සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Thursday, March 28, 2013

අපේ සතුට ඈට කොයිද? It Says "Yashodha Needs You"


පහවසර නම් පට්ට ආතල්ය. පන්තිය පුරා දගලමින් සිට අපි ඉන්ටර්වල් එකේ එළියට පනින්නේ සෙල්ලම් කිරීමටය. 5 වසර බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ අපේ පන්තිය පිහිටියේය. ඒ නිසා ඉන්ටර්වල් එකට බෙල් එක ගැසූ සැනින් අප පඩිපෙල දිගේ පහළට දිව ආවේ එක මිනිත්තුවක් වත් අපතේ නොයවා සෙල්ලම් කිරීමටය. ඉන්ටර්වල් එකේදී කැමට පෙට්ටියක දමා අම්මා එවන කෑම එක පවා අපි ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් වලදී හොරෙන් කෑවේ සෙල්ලම් කිරීමට කාලය ඉතිරි කර ගැනීමටය. බෙල් එක ගැසු සැනෙකින් පඩි පෙළට පනින්නේ ඒ ඉතිරි කර ගත් කාලය තවත් ඵලදායී කර ගැනීමටය. මට මතක හැටියට පඩි පෙළ අඩි 5ක් වත් පළලය. එහෙත් ඒ අඩි පහ අපට ප්‍රමාණවත් නොවුනේ අප ඒ කාළේ ප්‍රමාණයෙන් විශාල වූ නිසා නොව, එක පොදියට පඩිපෙල බසින්නට පොර කෑ නිසාය. 

කොට කලිසම් ගැසූ කොල්ලෝ සහ ගවුම් හැද ගත් කෙල්ලෝ කියා අපට වෙනසක් තිබුණේ නැත. කොල්ලෝ දුවන විට කෙල්ලෝ අප පිටුපසින් දුව ආවේ අපව අල්ලා ගැනීමටය. එසේම උන් දුවද්දී අපේ උන් පස්සෙන් දිව්වේ උන්ව අල්ලා ගැනීමටය. අපෙ විදුහලේ තිබූ මහා කෝන් ගස ටයිම වන අතර ඒ අසල තිබු පොල් ගස වයිම වූයේය. ටයිමට එන කෙල්ලන් බදා ගෙන නවතා ගන්නටත්, වයිමේ සිරව සිටින කෙල්ලන්ට නැවත අත දීමට එන කෙල්ලන්ව වලකා ලන්නටත් අප පොර කෑවේ ඉතා සතුටින්ය. දැන කාලේ උන්ව බදා ගන්නට ගියොත් එකම විනාශයක් වෙනවා ෂුවර්ය. ඒ නිසා ඒ කාලේම සිටියා නම් හොදයි කියා විටෙක සිතෙනු සාධාරණය.

අපි ලැබූ ඒ සතුට ඇයට තිබුණේද? අපි එලෙස සෙල්ලම් කරද්දී එක දිනක් ඔබ කකුලක් තුවාල වී පාසල් පැමිණියේ නම්, එදින ඔබ පන්තියේ කොනක තනිවනු ඇත. පන්තිකාමරයේ යකඩ දැලෙන් පිටත සෙල්ලම් කරන ලමුන් දිහා බලාගෙන සිටිනු ඇත. විටක ඔබේ හිතවත්ම මිතුරා හෝ මිතුරිය ලගින් සිටිනු ඇත. එවිට ඔවුන් මෙසේ කියනු ඇත.

“අද ඔයාට සෙල්ලම් කරන්න බැහැනේ.. පන්තියේ තනියම නිසා මම ලග ඉන්නම්..“





ඇය යශෝධාය. කිරිබත්ගොඩ විහාරමහාදේවියේ ඇය උගත්තීය. 1997 ඔක්තෝබර් මාසයේදී ඇයට ලියුකේමියාව වැලදී ඇති බවට වැරදි රෝග විනිශ්චයක් ලැබෙන අතර විවධ ප්‍රතිකාර සදහා ඇයව මහරගම පිලිකා රෝහලට යොමු කරන ලදී. පහ වසරේදී අධ්‍යාපනයට ඇති ඇල්ම නිසාම ශිෂ්‍යත්වයට පෙනී සිටි ඇය ඉන් ඉහළ ලකුණු ගත්තද 1999 වසරේදී ඇගේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන් පණ නැතිව යන්නේ වසරක පමණ කාලයක් ඇයව එක්තැන් කරමින්ය. පසු කාලීනව අනෙකුත් රෝගි තත්ව ඇයගෙන් පහව යද්දී අප්‍රාණික වූ පහළ කොටස නිසා ඇගේ දකුණු උකුල් ඇටයද පනින්නේය. රෝද පුටුවක සරණින් ජීවත් වූ ඇය 2005 වසරේදි නැවත වෛද්‍ය ප්‍රතාකර සදහා යෙමු වන්නීය. එවිට ඇය කොදු ඇට පේලිය ඇදවීමේ රෝගයට (Kypho Scoliosis) ගොදුරුව ඇති බවත්, ඒ සදහා පැළදීමට සුවිශේෂී වු ජැකට්ටුවක් (Corset) ඇයට වෛද්‍ය නිර්දේශය විය. එහෙත් කොදු ඇට පේලිය දිනපතා ඇද වූ නිසාත්, උකුල් ඇටයේ වැරදි පිහිටීම නිසාත්, ඇය දුෂ්කරතා රැසකට මුහුණ දුන්නාය. දිනෙන් දින වකුටු වන කොදු ඇට පෙළ ඇයගේ පෙනහලුවලට බාධාවක් ඇති කළේය. බොහෝ වෛද්‍යවරු කීවේ මේ සදහා සැත්කමක් කිරීම අපහසු බවක්ය.

ඇය තනිවම මේ සදහා ප්‍රතිකාර සෙව්වාය. ඒ අතර ඉන්දියාවේ ඇපලෝ රෝහලේ Dr. Sajan Hegde මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මේ සදහා වන සැත්කම් ඉතා සාර්ථකව සිදු කරන බව ඇයට සොයා ගන්නට හැකි වූවාය. උක්ත වෛද්‍ය පිරිස ලංකාවට පැමිණි අතර වාරයක ඇය ඔවුන් හමුවට ගිය විට මේ සදහා සාර්ථකව ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බව ඔවුන් කියා සිටියහ. එය ඉතා සාර්ථකව ඉන්දියන් ඇපලෝ රෝහලේ සිදු කෙරෙන බවත් ඊට ඉන්දියානු රුපියල් ලක්ෂ දාහතක් (17) ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතලිස් පහක් (45) වියදම් වන බවට Dr. Sajan Hegde මහතා ඇස්තමේන්තු ලිපියක් එවන ලදී.

එම ලිපි මෙසේය.. (Please open in a new tab)




http://www.dailynews.lk/2010/11/26/news14.asp

ඒ සියළු කාරණා මැද අගේ පියා දියණියන් තිදෙනෙකු සිටින පවුලේ කටයුතු අතෑර දමා අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇගේ මවගෙන් දික්කසාදය ඉල්ලා සිටි අතර එය ඔහුට පක්ෂව ලැබෙන්නේය. සියළු නොමනා කම් උසුලා ගන්නට බැරි උච්චම අවස්ථාවේදි ඔවුන් මහනුවර ප්‍රෙද්ශයේ කුලී නිවසකට පිටත් වන අතර, ඇගේ නැගෙනිය මහනුවර බාලිකාවකට ඇතුලත් කරන ලදී. විවාපත් අක්කා තම පවුල් දෙකම නඩත්තු කරන අතර එය ඔවුන්ගේ ජීවත් වීමේ සටනට යම් තාක් දුරට අස්වැසිල්ලකි. ඇගේ මව විශ්‍රාමලත් ගුරුවරියක් වන අතරය, යශෝධාගේ සියළු බර ඇය මත පැටවී ඇති නිසා ඇයටද වෙනත් කර්මාන්තයක නියැලෙන්නට නොහැකිය. නැගෙනිය මේ වසරේ උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉදිරිපත් වන්නීය.

ඉන්දියානු ඇපලෝ රෝහලේ වෛද්‍ය කණ්ඩායම සිදු කළ ප්‍රතිකර්ම වල සාර්ථකත්වය පිළබද පහල වීඩියෝ වලින් බලන්න.

Dr. Sajan Hegde ( Sr. Consultant Spine Surgeon) Speaks on Renaissance



Spinal Deformity Correction on Agra Dibyajali, a 13yr old Srilankan girl.




අප කවදාවත් නොදුටු හසංගිට හසරැල්ලක් වුණෙමු. අප කවදාවත් නොදටු යශෝධාට සරණක් විය යුතු මොහොත එළැඹ ඇත්තේය. ඔබ අද වෙන් කෙරෙන කිසියම් මුදලකින් ඇය හෙට දිනයේ තම දෙපා වලින් එසවී සිටිය හොත්, මතු කිසිම දිනෙක ඔබට, ඔබගේ හිතවතෙකුට මෙවන් කරදරයක් නොවේවා යන්න සෑමාගේ පැතුමයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.

ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග 

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය - 273-2-001-4-0000208
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

වැඩිදුර විස්තර සදහා

0775262396 / 0728571983


Wednesday, March 27, 2013

හෙරෙන් උස්සා බැලුවෙ ඉස්සර... A Poem For Dirty Minds !



හෙරෙන් උස්සා බැලුවෙ ඉස්සර
උස්සලා පෙන්නනව ලෝකෙට
විලි වහන් හිටියාට කොච්චර
කරන වැඩ අන්තිමද මෙච්චර ?

ජ්‍යාමිතික හැඩයක් ඇතත්
ගණිතයට හරි දුර්වලයි
උල් තමයි කෙළවර සැරයි
ත්‍රිකෝණෙක හැඩ සිහි කරයි

කොටුවෙ නම් දුසුමක් හැටයි
ඔඩෙල් එකෙ ඊටත් ගණන්
පොෂ් එකත් හරි පිලිවෙලයි
කොටුවෙ එක නම් සති දෙකයි

තෙමුනොතින් හරි ගද තමයි
කෙලවරේ කැත වැඩ ගොඩයි
දිරණ විට මහ හිල් ගොඩයි
මහ ජරාවක් වගෙ තමයි

කොල්ලෙකු වැඩ පජාතයි නම්
උගෙ නමත් මේ ජංගියයි
හැඩේ හැටි තුම්මුලස් නම්
ඒ තැනෙත් නම ජංගියයි

ලවන ජලයේ දැවටිලා
මුහුදු සුලගේ වේලිලා
මාළු දැල්වල පැටලිලා
ජංගි කෙලවර හිල් වෙලා

මුදල් දී සැප ගන්න එන වුන්
කළබලෙන් ලග දැවටිලා
සමූලව දුෂණ කළා
උන් නිසා විළි හිල් වුණා

තිරිකෝණ හැඩෙ යටින් කෙලවර
කිසිම කරුණාවක නැති හැඩ
ලලිතා ගේ මේ කෙලවර
හිල් ගොඩයි - කරුණා නිදයි

*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*



පරණ ඒවා...

ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
Written_by_sAm_ශ්‍රී_Perera_7:47am_27.03.2013

Monday, March 25, 2013

කබ්බන්ගේ ගීතය එළියට.. Official Kabu Song :)


කොනක ඉදන් එක හුස්මට...

පළමුවන කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස.. අටවන කොටස... නමවන කොටස...

හැම මාධ්‍යකම වගේ මගේ නම කියවෙද්දි, මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇදක් උඩ. ස්වීමින් පූල් එකක නාන්න ගිය කොල්ලෙක් දියේ ගිලිල මැරුණම ඒ පවුලෙ අයට කොච්චර නම් අවනම්බුවක්ද? ඒවගේ අද මම තරගයක් දිනලා, සිහිය නැති වෙලා ඇදගෙන වැටිල ඇදක් උඩ ඉන්න එක අපේ ගෙදර මිනිස්සු කොච්චර නම් අමාරුවෙන් ඉවසනව ඇතිද කියල මට දහස් වර හිතුන. එච්චර හයිය හිතක් නැති එකෙක් තරගයකින් දින්නම කොච්චර නම් ලැජ්ජාවක්ද? මම මගෙ ඇදට උඩින් ආතක් පාතක් නැතිව හෙල්ලි හෙල්ලි කැරකෙන ෆෑන් එක් දිහා බලාගෙන කල්පනා කළා. මට ලැබුනු මුදල් තෑගි ඔක්කොම එක්ක අමතක වෙලා මගෙ හිතට එඹිකම් කලේ කාව්‍යා....

එදා රෑ එයා ටීවි එකෙන් හරි ලයිව් ප්‍රෝග්‍රෑම් එක බැලුව නම් අද එයා මෙතැන ඉදගෙන ඉන්න ඕන නේද? එයා මට නැතුව අසේලයට හරි ආදරේ කළා නම් අනිවාර්යෙන් ෆයිනල් එක බලන්න ඇති. එහෙම බලලත් ඇයි හත් දෙයියනේ මේකි මාව බලන්න අද මෙතැනට ආවෙ නැත්තෙ කියල මගෙ හිත කෑ ගහලා අඩන්න ගත්තා. මට ගහල තිබ්බ සේලයින් බෝතලෙන් වත් එච්චර වේගෙන් සේලයින් ගලන්න නැතුව ඇති. ඊටත් වඩා වේගෙන් මගෙ ඇහෙන් කදුළු පැන්න. හිත් පිත් නැති කෙල්ලකට මම මෙච්චර ආදරේ කළාද? එකම ප්‍රශ්නයක් මගෙ ඇද වටේ කැරකුණා.

මම හිටපු වෝඩ් එකේ කෙටි සිමෙන්ති බැම්ම උඩින් එයාගෙ ඔළුවෙ ගහල තිබ්බ කොණ්ඩ කට්ට මට පේන්න ගත්ත. ඇත්තමයි. ඒ කාව්‍යා. එයාට මාව අමතක වෙලා නැහැ. ඒ එයා කියල විශ්වාසෙන්ම දැනගන්නත් කලින් මම ඇස් දෙක පියා ගත්ත. මෙච්ච පරක්කු වෙලා ආපු කෙල්ලට මම පාඩමක් උගන්නන්නෝනි කියල මම මගෙ අසනීපෙ බරපතල් කම පෙන්නන්න ඇස් පියා ගත්ත. තද කරල...

