සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Monday, July 30, 2012

ඇන්ටිගේ හිනාව...


මෑතක සිට ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් සහ විවිධ කටයුතු සිද්ධ වීම හා මිතුරන් නිතර නිතර එකතු වීම සෑමාගේ පාසලේ සියළු දෙනාට සතුටක්ය. එමෙන්ම ලේඛම් ලෙස සියළු බර කරට ගෙන, සභාපතිට සහ භාණ්ඩාගාරිකටද බරක් වෙමින් සෑමා සංගමය වෙනුවෙන් අමිල වදයක් දෙන්නේය. ඒ සියල්ල අතර සැමාට සතුටට කාරණාව පරණ කතන්දර නැවත නැවත ස්මරණය විමය. එනිසා සෑමාට බ්ලොගේ ලියන්නට කතන්දර එකතු වනවා මිස අන් කිසිදු හිරි හැරයක් නොවන්නේය. එහෙත් සියල්ලට කාලය හරස් වන නිසාම වෙලාව ලද හැටියෙන් කතා බ්ලොග් ගත කිරීම සෑමාගේ සිරිතය.

සෑමාගේ පාසලේ සිටි කිහිපදෙනෙක් සෑමාගේ දහම් පාසලේම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වීම කතාන්දර වලට පන්නරයක් ලැබීමට හේතුවක් විය. අප සභාපතිතුමා, මම තුමා සහ භාණ්ඩාගාරික තුමාද එකම දහම් පාසලේ වීම නිසා දහම් පාසල් කතන්දර සංගමයේ වැඩ වලදි පවා එලියට එන්නේය. ඒ අතර භාණ්ඩාගාරිකතුමා දහම් පාසලේ දී තම මිතුරෙක් සමග සිටියදී ලද අත්දැකීමක් ඔහු දිනක් එලියට දැම්මේය.

බෝමළුවට උදේට එකතු වෙන ශිෂ්‍ය පිරිස නිෂ්ශබ්ධ කිරීමේ අපහසුව දන්නේ ශිෂ්‍ය නායකයන් ලෙස කලක් කටයුතු කළ අපමය. එහෙත් ශිෂ්‍යන් අතර සිටියදී අපිත් සද්ද බද්ද දමමින් කතා කල ආකාර අපට අමතකව තිබුනේය. පැවරුණ ඩියුටිය ඉටු කිරීමේදි ශිෂ්‍ය නායකයින් තමා කලින් කළ වැරදි අමතක කරන්නේය. ඒ සියළු කටයුතු හරියට කිරීමටය.

එසේ මළුවට එකතු වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බෝධිය වටා කැරකෙන, වන්දනා  මාන කරන ගැහැණ ලමුන්, සහ නොයෙක් විධ පිරිස් දෙස බලා සිටින්නේ, ඔවුන් ගැන වැඩකට නැති ඕපා දූප, ඇද කුද පෙන්නන්නේ තමන්ට මළුවේ සිටින කාලය තුල සිනහ වෙන්නට කරුණ කාරනා සොයමින්ය. ඒ සෙට් එකේ අපත් කාලයක් සිටි බව සැබෑය. විටෙක දිව යන පොඩි උන්, ලතාවට ඇවිදින කෙල්ලන්, අලුත බැදපු ජෝඩු දෙස බලමින් කුටු කුටු ගාන්නේ සිනහ සෙමින්ය. ඒ අතර කතන්දර හදමින්ය.

අප දහම් පාසලේ ගුරුවරුන්ට නොමිලේ පාන් සහ බටර් එකතු වූ ආහාර වේලක්  පිළියෙල වන්නේය. බොහෝ විට එය ලැබෙන්නේ 3න් වැනි කාලපරිච්ඡේජදයේය. එකල අපට ඉගැන්වූ සර් කෙනෙක් සිටියේය. එතුමාගේ නම අගට ලාල් කැබැල්ලක් එන්නේය. එතුමාගේ කාලපරිච්ඡේදය අපට ලැබී තිබුනේ තුන්වන කාලපරිච්ඡේදයේමය. එහෙත් සර් කවදාවත් වෙලාවට පන්තියට නොආවේය. බොහෝ විට හතරවන කාලපරිච්ඡේදය ආරම්භයට මොහොතක් තිබියදි එන්නේය. පසුව අප පිරිස් කළ විපරමකදි දැන ගන්නට ලැබුනේ ඔහු තුන්වන කාලපරිච්ඡේදයේ කෑම පසුපස පන්නන බවක්ය. ඒ අතර ඔහු කොටසක් ගෙදර ගෙනියන නිසාත් අපේ එවුන් වැඩිය නොහිතාම එතුමාව කෑම ලාල් ලෙස නම් කළේය. පසු කලේක “කෑමේ“ කියුවත් එතුමාව මුළු කැළණිය පෙදෙසම හදුනන තත්වයට පත් වූයේය.

කෑමේ ගැන හැදින්වීමක් කලේ එතුමාගේ කතන්දරයක් ඉදිරියට එන නිසාය.

අපේ භාණ්ඩාගාරිකතුමාද ඉහත කී පරිදි බෝ මළුවේ සිටියදී වට පිටාව ගැන සෝදිසියෙන් සිටින්නෙක්ය. අහල පහල සිදුවීම් පෙන්නමින් විනෝද වීමට ඔහුද පුරුදුව සිටියේය. දිනක් ඔහු එහා පැත්තේ සිට ඇත්තේ අප ආදරයට ‘කාසියා‘ ලෙස අමතන අප මිතුරෙක්ය.

“අඩේ කාසියා අර බලපං අර ඇන්ටී.. “ ඈත සිට සිනහ වෙමින් සිටි ඇන්ටි කෙනෙක් පෙන්නමින් භාණ්ඩාගාරික තුමා පවසා ඇත.

“ඇයි බං මොකද ඒ ඇන්ටිගේ අවුල??“ ඒ කාසියාය.

“ඇයි යකෝ අර බලපං කෝ.. කටේ කැත.. හිනාවෙන හැටි.. හැක හැක ගාලා..“ ඒ අප භාණ්ඩාගාරික තුමාය.

“ෂික් එහෙම කියන්න එපා බං මිනිස්සුන්ට...“ ඒ හිත උණු වූ කාසියාය.

“ඒ මොකද බං උඹට උනේ.. වෙනදට උඹත් ඔය වගේ සීන් පෙන්න පෙන්න හිනාවෙන්නේ..“ ඒ තද වු භාණ්ඩාගාරිකය.

“මොනව වුනත් එහෙම කියන්න එපා බං.. ඒ අපේ අම්මා..“ භාණ්ඩාගාරිකතුමාගේ සිනහව දෙගුණ කරමින් කාසියා හැඩුම් ස්වරයෙන් කීය.

Written by sAm_8:52_30/07/2012

Saturday, July 28, 2012

අමදෝරුගේ බැටරි කෑල්ල...


රැයක් දවාලක් නොබලා කැපූ තැනින් කිරි වෑහෙන රබර් ගස් පිරි පාළු වත්ත සිසාරා හමා ආ සිහින් සුලග හදිසියේ යන්තමින් වසා දමා තිබූ දිරුණු දොර කීරි හඩ නංවමින් ඇරෙන්නට විය. එලා තිබු පැදුරේ දහඩිය පෙරාගෙන සිරිමලී සමග වැතිර සිටියේ අමදෝරුය. නිලට දිලෙන ගලා යන නදියක් අසල ගල් තලාවකට වී දෙපා වතුරේ දමා දිය බොර කරමින්, ජල පහර මතුපිටින් තලන්නාවූ පුංචි දරුවෙකු මෙන් අමදෝරු ඇය සමග හුරතල් වුවේය. තැලීම් සීරීම් නොමැතිව අපූරුවට රකිනා වූ නිල් මැණිකක් මෙන් අමදෝරු ඇය ලමැද සෙමින් සුරතල් කලේය. විටෙක සියුම්ව තද වෙමින්, අත්ල තිසරු මත දිවෙද්දී ඇය සිහින් හඩින් අමදෝරුගේ සිත කලබල කළාය. නමුදු අමදෝරු ශාන්තය, රේණු නොතලා රෙන් ගන්නා බඹරෙකු බදුය. ගෙහිමියාගේ හඩින් කලබලව තමා කපා ගත් කෙසෙල් කැන වත්තේම දමා වැටෙන් පැන දුවන සිතක් අමදෝරු සතු නොවීය. හෙතෙම හැට්ටය තුල තම අත්ල එහා මෙහා කළේය. කිසිවිටත් හදිසි නොකළේය.

“කොහෙන්ද මේව ඉගෙන ගත්තේ?“ ඒ සිරිමලීය.

“මේව උපතින් ආපුවා. මමත් අහන්නද උඹගෙන් මේව දරාගෙන ඉන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද කියලා“ අමදෝරු ඇගේ සිහින් කෙදිරිලි ගැටළුවට පිලිතුරු දුන්නේය.

“උඹ දන්නවද ඔය එලියෙ තියෙන බංකුව උඩදි මම පොඩි කාලෙදි අපෙ මුත්තා ලෙලි ගහල දීපු ආනමාලුව එක හුස්මට හිර නොවි ගිලපු ගෑණියෙක් මම...“ ඇගේ කෙදිරිල්ල එසේමය. ඒ හඩ අමදෝරුවා සලිත කලේය.

“උඹ යක්ස ගෑණියෙක් නොවැ.. ඉස්සර කවුරුවත් ලෙලි ගහල දීපුවා ගිලලා, දැන් උඹම ලෙලි ගහල ගිලිනව නොවැ..“

“ඒම තමයි මේ සිරිමලී.. උඹ දන්නෙ නැහැ තාම..“ ඇය හදිසි වූවාය. ඒ වචන කිහිපය සමගින් බැද සිටි දගකාර වහු පැටියෙක් ගලවා දැමූ ලෙසින් ඇය ක්ෂණයෙන් අමදෝරුවාගේ සරම කැඩුවාය. ඒ අතරින් පෙර කෑ ආනමාලුව චොප්ප වෙන්නට සුරතින් මිරිකුවාය.

“ඈ..ක්.. යකෝ ඕව මනුස්ස අවයව, තොපිට ඕන විදිහට හුරතල් කරන්න බැහැ..“ හිරිවැටුන ගතින් අමදෝරු කෑගැසීය.

“ගම පුරාම තියෙන අහුමුලු වල රිංගපු කෙසෙල් ඇවරි වලට මෙහෙම සලකලා මදි බොලව්. පුලුවන්නම් මේ කැන එල්ලපං මගේ ගේ උලුඅස්සේ. නැතුව මේක ගම වටේම දුවනවා.“ ඒ ආත්මාර්ථකාමී සිරිමලීය.

“හොදට හිටී බොල, ගමේ ගෑණු මැරෙයි කන්න නැතුව. ගෙදර එකාල කන්න නොදෙන කොට මම තමා ගිහින් පන ගහල ඉන්න ආනමාලුවක් හරි කවන්නේ. උන්ට හිච්චං සුවදැල් ගිලලා එපා වෙලා. එක කටයි නොවැ.. අනික උඹ අහල තියෙනවද ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා කතාවක්?“

“අම්මද බොල උඹ ඒ ගමන මට ලොකු කතා කියනවද? (ආනමාලුව තවත් මිරිකින) විකාර නොකර හැමදාම එකම බනිස කාලා, ආනමාලුව ගේ මැද්දෙ එල්ලලා මාත් එක්ක තේ කහට එකක් බීගෙන හිටපං අමාදෝරු අයියා..“ ඇස් කොන තෙත් වෙද්දී ඇය ලැජ්ජාව අත හැරියාය. චීත්ත රෙද්ද කැඩී අමදෝරුවා බිම සමතලා වූයේය.

ගමේ එවුන් බෝක්කුව උඩින් ගමන් කරද්දී, ඒ යටින් ගලා යන සීතල ජලයෙන් තිත් පැටව් දගකරන්නේය. ගම්මුන්ට ඒවා අමුත්තක් නොවේය. යන්තමින් සිසිලට තෙත් වු බිත්ති මැදින් අමදෝරු පිහිනුවේය. තිත්ත පැටවුන්ට නැති සතුට තනි ආදෙකුට දැනෙන්නේ යම් සේද අමදෝරු පිටස්තර ගමක කරනම් ගැසුවේය. දිවෙන් තෙත් කොට දිය නොවන මි පැණි කන්දක මුදුනේ සිට අමදෝරු තප්පර හෝරා වෙන තුරු සිරිමලීගේ පපුතුර  උරා බැලුවේය. එදා රස මෙන් නොඅඩුය. සියළු කවුලු හැරී, දොරගුලු හැරී, ලන්තෑරුම් වාවා ගත නොහැකිව දෑස් පියා ගති.

සතුටේ කෙලවර කැන බර වැඩිවී කඩා හැලි කෙසෙල් කදක් සේ අමදෝරු සිරිමලී ගේ වත්ත මත පතිත වූවේය. හිරි වැටුන කකුල් අමදෝරුව අසරණ කළේය. ඇගේ කෙදිරිලි සිනහව අමදෝරුට සරදම් කළේය. අඩු වැඩිය සපුරාලන්නට ඇගේ දත් පහරවල් අමදෝරුගේ උරහිසේ රැදුනේ ලෙලි නොගසා පිටින් හපා දැමූ කෙසෙල් ගෙඩියක රැදුනු දත් පහරවල් සිහි කරවමිනි.

“මම ගහින් හෙට එන්නම්. උඹ පරිස්සමෙන් හිටපං...“ කකුල් වාරු ලැබි අමදෝරු ඇයට සමු දෙන්නේය.

“තව මාසයක් වත් යයි. උඹ මේ ගමටම කන්න දෙන්න එපැයි..“ සිරිමලී නෝක්කාඩු කීවේ, ගම වටේ කර තියාගෙන දුවන කෙසෙල් කැන තම නිවසේ එල්ලා ගැනිමේ අදිටනින්මය.

“ගමටම කන්න දුන්නත් වැඩක් නැහැ, උඹ වගේ කන්න බොන්න ලැදි එකියකට කන්න නොදී, උඹ ගැනල බලපං ගිය මාසෙත් උඹ දෙපාරක් කෑව නොවැ.“

නොනිමි සිහිනයක් අරඹමින් නිදි පැදුරේ සිටි ඇය පහුවදා ඇහැරුනේ කුකුල් හඩට නොව සිරිමෙවන් ගේ හඩටය.

“ඈ බොල යෝදියේ උඹ විලි සංගෙ නැතුව හැට්ට කඩාගෙන නිදි නේද? බලපං ඉරත් මුදුන් වෙලා..“ ඒ සිරිමලීගේ ස්වාමියාය.

