සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Monday, January 30, 2012

හනුමන්තාගේ පැනිල්ල සහ කබරයාගේ පැන්නිල්ල.....

හනුමාගේ පැනිල්ල

හනුමා කියන්නේ සෑමා‍ගේ අට වසරේ සිට මිත්තරයෙකි. පොර මහතය. කොටය. ‍හනුමා 8 වසරේ සිට  පාසල් පුද්ගල නාමකරණයට අනුව හනුමා වුවද, පොරගේ නම තව දුරටත් ස්ථිර වුනේ උසස් පෙල කරනකොටය. අපේ විද්‍යා දිනයේ ගැටයාගේ නාට්‍යයක ගැටයා කපුවෙකුගේ චරිතය කරද්දී, හනුමාට හිමිවුනේ නමට අදාල 'හනුමන්තාගේ' චරිතයයි. ඒ කියන්නේ එදින ඔහු තඩි වදුරෙකි. එදා ගැටයා කපු වෙස් ගෙන මතුරද්දී, ඇඹරුණු දිග නැට්ටක් දමාගෙන ප්‍රධාන ශාලාව මැද්දෙන් පැනගෙන ආවේ හනුමාය. සෑමාට ඒ සිද්ධිය අදටත් මැවී පෙනෙන්නේ හනුමාගේ දක්ෂ රංගනය ප්‍රථම වරට අප දුටුවේ එදින වීම නිසාය.

අපේ ඒලෙවල් පන්තිය තිබ්බේ ලොල්ලාගේ කසිප්පු අංකල්ගේ ගෙදරට මෙහා පැත්තෙනි. ඒ සිදුවීමට පසු අංකල් තාප්පෙන් ඉස්කෝලෙට පැනීමට ඉඩ නුදුන්නේය. එසේ තිබියදී දිනක් අපේ හනුමා තාප්පෙන් පැනීමට වෙර දැරුවේ ඉගෙනීමට ඇති ආශාව නිසා බැව් කිසිවෙකු විශ්වාස නොකරනු නොඅනුමානය.

ඉස්කෝලේ ඇරෙන්නට කලින් ගෙදර යන පිරිසට වඩා උදේ ගේට්ටුව වැහුවාට පසු ඇතුලට ඒමට වෙර දරන පිරිස වැඩිය. උදේ 8ට ගේට්ටුව වැසුවාම 8:30 වනතුරු එන පිරිස එකතු කරන්නේ ශිෂ්‍යය නායකයින් විසිනි. එකී අවාසනාවන්ත පිරිස පාසල පුරා ඇති කුණු රොඩු එකතු කිරීම කළ යුතුය. නැතොත් ප්‍රින්සිපල්ගේ පහර කෑමට ලක්විය යුතුය. ඒ නිසා අපේ එවුන් කරන්නේ නීතියට පිටුපා 8:30ත් පහු වූ පසු තාප්පෙන් ඇතුලට පැනීමය. එහෙම අහුවුනොත් ප්‍රශ්න වැලකි, ගුටි වැලකි. පුදුම නීතියක්ය, ඉස්කෝලේ ඇතුලට එන්න ආවත් ගුටිකන්නට සිදුවේ. 

එදින උදේම අපිට තිබ්බේ පිකිස්ය. පිකිස් ඉගැන්වූ පන්තිභාර පියල් සර්ය. පාඩම කරන අතර අපේ එකෙක් එහා වත්තට සිග්නල් දානු දැක සෑමාද ඒ පැත්තට ඒරියල් එක කැරකුවේය. කොල්ලෝ දෙතුන් දෙනෙකු සමග හනුමා සිටියේ තාප්පෙන් එහා පැත්තේ කසිප්පු අංකල්ගේ වත්තේය. කස්ටිය ප්‍රමාද වී පැමිණ තාප්පෙන් පැනීමට පිඹුරුපත් අදිති. හනුමා ඇරෙන්නට අනිත් එවුන් තාප්පෙන් පැනීමට තරම් උසය. හනුමා කොට ජීවිතයකි. එනිසා මුලින්ම තඩි බඩ සහිත කොට හනුමා පැන්නීම සුදුසු යැයි සියල්ලෝම තීරණය කරන්නට ඇත. ඒ අතර පන්තියේ එවුන් හනුමාට පියල් ගැන කියමින් සිග්නල් දමති.

හනුමා වටේ සිටි පිරිවර හනුමාව තාප්පය මට්ටමට ‍එසවූ විට හනුමා බඩගාමින් තාප්පේ එල්ලින. අපිට මතක්වුනේ මොන්ටිසෝරියේ "හම්ටි - ඩම්ටිය".

හනුමා බඩගාමින් තාප්පේ එල්ලුනේ "හම්ටි - ඩම්ටිය" ලෙසය
අපේ එවුන්ට පට්ට ආතල්ය. හනුමා අත් දෙකත් වෙවුලමින් එල්ලෙමින් සිටියදී යටින් සිටි පිරිස හනුමාව පැන්නවීමට පස්ස පැත්තට පුෂ් එකක් දෙයි. හනුමා ඉහල එසවුනත් අත් දෙකට බරදී පැනීමට පොරට නොහැක. එ‍සේ පැනීමට නම් හනුමා බඩ පැත්තකින් තබා පැනිය යුතුය. සියල්ල එසේ සිදුවෙද්දී අපේ එවුන්ට කෑ නොගසා සිටින්නට නොහැක. පියල්ට ‍හොරෙන් ෆන් එක ගනිද්දී අපේ එකෙක් "අඩේ අන්න හනුමා.. " කියා කෑගැසූ නිසා පොරට වැඩේ මීටර් විය. එහා පැත්තේ ගෙදර අක්කා පඩි පෙලෙන් වැටුන සීන් එක වගේ සීන් එකක් සිදුවෙනු ඇතැයි සිතූ පියල් වහා පැමිණ එහා වත්තට ඔලුව දැම්මේය.

අප්පද බොල හනුමා තාප්පේය. යටින් පිරිසක් හනුමා උඩට ඔසවයි. බර වැඩිකමට නැවත පහල යයි. පියල්ටද සිනා පහල විය.

"තිළිණ.. අත පය කඩා නොගෙන පරිස්සමෙන් පන්තියට එනවා..." පියල් කීවේ එපමණකි. ටික වෙලාවකින්  හනුමා පන්තියට ආවේය.

"කොහොමද තමුසෙ පැන ගත්තේ...?" පියල් ඇසුවේය.

"බැරිම තැන අනිත් එවුන් ඔක්කොම මාව ඉතුරු කරලා පැන්නා සර්" හනුමා කීවේ දුක් ස්වරෙනි.

"ඉතිං තමුසෙ කෝමද ආවේ.??"

"මම උන්ගේ අතේ පොත්ටික එවලා ගේට්ටුවෙන්ම ආවා"

හනුමාට එදිරිව පියල්ට ක්‍රියා කළ නොහැක්කේ ගේට්ටුවෙන් ආපු නිසාය. හනුමාගේ වීර ක්‍රියාව වාර්ථා පොතට එක් වෙද්දී අපේ කබරයාද පසුදිනක ගේමට බැස්සේය..

කබරයාගේ පැන්නිල්ල

එදා කිහිප දෙනෙක් තාප්පෙන් පැන්න වීමේ වගකීම හිමි වූයේ අදරණීය වෙළදාමේ කබරයාටය. ගේට්‍ටුවේ මුර අංකල්ව ර‍වටා නැවත එන ලෙස පවසමින් එලියට යන පිරිසට කබරයා විසින් බෑග් විසි කළ යුතුය. කලින් පෝස්ටුවක සෑමා දැමූ මැප් එකට (මැප් එක බලන්න මෙතනින්) අනුව පිරිස ගේට්ටුවෙන් පොත් බෑග් නැතිව පිට වෙද්දී කබරයාට හිමි වූ‍යේ පිසික්ස් ලැබ් එක ලගින් කස්ටියගේ බෑග් පාරට විසිකිරීමේ රාජකාරියයි.

කස්ටිය ගේට්ටුවෙන් පිටවූයේ කබරයා පිළිබද විස්වාසය තබමින් තම පොත් බැග් කබරයා සන්තක කිරීමෙනි. කස්ටිය මුර අංකල්ට බෝලය බස්සවමින් ගේට්ටුවෙන්ම පිටවන අයුරු අපි කබරයා සමගම බලා සිටියෙමු. දැන් ඇත්තේ කබරයාගේ වාරයයි. බෑග් සියල්ල අත් දෙකට ගෙන, උරහිස් දෙකේ එල්ලා ගත් කබරයා කොරඩෝව දිගේ ගමන් ඇරඹුවේ පිසික්ස් ලැබ් එක පසු කරමින් ගොස් බෑග් පාරට විසිකිරීමටයි. බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු හරි හැටි නොපෙනේ.
උරහිස් දෙකේ බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු නොපෙනේ

කබරයා යන මග අපි බලා සිටියෙමු. පොර පිසික්ස් ලැබ් එක පසුකරනවාත් සමග එලියට ආවේ අපේ පන්ති භාර පියල්ය. පියල් සර් දිව විත් කබරයාගේ බෑග් එකකින් ඇද "තමුසෙ කොහොද ඔය යන්නේ...???" ඇසුවේ කේන්තියෙනි.