වලස්සු දෙන්න ආපු වෙලේ එකෙක් ගහකට නගිද්දි, බිම නිදාගෙන හිටපු යාළුව වගේ හිටපු මගෙ අත් දෙක තද කරල එයා අල්ල ගත්ත. සේලයින් බටේ තද වුණ නිසා රිදුනත් මම ඇස් ඇරියෙ නැහැ. එයා මගෙ මූණ ඉඹලා මගෙ දකුණ කනට එයාගෙ තොල් දෙක ලං කළා. ඇත්තටම එදා වලහ බිම දිගාවෙලා හිටපු මිතුරට මොකක්ද කියන්න හැදුව වගේ. මම සිහිය නැතුව වගේ කන් දෙක හොදටම දිග ඇරලා අහගෙන හිටියා. කාව්‍යා මොනවද මට කියන්න හදන්නෙ කියලා.

කීකෝ...කීකෝං...කීකෝ...කීකෝං...කීකෝ...කීකෝං...කීකෝ...කීකෝං...

එයා තොල් උල් කරගෙන මගෙ කලාදුරු පිරුණු කනට ලංවෙද්දිම කොහෙන්දෝ ඉදන් හොස්පිට්ල් එකට ඇදගෙන ආපු හදිස්සි ලෙඩෙක් නිසා ඇම්බියුලන්ස් එකක සද්දෙ ආව.

“එහෙනම් මම යනවා විහග...“

කියන ටික යන්තමට ඇහෙද්දි, මට ඇස් ඇරල..

“කාව්‍යා ඔයා කලින් කියපු දේවල් මට ඇහුණෙ නැහැ“ කියල කියන්න හිතුනට මට බැහැ ආයෙ චාටර් වෙන්න. ඒ නිසා මම එහෙම්මම හිටියා. එයා යන්න ගියා. එයාට යන්න ටිකක් වෙලාව දීල මම ඇස් ඇරල දුක් වින්ද මම කරපු බූරු වැඩේට. එයා හැබැයි මට මල් පොකුරක් තියල ගිහින් තිබ්බා. මගෙ කුසලානෙ ලගින්ම. මම අත දික් කරල ඒ මල් පොකුර අතගාද්දි ඒක අස්සෙ තිබුණු හතරැස් කෙළ කෑල්ලක් බිමට වැටුන. මම ඒ එක්කම බිමට පැනල කොලේ ගත්තෙ එයා මට කියන්න හදලා, මට නෑහුනු දේවල් ගැන කිසිම හෝඩුවාවක් තියෙයිද කියල බලන්න. ඒක ලියුමක්. දිග ලියුමක්. මම කෙටියෙන් මෙතන කොටල දාන්නම්. ඔයාලට පේන්න.

විහග,

මම මෙච්චර කල් ඔයාට හංගපු දේවල් කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මට බැහැ තවත් ඔයාව රවට්ටන්න. ඔයාට ක්ලාස් යන්න නොදි මම ඔයත් එක්ක නටන්න ආවෙ ඔයාට තියෙන ආදරේට නෙවේ. ඒ අසේලට තියෙන ආදරේට. මට ඕන කළේ ඔයාට ලැබුණ මේ කුසලානෙ අසේලට ලැබෙනව දකින්න. අනික අසේල කලින්ම කිව්වා එයාට කවද හරි තරගය දිනන්න බැරි හැකියාවක් තියෙන දක්ෂයෙකුට ඉන්නෙ ඔයා විතරයි කියල. ඒ නිසා එයා මාව ඔයාව පරාද කරවන්න එව්වා. මම හැමදාම ක්ලාස් එක ලග රැකල ඉදල ඔයාව එහෙ මෙහෙ එක්ක ගියා. ඒත් මැඩම් මම කරපු හැම දේම දැනගෙන හිටිය. මොකද මැඩම් මගෙ අම්මගෙ නංගි. ඒ කියන්නෙ පුංචි. එයා මේ සිද්ධිය දැනගත්ත පහු වෙනිදාම ඔයාට උදව් කරන්න ඔයාගෙ පැත්තට හැරුණ. අනික මැඩම් එක්ක මම තරහින් හිටියෙ, ඔයාව එදා රෑ තියාගත්ත වගේම මගෙ අසේලවත් ඒ ගෑණි තියා ගත්ත. ඒකට වෙච්ච රණ්ඩුවක් නිසාම තමා අසේල ඊයෙ රෑ තරගෙන් පරාද වුණේ.

අසේල මට ඊයෙ හවස ඉදල, හොදටම බනින්න ගත්ත. මම මැද්ද පැනල මැඩම්ට බැන්න නිසාලු එයා පරාද වුණේ. එයා මට ගැහුවා. ඔයාට කරපු වරදට මම දඩුවම් වින්ද විහග, අන්තිමට මට අසේලත් නැහැ. ඔයත් නැහැ.

මම අද යනවා. කාටත් නොපෙනෙන දුරකට. ඔයාට මාව පේන එකක් නැහැ. ඒත් මතක තියා ගන්න ඔයාට මාව ඕන කියල හිතුන දවසට මම ඔයා ලග ඉන්නවා. ඔයා කතා කරනකල් මම බලන් ඉන්නවා.

ඒ හැමදේම ලියල එයා යන්න ගිහින් නොපෙනෙන දුරකට... මම දිග හුස්මක් පිට කරල ඉක්මනට ෆෝන් එක අරන් කාව්‍යාට කෝල් කළා. එයා යන්න කලින් නවත්ත ගන්න ඕන නිසා..

“හෙලෝ..“

“ඔව් විහග කියන්න...“

“අසේල උඹ..“

“ඔව් විහග.. ඇයි උඹ බය වුණාද මම කාව්‍යාගෙ ෆෝන් එක ආන්සර් කරද්දි???“

“කෝ දැන් කාව්‍යා..“

“එයා මාත් එක්ක.. අපි අද රෑට රට යනවා, උඹට ආයෙ කවදාවත් එයාව දකින්න ලැබෙන එකක් නැහැ..“

“ඔව් මචං ඇත්ත.. එයා මට ලියුමක් තියල ගියා.. එයා නොපෙනෙන දුරක යනව කියල..“

කාව්‍යා කියපු අන්තිම බොරුවත් මම සතුටු සිතින් පිළිඅරගෙන ඇස් දෙක පියාගෙන මාව තරුවක් කරපු, මාව දිනවපු ගීතය හෙමින් මුමුණන්න ගත්ත.

කබ්බන්ගෙ සම්පූර්ණ සිංදුව මෙතැනින්..

නිමි !

sAm ශ්‍රී Perera_12:12am_25/03/2013

Friday, March 22, 2013

අවසාන වටයට තේරුණු විහගයා කබ්බන්ට ගීයක් ගයයි... Kabbo's Theme Song Released !


කොනක ඉදන් එක හුස්මට...
පළමුවන කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස.. අටවන කොටස...

මුළු රැයම මැඩම් එක්ක ගෙවිලා ගියේ පාට පාට දේදුනු අතරින්, සිහින් සප්ත ස්වර කෙදිරිලි හඩ මැද්දෙන්. ඒ සියල්ල අස්සෙ මට පසුගිය අතපසු වුණ පාඩම් සියල්ල ඉගෙන ගන්න පුලුවන් වුණා. මැඩම් කිව්වෙ මම හරි දක්ෂයෙක් කියල. ඒ වගෙම පන්තියට ඒ කාලෙ ඉදන් පිළි වෙලට ආව නම් මම අද සිහින තරුව වෙලා ඉවරයි කියලත් කිව්ව. අනික පහු වෙලා හරි මොලේ පෑදිච්ච එක ගැන මැඩම්ට සතුටුයි කියලත් කිව්ව. මට එදා තේරුනා අසේලයට පහුගිය ටිකේම ලකුණු වැඩි වෙන්න, මට ලකුණු අඩු වෙන්න හේතුව. මැඩම්ගෙ ක්ලාස් එකට එනව නම්, මැඩම්ට තුටු පඩුරු දෙනව නම් ඒ තරගෙට එන ඕන එකෙක්ට හොද තැනකට එන්න පුලුවන් කියල මට හීනෙන් වගේ තේරුණා. එතකොට කෙල්ලෙක් ට තරගය දිනන්නම බැරිද? කියලත් මහා ප්‍රශ්නාර්ථ ලකුණක් මගේ ඔළුව වටේ කැරකෙන්න ගත්ත.

“අපෝ නිදියනකොට ගොරවන සද්දේ.. මම හිතුව සප්ත ස්වරයෙන්ම ගොරවයි කියල..“

“කවුද දන්නෙ නැහැ ගොරවන්නෙ...“

“අනෙ මේ.. මම රෑ අහගෙන හිටියේ...“

“මාත් අහගෙන හිටියෙ.. කෙදිරිල්ලෙන්ම ස්වර හත පන්නපු හැටි...“

“හරි හරි දැන් ගෙදර යන්නෙ නැතුව අදත් මෙහෙද ඉන්න හදන්නේ??“

“ඇයි දැන් මාව එලවන්නද හදන්නේ???“

“නැහැ ඉතිං ඊයෙ රෑ ගෙදර යන්න කෙදිරි ගාපු මිනිහනේ මේ ඉන්නේ.. “

“ඇත්ත තමයි.. පරක්කු වුණා මම යන්නෝනි..“

“ගියාට කමක් නැහැ.. ආයෙ ක්ලාස් එන්න ඕනා.. පාඩම් ටික අත පසු වෙයි.. නිතර පුරුදු කලේ නැත්තං හැම දේම අමතක වෙනවා...“

මැඩම් හිනා වෙවී කියද්දි මම ගෙදර යන්න පිටත් වුණා. සාක්කුවේ තිබ්බ ෆෝන් එක ඔන් කළේ ගෙදරට කෝල් එකක් ගන්න විතරයි. කාව්‍යා කතා කලොත් මොනව සිද්ධ වෙයිද කියල දන්නෙ නැති නිසා මම ඕෆ් එකේමයි තිබ්බෙ. සාක්කුවෙන් එළියට ෆෝන් එක අරගෙන මම ෆෝන් එක ඔන් කලා. එන හැමදේකටම මූණ දෙන්න බලාගෙන.

කෝල් ඇලර්ට්, මැසේජස් ෆෝන් එක  පිරෙන්නම. හැම එකක්ම තිබ්බෙ මට හොදටම බැනපුවා. මම ඉන්න තැන දන්නවා, කාත් එක්කද ඉන්නෙ කියල දන්නව කියල හොදටෝම බැනල මැසේජ් දාලා. මම ඉන්නෙ කොහෙද කියල එයා නොදැක, නොදැන එහෙම කියන එක වැරදී. අනික මෙතන වෙච්ච දේවල් නොදැන එහෙම කතා කරන එක වැරදී. ඒ ඇරත් මම ඉන්නෙ කොහෙද කියල එයාට කියන්නවත් කවුරුත් නැහැ. එහෙම තත්වෙක ඉද්දි එයා මට චෝදනා කරන එක සම්පුර්ණ වැරදී.

“ගුඩ් මෝර්නිං බබා..“

“ආ.. දැන්ද එළි වුණේ..??“

“හිහි.. හිහි.. ඔව් නේ.. දැන්නෙ ඉරපායලා එළි වුණේ.. “

“විහග, මාත් එක්ක විහිළු කරන්න තියා ගන්න එපා.. මම දන්නව හැම දේම..“

“මොනවද දන්නේ/?“

“ඊයෙ රෑ කොහෙද හිටියෙ??“

“මැඩම්ගෙ ගෙදර, රෑ යන්න බැරි නිසා මැඩම් මට එන්න කිව්ව, මම එහෙ ගරාජ් එකේ නිදාගත්ත, අනික.. මගෙ ෆෝන් එකත් බැට්රි ලෝ වෙලා තිබ්බෙ..“

“ගෙවල් දොරවල් නැද්ද? එක එකාගෙ ගැරේජ් වල නිදා ගන්නෙ?“

“කැමති දෙයක් හිතා ගන්න.. මම කිසිම වැරැද්දක් කරල නැහැ..“

හිත හයිය කරගෙන මම කාව්‍යාට කිව්වා.

“හරි මම බලා ගන්නම් කෝ..“

එහෙම කියපු එයා දඩිස් ගාල ෆෝන් එක තිබ්බා. අවසාන තරගයට අසේලයයි, මායි කරට කර තරගකරන්න තියෙන්නෙ ලබන සෙනසුරාදා. ඒ මෞල්‍ය මංගල්ලෙ තියෙද්දි මේ කෙල්ල මට තවත් බරක් වෙන්න හදන එක මට මහා දුකක් වුණා. එක්කො කතා නොකරම ඉන්න තිබ්බා. එහෙනම් මම සෙනසුරාදා වෙනකල් නිදහසේ මම ප්‍රැක්ටිස් කරනවා පාඩුවේ. ඒත් සැරින් සැරේ මට කෝල් කර කර මාව අවුස්සන්න, අවුල් කරන්න හදද්දි මට මහා පීඩනයක් වුණා. ඒ අස්සෙ වැටි වැටී නැගිට නැගිට මම මැඩම් එක්ක ප්‍රැක්ටිස් කළා. මම අධිෂ්ඨාන කළා ගොඩ යන්න. අනික එදා අසේලයට තුරුල් වෙලා ඇහේ රොඩ්ඩ අයින් කරපු දවසේ ඉදන් මට එයා ගැන තිබ්බ ආදරේ අඩු වෙන්න ගත්ත දවසින් දවස. මොකක් නමත් නොදන්නා බලවේගයක් මාව බිම දාන්න හදනව කියල මට දැනෙන්න ගත්ත. මම හැම දේම අතෑරලා තරගයට සූදානම් වෙන්න ගත්ත. එයා මොනව වුනත් මාව තේරුම් අරගෙන මගෙ ලගට එයි. මම තරගය දිනලා එයාව ලගට ගන්න තීරණය කළා. මම අධිෂ්ඨාන කළා.

එදා රෑ මගෙ රසිකයෝ මාව වටකරගෙන හිටිය. කලින් තරගකරුවෝ වේදිකාවෙ කළබල කරද්දි මායි අසේලයයි වේදිකාව පිටිපස්සෙ දෙන්න දෙපැත්ත බලාගෙන අපේ ජීවිතය, ජයග්‍රහනය තීරණය කරන අවසන් ගීත දෙක ගායනා කරන්න පුරුදු වුණා. අතරින් පතර එයාට එන මැසේජ් වලට රිප්ලයි කරන්න එයා අමතක කළේ නැහැ. මම හිතුවෙ ඌ ඌටම එස්.එම්.එස් මනාප ගහ ගන්නව කියල. මම කිසි දෙයක් ගානක් නැතුව බය නැතුව මගෙ ගීතය ගායනා කළා. ඒ මගෙ රසික ජනතාව වෙනුවෙන්ම, සෑම් අයිය ලියපු ගීතය.


