෙන වරෙන්. අපි හෝල්ට් එකකින් බැහැල ඇවිත් නගින්නම්.“

“වරෙන් යන්න බස් එකට නගිමු..“

එක නම්බරයක හිමිකරුවෙක් කාර් එක පදවන්නාය. අනිත් එකා කාර් එකේ ආ තවත් අයෙකු සමග බස් එකට නගින්නේය. කෙල්ලෝ දෙන්නා සිටගෙන සිටියදී දෙන්නා දෙපැත්තෙන් හිට ගන්නෝය. 

“කොහෙටද මේ බස් එක යන්නෙ නංගි??“

“මේක යන්නේ ^&**( ට“

“ඔයාල එහෙන්ද බහින්නෙ..“

“නැහැ... ඇය අහන්නෙ?“

“අපිත් ටිකට් ගන්න ඕන නෙ.. ඒකයි ඇහුවෙ..“

“හිකි.. හිකි...“

“ආ.. මේක ගන්න..“

ඇය වටපිට බලා නම්බර් එක ගන්නීය.

“ඔයාගෙ ෆෝන් එක දෙන්න...“

ඇය ෆෝන් එකත් දෙන්නීය. ඔහු ඇගේ පෝං එකෙන් තමන්ටම මිස් කෝල් එකක් ගහ ගන්නේය. එවිට කාඩ් එක දෙනවාට වඩා ෂුවර්ය. නැත්තං කාඩ් එක අරගෙන කෝල් නොකර ඇයට සිටිය හැකි නිසාය. ඒ අතර අනිත් එකා කාර් එකේ සිටින එකාගේ නම්බර් එක දෙන්නට ටෝක් කරන්නේය.

“මේ මට කෝල් එකක් දෙන්න ඈ...“

“හා... හා...“

වැඩේ අවසන දෙදෙනාම ඇවිත් කාර් එකට නගින්නේ බස් හෝල්ට් එකක බස් එක නැවැත්වූ පසුය. කාර් එක එලවාගෙන ආ නම්බර් එකක හිමිකරු මෙසේ අසන්නේය.

“ඒ උබ මගෙ නම්බර් එක දුන්න නේද?“

“දෙන්න වුනෙ නැහැ බං.. මේ තියෙන්නේ..“

“එතකොට උබ අරකිට කිව්වෙ කෝල් කරන්න කියල මේ නම්බර් එක නොදීද?“ බස් එකේ නැගි අනිත් එකා අසන්නේය.

“ඒක ඇහුවට මේක දෙන්න වුනේ නැහැ බං..“

නම්බර් එක ගසා ගත් කෙල්ල අරූට සෙට් වන්නේය. අනිත් නම්බර් හිමිකරුට ඒ මාර්ගයෙන් නම්බර් එක ලැබෙන්නේය. ඒ දෙදෙනාද, අර දෙදෙනාද, මල් කඩන්නෝය. අනිත් කෙල්ල සිතා සිටින්නේ බස් එකේ නැග නම්බරය නොදි තමන්ට කෝල් කරන්න යැයි කියපු එකා තමා සමග කතා කරනවා කියාය. එහෙත් ඇත්තටම කතා කරන්නේ කාර් එකේ සිටි එකාය. අරූ අරන් ආවේ උගෙ නම්බරයය.

දිනයක් යොදා ගනිමින් හතර දෙනාම එකම තැනකදී මුණ ගැසෙන්නෝය. එතැනදී නම්බරය දෙන්නට ආ බුවා ගැන කතාව ඇදෙන්නේය.

“මම හිතාගෙන හිටියෙ එදා ඉදන් මට කතා කරන්නෙ අර බස් එකට නැගපු කෙනා කියලමයි අනේ..“

“ඇයි එයා කිව්වෙ නැද්ද මේක මගෙ නම්බරේ කියල..“

“නැහැ අයියෝ.. එයාට කෝල් කරන්න කිව්ව. ඒත් මට නම්බර් එකක් වත් දුන්නෙ නැහැ...“

“මාර සීන් එකනේ..“

“ඔව්..මට තාම මැවිල පේනවා රිලා පැටිය වගේ බස් එකේ පොල්ලෙ එල්ලිලා මගෙ දිහා බලාගෙන හිනා වුන හැටි. මේ බලන්න ඔයාගෙ නම්බරේ මම සේව් කරල තියෙන්නෙත් රිලා පැටිය කියල..“

මාසයක් ඇතුලත මේ සීන් ඔක්කොම අහවරය. උන් උන්ට කෝල් නැත්තේය. සද්ද නැතුව මාස 6ක් පමණ ගෙවෙන්නේය. ඒ අතර හදිසියේ වදුරු පැටියා ලෙස නම්බර් එක සේව් කර ගත් කාර් එක පැදවූ එකාගෙන් කෝල් එකක් එන්නේ අනිත් බුවාටය.