දෙපස හරි හැටි නොපෙනෙන කබරයා "මොන හු@$$%ක්ද බං කරන්නේ, අරුන්ටික අරහෙ යන්න බලං ඉන්නවා. පු@ නොදී ජෝගි නොදා පැත්තකට වෙයන් බං. පියලා දැක්කොත් විනාසයි..." කියමින් බෑග් ටික පාරටම විසිකලේය.

පියල් නිරුත්තර කරමින් බෑග් විසිකල කබරේ පිටිපස්ස බලා ඇස් නිලංකාර කර "අහ් සර්..." කියමින් නැවත එද්දීත් පියල් සද්ද නැත.

කතාව ප්‍රසිද්ධ වුනොත් සර්ද චාටර් වන නිසා කබරයාද එදින නිදහස් විය.

Written by sAm_11.50am_30.01.2012

Friday, January 27, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (3 කොටස)


කුසූට දැන් සනිපවෙලා සති දෙකක්‍ පිරෙන්නත් ආව. කුසූ වෙනුවෙන් බෝධිපූජා, සෙත් කවි, භක්ති ගිත, බලි තොවිල්, වාද බයිලා සහ හිටිවන කවි වගේ නොයෙක් දේවල් බ්ලොග් අවකාශයේ පැතිරුණා. හැම දේටම සිතූ ඔයාලට ණය ගැති.

එදා සෙනසුරාදා නිසා කුසුමගේ (කසින්) අයියා විමලේ කුසූ ගේ ගෙදර ආවේ ඔට්ටු සෙල්ලම් කරන්නටය. හැමදාම වාගේ කරන ඔට්ටු සෙල්ලම කුසූට දැන් එපා වී ඇත. ඒත් බෑ කියන්නට බැරිය. අයියා නොදන්නා තම අළුත් පෙම්වතා සිතුම් කුසූට දුන් චයිනීස් දුරකතනය අතේ හොරෙන්ම සිරකරගෙන කුසූ විමලේ අයියා සමග දොඩමලු වීය.

"මොකද කුසූ අද අපි කරන්නේ.. ඔට්ටු සෙල්ලම් කරමුද??" විමලේ ඇසුවේ සුපුරුදු ලෙංගතු කමින්ය.

"කුසූ..?? ඔයා එපා මට කුසු කියන්න. මට ආදරේ කරන කෙනා විතරයි එහෙම මට කියන්න ඕනේ" දෙකේ දෙකේ මලක්  ගැසූ අයෙකු මෙන් විමලේගේ ඇස් උඩ ගියේ කුසූ ගේ අලුත් පෙම් හබය නොදන්නා නිසාය...

"අප්පේ දැන් මෙයාගේ ගණන්.. අර ගහෙන් වැටුනට පස්සේ තමා ඔක්කොම.." විමලේ මතක් කළේ අහවල් ගහෙන් වැටුන කතාව නොව, ඇට්ටේරියා ගහෙන් වැටුන කතාවය.

"යනවා යන්න අද අපි හැංගි මුත්තං කරමු" කුසූට ගණ දෙවි නුවන පහල විය. හැංගි මුත්තං පිටින් දමා හැංගී තමාට සිතූ සමග කතා කල හැකි නිසාය.

"ජොනීයි මමයි ගාලුගියා.. ටකා..ටිකා.. හුටා.."

"හරි මම හැංගෙන්නේ..." කුසු මාලු කට්ටක් දුටු බළල් තඩියෙකු මෙන් කෑගෑවාය.

"හරි හරි හැංගෙනවකෝ.. මට බැරිකමක් නැහැ තමුසෙව හොයා ගන්න.. ඔය කරවල සුවද මට කොහොමත් දැනෙනවා" විමලේ කීය.

"එකායි..දෙකායි... අනූනමයායි..." විමලේ z-ස්කෝර් එක හදන්නාක් මෙන් ඇස් පියාගෙන සීයයට ගණිද්දී කුසූ තම වත අල්මාරියේ දොර පිටුපස සගවා ගත්තාය. දොරවසාගෙන ඇය ඇමතුවේ සිතූටය.. තම ආදරණිය සිතූටය...

"සීයායි.. ඔන්න මම එනවා...." විමලේ අයියා කෑගැසීය. 

"රූං.. රූං.. රූං.. රූං... බෘම්..බෘම්..බෘම්..බෘම්.." රබර් ඇටෙන් සැදි රූම් පෙත්තක් මෙන් නිදහසින් කටින් සද්ද දමමින් විමලේ අයියා කුසූව සොයන්නට වූයේය. ඒ අතර කුසු අල්මාරිය ඇතුලට වී දොර වසාගෙන සිතූගේ තුරුලේ සැනසෙමින් සිටියාය.

"ඇයි රත්තරන් තාම පොඩි ලමයෙක් වගේ හැංගිමුත්තං කරන්නේ. අනික නාකි විමලේ අයිය එක්ක" සිතූ ඇසුවේ දුකින් නොව තරමක් කේන්තියෙනි. 

"තේරුම් ගන්න සිතූ එයා මගේ අයියා කෙනෙක්. ඒ ඇරෙන්න දෙයක් අපි අතර නැහැ."

"මම දන්නවා රත්ත‍රනේ. ඒත් මම කැමති නැහැ පැට්ටෝ ඔයා අයියා එක්ක තනි පංගලමේ සෙල්ලම් කරනවට. අනික අම්මලත් ගෙදර නැහැ. ගිරා පැටියා හිටියනම් ඔයාට කරදරයක් වුනොත් කෑගහන්න හරි එයා ඉන්නවා."

"මට බැහැ සිතූ අයියව ඈත් කරන්න. එදා ගග අයිනේ තිබුණ ඇට්ටේරිය ගහෙන් වැටිලා මාව ආතක් පාතක් නැතිව ගගේ ගහගෙන යද්දී විමලේ අයියා එයාගේ යාළු වෙලා හිටපු අක්ක ගැනවත් නොහිත මාව ගොඩට ගන්න පැන්නේ අර අපි ඉස්සර හොරෙන් බලපු ‍බේ-වොච් (Bay-watch)" කතන්දරේ හිටපු අයිය වගේ. ඇස් පියාගෙන හිටපු මට කෘතීම ස්වසනේ දුන්නේ මගේ විමලේ අයියා. එයා දීපු හුස්මෙන් මම තාමත් ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් සිතූ. ඔයා වෙනුවෙන් විතරමයි."
හොරෙන් බලපු ‍බේ-වොච් (Bay-watch)" කතන්දරේ හිටපු අයිය වගේ
"හරි. ඒක අමතක කරමු. කමක් නැහැ. හැබැයි වැඩිය ලං වෙන්න එපා මයෙ දෙයියෝ. මට මැරෙන්න ගමේ තියෙන නියගලා අල මදි වෙයි මයෙ දෙයියෝ"

"පිස්සු කොල්ලා. මට ඔයාව නැතිවෙන්නේ නැහැ අයියෝ.. උම්හ්හා..." කුසූ ගේ දෙතොල් මයික් එක අතර තද වෙද්දී, සිතුගේ දෙනෙත් පියවින. හැමදාම හවසට ගහන මලේ මිහිර ඔහුට මේ තරම් නොවිණ.

"ක්ර්රාාාාස්..."

දොර දෙකේ අල්මාරියේ සැගවී සිටි සිතූ තිගැස්සින. තමා සිටි පැත්තේ දොර නොව අනිත් පැත්තේ දොර හැරිණ. අත්තම්මගේ පරණ අල්මාරියේ ඇදුම් තිබුනේ කිහිපයක් නිසා එහා පැත්තේ දොර හැරියද තමාව පෙනෙන බව ඇය දනී. ඇය ෆෝන් එක කට් නොකරම ඇස් තදකොට පියා ගත්තේ ගෙදර හිටපු බැල්ලීට ඉන්ජෙක්සන් ගසද්දී ඌ ඇස් පියා ගත්තා සේය.

"කුසූ කුසූ ඔයාට මොකද වුණේ? කතාකරන්න මයෙ දෙයියෝ කතාකරන්න" කුසූ නිහඩය. සිදුවන දේ අසා ගැනීමට සිතූ තම ෆෝන් එක කට් නොකලේය.

"පිස්සු කෙල්ල, තාම ඉස්සර වගේ මෝඩ විදිහට හැංගෙන්නේ. දන්නේ නැද්ද අයියා ඔයාව කෝම හරි හොයා ගන්නව කියලා" විමලේ එහෙම කිව්වේ තමාද අල්මාරියට රිංගමින් කුසූව තුරුලු කරගනිමින්ය.

ඇය සෙමින් ඇස් දෙක හැර බැලුවාය. විමලේ අයියාගේ දිලිසෙන ඇස් දෙක ඇය කලින් දැක තිබ්බේ හවසට  කසිප්පු ගහගෙන පාරේ කෑගසන වෙලාවට පමණි. සිතුවාට වඩා ඔහු ලෙංගතුය. කුසූ ඒ උණුහුමට තුරුලු වූවා නොවේය. ඒත් අසරණ වූවාය.

කුසූගේ දෙනෙත් අ‍ඩවන් වෙද්දී, විමලේ අයියාගේ දෙනෙත් දැල්විණ. ඒ දෙනෙත් එලියෙන් කුසූ ගේ ලෝකය නිලංකාර වන බව සිතූට පෙනුනේ නැත. නමුත් සිහින් වදන්, සිහින් මිමිණිලි, කෙදිරිලි සමග සියල්ල සිතූගේ මනසේ ඇදිනි. අපොයි චයිනීස් ෆෝන් අරන් දෙන වෙලා තව කීයක් හරි දාලා 3-ජී ෆෝන් එකක් අරන් දුන්නා නම් සියල්ල බලා ගත හැකිව තිබිණ.