“අනේ අපෙ මහත්තයා මට දැනුනෙ වත් නැහැ එලි වෙලා.. ඇගේ අමාරුවටද මන්ද නින්ද ගියා..“

“ඒකට කාරි නැහැ හදපං කෝ තේ කහට ඩිංගක්... මේ තියෙන්නේ යස ටෝච් කෑල්ලක්.. උඹට කොහෙන්ද මේක..“

“ආ.. අපෙ මහත්තයා.. ඔය ඊයෙ රෑ යසවතියා ඇවිත් ගියා. මට තියා ගනින් කියල දීල ගිය ටෝර්ච් කෑල්ල වෙන්න ඇති..“

“ඒකි හොද එකී බොල.. උඹ ඒකිට කරපුවයෙ ගුණේ ඒකිට තාම තියෙනවා. ඒත් කෝ බං මේක පත්තු වෙන්නෙ නැහැ නේ හරියකට“

“අපොයි ඕකට බැටරි කෑලි දාන්න යන්න වෙයි දැන සිදාදි..“ සිරිමලී කුස්සියේ සිට කහට කුරු ගාමින් කීවාය.

“කමක් නැහැ බං. මම අරන් එන්නම්. මම දන්න හොද කඩයක් තියෙනවා සිදාදියේ.. ගිය පාර ඔය අපේ අමදෝරුවාටත් බැටරි ගෙනාවේ මම නොවැ.. අනික ඒ බැටරියත් මේ සයිස් මයි.“

Written by sAm_11:50pm_28/07/2012

Thursday, July 26, 2012

පොලා සංයුක්ත ගණිතය x විෂයෙන් දෙවරක් අවකලනය කරයි...


ඒලෙවල් කාලේ අපට ගණිතය ඉගැන්නුවේ පොලා සර්ය. නම එලෙස කෙටි කලේ ඔහු නම ප්‍රසිද්ධ වීම හොද නැති නිසාය. පරණ බයිසිකලයකින් පාසල් එන සර් සිරාය. එසේම අප සෙක්ෂන් එකේ හෙඩ් ඔහුය. අපේ එවුන්ට වෙලාවකට මහ වදයක් වුවද වෙලාවකට හිත හොද එකාය. එහෙත් පුද්ගලයා අනුව විවිධ හැදි වලින් බෙදීමේ ක්‍රමයක් ඔහු සතු වූ බව කියව යුතුය. එය දිනක් හොදින්ම අත් වින්දේ මේ සෑමාමය.

පාසලේ දුන් ගෙදර වැඩ කරගෙන විත් නොතිබුණ කිහිප දෙනෙක් පන්තියේ සිටින බැව් දැන දැනම දිනක් හේ සෑමාව පමණක් එලියට දැම්මේය. ඊට හේතුව රසායන විද්‍යාව කළ වයලා ටීචර් සෑමා සමග අමනාපව ඔහුට පැමිණිලි කර තිබුන නිසා බැව් පැහැදිලි විය. එසේ වුවද සෑමා ඔහුට ගරු කලේය. විටෙක අප සියල්ලෝම විහිළු කලේ ඔහුගේ අමුතු හැසිරීමටය. එකම වචනය දෙතුන් වරක් ගොත ගසමින් කීම, නහයේ කොන කැසීම, ඇග පුරා හුණු තවරාගෙන බෝඩ් එකේ ලිවීම, කලිසමට බෙල්ට් නොදැමීම, යටට බැනියමක් නොඇදීම ඔහු හාස්‍යයට ලක් වු කරුණුය.

පියල්, පොලා, වයලා, චන්දරේ යන විශයන් හතරේ ගුරුවරු අලලා ගීතයක් අප පන්තියෙන් නිර්මාණය වුනේ මේ වකවානුවේය. එය රූකාන්ත මහතාගේ ‘මම ඇහැව්වා හොරෙන් හදවතින්‘ ගීතයේ තනුවට අනුව නිර්මාණය වූවකි. පද මෙසේය. පහතින් ඇත්තේ 2006 වසරේ සෑමා ගේ අත් අකුරින් ලියැවුණු කොළ කැබැල්ලය.

මම ඇහැව්වා හොරෙන් පියල්ගෙන්
අර ඈතින් ඉන්නේ චන්දරේ දෝ කියා...
මට වයලා කිව්වා තව පොඩ්ඩෙන්
පන්තියට පොලා පනී කියා...

මම පන්තියට ගියා...
වයලා කී දේ ගැනම සිතා..
පොත් පැත්තකින් තබා..
පොලා ගැනම කල්පනා කලා..
පොලා ගැනම කල්පනා කලා..

කල්පනාව ගැඹුරුයි මැවෙනා සිතුවම් හරි කුරිරුයි..

මේ පිටුව සුරක්ෂිතව තබා ගත් සලින්ද සොයුරාට තුති..

ඒ අතර පොලාගේ නිතර අමතක වීමේ ගති ගුණය අපේ එවුන්ට පුදුම විනෝදයක් වුවේය.

එදින අපට තිබුනේ රසායන විද්‍යාව කාලපරිච්ඡේදයක්ය. නමුත් වයලා නැති නිසා අපේ එවුන් විනෝදයෙන් සිටියෝය. ඒ අතර එහා පන්තියේ සිටියේ ආදරණීය පොලා සර්ය. ඔහු එම පන්තියේ උගන්වන හඩ ඇසෙන නිසාම අපේ එවුන් මෙහා පන්තියේ සිට පිස්සු නැටුවේ ඔහුගේ පාඩමට කරදරයක් නොවන්නටය. එසේ කරදරයක් වුවහොත් සෙක්ෂන් හෙඩ් තුමා වශයෙන් පොලා අප පන්තියට පොලා පනිනු නියත බැව් අපේ එවුන් දත්තෝය. එනිසාම වැඩි හඩක් නොනගමින් අපේ එවුන් පාඩුවේ ආතල් එකේ සිටියෝය.

ඒ අතර හදිසියේම පොලා සර් අපේ පන්තියට ආවේය. ඔහු ආපු වේගයෙන්ම අපෙන් ප්‍රශ්න අහන්නට වූයේය.

“ආ ලමයි බෝඩ් එක ඔය ඉක්මනට මැකුවද?“ අපේ එවුන් සද්ද නැතිය. දැන් මහා කරදරයක් පාත් වෙනු නියත බැව් දන්නා නිසා සියල්ලෝම නිහඩය. ඒ අතර අපේ එවුන් ගේ මුවේ ප්‍රශ්නාර්ථ ලකුණක් සටහන්ව තිබිණ. වැඩි සද්ද නොදමා අපේ පාඩුවේ ආතල් එකේ සිටියදී ඔහුගේ හදිසි ආගමනය සැක සහිතය. නොඒසේ නම් පිනා මහතා මේ පැත්තට එනවා විය හැකිය. එනිසා පොලා අපිට වැඩක් පවරා නික්ම යනු නොඅනුමානය.

“කෝ ලමයි උත්තරේ ගත්තාද?“ ඔහුගේ දෙවෙනි ප්‍රශ්නය අපව තවත් අන්ද මන්ද කලේය.

“සර්.. අපිට දැන් තියෙන්නේ කෙමෙස්ට්‍රි.. “

“ආ.. සොරි ලමයි මට දැන් තියෙන්නේ එහා පන්තිය.. ඔයාල සද්ද බද්ද නොකර වැඩක් බලා ගන්න..“ කියමින් පොලා කඩියා තබාගෙන ආවේගයට වඩා වේගයෙන් පන්තියෙන් පිට වූයේය.

පසු විපරමකදී අපට දැනගත හැකි වූයේ පොලා එහා පන්තියේ එවුන්ට ගණනක් හදන්නට දී තම රූම් එකට ගොස් ඇති බවක්ය. එසේ ගොස් එන අතරේදී අමතක වීමකින් එහා පන්තියත් පසුකරගෙන අප පන්තියට පැමිණ පාඩම ඉවර කරන්නට තැත් කළ බවක්ය.

මෙන්න පොලාගේ අහිංසක බයිසිකලය අපට පසු වසරකදී සිසුන් පිරිසක් තල්ලු කරන දර්ශනයක්...


මේ පොලාගේ කණ්නාඩිය උස්සා පැලද සිටින අපේ ශිලා සොයුරා.. නහය අල්ලාගෙන සිටින්නේ පොලාගේ ඉරියව්ව සිහි ගැන්විමටය. වසර හයකට පෙර ගත් ෆොටෝවකි.


මේ පොලා ගණිත ගැටළුවක් විසදන අයුරු..



Written by sAm_12:47_26-07-2012

Tuesday, July 24, 2012

කලිසම, අමුඩය සහ කුට්ටම සමග ජයග්‍රාහකයෝ...



කුට්ටම යනු පුංචි සන්ධියේ සිට කුඩා පිරිමි දරුවන් පනවාගේ ආරක්ෂා කරන්නාවූ වත්තුවක්ය. පුංචිම කාලේ ගම්බිරිස් ඇට කුඩු කොට පුංචි එකාලගේ කුට්ටමට පිඹින සිරිතක් ඒ කාලයේ සිට පැමිණ ඇත්තේය. එකී සියළු උවදුරුවලට මුහුණ දෙමින් වර්ගයා බෝකරන මට්ටම දක්වාම කුට්ටම දිව එන්නේය. එකී කුට්ටම මුහුණ දෙන්නාවූ අපල උපද්‍රව රැසක් සමග සෑමා ප්‍රථම සහ අවසානවතාවට තම බ්ලොග් එකේ ඇසූ ගැටළුවට පිළිතුරු ලබා දුන් ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කරන්නේය.

සෑමාට අතීත කතාවක් මතක් වන්නට කාලීන සිද්ධියක් අවශ්‍යය. මෙවන් කතාවක් මතක් වන්නට හේතුව සෑමාගේ අයියාගේ පුතන්ඩියාය. පොර නොහොත් න(ර්)සරි යන වයසේ සිටින පුතන්ඩියා කුට්ටමට කියන්නේ  ‘ඩොංගල්‘ එක කියාය. ඒ සෑමාගේ අයියා පොරට අවයව නාමකරනය කියා දී තිබෙන ආකාරයය. කලක් පොඩි එකා කුට්ටමට කීවේ ‘ඉඤ්ඤා‘ කියාය. නමුත් එය තැනක භාවිත කළ නොහැක නිසාත්, දිව පැටලෙන නිසාත් අයියා ඉගැන්නුවේ පුතේ ‘ඩොංගල්‘ එක කියපං කියාය. එහෙව් පුතන්ඩියා ගේ න(ර්)සරියේ නිල ඇදුමට අදාල කලිසමේ සිප් (Zipper) එකක් අඩංගුය. එය පුංචි උන්ට නිර්මණය කරන කලිසමකට යෙදීම ඉතා භයානකය. ඒ උන් චූ කර ඩොංගල් එක ඇතුලට දමද්දී සිප(ර්) එකට ඩොංගල් එක අසු විය හැකි නිසාය. නිවැරදිව කුඩා ලමුන්ට නිර්මාණය කරන කලිසමක ඉලාස්ටික් යෙදීම සෑහෙන බව සෑමාගේ අම්මා ප්‍රකාශ කළාය. එම ප්‍රකාශය දිගේ සෑමාගේ මතකාවර්ජනය මෙසේය.

කුඩා කාලයේ වැඩිදෙනෙක් ජොකා අදින්නේ නැතිය. ඉතිං අපට මොන්ටිසෝරියේ දී ඇන්දුවේ සිප් එකක් නැති කලිසම් කොටයක්ය. ඉලාස්ටික් සහිත එය ජුන්ඩා එලියට පන්නා මුත්‍රා කිරීමට සෑහෙන්නේය. දැන් කාලේ වගේ නොව ඒ කාලේ ජුන්ඩාගෙන් අපට තිබු ප්‍රධාන අවශ්‍යතාවය මුත්‍රා කිරීම පමණක් නිසා ඊට වඩා යමක් අප සිතන්නට උත්සුක නොවු බව සැබෑවක්මය.

එසේ මොන්ටිසෝරියේදී ඉලාස්ටික් කලිසං කොටය සමග ආරක්ෂිතව වැඩුනු ජුන්ඩා දිනක් ගෙදරදී අදින සිප(ර්) කලිසම් කොටය අතර සිරවීම සෑමාට සිහිවන්නේය. කදුලු පිරි දෙනෙතින් සෙමින් සෙමින් නැවත සිප(ර්) එක දිග හරිමින් තමා ඒ අත්දැකීමට මුහුන දුන්නේ නින්දා සහගත ලෙස වුවද තනියමය. අනාගතය සදාකාලික අදුරු වේ යැයි සිතමින් මෙවන් උවදුරකට ගොදුරු වූ පිරිමි දරුවෙක් සිටිය නොහැකි බැව් කිව යුතුය.

සෑමා පොඩි කාලේ සෑමාගේ අයියා නිවසේ කටයුතු වලදී ප්‍රධාන කර්තව්‍යයක් ඉටුකලේය. ඔහු ඒ කාලේ ලොකුය. ඒ නිසා ඔහු විටෙක නිවසට ඇන්දේ සරමය. සරම හැද අයියා කඩේ වැඩ කටයුතු වලට දායක වුනාද සෑමාට මතකය. කඩේ සල්ලි දමන මේසය තිබ්බේ අයියාගේ ඉන මට්ටමට මදක් පහතින්ය. සැබෑවට කිවහොත් කුට්ටමට සමාන මට්ටමක උසකින්ය. ඔහු විටෙක කඩේට පැමිනෙන අය සමග ගණුදෙනු කොට ලාච්චුව වසන්නේ අතින් නොව ලාච්චුවට ඇග තද කරමින්ය. එවිට ලාච්චුව වැසෙන්නේ කලවා තද වීමෙන් (උස මට්ටමින්) ය. විටෙක කුට්ටම සමගම ලාච්චුවට තද වන්නට ඇතිය. ඒවා ඒ තරම් මතක නැත්තේ සෑමා පොඩි එකා නිසාය.

ඒත් සෑමාට එක දෙයක් මතකය. දිනක් අයියා ඉතුරු සල්ලි ලබා දී ලාච්චුව ඇගින් තද කොට වැසුවේය. ඒ සමගම “හපෝයි..“ කියමින් කුට්ටම දෑතින් බදාගෙන එතැනම හිදගත්තේය. අම්මා, සෑමා, වටවි ඇසුවද පොර කදුලු පෙරාගෙන බිම වකුටුව සිටියා මිස කිසිත් නොකියා අපට බැන වැදුනේය. කිසිත් සිතා ගත නොහැකි අම්මා සහ සෑමා මුහුනට මුහුන බැලුවා පමණක්ය. එහෙත් මොහොතින් නැවත යථා තත්වයට පැමිණි අයියා කියා සිටියේ සරම හැදගෙන කලවා වලින් ලාච්චුවට හේත්තු වෙද්දී කුට්ටම ලාච්චුවට වැටී වැසුනු බවක්ය. එවිට කුට්ටමේ මල්ලේ තිබූ ටීක් බෝල දෙක ලාච්චුවට වැටී ලාච්චුව වැසී ඇත්තේය. මතක් වෙද්දිද සැමැගේ දත් හිරිවැටෙන්නේය. අම්මා නම් කීවේ වැරදි කරුවන් “හතරවෙනි තට්ටුවට“ රැගෙන ගියාම කරන්නේත් ඔය දේම කියාය.

