සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Thursday, August 30, 2012

පුංචි අපේ තිත්-වත්‍ය පත්ත-ලේ ! - පොඩි සෑමාගේ ලියුම්...


දයාබර අද්දියාපන මාමේ,

මගේ වි-භාග අත් දැකීම ඔබට මෙසේ ලියමි. මෙය රජතුමාට ලියා තේරුමක් නැතිය. මොකද එතුමාගේ පුත්තරයා විභාග ලීවේ අපි වගේ නෙවේය. තනියෙන්ය. උත්තල සමගය. අපට උත්තල තියා පස්සන පවා අවතලය.



මම පහ වසල තිත් වත්‍යය ලිවීමට ගිය දරුවෙක්මි. වි අභාගය වෙනුවෙන් මම සතියක් පුරාවට බෝ දී පුජා පැවැත්වීමී. ඊගෙන ගත්තා නම් බෝ දී පුජා අන වශ්‍යය බව අපේ ගුලුතුමා කීවේය. ඒත් අම්මා කිව්වේ බෝ දී පුජාවට පලයන් කියාය. ඒ අහවල් එකකට නෙවේලු. එහා ගෙදර අයියා ඇල්සෙඩ් ඉක්කෝර් එක නිසා අබ්බගාත වු නිසා, අපේ තිත්තත්ව පත්තරේවත් අකල් මරනයක් නොවේවා කියා පහන් පුජා පැවැත් වීමු. වැඩසටහනට පෙරමුන ගත්තේ ගමේ පන්සලේ හාමුදුරුවෝය. හාමුදුරුවෝ පිංකමට එන්නට පෙර පන්සලේ කෞතුකාගාරය ලොක් කරලාද කියා හොදට බැලුවෝය. ඒ හදිස්සියට බෝඨි පුජාවට පුවක් ගෙඩියක් ලෙලි ගසාගන්නට වත් ගිරයක් නැති වේ යැයි බියේය. හැම තැනම හොරුය.

දකුණු කකුල පෙරට තබා ගෙමිදුලට මම එදා බැස්සේ පැන්සල කනේ ගසාගෙන තිත්ත වත්තය ලිවීමටය. අම්මා ඔළුව අතගා කීවේ උබ පස්න පත්තලේ හදන පැහිච්ච වැඩ නොකර උත්තල ලියපං කියාය. මම ඇයට ආදරේ නිසා එසේ කලෙමි.

පස්න පත්තලේ අරගෙන මම වට පිට බැලුවෙමි. ඉක්කෝලේ ටීචර් කීවේ අතට ගත් හැටියේ නම ලියන්න එපා කියාය. ලියන්නට කිව්වේ වි භාග අංකයය. වි භාගයට පෙර දින දවස පුරාම මම පා ඩම් කලේ වි භාග අංකයය. ඒ ටීචර්ගේ අව වාදය නිසාය. ඒත් පස්න පත්තලේ උඩින්ම තිබුනේ නම ලියපං කියාය. මම අත දිග හැර සම්-පූර්ණ නම ලිවීමි. අපේ සීයාගේ පටන් දොන් හර්බට් .... ලෙසද, ලියා තාත්තාගේ කොනින් අවසන් කලෙමි. දැන් අත දිග හැර ගත් මම පලමු පස්නය කියෙව්වෙමි.

1. විභාග මධ්‍යස්ථානය -
මම වට පිට බැලීමි. මෙවන් පස්නයක් අප විසය නිර්දයේ නොතිබූ බව මට මතකය. ඒත් මගේ ගමේ, මගේ  පාසලේ තියෙන විභාගයේ, මධ්‍ය-ස්ථානය නොදන්නා කම මට විලි ලැජ්ජාවක්ය. ගමේ බලුකුක්කෝ පවා මට මග තොටදි හිනා වෙනු නොඅනු මානය. අත දිග හැර පැන්සල් තුඩ ලෙව කා තද බෝල්ඩ් අකුරින් මම ලීවෙමි. මධ්‍ය-ස්ථානය ගැටහැත්ත මධ්‍ය මහා විද්දි-යාලය.

මගේ ඇස් දෙවන පස්නය වෙත දිව ගියේය. කාලය සිමා සහිතය. අපේ අම්මා කවදාවත් නැතුව අල්ලපු ගෙදර අයියා ඒ-ලෙවල් එක ලියු ඔරලෝසුව මගෙ අතේ බැන්දේ පන්සලෙන් බැදගත් පිරිත් නුල යට කරමින්ය. මට එවලේද මහා අමුත්තක් දැනින. “අම්මේ, අර අයියා  ඇල්සෙඩ් ඉක්කෝර් එක නිසා අබ්බගාත වුනේ මේ ඔර-ලෝ-සුවේ අවුලක් නිසාද දන්නෙ නැහැ නේද?“ අම්මා මට එරෙව්වාය. උබ පූදින් නැතුව හිටු, “ඒක ඔරලෝසුවෙ වැරැද්ද නෙවේ, ඒ කොලුවාගේ වෙලාවේ වැරැද්ද“ කියා ඇය කීවාය. මම නැවත පස්න පත්තලේට එබුනෙමි. ඒ අතර එහා පැත්තේ එකාගේ පත්තලය බැලුවෙමි. එහා පැත්තෙ සිටියේ අපේ පන්ති නායිකාවය. ඇය ඔලුව බිම හරවාගෙන නොනිමි ලියවිල්ලක් ලියන්නීය. ඇත්තටම ඇය හොදට පාඩම් කරන්නට ඇතිය. සතියක් පුරාවට ගෙදර කාමරයක ඇය සිරව සිට හොදට පාඩම් කළ බව කීවේ අපෙ අක්කාය. ඇය සමග හවුලේ පාඩම් කරන්නට යන්නට අම්මා මට ඉඩ නොදුන්නාය. ඇය කීවේ ‘ ඒ කෙල්ල ලොකු වෙලා බං, ඒකයි කාමරේ කියා.‘ බලනකොට ඊලග සතියේ එයා ටීචර්ට කේක් පෙට්ටියක් දි වැන්දා මට මතකය. ඒ විකාර වැඩක් නැතිය. මම ලිවිය යුතු නිසා නැවත පත්තලය පැලීමි.

2. මධ්‍යස්ථානයේ ශිෂ්‍යයන් ගණන -
පන්තියේ නායකයා වුන මට මේවා වැඩ නෙවේය. පස්න නෙවේය. හැමදාම රෙජිස්ටරය ලකුනු කරන අපේ ටීචර් මට කියන්නේ බලන්න කීදෙනෙක් ඉන්නවද කියාය. මම නැගිට ගනින්නෙමි. පස්න පත්තලය හදන්නට ඇත්තේ අපේ පන්තියෙ ටිචර්ද කියා මට විටෙක සැක හිතුනේය. ඇය ඇත්තටම මට ආදරේය. එනිසා ප්‍රායෝගික ගැටලු ලබා දී ඇත්තේය. මම පන්තියේ මෙන් නැගිට්ටෙමි. මම ආසම ඇය නොහොත් එහා පැත්තේ සිටි පන්ති නායිකාවගෙන් පටන් ගෙන සියළු පිරිස ගණන් කලෙමි. ගැහැනු මෙච්චරයි, පිරිමි මෙච්චරයි ලෙස බෝල අකුරෙන් ලිවීමි.

දැන් තෙවන ප්‍රශ්නය. එය අවසාන පස්නය බව මා දුටුවෙමි. එය කොටස් දෙකකින් සමන් විය.

3. විභාගය ආරම්භකළ වේලාව / අවසන් කළ වේලාව.
මරු පස්න ටිකය. කිලි කජුය. මම ඇඹරුනෙමි. පටන් ගත් වේලාව තප්පරයට ලිවීමි. ඉන්පසු ඇය දෙස බැලීමි. ඇය දිග පස්න පත්තරයක් අත තබාගෙන ලියන්නීය. මැසින් ගන් එකකින් සට පට ගගා වෙඩි තියන්නාක් මෙන් ඇය ලියන්නීය. පව්ය. ඇත්තටම පව්ය. කොච්චර ලිව්වාත් ඇයට මගෙ ලකුනු ගානට එන්නට නොහැකිය. මම අයි ලෑන්ඩ් පස්ට් වෙනවාය. නිවුස් පස්ට්, එකේ මාව පෙන්නනවාය. අනේ එයා දෙක වත් වුනොත් අපි දෙන්නාම ටීවි එකේය. එතැන් සිට ඉපැදෙන අපේ පෙම් අරගලය මෙගා ටෙලි නාට්ටියක් ලෙස විකාශය කලැකිය. මරුය. මම ඇය දෙස අවිහිංසක බැල්මක් හෙලා ඉතිරි පස්නයට උත්තර ලිවීම පමා කලෙමි. ඒ අවසන් වන වේලාව ලිවීමට හිස් තැනැක් ඉතුරු කරමින්ය.

පස්න පත්තලය අහවර වෙන වෙලාව පැමිනියේය. මම ඔර-ලෝ-සුව බැලුවෙමි. ඇල්සෙඩ් ඉක්කෝර් එක නිසා අබ්බගාත වු  අයියාගේ ඔරලෝසුව එතරම් නරකම නැතිය. මම අවසාන පස්නයට උත්තලය ලිවීමි. වෙනත් අය මකන කටේ ගසමින්, කෙල ගගා මකද්දී, මම කිසිදු නිවැරදි කිරීමක් නැතිවම පස්න පත්තලය අහවර කලෙමි. පත්තල එකතු කරන්නට ශාලා-ආධිපති ටීචර් පැමිනියේය. අනිත් අයගේ පත්තල එකතු කල වේගයට වඩා වැඩි වේගයෙන් මගේ පත්තරය ගෙන පත්තල සියල්ල රෝල් කර මගේ පත්තරය හරහට තබා නූලකින් ගැට ගැසුවේය. එතකොට මුලින්ම බලන්නේ මගේ එකද කියා මට ආඩම්බරනීය බයක් ඉපදුනේය.

සොරි පුතා ඔයාට වැරදිලා දිල තියෙන්නේ ශාලා අධිපති පුරවන්න තියෙන පෝම් එකක්.

ඇය හිස අතගා මට කීවාය.

“අනේ කමක් නැහැ ටීචර් අපේ ගෙදර අය වුනත් කැමති වෙයි මට පත්විමක් ලැබුනම“ මම කීවෙමි.

මේ ලියුම ඔබ තුමාට ලැබෙන්නට පෙර මා අස්ථාන ගත වේදැයි නොදනිමි. ඒත් මෙය කියවා නැවත මගේ මල්ලීටවත් මෙවන් අතුරු අන්තරාවක් නොවේ වා යැයි පතන්නෙමි.


ඔබට මැතිවරණයක් පාසා ජනතාවගේ පිහිට.

අඹ සරණයි. !

පොඩි සෑමා පෙර ලියූ ලිපි -










Wednesday, August 29, 2012

සොයන් වින්දනය ! - කැත හිත්වලට අවවාදය !

මම ගැහුවත්

උඹ ගැහුවත්

උඹට ගැහුවත්

යනවා නම්

කිම සරදම්

*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


පලි - මෙවර සෑමා අති සාර්ථකය. මෑතක ලියැවුනු බොහෝ කවි වල කමෙන්ට් වල සදහන් වුයේ බහුතරයක් පාඨකයින් නොමග නොගිය බවයි. නමුත් පසුගිය කැත හිත්වලට ලියු කවියෙන් කස්ටිය අපමණ ලෙස නොමග ගොස් තම හිත්වල කැතේ තරම මැන ගත්හ. බොහොමයක් දෙනා කලින් තමන් මුලා නොවූ බව හගවමින් දැමු කමෙන්ටු අසත්‍යය බව ඉන් හැගවින. මෙන්න කැත හිත් ලස්සන කරගන්න ඒ කවිපෙල නැවතත්.

ජය වේවා !


කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...


Tuesday, August 28, 2012

සොයන් වින්දනය ! - කැත හිත්වලට ලස්සන කවි




මම ගැහුවත්

උඹ ගැහුවත්

උඹට ගැහුවත්

යනවා නම්

කිම සරදම්

නොබැදි ජාතීන්ගේ සංගමය වෙනුවෙන් -

Written by sAm_9:33am_28/08/2012

Sunday, August 26, 2012

දෙවරක් සෙලවීමේ අවාසිය...



පුංචි කාලයේ සිට අපේ උන් කිව්වේ මුත්තරා කොට ** දෙවරක් සොලවන්න කියාය. ඒක ඇත්තය. නැතිනම් අන්තිම බිංදුව කලිසමේය. කෙල්ලන්ට එය කෙසේදැයි සෑමා නොදන්නේය. ඒත් දෙවරක් සෙලවීමට යන කාලයේ, පුංචි තප්පරයේ වටිනාකමක් ඇති බව කිසිවෙක් සිතුවේද? මෙන්න අවසන් බිංදුවේ වටිනාකම සහ එය පොලොව මත සමපාත කිරීමට ගතවන තප්පරයේ වටිනාකම.




බ්ලොග් ලෝකයේ නයෙක් ඇරියා යයි අර්ථකතනය කරන්නේ තමන්ට ඇති දෙයට වඩා දෙයක් මවා පෑමක් කලොත්ය. එහෙත් සෑමා පාසල් යන කාලේ නයි කීවේ කිසිවෙකු විසින් බොරුවක් කියු විටය. එය තමන්ට ඇති දෙයට වඩා දෙයක් මවා පෑමක් කළ විට පමණක් යොදා නොගත්තේය. එසේ පාසල පුරා ප්‍රකට වූ නයි රැසක් විය.