නාදළු දෙතො‍ලේ
සිරව සිටි රළු විමලේ
කුසූ ලැම මඩලේ
පරව යාවිද කුමරි කටු අකුලේ

සිතූ කන වැකුනේ
හෑන්ඩ්ස් ෆ්‍රී එක සරණේ
ලැම රතට දිලුනේ
විමලේ සහැසිව රතියෙ වෙලුනේ

කුසූ නම් චපලය
සිතූගේ නම් අපලය
විමලේ ලය සිසිලය
කුසූ ඉම්බේ විමලේ නලලය

සිතූ සිත ගත්තේ
කුසූ පෙම මත්තේ
විමලෙ සිප ගත්තේ
කුසූගේ රස නැවුම් **ත්තේ

සිතූට ඇසේ යයි සිතූ
ෆෝන් එක ගත් කුසූ
බට්න් එක පාට රතූ
එබුව සැහැසිව පෙමක් නැහැ මතූ

ලැම ඉහල එ‍සවී
විමලේ සුරත තදවී
තහනම් දොරගුළු හැරී
කුසූ සුර ලොව ගියා තුටිනී

හැගීම් සියල්ල සත්‍යය ආදරයක් ගිලගත්තා. කුසූ දිව දොට්ට දාගෙන හති අරින බලු කුක්කෙක් වගේ හතිලමින් විමලෙ ගෙන් මෑත් වෙද්දී සිතූ කිසිවක් හිතාගන්න බැරිව ඔළුව බිත්තියෙ ගහගෙන කල්පනා කරන්න වුණා.

"විමලෙ අයියා මෙනවද මේ කලේ. ඇයි මට මෙහෙම දෙයක් වුණේ. මම අයිය ලග ඉස්සර හිටපු පුංචි නංගි නෙවේද තාම, කියන්න මට කියන්න ඇයි ඒ සහෝදරකමට මෙහෙම කලේ." අහස් කූරක් පත්තුවෙලා බිම වැටුන වගේ සුළු මොහොතක සතුටක් වෙනුවෙන් දැන් කුසූ කදුලු හෙලනව. විමලෙට දඩි බිඩි ගාලා පහර දෙන ගමන් ප්‍රශ්න අහනව.

"බය වෙන්න එපා නංගියෝ. මම ඔයාව දාල යන්නේ නැහැ. සත්තයි. මගේ වත්තෙ බැදල ඉන්න වැස්සි පල්ලා" විමලේ දිවුරුවා. ඇති තරම් දිවුරුවා.

"බැහැ, මට බැහැ. මට ඕනෙ මගෙ සිතූ. එයා කවදාවත් මාව අත් අරින්නේ නැහැ." කුසූ ඒ තරමට සිතූව විස්වාස කලා.

"හරි නංගියෝ.. මම ඔයාලගෙ ආදරේ වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම්.. බය වෙන්න එපා විමලේ අයිය හැමදාම ඉන්නව" (පුහ් නැතිවට..)

"ඒත් මම කෝමද සිතූට මූණ දෙන්නේ.. එයා හැමදේම අහගෙන ඉන්නැති. අනික මම ෆෝන් එක කට් කලේ මගදි..." කුසූ ඇස් පුංචි කරලා බෝංචි කරල වගේ දෙකට නැමිල කිව්ව.

"නැහැ නංගි දැන්ම කෝල් එකක් අරන් කතා කරන්න. එතකොට වැඩේ ෂේප් වෙයි..."

චයිනීස් ෆෝන් එකකට වඩා වේගෙන් කුසූගේ අත වයිබ්බ්‍රේට් වෙන්න ගත්තා. ඒත් මුකුත් නොවුන ගානට කුසූ කතාකලා.

"සිතූ...."

"කුසූ.. මොකද දෙයියනේ උනේ.. අර පාහර විමලයා ඔයා ලගට ආව නේද? කියන්න ප්ලීස්.. මොනාද උනේ මට පිලිවෙලට කියන්න... මම ඕකව මරනවා..."

"හිහ්..! හී.. ! රැවටිච්චා.. පොල්කිච්චා.. කෝපි ගහේ දෙමලිච්චා.. ඔයාට තේරුනේ නැද්ද අනේ. අපි හැංගි මුත්තං කලේ ටීවි එක දාලා. විමලේ අයියා අල්මරියේ දොර ඇරල මට කිව්වා මරු ෆිල්ම් එකක් යනව කියල. ඔයා ලයින් එකේ ඉන්නැද්දිම මම එලියට ගියා ෆිල්ම් එක බලන්න."

"බොරු නේද කුසූ ඔයා මට කියන්නේ. එහෙනම් අමුතු සද්ද ආවේ. ඔයාගෙ කටහඩ වගේ. අනික ඇයි මගදි ෆෝන් එක කට් වුණේ??"

"අහ්.. මරු වෙලාවට අපි ෆිල්ම් එක බලන්න සෙට් වුනේ. අපිට සද්දෙ ඇහුනට එවලේ කොටු දාපු නිසා අපි මුකුත් දැක්කෙ නැහැ සිතූ.. බොරු නම් ඔයත් ටීවී දෙරණ දාල බලන්න ලස්සන ෆිල්ම් එක, හැබැයි කොටු විතරයි..."

"අනේ කුසූ මම ගොඩක් බය වුණා. හැබැයි මීට පස්සේ විමලේ එක්ක සෙල්ලම් බැහැ. ඔය පිච්චුන ලේ ටික හොදටම ඇති. මාත් යනවා ඔය කියන ෆිල්ම් එක බලලා යමක් ඉගෙන ගන්න. හිකි..හිකි.. "

"බායි මයෙ අම්මා..." කියමින් කුසු සියල්ල අමතක කර දැම්මේ රැයේ දුටු සිහිනයක් මෙනි.

ගෙදර ‍මාළු ටික හොරෙන් කා, වැලි ගොඩේ ජරා කර, වැලි ටිකකින් වසා දමන්නාවූ වල් බැළලියක මෙන් කුසූ සියල්ල සගවන්නට හදන්නීය. ගමේ අළුතෙන් සවිකල ටැප් එක මෙන් කිසිවක් ලීක් නොකරන බව දිවුරමින් විමලේ පිටත්ව ගියේය. සිතූ මී පාසානම් කෑ මීයා මෙන් කිසිවක් නොතකා මී ගුල ඇතුලට රිංගා ගත්තේය.

******************
කුසූ ගේ අසනීපය දැම්මේ හේතුවක් සහිතවය.
තව කොටස් දෙක තුනකින් කුසූ - සිතු ආදර අන්දරය අහවරය.... එතෙක් විමසිල්ලෙන් සිටින්න

******************

සියල්ල පහලින් කියවන්න.....


************

Wednesday, January 25, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (බලාපොරොත්තුව)

විරහවෙන් මිලිනව ඉරි තැලුන හදවත් වලට, අකාලයේ හෙන ගසන වැස්සක, ජල සම්පාදන මණ්ඩලයේ ටැප් එකකින්, නිරපරාදයේ ඇද හැලෙන ක්ලෝරීන් දිය ඩිංග... කුසූ - සිතූ ආදර අන්දරය


**************************************************
සිතූ සහ කුසූ ආදර අන්දරය:  

තව කතා කිහිපයකින් අහවර විය යුතුයි  19 (50%)
මෙගා කතාවක් ලෙස හැකිතාක් ලිවිය යුතුයි  10 (26%)
අපෝ එපා නවත්තපං  9 (23%)

දැනට පවතින් බහුතර මතය අනුව "සිතූ සහ කුසූ ආදර අන්දරය:  තව කොටස් ස්වල්පයකින් අහවරය"
(සුළුතර 23% මතයට හිස නමමුද ? හිකිස්)
**************************************************

එදා ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ගහලවත් පාර පේන්නෙ නැති අදුරු රාත්‍රියක්. වෙනදට රෑ තිස්සේ ‍නයිට් ඩියුටි කරන වවුලෝ තටු අකුලගෙන ගස්වල එල්ලිලා. සිතු තාත්තා පොළට එළවලු ගෙනියන බයිසිකලේ හොරෙන්ම තල්ලු කරගෙන පාරට ආවා. සට සට ගාලා තටු වැදිලා බකමූණෝ සෙට් එකක් ඉගල්ලිලා ගියාට සිතූ බය වුණේ නැත්තේ අවංක ආදරේ නිසාම නෙවේ. බයිසිකලේ තිබ්බ ඩයිනමෝව නිසා ටිකක් හරි පැහැදිලිව පාර පෙනුන නිසා. සිතූ බයිසිකලේට උස නැති නිසා පොල්ල අස්සෙන් කකුලක් දාලා එක  හුස්මට පෑගුවේ කුසූගෙ ගෙදරට. බයිසිකලේ ලාම්පුව නිමලා වත්ත ඇතුලට බයිසිකලේ තල්ලු කරගෙන සිතූ ආව. නැවතුනේ කුසූ ගෙ කාමරේ ජනේලෙ ලග.