“කැ& සීන් එක බං..“

“ඇයි බං මොකද?“

“උබ දන්නව නේ අපෙ මල්ලි කෙනෙක් බදින්න යනවා. පොරගෙ ගර්ල්ට අපෙ ගෙදර තමා අන්දවන්න යන්නෙ..“

“ඉතිං..“

“අද මම ගෙදර නැති වෙලේ ඇවිත් ඒ අන්දවන කෙල්ල.. සැලුන් එකේ කෑල්ල..“

“ඉතිං මොකැ බං සීන් එක..“

“ඒකි තමා එදා අපිට සෙට් වුණ කෑල්ල බං.. දැන් ගෙදර ඇවිත් අරුන්ට අන්දවනකොට මට හැංගිල ඉන්න වෙයි බං.. “

“උබ කෝමද ඒකිම කියල දන්නෙ.. අනික ඒකි සැලුන් එකක් කරනව කියල අපිට කිව්වෙ නැහැනෙ...“

“නැත්තෙ කොහෙද බං.. උන් අපිට බොරුද කොහෙද කියල තියෙන්නේ.. මම ඒකි කරපු ඇල්බම් ටිකක් ගෙදර තිබිල බැලුව... ඒකිම තමා බං.. ගෙදර ආවොත් මට විනාසයක් වෙන්නෙ..“

“මරුනෙ බං.. එදා හොයාගෙනම ගිය එක අද උබෙ ගෙදරටම එනවා..“

“විහිළු නැතුව මට බේරෙන්න ක්‍රමයක් කියපං &*$තෝ....“

Written by sAm_ශ්‍රී_Perera_05/07/13

Wednesday, July 3, 2013

චූ බරට දොර ඇරීම.... Opening Zipper Before The Door.... !!




මේ කියන්න යන්නේ “දොරේ“ කියමින් කතා කරන දෙමල දොරේලා ගැන නෙවේය. දොරක් ගැනය. මලින්ද දොරේ මෑතකදී වත්තල මත්තල එකක් විවෘත කළේය. ඒ එයාර් පෝර්ට් එකක්ය. ෆලයිට් ගැන අපිට වැඩක් නැතිය. එහි යන එන ප්ලේන් ගැන කතා කර අහවරය. ඒවා අතීතයට එක්වී අහවරය. අනික අපේ වුන් ඒවා සති දෙකකට වඩා අදින්නට කැමති නැතිය. අලුත් එකක් අල්ලා ගන්නෝය. එහෙත් පෝට් එක ඕපන් කරන්න  පෙර සහ පසු නියම ඇඩ් එකක් ගියේය. මලින්ද මාමා කැමති ආකාරයේ පොඩි උන් රැසක් එහි රගපෑවෝය. උන් සැට් එක ෆලයිට් එක නග්ගන තැන සිට ලෑන්ඩ් කරන තැන දක්වා දක්ෂ අයුරින් රගපෑවෝය.

ෆලයිට් එක නග්ගන විටදී පොඩි එකෙක් කොඩියක් අත තියාගෙන වැනුවේය. ලස්සන කෙලි පැටික්කියෙක් ගුවන් සාත්තු සේවිකාවක ලෙස ලස්සනට කටයුතු කළාය. පයිලට් අයියා සිටියේ පට්ට වැඩ කාරයෙකු ලෙසය. කොල්ලා තඩි හෙඩ් සෙට් එකක් දමාගෙන පයිලට් ලෙස රගපෑවේය. වැඩේ ලස්සනට කෙරුනේය. ෆලයිට් එක උඩ ගියේය. බිම ඉන්නා තව පොඩි උන් උඩ බලාගෙන අත වැනුවෝය. පංකාදුය. පෝට් එක මගින්, ඇඩ් එක මගින් ජනතාව බඩ කට පුරවාගත්තෝය. පොඩි උන් වැඩේ ලස්සනට අරපරිස්සමට කළෝය. උන් පොඩි උන් වෙලත් උඩින් යන ප්ලේන් එකේ දොරවල් අරින්නට නොගියෝය. ඒ පොඩි උන් සම හරක් ඇමති පුතුන්ට වඩා බුද්ධිමත් නිසා විය යුතුය. ඒ කියන්නේ පොඩි උන්ගෙනුත් මහ එකාලගෙ තඩි දරුවන්ට ගන්නට දෙයක් ඇති බව පවසන්නක්ය.