අප්පුවා යනු සෑමා සමග එක පේලියේ හිදගෙන සිටි නයෙකි. පොර නයි යැව්වේ හිට ගෙනය. විටක ඉදගෙනය. විටෙක නයි ඇවිද්දුවේය. කිසිවෙකු නයෙක් අරිනු බව දැනුනු විට වටේ සිටින පිරිස විවිධ ප්‍රතිචාර දක්වන්නෝය. අයෙක් පුටුව නගින්නේ බිම දිගේ එන නයි කකුලට දෂ්ඨකරාවි යැයි මවා පාමින්ය. තවකෙකු නයෙක් පෙනය පුප්පන විට ‘ෂ්..‘ සද්දය දමන්නාක් මෙන් සද්ද කරන්නේය. තවකෙකු අත වැලමිටෙන් නවමින් නයි පෙනයක් ලෙස සකසමින් උලුක් කරන්නේය. එවිට නයා අරින පුද්ගලයා කතාව නැවැත්තුවොත් පොර නයා වන්නේය. එනිසා එවන් විටක කිසිවක් ගණන් නොගෙන කතාව අහවර කිරීම සිරිතය.

අට වසරේදි සංඛයා යැවූ නයාට ගහන්නට නයෙක් යලි ඉපදුනේ නැතිය. සංඛයා අට වසරදී කිව්වේ තමන් මඩ ගොඩක වැටී තිබී කම්පියුටරයක් ඇහිලූ බවක්ය. එකෙක් පැනපු හැටිය සංඛයාගෙන් ඇහුවේ මචං කැල්ක්‍යුෙල්ටරයක්ද  කියාය.  ඒ ඓයිතිහාසික නයෙක්ය.

පසුව ඒලෙවෙල් කරන කරන කාලයේ අල්ලපු ගෙදර අක්කා දැකීමට අපේ උන් උත්සුක වූවෝය. ඒ අතර අපේ අප්පුවා නයෙක් ලෙස නැගී සිටියේය. දින දෙකතුනක් පාසල් නොපැමින පන්තියට ආ මිතුරෙකුට අප්පුවා කීවේ උබ දන්නෙ නැහැනේ මචං, ඊයේ අක්කා ලිද ලග නාලා ඇගේ නුල් පටක්වත් නැතුව ගෙදරට දිව්වා කියාය. එතැන් පටන් අප්පුවා පට්ට නයාය. විටෙක අප්පුවා ගීත ගායනා කලේය වැරදි පද රචනා සමගය. ඒවාද  නයිය. කොටන්ම කිවහොත් බොරුය. දිනක් කොල්ලො සෙට් එක සිංදු කියන අතර අප්පුවා ගීතයක් පටන් ගත්තේය. “මුණි මුණි පොද වැටේවි.. වැහි ඒ දුනු විදීවි...“ ඒ “ මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවානම්“ ගීතය බව වටහා ගන්නට අපට මොහොතක් ගත විය. ඒ ඉතිහාසය අලුත් කරන්නට අපේ අප්පුවා මෑතකදී හමුවූයේ ආදි ශිෂ්‍ය ක්‍රික්‍රට් තරගාවලියේ මෝලම් සෙට් එක ඉදිරි පිටදීය. මතට තිත තබමින්, ඇය මා ලගින්, මා ලගින් පාද තබමින්, ගීත ගයද්දී, අප්පුවා නන්ස්ටොප් එකට සපෝට් එකක් දුන්නේය.. “රන් සමනල ජෝඩු බබාගේ...“ අප්පුවා “රන් සමනල ජෝඩුව වාගේ‘ නොදැන සිටි බව පසක් විය. 

දිනක් අපේ රුචිරයා නයෙක් ලෙස තම ජීවිතය ජය ගත්තේ රුපියල් 4000ක බොටමක් (කලිසම) ගැන කීමෙනි. ඒ කාලේ හැටියට එවන් මුදලකට බොටමක් ගැන කතා කරීම නයා මුචලින්ද නාග රාජයෙක් කරන ලක්ෂණයක්ය. රුචිරයා එසේ කියද්දි මැද්දට පැන්න අපේ එකෙක් ඇසුවේ මචං බොටම එයාර් කන්ඩිෂන් කරලද කියාය.

මෙලෙස නයි සමාජ ගත වෙද්දී නයෙක් යවන විට දමන ‘ෂූ...ස්“ සද්දයෙන් බැට කෑවේ මුත්තරා බරක් සැහැල්ලු කරගන්නට ගිය අහිංසකයෝ දෙදෙනෙක්ය.

‘මචං පම්ප් එකක් දාන්න යමුද?‘

‘මටත් යන්නෝනි බං.. ඒත් පඩිපෙල බැහැලා අච්චර දුර යන්න කම්මැලි‘

ඒක උන් දෙන්නට විතරක් නොව ඒ ලෙවල් විද්‍යා අංශයේ සිටි කොල්ලන්ට තිබි පොදු ගැටළුවක්ය.

ගැටළුවට විසදුමක් ලෙස මිතුරෝ දෙදෙනා උඩුමහල කෙලවර වසා දමා තිබි පඩිපෙල පැත්තට ගමන් කලෝය. එක් අයෙක් පඩි තුනක්  පමන පහලට බැස මුත්තරා කරද්දී අනෙකා එයිට ඉහල පඩියක සිට බිත්තිය දෝවන්නට විය. ඒ අතර එහා පන්තියේ එකෙක් නයෙක් මල්ලෙන් එලියට දැමීම නිසා ‘ෂ්..ස්‘ හඩක් නැගින. ඒ හඩට කෝපා වුන ගුරුතුමිය සද්ද දැමූ එකා සොයා කොරිඩෝව දිගේ දිව එද්දී මිතුරන් දෙදෙනෙකුගෙන් එකෙක් බිත්තිය දෝවා එලියට එද්දී  ගුරුතුමිය ඒ දෙසට දිව ගියේ සැක කරුවන් සොයා ගැනීමටය. සැහැල්ලු කරමින් සිටි දිය දහරේ අවසන් බිංදුව දමන්නට දෙවරක් සොලවන අතර ගුරුතුමිය ඒ දෙසට ඔලුව දැම්මාය.

“ඒ තමුසෙ මොකද ඔතන කරන්නේ??“

සියල්ල ගුරුතුමිය හසුව අහවර නිසා මිතුරා සිනහ වෙමින් පිලිතුරු දුන්නේ....

“කමක් නැහැ ටීචර් අපෙ අම්ම වගේනේ...“ කියමින් ගුරුතුමිය දෙස හැරෙමින්ය.

ගුරුතුමිය දුම්මල වරම අතට ගත්තාය. මුත්තරා මුඛයෙන් සුලු දිය පහකර දෙදෙනා පිළිබද ඒලෙවල් වාට්ටුව භාර ගුරුතුමාට පැමිණිලි කළාය. ඔවුන් පැමිණ මුත්තරා සාම්පල සහ බිත්තියේ තෙත් බව පරීක්ෂා කොට වැරදිකරුවන් නියමාකාරයෙන් හදුනාගත්තෝය.

වරදකරුවන් අතට බාල්දි දෙකක් පිරිනැමිණ. කැමති ටැප් එකක් භාවිත කොට බිත්ති සහ පඩිපෙල සේදීම කළ යුතු බවට නියම විය. වතුර පුරවාගත් බාල්දි අතින්ගෙන මිතුරන් දෙදෙනා අප පන්ති පසුකර යද්දී එකෙක් වත් කොලොප්පමට වත් සිනා නොවුනේ උන් අපේම නිසාය.

එදා දෙවරක් සෙලවීමේ සිදුනොවූයේ නම්, මිතුරන්ට මෙවන් දුකක් සිදු නොවනු ඇත.

උපදෙස - කාලය රන් හා සමානය. අන්තිම බිංදුව නොතකා කාලය ඉතුරු කරගන්න.

Written by sAm_9:22pm_25/08/2012

Friday, August 24, 2012

වරා සහ හොරා...


වරා යනු මිත්‍රයන් දිවි පරදුවට තබා ඇසුරු කරන්නෙක්ය. ඕනෑම මොහොතක ඕනෑම අයෙක් වෙනුවෙන් ඉදිරිපත්වෙන්නෙක්ය. ඒ නිසා වරා පිලිබද සෑමාගේ ගමේ උන්ට අමුතුවෙන් කිවිය යුතු නැතිය. වරා වීඩියෝ සෙන්ටර් එක කළ කාලයේ සෑමාට බොහෝ විට හවස් ජාමයේ වරාගේ සැන්ටර් එකට රිංගුවේය. බොහෝ විට වරාගේ ඉන්ටර්නෙට් කැෆේ එකේ මැෂින් වල ට්‍රබල් ෂූටින් වැඩ පවා පැවරෙන්නේ සෑමාටය. එවාද කර දෙමින් සෑමා වරාට සපෝට් එක දුන්නේ වරාගේ හොද ගති ගුණ දන්නා නිසාය. 

ඒ අතර සෑමා ගත් බොක්ස් ගිටාර් එක වාදනය කිරීමට පවා වරා සෑමාට පුරුදු කලේය. වරා යනු එසේ මෙසේ පොරක් නොවේය. පොර සංගීත කණ්ඩායමක නම ගිය ගිටාර් කරුවෙක්ය. එසේම කිසියම් මාධ්‍යයක සුපිරි තරුවක් වූ පොරකගේ බොක්කේ ෆිට් එකක්ය. එසේම එම තරුව පවා සෙල්ලම් කලේ වරාගේ බෑන්ඩ් එකේමය.

ඒ අතර සෙට් වීම් වලට පවා වරාගේ ගිටාර් නාදය නැතුවම බැරි විය. ඔහුගේ සහයට අපේ හර්ෂයාද විය. හර්ෂයා නම් බොන්ගෝ කරුවාය. වාදයන සුපිරිය. විටෙක වරාගේ සෙන්ටර් එකේ වරා, හරා, සහ සෑමා සිංදුවක් කියමින් ෆන් එකක් ගන්නේ හවස් ජාමයේය. පසු කලෙක උන් දෙන්නා පොලිසියට භාර විය. ඒ කිව්වේ හිරේ විලංගුවේ වැටුනා නොව, පොලිසියේ පිරිස් සෙට් වෙද්දී මුලින්ම ඇමතුම ලැබුනේ වරාට හෝ හරාටය. ඒ පැත්තකින් සිට ගීත ගයමින් සපෝට් එකක් දීමටය. එසේම කෑම බීම පවා නොඅඩුව ලැබෙන්නට විය. 

මෙකී සිදුවීම් නිසා වරාගේ මෙන්ම හරාගේද රැපෝ එක යුනිෆෝම් එක හමුවේ වර්ධනය විය. එනිසා දඩ කොලයක් ලියන්නට පෙර ලයිසන් එක ඉල්ලද්දී පවා අපේ වුන් පළමුව කතා කරන්නේ වරාටය. නැතිනම් හරාටය. එවිට වැඩේ ගොඩින් නිදහස්ය. දිනක් සෑමාද ඒ ක්‍රමය අනුගමනය කලේය. එවිට දඩ කොලය ලියලා හමාරය. දඩ කොලෙන් බේරීමට නිවැරදි ක්‍රමය අනුගමනය කරන්නට ඉගෙන ගත්තේ සෑමා එදාය.

එකී සියළු සිද්ධීන් මැද දිනක් වරා බයික් එකකින් ලිෆ්ට් එකක් ඉල්ලුවේය. ඒ පොඩි ෂොට් එකක් දමා සිටි පෙරකගෙන්ය. ඒ මදිවට හෙල්මට් නැතිය.

“මචං මාව හන්දියට දාපංකෝ..“ ඒ වරාය.

“හරි මචං නැගපං“ තමා යන මාර්ගය වෙනස් කොට මිතුරා කීවේ වරාගේ හොද ගති නිසා බැහැ කියන්නට බැරි නිසාමය.

වරා රැගත් රිය, වරාට හෙල්මට් නැතුව ගමන් කරද්දි මාර්ගය එහා පැත්තේ පොලිසිය සිටියේය. ඇල්ලුවත් කම් නැත වරා පිටු පසය. අනික මාර්ගය එහා පැත්තේ නිසා හදිසියේ නැවැත්වීමට පවා අවකාශ නොමැත. මිතුරා වරාව ඩ්‍රොප් කලේය.

“මචං... මම කෝමද දැන් ගෙදර යන්නේ. පොලිසියෙන් හිටියනේ එහා පැත්තේ..“ ඒ මිතුරාය.

“අවුලක් නැහැ බං. ඒ පොරවල් දෙක මම දන්නවා. උබ මාව දාන් ආව කියපං. මගෙ නම කියපං“ ඒ වරාය.

“ඒත් බං මම බීලා නේ..“

“උබ පඩියා නොවී මගෙ නම කියපංකෝ..“

වරාගේ පෙරැත්ත මත මිතුරා පිටත් විය.

පැතූ පෙම් පැතුම් මල් ඉටු වී මිතුරා පොලිසිය ඇල්ලුවේය.

“තමුසෙ කොහෙද යන්නේ???“

“වරාව දාන්න ගියා සර්..“

“කෝ හෙල්මට්???“

“හෙල්මට් ඕනෙ නැහැ කියල වරා කිව්ව සර්..“

“කවුද ඕයි වරා??“

“වරා මගෙ යාළුවා සර්..“

“තමුසෙ බීලද??“

“ඔව් සර් වරා එක්ක තමා බිව්වෙ සර්..“

“කවුද යකෝ මේ වරා.. පොලිසියේ ඕ.අයි.සී කියල හිතුවද??“

“පොඩ්ඩක් ඉන්න සර් කෝල් එකක් අරන් දෙන්න..“

සියළු තතු පැවසීමෙන් පසු වරා එතැනය. මිතුරා දඩ නොකා බේරුනේය.

“තමුසෙ දැනගන්නවා, මූ හින්ද තමුසෙ බේරුනා. මේ වරා අපි නොදන්න වරෙක් වුනා නම් ඒ වරායි.. තෝ හොරායි.. දෙන්නම ඇතුලේ..“

අවවාදය - සතාගේ හැටියට බේත දෙන්න. කතා කළ යුතු තැන ඒ විදිහට කතා කරන්න.