මෙහෙම නෙවේ, පොල්ල අස්සෙන් කකුල දාලා පැදගෙන ගියේ

"ටොක් - ටොක්" සිතූ තට්ටු කරද්දි, කුසු ජනේලෙ ඇරිය.

බලුපැටියෙක් කකුල උස්සල මුත්තරා කරනව වගේ, කුසූ කදුලු පෙරාගෙන...

"ඇයි කුසු මොකද මයෙ අම්මා.. "
"සිතූ.. මට අද සනීප නැහැ. බන්ඩිය ගොඩක් රිදෙනවා..." සිතූ ගෙ හිත හිරිවැටුනා. සිතූ 9 වසරේ සෞඛ්‍යය පොත කියවල තිබ්බ නිසා සීන් එක තේරුණා. 

"මම බන්ඩිය අතගාන්නම් මයෙ අම්මා.... " සිතූ ගෙ මූණ සද එලියේ දිලිසුනා. කුසූගේ මුණේ කදුලු කැට දිලිසුනා.

"ඔයාට විතරයි සිතූ මේ අමාරුව කවද හරි නවත්තන්න පුළුවං, ඉක්මනට මේක හොද කරල දෙන්න මයෙ දෙයියා.."

සිතූ සහ කුසූ ගෙ කදුලු කැට සද එලියෙ පොර බදිද්දි, සිත් ආදරෙන් වෙලෙද්දි, මහ කැලෑව අස්සේ ඉදන් කපටි රජා නම් ලද හිවලෙක් කෑගහනව වගේ කුසූගෙ බඩ කෙදිරි ගෑවා.

කුසූ අසනීපෙන් ඉන්නකොට සෑමා කෝමද අසමජ්ජාතියෙක් වගේ කතාව ලියන්නේ. දවස් දෙකක් ඉවසමු. කුසූට හොද වෙනකල්.

කුසූ සහ සිතූ ආදර අන්දරය (3 කොටස) ලගදීම.... 


1 කොටහ බලන්න
2 කොටහ බලන්න

හැමෝම සෑමට බනී කුසූගෙ බඩේ අමාරුවත් පෝස්ට් කළා කියල. කල්පනාවෙන් කියවන්න. හැම වචනයක්ම වැදගත්. ඊලග පෝස්ටුවෙන් තේරෙයි සිතූට - කුසූට වෙන්නෙ මොකද කියල.

3 කොටහ ආව මෙන්න..

Tuesday, January 24, 2012

අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

අපේ අක්කා ඒලෙවල් කලේ හෝම් සයන්ස්ය. ඒත් එයා ඉස්කෝලේ යන කාලේ අපේ ගෙවල් පැත්තේ හැමෝටම කීවේ දොස්තර කෙනෙක් වෙනවා කියාය. දවසක් කුඹුකේ ලිද ලගදි ඇසිලින් නැන්දා අක්කාගෙන් "දුවේ උඹ මොනාද බොල ඒ ලෙවල් වලට කරන්නේ" කියා ඇසූ විට අපේ අක්කා කියා තිබ්බේ සයන්ස් කියාය. එදා අක්කා "හෝම්" කැබැල්ල හලා "සයන්ස්" කරනවා කී පසු දත් දොස්තර කාර්යය නම් හරියට කළාය. ඇසිලින් නැන්දා දන්නා අටමගලයක් නැත්තේය. ඒත් සයන්ස් දන්නවාය. එයා ගම පුරා කියා තිබ්බේ අක්කා දොස්තර විභාගය කරනවා කියාය. අක්කා ඒ කාලේ දොස්තර වෙස් අරගෙන හොදට රගපෑවාය. වෙද නලාව තිබ්බේ නැත. ඉදි හිට උණ කට්ටක් වැනි දෙයක් භාවිත කරන්නට ඇති බවට මට සාක්ෂි හුමුවිය. 

අක්කා ඒ-ලෙවල් කලේ 2010දීය. අපේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් දැන් ඒලෙවල් කර ගෙදර සිටින්නේ ‍ඊයේ පෙරේදා ප්‍රථිඑල ආපු නිසාය. ඒ අක්කා උදේ හිටියේ කැම්පස් ගිය ගානටය. ඒත් දවල් වෙද්දී එයා කීවේ ප්‍රථිඑල වෙනස් වෙලා කියාය. අපේ තාත්තා කීවේ තොපිට හොද වැඩේ ඔය කවුරු හරි තොපේ ප්‍රථිඑල "හැක්" කොර ඇත කියාය. තාත්තා හිතන්නට ඇත්තේ ප්‍රථිඑල දෙන්නේ ෆේස් බුකියෙන් කියාය. ඒ අක්කා හොදටම ඇඩුවාය. ඒත් අපේ අක්කාට සතුටුය. අපේ අක්කාගේ 2010 වසරේ විභාග අංකය ගසා අක්කා නැවත   ප්‍රථිඑල බැලූවිට අක්කා සමත් වී ඇත. එ පින් බලෙන් 2010 වසරේ හෝම් සයන්ස් වලින් ඒලෙවල් කරපු අපේ අක්කා මේ පාර කැම්පස් යන්නේ මෙඩිකල් කොලීජියට දොස්තරවරියක ලෙසය.

එකී මහා කේදාන්තය, ගෙදර හැම දෙනාට හොරෙන් උසස් අද්දියාපන තුමාට ලියන්නට පොඩි සෑමා වෙර දරන්නේ අපේ අක්කාට වාසි සහගත වුවද අනෙක් අසරණයින්ට කෙලවෙන නිසාවෙනි.


උසස් අද්දියාපනතුමනි... ගෙදර‍ට හොරෙන් වැසිකිලියට වී ලියමි

අන්තරේ සරණයි !

අපේ අක්කා ගිය වසරේ වත් මා දන්නා කලෙකවත් ඒලෙවල් නො-කලාය. 2010 වසරේද කලේ සුසිරි අය්යා හමුවීමට අවශ්‍යය නිසා ගෙදරින් පැනීමටය. ඒ ඇරත් ඇය කළේ හෝම්ස් සයන්ස්ය. ඒ කියන්නේ ගෙවල් පිලිබද විද්‍යාවයි. ගෙදර ඇති කුණු එකතු කිරීම, ඉවීම පිසීම, මැසීම් ආදී කටයුතු ජ්‍යාමිතිකව හා විද්‍යාත්මකව කිරීම ඇයට පැවරිණ.

සියල්ල එසේ සිදුවෙද්දි ගිය වස‍රේ අපේ අල්ලපු ගෙදර අක්කා විභාගය කලේ අවංකව විද්දියාවෙනි. එයා අපේ අක්කා මෙන් නෝන්ඩි නොවුනේය. ගෙදරටම ගෙන්වාගත් සර් කෙනෙක් ලවා සියළු කටයුතු කරගත්තේ ගස් ගල් මුල් හා කටු පදුරු අස්සේ රිංගීමේ ආනිසංස හා ආදීනව අපේ අක්කාගෙන් දුටු නිසාය. ඒ සර් අයියා දිවා රෑ නොබලා දවසම ඉගැන්වුවාය. ඊයේ ඒ අක්කාගේ ප්‍රථිඑල බැලුවේද ඒ සර් අයියාය. එක පාරටම කෑගසන හඩක් ඇසුනේ එයාලා ඉන්ටර්වල්නෙට් එකෙන් ප්‍රථිඑල බලා එකපාරට ලෝඩ් වූ නිසාය. වෙනදාට ඒ අක්කාට පන්ති කරන දවස්වලද ඉදහිට සද්ද බද්ද ආවද අපිට ඒවා පුරුදු ය.

ඉන්පසු ඒ අක්කාව කරේ තියා සර් අයියා මිදුල වටේ දිව්වේ අක්කා කැම්පස් ගියා කියමින්ය. අපිටත් ආඩම්බරය. අපිත් ඒ අක්කාට උදව් කලේ අපේම අක්කා කෙනෙකුට මෙන්ය. දවසක් ඒ අක්කාට ප්‍රජනන පද්ධතියේ හරක්කඩක් හරස්කඩක් ඇද ගැනීමට නොහැකිව අසරණ වූ විටක පවා අපේ අයියාගේ පොත් අස්සේ තිබී ඒ පිළිබද පත්තර පිටුවක් හොයා මම දුන්නෙමි. ඉතින් මමත් ඇගේ ප්‍රති-පල ගැන සතුටුය.

අපේ අක්කාගේ වෛද්‍ය විද්‍යාලයට ගැලපෙන විවිධ සුදුසුකම් මා දැක ඇත්තෙමි. ඉන් කීපයක් ගොනු කර දක්වන්නේ ඔබට ඇය ගැන දළ අදහසක් ලබා ගැනීමටය.