මම ගීතය ගායනා කරල වේදිකාවෙන් බැස්සම මට විසිල් ගොඩක් වැදුනා. මැඩම් අසේලයගෙ අතින් අල්ලගෙන මෙච්චර කල් ආපු ගමන නවත්තලා මගෙ අතින් අල්ල ගත්ත සතියකට උඩදි. එතන ඉදන් මගෙ ආත්ම විශ්වාසය ඩබල් වුණා. කාව්‍යා මගෙ ක්ලාස් යන ගමනට බාධාවක් නෙවුන නම් මම මීටත් කලින් ගොඩ ගිහින් කියල මට තේරුණා. ඊලගට අසේලයගෙ වාරේ. ඌත් කවදාවත් නැති විදිහට බල්ටි ගගහා සිංදුව කිව්වා. කවුරු කාට චියර් කරනවද කියල හොයන්න බැරි තරමට ඌටත් පට්ට විසිල් පාරක් වැදුනා. මම ඇස් දෙක පූට්ටු කරන් නහය දිහා බලන් ඉන්නව වගේ, ස්ටේජ් එක පිටිපස්සෙ ඉදගෙන හිටිය.

අවසන් තීරණය දෙන්න, වත්ත වටේ පැය ගානක් දුවල නිවේදක නළුවා මගෙයි අසේලය ගෙයි ගායන දෙක සංසන්දය කරන්න ගත්තා. උගෙ අදෝනාව පැයක් විතර අපි දෙන්න දෙපැත්තට වෙලා අහගෙන ඉදලා, එකපාරටම නිවේදක බුවා අසේලද? විහගද? කිය කිය අපේ අත් දෙක අල්ල ගත්ත. එක පාරට මගේ එක අතකින් උස්සල විහග දිනුම් කියද්දි, ඇණ බුරුලට හයි කරපු ෆෑන් එකක තටුවක් වගේ මගෙ කකුල් දෙදරන්න ගත්තා. ඇත්තටම මම එදා දිනල. එවලෙ ඇතිවුණ කම්පනය නිසා මම ප්‍රෙෂර් වැඩිවෙලා ඇඩ්මිට් කරල හොස් පිට්ල් එකට. මගෙ ජයග්‍රහනයේ කිරුල මගෙ එහා පැත්තෙ තිබ්බ කබඩ් එක උඩින් තියල. මම මෙහා පැත්තෙ ඇදේ සේලයන් එකක් එක්ක වැතිරිලා හිටියා..

මතු ෂබැදි ! 
අවසාන කොටසින් හමුවෙමු ! 
sAm ශ්‍රී Perera_10:28pm_22/03/2013

“කබ්බන්ගේ ලෝකයේ මල් පිපිලා..“ සම්පූර්ණ ගීතය ඉදිරි පෝස්ටුවකින්...

Wednesday, March 20, 2013

වැරදිකරුවීම.. - Judgement Day !


අපේ මිතුරෙකුගේ මිතුරෙකු මෑත භාගයේ හැප්පුනේය. හැප්පුනේ වෙනකොහෙවත් නොව වාහනයකය. මිතුරාට ජපන් බයික් එකක් තිබුනේය. ජපානේ ඩයල් එකක් තරමටම කොට වූ මිත්‍රයා රාගම ගුවන් පාලමෙන් මීගමු පාර දෙසට යද්දී, ගුවන් පාලම යටින් පැමිණි අති විනීත ලොරි රියදුරෙකු මිත්‍රයාව හැප්පුවේ බයික් එකේ හයි හත්තිය බැලීමට මෙන්ය. වරදක් නොමැති මිතුරා ලොරි කරුට බැණ වදිමින් තුවාල සහිතව සිටියේය.

“මොනාද අයිසේ.. යටින් ඇවිත් එක පාරට පාර මැද්දට දැම්මේ..“

“ඔයා දැක්කෙ නැද්ද? මම හෝන් එකත් ගහගෙන ආවේ..“

සෑම ඇක්සිඩන්ට් එකකම වරද කරුවෙකු නැත යන න්‍යාය සනාථ කරමින් දෙදෙනාම තම නිර්දෝශී බව ඔප්පු කරන්නට වූහ. 

“දෙන්නම ගන්න බලන්න ලයිසන්...“

පොලිසියට කෝල් කිරීමටත් ප්‍රථම ඒ අසල සිටි පොලිස් මහතෙක් සිද්ධියට ඇන්ටර් විය.

“බලන්න සර්.. මෙයා යටින් ඇවිත් එක පාරටම දැම්මා..“

“පිස්සුද සර්.. මම හෝන් එක ගහගෙන ආවේ..“

උසාවිය ඉදිරියේ වැලපෙන්නාක් මෙන් දෙදෙනාම නිවැරදි වන්නට සැරසෙද්දී පොලිස් මහතා මුඛය විවර කළේය.

“මම බලාගෙන හිටියේ. තමුසෙ තමා වැරද්ද කළේ...“ ලොරිකරුට ඇගිල්ල දික් විය.

“ඔව් සර්.. මේ ලයිට් වලට, කණ්නාඩි වලට රුපියල් 5000ක් විතර යනවා. මට ඒ ගාන ඉල්ලල දෙන්න..“

“එච්චර යන්නෙ නැහැ. අනික මම කරපු වැරැද්දකුත් නැහැ.. මම මොකටද සල්ලි දෙන්නෙ..“

“තමුසෙ මේ පොලිසිය ඉස්සරහත් පාට් දාන්න හදනවද?“

“එහෙම නෙවේ සර්.. මේ වැඩේට 5ක් යන්නෙ නැහැ. මම ඔන්නම් 3000ක් දෙන්නම්..“

“3000ක් මදි රාළහාමි.. මේකට 5ක් වත් යනවා...“

“හරි තමුසෙල දෙන්න තීරණයකට එන්නෙ නැති නිසා අපි දාමු උසාවි..“

දෙදෙනාම සද්ද නැති නිසා පොලිස් රාලහාමි වැඩේ උසාවිය දක්ව උසස් කළේය. ඒ අතර අපේ මිත්‍රයා තම අයියාට කතා කළේය. අයියා ඉංජිනේරුවෙකු නිසා පොඩ්ඩක් ලොකු සීන්ය.

“අයියේ මාර වැඩේ උනේ .......“

“හරි දැන් උසාවි දාලනේ තියෙන්නේ... කොහොම හරි කමක් නැහැ, දෙපාරයක් යන්න තියාගන්නෙ නැතුව එක පාරම උසාවි ගමන ඉවර කරනවා.. නැත්තං ගෙවල් පැත්ත පලාතෙ එන්නෙ නැහැ...“

එක ගමනින් උසාවියේ නඩුව ඉවර කර ගත යුතු බවට අයියා තරජනය කළේය. ඒ රස්තියාදුව සහ මුදල් වැය වීම අවම කිරීමට බව අපේ මිත්‍රයා අපට කීවේය. උසාවි දින උදෑසන මිත්‍රයා වරදකරු ඇමතුවේය.

“අයියේ.. අද උසාවි දවස එනව නේද යන්න..“

“මට එන්න වෙන්නෙ නැහැ මල්ලී.. පොඩි වැඩ වගයක් තියෙනවා..“

“පිස්සු කෙලින්න එපා අයියේ.. යමු.. එක දවසනේ..“

වරදකරු උසාවි නොපැමිණෙන බව දැනුනු මිත්‍රයා උදේම මුහුණ කට සෝදාගෙන වරදකරුගේ නිවැසට ගොස් ඌවත් සූදානම් කරගෙන උසාවියට ගියේය. නඩුව කතා කරන තුරු වරදකරු තාවකාලිකව කූඩුවකට දැමුනේ පොලිසිය අතින්ය. නඩුව ඇරඹුනේය.

“තමා මේ සිද්ධියට වරද කරුද? නිවැරදි කරුද?“

නිතීඥ්ඥයා මිතුරාගෙන් උච්ච ස්වරයෙන් ඇසුවේය. මිත්‍රයා තිගැස්සුනේය. හඩ අවදි වූයේද නැත්තේය.

“තමා මේ සිද්ධියට වරද කරුද? නිවැරදි කරුද?“

නැවත ඊටත් වඩා හඩින් කතා කළේ මිත්‍රයා සද්ද නැති නිසාය.

“වරද කරු ස්වාමීණී...!!!“

කිසිදාක උසාවි ගොස් නැති නිසාත්, නඩුව එක් දිනයකින් අහවර කළ යුතු බව අයියා කියූ නිසාත් මිත්‍රයා එක වර විනාස කර දැම්මේ තමා වරද කරු කියමින්ය. කූඩුව තුල සිටි විත්තිකරුගේ ඇස් උඩ ගියේය. කිසිවක් සිතා ගත නොහැකිව කූඩුව ඇතුලත සිටියදී ඔහුගේ දුරකථනය නාද විය. මිත්‍රයාට රුපියල් 5000ක දඩයක් ගැසෙද්දී, ඇතුලත සිටි විත්තිකරුගේ දුරකථනය උසාවිය තුල නාද වූ නිසා තවත් රුපියල් 3000ක් දඩයක් වැදුනේය. (දඩ මුදලේ ප්‍රමාණය පිලිබද කිසිම විශ්වාසයක් නැත.)

“අනේ මල්ලී මගෙ අතේ සල්ලි නැහැ මාවත් එළියට ගනින්“ කියමින් විත්තිය හැඩූ නිසා මිත්‍රයා ඔහුවත් එළියට ගත්තේය.

රුපියල් 5000ක් ඉල්ලමින් වරදකරුගේ රුපියල් 3000 නොගත් මිත්‍රයා අවසන රුපියල් 8000ක් ගෙවා දමමින් සතුටින් ගෙදර ආවේය. අදටත් විත්තිය සහ පැමිණිල්ල යන දෙපාර්ශවය හොද මිතුරන්ය. විත්තිය උසාවිය පැහැර හැර වරද පිලිගැනීමට තැත් කරද්දී, පැමිණිල්ල ඔහුගේ නිවසටම ගොස් උසාවි කැදවාගෙන යාම ඉතා සුන්දරය.


sAm ශ්‍රී Perera_09:17am_20/03/2013

Sunday, March 17, 2013

රත්තරංවාහිණිය ගංජා ගහලද? Marijuana effects on Goldwahini


මාධ්‍යය සෑම තැනක්ම ආවරණය කරන්නෝය. එය නම් හොදය, මිනිසුන්ට යම් දෙයක් ඒ හැටියටම බලා ගැනීමට එම පුවත් උපකාරී වන්නේය. දැන් පොලිසිය ද මාරය. හොරෙක් අල්ලන්න යන්නේත් කැමරා කරුවන් පිරිවරාගෙනය. සමහර නිවුස් මවන්නන් පවා CCTV කැමරාවලින් එකතු වූ හොර මැර කම් වලින්  නිවුස් කියවෙන පැය භාගය පුරවන්නේය. නමුත් ඒ කැමරා වලින් අල්ලා ගත් හොරෙක් මේ තාක් අපි දැක්කේ නැතිය.

අද අපි නොදන්න ලයිව්, ඇට් එයිට් එකේ ගංජා වැලලූ නිවසක කාන්තාවක් අත්අඩංගුවට ගන්නවා පෙන්නුවේය. සිද්ධිය මෙසේය..

පොලිසිය සමග හොර බඩු සෙවීමේ ලා දක්ෂ බල්ලෙකු පාරේ ගමන් කරන්නේය. කැමරාව පිටුපසින් ගමන් කරන්නේය. කඩ කාමර, පාර දෙපස වෙලැද සැල්, අහුමුලු බල්ලාගේ ඉව ගැටෙන්නේය. අවසන බල්ලා පොලිසිය සමග ගෙවත්තකට වැදෙන්නේය. වත්තේ වළලා තිබූ ගංජා මිටියක් කෙසෙල් පදුරක් අසලින් ගොඩ ගන්නේය. ඉන් පසුව පොලිසිය, ගෙහිමි කාන්තාවට කතා කරන්නේය. ඇය තමා මෙවැන්නක් නොදන්නා බවත්, තමා පිටත නැති මොහොතක වත්තට ඇතුළු වී තම වත්තෙන් හමු වූ වා යැයි කියන ගංජා මිටිය ගැන තමා විශ්වාස නොකරන බවත් කියන්නීය. පොලිසිය ඇය බලහත්කාරයෙන් කුදලාගෙන යන්නේය. ඇය තමා නිවැරදි බැව් කියමින් හඩමින් කෑ ගසන්නීය. එහෙත් පොලිස් ජීප් එකේ දමාගෙ ඇයව රැගෙන යන්නේය. ඇගේ දියණියද එය බලාගෙන කෑ ගසන්නීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙක් නිවසක ඩෙංගු මදුරුවන් බෝවන තැන් ඇද්දැයි බැලීමට නිවසකට ආ විගස අමතන්නේ නිවෙස් හිමියාවය. ඉන් පසුව ඔහු වත්තට යන්නේද ගෙහිමියා සමගය. ඉන්පසු තම පිරිස ගෙහිමියා ඉදිරියේ වත්ත සෝදිසි කරන්නේය. මෙය ඉහත ගංජා මිටිය සෙවූ ආකාරයට සිද්ධ වුවොත් සිද්ධ වන්නේ මෙසේය. ඔබ නිවසේ සිටියදී පිරිසක් ගෙවත්තට එන්නෝය. උන් ටයර් පළුවක් අතින් රැගෙන ඔබට කතා කරන්නෝය. එය ඔබ ගෙවත්තේ වතුර පිරී තිබියදී ඔවුන් සොයා ගත් බව ඔබට කියන්නෝය.

එවිට, එම ටයර් කැබැල්ල ගෙවත්තේ තිබූ බව ඔබ දන්නේ නම්...

ඔබ ඒ පිළිබද නොදන්නා බව ඔවුන්ට කියා සිටින්නේය. තම වත්තට ටයර් කැබැල්ලක් රැගෙන විත් දමා තමාව ඒ වරදට අසු කිරීමට උත්සාහ දරන්නේ යැයි කියමින් කෑ ගසන්නේය. කෙසේ හෝ තමා වරදින් නිදහස් වන්නට තනන්නේය. එසේ නොකරන්නේ අල්ප ප්‍රමාණයක මිනිසුන්ය.