Written by sAm_10:12am_24/08/2012

Wednesday, August 22, 2012

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව.... - දෙවන කොටස - පසුවදා පාන්දර...


පෙළ ගැසී
යන රැලී
තෙරපෙමින්
සැර වැඩී


හිරු රැලී
ඇග ගැටී
දවාලයි
සම රැලී


දන්සලක්
මග හිදී
බෙදාලයි
මල් පොදී


මහන්සී
බඩගිනී
දිය පොදක්
වටින්නී


දන්සලක්
ඉදිරියේ
බෙදාලයි
බෝතලේ


ප්ලාස්ටික්
බෝතලේ
ඉතිරෙමින්
පැන් පොදී


පිං දෙමින්
හිස් කරයි
විසිකරයි
බැති පෙමින්


බැති පෙමින් පරිසරය විනාස කළ සැමට තුති.
මේ සෑමාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයයි.

Written by sAm_10:28pm_22/08/2012

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව.... පළමු කොටස බලන්න..

Tuesday, August 21, 2012

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව....






වෙහෙලෙමින් අව් රශ්මියෙන්
දියවෙමින් වැහි කෝඩයෙන්
කඩාගත් මල් කැකුළු මල්ලෙන්
කිහිපයක් ඉන් පරවෙමින්

තෙරපෙමින් මහ පෝලිමෙන්
පුරවමින් සිත් නපුරකින්
පැන්නොතින් මග පෝලිමෙන්
බැනවදී සැර මහ හඩින්

මෙතින් බර සිත් කලවමින්
මෙතින් තොර සිත් කැලඹෙමින්
පෝලිමේ කොණ සොයා දගලයි
ධාතු වදිනා අදහසින්

පිළිවෙලින් මහ බුදුන් ගිය මග
අතරමග දා බැදී ගිහි පෙම
වඩාගත් ආරූඩ බැති සිත
ඇති කරයි පෝලිමේ කලබල

සිතේ උපදින ක්ලේෂ නැති කොට
ධාතු පුදගත් සිතින් නිවසට
බුදුන් දැක මතු නිවන් දකිනට
පෙරුම් පුරනෙව් සිත් දැහැමි කොට


මීට වසර 34කට පෙර කැළණි විහාරයට වැඩම කරවීමෙන් අනතුරුව, පෙරේදා මහත් උත්සව ශ්‍රීයෙන් මානෙල්වත්ත පුරාණ විහාරයට කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වහන්සේලා වැඩම කරවනු ලැබීය. පළමු දිනයේ මහ ජන ගංගාවක් ගැලුවද පසු දින එය පහව යාවි යැයි සිතුමුත් එය එසේ නොවීය. හොද වේලාවට මහ පාන්දර 2ට පමණ නින්දෙන් අවදිව ගොස්, පෝලිමේ නොසිට ධාතු වන්දනා කරගන්නට සෑමාට හැකි විය. පසුදින හලාවත බලා පිටත්ව දිනකට පසු සෑමා අද ගෙදර ආවේ ඉදිරි ආරක්ෂක වලල්ල බිදගෙන එන කොටි සැක කරුවෙකු ලෙසය.

කිලෝමීටර 4කට වඩා දිග පෝලිමක් අස්සෙන් රිංගා ගෙදර එන විට STF මාමලා සිතා ඇත්තේ සෑමා පෝලිම කඩාගෙන ඉදිරියට යන්නට හදන හොර බලලෙකු කියාය. අනේ මාමේ අපේ ගෙදර තියෙන්නේ මේ ලග කියමින් සෑමා යන්තම් ගෙදරට පය ගැසුවේය. වාහනය මිතුරෙකුගේ නිවසට එබුවේ වාහනයේ ආවා නම් ගෙදර එන්න වෙන්නේ පාන්දරය.

ධාතු වන්දනා කරන්නට මේ තරම් ජනතාවක් පැමිණීම ඉතා සතුටු දායකය. අද දහවල වැස්සේ පවා සෙනග නොසෙල්වී සිටි බව කීවේ අපේ අම්මාය. වැස්සේ තෙමි තෙමී සිටින්නට ඇත්තේ තමන්ට පෝලිමේ තැන අහිමි වන නිසා වුවද, එවන් අධිෂ්ඨානයක් සිත් දැහැමි කර ගන්නට ඉපදෙන්නේ නම් එයද වටින්නේය.

මෙවන් කාර්්‍යයකට උර දුන් ජනාධිපතිතුමා, පැමිණි ජනතාව හසුරවන ආරක්ෂක අංශ, ජනතාවට සහය දෙමින් දන්සැල් පවත්වන පිරිස්, ඇතුලු සියළු දෙනාට ස්තුතිය.

Written by sAm_11:44pm_21/08/2012

Sunday, August 19, 2012

මුල් පඩිය තාම අමතක නැහැ. මම සෙරෙප්පු ගැලෙව්වේ එතැන..


ඔහු දුෂ්කර ගුරු සේවයේ යෙදී සිටියේ රාජාංගනය නම් වූ ගම්මානයේය. ඒ තම බිරිද සහ උපන් පළමු දරුවා නඩත්තු කිරීමේ දැඩි අරමුණ නිසාය. සියළු දුක ගැහැට සිනහ මුසු මුහුණින් විදගැනීමේ අප්‍රමාණ ධෛර්්‍යය තම දරුවන්ටත් ලබා දීම පුරුදු කිරීම ඔහුගේ අරමුණ වූ බවට නැසැකය. මෙන්ම ඔහුගේ බිරිද, ඔහු සමග සිටිමින් එවන් දුෂ්කර ගම්මානයක කල් ගෙව්වේ ගුරු නිවාසයේය. රැයක් දහවලක් නැතුව ගුරු නිවාසය වට සැරි සරන සර්පයන් ඇයට, සුපුරුදු වූවාය. දරුවා සමග, තම නිවස අතැර ගෙවෙන වසර කිහිපය ඔවුන්ගේ ජීවිතය ශක්තිමත් කළ බවට සාධක වර්ථමානයේ දකින්නට ලැබෙන්නේය. 

දුෂ්කර සේවාව අවසන ඔවුන් දෙදෙන සහ පළමු දරුවා සුපුරුදු නිවසට පැමිණියහ. ලෑලි ගැසූ නිවස, ඔවුන්ට සැනසිල්ලක් වූයේ මොනවා වුනත් අපි දැන් ඉන්නේ අපේම තැනකනේ යන අදහස සිතට ආ නිසාවෙන්ය. ඒ කොළඹ ප්‍රධාන මාර්ගය අසල ඉදි වු ලෑලි නිවසක්ය. ඔහුගේ මව, ඇගේ නැන්දම්මා, ගම් පෙදෙසේ ප්‍රධාන සිල්ලර කඩය කරද්දී, ඇගේ පියා, ඔහුගේ මාමණ්ඩී, පෙදෙසේ විශාලතම බේකරිය කළේය. එහෙත් ඔවුන් ගෙන් ලැබෙන සහයට වඩා දෙයක් නොයිල්ලමින් ඔවුන් පොලොව මත නැගී සිටීමේ නිරත වූහ. ලෑලි ගෙයක් පසෙකින් තබාගෙන, දෙමහල් නිවසක් තනන්නට සිතීම විහිළුවක් බව, ඔවුන් නොසිතුවේ ඒ අප්‍රමාණ ධෛර්්‍යය නිසාමය. මේ අතර ඇගේ මල්ලී, ඔහුගේ මස්සිනා ලොරි දෙකක් සහිත බිස්නස් කරුවෙක් වුයේය. ඒ අතර ඔහුගේම කියා පත්තර කඩයක්ද තිබුනේය. තමන්ට සියල්ල උරෙන් උර ගැටී කරන්නට බැරී නිසා ඔහු තම ඒජන්සිකම පැවරුවේ ඔහුගේ අක්කාගේ ස්වාමියා හෙවත් ගුරු මස්සිනාටය.

එදා රුපියල් දෙතුන් සීයයට ලැබුණු ඒජන්සිකම, අද කාලයේ පටන් ගන්නේනම් තැබිය යුතු තැන්පතු මුදල ලක්ෂ ගාණක් (5ට ආසන්න) වන්නේය. එසේම උපාලි, ලේක්හවුස්, සුමති, විජය, ආදී ඒජන්සිවලට එකින් එක වෙන වෙනම තැන්පතු තැබුව හොත් ඒ සදහා ගෙවන ලක්ෂ ගාණක තැන්පතුව දසගුනයකට වඩා වැඩි වන්නේය. ඒ කිසිවක් එකල නොසිතෙන්නට ඇති ඔවුන් තම මලයාට අඩුවක් නැතුව මුදල් ගෙවා ඒජන්සි ලබා ගත්තෝය. ඒ අතර ලෑලි නිවස දෙමහල් නිවසකට පරිවර්ථන කිරීමේ සටන ඇරඹීය.

පළමු දරුවාට පසු වසර 4කට පසු දෙවෙනි දරුවා (දියණිය) ලැබීමත්, එයිට වසරකට පසු තෙවෙන දරුවා (පුතු) ලැබීමත් ඇයගේ සිහින ගමන මදකුත් පමා වීමට හේතු නොවීය. එක ලග උපන් දියනිය හා පුතුන් දෙඅතට වඩාගෙන ඇය සියළු රාජකාරි ඉටු කළාය. උදේම පාසල් ගොස් දහවල නිවසට එන ස්වාමියා ඇයට සහනයක් වූවාය. බත් පිගානට පොල් සම්බෝලයක් තිබුනත් ඔහු කිසිවක් නොඅසන්නේය. ඒ ඇය විදි දුක් ඔහුගෙ සිත තැන්පත්ව තිබි නිසා විය හැකිය.

දෙමහල් නිවසට අත්තිවාරම වැටෙන්නේ මේ අතර තුරය. ප්‍රධාන පාරට මුහුණලා, කඩ කාමර තුනක් සහිතව, දෙමහල් නිවසක් ඔවුන් සැලසුම් කළහ. ඒ අතර පසෙකින් තිබු ගඩොල් මැටි සහිත ඔවුනට අයිති වූ වෙනත් පිරිසකට කුලියට දුන් කඩ කාමරය නොකැඩීමට ඔවුන් තීරණය කළහ. මෑතකදී ඇගේ පොඩිම පුතු ඇසුවේ “ඇයි අම්මේ මේ කඩ කෑල්ල කඩන්නේ නැත්තේ.“ කියාය. ඇය දුන් ප්‍රතිඋත්තරය මත ඇගේ දූරදර්ශි බව පුතු තේරුම් ගත්තේය. ඇය කිව්වේ ‘කවද හරි වාහනයක් ගත්තම තමා ඔය කඩේ කඩන්නේ. එතකොට පහල තට්ටුවේ ගැරේජ් එකට වාහනේ දාන්න පුලුවං.‘

ඔවුන්ගේ සියළු බලාපොරොත්තු අධිෂ්ඨානය සමග මුසුව කාලයත් සමග සැබෑ වුයේය. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට වටිනා කඩ කාමර තුනක් සමග දෙමහල් නිවසක් ඉදි වූයේය. පුවත්පත් ඒජන්සිය පෙදෙසේ විශාල පෙදෙසක් ආවරණය කරන ඒජන්සිය වීය. එසේම පුවත්පත් බෙදා හැරීම සදහා වෙනම දෙදෙනෙක් වැඩට ගත්තේය. ඒ සදහා දැල් කූඩයක් බැදි පා පැදි යොදා ගත්තේය. විටෙක ඔවුන් දෙදෙනාගෙන් යමෙක් සේවයට නොපැමිනෙන්නේද, එවිට බෙදා හැරිය යුතු පුවත්පත් ඔහු විසින්ම බෙදා හැරීමට ඔහු කටයුතු කලේ තම වෙලදාම වර්ධනය කර ගැනීමටය. එසේ බයිසිකලය පැදන්, පුවත්පත් රැගෙන යන විට පවා මගතොට හමුවෙන පුද්ගලයන් ඔහු ඇමතුවේ ‘සර්‘ කියාය. නැතොත් ‘ආ ඉස්කෝලෙ මහත්තයා.. අද ගෝලයා නැද්ද‘ කියාය. එසේ ගොඩනැගු ජීවිතය අද ඔවුන්ගේ දරුවන්ට ආභරණයක් වන්නේය.

දිනක් ඔහුගේ පොඩි පුතු සවස පැවැත්වෙන පෞද්ගලික පන්තියකට ඔහු ඇරලවූයේ මෙවන් දැල් කූඩය බැදි පා පැදියකය. එය දුටු ඔහුගේ මිතුරෙකු සියල්ලෝම ඉදිරිපිට පුතුව සමච්චලයට ලක් කළේය. ‘ඒ උඹ අද ආවේ අර බක්කියේ බැහැලා නේද?‘ කියද්දි පුතු නිහඩව සිටියේ ඔවුන්ට නැති යමක් තමන්ට තිබෙන බව උන් නොදන්නා නිසාය. එසේ කාලය ගෙවී පොඩි පුතුට ඔහු තවමත් මිතුරෙක්ය. මෑතකදි පුතුගේ රෝද හතරේ නැගී ඒ මිතුරා ගමන් කරද්දි පුතුට ඒ වදන් වැල නොනැවතී ඇසෙන්නට විය. එහෙත් මිතුරාගේ සිත නොකැඩීමට ඔහු වගබලා ගත්තේය.