දිනක් අපේ අත්තම්මා (තිනර් ගාපු) සිහිය නැතිවී වැටී සිටි විට ඇය කීවේ දොස්තරලා ලගට ගෙනියන්න ඕනේ නැහැ කියාය. අත්තම්මාට මල්-ටි විටමින් අවශ්‍යයයි කියා ද කීවාය. යන්තම් සිහිය ආ අත්තම්මා වත්තම් කර ඇදේ හරහට තැබූ අක්කා හවස් ජාමේ අත්තම්මාට මොනාද පොවනු දැක, මම අම්මාට කේලම කීවෙමි. අම්මා අක්කාගෙන් ඇසුවේ මොනාද බොල පොවන්නේ කියාය. අත්තම්මාට අවශ්‍යය විටමින් අක්කා නිවසේදීම සිරප් එකක් ආකාරයට සැදූ බව කීවාය. විටමින් ඒ,බී,සී,ඩී, අඩංගු පෙති කිහිපයක් කොටා කුඩු කොට උණු අළු පල්ලේ තම්බා, විටමින් ඊ නැති නිසා ඇය මූණේ ගාන ක්‍රීම් ස්වල්පයක් සමග පත අට එකට සිදුවා අත්තම්මාට පොවා ඇත. අක්කාට අම්මා බැන්නාය. අම්මා කීවේ "යකෝ ගෙදර දෙහි නැති වුණාම මම තොගේ දෙහි සුවද එන සබන් කැටේ හොද්දට දානවද යකෝ...." කියාය. එදා අත්තම්මා බේරුණේ 12 වතාවක් වමනය කර තවත් වතාවක් වමනය කළ පසුවය. හැබැයි එදායින් පසු ඉහෙන් බහින රෝගයක් නැත.

එයින් පසු දවසක අපේ ගෙදර නැවතී සිටි අක්කාගේ හොදම මිතුරිය සිරියාවතී කුලුදුල් දරුවා බිහි කරද්දී ද වින්නබු වැඩේ කලේ අක්කාය. ග්ලවුස් දෙකක් වෙනුවට සිලිං උර දෙකක් අතට දමාගත් අක්කා, සිරියාවතී ගේ කකුල් දෙක අක්කාගේ කකුල් දෙකින් පාගාගෙන, දරුවා එලියට ගන්නට පොල් කටු හැන්දක් ඇතුලට දමා කැරකුවා මතකය. අපේ අම්මා බත් හැලිය කූරු ගා බත් අහුරක් ගන්නවාට වඩා දක්ෂ ලෙස අක්කා පැටියාගේ ඔළුව එළියට ගත්තාය. පැටියා සතියක් ජීවත් වුණද පසුව දා සිරියාවතී මිය ගියාය. එදා අක්කාට අපේ අම්මා බැන්නේ "බොලාගේ තාත්තා ගේ මී කතුර ඇරුනම ගෙදර මීයෙක්වත් අල්ලන්න හිටපු පූසීව මරාගත්තා කියමිනි" අක්කා ගොඩක් ආදරේ කරපු පූස් පැටියා එලෙස මිය ගියේද අක්කාගේ එකී ප්‍රසූත වෛද්‍ය විද්‍යාව නිසාමය.

අපේ සීයාට මුත්තරා ගල් හැදුනේ ගල් කොරියක වැඩ කල නිසා බව අත්තම්මා කීවාය. ඒ වෙලාවේද ප්‍රතිකර්ම කලේ අපේ අක්කාය. මුත්තරා ගල් දිය කල හැකි උප්පරවැට්ටිය අක්කා දන්නා බව කීවාය. (මගේ තිනර් සංකල්පය ආවේ ඊට පසුවය) සීයා අමාරුවෙන් කෑ ගසතී යැයි බය වූ අක්කා මුලින්ම පවුලේ සැමගේ උදව්වෙන් සීයාව ඇදටම තබා ගැට ගැසුවාය. අක්කා මාව හන්දියේ ඩික්සන් මාමාගේ ගරාජයට යැව්වේ වැකුම් එක අරන් එන්න කියාය. ඉන්පසු අක්කා අපේ මාළු ටැංකියේ ඔක්සිජොන් බටය අරගෙන ආවාය. සීයාගේ සරම කඩා පොල්තෙල් වලින් බටය පොගවා මුත්තරාසයට බටය ඇතුල් කලේ අක්කාගේම සුරතිනි. අත්තම්මා කලානම් සීයාට මීට වඩා රිදෙන බව මගේ පුංචි මොලකැටියට තේරුණි. අත්තම්මා චීත්ත රෙද්දෙන් කදුලු පිසදමනු මම දුටුවෙමි.

බටයේ අනිත් කෙලවර වැකුම් එකේ ගසා, වැකුම් එකේ ප්ලග් එක කරන්ට් එකට ගසා අක්කා ස්විච් එක ඔන් කලාය. සීයා මරහඩ දී කෑ ගසන විටම මට හිතුනේ ගල් කුඩේ කුඩු කියාය. අක්කා වැඩේ හරි කියමින් කෑගැසුවේ ස්විච් එක ඕෆ් කරමිනි. අපිට මාර සතුටුය. සීයා කදුලු පෙරාගෙන සිටියත් වැඩේ ගොඩය. අක්කා රිසල්ට් එක පෙන්නුවේ බටේ සිරවී තිබු රවුම් තිරිවාන කැට දෙක අතට ගනිමිනි. අපේ අත්තම්මා අඩි පොලවේ ගසමින් හැඩුවේ "අනේ අසමජ්ජාති කෙල්ලේ තෝ වගේ එකියක්... තොපේ අප්පොච්චා ඉපදෙන්න කලින් තෝ මේ රත්තරං ගල් කැට දෙක අයින් කලානම් අද තොපිත් නැහැ කියමිනි." මට ඒ කාලේ වැඩේ නොතේරුනේය. එත් දැන් තේරෙන්නේ සීයා සැහැල්ලු දිවියක් ගත කරන නිසාය. අක්කා දුන් ප්‍රතිකර්මයට පසු සීයාගේ බර කිලෝ එකකින් අඩුවී තිබින. ඒ ග්රෑම් 500ක මුත්තරා ගල් දෙක අක්කා එලියට ගත් නිසාය.

ඉතින් අද්දියාපනතුමනි, එකී සියළු කාරනා ගැන සිතමින් ඔබ තුමට මේ ලිපිය ලීවේ අපේ අක්කා ගේ විස්ස විද්දියාල ගමන නැවැත්වීමටය. හෝම් සයන්ස් කල අක්කා මා ඉහත සදහන් කල අමතර සුදුසුකම් සහිතව විස්සවිද්දියාල ප්‍රවේශ වී දොස්-තර-වරියක් ලෙස ආවොත් අපේ සීයාට වුණ දේ හැම කොල්ලෙකුටම වෙනවා ඇත.

මේ ප්‍රථිඑල අවුල ගැන එදා කවුරුන්ද කීවේ තුන්දෙනෙක් ඇතුල් කරන්න ඕනේ එක එක්කෙනෙක් ඇතුල් කරලා කියාය. අපේ අක්කා නම් කීවේ එක්කෙනෙක් ඇතුල් කලත්, ගමම ඇවිත් ඇතුල් කලත් තමාට කිසිම අවුලක් නොමැති බවය, ඇගේ ප්‍රථීඑල එකම බවය.

සියළු කාරනා සලකා බලා සැමට සාධාරණයක් ඉෂ්ඨ කරාවි යැයි යහපත් පැතුමින් පොඩි සෑමා නිහඩ වෙමි.

පෙර ලිපි මේ සමග අමුණා ඇත.
සුසිරි අයියා‍ගේ ආදර අන්දරය (පොඩි සෑමාගේ ලියුම 1)
අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි (පොඩි සෑමාගේ ලියුම 2)
නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 3)

Written By sAm_11.50pm_23.01.'12

Friday, January 20, 2012

සුදු වෑන් සංකල්පය මෙරටට ආ හැටි - සෑම් ගේ හෙලිදරව්ව

‍අපේ අප්පුවා ඉස්කෝලේ ආවේ කෝච්චියේය. කොහොම හරි දෙක වෙන්නට කලින් පොර ඉස්කෝලෙට එන්ටර් වේ. පොත් දෙක කිහිල්ලේ ගසා, ඊටත් වඩා ලොකු රතු කැකුලු බත් පාර්සලයක් උඩින් තබාගෙන දත් කැකුලු පාලා අප්පුවා ඉස්කෝලෙට එන්නේ සුරතල් සිනා දීලාය. විටෙක බොලද බස් දෙසාබායි. කොච්චර ප්‍රමාද වී ආවත් පොර දවල් වෙන්නට පෙර ආයෙත් ගෙදර යන්නේ බත් එකත් අපි සමග කාලාය. පොර බය නැතිව ගෙදර යන්නේ ගෙදර කවුරුත් නැති නිසා කලින් ගෙදර ගියා කියලා ප්‍රශ්න අහන්න කෙනෙක් නැති නිසාය. සමහර දවස් වලට පොර ස්ටේෂන් එක ලගදීම හැරී ගෙදර යයි. එක පාරක් අපි ඉස්කෝලෙන් කලින් පැන්නේ අප්පුවා වයින් බෝතල් දෙකක් හදලා තියෙනවා කී නිසාය. හෙන ගේමක් දීලා අප්පුගේ ගෙදර ගොස් බිව්වේ පොර හදපු සීනි වතුරය. පොඩ්ඩක් වත් වදින්නේත් නැත. උක් ගහක් එක්ක ප්ලේන්ටි බීවා වගේය.
‍මේ අපේ අප්පුවාගේ මෑතක ගත් ෆොටෝ එකකි. (මුහුණ හදුනාගත නොහැකි ලෙස වෙනස් කලෙමි.)
ඒලෙවල් කාලේ අපේ එවුන් ඉස්කෝලෙන් පනින්නේ පනින්න බැරි එවුන්ව පජාත කරමිනි. සමහරු 8ට විතර ඉස්කොලේ ඇවිත් 9.30 වෙන්නට පෙර ආපසූ හැරේන් කියා ගෙදර යති. ඒ කියන්නේ උන් ඉස්කෝලේ ආවේ උදේ පන්සිල් ගැනීමට පමණි. මම කීවේ මචං ගෙවල් ලග තියෙන පංසලට පලයන් නිකං මෙච්චර දුර එන්නේ නැතිව කියාය. ඒත් පනින්න පුළුවං එවුන්ටත් පනින්න බැරි දවස් එලබෙන්නේ හවස ක්ලාස් තිබෙන නිසාය. එදාට ගෙදර ගොස් ආයෙත් ක්ලාස් යාම කම්මැලිය. ඒ නිසා උන් ඉස්කෝලේම රැදෙති. එදාට පනින එවුන් පනින්නේ පනින්න බැරි එවුන්ට කිංඩි දමමිනි.