අයියාගේ සිද්ධිය පාසල් සමයේ සෑමාට නැවත මතක් වුනේ තවත් කතාවක් නිසාය. මේ අපේ පාසල් මිතුරෙක් කී කතාවක්ය. “මහ මුහුදු විමානේ - රණ තිසර උදානේ“ ගීතයට හැදුනු කතාවක්ය.

අමුඩය ගසාගත් සීයා කෙනෙක් කුඹුරු වැඩ අවසන නිවසට පැමිණ ආච්චී ලව්වා කෑම පිගානක් බෙදාගත්තේය. එහි තිබී ඇත්තේ බතලය. පිගාන රැගෙන ඔඩොක්කුවේ තබා ගත් සීයා බඩගින්න වැඩි කමට හා බතල ලද සතුටට ගීයක පදයක් කීවේය.

“මහ මුහුදු විමානේ...“

අමුඩය ගසාගත් සීයා ඔඩොක්කුවේ තබාගෙන බතල ගිලින අයුරු දුටු ආච්චී සීයාගේ කුට්ටම දැක මෙසේ ගැයුවාය.

“දෙක බතල පිගානේ....“

කලිසම සහ අමුඩය අතුරින් ඔබේ මනාපය කුමකටද???

Written by sAm_11.30pm_24.07.2012

මෙය සෑමාගේ ප්‍රථම හා අවසාන ප්‍රශ්නයයි. සෑමා රජුගේ සොයාගැනීම අනුගමනය කරමින් ප්‍රශ්න අසන්නට යනවා යැයි සිතා, ගැන නොදත් අය දැමු කමෙන්ටු පිලිබද යම් කනගාටුවක් සෑමාට ඇතිවිය.



සූස්ති ගුණේ July 22, 2012 6:31 PM
හැක..හැක.. 

එක හරකෙක් තප්පුලනකොට අනිකා නගුට වන වනා තප්පුලනවා වගේ! 

අහෝ බ්ලොග් අවකාශය!

Replies

මොනා වුනත් ටිකක් ඇත්ත කතාවක් වගේ :D
ටිකක් නෙවේ ගොඩක් ද මන්දා

මෙන්න වාසනාවන්ත ජයග්‍රාහකයෝ... ඇයි හත් දෙයියනේ ටොයිලට් එකට ගිය හැටියේ හැම එකාම කරන්නේ අනිත් පැත්ත හැරෙන එක නේද???



මධුරංග July 22, 2012 8:45 AM


කරන පලවෙනිම දේ තමා හැරෙන එක !!!
ඇයි යකෝ හැරෙන්නේ නැතුව දොර වහන්නේ කොහොමද... හික්ස් :)

ඒක නෙමේ මේ සිකුරාදා තෑගි ප්‍රශ්නය තිබ්බේ නෑ නේ ? මොකෑ දන්නේ නෑ.



Mee Godayaa July 22, 2012 10:32 AM
හැරෙනවා යකෝ



මඩිස්සලේ නිශාන් July 22, 2012 8:03 PM
ඉස්සෙල්ලම කරන්නේ අනිත් පැත්තට හැරෙන එක
මට තෑගී එපා උඹ රජාට කඩේ යන්නත් එපා :D


Sunday, July 22, 2012

අඩවි රජුට අභියෝගයක්...

රජවරු නම් අප අනන්තවත් දැක ඇත්තේය. බහුතරයක් රටට වැඩ කළෝය, පිරිසක් බුද්ධාගම වෙනුවෙන් දිවිහිමියෙන් ක්‍රියා කළෝය. සුළුතරයක් ස්ත්‍රී ලෝලීන් බව කිව යුතුය. එකී නොකී රජුන් අතරේ අප නොදුටු රජවරුද සිටින්නේය. එනම් යම රජු සහ දෙව් ලොවේ රජු සක්‍රයාය.

ඒ සියළු රජුන් අතහළ කලෙක අපට වර්ථමානයේ ඉතිරිවන්නේ මොඩර්න් දුටුගැමුණු රජු සහ මහින්ද රජුය. ඒ පිලිබද කතා කරීමට සෑමා අකැමැතිය. ඒ අතර බ්ලොග් ලොවේ අපට ඇති ප්‍රධානතම ගැටළුව බ්ලොග් ලොවට කොහෙනදෝ පාත් වූ රජෙක්ය. “රජෙක් ලියයි භයානකයි“ කියමින් බ්ලොග් අවකාශය නොමග යවන්නේ ඔහුය. තහනම් අඩවියක් ලෙස පවසමින් බ්ලොගට නම් දමා හැමදාම සිකුරාදා රෑ 10ට තහනම් අඩවියකට බ්ලොග් කරුවන් ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරතවන්නේ ඔහුය. විශේෂයෙන් කාන්තා බ්ලොග්කාරිනියන්  ගෙන්වාගෙන තමා අසන ප්‍රශ්න වලින් ඔවුන්ගේ මොලය අන්ද මන්ද කරන්නේ මොහුය.

ඔහු ගැන කීමේදී තෑගි ගෙනෙන ප්‍රශ්නය දෙසට දෙනෙත් යොමු කළ යුතුය. ඔහු ලාංකික විභාග දෙපාර්තුමේන්තුව වැනිය. අහන්නේ සිලබස් එකේ නැති ප්‍රශ්නය. බොහෝවිට සිලබස් එකට අදාලව ඇසුවත් ඒවාට පිළිතුරු පොතේ නැත. පිළිතුර වන්නේ රජුට හිතෙන දෙයය. එය අසාධාරණය. සියල්ල ඒකාධිපති වියරුවෙන් ඔද වැඩී කරන කියා බව සැලකිය යුත්තේමය.

කාලයක් තිස්සේ ඔහුට එරෙහිව නිහඩව සිට අද සෑමා හඩක් නගන්නේය. ඒ සියල්ල තවදුරටත් බලා සිටිය නොහැකිව අභයෝගයක් කරන්නටය. ඔහුට පමණක් නොවේමය. සමස්ථ බ්ලොග් අවකාශයටම මේ අභයෝගය එල්ල වන්නේය. එනම් තෑගි ගෙනෙන ප්‍රශ්නයට එදිරිව / අභියෝග කරමින් සෑමා අද හඩ නගා ප්‍රශ්නයක් අසන්නේය. ඒ අතර මෙවන් “රං ගොජෙක්“ පිළිබද කරුණු කිහිපයක් දැක්විය යුතුය. නැතිනම් සෑමා ඔහුගේ සමාජ විරෝධී ක්‍රියාවලට අත දෙන්නෙක් වනු නොඅනුමානය.

ඔහු යනු වරක් සෙලවු විට ක්ෂණිකව බුබුළු නගින සෝඩා බෝතලයක් වත්, කොනට ගිණිකූරක් තබා රත් කළ විට සූස් ගා උපරිම උඩකට ගොස් ක්ෂණිකව බිම වැටෙන අහස් කූරක්වත් නොවන්නේය. බ්ලොග් අවකාශයට සෑහෙන බලපෑමක් කළ, ඇත්තටම කිවහොත් කවුරුත් සිතා සිටි බ්ලොග් යනු ලිපි ලිවීම පමණක් යැයි සිතා සිටි පිරිසකට නව ක්‍රියාකාරකම් හදුන්වා දුන් රජෙක්ය. තෑගි ප්‍රශ්නය කදිම උදාහරණයක් බව කිව යුතුය. දිනක් සෑමා ඔහුගේ පෝස්ටුවකට කමෙන්ට් කලේ “උඹ වෙනසක් කරන්න පුලුවං එකෙක්“ කියාය. ගතානුගතික සමාජ ක්‍රමයට එදිරිව ගමන් කරද්දී වැදෙන පහරවල් වැදෙමින් ඔහු තවමත් ලියන්නේය. ඒ ඇතිය. මොකද කියවන එවුන්ට අවශ්‍යය එපමනක් නිසාමය.

දැන අභියෝගය -

බ්ලොග් ලොව රං ගොජා අසන එක ගැටළුවකටවත් සෑමාට උත්තර දෙන්නට නොලැබිණි. මෙවර සෑමා ප්‍රශ්නයක් අසන්නේ රජුගෙන් පමණක් නොව සමස්ථ බ්ලොග්කරුවන්ගෙන්ය.

හැමදාම උදේට සරම කරේ තියාගෙන, නැතිනම් නයිට් ඩ්‍රස් එක කරේ තියාගෙන කක්කා දමන්නට ටොයිලට් දුවන දරුවනි. කියහල්ලා බලන්ට ටොයිලට් එකට ගිහින් බහුතරයක් දෙනා ඉස්සෙල්ලාම කරන්නෙ මොකක්ද?

මේවාට තෑගි නොමැත. බ්ලොගට ඔටුනු දමන්නේ නැත. රජුගෙන් පගාවක් ගත්තේ නැත. ඔහු සෑමාගේ සමීප මිතුරෙක්වත්, කතා බහ කරලාවත් නොමැත. එහෙත් අගය කළ යුත්ත අගය කළ යුතුය. එහෙත් මේ ගැටළුවට ඔහු සහ ඔබ මුහුණ දිය යුතුය.

Written_by_sAm_7:11am_22.07.2012

Thursday, July 19, 2012

සෑමාට ටිකට් එකක් ඇදේ... නමුත් වාසනාවන්ත 28 අදත් හරහට



ලොතැරැයි ගැනීම සූදුවක් ලෙස දකින්නෝද සිටින්නේය. එය එසේද යන්න කීමට සෑමාට දැනුමක් නැති බැවින් ඒ පිලිබද කතා නොකර සිටීම හොදය. ඒ නිසාම ලොතැරැයි නිසා සෑමාට ලැබු දිනුමක් ගැන මෙසේ සටහන් තමන්නේ සෑමාය.

ඒ අතර සෑමා නම් කාලයක් ටිකට් ගත් බව කිව යුතුය. ඒ 2009 වසරේ කිසියම් ආයතනයක වැඩ කරන කාලයේය. හැමදාම උදේ බණ්ඩාරවත්තෙන් බස් එකෙන් බහින සෑමා ආයතනයේ ට්‍රාන්ස්පෝට් එක එනතුරු සිටියේ ඔය කියන හන්දියේය. වරෙක රාජ් ගේ නවාතැනේ රාජ් තම බයිසිකලය පවා අතුරුදහන් කර පෙන්නුවේද ඔය හන්දියේදීය. උදේ බස් එකෙන් බැස ගත් විටම එතැන තිබෙන ලොතැරැයි කූඩුවේ අංකල්ගෙන් සෑමා ටිකට් පතක් මුලින්ම ගත්තේ හැමදාම ගන්නා චේතනාවෙන් නොවේමය. නමුදු පළමු දින ගත් ටිකට් පතේ රුපියල් 20ක් තිබුණ නිසා, පහුවදා සෑමා තම අතිනුත් රුපියල් විස්සක් දමා ටිකට් දෙකක් ගත්තේය. එදින ද රැපියල් පනහක් තිබුනා සෑමාට මතකය. පහුවදා යලි රුපියල් 60ක ටිකට් ගත්තද සතයකවත් දිනුමක් නොලැබුනේය. 

එහෙත් ඒ වන විට අංකල් සමග ඇතිවු හිතවත් කම සහ උදේ බස් එකෙන් බැස්ස පමනින් ගුඩ් මෝනිං පාරක් දමන නිසාම ටිකට් පතක් ගැනීමට සෑමාට සිදුවිය. එහෙත් බොහෝ විටක රැපියල් 20 තෑගි ලැබීම සෑමාට අරුමයක් නොවීය. බොහෝ විට සෑමා මිලදි ගන්නේ අංක ‘28‘ තිබෙන ටිකට් පත්ය. කුමන හෝ හේතුවකට සෑමා එය තමාට වැදගත් අංකයක් සේ සලකන්නට පුරුදු වි සිටියේය. තම ලග්නය සිංහ නිසාත් එම ලග්නයට මුල් තැන දි ටිකට් පත් ගැනීමට සෑමා හුරුවූවේය.

එකී සියළු සිදුවීම් සිදුවද්දි අංකල් ගෙන් ලබා ගන්නා ටිකට් තරමක හෝ දිනුමක් තිබෙන බැව් සෑමාගේ හිතට ආවේය. එහෙත් ලොතැරැයි වලට නිමාව තබමින් ඒ අතර වාරයක සෑමා එම ආයතනයෙන් සමුගත්තේය. එදා පටන් ටිකට් පත් ගැනීමේ ක්‍රියාවලියකට සෑමා අත නොගැසුවේය.

දැන් සෑමා වැඩ කරන්නේ වෙනත් කමැපැනියකය. කලින් පෝස්ටුවක කි පරිදි කාර් රථයක් සමග සෑමා ජීවිත ගමන ආරම්භකර ඇත. කාර්ය බහුලත්වය නිසා රෑට ගෙදර තිබෙන කම්පියුටර් පොඩ්ඩෙන් බ්ලොග් කියවීමට ලැබෙන්නේ සුලු මොහොතක් නිසා හොදවෑයින් ලැප්ටොප් කැබැල්ලක් මිලට ගත් සෑමා මේ පෝස්ටුව කොටන්නේද නිට්ටම්ඹුව නගරාසන්නේ ඇති ගස් සෙවනක සිටය. :)

එකී නැවතුන ලොතැරැයි මිලදී ගැනීමකට සෑමා පසුගිය දිනක මුල් ගල තැබුවේ මීගමුවේදීය. ඒ අවට සිටින දුරකථන අංක සහිත බ්ලොග්කරුවන්ට සෑමා කතා කලේද එදාය. ගමන අතර තුර සෑමා ප්‍රෙට්‍රල් ශෙඩ් එකකට ගොඩ වූයේය. ෂටර් එක ඇරුණු පසු දිව ආවේ ෂෙඩ් එකේ අයියා නොව පාසල් වියේ දරුවෙක්ය. ඔහු සුරතේ ලොතැරියි කිහිපයක්ද විය. සෑමාගේ වාහනයට පෙර නවතා තිබි බයිසිකල්කරුට තම දෑත දිගු කරද්දී ඔහු අහක බලාගත්තද සෑමා එම දිගු වු දෑත මත රැපියල් 20ක් තබා එකක් දෙන්න යැයි කීවේය. පොඩි එකා වහාම දිගුකලේ මහජන සම්පතක්ය. “අපෝ මේක ඇදෙන එකක් නෙවේ මල්ලි.. මට දෙන්න ලග්න එකක්.“ හදිසියේ තේරීමක් නොකරම සෑමා කැබි හෝල් එකේ ඔබා ගත්තේ ඒ ටිකට් පතය.