දෙමාපියන්ගේ වැඩ වලට පුතු දෙදෙනා මෙන්ම දියණිය දුන් සහය දෙමාපියන් දත්තෝය. අයියා සාමාන්‍ය පෙල කොට නිවසේ සිටියදී, කඩේ ගෝලයා වැඩට නොආ දිනවල පත්තර බයිසිකලය පැද ගියේ අයියාය. උදේ 7ට පිටත්ව දහවල 11ට කිට්ටු වී දහඩිය පෙරාගෙන, විටෙක කකුල තුවාල කරගෙන නිවසෙට එන අයියාගේ මුහුන මලයාට තවමත් මැවී පෙනෙන්නේය. එසේ දෙමව්පියන්ට උර දුන් ඔහු විවාහ පත්ව තමන්ගේම නිවසක් තනාගෙන, ප්‍රසිද්ධ ආයතනයක මැනේජර් පදවියක් සමගම ඉහල වැටුපකට, රෝද සතරක් සහිතව වැජබෙන්නේය. ඒ එදා තාත්තාට යන්න නොදී බලෙන් පත්තර බයිසිකලය පැද ගිය නිසාවෙන්ය. තම රැකියාව කරන අතරතුර කඩේ වැඩ වලට උපකාර කළ දියණිය විවාහ පත්ව දෙමාපියන්ට බරක් නොවී ජීවත් වෙද්දි දෙමව්පියන්ට නිම් නැති සතුටක් වන්නේය.

පෙදෙසේ තවත් කඩ කිහිපයකට පුවත්පත් බෙදා හරින්නේද මේ ඒජන්සියෙන්මය. එසේ බෙදාහැරෙන පුවත්පත් මුල් කාලයේ රැගෙන ගියේ බයිසිකලයකය. එසේ රැගෙන යද්දී දෙතුන් වරකට වඩා ගමන් කිරීමට සිදු වීම මහත් හිසරදයක්ය. විටෙක තිරෝද රියක් කුලියට ගෙන පුවත්පත් රැගෙන ගියද එය ලැබෙන ලාභය අඩු විමට බලපාන නිසා, එම බයිසිකල් ගමන පොඩි එකා කරට ගත්තේය. එසේ යද්දි මග තොට දී හමුවෙන දන්නා එවුන් පවා කතා කරන්නේ අල්ප වශයෙන්ය. ඒ පත්තර රැගෙන යන නිසා විය හැකිය. දිනක් ඒ පැත්තේම සිටින සංගීත ගුරුවරියක පොඩි එකාගෙන් ඇසුවේ අහ් අද පත්තර බිස්නස් වගේ කියාය. ඒ වචන වැලට පොඩි එකා දුන්නේ ඇගේ කට වැහෙන උත්තරයක්ය. “ඔව් ඇන්ටී ඇයි?? අපි ඉස්කෝල ගිහින් ඉගෙන ගත්තේ, අපි ජීවත් වුනේ මේව කරපු සල්ලි වලින්, ඉතින් ගෙදර ඉන්න නිවාඩු දවසෙ ඒවට උදව් කලාට අමාරුවක් වෙන්නෙ නැහැනේද?“

දයාබර ඇනෝ... මෙච්චර වලි කෑවේ උබටත් ඒ ටික කීමටය.



උක්ත කතාවේ ඔහු ඇය සෑමාගේ දෙමාපියන්ය. ලොකු  පුතා සෑමාගේ අයියාද, දියණිය සෑමාගේ අක්කාද, පොඩි පුතු/පොඩි එකා යනු සෑමාද වන්නේය.

අපි එක එකාට හිස නොනමා ජීවත් වෙන්නේ, අනිත් උන්ට උදව් කරන්නේ මෙවන් කාලපරිච්ඡේදයක් සාර්ථකව අහවර කළ නිසාය. ඒ අතීතය අමතක නැති සේම, ඒවා අවමානයක් ලෙස නොසිතන්නේය. සෑමා කවදත් කිවේ මේ ටිකය.

“මම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“

ස්තුතිය ඇනෝ කමෙන්ට් එකතුකරන කතන්දරකාරයාට.

Written by sAm_9:09_19/08/2012

පලි - හිත් වේදනාවෙන් ලියුවක් නොව, අප්‍රමාණ ආඩම්බරයෙන් හා සතුටින් ලියුවකි.

Friday, August 17, 2012

නිධන් හෑරීම... - අවසාන කොටස





“මේ ඒවායින් වැඩක් නැහැ පංචිකයෝ දැන් ඔරිජිනල් හක මගෙ ලග. උබ එනවද අද රෑ හාරන්න යන්න“

“අනේ හාමුදුරුවනේ මගෙ හක පාරන්නද?“

“ඈය යකෝ උබ හිතුවද මමත් රට ගිය වෙඩික්කාරයා වගේ කියල. ඔය සීන් උඹ දාගනින් අපේ කොල්ල එක්ක. මම නැහැ ඕවට..“ කෝපයෙන්...

“අනේ නැහැ රජතුමනි, රටේ ලෝකෙ උන් හිතන්නේ අපි එහෙම සීන් කියල. මොකෑ අපි ඉන්නෙ ඔබ වහන්සේගෙ සරම අස්සෙ හැංගිලා නොවැ..“

“රෑ එන්න කිව්වම තොට මතක් වෙන්නෙම ඕවා.. උබ දන්නවද පොලොන්නරුවෙ හොද පොට් එකක් සෙට් වුනා.. රජකාලෙ බඩුලු බං..“ පංචිකයාගේ නිකටට තට්ටුවක් දමමින්

“මගෙ අප්පේ.. ඕව දේශද්‍රෝහි වැඩ ස්වාමීනී.. ඒත් බැහැ නොකියත් බැරි නිසා මම අපේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අහල එන්නම්.“

“ඈ යකෝ උබ එහෙ ගිහින් වැඩේ ලීක් කරපං..“

“නැහැ ස්වාමීනි පු.වි දෙපාර්තුමේන්තුව කිව්වේ අපේ එල්ලාගෙන චක්කර වර්තී ගෙන් අහන්න හැදුවේ. එතුමානන් ඇප්රූවල් දුන්නම මම එනවා එක පයින්“

“මොන ඇප්පුරුවල් ද බං. එදා කට පුරා කිව්වේ හෑරුවට අවුලක් නැහැ කියලා. ඔන්න ඔහෙ රෑට වරෙන් ගහල මන්දිරේට. මගෙ සුදු වෑන් එකේම යමු පොලොන්නරු.. මතක් කරල ජීවම් කරපු සුරේ දාගෙන වරෙන්. අර ගියපාර අනුරාධපුර වැව් හාරපු අලවංගවත් පෝර උරේක ඔතාගෙන වරෙන්.“

“එකෙන්ම ස්වාමීනී“

පංචිකයා රියදුරු දෑතට දෙවිපිහිටයි කියා රිය පොලොන්නරුවට දක්කයි. රජු ඉදිරිපස අසුනේ ෂෝටක් ගසාගෙන හිදී. රටේ එවුන් දුටුවත් හදුනාගත නොහැකිය. අමුඩ ලේන්සුව කරේ නැත. සරම ගහල මන්දිරේ ගලවා දැමූ තැනමය.

දෙදෙනා ෂෙයාර් කර ගත් කාමරයක පසුදින ගතකොට, රාත්‍රියේ නැවත ස්ථානයට පදවයි. පංචිකයා බියෙන් ගැහේ.

“උඹ දන්නවද පංචිකයෝ ඉස්සර නම් තඩි වහු පැටියෙක් බිල්ලට දෙන්නෝනි මෙහෙම වැඩ පටන් ගනිද්දි.“

“එතකොට ස්වාමීනි?? අද මාවද බිල්ලට දෙන්නේ“ පංචිකයා සට පට ගාමින් සැලේ. විදුලිය නැති විටක පවා ඔහු මෙසේ සැලී නැත්තේය.

“අනේ මේ උබ වගේ මැටි ගොඩක් මෙතන චප්ප කරල කන්නද බං.. ගනිං ඔය අලවංගුව..“

“ඈ ස්වාමීනී?? අපි හාරන්නේ මෙතනද? මේක අමු සොහොනක් නේ..“ පංචික තවත් බය වේ.

“ඇයි උබ කනත්තට බයද?“

“නැහැ ස්වාමීනී අපිත් යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැනේ..“ රජුගේ කට ඇද විය.

“තොට ඇමැති කම එපා වෙලාද යකෝ මට යකා යකා කියන්නේ..“ (වැරදි කරන ඇමැතිවරුන්ට ජනතාව හමුවේ බනින මවා ගත් සැර මුහුනින්)

“අනේ මගෙ දෙයියෝ මල මිනි නැගිටල ආවත් හාරන්නම් මගෙ දෙයියෝ..“

“එහෙම වරෙන්. දැන් කට පියං හාරපං“

“අවසර ස්වාමිනි. ඇත්තට සොහොන් වල ජරා වස්තු තියෙනවද? නැත්තම් ඔබ තුමාට පුරාවස්තු එපා වෙලා දැන් මිනි පෙට්ටි ගොඩ දානවද?“

“නැහැ යකෝ මට හීනෙන් ඇවිත් ජුල්ල වට්ටි කුමාරය කිව්වා, ඌ මිහිදන් වෙච්ච මේ සොහොනේ ජරා වස්තු තියෙනවලු.“

“එහෙනම් ගොඩ ගමු ස්වාමීනී, ඔබ තුමාගෙ වට්ටියට වඩා මේක ලොකුයි ෂුවර්..“

“ශිරා නංගිත් ඕකම කිව්ව බං. අනික උබ දන්නවද මේ කුට්ටම මම දැක්කෙ නැහැ අවුරුදු ගානකින්. අසාවකට මම බලාගන්නේ කණ්නාඩි කැල්ලකින්. බඩ විතරනේ බං නැත්තං පේන්නේ...“ දුකඛිත ස්වරයෙන්

“ඒත් ශිරා නංගි නම් මගේ එකට සැටිස් ස්වාමීනී“

“මොකක්????“ ඇස් උඩ යවමින්.

“නැහැ නැහැ ස්වාමිනී.. එදා මට හදල දුන්න කන්න කියල සැටිස්..“

“අපෝ එදා මට බඩත් ගියා බං, ඒ පංචිකයා ගනින් අර ටෝච් පොල්ල.. අර අර.. අර බලපං අතන සොහොනේ ගහල තියෙන එක..“

“කෝ ස්වාමීනි... මොකක්ද? අර දෙසීය කියල ගහල තියෙන සොහොන් කොත නේද?“

“ඔව් යකෝ. උබට මොනාද හිතෙන්නේ..“

“ෂුවර් එකට මැරිච්ච එකෙක්ගේ සොහොනක් නේ..“

“නැතුව යකෝ පන පිටින් වලලනව ඈ..“

“එහෙනම් අහවල් එකක්ද ස්වාමිනී..“

“ඔය ඉන්නේ අවුරුදු 200ක් ජිවත් වුන එකෙක්. දැන් ඔය හාරපු වල වහලා මාර්ක් එකක් දාපං.. අපි මීඩියා අරන් හෙට එමු. වසර දෙසීයක් ජීවත් වුන පොරක් උබයි මමයි හොයා ගත්ත කියලා.“

“අන්න අදහස ස්වාමීනි. එතකොට හෙට උදේම හඩ්ඩා පතුරු යන්න කියවයි. ඌටත් හොද පෙරපර මින්ට් එක. එතකොට අනේසුන්දරයා සැනසුම පිටපත් ලියයි පැලෙන්න. “ අලවංගුව බිම දමා උඩ පනිමින්

“දාපං පංචිකයෝ පහක්.. උබ දන්නවද ඊට පස්සේ අපි සොල්දාදු සේනාව ගෙන්නලා මෙතන හාරවනවා. චුල්ල වට්ටියාගේ ජරා වස්තු අපිට. රාජ භාණ්ඩාගාරෙට.“

දෙදෙනා ක්ෂණීක හයි-වේ එකේ ගහල මන්දිරේට සැපත් වේ. මහ රෑම නිදා සිටි හඩ්ඩා සහ අනේ සුන්දරයා අමතයි. රූප-පාහිනීය, ස්ව-ආදීනවය, අමතයි. බ්‍රේකින් නිවුස් වැටේ. කස්ටිය පාන්දර වන තෙක් රූප පෙට්ටි ඉදිරියේ කතිර යුද්ධ ප්‍රථිඑල එන තෙක් සිටින්නාක් මෙන් පැල් බැදගෙන හිදිත්. පෞද්ගලික මාධ්‍ය රජුගේ අණට යටත්ව කඹ කඩමින් කැමරා රැගෙන පොලොන්නරු පිටත් වේ.

“එදා කොසොල් රජු දුටු සිහින මෙදා සහශ්‍රකයේ ජීවමානව, උත්කර්ෂවත් අයුරින්, ඥාන සම්පයුක්තව, සමාජ පථය තුල පෙලහැර පෑ රටේ රජතුමා. අද කෝටියක් ජනතා දෑස් දල්වමින් තමන් දුටු සිහිනයක් සත්‍ය බව ලෝකෙටම පෙන්නන කරන වෑයමක මාත් කොටස් කරුවෙක් වුනා.“ කොහේවත් සිටි ඇක්ෂන් ජැන්ටා මයික් එකට කියවයි.

“හත් දෙයියනේ කවදාවත් හිතුව දෙයක්ද මේ සැබැ වෙන්න යන්නේ.. රටේ රජෙක් කරන වැඩක්ද මේ කරන්නේ. මොන රජාද දෙයියනේ සොහොන් ගානෙ බඩ ගෑවේ. මෙහෙම ජනතාවගේ බිමකට ගිහින් කවුද පොලොව කෙටුවේ.. බලන්න අද වෙන්න යනදේ.. “ ඇක්ෂන්ගේ මයික් පොල්ල හඩ්ඩා පැන වැඩ්ඩා සේ කටේ ඔබා ගනී.

සියළු මාධ්‍ය පොර පිටියට බහිද්දී අදාල තැන කැමරා කාචයට යොමුවේ. අමු අමුවේ 200 ඉලක්කම ගැසූ, වසර දෙසීයක් ජීවත් වූ මිනිසෙකු සොයා ගිය ගමන සජීවීව මාධ්‍ය ඔස්සේ ආවරණය වේ.