අපේ එවුන් පනින ක්‍රම ‍බොහොමයක් තිබින. එය ප්‍රධාන කොටස් දෙකකි. 
  1. ඇතුලට එන්න - ප්‍රමාද වී ඉස්කෝලෙට ආවොත් ඇතුලට ගන්නේ නැත. එවිට කොහෙන් හෝ ඇතුලට ඒමට පැනිල්ලක් අවශ්‍යය. 
  2. එළියට යන්න - වේලාසන ගෙදර යාමට එලියට පැනීමට පැනිල්ලක් අවශ්‍යය.
ඇතුලට ඒමට පනින ආකාර කීපයක් තිබිණ. පිට්ටනිය පැත්තෙන් පැනීම. පොත් ටික තාප්පෙන් ඇතුලට දමා වෙනත් වැඩකට එලියට ගියා සේ අත් දෙක වන වනා ප්‍රධාන ගේට්ටුවෙන් ම ඇතුලට ඒම. කසිප්පුවා කියා කෑ ගැසූ අංකල්ගේ වත්ත පැත්තෙන් පැනිල්ල. තව එක එකාට ආවේනික එවලෙට හිතිච්ච විදියට කරන ආකාරද කිහිපයකි.

එලියට පැනීමට අනුගමනය කරන ආකාරද කිහිපයකි. මුර අංකල්ව බුලත් විටකින් රවටා පනින පැනිල්ල, ෆොටෝ කොපි ගසන්න එලියට යනවා කියා ප්‍රධාන ගේට්ටුවෙන් එලියට ගොස් තවකෙකුලවා පොත් ටික තාප්පෙන් එලියට දමා ගැනීම හෝ පොත්ටික ඉස්කෝලේම තබා පැනීම. පිට්ටනිය පැත්තෙන් පැනිල්ල, නැති නම් ඇඩ්වාන්ස් ලෙවල් කරපු කාලේ ඇඩ්වාන්ස් විදිහට පැනපු පැනිල්ල.
අපේ සෙට් එකක් මුර අංකල් එක්ක ගත් ඡායා රෑපයක් - (වටේ බොද කලෙමි)
ඇඩ්වාන්ස් පැනිල්ල මෙසේය. (මේකට ඇති නියම කතාව පස්සේ දමමි.) අපේ ෆිසික්ස් (phy-sicks) ලැබ් එක තිබ්බේ තාප්පය කිට්ටුවට වන්නට උඩ තට්ටුවේය. පැනීමට අවශ්‍යය පුද්ගලයා ගේට්ටුවෙන් නීත්‍යානු කූලව අත් දෙක වන වනා යන අතර, ඔහු පාර දිගේ ‍ෆිසික්ස් ලැබ් එක ලගට ආ විට උඩින් ඔහුගේ බෑග් එක පාරට විසි කිරීමට තවකෙකු ලැබ් එක ලග රැදී සිටිය යුතුය. මේ ක්‍රමය අති සාර්ථක වූවත් කබරයාගේ (මතුවට ලියමි) සීන් එක නිසා නෝන්ඩි විය.

මෙන්න මැප් එක :)

මේ මොන විදිහට එලියට පැන්නත් පාර දිගේ අවිදගෙන යාම නොකර අතුරු විකල්ප මාර්ග භාවිතය ඇගට හුරු බැව් කවුරුත් දනිති. නැත්නම් එලියට ගියාට වැඩිය ඉක්මනට ඇතුලට එන්නට සිදුවේ. බොහෝ අය බොහෝ විට භාවිත කලේ ස්ටේෂන් එක පැත්තේ තිබු කැලෑ පාරයි.

එදා එහා පන්තියේ හිටපු කිහිප දෙනෙක් ගෙදර යන්නට සූදානම් වූයේ උදෑසන දහයට විතරය. පනින්නට බැරි එවුන්ට කිංඩි දමා කස්ටිය එලියට බැස්සේ බලන්නට ඇති හැම නිමිත්තක්ම බලාය. බෑග් එකක් නැතිව පොත් ටික විතරක් ගේන නිසා ගේමක් නැතිව පැන්න හැකිය. අපේ එවුන්ගේ සපෝට් එක මැද්දේ තුන් හතර දෙනෙක් විතර එදා පිටත් ‍කලෙමු.

එදා ඉන්ටර්වල් එක ඉවර වී අපි පන්තියට එමින් සිටියේ ඔ‍ෆීසිය තියෙන බිල්ඩිම ලගින්ය. එවිටම අපේ ප්‍රින්සිපල්තුමාගේ සුදු පාට වෑන් එක කඩාගෙන විත් බ්‍රාස්... ගා නැවැත්තුවේ ඔෆිස් එක ලගින්ය. ප්‍රින්සිපල්ම ගොස් පිටුපස දොර ඇරියේ ඇතුලේ සිටි අමුත්තන්ට එලියට බැසීමටය.
සුදු පාට වෑන් එක කඩාගෙන විත් බ්‍රාස්... ගා නැවැත්තුවේ ඔෆිස් එක ලගින්ය

එලියට බැස්සේ අපි පැයකට විතර පෙර පැන්නවූ තුන් හතර දෙනාය. අපිට හිතා ගන්නට බැරි විය. ෆට්ට ආතල්ය ගිය එවුන් ටික සර් උස්සගෙන විත් ඇත්තේය. ඒ කාලේ සුදු වෑන් කේස් නැතිය. තිබ්බා නම් අරුන් තුන් හතර දෙනා තවත් බයිට්ය.

හාෆ් ෂීට් පිරෙන්න තම වරද ලිඛිතව ලියා පසුවදා ගෙදරින් දෙමව්පියන් එක්කගෙන ආ තුන් කට්ටුව ආයෙත් විහිළුවට වත් දොට්ට පිලට යන්නටවත් එලියට නොබැස්සාහ.

සාමාන්‍යයෙන් ප්‍රින්සිපල් උතුමා තම පෞද්ගලික සුදු වෑන් රියෙන් රාජකාරී කටයුතු සදහා පාසල් වෙලාවේ ගමන් කරන අතර පසු විපරමකදී අපට දැනගන්නට ලැබුනේ විකල්ප මාර්ග භාවිත නොකර ප්‍රධාන පාර දිගේ ගමන් කරද්දී ප්‍රන්සිපල් උතුමා තම වාහනය රිවස් කරගෙන විත් කස්ටිය කුදලාගෙන ආ බවයි. එහිදී එකෙක් පැන ගොස් ඇතත් පුද්ගලයා ප්‍රින්සිපල්ට තවම වාර්ථා වී නැත.

අද රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන සුදු වෑන් සංකල්පයට වගකිව යුත්තේ කවුද ? සෑම්ගේ හෙලිදරව්ව දැක දැකත් - බලධාරීහු නින්දේ පසුවෙති...

Written by sAm_8.25pm_18.01.'12

පලි- නිදහස් අදහස් ප්‍රකාශ කිරී‍මේ අයිතිය මා තර්ජන හමුවේ වුවද භුක්ති විදිමි. සෑමා නැති වුව හොත් කම්පා නොවනු. ලියන්නට ඇති ඇත්ත ලීවෙමි.

Tuesday, January 17, 2012

සියළු හිමිකම් ඇවිරිණි ද? ඇහිරිණි ද? (සෑමා සහ බුද්ධිමය දේපල)


මේ ෆොටෝ එක ඊ-මේල් එකක් විදිහට හෝ වෙන කිසියම් වෙබ් අඩවියක දැක තියෙනව නම් දිගටම කියවන්න. නැතිනම් ඒත් කියවන්න.


එදා මම වැඩ ඇරී අප ආයතනයේම ට්‍රාන්ස්පෝට් එකෙන් කඩුවෙලට ගියේ මගේ පෞද්ගලික වැඩකටය. එහිදී කඩුවෙල හන්දියේ දී දුටු දර්ශනයක් එකල මාගේ nokia 3120 ක්ලැසික් දුරකතනයෙන් හසුකර ගැනීමට හැකි විය. මෙය ගත්තේ බස් රථයේ හිදගෙන සිටියදීමය.

මේ පින්තූරය මට මාස කිහිපයක ඉහතදි "Picture of the year" ටයිට්ල් එක යටතේ ලැබුනේ ඊ-මේල් එකක් මගිනි. ඒ මගේ අතිජාත මිතුරෙකුගෙනි. අනිත් පැත්තට මම කලේ රිප්ලයි‍ මේල් එකක් දමා ලැබුන තැන පිලිබද වත ගොත ඇසීමය. ඔහු කීවේ "මචං මේක මට එව්වේ යාළුවෙක්" නැවත මා ඇසුවේ යාළුවාට ෆොටෝ එක හමුවූ තැනයි. "පොර මේක අරන් තියෙන්නේ ප්‍රසිද්ධ සයිට් එකකින් බං..ඇයි සෑමා මොකද සීන් එක??" දැන් මගේ පිළිතුරැ දීමේ වාරය නිසා මම අපේ මිතුරාට රිප්ලයි කලෙමි.