පහුවදා උදේ සෑමා ගම්පහ අවට රාජකාරී කටයුතු කිරීමට පිටත් වෙන්නට පෙර නැවත අර ටිකට් පත එලියට ගෙන බැලුවේ අංක ‘28‘ තිබේද කියාය. අපෝ වැඩක් නැත. ඇත්තේ චාටර් නම්බර් සෙට් එකක්ය. එනම් කිසිවෙකු කවදාවත් හිතාමතා නොගන්නා නම්බර ටිකක්ය. 11,12,51,52 ඒ නම්බර් සෙට් එකය. නැවත ගත් වේගයෙන්ම සෑමා ටිකට් පත ඇතුලට එබුවේය.

ගම්පහ වැඩකරන අතර සෑමා ඒ.ටී.එම් එකකට රිංගන්නට වූයේ මුදල් ගැනීමේ වුවමනාවකටය. ඒ ගොස් එලියට එන විට තවත් අංකල් කෙනෙක් ටිකට් කිහිපයක් දික් කලේය. සෑමා එකක් ගන්නා අතර අංකල් සමග මෙසේ දෙබසක් ඇතිවිය.

“අංකල් ඊයේ නොම්බර මොනවද?“ ඒ සෑමාය.

“කෝ මහත්තයා ටිකට් එක?“

“අප්පා අංකල් ඒක දැන ලග නැහැ. කමක් නැහැ මට නොම්මර ටික කියන්න.“සෑමා තම පර්ස් එකේ ටිකට් එක නැති නිසා අංක ඇසුවේය.
“11,12,28,51 - ලග්නය කන්‍යා“ ඒ අංකල්ය.

අංක ටික මතුරමින් කැබි හෝලය ඇරුනු සෑමාගේ කටත් ඇරිණ. ඒ 28 හරහට සිටි නිසාය. ත්‍යාග මුදල දැන් රැපියල් 1000කි. 28 තිබුණා නම් ලක්ෂ දෙකකි.  එසේම ලග්නය සමග ඉහත අංක තුන තිබුණා නම් ත්‍යාගය 10,000කි.

ටිකට් පතට රැපියල් 1000 නොගෙන සෑමා බලා සිටින්නේය. ඒ නැවත ලබන සතියේ මීගමු යන නිසාත්, පෙර කී ෂෙඩ් එකෙන්ම තෙල් ගැසීමට බලාපොරොත්තු වන නිසාත්, සුපුරුදු පරිදි අර ටිකට් මලයා එහි සිටී යැයි බලාපොරොත්තු වන නිසාත්ය. 

මල්ලී උඹ හිටියොත් සෑමා උඹෙන් 500ක ටිකට් ගන්නවා නිසැකය.

Written by sAm_1:52pm_19'07'2012_@wathupitiwala

Tuesday, July 17, 2012

අභිසාරිකාවන්ගේ උන්මාද 'හඩ' අතරේ...



මෙතැන පටන් ඇය නීතා ලෙසත් - ඔහු අමල් ලෙසත් හැදින්වෙන්නේය.

අමල් දිනක් රැයක හදිසියේ ෆේස් බුකියේ සෑමාගේ චැට් බොක්ස් එකෙන් මතුවිය. රැයේ පාරේ දුවන හොරෙකු දැක බුර බුරා පනින බල්ලෙකු මෙන්, බුර බුරා නැගෙන රාගයෙන් ඔහු දැවෙන්නේය. ඒ අභිසාරිකාවක් සොයා ගැනීමේ අභිලාෂය පෙරටු කොට ගෙනය.

අමල් - සෑමා බඩුවක නම්බර් එකක් දියං කෝ..

සෑම් - හිටු බලන්න.. (තමා ලග නැති වුනත් සෑමා මිතුරාගේ දැවෙන ගින්නට පිදුරු දමන්නට සැරසුනේය.)

අමල් - අඩෝ දියන් කෝ..

සෑම් - මෙන්න මචං.. 0777 *** ***. මාව නෝන්ඩි කරන්නෙ නැතුව වැඩේ කර ගනින්. අපේ ඔපීස් එකේ කෑල්ලක්. බඩ්ඩක් නෙවේ බං පොඩි ආතල් සීන් එකක්.

අමල් - හරි හරි බං මම දැන්ම ගන්නම්... 

අමල් දැන්ම කෝල් කරන්නම් කීවාට එවිට වේලාව මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබුනේය. උක්ත අය යනු, වයස 52 ඉක්මවූ, කොට, හුරුබුහුටි, සාරි හැද පබළු වැලක් ගෙල වැලදාගෙන, ලාලිත්‍ය ස්භාවයෙන් කතා කරන ඇයක්ය. එතැන් සිට සිදු වූ දේ කඩින් කඩ වාර්ථා කලේ අමල්ය.

පසුවදා..

අමල් - මචං ඒක නාකි කෑල්ලක් නේද බං?

සෑම් - නැහැ බං. එච්චර වයස නැහැ. ඒත් කටහඩ අවුල්. උඹ කතා කළාද?

අමල් -ඔව් බං ගත්තා. හුරතල් විදිහට කතා කළා. කියන දෙයක් පැහැදිලි නැහැ බං. වෙවුල වෙවුල කෑගහන සද්දෙකින් කතා කලේ.

සෑම්- අනේ මන්ද බං ඕනෙ මගුලක් කරපං. මාව ශේප් කරලා.

ඊට පසු දිනෙක ඔපීසියේදී සෑමා සිටින තැන ඇයට කෝල් එකක් ආවේය. ඒ අමල්ය.

ඇය - ආ.. ගුඩ් මෝනිං අමල්.

අමල් - ***

ඇය - එහෙමද? අද දැක්කෙත් නැහැනේ ඔයාව.

අමල් - ***

ඇය - හරි හරි ඔයා නෙවේ කියනව නම් අපි හම්බුනාම බලා ගමුකෝ. මම තියන්නම්..
සෑමාගේ ඇස් නිලංකාර විය. අමල් ඇය අල්ලාගෙනවත්ද? ඇය අමල්ව වසගයට ගත්තා වත්ද? එහෙත් ඇය යනු එතරම් නරක කාන්තාවක් නොවේමය. ඇය කතාකරන භාෂා ස්වරූපය නිසාම ඇගේ අංකය අමල්ගේ දුරකථනයේ සේව් කරවූයේ සෑමාය. ඒ වැරදි චේතනාවකින් නොවේමය. අමල් ලොරි ටෝක්ස් වුනාට වැඩ කන් හැන්දෙන් බව දන්නා නිසාත්, ඇය යනු නරක ඇත්තියක් නොවන නිසාත්, වැඩි භජනයට ආවහොත් අමල් හොද කතන්දර අසා ගන්නා බව දන්නා නිසාමය. ඒත් මුන් දෙන්නා මෙච්චර ලං වූයේ කෙසේද? ඇය කී පරිදි මුණ ගැසෙන්නට සැරසෙන්නේ කොහේදීද?

සෑමාගේ දුරකථනය නාද වූයේය.

අමල් - මචං වැඩේ ගොඩ.

සෑම් -මොන වැඩේද බං?

අමල් - අර කෑල්ල (52ක කාන්තාව මූට කෑල්ල වූ අපූරුව) හම්බුනාම බලා ගමුකෝ කිව්වා. ඇයි දන්නෙ නැහැ බං එක පාරට. ඊයෙත් මට බැන්නා. අද උදේ හම්බවුනාම බලා ගමුලු. :)

සෑම් - එහෙමද? පරිස්සමෙන් හැබැයි.
එදා දහවල කෑම ගනිද්දී කැන්ටිමේදී....
ඇය, සෑමා තව කිහිප දෙනෙක් සිටියෝය. ඇය කෑම දිග හැරියේය. "බලන්න අප්පා අපේ අමල් මට විහිළු කරනවා ෆෝන් එකෙන්. මහ රෑටත් කතා කරනවා. පිස්සු කොල්ලෙක්. ඕක බැන්දම හරි යයි." සෑමාට කන වැටුනේ එපමනක්ය.

ඉන්පසු කැන්ටිමේ දොර ලගින් මතු වූයේ අප ආයතනයේ සිටි අමල්ය. ඔහු දුටුවිට සෑමාට සිහි වුයේ තමාට අමතක වූවත් ආයතනයේද අමල් කෙනෙක් සිටි බවය.
"අහ්.. මිස් තනියම ලන්ච් ගන්නවා වගේ...  " අමල් සුපුරුදු පරිදි ඇය දුටු විට කරන්නා වූ විහිළුවක් කලේය.

"ඔව් ඉතිං, මහ රෑට වුණත් මට කෝල් කරලා, කෑවද, බිව්වද, නිදාගන්නෙ නැද්ද, නිදිකරවන්නද අහන්නේ ඔයා විතරනේ..."

අපේ අමල්ගේ සිහි විසඥ්ඥ නොවීම ගැන සෑමා සතුටු වුනේය. ඒ අතර කැන්ටිම පුරා ගලා ගියේ අල, ලූණු හැපුනු දසන් පෙන්නා ඇදුනු සිනාවක්ය.

අමල් එදා සිට විනාසය....

Written by sAm_7.37am_17.07.2012

Sunday, July 15, 2012

මම අතරමං වෙලා..

එගොඩ කැළණියේ පහන් පූජාව

පාවහන්
පන්සලේ
වැට ලගින්
වැතිරිලා

මම බුදුන්
හමුවෙන්න
මළුවටම
පැමිණිලා

මොහෙතින්
මොහොතටම
පාවහන්
සිහිවෙලා

හොරා
ගන්නට කලින්
පිටවෙන්න
සිදුවෙලා


අද අපේ පාසලේ, අපේ බැච් එකේ ආලෝක පුජාවක්. එගොඩ කැළණි පුද බිමේ. පහන් 500ක පමණ ආලෝකයක් විහාර මළුට දීලා, අපි පන්සල් ගනිද්දි, එලියෙ නවත්තපු කාර් එක, එලියෙ ගලවපු පාවහන් දෙක අතර සිත යොමුවෙද්දි, බ්ලොග් එකට පෝස්ටුවක් මතක් වුනා. මේ ඒක මම හිතන්නේ.

පලි - ටිකක් කාර්ය බහුල වුණා. බ්ලොග් කියවීම සීමා වුනා. නැවත පරණ බ්ලොග් ජීවිතේට එනවා හෙට ඉදන්. එතෙක් සමාව.

නයි නැත - පසුගිය බදාදා සිට ආයතනය මට ලබාදුන් කාර් පැටියා සහ පෙට්ට්‍රල් සදහා අමතර ගෙවීමක් ආයතනය සිදු කරන නිසා ආයතනය සෑමාට වැඩි බරක් දී ඇත්තේය. එසේම අපේ එවුන් ආදිශිෂ්‍ය සංගමේ, අපේ බැච් එකේ, සෑමාව ලේඛම් ධූරයට පත් කළ නිසාත් අහවල් මගුලකට දැම්මද මන්දා කාර්ය බහුල වී ඇත්තෙමි. හෙට සිට සුපුරුදු දිවියට හැරෙන්නට පතමි.

Written by sAm_9.55pm_15.07.2012

http://syndi.buzzradio.lk/

Thursday, July 12, 2012

උඹ මට ජීවිතේ කියා දුන් අපූරුව....


මම අතට අරන් හිස් කඩදාසියක් ලියන්න දෙයක් නැතුව ලත වුණා. ඒ ඉස්සර උඹ මගෙ හිතට එන්න කලියෙන්. මොකද මගෙ හිත හිස්. උඹ කොහෙන් මගෙ හිස් කොලේ කැටයම් කරයිද කියල මට තේරුම් ගන්න බැරුව හිටියේ. කැටයම් කරනව කිව්වම හිතෙයි කටුවක් අරන් කොටනව කියලා. ඇත්ත එතකොට රිදෙනවා. මුල් කාලෙ, උඹෙ හිත හැම තැනම දුවන කාලෙ මගෙ හිත හිස් කොලේ. උඹ අත තිබ්බ ගල් කටුව. කෙල්ලෙ මට උඹ රිද්දුවා. මම කඩදහිය අරන් රෝල් කරල සාක්කුවෙ ඔබා ගත්තා. ඒ වෙන එකෙක්ට කියල කොටව ගන්නැතුව ඔය සිනිදු අතින්ම කොටා ගන්න. කැටයමක්, පුංචි එකක්, ඔය සුවද කවලා මට මතක හිටින්න පර්ස් එකේ ඔබා ගන්න. ගද ගහන නෝට්ටු අස්සේ, හැම හන්දියකම තියෙන හිල් වලට රිංගන ඒ.ටී.එම් කාඩ් එක අස්සේ, තැනක හිර කරන්න.

දවසක් ඔයාට වැරදිලාද මන්ද මගෙ දිහා බැලුව. කෙලින් වෙච්ච කොන්ඩේ මූනට වැටිල තියෙද්දි ඔළුව ගස්සලා ‍මගෙ හිස් කොරස් මූණට ටැප් එකකින් වතුර ගැලුව වගේ ඔය ඇස්වල තෙතමනය මගෙ හිත් යටට පාවුනා. ඇත්ත එදා උඹට වැරදුනා. මට හරි ගියා. මම ඉල්ලපු කැටයම, මට නොදී ඉස්සර කැටයම් දාපු උඹ මගෙ හිත එක්ක මුසු වුණා.

ලීයට තියල කරකවන ඉස්කුරුප්පු ඇණේ වුණත් පාරක් හදාගෙන ඔහේ බහිනව ඇතුලට. ඒ වගේ, මගෙ නහර අස්සෙන් උඹේ ලේ ගැලුවා. රතු පාටට, ඔක්සිජන් නැතුව නිල් පාට වෙයි කියල මට හිතුනෙ නැහැ. ඒ වුනත් මට වැඩක් නැහැ. උඹ ඇතුලට ගිහින් ඉවරයි.

අමතක වුනාද රෝල් කරපු කඩදහිය. කතාව ඉවර නැහැ. ඒ කඩදහිය අතට අරන් උඹ මට කිව්ව මෙතන එක කොළයයි. මේක පොඩ්ඩයි. අතට ගත්ත කඩදහිය කෑලි දාහකට වඩා වැඩිවෙන්න උඹ කීතු කීතු වෙන්න ඉරුවා. මගෙ මූනට ඉස්සරහින් අත තියල, අත උඩින් තියාගත්ත කඩදහි කෑලි ටික මගෙ මූනටම තියල පිම්බා. මට කියල කරන්න දෙයක් නැතුව ඒ ආදරේ මම බදා ගත්ත.