හදිසියේ එතැනට කඩා පැන්න හූරිය-අප්-කෙරුම තුමා සොහොන බදා ගනී.

“මෙන්න කසන්න මහත්තයෝ අපි හොයා ගත්තා ජනතාවගේ රජුගේ සිහිනය. බලන්න වසර දෙසීයක් හිටපු මනුස්සයෙකුගේ සොහොනක්. අපි මේක ජරා වස්තු දෙපාර්තුමේන්තුවට දිල ඇනීම් කරමු.“

එතැනට පැමිණි පොලොන්නරු ජනතාව ඇස් නලලේ තබා ගනිති. දත කට පූට්ටු වී සිටි වැඩිහිටියන් අතරින් ඉදිරියට ආ කොලු ගැටයෙක්..

“අනේ මහත්තයෝ ඕක මාර්ග සංවර්ධනේට දෙන්ට. ඔය අපේ අල්ලපු ගමට තව හැතැප්ම 200ක් තියෙනව කියල මාර්ග සංවර්ධනෙන් ගහපු කොන්කිරීට් බෝඩ් කෑල්ල“

කොලු ගැටයාගේ වචන සෙට් එක රාජ්ජ වාහිනී වල කැපී යද්දී, තිරස පොඩි එකාගේ කොටස බ්‍රේකින් නිවුස් ලෙස පැයකට තෙවරක් විකාශය කරයි.

Written by sAm_9:00pm_17/08/12

ජොලි පලි - ජනතාවගේ මනස බඩුමිල, විදුලි බිල, ආදි දැවෙන ප්‍රශ්නවලින් බොහෝ ඉවතට ගෙන ගිය නිසා, රජු පාටියක් සංවිධානය කරයි.

Wednesday, August 15, 2012

නිධන් හෑරීම... - පළමු කොටස


“උඹට පුළුවන්ද පංචිකයෝ වලවල් හාරන්න, උබ එන්න එපා මම අපේ කොල්ලව අරන් යන්නම“

“විකාර කතා කරනවද උතුමානෙනි.. මේව රජුන්ට කැප නැහැ..“

“කැප නැහැ කියල උඹ මාව මාලිගේ දාල යන්න කල්පනාව. උබටයි ඕව කරන්න බැරි. බලපං උබට ලයිට් කනුවක් හිටවන්න වලක් කපන්න බැරි එකා කෝමද වලවල් හාරන්නේ මහ රෑට..“

“ඇයි උතුමානෙනි එහෙම කියන්නේ.. බලන්න කරච්චෝලේ.. කොච්චර වැදගත් වැඩක්ද? මම තනියම හාරපු වල..“

“අනේ මේ පලයං පංචිකයා යන්න.. මම අපේ කොල්ලට එන්න කියනවා මේ වැඩේට. අනික අනුරාධපුරේ යන්න එපැයි..“

“අනේ මේ උතුමානෙනි, මතකනේ කොලුවයි පවුලේ අයයි සෙට් වෙලා හාරපු වල? බෙම්බංතොට නාන තොටුපල. උතුමානන්ගේ කොල්ල රගර් නොගහ පොඩි වයසෙ හිටියනම්, කොල්ලට කඩදහි බෝට්ටු පාකරන්න නියම පොට් එක..“

“අනේ මේ කටවහං. කමක් නැහැ උබගෙ ඔය කට වහන්න බිම්මල්පේට වත් බැරි වුන එකේ උබත් වරෙන් වල හාරන්න..“

“උමතුවානෙනි.. ගිය පාර රොන් මඩ ඉවත් කරල මොනාද හම්බුනේ..??“

“බලපං හාරපු මඩ ටිකටත් ණයයි. ඒ මඩ වේලලා පස් කුට්ටි කරල විකුණල තමා වියදම කවර් කර ගත්තේ..“

“ඈ... එතකොට පිච්ච මල් පූජා තියල හාරපු එකෙන් කඩුවක් වත් මතු වුනේ නැද්ද?“

“මොන කඩුද බං.. මතුවුනා ““හකක්““

“ඈ.. මොකක්???““

“අපේ උබල මහලොකු පාරාවිද්‍යාඥ්ඥයෝ.. යකෝ හක් ගෙඩියක් බොල...“

“මගෙ අප්පේ උතුමානෙනි අපරාධයක් නොවැ..“

“ඒ හක හරි වාසනා වන්තයි බොල.. ඒක ලග තිබ්බම ජනතා ප්‍රසාදය වැඩී..“

“අප්පද බොල රජුනි ඒ හක එච්චර බලගතුද? එතකොට ඔබ තුමා මාර ආදරෙන් ඉන්න ඇති නේද හකට?“

“නැතුව උබ දන්නවද මම හක අරන් තමා දිය කෙලියට පවා ගියේ..“

“දිය කෙලියට?? ඒ කොහෙද??“

“අහවල් තැනැකට නෙවෙ බං.. බෙම්බංතොට ගියේ.. තොටුපලට නාන්න..“

“ඉතිං ස්වාමීණී...“

“අනේ... මගේ දෙයියෝ... මට දුක් දෙන්නෙපෝ...“ රජු පංචිකගේ උරහිසේ හිස තබා වැලපේ. පංචික උතුමානන්ගේ රතු ලේන්සුවෙන් දෙඇස් පිහිදමයි.

“සමාවෙන්න උතුමානෙනි.. මම වැරදි දෙයක් කිව්වාද මන්දා.. මගෙ මේ වැසිකිලි කට.. අපෝ...“

“කමක් නැහැ.. දුක තුනී වෙන්න මම උබට කියන්නම් කතාව. කෝ අත දිග් කරල දිව්රපං කාටවත් කියන්නෙ නැහැ කියලා“

“මොනා දික් කරන්නද උතුමානෙනි.. මම මේ තාක් කෙල බිදක් හලල තියෙනවද ඔබ වහන්සේ ගැන..“

“ඔන්න එහෙනම් අහගනින් කතාව... මම අර හකට තියෙන ආදරේට හකත් අරන් තොටුපලට යනවා නාන්න. දවසක් මම ගිලිලා නාකියාගෙන ඉන්නකොට දෙයියනේ හක වැටිලා වතුරට.. මම බලං ඉන්නකොට හක පාවෙනවා...බං හක පාවෙනවා...

“ඉතිං රජතුමා පීනලා හක ගොඩ ගත්තා..??“

“විකාරද බං.. මේ බන්ඩිය උස්සගෙන මම පීනන්න.. “

“ගිලෙන්නෙ නැහැ උතුමානෙනි.. ටියුබ් දෙකක් දැම්ම වගේ නොවැ..“

“උබ ඇමැතිකම දාල යනවද? මගෙ කතාව අහනවද?“

“ගැත්තාට සමාවෙයන් රජුනි.. වදාරන්න අවසර..“

“ඉතිං මට හරි දුකයි බං.. මට හක නැති වුනා.. මම පස්සෙ රට පුරා විද්‍යුත් සන්දේශයක් යැව්වා හක හොයල දෙන එකෙක්ට හකෙන් පතක් දෙනව කියලා..“

“මගෙ අප්පේ හකෙන් පතක් රජතුමානි???“

“ඔව් බොල මට ඕව වියදම් නෙවේ.. භණ්ඩාගාරෙ සල්ලි තියෙනව නොවැ..“

“අනේ මම නොදන්නව නොවැ..“

“ඉතිං ඔන්න සන්දේශෙ දැකල මාලිගාවට සැපැත් වුනා ලෙයියා කියල බයියෙක්...“

“අහ්.. ලෙයියා මගෙ කලින් සපෝටර් කෙනෙක් නොවැ.. පොර වැඩ කාරයා.. එවෙලෙම හක හොයල දෙන්න ඇති..“

“අනේද කියන්නේ පංචිකයෝ.. එදා හවසම මූ ආව නොවැ හකත් උස්සගෙන...“

“අන්න අපේ කොල්ලො.. දුන්නොත් වැඩක් ලෙසටම කරනවා.. “

“කලා තමයි බොල.. මම ඊට පස්සෙ පොරොන්දුව ඉෂ්ඨ කරන්න එපැයි..“

“මොන දෙනවද බං.. හකෙන්  පතක් දෙන්න මම ඌට... ඒ ජුන්ඩි වැඩේට??“

“එතකොට උතුමානන් ඒ ගැත්තාට ද්‍රෝහි වුණා..“

“ඌ මට කෝටි දෙකකින් එකෙක් විතරයි බොල..“

“එතකොට ලෙයියා..?“

“ලෙයියට මල පැන්නා බං.. ලෙයියා පලිගහන්න ගත්තා.. අපේ රාජ්ජේ උන් දන්නේ පලි ගහන්න විතරයි නොවැ..“

“ඉතිං පලි ගහද්දිත් ඔබතුමා සද්ද නැතුව බලං හිටියා..“

“නැතුව බං.. අන්තිමටම බැරිම තැන මම ඌට මගෙ හක තෑගි කළා..“

“අම්මද බොල ලෙයියට දැන් ජනතා ප්‍රසාදය වැඩි වෙයි, හක නිසා ඔබ තුමාට ජනතා ඇල්ම වැඩි වුනා වගේ..“

“මොන පිස්සුද බං, ඒක හකෝ ඩුබ්ලිකේට් එක..“

“එතකොට ලෙයියා..?/“

“ලෙයියට සතුටුයි බං.. ලෙයියා හක පුරෝගෙන යන්න ගියා..“

රජුට නිධන් හාරා පුරාවස්තුවක් හමුවෙයි.. ඊලග කොටසින්...

Written by sAm_11:26pm_15/08/12

පලි - අකුර පටලවා කියවා අමනාප නොවන්න

Monday, August 13, 2012

පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම..





සුදු හංස යුග
තෙරපි තෙරපී
ඉන්න බැරුවම
පැලුණු හැට්ටය



කට්ට ගසලා
එකතු කරලා
රදන්නට බැරි
කමක් හින්දා



කූර අරගෙන
රෙද්ද අස්සෙන්
රිංග රිංගා
එකතු කෙරුවා



හයිය රෙද්දට
කූර මදිවා
නොකැඩි යන්නට
හෙමින් එඹුවා



නූල කැඩිලා
යන්න මත්තෙන්
ඉක්මනින් ඇය
වැඩේ කෙරුවා



ඇගේ තනපට
ඉරුණු දවසට
මදී තනිපට
දමන් දෙපොටට



උදේ කම් නැත
සවස දොස් නැත
රෑට හොද නැත
දෑස් නොපෙනී
ලේ ගලලයි අත



වයස හින්දා
ආච්චී හට
නූල කැඩුනම
උදව් දෙන්නට
කොල්ලො හරියට
වට කරන් ඇය



රෙද්ද අස්සෙන්
හෙමින් යවලා
විලි වැසෙන්නට
ඇදුම් ඇදලා



සිහින් කූරේ
සවිය දැනිලා
ලොවට මිහිරක්
එකතු කරලා



බලන් මිතුරේ
හොදින් හිතලා
ඇදුම් ඇන්දේ
කොහොම කියලා


*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

Written by sAm_9:15pm_13/08/12

කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...


Saturday, August 11, 2012

ඡන්දෙ ලගයි.. කොන්ද තියාගනිව් කෙළින්....


මග තොට දී, ඔපීසියේදී, රූපවාහිනීයේ, රේඩියෝවේ, අන්තර්ජාලයේ කතන්දර බොහෝය. බහුතරයක් මලින්ද මාමා ඇතුලු කැබිනට් එකට සහ ආණ්ඩු පක්ෂයටම විරුද්ධ ඒවාය. දැන් බලනකොට ඡන්දය දීපු එකෙක් නැතිය. එහෙම බැලුවොත් මාමා දිනා ඇත්තේ හොර ඡන්ද වලින්ය. ඒත් ඒක පිලිගත නොහැකිය. ඒ කාලේ මාමා වෙනුවෙන් හන්දිගානේ කෑ ගහපු, කඩ පිලේ පෝස්ටර් ගහපු එවුන් බොහෝ විය. ඒත් උන් අද නැතිය. විටෙක එය ලෝක විනාසයද කියා සෑමාට සිතෙන්නේය. නැති නම් සිහිනයක්ද? විය නොහැකිය. සෑමා තමාටම කොනිත්තාගෙන තමා පියවී සිහියෙන සිටින බව දැනගෙන සිහිකලේය. ප්‍රභාකරන් මාමා කියුදේ එක වරම සෑමාට සිහි විය.

“සිංහලයන්ට ඕනෑම සිදුවීමක් මතක සති දෙකක් වැනි සුළු කාලයක්ය.“

මොකක්දෝ ඡන්දයක්ද අත ලගය. දැන් මලින්ද මාමාට එදිරිව කෑගසන අය කොතරම් සිටියද එදිනට ඡන්ද කොලේ අතට ගෙන කතරය ගසන්නට පෑන/පැන්සල කතිර කොලයට ලං වෙද්දී අපේ එවුන්ගේ අත ගැස්සෙන්නේය. හිත වෙව්ලන්නේය. සිතුවිලි තෙරපෙන්නේය. කොහොම පටන් ගෙන කතිර ගහන්නද උන්ට වැටහෙන්නේද නැතිය. පරම්පරා ගණන් තමන්ව කෑ, පක්ෂය උන්ට අතෑරිය නොහැකි වන්නේය. රටට කෙල වුනත් කළ-ගුණ-මකු කම් අමතක කළ නොහැකිය. ඒ නිසාම අත කරකවා කතිරය ගසන්නේය. ඇත්තටම ඒක මන-උස්සකමය. ඒක හොදය. කාපට් පාරවල්, අඩි-වේගී මාර්ග සිහිවෙද්දී කරේ තියාගෙන කතිර ගසන කරුණාවක් ජනිත වන්නේය. 

