Sunday, September 29, 2013

අන් ආගම් වලට හූල්ලනවාද? තම ධර්මය අදහනවාද?



මම බෞද්ධයෙක් ලෙස ලෝකෙට පේන්න බුකියේ, සමාජයේ වැඩ දාන කිසිවෙකුට අනේ මම මගෙ ආගම, ධර්මය වෙනුවෙන් බුදු පිළිමයක්, විහාරයක්, කරවන්න හිත් වූයේද? එසේ කිරීමට හැකියාවක් නැතිනම් එකතු වී, මුල්‍ය ආධාර එකතු කොට එවන් සේවාවක් කරන්නට කවදාවත් සිත් වූයේද? අන් ආගම් ගරහමින් හෝ තමාගේම ආගමේ සඟරුවනට ගරහමින්, අන් ආගමික පූජනීය ස්ථාන ගණනින් මෙච්චරයි, අච්චරයි කියමින් හූල්ලමින් සිටින අයෙකුට අනේ අපිත් බුදු පිළිමයක්, චෛත්‍යයක් කරවන්නේ නැත්දැයි නොසිතෙන්නේ මන්ද? උක්ත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නිෂ්ඵල මුත්, එලෙස එක් වී කරන්නට යන සේවාවකට අත් උදව් දීම, සහය වීම අට මහා කුසල් වලින් එකක් වන්නේමය.

අට මහා කුසල් යනු,

කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

එලෙස බුද්ධ ධර්මයේ සදහන් වන පරිදි බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාර ගෙවල්, මුලසුන් ආදිය සෑදවීම අට මහා කුසල් වලින් එකක්ය. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ දෙවන ජාතියේ දී නියත වශයෙන් විපාක දෙන කුසල කර්ම නිසායි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන කරනු ලබන මෙවැනි කුසල් නිසා දැන හෝ නොදැන කර ඇති අකුසල් තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් දෙවෙනි ජාතියේ දී නියත සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වෙන්නේය. (ඔබ දෙවන ජාතිය නියත වශයෙන් කුසල් පලදීමේ වටිනාකම ගැන සොයා බලන්න.)

කුසල් බලාපොරෙත්තුවෙන් හෝ සමාජීය සේවයක් කිරීමේ අරමුණින් හෝ, අනුරාධපුරයේ සිට කිලෝ මීටර්  20  පමණ ඇතුලට වන්නට තිබෙන පාසලකට බුදු මැදුරක් සාදා දීම අප බ්ලොග් සහෘදයෙක් ඉදිරිපත් වී සිටියි. බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩක් බඳු අනුරාධපුරය ආශ්‍රිත ගම්මානයකට බුදු මැදුරු වලින් වැඩැක් ඇත්දැයි ඔබ සිතනු ඇත. නමුත් ඔවුනට පාසලේ ඇති මෙම බුදු මැදුර හැරුනු කොට, ලඟ පාතක පන්සලක් හෝ නොමැති බවයි දැනගන්නට තිබෙන්නේ. ගම්මානයේ වයෝවෘද පුද්ලයින්ට ඈත පන්සල් වලට යාමේ අපහසුව නිසා සිල් සමාදන් වීම වැනි කටයුතු ද පාසල් භූමියේ දී සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. එවැනි තැනකට බුදු මැදුරක් කරවා ශාසනයට පූජා කිරීමට කෙහෙල් කොටුවේ බුද්ධියා සහ බුද්ධියාගේ කෙහෙල්කොටුවට යන එන උන්ගේ අරමුණ වී ඇත.

අපත් ඔහු සමඟ එකතු වී මෙම කුසල කර්මයේ කොටස්කාරයන් වෙමු. ඔබත් මෙම පිංකමට සහභාගී වෙන්න කැමැත්තක් ඇත්නම් කෙහෙල්කොටුවට ලිපියක් යවා වැඩි විස්තර ලබා ගන්න. මෙන්න ලිපිනය cyberlipi@gmail.com

13 comments:

  1. සෑහෙන වැදගත් දෙයක් සැමෝ.. ශ්‍රමයෙන් නම් ආධාරයක් කරන්න විදිහක් නැහැ.. ඒ නිසා මුදලින් ආධාරයක් කරමි...!

    ReplyDelete
  2. දැනන් උන්නට වඩා පින් අතේ වැඩ වලටත් ලැදි ඒවයේ කොටස් කාරයෙක් නෙව සැමා...බොහොම හොඳයි. ශ්‍රමයෙන් උදව් කරන්නත් පුලුවන් උනාට ඊට වඩා මුදල් වල වටිනාකම මම හිතන්නේ අද වැදගත්. උදව් කරන්නම් හැකි විදිහට.

    ReplyDelete
  3. වැදගත් කාරියක්..මම ඒ බැව් එතන සටහන් කලා...යශෝධා නංගිගෙ වැඩේ ගැනත් ලගදිම කථා කරමු

    ReplyDelete
    Replies
    1. යශෝධාගේ වැඩේ ගැන නැවත පෝස්ටුවක් දැමිම සහ සිරා කියු වීඩියෝව කිරිම වැදගත්.. ඒක අමතක කලා නෙවෙ..

      ස්තුති !

      වැඩි විස්තර ලබා ගන්න. මෙන්න ලිපිනය cyberlipi@gmail.com

      Delete
  4. අපි සහභාගීවෙලා පැමිනීමත් සටහන් කරන්නයි හිතං ඉන්නෙ

    ReplyDelete
  5. මේක මෙතනත් දැම්ම එක ලොකු දෙයක්.

    ReplyDelete
  6. අඩෝ එකෙන්ම කැමතියි.... එල එල... මොන වගේ හෙල්ප් එකක්ද මගෙන් ඕන...

    ReplyDelete
  7. සෑහෙන්න ලොකු පින්කමක්

    ReplyDelete
  8. හැකි යම් දෙයක් කිරීමට උත්සහ කරමි. නමුත් පින යන වචන මාත්‍රයට නොවේ. හුදෙක් ආත්ම තෘප්තිය උදෙසා පමණි

    ReplyDelete
  9. හොඳ අදහසක්. මමත් යන්න ආසයි. ඒ උනත් මේ වෙලාවේ ඒක කරන්න අපහසුයි. මුදල් ටිකකින් සම්මාදන් වෙන්නයි හිතුවේ.

    ReplyDelete
  10. නියම වැඩක් ඔබලාට ඇනෝලාගේ උපහාරය

    ReplyDelete
  11. උදවු කරන්නම ඔන.එ පැත්තෙ ගිහිල්ල බලන්නම්

    ReplyDelete
  12. සමාවෙන්න ලොකු අයියෙ පරක්කු වෙලා ආවට ඕන් . . . . ..
    වැඩේ සුපිරි සමාජසේවයක් නොවෑ . පුලුවන් දායකත්වයක් දෙන්නම් .
    ජය !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...