ඉස්සර ජෝක් එකක් තිබුනේය. අපි හිතුවේ ඒවා සත්‍ය නොවන විහිළු බවක්ය. ඒ තරම් මෝඩ උන් මහ පොලව මත සිටිය නොහැකි නිසා අපි ඒවා විහිළු බවත්, මෝඩ මිනිසුන් මිස මොලේ සැන්ටිමීටරයක් වත් ඇති උන් නොකරන වැඩ බවත් සිතුවෝය. ඒත් ඒ විහිළුව අද සත්‍යයක් වන්නේය. විහිළුව නම් මෙසේය. දැන් ඒවාට හිනා යන්නේද නැත්තේය. මන්ද විහිළු කාරයන් විසින් ඒ මොට්ට වැඩ පවා කර පෙන්වන නිසාය.

මහ රෑ ජාමයේ වෙරි මර ගාතයේ සිටි එකෙක්ට ඇහැරුණේය. පොර බියර් බී සිටි නිසා හැම තිස්සේම වූ බර හැදෙන එක සාධාරණය. පොර ඒ සාධාරණ කරුණ මත චූ බරෙන් පෙලුනේය. නැගිට චූ කරන්නට තැනක් සෙව්වේය. සුපුරුදු බාත් රූම් එකට යන දොර සෙව්වේය. දොර පලුව අතට අසුවූයේය. දොරේ හැඩල් එකෙන් අල්ලා දොර හැර හිත වූ බර නිදහස් කළේය. විසිල් එකක් ගසමින් චූ කොට පොර නිදා ගත්තේය. පසුවදා උදේ වැඩට යන්නට ඇදුම් සොයන කළ ඇදුම් වලින් ආවේ මුත්තරා ගදක්ය. පොර වෙරි මර ගාතයේ චූ කර තිබ්බේ ඇදුම් අල්මාරියටය. 

ඒ කාලේ අපිට ඒවා විහිළුය. අනික මොට්ට වැඩය. එහෙත් අද කාලේ ඇමති පුතාලා කරන්නේද ඒවාය. ගුවනේ සිට ප්ලේන් වල දොරවල් අරින්නෝය. ආතල්ය. ඒවාගේ විනාස කාරී ආතල් ගත යුතුය. ඇමති පුතා එහෙම වැඩක් කළා නම් ලොක්කාගේ පුතා මොනවා නොකරයිදැයි මට විටක  සිතෙන්නේය. පොර අරින්නේ රොකට්ය. එක පාරක් චන්ද්‍රිකාවක්ද යැව්වේය. වෙන රටකින් අපේ නම ගසා යැවූ එක දිහා බලා සිට පොර සැනසුනේය. මහජනයා අහස දෙස බලාගෙන ආඩම්බරයෙන් කීවේ ආඩම්බරකාර තාත්තාගේ පුතා යැවූ නිසා අපට බඩට කන්නට දෙයක් ඕනේ නැහැ කියාය. ඒ අයියා රොකට් එකක දොරක් අරින්නට ගියොත් අපිට සැනසෙන්නට වෙන්නේය. මන්ද ඇමති පුතා කලාට වඩා දෙයක් ලොක්කගේ පුතා කළ යුතු නිසාය. නැත්තං අපිට ගතියක් නැත්තේය. ජාත්‍යන්තරයේද අප කොන් වන්නේය.

ඒ වාගේම විහිලුවක් සෑමාට මතක් වන්නේය. ඒවා ඉස්සර අපි හිතුවේ මොලේ තියෙන උන් නොකරන සැබෑ සමාජයේ විය නොහැකි ඒවා බවය. ඒත් දැන් වෙන්නේ එහෙම ඒවාය. කරන්නේ ලොක්කන්ගේ පුත්තුය. සැප කනේය. ඒ විහිළුවත් මෝඩය. කතාව මෙසේය.