Z-ස්කෝර් වැරදී කොල්ලෝ කෙල්ලෝ පාරට බැස්සාට කමක් නැතිය. උන්ට වැලේ වැල් නැතිව කෑගැසුවාට කමක් නැතිය. උන්ට හතර වෙනි පාර හෝ විභාගය ලියා කැම්පස් යා හැකිය. හතර වරක් විභාගය කරන්නට දුන් මෙවන් ශිෂ්‍ය හිතවාදී රජයක් මේ කපේදි දැක නැතිය. ඉතිං වැඩ දමා කමිස කොලරය උස්සා ‘බෝල්ඩ්‘ අකුරින් කතිරය ගැසීම සාධාරණය. කැම්පස් එවුන් කවදත් කෑගසනවාය. ඒවා ගණන් ගත යුතුව නැතිය. ඒ කීවේ උසස් අද්දි-යාපන මාමාය. ඒ මාමා කියන දේ සහතික ඇත්තය. ඉතිං ඒ මාමාගේ බුද්ධියට එරෙහි වන්නට ජනතාව අකැමැතිය. ඉතිං ගසනවාය. අත කරකවා ඡන්දය දෙනවාය. ජනතාවාදි රජයට පිටු පෑම පට්ට අසාධාරණ නිසා කතිරය ගැසිය යුතුමය.

දැන් ඩීසල් හොද නැහැ කියා කෑගසන්නේ දේශද්‍රෝහියෝය. ඒවා ගණන් ගත යුතු නැතිය. උන් ආණ්ඩුව පරාද කිරීමට එක එක ගැට යොදනවාය. ඒවාට අසු විය නැතිය. ඡන්දය දිය යුත්තේ ආණ්ඩු පක්ෂයටමය. සමහරු බොරුවට තම පෙට්ට්‍රල් වාහනයට ඩීසල් ගසාගෙන මග හිට්ටවගෙන ආණ්ඩුවට, ඛණිජ තෙල් සංස්ථාවට බනිනවාය. එය හරිම අසාධාරණය. කන්න දීපු අත හපා කනවා වැනිය. සමහරු ඩීසල් ටැංකිය හිස් වෙලා මග හිටියාමත් කියන්නේ බාල ඩිසල් කියාය. ඒක හොද නැතිය. රාජ විරෝධීය. අපේ නිදහස අප රැක ගත යුතුය. නැතිනම් ආණ්ඩුව පෙරලුනොත් රට අගාධයේය. ඒ නිසා හොද ඩීසල් ගේන නායකත්වය රදවා ගත යුතුය.

එළවලු* වලට කූඩ කේස් එකක් ආවේය. පාරවල් පුරා එළවලු නිරපරාදයේ විනාස වුයේය. එළවලු මිල ඉහල ගියේය. බුද්ධිමත් ඇමතිවරු කිසියෙදක් ගණන් නොගෙන කෙලින් සිටියහ. තමන්ට අවශ්‍යය දේ පමණක් රට වෙනුවෙන් කලෝය. කිරි කේස් එකක්ද ආවේය. කිරි ගොවියෝ මහා මාර්ග කිරි වලින් දෝවනය කලෝය. ඇමතිවරු කෙලින් සිටියෝය. කිරි විනාස වෙද්දී තමන්ගේ මතයේම සිටියෝය. ඒ අතන් නම් ඔවුන් සෘජුය. සිරාය. ඔවුන්ට නොරිදවා පුංචි ඡන්දයකදී පවා කතිරය ගැසිය යුතුය. නැතිනම් රටම අගාධයේය. එවිට අපි පව්ය.

ජලය, විදුලිය, ආදී මාසය අගට නිවසට බිල්පත් ලැබෙන සෑම සේවාවක්ම ප්‍රමිතියෙන් කෙසේ වෙතත් මිලෙන් නම් ඉහල ගියේය. ඒක සිරාය. අපට හිතන්නට, අරපිරිමැස්මට දෙයක් ඔවුන් ඉතිරි කලෝය. එය බුද්ධිමත් ජනතාවකට වටින්නේය. ඇමති මහතා කිව්වා සේ ජලය නැති කාලේ විදුලිය නොකැපුවේය. කපනවා නම් මම අයින් වෙනවා කියාද කීවේය. එසේ කියා ටික දොහොකින් සලාක ක්‍රමයට ලයිට් කපන්නට ගත්තේය. කිසියම් මාධ්‍යයක් එතුමාගෙන් ඇසුවේ ඇය ඔබ උතුමා ලයිට් කැපුවොත් ඉවත් වෙනවා කිව්වා නේද කියාය. එතුමා එදාද කෙලින් සිටියේය. මම එහෙම කිව්වේ නැතැයි කීවේය. දින කිහිපයක් කැපු විදුලිය නොනවත්වා ලබා දෙන්නට කටයුතු කලේය. ඒත් පහුවදාම අපේ ගමේ තඩි ට්‍රාන්ස්ෆෝමරය සහිත කණුව ලොරි මාමා කෙනෙකුගේ විනීත රිය පැදවීම හමුවේ පොලවට සමපාත වූයේය. එදා ගමේ උන්ට විදුලිය නොමැති වු නිසා හැම එකාම බැන්නේ ලොරි මාමා ඇමැති උතුමාගේ ගෝලයෙකු විය හැක කියාය. ඒත් ඒක වැරදිය. ඇමතිතුමා කෙලින්ය. රට වෙනුවෙන් බලාගාර කරන්නේය. බලාගාර තුනක් විවෘත කර පැය තුනක් කැපුවේය. දැන් එතුමා බලාගාර 24ක් කරන බව කිවේය. එවිට 24ක් කපන්නේමය.

සමහරු බැන්නේ ගෑස් මිල වැඩි කලා කියාය. ඒවා බොරුය. මේ පුංචි මැතිවරණය පිළිබද ප්‍රකාශ වූ සැනින් ගෑස් මිල අඩු වූයේය. ඉදිරි දින වලදී පෙට්ට්‍රල්, ඩීසල් පවා අඩු වෙනු ෂුවර්ය. එසේම දුප්පතා ගැන සිතා භූමි තෙල්ද පහල යනු විශ්වාසය. මතක විදිහට පසුගිය මැතිවරණ කිහිපයකදී අපේ රට අවටින් ගෑස් නිධි මතු වූයේය. ලෝකයේ කොහේවත් නොමැති වූ තරම් ගෑස් අපේ රටෙන් මතු වන්නට විය. රට ගැන සිතා රජුගේ පෙර පිනට ගෑස් ඉහ උඩින් මතු වෙද්දී අපේ එවුන් අත්පොලසන් දුන්නෝය. සිරාය. ආතල්ය. සමහරෙක් දෙව් ලොවක පා වුනෝය. අතට ගත් කොටු පුරවන ඡන්ද කොලයට අත දිග හැර මනාපය පළ කළහ.

මෙන්න හිටි ගමන් බඩු මිල අඩු වෙලාය. පට්ට ආතල්ය. අපේ එවුන්ට කලින් බැනපුවා මතක නැතිය. ඉස්සර ගණන් අමතකය. රජය හොදය. සිරාය. අපට ආදරේය. ඉතින් සරම උස්සාගෙන ඡන්ද පොලට යායුතුය. එසේම තැපැල් ඡන්ද හිමියෝ කමිස අත් නමාගෙන අත දිග හැර කතිරය ගැසිය යුතුය. මොකද උන් රජයේම සේවකයෝය. රජය ජනතාවට මෙන්ම උන්ට පතුරු යන්නට ආදරේය. ඒ බලවත් ආදරයට කළගුණ සැලකිය යුත්තේ කතිරය ගැසීමෙන් පමණක්ය.

දැන් පාරවල් ගානේ මැති ඇමතිවරු වෙඩි තියා ගන්නේද නැතිය. ඒවා කවදාවත් සිද්ධ වුනේ නැතිය. ඉදිරියටත් සමාජ භීෂණ නැතිය. පොඩි කෙල්ලන් බලවත් අත් වලට ගොදුරු වෙන්නේද නැතිය. ඒවා කවදාවත් සිද්ධ වුනේ නැතිය. ඉදිරියටත් එසේමය. නීතිය කෙලින්ය. ගෙදර පොඩි එකාට කිරි පැකැට් එකක් අරන් දීමට ගමේ කෙසෙල් කැන කපන සුගතන් මාමාටත්, පාර්ලිමේන්තුවේ ඉන්න හිරිමල් මැති තුමාටත් එකම නීතියය. කිසිවෙක් ධනයට බලයට ගැත්තෝ නොවන්නේය. නීතිය පට්ට සාධාරණය. සු-අධර්මන් මහතාටත් ඒ ටිකමය. එකම නීතියමය. එවන් නීතියට තිත නොතබා පවතින පාලනය රැකගත යුතුය. එවිට අපට රටට මෙන්ම අනාගතේ රට භාරගන්නට ඉන්නා පොඩි එකාලටද සුභය.

සිත කළකිරී ඇත්නම් ඡන්දය නොදා සිටීම අපරාදේය. එවිට ඔබේ ඡන්දය වෙන එකෙක් දානවා ෂුවර්ය. එනිසා උදේම ඡන්ද පොලට ගොස් ඡන්දය කටු ගාන්න. එවිට ආශ්චර්යන් සිදු නොවන්නේය. බහුතරයකගේ ජන මතය එලියට එන්නේය. නැතිනම් ඔබට මැජික් එකක් බලා ගත හැකිය. එය 2010 මැතිවරණයට වඩා දරුණු මැජික් එකක් වනු නිසැකමය.

රටට ජය !

Written by sAm_7:25_11/08/2012

Thursday, August 9, 2012

පාස්වර්ඩ් හැක් කරන හැටි - සෑමාගේ පළමු IT ලිපිය...


මිනිස්සු අනුන්ගේ දේවල් සෙවිමට රුසියෝය. ඒ කාලයේ එහා ගෙදර වෙන්නේ මොකක්දැයි මෙහා ගෙදර එවුන් සිටියේ මීටරෙන්ය. ඒ අතර සමහරෙක් ගමම ආවරණය වන අයුරින් පැපරාසි සේවයේ යෙදෙන්නෝය. කෝපි කඩේ නාටකයේ සිටි අඹිලින්ගේ නම ඔවුන්ට රෙජිස්ටර් වන්නට විය. ඒ අතර එලෙස චීත්ත ඇදගෙන අනුන්ගේ දේවල් හොය ස්ත්‍රීන්ට දයාවතී නමද රෙජිස්ටර් වන්නට විය. කාලය ගත වෙද්දී ගොසිප් වෙබ් අඩවි එම සේවයේ නිරත වන්නට විය. එසේම විදු්‍යුත් මාධ්‍ය ආවරණය හරි හැටි ක්‍රියාත්මක විම නිසා ඉහත කී පුද්ගලයන්ට තම රැකියා අහිමි වීම ඛේදනීයය.

ෆේස් බුකිය නිසා බොහෝ අයගේ පෞද්ගලික තොරතුරුද ලීක් වෙන්නට විය. එසේම පාන්දර බඩ වේලීමක් නිසා *කේ ආඩම්බර බලන්න වුවද අපේ එකාලා ඒවා ‘ස්ටේටස්‘ ලෙස අප්ඩේට් කරන්නට පටන් ගත්තෝය. ස්වාමියා හැරයාම, බිරිද වටේ යාම, උණ, ජලභීතිකා, සෙංගමාල, වැනි ලෙඩ රෝග වැලදීම් පිළිබද පවා ස්ටේටස් අප්ඩේට් වන්නට විය.

ලොවට පේන්නට එසේ ස්ටේටස් දමමින් සිටියද privacy යටතේ නොහොත් පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් පිරිස් තම (විශේෂයෙන් ස්ත්‍රින්) පොටෝ ෂෙයාර් කරන්නට වූහ. සෑමා දැක ඇති සමහරුන්ගේ වෙඩින් ඇල්බම් ෂෙයාර් වී ඇත්තේ custom යන ආරක්ෂිත තත්වය යටතේය. එනම් මිතුරන්ට පෙනෙන්නට, තෝරාගත් පිරිසකට නොපෙනෙන්න වෙඩින් පොටෝ ෂෙයාර් කරන්නට විය. හේතුව කලින් යාළු වී සිටි කොල්ලා හෝ කෙල්ල දකී කියා විය හැකිය. පවුල් ප්‍රශ්න නැතිනම් අනේ වාසනවාවන්ය.

ඒ අතර කෙල්ලෝ කෙල්ලෝ මැසේජ් දාන්නේද හොර රහසේය. ස්ටේටස් එක අප්සට් නම්, අනේ ඇයි මොකෑ සීන් එක කියා දුක් අසන්නේය. ඒවා කමෙන්ට් ලෙස නොව රහසේම මැසේජ් ලෙස වැටෙන්නේය. මේ අනුව පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සැගවී තැබෙන එක ස්ථානයක් ලෙස ඊ-මේල් ගිණුම් සහ ෆේස් බුකි අකවුන්ට් පත්වුයේය.

ඒ සියළු ස්ථාන හොරුන් විසින් කඩා බිද දමන්නට උත්සාහ කරන තත්වයට ආවේ ගිණුම් වල ඇති තොරතුරු උපුටා ගැනීමට හැකර්ලා බිහිවිම සමගය.

ඒ.ටී.එම් මැෂින් එකක කතාවක් සෑමාට මේ අතර මත් වුයේය. මුදල් ගැනීමට පෝලිමේ පිරිසක් සිටියදී ඒ.ටී.එම්. යන්ත්‍රය අසල අයෙක් මුදල්  ගනිමින් සිටියේය. ඔහු මුදල් ගෙන එලියට එද්දී ඔහුට පසුව සිටි පුද්ගලයා ඔහුට යන්නට නොදී නවතා ගත්තේය.

“තමුසෙ කෝමද මගේ පින් නම්බර් එක දන්නේ??“

“මම තමුසෙගෙ නම්බර් එකක් දන්නෙ නැහැ ඕයි“

“එහෙනම් ඇතුලෙදි තමුසෙ තරු 4ක් ගැහුවේ.. මගෙත් තියෙන්නේ තරු හතරක පින් නම්බර් එකක්“

පරණ කතාව එසේය. මේ සෑමාගේ කතාවය...