උඹ මට ඉගැන්නුවා බල්ලො පැන්නත් බල්ලට සාප කරන්න එපා කියලා. උන්ට උන්ගෙ ගෙදර එකාල, සහෝදරයො ගැන කැක්කුමක් නැහැ කියලත් කෙල්ලෙ උඹ මට කිව්වා. ඒ නිසා උන්ගෙ දරුවන්ට සාප වුනත් උන් රෙන්න ඕනෙ තැන රෙනවා, කකුල් උස්සල හුජ්ජ කරන බව මගෙ කෙල්ල මට ඉගැන්නුවා. එදා ඉදන් බල්ලො මට වෛර කලත් මම බල්ලන්ට සාප කලේ නැහැ. ඒත් මම දන්නවා ඒ සාපෙ උන්ට නැතත් උන්ගෙ දරුවන්ට ආ පස්සට එනවා කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද මගෙ හිතේ වරදක් නැති නිසා.

ඒ කෙල්ල මට ආලෝකයක් වුනා. උඹ කුරුසෙ එල්ලගෙන ඉන්නකොට, මම ධර්ම චක්‍රය කැරකෙව්වා. ඒ ගේමට නෙවේ, සංසාර චක්‍රය ගැන උඹට මට තියෙන දැනුම නිසා. උඹෙ ආගමේ නැවත ඉපදීමක් නැති වෙද්දි මගෙ ආගමේ විදිහට උඹ ආයෙ මාත් එක්ක තවත් භවයෙක එකතු වෙන්න පෙරුම් පුරණවා. ඒ ආගමට එරෙහිව නෙවේ. ආදරේට පක්ෂව. කුරුසෙ පිහිටලා හිටියත් උඹ දන්නවා කරපු පව් ආයෙ පස්සෙන් එන බව. අපි සාප කලත් නොකලත්. ඒ නිසා උඹ මට ඉගැන්නුවා ලෝකෙම උඹට ගල් ගහද්දි, බොරු කතන්දර ගොතද්දී, නිහඩ වෙයන්, උන්ට, උන්ගෙ දරුවන්ට, උන්ගෙ එකාලට, ඒ බොරුව නිසා දවසක විදවන්න වෙන බව.

බලු කුක්කො, කුක්කියෝ කළු තෙල්, ඩීසල් පාරවල් ඇග පුරා හලාගෙන උන්ගෙ ලෝකෙ වෙනසක් කියල අනිත් කුක්කන්ට වැඩ දාන කොට, උඹ මගෙ ලෝකෙ, මම උබේ ලෝකෙ, අනිත් හැම ලෝකෙම එක්ක සමානව ජීවත් වුනා. පුක කැඩිච්ච කඩිය උන්ත් කඩි රැලේ වැඩ්ඩො බව උන්ට හිතෙනව මොකද උන් ජී‍විතේ  වෙනස් කරගෙන. ලොකු අඩුපාඩුව උන්ගෙ ලෝකෙ ආලෝකය. මට ඒ වෙනස උඹ කියල දුන්න.

පොල් මල තලලා රා එනකල් පොල් මුල වටේ ඉදලා කීයක් කෙල හලනවද? උඩට ගිහින් තලන එකාට තියෙන ජීවි‍තේ දන්නෙ ඌ විතරමයි නේද? මට කල්පනා වුනා. ඒ උඹ මට හිතන්න කියල දිපු නිසා. 

වසර හතරක් උඹ එක්ක ඉදලා මට ඇති පදම්. එපා වෙලා නෙවේ, ජීවිතේ ඉගෙනගෙන. අපේ ගෙදර පූස් තඩිය වුනත් කක්ක කරලා වැලි වලින් බෙට්ට වහනකල් කලබල නොකර ඉන්න කියල ඉගැන්නුවේ උඹ. බෙට්ට දැකල කලබල කරල ඌව පැන්නුවොත් ඒක වහන්න වෙන්නෙ ගෙදර එකාට. රීපු පූස් තඩිය මාරුවෙනවා. ඒකයි ජීවිතේ. ගග ගලනකොට බැහැලා නාගෙන ගොඩ එන්නෙ නැතුව ඒක කොටු කරගෙන මගේ කියන්න එපා කියල උඹ මට කියල දුන්න. කොටු කරගෙන මාළු අල්ලන්න පුලුවන්ද? පුලුවන් උනත් ටික කාලෙකට රසක් තියෙයි. වෙනසක් තියෙන තැන ජීවිතේ නේද?

උඹෙ ආදරේ ඇඹරිලා හොදටෝම. මගෙ වටේ එතිලා, ස්ප්‍රින් එකක් වගේ. දිග අරින්න අරින්න ඇ‍ඹරෙන තරමට. ජීවිතේ කියල දීලා, නොසෑහෙන තරමටම. හිතා ගන්න බැහැ. වැටෙන්නෙ නැත්තෙ ඇයි කියල. ලක්ෂ ගණන් බඹරු ඉන්න බඹර කූඩු කඩන් වැටෙනකොට, තනි මම නොවැටෙන ලස්සන. ශක්තිමත් වෙලා, උඹ හින්දා, උ‍ඹේ ලස්සන හින්දා. අපේ කාටවත් කරදරයක් නැති ජීවිතේ හින්දා.

Written by sAm_11:45pm_11.07.2012

http://syndi.buzzradio.lk/

Tuesday, July 10, 2012

නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය....



දැම්මොත් උදේම
දකියි හැමෝම
කියයි කතන්දර
වටේට හිදගෙන


දැම්මොත් හවසට
ගලයි හෙමීටම
අඩුයි කතන්දර
සද බසිනා තුරු


එහෙත් සමරු
කරනව වැඩ මරු
දානව බොරුවට
දකින්ට හැමටම


තිරයෙන් වහලා
සැගවී හිදලා
බැන්දත් වෙස් උඹ
හැංගී හිදලා


තිර හෙම ඇරලා
window ඇරලා
නැකැත් බලාලා
දමයි හොලෝලා


දැම්මොත් සැරටම
හෙල්ලෙයි සැම අත
සැර අඩු කරලම
දාපං හැම විට


සමහර කෙල්ලෝ
දිව එයි සැනකින්
දාපු හැටියෙන්
මුල් තැන ගනිමින්


කොල්ලොත් පනිමින්
දාන්නේ හනිකෙන්
මුල් තැන දෙන්නට
කෙල්ලෙක් නාමෙන්


සෙමින් හුරතල් කොට
ඇගිලි පටලාගෙන
දාමු සනීපෙට
සිත් සනසන්නට


හිත් රිදවාලා
බලෙන් දමාලා
හොද නැහැ ඒවා
දැනගන් සැවොමා


ඇගිලි හොලෝලා
ගැඹුර බලාලා
සෙමින් කොටලා
දමන් සොයාලා


*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


Written by sAm_4:50_10.07.2012

Sunday, July 8, 2012

ගල් ගැසීම් තව දුරටත්....


කුලේ යනු මීයා වුණත් විකුණාගෙන කන පොරක්ය. පොලොවට ලම්බකව පහලට එල්ලා වැටෙන කුට්ටම නිසා කුලේට ගෙජ්ජියා යන නමද ලැබිණ. දිනක් සරම කැහැ පොට ගසා උදැල්ලකින් වැඩක් කරමින් සිටි කුලේගේ කුට්ටම දුටු නිසා කොටියාට, කොටියා කියනවා සේම, කුලේට ගෙජ්ජියා යන උක්ත නාමය පට්ට සාධාරණ යැයි සෑමාට නොහිතුනාම නොවේය. තරුණ කළ කැළණි නදියෙන් එපිට නිවසක වැඩ නිම කර එන විට කුලේ සරම අස්සෙන් ඉනේ අලවංගුවක් (ගල් ඉන්නක්) ගසාගෙන විත් ඇත්තේය. ඔරුවෙන් එගොඩ වුණ ඒ කාලේ ගගෙන් එතෙර වෙද්දී කිසිවෙකු ඔරුවේ සිටගෙන එන්නේ නම් තොටියාට ඒ තරම් මල පනින කාරණාවක් නොවේය. ඒ ඔහුට ඔරුව පාලනය කිරීමේ අපහසුවක් දැනෙන නිසාය. ගල් ඉන්න ඉනේ ගසා ගත් කුලේ ද තොටියා කුණු හරපෙන් බනිද්දී පවා හිටගෙන ඔරුවෙන් මෙතෙර වී ඇත්තේ ගල් ඉන්න ඉනේ ඇති නිසා කොන්ද නවා ඉද ගැනීමට ඇති අපහසුව නිසාය. "තමුසෙට පදින්න බැරි නම් නිකං ඉන්නවා ඕයි. මම හිටගෙනමයි යන්නේ" කියමින් මෙගොඩ ආ කුලේ ගං ඉ‍වුරට අඩිය තබනවාත් සමගම කකුල් දෙක මැදින් බිමට වැටී ඉවුරේ ඇනී ඇත්තේ මෙතෙක් කුට්ටම අසල සැගවී තිබි අලවංගුවය. එදා සිට කුලේට ගල් ඉන්න යන නමද පට බැදුනේය.

දිනක් අතර අල්ලපු නිවසක ගසකින් කරපිංචා සොරාගෙන, ඒවා රැගෙන විත් සෑමාගේ ගෙදරට විකිණීම නිසා කුලේට කරපිංචා යන නමද, තවත් විවිධ හේතු නිසා, සියඹලා, ගල් සියඹලා, රඹුටන්, ආදී නොයෙක් නම්ද පට බැදිණ. සියළු නම් වැටීමේ කාරණා වලට හේතු වූයේ කුලේගේ හොර වැඩය. ඒ අතර දිනක් අළුත සදන දෙමහල් නිවසක රාජකාරී අතර තුර වයර් රෝලක් රැගෙන පනින්නට හැදූ කුලේ අතේ මාට්ටු වී ඇත්තේය. කෑම පැයේදී හදිසියේ වයර් රෝලක් දුටු කුලේ වයර් කොණක් තම ඉන වටේ පටලවාගෙන උඩ තට්ටුවෙන් බිමට පැන ඇත්තේ පහළ තිබි වැලි ගොඩට වැටෙන පරිදිය .එහෙත් බිම වැටීමට තරම් වයර් ‍එක දිග ප්‍රමාණය අඩු වීමෙන් කුලේ පොලොවත්, සැටලිමත් අතර සරල අවලම්භයක් මෙන් චලනය වෙද්දී බාස් මහත්වරු සහ නිවසේ අයිතිකරුවා පැමිණ කුලේව බේරාගෙන ඇත්තේය. එදා සිට කුලේට වයර් රෝල මතක් කළත් මලය. පසු කලෙක වූ බලු පැටික්කියෙකුගේ සීන් එකක් නිසා කුලේට 'ඉජු ඉජු' කිව්වත් මල පනින්නේය.

කුලේගේ සියළු නම් පෙළ ගැස්සුවේ කුලේ ගේ 'ගල් ගැසීම්' ගැන කතා කිරීමටය. කුලේට ඉහත කී කිසියම් නමක් කිව හොත් මුලින්ම කුලේ කරන්නේ කියපු එකාට කුණු හරපෙන් බැනීමය. ඉන් පසුවත් නැවත කුලේට නමක් කිව හොත් කුලේ බනින්නේ විහිළු කරපු එකාගේ අම්මාටය. ඉන්පසුවත් දිගින් දිගටම විහිළු කරන්නේ නම් කුලේ අතට ගන්නේ ලග පාත බිම ඇති තඩි ගල් කැටයක්ය. ඉන් පසු කුලේගේ ගල් ගැසීම ඇරඹෙන්නේය. මෙතැන් පටන් මා සෑමා දුටු කුලේ ගේ ගල් ප්‍රහාර දෙකක් දිග හැරෙන්නේය.


දෝදුගේ ආච්චී සැමාගේ කඩේට ආවේය. එදා සෑමාගේ අම්මා කීවේ වත්තේ කරපිංචා ගහේ කරපිංචා තියෙනවා වෙලාවක කරපිංචා දෙන්නම් එන්න කියාය. ඉන්පසු දිනක් සෑමා දෝදුගේ නිවසට ගිය විටක ආච්චී කීවේ දෝදු සෑමාගේ ගෙදර ආපු විටක ඔහු අතේ කරපිංචා එවන්න කියාය. එසේ කියා ටික ‍දිනකින් දෝදු සෑමාගේ ගෙදර ආවේය. මේ සියල්ල වූයේ සෑමාගේ මිදුලේය. සෑමාගේ අම්මා, දෝදු, සහ පාර අයිනේ කුලේ අංකල්ද සිටියේය.

කුලේට කරපිංචා කිව්වාම මල පනින බවක්, කුලේට තද වෙන ක්‍රමවේදය යන කිසිවක් දෝදු නොදැන සිටියේය.

"පුතේ ආච්චි එදා කිව්වා කරපිංචා එවන්න කියලා." ඒ සෑමාගේ අම්මාය.

"ඔව් නැන්දේ මට එදා කිව්ව ගිය වෙලාවක අරන් එන්න කියලා." ඒ දෝදුය.

ඒ පුංචි දෙබසට පසු අම්මා වත්ත පහලට යන්නට ඇත්තේ කරපිංචා කැඩීමට බව දෝදුට නොසිතෙන්නට ඇත. දෝදු මා සමග කතාව ඇරඹීය. මොහොතකින් සෑමාට සජීවී ගල් සෙල්ලමක් බලා ගැනීමේ ආසාවක් පහල වුයේය.

"මචං, උබලගෙ ආච්චි කිව්ව නේද කරපිංචා ඉල්ල ගෙන එන්න කියලා." ඒ සෑමාය.

"ඔව් බං මල වදේ, උඹලගෙ අම්ම අහපු නිසා මම එහෙම කතා කලේ. කාටද බං ඕව උස්සගෙන යන්න පුලුවං??" හැම කොල්ලෙකුටම ඇති පොදු හැගීම දෝදු එලියට දැම්මේය.

"මචං, අපිට නම් කරපිංච ගෙනත් දෙන්නේ ඔතන ඉන්න කුලේ අංකල්. දැන් නම් පොඩ්ඩක් බීලා. ටෝක් කරල බලපං. ගෙදරටම ගෙනත් දෙයි." ඒ සෑමාය. එවලේ කුලේද පොඩි සොට් එකක් දාගෙනය.

"අම්මට හුඩු එහෙමද? එහෙනම් මට උස්‍සගෙන යන්න දෙයක් නැහැ. පීසා හට් එකෙන් වගේ ගෙදරටම බඩු එයි." දෝදු කුලේට කිට්ටු විය.

"අංකල්, කරපිංචා තියෙන්නෙ කොහෙද?"

"මොනවා??" ඇත්තටම කුලේගේ කන් ටිකක් බ්ලොක්ය. කුලේ හිස හරවා ඇසීය.

"කරපිංචා අංකල්... හොද්දට දාන්නේ.." ඒ ‍දෝදුය.

"තමුසෙ හිතුවද අයිසේ මට කරපිංචා අක්කර ගණන් තියෙනවා කියලා.." ඒ කුලේය. පොර හිතුවේ බයිට් එකට කියාය.