දවසක් බීපු එකෙක් ගෙදර එන්නේ කන්න බලාගෙනය. කන්න දෙයක් නැත්තං ගෑනිව හෝ කන්න බලාගෙන එන්නේය. ගෙදර තියෙන්නේ මොනවදැයි පවුලගෙන් අසන්නේය. ඇය නිදි ඇදේ සිටම කියන්නේ අන්න මේසෙ උඩ කෑම ඇති කියාය. ඔහු මේසය උඩ කෑම වසන වට්ටිය හැර බලන්නේය. පොර මේසය උඩ ඇති පිගාන මත ඇති කෑම කන්නේය. පසුව පිගාන පිගන් රාක්කයේ නවා නිදා ගන්නේය. ඒ අතර පවුලට බනින්නේ මේ පොඩ්ඩ කාලා මගෙ බඩ පිරෙනවද යෝදියේ කියාය. ඇය නිදි මරගාතයේ බීපු මිනිහා කියන ඒවා ගනන් නොගන්නීය. පසුවදා උදේ බලන විට පිගන් රාක්කය දිගේ කූඹි පෝලිමක්ය. සිහියෙන් සිටින රෑ කෑම කාපු හස්බන්ඩාද බලන්නේ මේ මොකද කියාය. බලනකොට පොර පිගන් රාක්කයේ රොටිය නමා ඇත්තේය. පිගාන කියා රොටිය රාක්කයේ දමා පොර ලුණු මිරිස් ගුලිය ගිල ඇත්තේය.

මේවා විය නොහැකි දේවල්ය. එහෙත් දැන් සිද්ධ විය හැකිය. ඇමති පුතා ආතල් එකට ප්ලේන් එකේ දොර හරින්නේ පම්ප් එකක් දමන්නට ටොයිලැට් එකක් සොයා ගැනීමට බැරි නිසාය. එපා කියද්දීත් දෙතුන් වර දොර හරින්නට හදන්නේ හිර කරගෙන ඉන්නට ඇති අමාරුව නිසාය. ඒවාට මුකුත් කියන් එක වැරදිය. අපේ උන්ට නම් තාප්පයකට අල්ලා සැනසිය හැකිය. එහෙත් උන් නම් මොනවා කරන්නද? ලොකු වුනත් පොඩි වුනත් මුත්තරා බර මුත්තරා බරමය. අනුකම්පා කළ යුතුය. එහෙත්  ඡන්දය දෙද්දී මොලේ තිබිය යුතුය. උන්ට කොහොමත් නැති නිසා, මහජනයාට මොලේ තිබිය යුතුය.

Written by sAm_7:57pm_03/07/13

Monday, July 1, 2013

පිටස්තරයා..


“ඕක කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු එකෙක් ඈ.. ඉතිං මක්කටෙයි අයිය මලෝ දෙන්නට ගෑණු දෙන්නෙක් හොයන්නෙ. පොඩි එකාවත් අයියගෙ ගෑණිටම පංගරාතු කොරනවා මිසක්කා..“

කෑ ගැසුවේ පොඩ්ඩයියාගේ අම්මාය. ලොක්කයියා හෙට අනිද්දා සිරිමලී සමග කසාදයකට යන්නේය. ඒ අතර කිසිම කෙල්ලන් පිළිබද හැගීමක් දැනීමක් නැති, පොඩ්ඩයියාද යැවීම අම්මාගේ වුවමනාව බව සිරිමලී දන්නීය. ඈට කරන්නට දෙයක් නැතිය. ලොක්කයියා සිටින්නේ පොඩ්ඩයියාට පණ ඇරලාය. පොඩ්ඩයියා තම නිවසට ආවත් සිරීමලීට අතක් නොතබන බව ඈ දන්නීය.