මෑතකදී තරූගේ ලෝකයේ තරුවා දැමූ අනුන්ගේ password උස්සමුදෝ.. පෝස්ට් එක දුටු සැමාට පාස්වර්ඩ් හැක් කරන නියම ක්‍රමයක් සිහිපත් වුවේය. එහෙත් සෑමා එය practically තවමත් කර නැති බවත්, එසේ නොකරන බවත් කිව යුතුමය.

අවශ්‍ය ද්‍රව්‍ය -

  1. සෑමාගේ ජාතියේ කීබෝඩ් එකක්
  2. ගෙදර ඉන්ටර් නෙට් නැති මිතුරන් කිහිපදෙනෙක් 
මුලින්ම මිතුරාට ෆේස් බුක් ලොග් වීමට අවශ්‍යය නම් තම නිවසට එන ලෙස පවසන්න. ඔහු පැමිණි පසු ඔබේ කීබෝඩ් එකෙන් බුකියේ පාස්වර්ඩ් ටයිප් කිරීමට තැත් කරනවා ඇත. එහෙත් පාස් වර්ඩ් ටයිප් කරන තීරුවේ අකුරු සහ ඉලක්කම් වැටෙන්නේ බෝල හෝ තිත් ලෙස නිසා ඔබට ඔහුගේ පාස්වර්ඩ් එක නොපෙනෙනු ඇත.

එවිට පහත ආකාරයේ සෑමාගේ කීබෝඩ් එක උපකාරි වනු නියතය.

හොදින් බලන්න අකුරු ගෙවි ඇත
මෙවන් කී බෝඩ් එකක් දුටු ඔබේ මිතුරා කී බෝඩ් එක හුරු අයෙක් නෙවේ නම්, කුකුලන් වත්තේ වැටි ඇති හාල් ගිලින්නාක් මෙන් කී බෝඩ් එකේ කොටන අයෙක්  නම්, පහත දෙබස ඇති වෙනු නිසැකය.

“කෝමද බං මේකේ ටයිප් කරන්නේ... අකුරු මැකිලානේ..“

එවිට ඔබ දක්ෂ විය යුතුය.

“කෝ කියපං මම ටයිප් කරන්න..“

විටෙක ඔහු ඔබට පාස්වර්ඩ් කීමට අකැමැති වනු ඇත. එසේ බෑ කිවහොත්..

“එහෙනම් මචං නෝට් පෑඩ් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරලා ඔතනට කොපි/පේස්ට් පාරක් දාපං“

එවිට පාස්වර්ඩ් කොටන් තීරයේ බෝල ලෙස පෙනෙන අකුරු ඔබට හොදින් පෙනෙනු ඇති. ඔහුගේ ගිනුම හැක් වී හමාරය.

Written by sAm_1:56pm_09/08/12

සෑමාගේ මිතුරන් විටෙක බුකියට ගොඩ වැදීමට නිවසට එන නිසා මෙවන් අත්දැකීමක් ඇත. නමුත් සෑමා කෙරේ ඇති විශ්වාසය නිසාත්, සෑමා කිසිදින උන් පාස්වර්ඩ් කොටනාකාරය නොබලන නිසාත් උන්ට සෑමාට පට්ට ෂුවර්ය. මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.

Tuesday, August 7, 2012

ප්‍රභාකරන් පණ පිටින් ඇල්ලුවා නම්.... "FEEL SF" තරගයේ ප්‍රථිඑල සමගින්..

මෑත දිනකදි පැවැත්වුණු “Feel SF“ නිර්මාණ තරගයට සෑමාද සහභාගි වූයේය. එහි ජයග්‍රාහකයන්ට තිළිණ ලබා දීමේ උත්සවයට සෑමාද සහභාගි වීය. එහි ප්‍රථිඑලයක් ලෙස ප්‍රභාකරන් පිළිබද හෝඩුවාවක්ද ලැබුණේය. එය කතාව අවසානයේදී සදහන් කරන්නෙමි.

එදා සෑම ලිව්ව ලිපියක් ජනරාල්තුමා ගැන.  ජනරාල්තුමා ඇතුලෙ ඉන්නකොට. “උඹ තාම අපිට පොරක්“ කියල හෙඩ්ලයින් එකකින්. එදා ඔහු ගැන හිතපු විදිහ, සෑම ආයෙ කියෙව්වා කොනක ඉදන් එදා ලියපු ලිපිය. ලිපියම කියවද්දි දැනුන සතුට අතර උපුටා ගන්න හිතුනා පුංචි කොටසක්.

“ අපි දන්නව උබේ ඇගට අමාරුයි. ඒත් උබේ හිත කවදාවත් හිර වෙන එකක් නෙවේ. ඒක අහස උසට නැගල පොලව දිහා බලාගෙන ඉන්න තරමේ ශක්තියක් තියෙන හිතක්. නැත්තම් වෙන එකෙක් නම් ඔච්චර හිනා වෙලා ඉන්නෙ නැහැ වෙච්චර දේවල් වල හැටියට.

මම, අපි දන්නව උබ එලියට එනවා. උබව එලියට දාන්න වෙනවා. උබ එලියට ආවට පස්සෙ උබෙන් අපි කිසිදෙයක් ඉල්ලන්නෙ නැහැ. මොකද උබ අපිට ඕනෙ දේ දන්නවා. උබ අපිට ඒ දේ දෙන්න තරම් පොරක් කියලා තමා මම, අපි හිතන්නේ. එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්.

උබට ජය !“

එදා ඔහුට උඹ කිය කිය පෝස්ට් එක ලියවෙද්දි කමෙන්ට් දාපු බහුතරයක් කිව්වා ආදරේට එහෙම කිව්වට කමක් නැහැ බං කියලත්. ඉතිං වෙනසක් නොවී ලිපිය එහෙම්මම තිබුනා. ඊට කලින් දවසක තමා අපි මුණ ගැහුනේ නවලෝක රෝහලේ දි. ඒ ගැන දාපු “සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..“ ලිපිය මාස ගණනාවක් හොදම හිට්ස් ලබපු, වැඩි දෙනෙක් බලපු පෝස්ට් එක විදිහට බ්ලොග් එකේ උඩින්ම තිබුණා.

ඒ අතර FEEL SF කියලා නිර්මාණ තරගයක් සංවිධානය වුණා. ඔහු වෙනුවෙන් නිර්මාණයක් කරලා එවන්න කියල ඊ-මේල් එකක් විදිහට. ඒක මට එච්චර ගාණක් නොවෙද්දි අපේ ගමේ කොල්ලා ධනුක සොයුරා මට කිව්වා මල්ලි දාපං මොනව හරි සර් ගැන ලියල කියල. මම වැඩි දෙයක් හිතුවෙ නැහැ, මාස ගාණක් උඩින්ම තිබ්බ “දේශප්‍රේමියාගේ පෝස්ට් එක“ එහෙම් පිටින්ම දැම්මා එතුමාගෙ තරගයට. පෝස්ට් එක බ්ලොග් එකේ ලින්ක් එක එක්කම හැම තැනම ෂෙයාර් වුණා. මම සතුටු වුණා අනිත් එවුන් සුදු වෑන් ගැන කියල බය කරද්දිත්.

හැම දේකම ප්‍රථිඑලයක් විදිහට මට ආව මේල් එකක්. එන්න කියල එතුමගේ මීටින් එකකට, සියළු විස්තර දන්වලා. ධනුකයා ඒත් එලව එලව ඇහුව උඹ එනව නේද කියලත්. මමත් එනව කියලා ගියා බලන්න මොකද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව. යද්දිත් සියළු කටයුතු සූදානම් වෙලා. ඉදගත්තා විතරයි හැමෝටම සුළු ආහාර වේලක් ලැබුනා. එතුමගෙ බිරිද ආවේ සිනා මුසු මුහුණින් පැමිණි සිටි හැම පිළිගනිමින් එක අතක කේක් දීසියක් තබාගෙනම.

“කේක් නේද මැඩම්?? අම්මෝ සීනි..“

“හැමදාම නැහැනේ.. කන්න.. කන්න...“

එදා ඔහු සිරගතව සිටියදී පවා නැගුනේ මේ සිනහවමය. දුක, වේදනාව, දරාගෙන නොවෙනස්ව සතුටේදී පවා නැගුනේ මේ සිනහවමය.

සියළු සාකච්ඡා, සංවාද අවසන නිර්මාණ එවු පිරිසට සමරු ලබා දීමේ අවස්ථාව එලැබිණ. එහිදි ඔහු වෙනුවෙන් නිර්මාණකරනයේ යෙදුනු සැමට සමරු තිලින වුයේ එතුමා අතින්මය.

සෑමා ද තිළිණ ලබයි

WITH COMPLIMENTS FROM GEN: SF & FAMILY

තිලිණ ප්‍රධානයේදී පළමුව සෑමාගේ නම කියවුනේ ධනුක සොයුරා විසිනි. නැගිට ගොස් සමරුව ලබා ගනිද්දී සැමා නිර්මාණය ලෙස යැවූ “සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමී“ ලිපිය එතුමා කියවූ බවට පැහැදිලි වුයේ  ඇති වූ සංවාදයෙනි.

“අර හොස්පිට්ල් එකේදි මුණ ගැහුනු කතාව ලිව්වෙ ඔයාද?“

“ඔව් සර්.. එදා මම සර්ව නවලෝකෙදි හම්බුනා..“

ඔහු සෑමාගේ මෙන්ම අනෙකුත් සියළු ජයග්‍රාහකයින්ගේ නිර්මාණ එතුමා කියවූ බවක් කතාබහ කිරීමේ දී හැගී ගියේය.

මෙන්න "FEEL SF" ජයග්‍රාහී සෙට් එකම
සෑමා උස නිසා හොදය. නැතිනම් පහලම පොටෝවේ සෑමා නොපෙනෙන්නටද ඉඩ තිබිණ.
ජෙනරාල්තුමා සමග ඇති වු සංවාදයේදි මිතුරෙකු ප්‍රභාකරන් පිළිබද නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණු ආකාරය අනුව ප්‍රභාකරන් මරලා ඇල්ලුවාද, අල්ලලා මැරුවාද කියා නිගමනයකට පැමිණිය හැක.

“ඇත්තද සර් කට කතාවක් තියෙන්නේ ප්‍රභාකරන්ව අල්ලලා තියන් ඉන්නවා කියන්නේ.. නැත්තම් පණ පිටින් අල්ලලා පස්සෙ මැරුවා කියන්නේ??“ ඒ පැමිණ සිටි ජයග්‍රාහක මිතුරෙකුගේ පැණයක්ය.

ජෙනරාල්තුමා සිනාසෙමින් සරල පිළිතුරක් දුන්නේ සැම මුවකම සිනහවක් මවමින්ය.

“ඕව කටකතා තමයි.. ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...

Written by sAm_12:38pm_07/08/2012

මෙවන් තරගයක් සංවිධානය කළ පිරිසට සහ සරත් ෆොන්සේකා මහතා ඇතුලු ආදරීය පවුලේ සැමත්, එදා ජයග්‍රාහකයන් ලෙස නන් දෙසින් පැමිණි සියළු දෙනාටත් සෑමාගේ ප්‍රණාමය. ධනුක සොයුරාට සහ සෑමා තරගයට ඉදිරිපත් කළ ලිපිය තරගයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටි පවිත්‍රී සොයුරියට විශේෂ ස්තුතිය.

පලි - මෙවන් තිළිණයක් ලැබීමට සෑමාට සහය දෙමින්, සෑමාගේ බ්ලොග් පෝස්ටු කියවූ සැමට තුති. 

Friday, August 3, 2012

වඩාත් සංවේදී කාන්තා නාසය..


කාන්තාවගේ ඉන්ද්‍රියන් ලෙසටම වැඩ කරන්නේය. බස් රථයේ යන ස්වාමියා අසල හිදගෙන ගිය ස්ත්‍රියකගේ ඇග දැවටී ඇති සුවද විලවුන් වර්ගය, තම ස්වාමියාගේ කමිසයේ සුවද ආග්‍රහනය කර පැවසීමට තරම් ස්ත්‍රියක් දක්ෂය. විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය. එහා ගෙදර උයන පිහන මාළු ජාති පවා ඇය තම නාසයෙන් ඉව කර කියන්නීය. ඒ ඇගේ සංවේදී ඉන්ද්‍රියන් නිසාමය. ඇත්තටම ස්ත්‍රිය ඒ අතින් නම් දක්ෂය.

මේ කාන්තා ඉන්ද්‍රියන් ගැන ලියවෙන ලිපියක්ය.

දැන් සෑමා ටැක්සි කාරයෙක්ය. මේ අරහෙ යමු අනේ.. මේ අරහේ යමු මචං.. කියූ සැනින් ස්ටාර්ට් වෙන කාර් ඇන්ජිම, සුක්කානමෙන් වාර කරවමින් සෑමා දිව යන්නේ ඒ ඒ අය කියු තැන් වලටය. ඒකේත් සියම් ආතල් එකක් තිබෙන්නේය. 

“මේ හෙට පෝය නේ.. මම ගෙදර යනවා. පුළුවන්ද මම ඕෆ් වුනාම ඇවිත් මාව ඇරලවන්න.?“ ඒ සෑමාගේ කිටියාය.

“කොහෙටද එන්න ඕනේ“ ඕනෑම ටැක්සි කාරයෙකුගේ පොදු ප්‍රශ්නය එයමය.

“ඔපීස් එක ලගටම එන්න. නැත්තම් කොට්ටාවට එන්න මම එතැනට එන්නම්“ ඒ මාගේ සේවා දායිකාවය.

“හරි.. මම ඇවිත් කෝල් කරන්නම්..“ ඒ ටැක්සිකාර සෑමාය.