"නැහැ අංකල් වෙන වතු වලින් නේද ගේන්නේ.. අපේ ගෙදරටත් කරපිංච මිටි ටිකක් ගෙන්න ගන්න ඇහුවේ.." දෝදුගේ වදනට කුලේට මල් යායකි.

"අනේ මේ පු* නොදී පලයං.. @$%^ගෙ ‍කොල්ලෝ.." කුලේගේ වදනින් දෝදුගේ ඇස් උඩ ගියේය. 

"මේ මොකක්ද බං සෑම් මෙයා කියන්නේ, මෙයා කරපිංචා ඩිලිවරි කරන්නෙ නැද්ද??" දෝදු සෑමා දෙස බැලීය. දැන් සෑමාද වැඩේට හවුල් වී හමාරය. ඒත් කුලේ කිසි දිනක සෑමාට සෑමාගේ නිවස ඉදිරිපිට දී බැන වැදී නැත්තේමය. බය නැතුව සෑමාද වැඩේට එන්ටර් විය.

"මෙයාගෙ බොරු බං. මෙයා කරපිංචා බිස්නස් එකක් කරනවා." ඒ සෑමාය.

"ඒකනෙ අංකල් මම මහ දුරක නෙවේනෙ ඉන්නේ. පොඩ්ඩක් කන්ද නගින්න විතරයි තයෙන්නේ..."

"අනේ යනවා ඕයි යන්න. කන්ද නැගල ඇවිත් මම තමුසෙගෙ %^** (&&^ යන්නද??"

දෝදු නිල් විය. සෑමාටද කර කියා ගන්නට දෙයක් නැත. ඒත් චිත්‍රපටය ගල් ගැසීම දක්වා නොගියේ නම් සැපක් නැත්තේමය. 

"කවුද බං මූ.. මූට පිස්සුද???" ඒ අපේ දෝදුය.

කුලේට බනින කුණු හරප අහවර විය. බිමට පහත් වී කුලේ අතට ගත්තේ කළු ගල් කැබැල්ලක්ය. දෝදුවා කළබල වුයේය. වටපිට බලා කන්ද උඩහට දුවන්නට වුයේය. කුලේ ගල් ගත්තාට ගල බදාගෙන ඉන්නවා මිසක කිසි දිනක ගලකින් ගසා නැත්තේය. ගැසුවත් ඉලක්කයට නොගසන්නේය. ඒ බව දත් සෑමා දෝදුගේ ක්ෂණික දිවිල්ල බලා සිටියදී අම්මා ආවේ කරපිංච අත්තක් කඩා සැදූ මිටියක් අතින් දරාගෙනය. දෝදු ඈත සිට සිද්ධිය දුටුවේය. එහෙත් ලගට එන්නට ශක්තියක් නැතුව බලා සිටියේ කුලේ අත දරා සිටි කළු ගල නිසාය. පසුව අම්මා මැදිහත්ව සියල්ල සමථයකට පත් කරද්දී සෑමා බලා සිටියේ දෙවන ප්‍රහාරය අම්මාගෙන් සෑමාට ලැබෙන නිසාය.

දිනක් සෑමා, හර්ෂ, ප්‍රභාත් ඇතුළු පිරිස සැලුන් එකේ සිටියදී කුලේ එතැනින් ගියේය. ප්‍රභාත් කුලේ දැක උමතු වි කෑ ගැසුවේ අඩෝ ගෙජ්ජියා කියාය. ක්ෂණිකව ආපසු හැරුණු කුලේ සැලුන් එකට රිංගද්දී ප්‍රභාත් සැලුන් එක පිටුපසින් එහා පැත්තේ කමියුනිකේෂන් එකට රිංගා ගත්තේය. රිංගාගෙන විත් පඩිපෙල දිගේ උඩ තට්ටුවට ගොස් දොර වසා ගත්තේය. සැලුන් එකේ කණ්නාඩියෙන් කුලේ ප්‍රභාත් ගේ දිවිල්ල දැක පඩි පෙල දිගේ ඉහලට නැග්ගේය. දොර ලග හිටගත් කුලේ කෑගසන්නට වුයේය.

"අද තමා උඹ මගෙන් මැරුම් කන්නේ. හැමදාම කෑගගහා දුවන රතු ෂර්ට් කාරයා අද අහුවුනා. තෝ එලියට එනකල් මම දොර ලග ඉන්නවා. කීයට හරි එලියට වරෙන්කෝ.." කුලේ දොර ලග සිට මුර කරන්නට වුයේය. ඒ අතර ප්‍රභාත්ගේ ෂර්ට් එකේ පාටද කුලේ දැක ඇත්තේය. පහල සිටි අපට කුලේව පහලට ගෙන්වා ගැනීමට ට්‍රයි කරන්නට සිදු විය. ඒත් පොර දොර ලගින් හෙල්ලෙන්නේ නැතිය. ප්‍රභාත් ඇතුලේය. දුරකථනයෙන් ප්‍රභාත් ඇමතූ විට ඌ කීවේ "මචං ගෙජ්ජියව පහලට ගනින් මට එහා පැත්තෙ වහලෙට පැනලා එහා පාරෙන් හර්ෂලගෙ ගෙදර යන්න පුළුවං කියාය."

"වැඩක් නැහැ බං. උබේ ෂර්ට් එකේ පාට දැකලා. උඹ ගියත් ආයෙ මාසෙකට විතර මෙහෙ එන්න එපා. අනික කුලයා උබේ නමත් එක්ක කිව්වා ෂුවර් එකට ඒ උබ කියලා" අපි ප්‍රභාත්ව අප්ඩේට් කලෙමු.

"හරි බං කෝම හරි ඕකව පහලට ගනින්. මම පනින්නම්." ඒ අසරණ වු ප්‍රභාත්ය.

කෙසේහෝ පැය 2ක් යන තුරුම කුලේ එතැනින් හෙල්ලුනේ නැතිය. ඒ මදිවට ප්‍රභාත් ඇතුලේ සිට ගෙජ්ජියෝ කියමින් කුලේව ෆෝම් කරන්නේය. එනිසාම කුලේ හෙල්ලෙන්නේ නැතිය. මොහොතකින් අපි කුලේට ඔහු වෙනදාට පහර දෙන ක්‍රම වේදය කියා දුන්නෙමු.‍

"අංකල් ඔහොම ඉදල හරි යන්නෙ නැහැ. හොද කළු ගලක් ගන්න. ඕකගෙ ඔළුවටම ගහන්න."

එය ඇසී මොහොතකින් කුලේ පඩිපෙල පාමුලට ගියේ කළු ගලක් ගැනීමටය. එසේ යද්දි දොර ඇරගත් ප්‍රභාත් එලියට පැන්නේය. එහා නිවසේ වහලයට පැන ප්‍රභාත් හර්ෂගේ ගෙදර ගියේය. කුලේ නැවත ‍දොර මුර කිරීමට උඩට නැගුනේය.

දැන් ප්‍රභාත් ආරක්ෂිතය. නමුත් කුලේම ඇද සිටි ඇදුම සහ මුහුණ යන්තම් මීටර් ඇති නිසා අපි සිතුවේ ඔහු නැවත එම මොහොතේ සැලුන් එකට නොපැමිණ කෙලින්ම ගෙදර යයි කියාය. එහෙත් මොහොතකින් ඔහු ආවේය. ඒ වෙන පාටක ෂර්ට් එකක් ඇදගෙනය. පොර තම ෂර්ට් එක හර්ෂගේ නිවසේ රෙදි වැලට දමා, හර්ෂගේ ඇදුමක් ඇදගෙන ඇවිත් ඇත්තේය. කෙසේ හෝ ප්‍රභාත් කොණ්ඩය කපාගෙන පඩිපෙල අසලට විත් අංකල් මොකද සීන් එක කියා ඇසුවේය.

"මොකද වෙන්නෙ කියල බලන්න තව ටිකක් ඉන්නවා.." ඒ කුලේය.

"ඇයි අංකල් මොකද සීන් එක?"

"මට වෙනදට කෑගහන රතු ෂර්ට් කාරයා ඇතුලෙ ඉන්නවා. මම අද ඕකගෙ $%^ මේ ගලෙන්ම තලලා දානවා. තමුසෙට බලාගන්න ඕනෙ නම් ඉන්නවා මෙතන, කොයි වෙලේ හරි එලියට එන්න එපෑ" ඒ බලාපොරොත්තු කරපින්නා සිටි කුලේය.

"මට පරක්කු වෙනවා අංකල් මම යනවා. වෙන දවසක බලමු."

Written by sAm_8.19_08.07.2012

Friday, July 6, 2012

කිරිල්ලියකට ගල් ගැසීම සම්බන්ධවයි....

මෑතකදී කතන්දරගේ පෝස්ටුවකට සෑමා කමෙන්ටුවක් දැම්මේ බ්ලොග් ලියන්නෝ සහ ලියන්නියෝ ගැන පෝස්ටුවක් දැමීමට සූදානම් බවය. එය දුටු කශූ සෑමාට මේලයක්ද එවා තිබ්බේ එය හොද අදහසක් බවය. බ්ලොග් ලියන ගැහැණු සහ පිරිමි සත්තු ගැන ලියන්නට සෑමාට හේතු කිහිපයක් ඉපදුනේ කිරිල්ලියකට ගල් ගැසූ පෝස්ටුවක් නිසාත්, මෑත භාගයේ බ්ලොග් ලෝකයෙන් ගත් අත්දැකීම් නිසාමය. ගැහැණු පිරිමි භේද නොතකා පැණි හැලියේ නොවැටී කිවිය යුතු දේ කියන නිසා සෑමා මෙසේ ලියන්නේය. 

උක්ත මාතෘකාව එසේ දැම්මේ මේ සියළු අදහස්, කුණු කන්දල් සෑමා අතින් එළියට එන්නේ එකී පෝස්ටුව නිසා බැවිනි.

දැලි පිහියෙන් කිරි කෑම අරඹමි. මක්නිසාද, රෙන්න බැරි එකාට තටමන්නට නොදී ජාපාල ඇට දීමට සෑමා කැමති නිසාමය.



මෑත භාගයේ උගේ ලෝකයේ පළ වූයේ කිරිල්ලියක් නයි නැටවීම සම්බන්ධ පෝස්ටුවක්ය. සෑමා ඇයව හදුනන බව කමෙන්ට් කලේ ඒ කතා සෙට් එක කියවා ඇති බැවිනි. ඇය ලියන්නේ එසේය. කරන්නට දෙයක් නැත්තේය. නමුදු සෑමාගේ කමෙන්ටුව දැක ඇය වහාම සෑමාට ඊ-මේලයක් ප්‍රශ්න කිහිපයක් යොමු කළාය. ඇයට සෑමා ප්‍රති උත්තර දුන්නේද අමනාපයකින් තොරවය. එකී පෝස්ටුවේ තිබූ වටිනාම කමෙන්ටුව දමා තිබ්බේ ප්‍රහාර බ්ලොගයට මුල පිරූ සුමිත්ය.

Sumith Niriella - June 30, 2012 11:05 PM
"නයා" වනාහි ලාංකීය හීනමානයයි. 
ලාංකිකයා කුමන රටක කුමන විදියට ජීවත් වුනත් සංස්කෘතිකව පරිණත වෙන්නෙ එහෙමත් කෙනෙක්. 
ලංකාවෙ දුප්පත් මිනිස්සු තමන් බොහෝ වෙහෙසිලා ලබාගන්න "දේවල්" තමන්ගේම අනෙකා ඉදිරියේදි "කුසලාන" බවට පත්කරගන්නවා. අනෙකා තුළ තමා කෙරෙහි වන ඊර්ශ්‍යා පරවශ හැගීම් තමයි තමන්ව අභිෂේක කරන්නෙ.
යහපත් ආර්ථිකයක් සහ දියුණු සංස්කෘතියක් ඇති රටක "දෙවල්" කියන්නෙ කුසලාන නෙවෙයි, නිකංම නිකං මෙවලම් විතරයි....


ඇගේ ලෝකයේ දේවල් ඇයට මැජික් නැතිය. ඇය ලියන්නේ ඇගේ බ්ලොගයේ ඇයට ඕනෑ දේවල්ය.  ඒක ඇගේය. උගේ ලෝකයේ ලියවුනේ ඌට ඕනේ දේවල්ය. ඒක උගේය. සෑමා ලියන්නේ සෑමාට ඕනේ දේවල්ය. එය සෑමාගේ බ්ලොගේය.

ඇය ඇගේ ‍බ්ලොගේ ආදර කතාවක් අකුරු කළාය. ඒ ඔය කියන මෙවලම්ද සමගමය. ඒ කිසිත් නොතකා සෑමා කතාව කියවූයේ ඇගේ කතාව ඇගේ ආරට ලිවිය යුතු නිසාය. ඇය තනිවම ඔහුට විරුද්ධව ලියද්දී සෑමා කීවේ "අනේ ඒ මිනිහගේ හොද ගති ටිකක් වත් ලියන්න" කියාය. එවිට ඇය එයට සාර්ථක ප්‍රති උත්තරයක් ලබා දී තිබිණ. සෑමා වුවත් කාට හෝ විරුද්ධව ලියද්දී අපේ එවුන් පෝස්ටුව බලා කමෙන්ට් කරන්නේ සෑමාගේ පැත්තටය. ඒ උඹ - අපි ලගින් ඉන්න නිසාය. එහෙත් විටෙක එය අසාධාරණ යැයි හැගෙන්නේ බ්ලොග්කාරියන් කරන කියන දෑ නිසාය. ඔවුන් විටක කොහේ හෝ කොල්ලෙක් ට එල්ලාගෙන නෙලන්නේ පෝස්ටුවක් මගින්ය. එය දැක අපේ සමහරක් අයියලා සරම කරේ තබාගෙන ගොස් ඇයට සපෝට් එකට නෙලන්නෝය. නෙලා අවසන ලැබෙන දෙයක්ද නැත්තේය. නොලැබෙන දෙයක්ද විටෙක නැත්තේය. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය.

පොදුවේ ගතොත් සමහරෙක් බ්ලොග් ලියන්නේ 'තම ස්ටේටස්' එකටය. නැතොත් 'පොර' වීමටය. වෙන එවුන් තමන්ට ඉස්කෝලේ 'චූ' ගිය 'බොක' සෙට් වුණ කතන්දර ලියද්දී සමහරෙක් පොර වෙන්නට බ්ලොග් ලියන්නේය. ඒ උන්ගේ ආතල්ය. ගෙදරට මර ගාතේ ලෝකෙට පරකාසී කියන්නේ එතකොටය. ගෙදර මිදුලේ වලක් හාරා ජරා කරන එකා පිට ගිහින් කොමඩ්, ටිෂූ හොයද්දී දන්න එකා කරන්නේ සද්ද වසා සිටීම මිස ඌ, පොර නොවේ යැයි නොකීමය. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය.