“මොකැ කොල්ලො උබ කියන්නෙ?“

“මම අහවල් එකක් කියල කියන්ට ඈ.. අම්මලෑ කැමැත්ත මයෙ කැමැත්ත නොවැ...“

“උබ හිතේ එකක් තියාගෙන කතා කරනවැයි?“

“අනේ නැහැ අම්මා.. පොඩ්ඩා මගෙ පන කෙන්ද.. ඕකා මාත්තෙක්ක එක ගෙයි කෑවට සිරිමලී වුණත් වරදක් හිතනව කියල මම හිතන්නෙ නැහැ...“

“එහෙනම් වැඩේ තීන්දු කොරල ගන්න තියෙන්නෙ.. වැඩි දවසක් නොයව..“

ගෙදර එක බතක් ඉදෙන්නේය. සිරිමලී සතුටින් සිටින්නීය. එක මේසෙට බෙදෙන බත දෙදෙනාම එක්ව හිදගෙන කන්නෝය. සිරිමලී අඩු පාඩු බලා බෙදන්නේ ලොක්කයියාට පමණක්ය. එහෙත් ඒ බව නොදුටු සේම පොඩ්ඩයියා තමා බෙදාගත් පමණට කා ඉවත්ව යන්නේය. තමාට කිසිවක ඇල්මක් බැදීමක් නැත්තේ ඇයිදැයි හිතන්නට පොඩ්ඩයියාට වේලාවක් නැතිය. කාබී පැත්තකට වෙන පොඩ්ඩයියා වත්තේ වැඩක් කොට ගෙදරට එන්නේ රෑටය. ලොක්කයියා වඩු මඩුව වෙත යන්නේ පාන්දරය. ඒ යන විටදී සිරිමලී ඔහුගේ හිස තෙත් කරන්නේ උණුසුම් හාදුවකින්ය. පොඩ්ඩයියාගේ තෙත් වන්නේ දෙතොල්ය. ඒ සිරිමලී සාදා දෙන උණු කහට කෝප්පයෙන් මිස අන් කිසිවකින් නොවන්නේය. උදේම වත්ත පිටියට යන පොඩ්ඩයියා දහවල කෑමට නිවසට එන්නේ ලෙක්කයියා වඩුමඩුව දහවල් කෑමට වසා දමා නිවසට ආ පසුය. නැවත ඔහුට පෙර පෙරලා වත්තට යන්නේ ලොක්කයියාගේ දහවල කෑමට පසු, සිරිමලී අඩු පාඩු පුරවන නිසාය.

පොඩ්ඩයියාගේ මහන්සිය නිවාලන්නේ රාත්ත්‍රියේ කෑ ගසන ගෙම්බන්ය. පැලේ එලි පැත්තෙ නිදා ගන්නා පොඩ්ඩයියා ඒ හඩ අසමින් නිදා ගන්නේය. ඇස් දෙක පියාගෙන නින්ද යනතුරු සිටින්නේ ලොක්කයියා සහ සිරිමලී ගැන මතකයන් නැති කර ගැනීමටය. ඔවුන් දෙදෙනා තනිව එක පැදුරේ නිදන්නෝය. ඇස් හැර, කන් යොමා සිටියහොත් සිහින් හඩින් කරන කතා බහ, කෙදිරිලි තම ගත දැවටෙන්නේය. එවිට චිත්ත රූප සමගම මැවෙන්නේ සිත එක තැනක තබා ගත නොහැකි ඡායාවන්ය. එවිට පොඩ්ඩයියාගේ දැහැන් බිදෙන්නේය. තමා අතැර, දුරක සිටින තමාටත් අයිති සිරිමලී ගැන අදහස්, ආසාවන් උපදින්නේ එවිටය. එනිසා සිත තද කරගෙන ඇස් පියා ගන්නේ සියළු බන්ධන වලින් මිදීමටය. සිත පුරා මෝරන පෙර නොතිබූ ආකල්පයන් යටපත් කර ගැනීමටය.