ඇය සමග එන ටික කෙසේ වෙතත් කොට්ටාව පැත්තට යන ටික පට්ට කම්මැලිය. කැළණිය පැත්තෙන් යනවාද, කඩුවෙල පැත්තෙන් යනවාද කියා කල්පනා කරමින් සිටියදී සෑමාට සිහි වූයේ කඩුවෙල හවස් ජාමේ තිබෙන කුජීත ට්‍රැෆික් ආතල් එකය. එහෙත් කොට්ටාවේ සිටින සෑමාගේ මිත්‍ර මලියා හවස් ජාමයේ කන්තෝරුවේ සිට තම නිවසට යන්නේ කඩුවෙල හරහාය. සැම මාසයකම ‘මචං අපි සෙට් වෙමු, කාලෙකින් සෙට් වුනේ නැහනේ‘ කියමින් කෙදිරි ගාන මුත් තාමත් සෙට් නොවුන අපේ බෝතලය කඩ සාප්පුවේ රාක්කයක් මතය, නැතොත් ශීතකරණයක් තුලය. ට්‍රැෆික් කෙසේ වෙතත් මලියාව උන්ගේ ඔෆීස් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ගලවා ගතහොත් කම්මැලි කමක් නැතුව කාට හෝ මඩ ගසමින් යා හැකිය.

“මලියා උඹ කොහෙද?“ හවස 5ට පමණ මලියා ඇමතීමි.

“මචං පට්ට ට්‍රැෆික්, මම දැන් ඇන්කර් එක හරියේ...“ ඒ මලියාය.

“හරි හරි බියගම හන්දියෙන් බැහැපං. මම එනවා කොට්ටාවට යන්න. මාත් එක්ක යං“

මලියා එකග වී ෆෝන් එක කට් කලේය. සෑමා ඒ පැත්තට යන විට පැලෙන්න ට්‍රැෆික්ය. මලියා බියගම හන්දියේ සිට දහ වරකට වඩා කෝල් කරමින් සෑමාට වද දෙන්නට වී බැරිම තැන..

“අඩේ උඹ පයින්ද එන්නේ?? මම මේ හෝල්ට් එක ලග කඩේ ඇතුලෙ ඉන්නේ, ඇවිත් කෝල් එකක් ගහපං. මම දුමක් දාගන්න යනවා..“ ඒ මලියාය.

“මම එනකල් හිටපං. අරන් තියා ගනින්. යන ගමන් දාමු..“

සෑමා යනවිටත් බැන බැන සිටි මලියා කාර් එකට නැග්ගේය. මොහොතකින් ඇය කෝල් කළාය.

“කොහෙද ඉන්නේ?“

“තාම මග.. මම මලියත් එක්ක එන්නේ..“

“ආ එහෙමද? එහෙනම් දෙන්න කියව කියව එයි පැයක් දෙකක් විතර..“

“හරි හරි.. 5:30ට නේ එන්න ඕනේ..“

කිටියා හමුවීමට යන නිසාත්, ඇයට ගද ආවහොත් විසුමක් නැති නිසාත් සෑමා ෂටර් විවර කළ පසු මලියා පත්තු කළේය. අවසන කැබි හෝල් එකේ ස්ටෑන්ඩ් බයි තිබු සෙන්ටර් ෆෘට් චුයිංගම් දෙකද හපමින් කොට්ටාව දක්වා දිව මලියා ඩ්‍රොප් විය. ඉන්පසු සෑමා ගියේ කිටී රැගෙන ඒමටය.

ඇය සෑමා දැක සිනා සපිරි මුවෙන් දිව විත් කාරයට ගොඩවූවාය. කුම්බලාවා කැබැල්ලක් ඉව කරන ලෙසින් නහයෙන් සද්ද දමමින් හුස්ම උඩට ඇද ඇය,

“අනේ.. මට නොදී තනියම බිව්වා නේද???“ ඇය කෙදිරි ගෑවාය.

“මොකක්??“ සෑමාගේ ඇස් උඩ ගියේය. මන්ද සෑමා දන්නා තරමින් ඇය කිසිදිනක දුමක් දමා නැතිය.

“මොනව ගැනද කියන්නේ??“ නැවත සෑමා ඇසුවේය.

“වැඩක් නැහැ ඔයා. මට හිතුනා පරක්කු වෙද්දි.. ඔයාල තනියම බීලා...“ ඇය නැවත කීවාය.

“මොනවද??“

“මේ එන්නේ කෝපි සුවද.. ඔයාල මට නොදී කෝපි බීලා..“ සෑමා සැනසුම් සුසුමක් හෙලුවේය.

“ආ... අපි කෝපි බිව්වද නැද්ද කියල මලියගෙන්ම අහගන්න...“

ඇය තවම මලියාට කෝල් කර නැතිය. මලියාද තවම මේ ස්ටෝරිය නොදන්නේය. බලමු ඉදිරියට...


Written by sAm_12:58pm_03/08/2012

Wednesday, August 1, 2012

OIC කතාවක්...


පොලිස් කතා රැසක් ලියා පරම කිරුළ දිනා ඇත්තේ රාජ් ගේ නවාතැනේ රාජ් මාමාය (දරුවෙක් ලද පසු මාමා කීම සාධාරණ යැයි හැගේ).මේ මාමා අන්තිමට දැමූ පොලිස් කතාවක්ය.

මෑතකදී සෑමාගේ මිතුරෙකුගේ නිවසේ අළුත් වැඩියා කටයුතු කිහිපයක්ම සිදු විය. ඒ අතර ඔහුගේ නිවසට අලලා පන්තිකාමර කිහිපයක්ම ඉදි වුයේ පොර ක්ලාස් කරන නිසාවෙන්මය. සෑමාගේ මිතුරා වඩු වැඩ සහ සීලිම් ගැසීමේ කටයුතු වලට සොයා ගත්තේ තම නිවසට නුදුරු ස්ථානයක සිටින වඩුවෙක්ය. පොර ලොකු ටෝක්ස් දෙමින් මිතුරාගේ නිවසේ වැඩ කටයුතු කරමින් සිටියේය. බොහෝ බාස් මහතුන්ගේ පොදු ආවේණික ලක්ෂණය නම් වැඩක් භාර අරගෙන ටික කළක් සිට වැඩ අතර මග දමා මාරු වීමය. බොහෝ විට ඔවුන් මෙය සිදු කරන්නේ තමන්ට වැඩ ලබා ගැනීමටය. එනම් භාර අරගෙන අතර මැද දමා ගියාට නිවසේ අයිතිකරුවා එය වෙන කෙනෙකුට පවරන්නේ නැතිව නැවත තමා එනතුරු බලා හදී යන කුහක චේතනාවෙන්ය.

සියළු කටයුතු දින කිහිපයක් තුල හොදින් සිදු වී අප මිතුරාටත් සිදු වුයේ කාටත් බාස් ලා අතින් සිදුවන පොදු සැනත්‍රෑන්සියමය. බාස් බඩුමුට්ටු හකුලාගෙන හදිසියේ අස්ථාන ගත වූයේ කැපූ ලී කැබලි එසේම තිබියදීමය. අප මිතුරා දහ අතේ කල්පනා කරන්නට විය. වැඩේ තව කෙකුට  පවරණවාට වඩා බාසා කොහෙන් හෝ කුදලාගෙන ආ යුතු බව ඔහු තරයේ විශ්වාස කලේය. ඒ නිසාම ඉවක් බවක් නැතිව බාසාට කෝල් කරන්නට විය. බොහෝ අවස්ථාවල බාසා සොයා දඩයමේ යාමටද සිදුවිය. එහෙත් ඔහු ආ ගිය අතක් නැතිය.

කෙසේ වෙතත් එලව එලවා බාසා සෙවිමට තැත් කිරීමේ සාර්ථක ප්‍රථිඑලයක් ලෙස අපේ මිත්‍රයාට බාසාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට හැකි වූයේය. අප මිත්‍රයාගේ ඉහේ කැකුලු මල් දෙකක් පිපුනාක් බදුය.

“මොනාද හලෝ කරන්නේ.. මේ වැඩේ අතමග දාලා කෙහෙද ගියේ...?“

“අනේ මහත්තයා බලන්න ### පොලිසියේ ඕ.අයි.සී මහත්තයා එන්න කිව්ව එයාගෙ ගෙදර වැඩකට. බෑ කියන්නත් බැහැනේ.. මගෙ ඕනෙ වැඩකට උදව් කරන මනුස්සයා..“ බාසා පොර ටෝක් දුන්නේය.

“අහ් ඒමද? එහෙනම් ඒ වැඩ ඉවර කරල දවස් දෙකකින් වත් ඉක්මනට එනවා හලෝ.. නිකං මිනිස්සුන්ව අතරමං කරන්න එපා හරිද?“ මිතුරා බාසාට අවවාද කලේය.

බාසා නොදන්නවා වූවාට අප මිතුරා තවමත් දහම් පාසලේ ගුරුවරයෙකු ලෙස උගන්වන්නේය. එමෙන්ම ඕ.අයි.සී මහතාගේ දියණිය ඔහුගේ පන්තියේ ශිෂ්‍යාවක්ය. එනිසා මිතුරා සමග එතුමා සමීප ඇසුරක් පවත්වන්නේය. එසේ තිබියදී දිනක් දෙදෙනාම පන්සලේ දී මුණ ගැසී කතාවට පැටලුනෝය.

“අහ්.. සර් මේ දවස් වල ගෙවල් රෙපයාර් කරනවලු නේද?“ ඒ අප මිතුරාය.

“අපේ ගෙදර ? නැහැ මල්ලී අපේ ගේ හදලා ඉවරයි. කොච්චර කල්ද දැන්..“ ඒ ඕ.අයි.සී මහතාය.

“නැහැ... අපේ ගෙදර වැඩ කරපු බාසෙක් කිව්වේ. පොර වැඩ අතරමග දාල යන්න ගියා. පස්සෙ කෝල් කරල අල්ල ගත්තම කිව්වා සර්ගෙ ගෙදර ලොකු වැඩක් කියලා. සර්ගෙ හැම වඩු වැඩකටම සපෝට් කරන්නෙ මිනිහ කිව්වා.“ අප මිතුරා කේන්තිය පිරුන සිතින් කීවේය.

“වෙන්න බැහැනේ. කොහෙ එකෙක්ද ඕකා.. මේ #ැරියව තියන්න වටින්නෙ නැහැනේ“ ඕ.අයි.සී මහතා සුපුරුදු සිංහලට බැස්සේය. ඔහු හොද උස මහතය. කතා කරන්නේ සිංහලෙන්ය. රාජකාරියට පැමිණි මුල් දවස්වල පැත්තම හෙල්ලුවේය. කසියා බොන එවුන් මෙන්ම පෙරන එවුන්ද කුදලාගෙන ගොස් දඩුවම් කලේය. ඒ අතර සැවොම ඔහුගේ නමට පවා බය වන්නට වූවෝය. ඇත්තටම දක්ෂ මනුස්සයෙක්ය.

“මේ තියෙන්නෙ සර් නම්බර් එකත්.. පොර ඉන්නව කිව්වේ ## පැත්තේය. සර්ගෙ ගෙවල් ලගම...“ මිතුරා ෆෝන් එක දිගු කලේය.

“දෙන්න බලන්න... මූට කෝල් කරල හොද දෙකක් කියන්න“

අප මිතුරා නොම්බරය ඩයල් කර ඕ.අයි.සී මහතාගේ කනේ තැබීය. නමුත් ලවුඩ්ස්පීකර් සහිතවය.


ඕ.අයි.සී - හලෝ.. මේ අර වඩු බාස් මහත්තයද?

බාසා - ඹව් මහත්තයා කියන්න.

ඕ.අයි.සී - කියන්න??? මගේ නම ###, මගෙ ඇඩ්ඩ්‍රස් එක @@@, මම $$ පොලිසියේ ඕ.අයි.සී හරිද? තමුසෙ මේ මොනවද කියල තියෙන්නේ අපේ ගෙදර වඩු වැඩක් කරනව කියලා? නිකං මේ ඇරව ගන්නෙ නැතුව පාඩුවේ ඉන්නවා හරිද? මගේ ගේ හදල ඉවර වෙලා අවුරුදු ගානක් වෙනවා හරි??

ඉන් එහාට වචනයක් වත් කීමට පෙර දුරකථනය විසන්ධි විය.

දිනකට පසුව අප මිතුරාට දුරකථන ඇමතුමක් ලැබුනේය.

බාසා - මොකක්ද මහත්තයා එක එක්කෙනා දාලා මාව බය කරවන්නේ. ඇත්තටම එදා කතා කලේ ඕ.අයි.සී මහත්තයා නෙවේ නේද?

මිතුරා - එයාද නැද්ද බලන්න මේ නම්බර් එකට කෝල් කරල අහනවා. දෙන්නද නොම්බරේ?

බාසා - එපා මහත්තයා. කමක් නැහැ. මම මේ යාළුවෙක්ගේ ගෙදර වැඩ වගයක් මේ දවස් වල. ඉවර කරල ඉක්මනට එන්නම්. අර මහත්තයා හදන්න කියපු කබඩ් එක හදල තියෙන්නේ. පුලුවන්නම් ඇවිත් අරන් යන්න. මට ඒකට සල්ලි එපා.

මිතුරා - ඔයා ඇඩ්වාන්ස් අරගෙනත් ඔහොම කැත වැඩ කරන නිසා මම කෝල් කලේ. මට ක්ලාස් කරගන්නවත් නැහැ ඔයා කරපු වැඩෙන්. පුලුවං ඉක්මනට එනවා..


** වැඩ අතරමග දමා ගොස් මිනිසුන් කරදරේ වට්ටවන බාස් මහතුන්ට ආදර්ශයක් සහ අවවාදයක්. **

Written by sAm_7:53_01/08/2012
Related Posts Plugin for WordPress, Blogger...