එවිට, එම ටයර් කැබැල්ල ගෙවත්තේ තිබූ බව ඔබ නොදන්නේ නම්...

ඔබ ඒ පිළිබදව නොදන්නා බව ඔවුන්ට කියන්නේය. ඒ ඇත්තටමය. නිවසටම වී ගෙවත්ත පිලිබද සොයා නොබලන මිනිසුන් සිටිය හැකිය. ඔවුනට තම වත්තේ තිබෙන ටයර් කැබැල්ලක් මතක තිබෙන්නට බැරිය. එවන් අයෙක් දහස් වර කියන්නේ මෙවන් ටයර් කැබැල්ලක් තම වත්තේ නොතිබුණු බවක්ය. එවිට ඩෙංගු මර්ධනයට ආ පිරිස ඔහු සමග තර්ක කරන්නෝය. ගෙහිමියාද තර්ක කරන්නේය. එලෙස දෙපාර්ශවය අතර නිර්මාණය වන්නේ අනිසි ගැටළුවක්ය.

උක්ත කාන්තාව ගංජා මිටිය සමග සෘජුවම සම්බන්ධ දැයි පොලිසිය හෝ ස්වර්ණවාහිනීය ඒ මෙහොතේ නොදන්නෝය. ඇයව හසු කිරීමට හෝ ගංජා මිටිය සගවා තැබීමට වෙනත් අයෙකු එම වත්තේ ගංජා සගවා තිබුණා දැයි සැක සහිතය. එහෙත් මාධ්‍ය මගින් පුළුල්ව ආවරණය කරමින් ඇයව කුදලාගෙන යන්නේය. ඉහත ප්‍රවෘත්තියේ මා දුටු සැටියට නම් ගංජා ගසා ඇත්තේ ඔවුන්ය. පරීක්ෂණ වලින් අනාවරණය වන්නටත් පෙර අයෙකු වරදකරුවකු ලෙස හංවඩු නොගසන්නට තරම් මාධ්‍ය සාධාරණ විය යුතුය. දුමින්ද සිල්වා මහතා වැනි අය තවමත් වරදකරුවන් ලෙස හංවඩු නොගැසූ එවන් මාධ්‍ය සාමාන්‍ය වැසියන් ඉදිරියේ ගංජා ගැසූ අය මෙන් පුවත් මැවීම දුක්ඛිතය.

sAm ශ්‍රී Perera_08:57pm_17/03/2013

Thursday, March 14, 2013

පසුගිය පාඩම්...

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 8 කොටස


කොනක ඉදන් එක හුස්මට...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස..

එදා අසේලයා කාව්‍යාගෙ ඇහැට ගිය රොඩ්ඩ අයින් කරපු දවසෙ ඉදන් මගෙ හිතට සැනසීමක් තිබ්බෙ නැහැ. අපි පුංචි කාලෙ ඇහැට මොනව හරි ගියාම කරන්නෙ ඇස් පිල්ලම ඇගිලි දෙකකින් ඈත් කරල අල්ලගෙන ඉස්සරහට අඩි දහයක් ඇවිදගෙන ගිහින්, ආයෙත් පස්සට අඩි දහයක් විතර ඇවිදගෙන එන එක. ඒ අත “ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්ක තියල මම ආවා“ කියල පද පේලියකුත් කියවනවා මට මතකයි. සමාවෙන්න මට වැරදුනා. ඒ පද පේලිය කියන්නෙ ඉක්කාවක් (hiccups) ආවහම මිසක්, ඇහැට රොඩ්ඩක් ගියාම නෙවේ. ඒත් මේ කෙල්ලට තිබ්බා අර අසේලයත් එක්ක වැටමාර පදුර අස්සෙ රිංගන වෙලා අඩි දහයක් ඉස්සරහට පස්සට ඇවිදින්න. එයා එහෙම කලා නම් අද මට මෙහෙම වේදනාවක් එන්නෙ නැහැ නේද කියල මට දහස් වාරයක් හිතුන.

සියල්ල එහෙම වෙද්දි මට ඊලගට තිබ්බෙ තියුණු තරගයක්. ක්ලාස් එකට නොයන නිසා මැඩම් මාව අතෑරලා දාල තිබ්බෙ. අසේලයා, සහ අනිත් එකාට මැඩම්ගෙන් මාර සපෝට් එකක් තිබ්බා. ජජ් බෝඩ් එකේ ඉන්න අනිත් පිරිමි දෙන්නගෙම තීරණ මැඩම්ගෙ එක අත්පුඩියකට යටයි කියල මුළු රටම දැනගෙන හිටියා. මැඩම් කරන්නෙ තමන්ට ගොඩ දාන්න ඕන එකා සිංදුව කියල ඉවර වුනාම නැගිටල අත්පුඩි ගහන එක. එතකොට ඌට නොවැරදීම ජනතා ප්‍රතිචාර වැඩි වෙනවා. මැඩම් මට නිකන්ම ලකුණු දීල මගෙ ගුණ වයද්දි, අසේලයට වගේම අනිත් එකාට මැඩම් ස්ටේජ් එකටම නැගල උම්ම දීල ආවෙ, උන්ගෙ දක්ෂතාවයට වඩා වෙන මොකක් හරි සීන් එකකට කියල මට වැටහුනා. ඒත් කරන්න දෙයක් නැහැ. කාව්‍යා මට ක්ලාස් යන එක අහිමි කළේ එයත් එක්ක ඩාන්සින් ක්ලාස් යන්න ඕන නිසා. එයාට වුවමනා වුනේ මාව ලගින් තියා ගන්න මිසක් මාව ගොඩ දාන්න නෙවෙයි. ඒවා මතක් වෙන හැම වෙලාවකම මට හිතෙන්නෙ ආදරේ මහා ආත්මාර්ථකාමී හැගීමක් කියල විතරයි.

අවසාන තුන්දෙනාගෙ තරග වටේ දි මම ගායනා කළේ “ඉවසයිද මන්දා මේ දුන් රිදුම්“ ගීතය. මැඩම් මොනව වුනත්, මට අකැමැති වුණත්, මේ ගීතයට කැමතී කියල මම දැනන් හිටිය නිසා, අවසාන තරගෙට යන්න තියෙන එකම තුරුම්පුව මම ගහල දැම්ම. අසේලයා වැඩ දදා ගිටාර ගගහ සිංදුවක් කියද්දි මම සති ගානක් තිස්සෙ කරක් ගහපු ඩාන්සින් ක්ලාස් එකේ පොඩ් ස්ටෙප් පාරක් අල්ලලා වේදිකාව වර්ණවත් කරන්න උත්සාහ කළා. මට ගිටාර් එකක් තවම ගහන්න බැරි තත්වෙට වැඩේ සෙට් කළෙත් කාව්‍යා නේද කියල මට කිහිපවර හිතුනත් හිත අස්සෙන් උඩට මතු වෙච්ච ආදරේ ඒ සිතුවිල්ලට ඉඩ දුන්නෙ නැහැ. අනික ගමේ උන් හිතන් හිටියෙත් මට ඕනම වාද්‍ය භාණ්ඩයක් වයන්න පුලුවන් කියල. මොකද මම මගෙ පුට් සයිකලේ කැඩිල හන්දියෙ වින්කලේට ගියත් යන්නෙ ගිටාර් එක පිටේ බැදගෙන. හරියට ග්‍රාමාරක්ෂක භටයෙක් වගේ.

“ඇත්තටම විහග, මේක ඩුවට් එකක්, ගායකයාගේ හඩින් ගැයෙන කොටස වගේම, ගායිකාවගේ පැත්තෙන් කියවෙන කොටස ඔයා සාධාරණව ගායනා කළා. ඒ වගේම ඔයා අද වෙනදට වඩා කඩවසම්, අද ඔයාගෙ දැගලිල්ලෙන් වේදිකාවම ආලෝකමත් වුණා...“

ගායනය අවසානේ මැඩම් එහෙම කියල ස්ටේජ් එක උඩට ඇවිත් මාව බදාගත්ත. මට පොලොව පලාගෙන ගිහින්, ලගින්ම අහුවෙන දිය උල්පතකින් නාල එන්න හිතුන. ඒ තරමට මට සතුටක් ආවා. මෙච්චර කල් තරගකරලත් මැඩම් මට එච්චර සපෝට් එකක් නොදුන්නෙ, අද විතරක් ඇයි මට මේ මෙච්චර ආදරයක් දක්වන්නෙ කියල මට හිතා ගන්න බැරි වුණා. ඒ අතර අසේලයගෙ ඇස් දෙක ගමේ පන්සලේ පෙරහැරේ ලමයි බය කරන්න යන යක් වෙස් මුහුණක ඇස් ගෙඩි දෙක තරම් විශාල වුණු බවක් මට දැනුනා. මම සියල්ල සම සිතින් විද දරාගෙන පැත්තකට වුණා. ජජ් බෝඩ් එකෙන් ලැබුණු ලකුණු සහ, එදිනම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ලැබුණු ලකුණු එකතු වෙලා අපේ තීරණය දෙන්නයි නියම වෙලා තිබ්බෙ. ඒ අනුව අවසන් වටයට තේරුණේ මම සහ අපේ අසේලයා. ඔව් මේක ජීවිතය, මරණය සහ ආදරය අතර තරගයක් වෙනවාට සැකයක් නැහැ. මම අධිෂ්ඨාන කළා කාව්‍යා වගේම මේ කිරුළත් මගේ කියල. ඒ දෙකම ගෙනිහින් මම ගෙදර අල්මාරියෙ දානවා කියල. නැහැ කිරුළ විතරයි අල්මාරියෙ දාන්න පුලුවන්. කාව්‍යාව තියන්න වෙන්නෙ මගෙ කාමරේ ඇතුලෙ.

“විහග, ඔයාට දැන් සතුටුද?“

“මැඩම්, මට මාර සතුටක් තියෙන්නෙ, ඇයි මට මෙහෙම දෙයක් කළේ??“

“මට තේරෙන්නෙ නැහැ විහග, පස්සෙ ඒව ගැන කතා කරමු..“

“තැන්ක්යූ මැඩම්..“

“විහග කෝමද අද ගෙදර යන්නෙ...“

“අද ටිකක් රෑ වුණා තමයි, වෙනද වගේම යන්නම් මැඩම්, ට්‍රයිෂෝ එකක් ගෙන්න ගන්නම්...“

“තනියම යන්න? අනික අද වගෙ දවසක පාටි එකක් වත් නැතුව?? “

“මොන පාටිද මැඩම්, අන්තිම තරගෙත් දින්නම පුලුවන් මට්ටමින් එකක් දෙන්නම්...“

“එන්න අද මාත් එක්ක යමු.. මාත් ඒ පැත්තට යන්නෙ. ඔයාට පුලුවන් මගට ගිහින් ට්‍රයි ෂෝ එකක් ගන්න...“

“අනේ කමක් නැහැ මැඩම්.. මම යන්නනම්..“

මැඩම්ගෙ පෙරැත්ත මත මට වාහනේට නගින්නම වුණා. අනික ඒ ගිහිල්ලත් මම ආයෙ ට්‍රයි ෂෝ එකක යන එක මට තවත් වදයක්. ඒත් මැඩම්ට මුකුත් කියන්න බැරි නිසා මම නැග්ග. එදා අපි ගොඩක් දේවල් කතා කළා. වාහනේ යන ටිකට මැඩම් මට ගොඩක් දැනුම දුන්නා. ඇත්තටම හිතුවට වඩා එයා හරි සුන්දර හිතක් තියෙන ප්‍රවීණියක්.

“විහග යමු ඇතුලට..“

“මම මෙතැනින්ම යනවා මැඩම්..“

“පිස්සු කරන්න එපා ලමයෝ. ගෙදරකට ආවහම තේ එකක් හරි බීල යන්න..“

“මේ රෑ ගෙදරට එන එක හරි නැහැනේ මැඩම්. මම යන්නම්. සර්, වුනත් මොනව හිතයිද?“

“විකාර.. සර්?? එයා ගෙදර නැහැ. ඔයා එන්න..“

“මම හරි නිදහසේ ඉන්න ගැහැණියක් විහග, මට සර්වන්ට්ස් ලා කවුරුත් නැහැ. මට ඕන මමම උයලා පිහල කෑම කන්න. මගෙ ගෙදර මගෙ අත් දෙකින්ම වැඩ සිද්ධ වෙන්න ඕනා..“

මැඩම් කියවගෙන ඇතුලට එද්දි ලගම තිබ්බ සෝෆා එකක මම ඉද ගත්තා.

“විහග ඉදගෙන ඉන්න මම වොෂ් එකක් දාල බොන්න මොනව හරි හදාගෙන එන්නම්. මොකද කියන්නෙ කෝපිද? තේද?“

“කමක් නැහැ මැඩම්..“

කිසිම අරමුණක් නැතුව කමක් නැහැ කියද්දි මැඩම්ට හිනා ගියා.

“විහග ඔයා වොෂ් දාන්නෙ නැද්ද?“

මැඩම් වොෂ්දාගෙන ටවල් එකක් අතේ තියාගෙන එකපාරට අහද්දි මාව ගැස්සිලා ගියා.

“මම මොකට වොෂ් දානවද මැඩම්, ඉක්මනට යන්න ඕනා.“

“ආ මේක අරන් ගිහින් වෙෂ් එකක් දාගෙන එනවා.“

මැඩම් මගෙ ඇගට තෙත ටවල් එක විසික් කරල කිව්වා.

විහග දැන් රෑ වෙලා, ගෙදරට කෝල් එකක් දීල මෙහෙ නවතින්න. ඔයාගෙ මිස් වුණ පාඩම් සේරම මම අද දවසින් කවර් කරල දෙන්නම්. මැඩම් පහත් ස්වරයෙන් කිව්වා. ඇත්තටම මට එවලෙ ඕන කළේ කෝම හරි තරගෙ දිනන්න, අසේලයව පරද්දල, කාව්‍යාව ලගට ගන්න. එයත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න.


මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:48am_14/03/2013

Tuesday, March 12, 2013

යාළු වෙන්න කලින් කෙල්ලෙක්ගෙන් කිස් එකක්... A lovely Kiss :* :*




“තොපි දන්නවද කෙල්ලෙක් ගෙන් යාළු වෙන්නෙත් නැතුව කිස් එකක් ගන්න විදිහ ?“

“පිස්සු හැදෙනවා උඹ කවදත් වගේ දෙන්නෙ මෝඩ ආතල් නේ.. පලයන් යන්න“

“හරි ඉතිං මම කරලම පෙන්නන්නම් තොපි එතකල් නටපල්ලා..“

“හරි කරල ඇවිල්ලම කියපං කෝ..“

“මේ කවුද මේ ගොබිලා??“

“ගොබිලා.. තමුසෙ තමා ගොබිලා.. මේ ඉන්නෙ අපේ සුරේන්ද්‍ර අයියා...“

“අර අන්තිම වටේට ආපු දෙන්නගෙන් කෙනෙක්ද?“

“ඔව් මෙයා සුපර් ස්ටාර් අන්තිම තරගයේ ඉන්නේ..“

“මේ අපි ඔට්ටුවක් අල්ලමුද???“

“හරි කියනවා බලන්න...“

“මම කියන්නෙ ඩොකා දිනනවා..“

“යන්න අනී.. මම කියන්නෙ සුරේ අයිය දිනනවා.“

“හරි මොනාද ඔට්ටු...“

“ඕන එකක් ඔට්ටුයි මගෙ සුරේ අයිය දක්ෂයා.. එයා දිනනවා.“

“හරි.. පරාද වුණ කෙනා දින්න කෙනාට කිස් එකක් දෙන්නෝනි...“


“අඩෝ ඔන්න වැඩේ හරි. කෙල්ල මට කිස් එකක් දෙන්න යන්නෙ..“

“කවදද? යකෝ... උඹ ඒකිව දාගත්තද???“

“යකෝ මම කිව්වෙ දාගන්නෙ නැතුව කිස් එකක් ගන්න විදිහ“

“හරි අපි කෝමද උඹට කිස් එක දෙන විදිහ බලන්නේ..“

“උඹලට බලන්න වෙන්නෙ නැහැ.. මම අරන් ඇවිත් කියන්නම් කෝ..“

“තෝ ඇවිත් හෙන කෙප්පයක් අදී..“

“හරි ඉතිං මම කරලම පෙන්නන්නම් තොපි එතකල් නටපල්ලා..“


“මේ ඔයාට මතකද අරක..“

“මොකද මට අමතක.. පව් අප්පා... සුරේ අයියා පරාද වුණා..“

“ඔව් ඒ කියන්නෙ මම දින්නා.. ඔයා පරාද වුණා.. “

“කමක් නැහැ සුරේ අයියා තැනකට එයි...“

“හරි හරි කෝ ඉතිං මගෙ කිස් එක..“

“ආ මෙන්න...“

ඇය ඒ කාලයේ සිල්ලර කඩ වල තිබූ කිස් නම් වූ ටොෆියක් දිගු කළාය.


“මොකෝ තොගෙ කිස් එකට වුණේ..“

“හරි ගියෙ නැහැ බං.. මම ඒකි එක්ක ඔට්ටුවක් ඇල්ලුවා කිස් එකකට. මට ඒකි අර කිස් ටොෆි එකක්  බං දුන්නෙ..“


Written by sAm ශ්‍රී Perera_09:31pm_12/03/2013

Sunday, March 10, 2013

සෑමාගේ නිවසට පහර දෙන්න තරම් දුර දිග ගිය ගැටළුව..


දැන් සමාජයේ වරදක් කළත් බැරිය. වරදක් නොකළත් බැරිය. වරද කළ එකා හිරේ යන්නේ කලාතුරකින්ය. පොලිස් නීතියක්ද හරි හැටි ක්‍රියාත්මක නොවන්නේය. විටෙක වරද කරන්නා නිදහස් වන අතර එකී වරදින් කරදරයට ලක්වන්නා හිරේ යන්නේය. එවන් සිද්ධි බහුලව මෑත භාගයේ වුයේ රජයේ පාර්ශවයේ සිටිනා අයගෙන්ය. එසේම සමාජයේ සිදුවන සාමාන්‍ය වැරදි වලදීද එසේමය.

එහෙත් බොහෝ පෞද්ගලික කෝන්තර අවසන් වන්නේ අදාල සිද්ධියට සම්බන්ධ අයගෙන් නොව ඔවුන්ගේ හිත මිතුරන්ගේ ජීවිත වලට බලපෑම් කරමින්ය. විටක පියෙකු පැටලෙන කෝලාහලය අවසන් වන්නේ දරුවන්, බිරිද හෝ දෙමාපියන් වන් පුද්ගලයන්ට හානි සිදු කරමින්ය. එය හුදෙක් සිද්ධියට අදාල පුද්ගලයන්ගේ දුර්වලම තැනින් අල්ලා ගැනීමක්ය. පුද්ගලයෙකු බොහෝ ආදරය කරන්නාවූ, ලෙන්ගතු වන්නාවූ අයෙකු හසු කරගැනීමෙන් පුද්ගලයෙකුට රිදවීම ඉතා පිලිකුල් සහගතය. 

මෑත අතීතය දෙස හැරී බලන විට සෑමාට සිදුවූ කරදර බොහෝය. ඒ සියල්ල මැද සෑමා කෙලින් සිටියේය. එහෙත් තමා වෙනුවට තමන්ගේ නිවැසියන්ට සිදු කරන කරදර පිළිබදව ලිවිය යුතු නිසා මෙය ලියන්නට තීරණය කළේ ඊයේ සවස සෑමාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයත් සමගය.

සෑම්ගේ නිවසේ ඉහල මාලය පිවිසෙන පඩි පෙල ඇත්තේ නිවස ඇතුලින් නොව නිවසට පිටතින්ය. එසේ පැමිණ ප්‍රධාන දොරටුවට එළැබිය හැක්කේය. ඊයේ සෑමා තම කාමරය තුල සිටින විට මහා පිපිරුමක් ඇසුනේ ප්‍රධාන දොරටුව අසලින්, සෑමාගේ කාමරයට කිට්ටුවෙන්ය. පඩිපෙල අහවර වෙන තැනට බැල්කනියද සෙට් වන්නේය. බැල්කනියට පිවිසි කළ සෑමාගේ කාමරයට සමීප වන්නේය. මහා පිපිරුමත් සමග සෑමා, සහ අම්මා තාත්තා දිව ගියේ සිදු වූයේ කුමක්ද බැලීමටය‍............. එසේ ගිය විට දකින්නට ලැබුනේ කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගි කොට ගෙන නිවසේ ප්‍රධාන දොරටුවට සිදු කළ පහරදීමක්ය.

සෑමා එතැනට යන විටත් අම්මා සහ තාත්තා ප්‍රහාරය සිදුවූ ස්ථානයට ටෝච් එකක් ගසාගෙන එහි ඇති රසායනික ද්‍රව්‍ය පිළිබද විපරම් කරමින් සිටියෝය. එය දුටු වහාම එතැන තිබු ඉටිකොළය අතට ගන්නට යද්දී පවා අම්මා සෑමා වැලැක්වූයේ එහි ඇති රසායනික ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය පිළිබද සිතමින් විය යුතුය.

සෑමාගේ නම පටන් ගන්නේ ‘එස්‘ අකුරින්ය. ඒ නිසා සෑමා සුපර් මෑන්ද, අයියාගේ පොඩි එකා වඩාත්ම කැමති ඔප්ටිමස්ටය. කොල්ලා ඔප්ටිමස් ගැන කියමින්ද, සෑමා සුපර් මෑන් ගැන කියමින්ද, වැඩ දමා ගත්තෝය. ටවල් එකක් පිටේ බැදගෙත් සෑමා සුපර් මෑන් වූ විට පොඩ්ඩා තමන්ට කාර් එකක් විය හැකියැයි කීවේ ට්‍රාන්ස්ෆෝමර්ස් රොබෝලා වාහන වලට හැරවෙන නිසාය. එසේ ගිය කතිකාව දුර ගිය තැන මෙවන් ප්‍රහාරයක් එල්ල වේයැයි සෑමා සිහිනයකින් වත් සිතුවේ නැතිය. සියල්ල අවසන එදා රාත්‍රියේ අයියා පොඩ්ඩා සමග කෙහේ හෝ ගොස් ඇත. එසේ ගිය විටකදී පොඩ්ඩා 6x4 ප්‍රමාණයේ Fruit Bomb එකක් රැගෙන විත් සුපර් මෑන්ගේ නිවැසට ගසා ඇත්තේය. ප්‍රහාර එල්ල කළ තැන තිබු ඉටිකොළය අතට ගන්නට යද්දි අම්මා එපා කීවද එය අතට ගෙන සුවද බැලුවේ සෑමා පළතුරු බෝම්බ ගැන පෙර තියා දන්නා නිසාය. ඇත්තටම ඇත්ත බෝම්බ වලටද එවන් සුවදක් යොදන්නේ නම් මරුය.


 Spitball, Paintball or BB Bombs 
(Mighty Popper or Mighty Poppers)
alias: SPRITE BOMBS or SPRITE BOMB
(10 pieces per package)

* DO NOT PLACE IN MOUTH *
* THESE WERE DESIGNED TO BE THROWN ON THE GROUND *
It is basically similar to blue plastic bb's. When they come in
contact with any hard surface they make a bright flash then a small
mushroom cloud forms. Oh yeah, they make a cool explosion too...
These are considered party novelties and 100% legal as of today's date!!!!
*** PLEASE NOTE: MUST BE THROWN HARD AGAINST ANY HARD SURFACE ***
DO NOT AIM/THROW AT PEOPLE OR ANIMALS
BECAUSE IT WILL NOT WORK AND IT'S IRRESPONSIBLE

Written by sAm ශ්‍රී Perera_06:46pm_10/03/2013

Saturday, March 9, 2013

වෙඩි කෑ ඌරා...


සුන්දර වූ පරිසරයක අසුන්දරත්වයම දකිමින් සිටින්නා ඌරෙකුයි කීම සමාජ ගත සම්ප්‍රදායක් වන්නේය. ගහ කොළ පිරි පරිසරයකද, සුන්දර මල් ගොමුවකද සුවය නොලබන්නා ඌරාය. ඌට ඒවා වැඩක් නැත්තේය. ඌට වටින්නේ මඩ පිරි කුණු කාණුවක්ය. නැතිනම් අසූචි පිරි ජරා වලක්ය. එය ඌට සැප සම්පත් පිරි ආකරයක් වන්නේය. තැලණු මුහුණ, රෝල් වූ නැට්ට සහිත ඌ මඩ ගොඩේ පට්ට ආතල් එකක් ගන්නේය. ඌරා යන නම කැත නිසා ඌට සූකරයා කියනවාට ඌ කැමතිය. එවිට අර ඤොක්කං වූ මුවින් හඩක් නගන්නේය. ඒ සදාදරණිය හඩකින්ය. එකල්හි විකාශය වූ පුංචි පැංචි වැඩසටහනේ මඩයා ලෙස හැදින්වූයේද මෝඩ තක තීරු ඌරු තඩියෙක් ගැනය.

එකල්හි මහා තඩි වලක් වූවේය. එහි ඌරන් රැලක් සිටියෝය. ඒ කාලේ ඌරන් ගෙවල්වල හදන කාලයක් නොවේය. උන් හිටියේ වන ලැහැබකය. ඉතින් උන්ව ගෙවල් වල තබාගෙන හදන්නේ නැති නිසාත්, මෙලෝ රසක් නැති යැයි මිනිසුන් සිතු නිසාත්, උන්ව ගෙවල් වල මසටවත් හැදුවේ නැතිය. මිනිසුන් කළේ උන් නිවැසට එන විට ගල් වලින් පහරදී කැලෑවට එලැවීමය.

දිනක් කොහේදෝ සිටි මිනිසෙක් වල් ඌරෙක් දඩයම් කොට ගෙන නිවැසට පැමිණ ඌව මස් පිණිස උයා බැලුවේය. එදා ඌරාගෙ රස දුටු ඔහු උක්ත මඩවලේ සිටි ඌරන් සැට් එක නිවසට වද්දාගෙන පුංචි ඌරු කොටුවක් තැනුවේය. ඒ ඌරන්ට කන්නට උදේ හවස අසූචි දැම්මේද ඒ මිනිහාමය. ඒසේ තමන්ගේ අසූචි කමින් වැඩෙන ඌරන් සතියකට එකා බැගින් මරමින් කන්නට තරම් ඒ මිනිහා අකාරුණික වූයේය. එසේම මේ බව කල් යත්දී ඌරන්ට දැනුනු නිසා උන් සියල්ල අමතක කොට කැළෑ වැදුනෝය.

එතැන් සිට එලැබියේ ඌරන් නැති සමයක්ය. උක්ත ඌරන් නැති තැන පරිසරය පැහැබරව විකසිත වූයේය. ගස් වැල් වල හට ගන්නා මල්වල ඇති සුවද දසත විසිරෙන්නට ගත්තේය. ඒ උක්ත ඌරන්ගේ දුර්ගන්ධය පරිසරයට එකතු නොවූ නිසාය. අසූචි පිරෙන කුණු කාණු, මඩ පිරුණු වලවල් වල පුංචි සුවදවත් මල් පැලෑටි හටගන්නට වූයේ උක්ත ඌරන් පරිසරයෙන් ඉවත් වූ නිසාය. දරුවන් එළියට බැස සෙල්ලම් කරන්නට හැකි පරිසරයක් දුටුවෝය. වෙනදාට තමන් සෙල්ලම් කරන වටපිටාව ඉතා අපිරිසිදු වූයේ ඌරන් පැමිණ විනාස කළ නිසාය. එහෙත් උන් නැති වූ දින සිට දරුවන් නොබියව එලියට දැමීමට තරම් දෙමාපියන් නිර්භීත වූවෝය.

එහෙත් අවාසනාවන්ත දිනක කැළේ මැදින් මහා වෙඩි හඩක් නැගුනේය. තුවක්කු බටය රත් වූවා සේම ගමම රත් වෙන්නට ගත්තේ එතැන් සිටය. ඒ මහා හඩත් සමගම මහ කැළය කඩා බිදගෙන එළියට දිව ආවේ තඩි ඌරෙක්ය. නොබියව එළියේ සිටි දරුවෝ ගෙතුලට ගැනීමට දෙමාපියෝ උත්සුක වූවෝය. ගහකොල මල් සගවන්නට උත්සාහ කලෝය. ඒ මඩ, අසූචි පිරි ලොවක තමන් පුබුදන මලක සුවදකින් වැඩක් නැති බව සිතා ගත්තා සේය. පරිසරය අදුරෙන් වෙලුනේය. වෙඩි කෑ ඌරා සමාජ ගත වූයේය. 