උගේ ලෝකයේ ඒ පෝස්ටුවේම පොඩි මෑන් නියම ‍කමෙන්ටුවක් දමා තිබ්බේය. ඒ කෙල්ලෙක් ලියන බ්ලොගක් නම් රෙදි උස්සාගෙන එහි දුවන එවුන්ටය. බ්ලොග කෙල්ලෙක් ගේ නම් එහි ගොස් පදිංචිව සිටින එවුන් බොහෝය. 'මම එක' වන්නට කමෙන්ට් දාන එවුන් බොහෝය. ඒ බ්ලොගේ රසයට, පෝස්ටුවේ රසයට නෙවේය. කෙල්ලකගේ ඇති ඇඹුල් රසයටය. පළමුව කමෙන්ට් කර දෙවෙනුව බුකියේ ඇඩ් කර ගන්නේය. පසුව එලව එලවා බ්ලොග පසු පස යන්නේය. එවිට උන් ගණන් උස්සන්නේය. ඒ තමා හිට් වුනේ යැයි කියමින්ය. සමහරෙක් ගේ බ්ලොග් රෝලේ රජ කරන්නේ කාන්තා බ්ලොග්මය. ෆලෝ කරන්නේද ඒවාමය. මෙකී දහම සියළු බ්ලොග්කරුවන්ට / කාරියන්ට පොදු නැත. නමුත් එසේ සිටින සුළුතරය බහුතරයකගේ නම්ද විනාස කරමින් තම කාරිය කරන්නෝය. ඒත් කළ හැක්කක් නොමැත. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය.

මෑතකදී සෑමා සමග කවුදෝ "මැණිකක්" ෆේස් බුකියෝ චැට් කළාය. ඇය ඇගේ බ්ලොග හිට් නැති බවක් කියමින් පසු තැවෙද්දී සෑමා කීවේ කියවන්න ආස හිතෙන ඒවා ලියන්න කියාය. එවිට කස්ටිය මොනවා වුනත් ඇවිත් කියවනවා කියාය. ඇය ඒ අතර එවූ ඇගේ බ්ලොගේ ලින්කුවෙන් සෑමා ඇගේ බ්ලොග බැලුවේය. එහි වැහි වහින්න කමෙන්ට්ය. හැබැයි පෝස්ටුව ගැන නෙවේය. එය දුටු සෑමා ඇසුවේ "ඇයි බ්ලොග කට්ටිය බලන්නෙ නැහැ කියන්නේ.. ඔය තියෙන්නේ මගෙ එකට වැඩිය කමෙන්ට්.." කියාය. එහෙත් ඇගේ හිට් කවුන්ටරය කැරකෙන වේගය ගැන ඇය පසු තැවුනාය. ඒවා පිළියම් සෑමා ලග නැත්තේය. ඇය වැඩි දුරටත් ඇසුවේ පෝස්ටුවක් දැමූ හැටියේ සෑමා බුකියේ සිටින හැම මිතුරෙක්ටම ලින්ක් එක මැසේජ් කරනවාද කියාය. සෑමා කීවේ එහෙම වෙලාවක් තියෙනවා නම් තමන් තව පෝස්ට් දෙක තුනක් ඩ්‍රාෆ්ට් කර තබනවා කියාය. එහෙත් ඇය කැමති නම් ඇයට එසේ කළ හැකිය. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය.

සමහරක් බ්ලොග් කාරියන් තවත් වැඩක් කරන්නෝය. ඒ ‍පෝස්ටුවක් දැමූ අළුත් "අළුත් එකක් දැම්මෝ.. බලන්නෝ..." කීමය. එය තවත් ආතල් එකක්ය. දිනක් බ්ලොග් ලියන ඇයක් සෑමා සමග චැට් කළාය. 

"ඔයා මගේ අළුත් ‍පෝස්ට් එක බැලුවද?" ඒ ඇයය.

"ඔව් බැලුවා මම කමෙන්ට් එකක් දාල ඇති.." ඒ සෑමාය.

"නැහැ අනේ මම කිව්වේ අනිත් බ්ලොග් එකේ..." ඒ ඇයය.

"ඇහ් දෙකක් ලියනවද? " ඒ සෑමාය.

"ඔව්. මේ තියෙන්නෙ ලිංකුව. ඇයි ඔයා කලින් ඇවිත් තියෙනවානේ.." ඇය එසේ කීවාට සෑමාට බ්ලොග් වල නම් සහ ලියන අයගේ නම් එහෙමට මතක නැතිය. සුළුතරයක් පමණ මතකය. එය හෙන්රියා දන්නේ දිනක් සෑමා හෙන්රියාගේ බ්ලොගට වෙන නමක් කියු නිසාය. (පොරටත් මතකද දන්නැහැ)

"හරි මම බලන්නම්.." ඒ සෑමාය.

"අපෝ ඔයා බලන එකක් නැහැ. දැන් දන්නවනේ ලියන්නෙ මම කියලා. අපි දන්නවා ඔයාලා අළුත් කෙල්ලො හොයන්නේ. අපි පරණ නිසා අළුත් ඒව හොය හොය බලන්නේ." 

ඒ ඇය සෑමාට දුන් සහතිකයක්ය. ඒ ඇය සෑමා ගැන දන්නා හැටිය. බ්ලොගක් ලියා පෙන්නුවාට සරම් කරේ තියාගෙන ඒ පැත්තට දුවන එවුන් සුළුතරයක් සිටින නිසා අපිට ලැබෙන්නේද ඒ සැට්ටි පිකේට්ටුවමය. කරන්නට දෙයක් නැත. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය.

සමහර බ්ලොග්කාරියෝද නියම ආතල් දෙන්නෝය. විටක ඔවුන් බ්ලොග්කරුවන් සමග කුමන හෝ හේතුවකට තරහ වන්නෝය. එවිට දින කිහිපයක් ඔවුන් තම තමන්ගේ බ්ලොග් වර්ජනය කරන්නෝය. විටෙක "ඔයා මගේ එක බලන්න ආවෙ නැහැ. ඒ නිසා මම ඔයාගෙ එක බලන්න එන්නෙ නැහැ" කියන්නෝය. තවත් විටෙක "ඔයා මගෙ එක යටින් මුකුත් දැම්මෙ නැහැ. ඒ නිසා මම ආයෙ එන්නෙ නැහැ" කියන්නෝය. එවන් ගති බ්ලොග් ලෝකයට මෙන්ම සැබෑ සමාජයේද පවතින ගැහැණු ගතිය. ඒවාට කරන්නට දෙයක්ද නැත්තේය. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය.

පොදුවේ ගත් කළ කියන්නට ඇත්තේ මෙපණක්ය. 'පොර' වෙන්නට ලියන එකාලා සහ 'මද පවනේ' ලියන එකාලා අතර ගෙවෙන බ්ලොග් ජීවිතයක, ලියන එකාට ලියන පාඩුවේ ලියන්නට දිය යුතුය. මන්ද උන්ගෙ ආතල් උන්ට නිසාය. උගේ ආසාව පොර වීම නම්, ඌව පොර කර පැත්තට වී සිනාසිය යුතුය. උගේ ආසාව ආතල් එකට ලිවීම නම් ඌට ඒ ආතල් එක දිය යුතුය. 

මන්ද අරූ මූ ලියන එක කෙලසීම තමන් 'පොර' වීමට හේතු නොවන නිසාමය.

කාටවත් කඩේ නොයන නිසා කොන්ද කෙලින් තබාගෙන ලිවීමි. මන්ද මම - උඹ - අපි එකී සෙට් එකේ නොවන නිසාය.

දිරිය දුන් සැමට ජය !

Written by sAm_5:50pm_06.07.2012

Wednesday, July 4, 2012

දිව නොනමා කතා කිරීම - මැනේජර් සම්බන්ධවයි.....


දුරකථන නිසා කුණුහරප අසා ඇත්ද ? කියවූ අය සෑමාට සාධාරණ මඩක්ද ගැසූවෝය. ඒක ඇත්තය. වටේටම කුණු හබ්බ දෙසන මැනේජර් සෑමාට කුණු හබ්බ දෙසුවේ නැත්දැයි ඇතමෙක් අසන්නට වීය. මේ සෑමාග් පිළිතුරු කතාවය. එයින් මැනේජර උතුමා සෑමාට සැලකූ විදිහ විද්‍යා මාන වන්නේය. දුමින්ද ෆෝන් එක පොකැට්ටුවේ තිබියදී ෆෝන් එක කැඩුන නිසා නොදන්වා නිවාඩු ගත්තේ යැයි කියද්දී අත ගැස්සී වැරදියට රැවුලේ පැත්තක් කැපී ගියාක් මෙන් පොකැට්ටුවේ තිබුණ ෆෝන් එක නාද විය. එදින සිට දුමින්දගේ පිවිතුරු චරිතයට කණ කොකා හැඩුනේය.

දිනක් සෑමාද හදිසියේ නිවාඩුවක් ගත්තේය. දැන් නම් හේතුව අමතකය. ඒත් එදා සෑමා මැනේජර උතුමාට දැනුම් දීමක් කලේ නැත. ආයතනයේ සිටින වෙන එකෙක් නොකියා නිවාඩු ගියාට මැනේජර්ට වැඩිය දැනෙන්නේ නැතිය. එහෙත් හදිසියේ කුමන හෝ ගැටළුවක් (නිවාඩු ගත් පුද්ගලයාට අදාල) පැන නැගුන හොත් මැනේජර් ඔහුව හෝ ඇයව සොයන්නේය. එවිට කිසිවෙකු හෝ පැමිණ නොසිටිය හොත් වසලා හමාරය. එහෙත් සෑමාට එසේ නොකියා නිවාඩු ගැනීමේ අවස්ථාවක් නොලැබුනේය. මන්ද සෑමා සිටියේ මැනා උතුමානන්ගේ එහා පුටුවේ වීම නිසාය.

කොසේ හෝ සෑමා එදා නොදන්වා නිවාඩු ගත්තේය. ගෙදර සිටියදී නිතර නිතර සිහි වූයේද පහුවදා ගොස් මැනාට මුහුන දෙන්නේ කෙසේද කියාය.

කෙසේ හෝ සෑමා පහුවදා උදේ කන්තෝරුවට ගියේය. මොහොතින් මැනා ආවේය.

"ගුඩ් මෝර්නිං සර්" සෑමා පැන එසේ කීවේ පොර ‍උදේම ශේප් කර ගැනීමටය.

"ගුඩ් මෝර්නිං.. මොකද ඊයේ නොකියා නිවාඩු දැම්මේ ?"

"කියන්න බැරි වුනා සර්.." ඒ සෑමාය.

"මොකද ආවෙ නැත්තේ ?" ඒ මැනාය.

"එන්න බැරි වුනා සර්.." ඇගට නොදැනී කීවේ සෑමාය.

මැනා හා, හූ නැතිය. හිස සැලුවා පමණි. ආවේ නැති හේතුව ඇසුවාම "එන්න බැරි වුනා සර්" වැනි උත්තරයක් දෙන්නෙකුගෙන් ප්‍රශ්න කර වැඩක් නැති බව මැනාට සිතෙන්නට ඇතිය.

එම ආයතනයේ ජනවාරි මස මුලදී නොයෙක් ආකාරයේ තෑගි බෝග දෙන්නේය. බොහෝ විට පොඩි රේඩියෝවක්, උණුවතුර බෝතලයක් වැනි දෙයක් දෙන්නේ සියළු දෙනාගේ හිත සතුටු කිරීමටය. අනෙක ආයතනය වෙනුවෙන් සේවා කිරීමෙන් ලැබෙන වැටුපට, දිරි දීමනා, වලට අමතර දැනෙන්නනට යමක් කිරීමටය. එවන් එක් වසරක අපේ පැට(ර්)න් මේකිං (CAD - Computer Aid Designing or pattern making - ඇදුමක් මැසීමට පෙර පතොරම් හදන්නාක් මෙන් විවිධ ස්ටයිල් වලට පැටන් මේකර්ලා සිටිත්. ඔවුන්ට හොද වැටුපක්ද ලැබෙන්නේය.) ඩිපාර්ට්මන්ට් එකට පොඩි රේඩියෝවක් ලැබී ඇත්තේය.
මේ CAD එක අතුලේදි ස්ටයිල් එකක් ඩමියකට ෆිට් ඔන් කරන සීන් එකක්

එම ආයතනයේ CAD රෑම් එක හදා තිබ්බේ නියම ආකාරයකටය. එනම් කාමරය වටේට බිත්ති හතර දිගේම මේස දමා කම්පුයුටර් දමා තිබිණ. පැටන් හදන්න සියල්ලෝම බිත්තිය පැත්තට මුහුණ යොමා වැඩ කරද්දී පිටු පසින් එන කිසි වෙකු නොපෙනෙන්නේය. එසේම කාමරය මැද පිරෙන්නට විශාල මේස දමා තිබිණ. ඒ පැටන් කැපීමට සහ පැටන් නිවැරදි කිරීමේ කර්තව්‍යය සදහාය. බොහෝ විට සිතියම් අදින්නාක් මෙන් මේස මත එලාගෙන පැටර්න් නිවැරදි කරන අවස්ථාද තිබෙන්නේය.

කෙසේ හෝ කැඩ් එකට ලැබුන රේඩියෝව ලග තබා ගත්තේ නිමල් අයියාය. අපි පොරට අයියා කිව්වාට පොර හරියටම කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ වයසය. එහෙත් නිමල් අයියා හැසිරෙන්නේ කොල්ලා වගේය. පොර අළුතෙන් ආයතනයට පැමිණි දෙතුන් දෙනෙක්ට ටෝක් කර සැර බීම පවා ලබා ගත්තේ කාටවත් නෙදැනීමය. පසුව කට්ටිය එකතු වී අළුතෙන් ආ අයගෙන් බෝතලයක් සෙට් කරපං කියද්දී නිමල් අයියා තමන්ගෙන් කලින් සංතෝසම් ලබා ගත්බව ඔවුන් කියන්නෝය. නිමල් අයියා ඒ තරම් බඩ්බක් බව දන්නා නිසා CAD එකට පොදුවේ ලැබුණු රේඩියෝව පවා නිමල් අයියා සතු වෙද්දී එකෙක් වත් කතා නොකළෝය. නිමල් අයියාට අවශ්‍යය කුමක්ද පොර එවලේම එය තමා සතු කර ගන්නේය. අපේ එවුන්ට ඉල කැඩෙන්න හිනා ගිය කරුණ නම් නිමල් අයියා කාලයක් නිවසේ මෙහෙකාර කමට කෙල්ලෙක් සෙවූ සීන් එකක්ය.