රෑ මැද්දේ කිසියම් හඩක් ඇසී තිගැස්සී ඇහැරෙන්නේ පොඩ්ඩයියාය. ඒ අතර කාමරය තුලින් ඇසෙන හඩ, ඔහුගේ දැහැන් බිදින්නේය. ලොක්කයියා, සිරිමලී තවමත් අවදියෙන් බව පොඩ්ඩයියාට දැනෙන්නේ එවිටය. තමාට හිමි තමා පැත්තකට වී සිටින ඇය තම පහස පවා පුරවා දිය යුතු බව ඔහු සිත තරයේ කියන්නේය. ඔහු ඇස් පියා නොගෙන, සිත අහකට නොයවා සියල්ල අසා සිටින්නේය. සිරිමලී හිමි දෙදෙනාටම නම් තමා පසෙකට වී සිටින්නේ මන්දැයි පොඩ්ඩයියා කල්පනා කරන්නේය. මුල් කාලයේ කාන්තාවක් පිලිබද කිසිම හැගීමක් නොතිබුණද දැන් තමාට ඇය හිමි විය යුතුය. ලොක්කයියා සේම ඇය තමා සමගද කල් ගත කළ යුතුය. නොනවතින සිතුම් පෙලක්, හැගීම් පෙලක් පොඩ්ඩයියාගේ සිත තුල පහල වෙමින්ම ඔහු නිදි දුව වැලද ගන්නේය.

වෙනදා මෙන් උදෑසන ඇස් ඇරෙන්නට හදිස්සියක් නැති වූයේය. ලොක්කයියා නිවැසන් යනතුරුත් පොඩ්ඩයියා අවදි වූයෙ නැතිය. ඔහු නැගිට තේ කෝප්පයක් සාදවා ගන්නට හැදුවේ සිරිමලී අතින්ය. වෙනදාට ලැබුනොත් බොන, නැති වුනොත් නිස්සබ්දව සිටින තේ කෝප්පය අද පොඩ්ඩයියාට ඕනෑ වූයේය. ඔහු සරම ගැට ගසමින් ගියේ සිරිමලී සොයාගෙනය. ඇය කුස්සිය කෙලවර සිටියේය.

“සිරිමලී නගා.. මට කහට එකක් හරි හදල දීපං..“

“ඉදිං අයියා මම හදල දෙන්නම්..“ කියමින් ඇය පිටපස හුරුණාය.

වෙනදා නොදුටු ඇගේ සිරුරේ රේඛාවන් දෙස පොඩ්ඩයියා මහත් ඕනෑ කමින් බලා සිටියේය. ඇය පිටුපස හැරී පොඩ්ඩයියාගෙන් විවිධ ප්‍රශ්න ඇසුවාය. එහෙත් ඔහුගේ දැහැන බිදින්නට ඇයට හැකි නොවූවාය.

“අයියන්ඩි මොකෑ අද පරක්කු වෙලා ඇහැරියෙ??“

පොඩ්ඩයියා සද්ද නැතිය. ඇය ප්‍රශ්න අසා මහන්සි වූ කලෙක, පිටුපස හැරී බලන්නේ පොඩ්ඩයියා පිටුපස ඉන්නා බවක් සිතාය. පස්ස හැරී බලනා විටම පොඩ්ඩයියා ඇගේ සිරුරේ ගෑවෙන නොගෑවෙන දුරින් සිටින්නේ ඇය හැරුණු විටම ඇගේ වදින පරිදිය. ඇය තිගැස්සෙන්නීය. හිත තුලින් ආ කෝපයෙන් දෙවරක් නොසිතා කෑ ගසන්නීය.

“පොඩ්ඩයියා.. උබ ඔච්චර කැත එකෙක් කියල මම හිතුවෙ නැහැ.. “

“මම කැත එකෙක්??“

“කැත කිව්ව උබ ඔය කරපු ජරා වැඩේ ගැන මම කිව්වෙ..“

“ජරා වැඩේ කිව්වා.. බොලාලා එලිවෙනකල් කරන එක ජරාව නැහැ.. මම ලගට ආවොත් ජරාව..??“

“යකෝ මම ලොක්කයියාගෙ ගෑණි ඒක මතක තියා ගනින්...“

“එතකොට මම??“

“උබ මගෙ මිනිහ නෙවෙ නෙ.. මම කෝමද පිට එකෙක් එක්ක ඕව කරන්නෙ??“

“එතකොට මම පිට එකා???“

“ඒ කාලෙ පොඩ්ඩයියට කිසිම හැගීමක් තිබ්බෙ නැති නිසා මම අදටත් සලකන්න බොට පිටස්තරයෙක්ට වගෙ තමා.. එදා අද කියල වෙනසක් නැහැ...“

“එතකොට තොපි හැගීම් එන්නැති එකාට කියන්නෙ පිටස්තරයෙක් කියලද?“

Written by sAm_10:57pm_01/07/2013
Related Posts Plugin for WordPress, Blogger...