නැවත මඩ ගොහොරු බිහි වූයේය. අසූචි වලවල් දියෙන් පිරෙන්නට වූයේය. වෙඩි කෑ ඌරා තම ප්‍රජාව බිහි කරන්නට වූයෙන් තත්වය තව තවත් නරක අතට හැරුනේය. ගම් වැසියෝ නැවත මල් පිබිදී සුවද හමන දිනක් වෙනුවෙන් ප්‍රාර්ථනා පිරි දෑසින් බලා සිටියෝය.

මිත්‍යාවෙන් පිරි සමාජයක් මැදින් සිදුහත් උපත සිදු වූවා සේම, එම ධර්මය යම් තාක් පැවතී නැවත මිත්‍යාවෙන් පිරි සමාජයක් බිහි වන්නේය. ඒ සමාජයේදී නැවත මිනිසුන් යහපත් ගුරුවරයෙකුගේ පහස පතන්නෝය. තමන් කරන්නාවූ දේ තමා පිටුපස එන ගැල් කරත්තය බදු වන්නේය. මෙලොව දී මෙන්ම පරලොවදී විපාක දෙන කර්මයන් සහිතව ගැල ගමන් කරන්නේය. ඔබ අද කරන යහපත් ක්‍රියා ඔබේ පැවැත්ම තහවුරු කරන්නා සේම, අයහපත් ක්‍රියා ඔබව විනාශ මුඛයට ගෙන යන්නේමය.

සැමට සුභ ගමන් !

Thursday, March 7, 2013

පොල් ටොෆියක් ගිය දුරක්....


පොල් කෑල්ලකට කොපමණ දුර යා හැකිදැයි දන්නේ මීයෝය. බොහෝවිට මීයා පොල් කෑල්ල කටේ තියද්දීම පරලොව යන්නෝය. එවිට පොල් කෑල්ල පරලොවට තරම් දුර යන්නේ යැයි හිතිය හැක. මී කතුරක ඇටවූ පොල් කෑල්ලක් කටින් ගෙන වාසනාවට බේරෙන මීයෝද සිටින්නෝය. උන් හැකිතාක් දුර ගෙන ගොස් පොල් කෑල්ල කන්නෝය. පොල් වලින් කෙනෙරන අනේක විධ නිපැයුම් අතර පොල් ටොපියට හිමි වන්නේ තරමක උසස් තැනක්ය. පොඩි කාලේ සව් කොළය නොගලවා පවා පොල් ටොපි ගිලින පොඩි උන් අතර සෑමාද සිටියේය. ඒ නම් පෙරේත කම නිසාය. ගමේ පාසලේ නිවාඩු කාලයට ආපන ශාලාවේ තිබෙන ටොෆි එහෙම තැබුවේ සෑමාගේ නිවසේය. ඒ කාලයේ අපි නිදන ඇදන් යටින් පවා මතුවූයේ ඒකී පොල් ටොෆී පැකට්ය. හොරෙන් උස්සන පොල් ටොෆි පැකට් එකක කැබලි 50ක් තිබුණේය. ඉතිරිය කා ගත නොහැකි වූ තැන අපි ඒවා සැගවූයේ ඇදන් යටට. අම්මා අතුගාන විට ඒවා කොස්සත් සමග එලියට ඇදී අවේ අප මවිත කරවමින්ය.

මෑතකදී නම් පොල් ටොෆියක් මහා දුරක් ගියේය. එකක් නොව ඒ ටොෆී බෝතලයක්ය. අපේ කමියුනිකේෂන් අයියා (චක්කර කොළ චිත්‍රපටය සෙවූ පොර) කමියුනිකේෂන් එක කරන්නේ හන්දියේය. හැමදාම අදින සරමට ටී-ෂර්ට් එකට සෙනග ඇදී එන්නේ නිධානයක් ගිලින්නට එන බහිරවයන් මෙන්ය. ජයලාල් යනු ඔහුගේ බොක්කක්ය. පොර කමියුනිකේෂන් එක හන්දියට යන තැන සිට ඔහු අසලම සිටියේය. ඒ සෑම අතින්ම උදව් කරමින්ය. දෙන්නා දෙන්නාට මාර මිත්‍රත්වයකින් සිටියෝය. ජයලාල් දැන් ගමේ නැත්තේය. පොර ගමේ ගොස්ය. මාස 6කට පමණ පෙර ගමේ ගිය ජයලාල් අයියා නැවත මේ පැත්තට ආවේ මේ මෑත භාගයේය. ඒ අපේ එවුන් බලා නැවත ගමේ යාමටය. පොර එන විට සෑමාද හිටියේ කමියුනිකේෂන් එක ඇතුලේය. 

“අම්මට හුඩු මෙන්න මූ...“

“ආ.. මල්ලිලා.. ඔන් කොල්ලා ආයෙත් ගමට බැස්සා..“

“අඩෝ මූ මෙන්න වෑන් එකකුත් අරගෙන...“

“දැන් සරුයි වගේ ඈ...“

“නැහැ බං මේ අපෙ ඇෆ්ගනිස්ථානෙ හිටපු මල්ලි ආව බං. ඌ තමා මට මේක සෙට් කළේ. දැන් ඉතිං හයර් එකක් ගහගෙන ඉන්නවා..“

ඉස්සර පොර රට ඉන්න මල්ලියෙක් ගැන කියව කියව කෝල් කළා අපට මතකය. ඌ ඉන්නේ ඇෆ්ගනිස්ථානේ මොකක්දෝ හමුදාවක පොඩි ජොබ් කට්ටක බවත්, ඔහුට ෆෝන් භාවිතය පවා සීමා කර තිබුණ බවත් කීවා අපට මතකය.

“යකෝ ජයලාල් අයිය නිසා තමා මූ මේව කරගෙන ජීවත් වෙන්නේ.. හරි නම් බුද්ධික අයියා මූට සලකන්න ඕන මීට වැඩිය..“ සෑමා කිව්වේ ජයේ ඒ දිනවල කමියුනිකේෂන් එකට දුන් සපෝට් නැවත සිහි ගන්වමින්ය.

“නැතුව නැතුව.. ඔය තියෙන දෙයක් මේ බෑග් එක දාපල්ලා...“ කියමින් ජයේ බෑග එකේ කට ඇරියේය..

“ආ කාපං පොල් ටොෆි...“ කියමින් සෑමා බෑග් එකේ කටින් ඇතුලට දැමුයේ අතට අසුවූ පොල් ටොෆි බෝතලයක්ය.

එසේ බෑග් එකේ කට එකතු කොට සුපුරුදු පරිදි අල්ලාගත් ජයේ කතා බහ කොට විනාඩි කිහපයකට පසු තමන්ට නැවත යන්නට හදිස්සි යැයි කියමින් පිටත් වුණේය.

“අහ් බුද්ධික.. මම උබලගෙ ගෙවල් පැත්තට ගිහින්.. අම්මලවත් බලලම යන්නම්...“ ජයේ සමුගත්තේය.

“අප්පට හුඩු.. අරූගෙ බෑග් එක ඇතුලෙ පොල් ටොෆි බෝතලේ...“ සෑමාට සිහි වූයේ පැය භාගයක් පමණ පසුවූ විටය.

“අවුලක් නැහැ. ඕක ඔය අමතක වෙලා වගේ ගියාට සිහි බුද්ධියෙන් ඉන්නේ.. අනිවාර්යෙන් ඕක අපෙ ගෙදර තියල යන්න ඇති..“ බුද්ධික අයියා නිසැකව කීවේය.

ඒසේ ගමෙන් පිටත්ව මාස 6කට පසු අප හමුවී ගිය ජයලාල් අයියා නැවත මේ පැත්තට ආවේ මේ මෑත දිනකදීය. එදා ඔහු හමුවෙද්දී බුද්ධික අයියා එතැන සිටියේ නැතිය.

“එදා වගේ මොනව හරි දාන්නද බං බෑග් එකට??“ එදා කතාවේ ඉතිරිය නොදත් සෑමා ඇසුවේය.

“දාන්නද තමා.. පිස්සු කෙලිනවා බං...“

“ඇයි ඒ මොකෝ...“

“උඹ දාපු පොල් ටොෆි බෝතලේ කුලියාපිටියටම ගියා බං.. “

“ඈක්??? ඇයි උඹ ඒක ගෙදරින් තිබ්බෙ නැද්ද අරුන්ගේ???“

“පිස්සුද බං මට එහෙ යන්න හම්බුනේ නැහැ... මම කෙලින්ම ගමේ ගියා.. ගෙදර ගිහින් බැලුවම මතක් වුනේ...“

“එතකොට බුද්ධිකයා දන්නවද සීන් එක..“

“දන්නවද තමයි බං.. මම ඌට කෝල් කරල කියනකල් ඌ දන්නෙ නැහැ. අන්තිමට ඒ ගාණට හරියන්න මම ඌට රී ලෝඩ් එකක් දැම්ම බං..“

sAm ශ්‍රී Perera_11:16pm_06/03/2013

Tuesday, March 5, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 7 කොටස


කොනක ඉදන් එක හුස්මට...

පුංචි කාලෙ අම්මල අපිට කෝටු මස් වෙනකල් ගහනවා. ඒ වැරදි කරන්න එපා කියල. ඊට පස්සෙ ඉස්කෝලෙට ගිය දවසෙ ඉදන් දණ ගස්සවල තියෙනවා, වේවැලෙන් ගහනවා. ඒ අපේ ගුරුවරු. අපිට නරක දේවල් කරන්න එපා කියල. ඒත් හැදෙන්නෙ නැති අපි ඒවා නැවත නැවතත් කරනවා. ඒ අපි නරක නිසාම නෙවේ. අපේ දගකාරකම නිසා. එහෙම දහ දොලොස් පාර කියල වෙනස් නොවුන මම එදා එක සවසකින් වෙනස් වුනා. හැම සති අන්තයකම යන්න තිබ්බ මියුසික් ක්ලාස් එකට පිටු පාලා මම යන්න පටන් ගත්තා ඩාන්ස් කරන්න. ඒ අර කොහෙන්වත් පාත්වුණ කාව්‍යා කෙල්ල නිසා. එයා මට එක පාරයි එන්න කිව්වෙ. මම එදා ඉදන් යන්න ගත්තා. තරගය පැත්තකින්, තියාගෙන, ඒ හීනය පිටු පාලා වගේ මම ඒකි එක්ක නටන්න ගත්තා. අපි හැමදාම මුණ ගැහුනේ මැඩම්ගෙ ක්ලාස් එක ලගදි, එතැනදි මුණ ගැහිලා මායි එයයි ඩාන්ස් කරන්න යනවා. මම ගිටාර් එකක් එල්ලගෙන ඩාන්සින් ක්ලාස් යනවා පිස්සෙක් වගේ.

ඒ සියල්ල මැද්දෙ දෛවයේ සරදමක්දෝ කොහෙද වගේ මම ටිකෙන් ටික තරගයේ ඉදිරියට යනවා. හැමදාම මැඩම්ගෙන් වැඩි ලකුණු ලබා ගත්තෙ අපේ අසේලයා. ඌ හැමදාම මුලින්ම ඊලග වටයට තේරෙද්දි අඩු ලකුණු ලැබෙන මම පිදුරු ගහේ එල්ලිලා වගේ ඊලග වටයට තේරෙන්න පටන් ගත්තා. අසේලයා සනීප නැතිවෙනවා, උගෙ වැඩේ ඇක්සිඩන්ට් වෙනවා, එතකොට කැමරා අරගෙන කට්ටිය හොස්පිට්ල් යනවා, උගෙ අම්ම ඌට ඇපල් කවනවා වීඩියෝ කරගෙන ඇවිත් මුන් එදාට තරගෙ මැද්දෙ පෙන්නනවා. ඒ වෙලාවෙ අපෙ උන්ටත් කොහෙ හරි යන ලොරි බාගෙක හැප්පිලා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හිතෙනවා. ක්ලාස් නොගිය දවසෙ ඉදලා මැඩම්ගෙන් මට ලකුණු අඩු වෙන්න ගත්ත එකට මම අහිතක් හිතුවෙ නැහැ. තරගෙ මැද්දෙ වුණත් මැඩම් මට ඇස් වලින් කතා කළා. මම ඒ ඇස් දෙකෙන් බේරිලා මහා ප්‍රේක්ෂක රැළක් මැද්දෙ ගායනා කළා. ඒත් කොච්චර හොදට ගැයුවත් මැඩම් මට කුරිරු වුණා. ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා, මගෙන් එයාට නොලැබුණේ මොනවද කියල. අවසානේ මම, අසේල සහ තවත් එකෙක් ඉතුරු වෙන තැනට, අවසන් තරගකරුවෝ තුනක් ඉතිරි වෙන තැනට තරගය නැගල ගියා. මම මැඩම්ගෙ ක්ලාස් නොයා ඩාන්ස් කරන්න ගියා. ගායනය, නර්තනය එක්ක වේදිකාව මත මම පට්ට සාධාරණයක් ඉෂ්ඨ කළා කියල අපේ අමල් සර් කිව්වා. මැඩම් කිව්වේ නර්තනයට වඩා ගායනය ගැන කන්සිඩර් කරන්න ඕන තරගයක් කියල මේක.

කාව්‍යාගෙයි මගේ ආදරේ මෝරණ මට්ටම ඇවිත් තියෙන්නෙ. ඒත් මම තුන්දෙනෙක් ඉන්න වටයට තේරුණාම එයා එච්චර සතුටු වුණෙ නැහැ. එයා මට කිව්වේ දැන් ඇති දැන් අයින් වෙන්න කියල. මගෙ හිත දන්න එයා කිව්වෙ නම් ඔයා එක පාරට අයින් වුණොත් ඔයාට දරගන්න බැරි වෙයි කියල අයින් වෙන්න කියල. ඒත් මට තව එක වටයක් ඉස්සරහට ගියොත් මහා වේදිකාවක ගායනා කරන්න පුලුවන් කියල ඇයි එයා තේරුම් නොගන්නෙ කියල මම කල්පනා කළා.