එක වරක් CAD එකේ මැනේජර්ව සිටි සුද්දීට IT එකෙන් LCD මොනිටර් එකක් එව්වේය. ඒ ඇයට තිබුණ CRT මොනිටරය අක්‍රිය වූ නිසාය. නිමල් අයියාට පෙර සිටම තිබ්බේ LCD මොනිටර් එකක් වුවත් එය නිතර ගැස්සෙන සුළු නිසා සුද්දී එන්නට පෙර ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව නිමල් අයියා එය තමා සතු කර ගත්තේය. කිසිත් නොදත් සුද්දී බැන්නේ IT එකටය. නිමල් අයියා නිහඩය.
මේ අපේ නිමල් අයියා.. ටිකක් බොද කරල දැම්මේ අදුන ගන්න බැරි වෙන්න

නිමල් අයියා දහවල ආහාරයෙන් පසුව රේඩියෝව දමාගෙන කල් ගෙවීය. සද්දය මද පමණින් ‍දමා නිමල් අයියා තමන්ගේ පාඩුවේ ඇස් පියාගෙන පැටර්න් ඇන්දේ කෑමෙන් පසු ඇස් පියාගෙන වැඩ කිරීමේ හැකියාව තමා සතු වූ නිසාය. මේ අතර සවස් ජාමයේ නිමල් අයියා බැහැ දැකීමට දුමින්ද ද පැමිනෙන්නේ කටින් අංශයේ තනිව සිටීම කම්මැලි නිසාය. බොහෝ විට නිමල් අයියා ඔවුන් දෙස නොබලා මොනිටරය දෙස බලාගෙනම කතා කරන්නේ තමාගේ කාර්්‍යය බහුලත්වය පෙන්වීමටය.

"‍මොකක්ද අයිසේ ෆෝන් එකක්ද ඔය සිංදුවක් ඇහෙන්නේ??"

"නැහැ බං මේ අපි වෙනද හවසට දාන රේඩියෝ එකනේ.." නිමල් අයියා මොනිටරය බලාගෙන පිළිතුරු දුන්නේය.

"කවුද ඕක උස්සගෙන ආවේ.??"

"ඇයි බං ජනවාරි මුලදී අපිව රවට්ටන්න මහ එකා දුන්න රේඩියෝ කට්ටනේ බං මේ..." ඒ නිමල් අයියාය.

දුමින්ද යැයි සිතා මැනේජර්ට ප්‍රති උත්තර දුන් නිමල් අයියා තම කාර්යයේ දිගටම නියැලෙද්දී මැනේජර් ආපිට යන්නට හැරුනේය. දොරෙන් පිටත් වන්නට පෙර ඔහු හිනාව තදකරගෙන සිද්ධිය බලා සිටි පිරිසට කිව්වේ "අරූගෙ හිතේ දුමින්ද ඇවිත් කියලා. මම ගියාම කියපං කවුද ආවෙ කියලා."

නිමල් අයියාගේ වයස නිසා නිමල් අයියා නිදහස් වූ නමුදු පොර පසුව ගොස් මැනාගෙන් සමාව ගත්තේය.

Written by sAm_5.15pm_04.07.2012

Monday, July 2, 2012

දුරකථන නිසා කුණුහරප අසා ඇත්ද ?


2009 වසර අග භාගයේ සෑමා ඇගළුම් ආයතනයක ෆැක්ටරි මැනේජර් ලග වැඩ කලේය. ඒ ඔහුගේ කෝඩිනේටර් ලෙසය. හතර දිග් භාගයෙන් එන ගැටළු වලට පිළිතුරු දීමට, සෑමට සිදුව තිබින. ඒ අතර මැනේජර් උතුමාගේ සද්දය ඉවසා සිටීම තවත් රාජකාරියක් විය. සෑම සදුදා දිනකම ෆැක්ටරි‍යේ ලයින් වල සිටින ලීඩර්වරියන්, සුපවයිසර්වරියන් ‍කැදවා පාන්දර සතියකට සෑහෙන්නට කුණු හබ්බ වලින් බනින්නේය. ඒවා අසා සිටීමට සෑමාටද සිදු වූයේ එහා පැත්තේ සීට් එකේ සිටි බැවින්ය. ඒ වගේම අප සිටි රෑම් එකේ ටෙලි ෆෝන් ඔපරේටර්වරියන් දෙදෙනෙකු සිටියාය. ඇයලා නම් ඒ කුණු හබ්බ වලට පදම් වී සිටියහ. මොනවා වුනත් ලයින් එකේ එවුන්ට බනින කොට මැනේජර් ගේ කටින් පනින කුණු හබ්බ වලට පට්ට හිනාය.

විටක විධායක නිලධාරීන්ට අත් වූයේ පාසැල් වල පවතින දඩුවම්ය. ජෝර්දානයේ වර්ක් ස්ටඩී කොට ලංකාවට පැමිණ අප ආයතනයට පැමිණි බන්ඩාර ඒ තාඩන පීඩන වලට ලක් වූවෙකි. දිනක් ඔහු ප්‍රමාද වී පැමිණ ගේට්ටුවෙන් එලියේ කොස් ගස යට සිටවා තබන්නට අප මැනේජර් උතුමා සමත් විය. ඔහු සහ අප සිටි ඔපීස් රෑම් එකට ගේට් එක පෙනෙනවාය. අප උඩ සිට බලා හිදිමින් බණ්ඩාරයා කොස් ගහ යට ගත කල විනෝදාත්මක පැය බලා සිටියෙමු.

එවන් තවත් සැපක් ගත්තේ ඒ ආයතනයේ නර්ස් අක්කාය. අක්කා කිව්වාට ඇය බදන්නට බැරි තරම් තරබාරු ඇන්ටී කෙනෙක්ය. සුජාතා නම් වූ ඇයද දිනක් ප්‍රමාදව පැමිණ ගාඩ් රූම් එකෙන් ඇතුලට එන්නට නොදෙන නිසා ඇය මැනේජර් දුරකථනයෙන් ඇමතුවාය.

"සර් බලන්න මට ගාඩ් රූම් එකෙන් ඇතුලට එන්න දෙන්නෙ නැහැ. විනාඩි 10ක් පරක්කුයි කියලා"

"ඔව් මම තමා ගන්න එපා කිව්වේ. දැන් ගෙදර යනවා. හෙට එනවා. හැමෝටම නීති එකයි"

පහල සිදුවන සියල්ල උඩ සිටින් මැනේජර් ඇතුලු අපට පෙනෙන්නේය. ඇය ආපිට යනු අප බලා සිටියෙමු. පැය කාලයක් යන්නට මත්තෙන් ඇය නැවත කතා කලේ අප ඇසිස්ටන් මැනේජර් ජයමාන්නටය. ජයේ නම් පට්ට ඩයල් එකක්ය. පොර ෆැක්ට්රි මැනේජර්ගෙන් කොපමණ කුනු හබ්බ ඇසුවද අතට අසුවෙන බොරු දමා ගසා බේරෙන්නේය. ඒ සුළු කාලයකට පමනක් හෝ තුටින් සිටීමටය.

"බලන්න ජයමාන්න සර්.. සර් මට යන්න කිව්වනේ.." කියමින් සුජාතා වැලපෙන්නට පටන් ගෙන ඇත.

"ඔව් මම දන්නවා. සර්ත් මෙතන ඉන්නවා. දැන් මොකද මට කරන්න කියන්නේ..."

"මට ගෙදර ඇතුලට යන්න විදිහක් නැහැ සර්. ගෙදර කට්ටිය කොහෙද ගිහින්.. යතුරත් නැහැ. සර් කතා කරල මොනව හරි කරන්න..." සුජාතා වැලපෙන්නට විය.

"හරි ඉන්න මම සර්ට කතා කරන කල්.." ඒ ජයේය.

ජයේ මැනේජර්ගේ සිත උනුවන ආකාරයට සියල්ල පහදා දුන්නේය. මැනේජර්ගේ අනුකම්පාව මත සුජාතා නැවත කැදවීය.

"හරි හරි සුජාතා ගේ ඇතුලට යන්න බැරිනම් ඔපීස් එන්න. සර් හා කිව්වා.."  ඒ ජයේය.

"ජයමාන්න, සුජාතා කතාකලේ හෑන්ඩ් ‍ෆෝන් එකෙන්ද ?" මැනේජර් ජයේ අමතා ඇසීය.

"ඉන්න සර් බලන්න... හ්ම්.. නැහැ සර් 0112**** ලෑන්ඩ් නම්බර් එකකින්."

"ඈ යකෝ ගෙදර මිනිස්සු යන්න බැහැ කියල ඇතුලට යන්න බැහැ කියපු ගෑණි කෝමද ගෙදර නම්බර් එකෙන් ගන්නේ??? හිටු ඕකි ඇතුලට එනකල්..." ටෙලිෆෝන් ඔපරේටර් ලවා අංකය පරීක්ෂා කරවූ මැනේජර්ට මල පැන්නේය.

"හෙලෝ ගාඩ් රූම්, සුජාතා ආවහම ඇතුලට අරන් මෙහාට එවනවා..." ඒ මල පැන්න මැනේජර් උතුමාය.

මොහොතින් "ගුඩ් මෝර්නිං සර්.." කියාගෙන සුජාතා ඇතුලට රිංගුවාය.

"තමුසෙ එනවද ඕයි නර්ස් වෙලා මට ඉන්ජෙක්සන් ගහන්න. ගහ ගන්න එකක් ගහ ගන්නවා තමුසෙගෙ පස්ස පැත්තේ... "

"ඇයි සර්.. මට ගෙදර ඇතුලට යන්න විදිහක් තිබ්බෙ නැහැ. ඒකයි මම ලග තිබ්බ කමියුනිකේෂන් එකෙන් කෝල් කරල ඇහුවේ ආයෙ ඔපීස් එන්නද කියලා" සුජාතා පැහැදිලි කලාය.

"අනේ මේ මගෙන් අහගන්නෙ නැතුව ඉන්නව හලෝ.. තමුසෙගෙ ගෙදර කමියුනිකේෂන් එකකුත් දාලද ඔපීස් එකට ඇවිත් හැරිල යන ටිකට ?"

තවත් කුණුහරප වැලක් සමග සුජාතා පජාත වූවාය. වචනයක්වත් නොදොඩා ඇය නික්ම ගියේ කිසිදාක ප්‍රමාද නොවන මානසිකත්වයෙන් විය යුතුය.

ඒ අතර අප කටින් (කැපුම් අංශයේ) දුමින්ද නම් පොරක් සිටියේය. පොර මලින්ද මාමා අදහන බුවෙක්ය. උදේ හවා මල් තියා වදින්නේය. පොර හැමදාම කැන්ටින් එක පාර්ලිමේන්තුවක් කරන්නේය. පොර සිටින වෙලාවට අප කැන්ටිමට යන්නේ ‍පට්ට තරහින්ය. ඒ පක්ෂ භේදය නිසා නොව පොරගේ අතිශෝක්ති කතා ඇසිමට පිලිකුල් කළ නිසාමය.

අපට ලැබෙන කෑම පාර්සල් වල නම් ගසා කැන්ටින් එකේ මේසයක් තම තබා තිබෙන්නේය. ඒ අතර දිනක් අප ආයතනයේ සිටි චන්ද්‍රිකා අක්කාට නියම කෑම පාර්සලයක් හිමි වූවාය. එය සෑමා දුටු තැන තම ෆෝන් එකේ කාච ගත කලේ මලින්ද මාමාගේ පොටෝ එකක් උඩින් 'චන්ද්‍රිකා' ලෙස සටහන්ව තිබීම අපේ එවුන්ටද ආතල් එකක් වු නිසාය.


දුමින්ද කෑම ගන්නා අතර මලින්ද මාමාගේ ගුණ කීම අපේ මැනේජර්ට හොදටම නෝට්ය. ඒ මැනේජර්ද කෑම ගන්නේ ඒ වෙලාවේම එහා පැත්තේ ඔහුටම වෙන්වූ කොටසක බැවින්ය. මලින්ද මාමාගේ ගුණ වර්ණනා මතක තබා ගන්නා මැනේජර් දුමින්දට රිප්ලයි එක දෙන්නේ සදුදා උදේ මීටින් එකේදීය. එය අපට ඊටත් වඩා ආතල්ය.

දුමින්ද මැනේජර්ට නොදන්වා සතියක් පමණ සේවයට වාර්ථා නොකළේය. මැනේජර්ට මල ඩබල් වූයේ දුමින්දගේ පොලිටිකල් කතා නිසාත්, පොර නොපැමිණියේ මැතිවරණ කාල සීමාවක නිසාය. එසේම දුමියාගෙන් කෝල් එකක් වත් නොමැති වූ නිසා මැනේජර්ට තවත් තද වීය. "ෂුවර් එකටම ඕක මහ එකාට කඩේ ගිහින් ඇති" කියමින් මැනේජර් තුමා කියමින් සිටියේය.

දිනක් හදිසියේ අප ඔපීසිය තුලින් මතු වූයේ දුමින්දය.

"කොහෙද අයිසේ තමුසෙ හිටියේ..." මැනේජර් සියළු මල දුමියා පිටින් යැව්වේය.

"මාර වැඩේ සර්... මට සනීප නැතුව හිටියා.. උණ ගැනිලා.. බ්ලඩ් චෙක් කරල.. ඇදට වෙලා හිටියේ.." දුමියා සුපුරුදු වාග් මාලාව දැම්මේය.

"හරි හලෝ.. කෝල් එකක්වත් දීල කියන්න බැරිද තමුසෙට??"

"කොහෙ කෝල් කරන්නද සර්.. ගෙදර පෝන් එක කපලා.." ඒ දුමියාය.

"කෝ එ‍තකොට තමුසෙ අහුමුලුවලට වෙලා මැච් බලන ෆෝන් එක?" මැනේජර් ඇහුවේ දුමියා සතු චයිනීස් ටීවී පෝන් එක ගැනය.

"අයියෝ සර් ඒක කැඩිලා.. හදන්න දීල තියෙන්නෙ. පොඩි එකා ඔබල ඔබල කොහොම හරි ඒකත් කැඩුවා.."

"අනේ මන්ද අයිසෙ තමුසෙලට කියන්න කතන්දර ඕනෙ තරම්.." ඒ අවසන අසරණ වු  මැනේජර්ය.

සියළු ප්‍රශ්න අහවර වී දුමින්ද සිනාසුනේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පට්ටමක් ලද කිසිදා නොදිනන මන්ත්‍රීතුමෙක් ලෙසිනි. ඒ සිනහව වියැකුනේ පොරගේ සාක්කුවේ රැදි ‍හෑන්ඩ් ෆෝන් එක නාද වීම නිසාය. දුමින්දගේ අත සාක්කුවට රිංගද්දී මැනේජර් දුමින්ද දෙසට නෙත් යොමා ඇසුවේ..

"එතකොට ඔය කෑගහන්නේ තමුසෙගෙ ප* ද හලෝ..."

Written by_sAm_3.05_02.07.2012

කලින් සිටි ඔපීසියක රසවත් සිදුවීම් ලිවීමට බිම මට්ටම් කළා පමණි. හදුනාගත් චරිත ඇසුරින් හොදම හරිය ඉදිරියට.
Related Posts Plugin for WordPress, Blogger...