"නැහැ බං කේස් එකක් නෙවේ. ඔය ෆොටෝ එක ගත්තේ මම. මම ඒක ෆේස් බුක් දැම්මා. ෆේස් බුක් එකේ මේ ලින්ක් එක බලපං. සයිට් එකට දාලා තියෙන්නේ මගේ ඊ-මේල් ඇඩ්රස් එක, ෆොටෝ එක ගත්ත තැන, ඒ විස්තර ඔක්කොම අයින් කරලා..."

ෆේස් බුකි‍යේ ෂෙයාර් කළ ෆොටෝ එක මෙන්න... එයට තවමත් තියෙන්නේ කමෙන්ට් දෙකක් සහ ලයික් 5ක් පමණි. නමුත් එහි යට භාගය කපා ෂෙයාර් කරන බොහෝ පිරිසකට ඊට වඩා කමෙන්ට්ස්ය.

මම යැවූ රිප්ලයි එකට මගේ මිතුරා ක්ෂණිකව මගේ දුරකතනයට කතා කොට මාව ඇගයීමට අමතක නොකලේය.


යට ගිය කතාව යලි එලියට ආවේ 2010 වසරේ දෙසැම්බර් 8වෙනිදාය. ඒ මට ලැබුණ තවත් ඊ-මේලයකිනි.  එහි එකී ෆොටෝ එකද අමුණා තිබිණ. එය මෙසේය,

Dear Samindika,
I just saw this brilliant picture.  I am currently the editor of '*****'.  I would greatly appreciate if you could give me your number so I can talk to you regarding using your photographs.
Thanks 
 ******

ඒ කිසිවෙකුත් නොව ප්‍රකට පුවත්පත් මාධ්‍යය ආයතනයක ප්‍රධාන කතෘතුමාය. මම ඔහුට මගේ විස්තර සහිත රිප්ලයි එකක් දැමීමි. එය පහත පරිදිය.
Dear ****,
I am so delighted to read your mail. its really midnight now, 12.11am :)
there is a huge story behind this pic.
contact me on my moblie- **********
Thank You,
Best Regards,
Samindika
Web : www.samindikasrimantha.blogspot.com
පසුදිනම සවස 5ට පමණ මට ඇමතුමක් දුන් කතෘතුමා කීවේ මාධ්‍යය වේදියෙකු ලෙස තම ආයතනය ‍සමග සම්බන්ධවන ලෙසත් තමා හමුවීමට එන ලෙසත්ය. ඔහු වැඩිදුර යමක් ඇසුවේය.
"කවුද එතකොට 'සෑම්' කියන්නේ?"
ඒත් මමම තමා. ඔබතුමා කොහොමද ඒ නම දැන ගත්තේ?
"ඔයාගේ රිප්ලයි මේල් එකේ සිග්නේචර් එකේ තිබ්බා බ්ලොග් එකක ඇඩ්රස් එකක්. ඒකේ තමා තිබ්බේ. ඔයාට හොදට ලියන්නත් පුළුවන් නේද? ජ(ර්)නලිසම් කරමුද?"

එකී කතුවරයා ඔහු හමුවට එන ලෙසත් දැන්වූ නිසා සෑමා ඔහු මුණ ගැසින. එම ආයතනය සමග කටයුතු කිරීමේ අවස්ථාවක් සලසා දුන් අතර කිසියම් හේතු කිහිපයක් නිසා (ආයතනය සම්බන්ධ වරදක් නිසා නොව) සෑමා ඊට සම්බන්ධ වූයේ නැත.

අනුන්ගේ නිර්මාණ තමන්ගේ ලෙස ඉදිරිපත් කරන සමාජයක එවන් ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රධාන කතුවරයා සෑමා වන් කුඩා මිනිසෙකුට කල ඇගයීම හා සිහි කරනු වස් මෙම පෝස්ටුව දැමීමි. තවද සෑමාගේ බ්ලොගය ආරම්භ වූ මුල් කාලයේ සිදුවූ සිදු වීමක් මතක් කිරිමට කැ‍මැත්තෙමි. ඒ සිදුවීම පිළිබදව මාගේ බ්ලොගයට ‍යනෙන පිරිස නොදන්නවා ඇත.

මට දිනක් මිතුරෙකුගෙන් ඊ-මේල් එකක් ලැබිණ. එහි නවීන බයික් ආදිය පිළිබද අපූරැ පද වැලක් වීය ("ශේන් පදිනවා තවුසන්ඩ් කවසාකී" කියා පදයක් එහි තිබ්බා මතකය). එය සෑමාගේ බ්ලොගේ යනෙන පිරිසට දැන ගැනීම වස් පෝස්ට් කලේ අනුන්ගේ නිර්මාණයකින් හිට් වීමේ පහත් අරමුණින් නොවේ. (අනුන්ගේ ඒවා දානවාට වඩා සෑමාට ලියන්නට දේ ඇත) නිර්මාණය ලැබුනේ ඊ-මේල් එකකින් නිසාත්, කතුවරයා සදහන් නැති නිසාත්, ඊ-මේල් එකකින් ලද නිර්මාණයක් බව සටහන් කරමින් පෝස්ට් කලේ නිවැරදි කතුවරයා සොයා ගත නොහැකි බැවිනි. නමුත් පෝස්ටුව වැටී සුළු මොහොතකින් අයිතිකරැවෝ සහ ඔහුගේ මිතුරන් සෑමාට පහර දෙන්නට වූයේ (ඒ පෝස්ට් එකෙන් හිට් වීමේ පහත් අරමුණක් නොතිබුණු මට) පහත් ආරකටය.

පසුව කමෙන්ට් වලින් ලද ලින්ක් එකකින් මට සොයගන්නට ලැබුනේ නියම කතුවරයා බ්ලොග් කරැවෙකු බවයි. ඉන්පසු සෑමා එම පෝස්ටුව මකා දැම්මේ ඔහුට අසාධාරණයක් වන බැවිනි. ඇත්තටම ඔහු නියම නිර්මාණකරැවෙකි. නමුත් එදා සෑමාට එරෙහිව කමෙන්ට් කල පිරිස ඉන් පසු සෑමාගේ නිර්මාණ බැලීමට ආවේ නැත. (ඔවුන් සිටින්නේ බ්ලොග ලියන්නෙකුට පහර දීමට පමණක් විය හැක) ඔවුන්ගේ බ්ලොග් වලට ගිය සෑමාටද බලන්නට දෙයක් නොවීය. බොහොමයක් බ්ලොග් වල ඔවුන් තවමත් කමෙන්ට් කරති.

මෙවන් පසුබිමක ප්‍රසිද්ධ පුවත් පත් මාධ්‍යයක ප්‍රධාන කතුවරයෙකුගෙන් ලද ඇගයීම මා වැනි පුංචි මිනිසෙකුට මහමෙරක් බදුය.

මේ සියල්ල ලීවේ පොර වීමට නොව, මා සමග හිදි සියල්ල සමග, සෑමා ලද සතුට බෙදා ගැනීමටය.

ෆොටෝ එකේ අයිතිය පිළිබද ගැටළු වේ නම් ඔරිජිනලය සෑමා සතුය. මේ ගැන ලිවීමට කිසිම බලාපොරොත්තුවක් නොතිබිණ.
සියළු හිමිකම් ඇවිරිණි ද? ඇහිරිණි ද? (සෑමා සහ බුද්ධිමය දේපල)

Written by sAm_11.15am_17.01.'12

Thursday, January 12, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (2 කොටස)

විරහවෙන් මිලිනව ඉරි තැලුන හදවත් වලට, අකාලයේ හෙන ගසන වැස්සක, ජල සම්පාදන මණ්ඩලයේ ටැප් එකකින්, නිරපරාදයේ ඇද හැලෙන ක්ලෝරීන් දිය ඩිංග... කුසූ - සිතූ ආදර අන්දරය

"යන්න එපා සිතූ....."

සට පට ගා වැස්ස වැටෙන අදුරැ රාත්‍රියේ කුසූ නිදා සිටි පැදුරෙන් නැගිට්ටේ සිතූ ගේ නම කියාගෙනය. තමා කුඩා කල සීයා ඇති කල වසු පැටියාට කළ ආදරය සහ සිතූ වෙනුවෙන් තමා කරන ආදරය අතර ඇත්තේ සුළු වෙනසක් බව කුසූට සිතී අවසානය. වෙනදාට වහු පැටියා මූන ලෙවකන අයුරැ සිහිනෙන් දැක අවදිවනවා සේම දික් වූ නිකටක්, වක් වූ නහයක් සහිත තම පෙම්වතා වස්සා ගේ බෙල්ලේ සීනුව මෙන් අඩියක පමණ දම්වැල් මාලයක් දමාගෙන සිටින අයුරැ ඈ සිහිනෙන් දකින්නේ මධ්‍යම රාත්‍රියේය.