“ඇයි කාව්‍යා ඔයා එහෙම කියන්නෙ, ඔයා කැමති නැද්ද මම අර තඩි වේදිකාව මැද්දෙ කූඹි පැටියෙක් වගේ දගලනවට“

“හිහි... මම කැමති පැටියෝ. ඒකනෙ මම ඒකාලෙම ඔයාට ජිම් එකකට හරි යන්න කිව්වේ..“

“ජිම් එකකට ???“ මම ඒ උත්තරේට පුදුම වුණා. යකෝ මට මියුසික් ක්ලාස් යන්න නොදි පජාත කරපු කෙල්ල දැන් ජිම් යන්නලු.

“ඔව් ඔයා ජිම් ගියා නම් මෙලහකට ඇග හැදිලා. අර ස්ටේජ් එක මැද දගලද්දි ඈත ඉන්න සෙනගට හොදට පේනවා. නැත්තම් පිටීම පස්සෙ අයට ඔයාගෙ සද්දෙ විතරක් ඇහෙයි.“

“යනවා යන්න.. මෝඩ කෙල්ල..“

මම එයාගෙ ඔළුව පාත් කරල ටොක්කක් ඇන්න ආදරේට. ඒක ආදරේට ඇන්නට සැරට වැදුන කියල මට තේරුනේ මගෙ අතටම රිදුන නිසා. එයා ඔළුවෙ ගහගෙන හිටපු තඩි සමනලයෙක් ඉන්න කොණ්ඩ කට්ටෙ මගෙ ඇගිල්ලක ඇටයක් වැදිල මටම රිදුනා කොර වෙන්නම.

අපේ ගෙදර කට්ටිය මට හොදටම සලකද්දි, ගමේ උන් ගස් ගල් උඩ නැගගෙන මගෙ ෆොටෝ තියෙන බැනර් ගම පුරා එල්ලද්දි මට මාර කික් එකක් ආවා. අපේ ගමේ මන්තිරියා මට මාර සපෝට් එකක් දුන්නා. උගෙ වෙඩින් එකේ සිංදු කියලත් මම අනාගත්ත හැටි පොර මට සැරින් සැරේ මතක් කළා. ඒක මට මහා පන්නරයක් වුණා නොවැරදී සිංදු කියන්න. ගම පුරා පිරිත්, බෝධි පුජා පැවැත්වුනේ මට ආශිර්වාද කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවෝ මගේ මැණික් කටුව ලග ඉදන් වැලමිට ලගට වෙනකල් පිරිත් නූල් බැන්දා අන්තිම දොලොස් දෙනාගෙ තරගෙ ඉදන් මේ අද දවස වෙනකල්ම. ගමේ කොල්ලො සරුංගල් යවන්න නූල් නැත්තම් මගෙ ලගට දුවන් එයි කියල මට හිතුන වාර අනන්තයි. හැමෝම මට ශක්තියක් වෙද්දි අරයා මට ශක්තිය දුන්නෙ අඩුවෙන් කියල මට හිතෙන්න ගත්තා. මම අන්තිම තුන්දෙනාගෙ තැනට ආපු දවසෙ එයාට මම හිතපු තරම්ම සතුටක් දැනුනෙ නැහැ. 

අන්තිම තුන්දෙනා මියුසික් ක්ලාස් එකට යන්න ඕන දවස අද. මම ඒ ක්ලාස් එකත් කට් කරල ඩාන්සින් ක්ලාස් යන්න අරයව මීට් වෙන්න මියුසික් ක්ලාස් එකට යන පාරට හැරුණා. වෙනදට වඩා කල්පනා කරමින්, හෙමීට...

පාර අයිනෙ වෙනදට මම එනකල් බලං ඉන්න පුංචි සමනලී අද පේන්න නැහැ. මම මගෙ ඇස් හොදට ඇරලා විපරම් කළා. වැටමාර ගස් වැවුණ පාර දෙපැත්ත පීර පීර මම හෙව්වා ඒ ඇස් දෙක. සමනලියෙක් රිංගන්නෙ නැති වැටමාර පදුර අස්සක මම දැක්කා කකුල් දෙක. ඇත්තටම ඒ එයා. ඒ කකුල් දෙක නොහදුනන මම බත් කාළා වැඩක් නැහැ. ඒ එයාමයි. ඒ එයා තමයි මගෙ සමනලී.. කාව්‍යා...

සමනලියකගේ කකුල් දෙක අස්සෙන් හිටගෙන ඉන්නෙ තඩි කළු බඹරෙක් කියල මම දැක්කෙ ඇස් දෙක තව ටිකක් ලොකු කළාට පස්සෙ. මට කෑගැහුණා.. 

“කාව්‍යා....කාව්‍ය....කාව්.. කා....ක...“

එයා අරයව තල්ලු කරගෙන ඉස්සහට පැන්නා...

“අඩෝව්.. අසේලයා....“

ඒ හම්පඩ මූණ අදුන ගන්න මට බැරි කමක් තිබ්බෙ නැහැ. මැඩම්ට මුට්ටි අල්ලන එකා මගෙ කෙල්ලව අල්ලගෙන මාව යකෙක් කරන්න හදනවා. මම පැන්නා අසේලයට ගහන්න.

“එපා.. එපා.. විහග...“ එක වචනෙකින් පවා මාව සිහිමුර්ජා කරන කාව්‍යා මගෙ අතේ එල්ලුනා..

“මට මූව ඉවරයක් කරන්න දෙන්න කාව්‍යා.. දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ““

මම හින්දි නළුවෙක් වගේ මොර දුන්නා.

“පිස්සුද විහග.. අසේල මට උදව්වක් කළේ..“

“උදව්වක්.. කෙල්ලෙක් මේ වැටමාර අකුළක දාගෙන උදව් කරන් මේ තොගෙ කවුද? තෝ දන්නවද මේ මගෙ කවුද කියලා..“ මම මොක කිව්වත් අසේලයා සද්ද නැති නිසා මම තවත් වැඩ දැම්මා..

“අනේ විහග තේරුම් ගන්න, මම මෙතන ඔයා එනකල් ඉද්දි මගෙ ඇහැට රොඩ්ඩක් ගියා.. අසේල ඇවිත් මගෙ ඇහැට පිඹලා ඒක අයින් කළා..“

කාව්‍යා කිව්ව දෙයින් මට ලැජ්ජා හිතුනා. මම හරියට බොරුවට කලබළ වෙලා නේද කියල තේරුණු මම අසේලයගෙන් සමාව ගත්තා. උගෙ මූණෙ කිසි වෙනසක් පෙනුනෙ නැහැ. කලින් වගේ තක්බීර් වෙලා බලාගෙන හිටියා. අසේලයා මියුසික් ක්ලාස් එක ඇතුලට රිංගද්දි, මම කාව්‍යා එක්ක ක්ලාස් එකට පස්ස හරවලා පිටත් වුණ ඒකිත් එක්ක නටන්න. ඒ කියන්නෙ අපෙ ඩාන්සින් ක්ලාස් එකට යන්න.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:18am_05/03/2013


Saturday, March 2, 2013

චැනල් ෆෝ සහ කාලකන්නි පොලෝසිය.. !



ආණ්ඩුව චැනල් ෆෝ අල්ලාගෙන කෑ ගසන්නෝය. රටේ තොටේ පොඩි එකාගේ සිටන් හෙට මැරෙන්නට ඉන්නා මහල්ලා දක්වා කෑගසන්නේ චැනල් ෆෝ එකට විරුද්ධවය. එය අප්‍රමණ සත්‍යයක්ය. එසේම අවසන් ලේ බිංදුව බිම හෙලෙන තෙක් මරා ගත යුතු යුද්ධයක්ය. ලේ හෙල්ලීමක් නැතිව දිනූ යුද්ධයක් නැත්තේය. එදා තම ආරක්ෂක භටයන් මිය යද්දී දිවි ගලවාගෙන මහ රජු ලගට දිව ආ ගෝඨාභය යෝධයා පවා තම සුදු ඇදුමේ හැලී තිබූ ලේ බිංදු පෙන්නමින් මර බිය මකා සිනාසුනේය. ඒ පසෙක තම ආරක්ෂාවට සිට මිය ගිය ආරක්ෂක භටයන් පවා අමතක කරමින්ය. එසේම දින ගණනාවක් දැඩි සත්කාරයේ සිට නැවත සියළු හමුදාවට දිරි දෙන්නට දිවි ගලවාගත් සෙන්පතියාද තම ලේ මහපොලොවේ වැගුරුවේ යුද්ධය දිනීමටය. ඒ එදා යුද්ධය දිනීමට අවසාන ලේ බිංදුව දක්වා සටන් කරපු අයුරුය.

එදා ලේ හෙලමින් කළ යුද්ධය දැන් කරන්නේ කටේ අන්තිම කෙළ බිද හැලෙන තුරුය. ඉස්සර අවි ආයුධ වලින් කළ යුද්ධය දැන් කළ යුත්තේ කටේ බලයෙන්ය. ඒ උත්තර බැදීමෙන් හා පිස්සුවෙන් උමතුවෙන් කෑගැසීමෙන්ය. නැතිනම් ජය ගන්නට විදිහක් නැතිය. ඒ සදහා රට කෑ ගැසිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර රටක් ලෙස ලංකාව හැදින්වෙද්දී කට පියාගෙන සිටින එකෙක් සිටිය යුතු නැත්තේමය. ඒ නිසා කතා කළ යුත්තේමය. විමල් මාමාගේ සිට සිටින්නාවූ ඇමති සැට් එකම කතා කළ යුතුය. රටේ ජනතාව කතා කළ යුතුය. ඒත් අදින බෝඩ් එක පවා ලියැවිය යුත්තේ සිංහලෙන් නොව ඉංගිරිසියෙන්ය. ඒ පිළිබදව විමල් මාමා දැනුවත් කළ යුත්තේමය. දමිල ජනතාවගේ හිත සුව පිණිස දෙමලෙන් ජනතාව අමතන මහරජතුමාට ත්‍රිවිධ භාෂාවම පුලුවන් නිසා හොදය. 

ඒත් මෑතකදී මාර ආතල් වීඩියෝවක් මාධ්‍යයක පෙන්නුවේය. රජතුමා උතුරු පලාතට ගොස් සිටියේය. යාපනේ කැම්පස් කොල්ලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුනේ මොකක්දෝ වරදක් කළ නිසාය. එදා ඒ පිළබදව තිබුනු රැස්වීමකදී ඒ කොල්ලාගේ මව නැගිට දෙමලෙන් කතා කරමින් ඉල්ලා සිටියේ දරුවා නිදහස් කරන ලෙසය. රජුට එදා දෙමල අමතක වී තිබුනේය. පිළිතුරු දුන්නේ සිංහලෙන්ය. අම්මා දෙමලෙන්ද, රජු ඒ වචන හෙඩ් ෆෝන් එකෙන් අසාගෙන සිංහලෙන්ද පිළිතුරු දුන්නේය. මහා රැස්වීම් වල දෙමල කතා කරන ආකාරය පිළිබද මහා කුකුසක් නැගෙන්නේ ඒ වෙලාවටය. ඒවා වැඩක් නැතිය. මේ අවස්ථාවල කිව යුතු ඒවා නොවේය. රජුට ඉංගිරිසි විමල් මාමාට වඩා හොදින් පුලුවන් නිසා හොදය. දැන් රටට එරෙහි පොදු සතුරාට විරුද්ධව කෑ ගැසිය හැක්කේය.

චැනල් ෆෝ කිව්වේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියාය. අර කොහෙදෝ හිටි ත්‍රස්තවාදියෙක් මැරීම, හෝ ත්‍රස්තවාදයෙන් රටක් මුදවා ගැනීම වැරදී කියාය. කොහෙදෝ සැගව සිටිනා අල්කයිඩා උන් තලේබාන් උන් පාර මැද පෝලිමට තබා වෙඩි තැබීම ප්‍රජාතන්ත්‍රවාදීය. මොකද ඒවා කලේ සුද්දෝය. කොහෙදෝ සැගවී සිට දරුවන් මරන, පොලේ ගසන, බෝම්බ බැදගෙන පනින, ජනතාව, හමුදාව, පුජ්‍ය පක්ෂය අමු අමුවේ මැරූ කොටි කැලේ සිටියදී යුද්ධයේදි මිය යාම වැරදිය. මොකද මේවා කලේ සිංහලයෝ නිසාය. ඒ නිසා රටම චැනල් ෆෝ එකට එදිරි විය යුතුය.

රටම චැනල් ෆෝ එකට විරුද්ධව නම් පොලෝසිය ?

ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් ලෙස අප රට නම් කිරීමට ජාත්‍යන්තරය සූදානම් වෙද්දී පොලීසිය කරන්නේ ඔවුනට උදව් කරන ආකාරයේ ක්‍රියාදාමයන්ය. නීතියද එසේම බව නෙකියන්නේ කෙසේද? අමු අමුවේ පුද්ගලයෙකුට බිම දාගෙන පහර දෙන සිද්ධියක් අද රූපවාහිනී මාධ්‍ය වල උඩින් තිබූ පුවතක් වූවේය. බොදු බල සේනාව ගොස් පොලිසියේ රාජකාරයි භාරගනිමින් මාලිගාවත්තේද කොහෙදෝ සිටි ව්‍යාජ පූජකයෙක් අත්අඩංගුවට ගනිද්දී, කුලියාපිටියේද කොහෙදෝ පොලීසියක උන් එකෙක්ට බිම දාගෙන පහර දෙන්නෝය. මූණට තඩි බෑවේ බැටන් පොල්ලක් බදු වු එකකින්ය. උන් එහෙව් සාමාන්‍ය එකෙක්ට පහර දී හෝ සතුටක් ලැබුවාට කමක් නැත්තේ යැයි සෑමාට හැගෙන්නේය. ඒ උන්ගේ ආතල් එකය. ඩී.අයි.ජී පුතාට ඇමති පුතා පහර දෙද්දී පොලෝසියෙන් ගුටි කන්නට ද උන් සිටිය යුතුය. ඒ නිසා ජනතාවට බිම පෙරලාගෙන පහර දිය යුත්තේය. නැතිනම් ලොකු තැන් වලින් කන ගුටි වලට තැලුණු අත පය දිග හැර ගන්නට ඉඩක් නැත්තේමය. 

චැනල් ෆෝ ලංකාව අපකීර්තිමත් කරන්නට සැරසෙද්දි ඊට එදිරිව පෙළ ගැසෙන්නේ ජනතාව නම්, ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බවට ලේබල් ගැසෙන මට්ටමට වැඩ කරන උන් පත්කරන්නේ ද ජනතාව නම්, ඒ ජනතාවට පහර දෙන්නේ පොලෝසිය නම්, ඒ පොලෝසියට පත් වීම් දෙන මහ එවුන් එලවා දැමිය යුත්තේද ජනතාව යැයි, ජනතාව වටහා ගන්නේ ලංකාව හංවඩු ගැහුණු පසුවද ?

sAm ශ්‍රී Perera_09:30pm_02/03/2013

Friday, March 1, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 6 කොටස


පිළිවෙලකට මුල සිට කතාව දැනගන්න... එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

එයා මට එදා බස් එකේදි මුණ ගැහිච්ච හැටි, මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන් ඇද්ද හැටි, මට මැඩම්ගෙ ක්ලාස් එක ලගදි හමු වෙච්ච හැටි, එදා මගෙ බයිසිකලේ ටයර් එක හිල් වෙන්න දෙහි කට්ටකින් ඇනල තිබ්බ හැටි මට එක දිගට මැවි මැවි පේන්න ගත්තා. පහ වසරෙදි ආරම්භක විද්‍යාව පටන් ගත් කාලෙදි අපි ඉස්කෝලෙදිම හැදුවා වීදුරු පටි තුනක් ත්‍රිකෝණාකාරව අලවලා බහුරූපේකෂයක්. ඒක ඇතුලට පාට කොළ කෑලි දාලා කරකව කරකව අපි ඇස් රිදෙනකල් බැලුවා. එදා රෑ වෙනකල් ඇදේ දිගා වෙලා හිටිය මට බහුරූපේක්ෂයක් කරකනව වගේ විවිධ රටා මැවෙන්න ගත්තා. මගෙ පුංචි සිත් අහස පුරාම එකම කාව්‍යක් ලියවිලා තිබ්බ. ඇත්තටම කාව්‍යා ඒ ඔයා. මගෙ බහුරූපේක්ෂය ඇතුලෙ රිංගගත්ත පාට පාට කඩදාසි ගුලි ටික ඔයාමයි.

මීට කලින් මගෙ සිහිනය වුණේ කෙල්ලෙක් සෙට් කර ගන්න එක. පාරවල් ගානෙ කොණ්ඩෙ වවාගෙන ඇවිද්දෙ, ඩෙනිමක් ගහගෙන හිපියෙක් වගේ රස්තියාදු ගැහුවෙ, බස් හෝල්ට් වල කට්ට කෑවෙ කෙල්ලෙක් හොයා ගන්න. ඒ අතර මම පාට් ටයිම් ට්‍රයි කලේ ගායකයෙක් වෙන්න. වෙඩින් වලට ප්ලග් වෙලා සිංදු කියද්දි බීපු ඩයල් ඇවිත් මගෙන් ඉල්ලුවෙ බයිල සිංදු. මට මල පැන්නත් ප්‍රේක්ෂක ජනතාව ඉල්ලන දේ දෙන්න මට සිද්ද වුණා. මොකද මම සිංදු කිව්වෙ බෑන්ඩ් එකේ එවුන්ගෙන් සල්ලි ඉල්ලගන්න බලාගෙන නෙවේ. මට තැනකට එන්න ඕන නිසා. ඒත් ජීවිතේ හරිම පුදුමයි. එදා පාට් ටයිම් මම දැක්ක සිහිනය මම සැබෑ කරගන්න ෆුල්ටයිම් ගායකයෙක් වෙන්න හදනකොට, ෆුල් ටයිම් කෙල්ලෙක් හොයා ගන්න ට්‍රයි කරපු එක මට වදයක් වෙලා වගේ. ගායකයෙක් වෙන්න පාර ඇරිල තියෙද්දිත් අහක හිටපු කෙල්ලෙක් ඇවිත් මට බාධා කරනවා. එයාට ආදරේ කරන්න කියල මාව ඒ පැත්තට අදිනවා. ඒත් ඒකි ආදරේ හිතෙන කිසිම දෙයක් කරන්නෙත් නැහැ. කලොත් කරන්නේ මට කෙලවෙන වැඩක් විතරමයි. ඒත් මම ඒකිට ආදරේ කරනවා. මොන සාපයක්ද මන්දා, මට එහෙම දහස්වර හිතුනා.

ඊලග තරග වාරෙදි අපි දොලොස් දෙනාගෙන් එක්කෙනෙක් ඉවත් වුණා. එහෙම එක්කෙනෙක් ඉවත් වුණාට පස්සෙ ඉතුරු සෙට් එකම මැඩම්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන එක තමා සිරිත. මැඩම් ලගින්ම හිතවත්ව ඉන්න කෙනාට මැඩම්ගෙන් වැඩිපුර ලකුණු ලැබෙන බවක් අපි හැමෝටම තේරිලා තිබ්බෙ. මට ඒක අරුමයක් නොවුනට මැඩම් ලග ඉදන් ලකුණු දාගන්න කට්ටිය පොර කන බවක් මට දැනුනා. ඒත් අපි සුපුරුදු පරිදි එකා වගේ ක්ලාස් එකට එන්ටර් වුණා. මේ හරියටම අපේ ක්ලාස් එකේ දෙවෙනි දවස. එදා මැඩම් හරිම ලස්සනට ඇදලා හිටියා. සංගීත පන්තියක් වුණාම හැමෝම ඉදගන්නෙ බිම. මැඩම් විතරක් ටිකක් උස පුටුවක ඉදගෙන හිටියා කොට සායක් ඇදගෙන. අපේ උන් මැඩම් කකුල් පද්ද පද්ද සෘති අල්ලන්න සර්පිනාව හොලවනවා බලාගෙන හිටියා.

“අදට අපි ක්ලාස් එක නවත්තමු... මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න...“ මැඩම් ක්ලාස් එක ඉවර වෙන්න තියෙද්දි ඇස් ලොකු කරල අපි දිහා බලල කිව්වා. මුකුත් හිතා ගන්න බැරුව කට්ටිය කටවල් පියාගෙන හිටියා මැඩම්ට කාරණාව කියන්න ඉස්සර වෙන්න ඉඩ දීලා.

“එදා පළවෙනි දවසෙම ක්ලාස් ඇවිත් බොන්න ගිය කට්ටිය අත උස්සන්න..“ මැඩම් එහෙම අහද්දි අපේ උන් මූණට මූන බලා ගත්ත. අර කෙල්ල පිං සිද්ධ වෙන්න මම කලින් ගෙදර ගිය එක හොදයි නේද කියලත් මට හිතුන. හැබැයි මැඩම්ගෙන් ලකුනු දාගන්න ඕනකමක් මට තිබ්බෙම නැහැ.

හැම එකාම අත උස්සද්දි, මම විතරක් බිම බලාගෙන හිටියා. මැඩම් නැගිටල මගෙ ලගට ආවා.

“ඇයි විහග ඔයා බොන්නෙ නැද්ද? ඔයා අමධ්‍යපද?“ මැඩම්ගෙ මූන දිහා බලාගෙන මට බොරු කියන්න බැහැ.

“නැහැ මැඩම් මට එදා හදිසි වැඩක් තිබ්බා...“ මම මැඩම්ගෙ ලස්සන ඇස් දෙක අතරේ ගිලෙමින් කිව්වා..

“හරි.. මීට පස්සෙ කවුරුත් බොන්න පිටට යනවා එහෙම නෙවෙයි. කරන දෙයක් ක්ලාස් ඉවර වෙලා අපේ ගෙදර ඉදන් කරන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මට අවට මිනිස්සුන්ගෙන් කතන්දර අහන්න බැහැ. අපේ හස්බන්ඩ් වුණත් මාරම අන්ඩර්ස්ටෑන්ඩින්. ඒක නිසා කරන දෙයක් මේ තාප්පෙ ඇතුලෙ ඉදන් කරන්න ඕන..“

මැඩම් එහෙම කිව්වට අපේ උන්ට සතුටක් දැනුනෙ නැහැ. ඒත් කට්ටිය බය වුණෙත් නැහැ. මැඩම් ඔය කියන අන්ඩර්ස්ටෑන්ඩිං කියන හස්බන්ඩ්ව අපේ එකෙක් වත් දැකලවත් තිබ්බෙ නැහැ. එහෙම එකෙක් ඉන්නව නම් ඌ ඉන්නත් ඕන මේ තාප්පෙ ඇතුලෙමයි නේද කියල කට්ටිය කතා වුනා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වුණේ එදා බොන්න ගිය සීන් එක ලීක් වුණේ කෝමද කියන එක. අනික අපේ එවුන් සෙට් එකේම එකෙක් මිසක් ඔය සීන් එක කවුරුත් දන්නෙත් නැහැ. අපි හැමෝම එකි නෙකාව සැක කරන්න ගත්තා. හැම එකාම මාව සැක කරන්න පටන් ගත්තා. ඒ මම එදා වැඩේට සෙට් වුනෙ නැති නිසා. මම නෙවේ කියල උන්ට උත්තර දෙනව ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බෙ නැහැ. ඒත් අපි හැම එකාම එදා කතාවුණා ඊලග දවසෙ මැඩම් ගෙ ගෙදර බොන්න සෙට් වෙන්න. එදා වෙච්ච කතා බහෙන් කවුරුත් හවස බොන්න යන්න කතා කරපු නැති නිසා කට්ටිය ආපු ආපු පාරවල් දිගේ ගෙදර යන්න පිටත් වුණා.

“විහග..“ මැඩම් මොකටද මගෙ පස්සෙන් එන්නේ.. මැඩම්ගෙ කටහඩ ඇහිල මම වට පිට බැලුවා.

ඇත්තටම මට කතා කළේ මැඩම් නෙවේ, කාව්‍යා. මම ආයෙත් සිතුවිලි අතර අතරමං වෙන්න ගත්තා. එදා වගෙම අදත් එයා මැඩම්ගෙ ක්ලාස් එක ලග. මැඩම් එයාගෙ නැන්දකෙනෙක් නම් ඇයි එයා මැඩම්ගේ ගෙදරට නොයන්නෙ? මට කෝල් කරල එන බවක් කියන්නෙ නැතිව එකපාරට කොහෙන් හරි පාත්වෙන්නෙ?

“මොනවද කොල්ලො කල්පනා කරන්නේ... ඇයි මාව දැක්කම බය හිතෙනවද?“

“ඔව් ගොඩාක් බය හිතෙනවා...“

“ඒ මොකද ඒ??“

“එදා ටයර් එක හිල් කළා, අද මොනවා හිල් කරයිද කියල මට බය හිතුනා... ඒකයි මම කල්පනා කලේ..“

“අපෝ මේ.. එදා මම ටයර් එක හිල් කළා කියල ඔයාට පාඩුවක් වුණේ නැහැනේ. වෙනද වගේම ගෙදර ගියානේ..“

“මම ගෙදර ගිහින් ඔයාට කෝල් කරනකල් ඒක දැනගෙන හිටියෙ නැහැනේ..“

“අපෝ මරු සංගීත කාරයා... කල්පනාව අන්තිමයි.. ටියුබ් එකේ හුලං නැහැ කියල නොදැනෙන ගායකයා කොහොමද හරි තැනදී හුස්මක් අරන් සිංදුවක් කියන්නේ..“

“යනවා යන්න... පණ්ඩිතයා..“

මොනවා කළත් කෙල්ලගේ ඇස් දෙක අස්සෙ මාව ගිලෙන්න ගන්නවා. මට තේරෙනවා එයාට මං ගැන බලාපොරොත්තුවක් තියෙනවා. උදේට ලිහලා අතාරින හරක් පැටියෙක් වගේ මම කොච්චර ඇතෑරියත් එයා හවස් වෙද්දි මගෙ ලගට එනවා කියල මට දැනෙන්න ගන්නවා. ඒක හරි අමුතු හැගීමක්. කෙල්ලෙක්ගෙන් අහන්නත් කලින් එයා තමන් ලග දැවටෙනවා කියල කොල්ලන්ට දැනෙනවා. හරිම පුදුමයි.

“මේ ඒක නෙවේ...“ මහ රෑක අප ගෙදර වහලෙට වැටුනු පොල් ගෙඩියක් වගේ එයා නිහඩබව බින්දා.

“ඒක නෙවේ නම් මොනාද??“

“මට ඩාන්සින් පාට්නර් කෙනෙක් ඕන..“ එයා ඇස් පුංචි කරල කිව්වා.

“හරි වැඩක් නේ ඉතිං ඕක මට කියල හරි යනවද?“

“ඔයාට පුලුවන්නම් මාත් එක්ක එනවද ක්ලාස් යන්න. වැනි වැනී සිංදු කියලම හරි යනවද? පොඩ්ඩක් ඩාන්ස් කරන්නවත් ඉගෙන ගන්නව හලෝ...“ ඒකි මහ දරුණුවට කිව්වා.

“හලෝ...???“ මට මල පැන්න පාර මම ඇහුවා.

“ඔව් හලෝ...“ ඒකිට ගාණක් නැහැ.

‘හලෝ හලෝ කියන්න අපි ෆෝන් එකෙන් නෙවේ කතා කරන්නෙ. නවත්ත ගන්න ඔයාගෙ රස්තියාදු ගති..“

“නැතුව මම ඔයාට කොහෙමද කතා කරන්න ඕනේ??“ ඒකි මගෙන් ඇහුව.

“කතාකරන්න ගැලපෙන නමක් ඉස්සරහට සෙට් වෙයි.. බය නැතුව ඉන්නකෝ..“

“හරි ඔන්න ලබන සතියෙ ඉදන්, මේ වෙලාවට අපි ඩාන්ස් කරන්න යනවා හරිද???“

“හරි... යමු..“

මම දෙපාරක් නොහිතා හා කිව්වා. මගෙ පස්සෙන් හොල්මනක් වගේ පාත්වෙන. සැරින් සැරේ මට කරදර කරන, මගෙ හිත මටත් හොරෙන් උස්සන කෙල්ලෙක් කතා කරද්දි ඩාන්ස් කරන්න, මම බෑ කියයිද? මට දෙපාරක් හිතන්න වුණේ නැහැ මම හා කිව්වා.

එතකොට ලබන සතියෙ  ඉදන් අපි දෙන්නා යනවා ඩාන්ස් කරන්න. මම මගේ හිතටම කියා ගත්තා.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_11:48am_24/02/2013
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...
Related Posts Plugin for WordPress, Blogger...