කලින් දින හවස පන්තියේ පඩිපෙල යටදී සිගරැට් සැර සහිත සිතූගේ තොල් කුසූ ගේ තොල් අතර සිරවුනේ ඇගේ සිරැරට නිකොටින් බෙදා හරිමිනි. වෙනදා මෙන් බන්ටි ටොෆියක් කන්නට අමතක වූ සිතූ සරාගී සිතුවිලි අතර සිරව අසරණ වූ අතර ලැබුණ ක්ෂණික අවස්ථාවේ ඇය ග්‍රහනයට ගත්තාය.

සියළු මතකයන් සමග ඇය ඇගේ සිහින් ඉගට හා කොහු මෙට්ටයට සිරවූ චයිනිස් දුරකථනය ඈ සුරතට ගත්තාය. බට්න් කීපයක් එබූ විට ඩිස්ප්ලේ එක දැල්විණ. ඒ තැලුනු හුරතල් දෙතොල් හෑන්ඩ්ස්  ෆී එකේ මයික් එක අතර තද කොට ඇය ඇමතුවේ සිතූ නොව... තම සිම්පතේ ස්වක්‍රීය සේවාවේ අංශයයි. ඒ බැලන්ස් එක චෙක් කිරීමටය.

කුසූට මහ රෑ සිතූ සමග දොඩමලු වන්නට සිත් විය.

"ඈ බොල කෙල්ලේ මේ මහ රෑ මොකද හුලු අත්තක් පත්තුකරන් තෝ තනියම එලියට යන්න හදන්නේ චූ කරන්නද?...."

කුසූ ගැස්සින. තම ඩිස්ප්ලේ එකේ එලිය අත්තම්මා ගේ මුහුණට වැටී ඇත. ඇගේ ඇද කඩා වැටුන නිසා ඇයද නිදාගත්තේ කුසූ සමග බව කුසූට මතක් වුනේ එතකොටය. 

"නැහැ අත්තම්මේ ‍මේ මගේ මොබයිල් එක.." ලා දලු දෙතොල් සැලී කුසූ තෙපලීය. 

"කොයිල් එක...??? ඇයි කෙල්ලේ අත පුච්ච ගන්න හදන්නේ, මදුරැ කොයිල් එක තියපිය ඇද යටින්" අත්තම්මා ඇයට ආදරේය. ඒත් දැන් ඇයට දැනෙන්නේ තම හදවත බිංකුන්ඩෙකු මෙන් පසාරැ කල සිතූ ගේ ආදරය පමණි.

"අනේ අත්තම්මේ මේ රෑ ජාමේ ඇයි වහලේ උළු උඩ යන්න කෑගහන්නේ.. කන් ඇහෙන්නේ නැද්ද.."

"කොහෙ කං ඇහෙන්නද බොලා මගේ ඉයර් පෝං එක කනේ ඔබාගෙන නේ.." අත්ම්මා කන් ඇහෙන් නැතිවාට ගසන ඉයර් ‍ෆෝන් එක කුසූ හැන්ඩ්ස් ෆ්‍රී එක යැයි සිතා කනේ ගසාගෙනය. කුසූ එය එකවරම අත්තම්මගේ කනේ එබීය.

"අනික උඹ මේ රැ මොනවද ඔය දිස්ටිය ඔබාගෙන කොරන්නේ..."

"මම මේ ඊ-බඩී (E-buddy) ලොග් වුනා අත්තම්මේ" සිතූ ගැන කිව නොහැක. කිව හැකි බොරැව කීවේ ඇය බේරීමටය.

"මොකක්ද බොල ඔය ඊ බඩී කියන්නේ???"

"හෙට උදේට කියන්නම් අත්තම්මේ දැන් නිදියන්න.." ඇයට තේරැම් කල නොහැක. කුසූ මග හැරියාය.

මොහොතකට පෙර තම හිස අතගා දොයි කල සිතූ නැවත ඇහැ ඇරිය නොහැක. නපුරැ සිහිනය පසුව කිව හැක. සිතූ දැන් ගල් බෝර දැම්මාත් ‍නොනැගිටන විපුල් මමලාගේ ගල් කොරියේ බල්ලා මෙන් නිදි ඇති. කුසූ තනිවම සිතුවාය. ඇයත් ඇගේ බෙඩ් ෂීට් එක ඇද ඇග මතට පොරවා නිදාගත්තාය.

"ඈ යකෝ තෝ මගේ චීත්තේ පෙරෝ ගත්තම මම ලැවැන්ඩරිය එලිය දාගෙනද නිදියන්නේ. තොටත් කූඹිවහයි බොල" කුසූ බැරි වී අත්තම්මාගේ රෙද්ද පොරවාගෙන ඇත. ඇය සතර පෝයට සිල් ගත්තද තැනක් නොතැනක් නැත. කියන්නේ කුණු හරපමය. දිනක් සිල් පවාරනය කර ලොකු හාමුදුරැවන්ට බැන්නේත් xxxයා කියාය.

කුසූ දෑස පියා ගත්තාය. නැවතත් විශාල ගල් අතරින් වැටෙන දිය ඇල්ලක් ලග ඇය සිහින ලොව සැරි සැරැවාය. එහි කොනෙක හරක් බලා ගන්නා කොල්ලෙකු මෙන් වස් දඩු වැයුවේ සිතූය. තම සිහිනය, පැතුම, සිතූය....
ඇගේ සිහින් ඉගට හා  කොහු මෙට්ටයට සිරවූ චයිනිස් දුරකථනය ඈ සුරතට ගත්තාය

කුක්කු කූක් කූක්............


"අන්න අත්තම්මේ කිරි කාරයා ඇවිත් කෑගහනවා..." කුසූ නිදි මතින් අත්තම්මාට තෙපලීය.

"බොලාලට ලව් මාන්දමේ රෑ දෙගොට ජාමේ එක එකාට කුක්කු පොවලා නිදාගත්තට අපි පලිද බොල.. කුක්කු කූ ගාන්නේ තොපෙ අප්පච්චියා කැන්දං ආපු කිකිලි..."

අත්තම්මා කෑගසමින් නැගිට (කක්)කුස්සියට යද්දී... කුසූ ‍සලං බලං ගා බිම පතිත වූ තම චයිනීස් ෆෝන් එක බිම අතපත ගා අහුලා ගත්තාය. එහි තිබුනේ පාන්දරම සිතූ තමාට එවූ එස්.එම්.එස් එකයි...

"පිස්සු කොල්ලා.. ‍උදේම මාව මතක් වෙලා... මොකක් හරි කුණු හබ්බයක් වෙන්න ඇති නිදි මරගාතේ එවන්න ඇත්තේ.."

තම දගකාර ආඩම්බර සිතූ ගැන දන්නා කුසූ තම නොකැලැල් ප්‍රථම ආලයෙන් මුසපත්ව එසේ සිතමින් එස්.ඇම්.එස් එක දිග හැරියාය..

"ආදරණීය සුදූට සිතූ අයියාගෙන් සුභ උපන් දිනයකට ආසිරි - ගල්ඹය බෝ සමිදු පිහිටයි"

ජිල් බෝල මෙන් විශාල වූ කුසූගේ සිහින් ඇස් වලින් එලියට පැන්න ලවන සිහිත කදුලු කැටය වැටුනේ ෆෝන් එකේ ඩිස්‍ප්ලේ එකට උඩින් ස්පීකරය සදහා ඇති සිදුර තුලටයි. පුංචි කදුලු බිදුවක් නිසා ෆෝන් එකට අතුරැ අන්තරාවක් නොවුනද ඇගේ හදවත තට්ටු පහකින් බිමට වැටුන පුංචි සමනලයෙක් මෙන් සී සී කඩ විසිර ගියේය.

තවමත් ටෙස්ට් මැච් එකක දින ගනනවත් පසු නොකල තම ප්‍රේමයට මාරයා අත වනන බවක් ඇයට සිතින. කුසූ ගේ උපන්දිනය පහු වී මාස 3ක් වුවද, සිතූ හදිසියේ කාට හෝ යැවු සුභ පැතුමක් තමන්ට ලැබී ඇත. සිතූ විජාතික බලවේග වලට අත වනන තරම් දේශද්‍රෝහියෙකු බව කුසූ සිහිනෙකින්වත් නොසිතුවාය.

ගැහෙන ලැමට කොට්ටය තද කොට, සෝඩියම් ක්ලෝරයිඩ් දියර ඇස් කොනින් ගලා ‍වැටෙද්දී ඇය ක්ෂණිකව ඇමතුවේ 119 නොව. සිතූටය... ඔව් සල්ලාල සිතූටය.

"හික්ස්.. හික්.. ඉහි.. ඉහ්ක්... සිතූ මම හිතුවේ නැහැ ඔයා මේ තරම් අමනයෙක් කියලා. මගේ මාල ගිරා පැට්ටා මැරැණ දවසේ මම හිතුවා ඔයා මගේ මුළු ලෝකෙම වෙලා මගේ ලග නවතී කියලා. ඒත් අද ඔයා කරපු වැඩෙන් මගේ මුළු ලෝකෙම නැවතිලා මම අන්ත අසරණ දුක්ඛිත තත්වයට වැටුනා සිතු... ඔයා මාව මැරැව නම් හොදයි සිතූ...මැරැව නම් හොදයි සිතූ... හොදයි සිතූ... සිතූ... " සිතූට හිතා ගන්නට බැරි විය. පාර්ලිමේන්තු සැසි වාරයක් ඇරඹුනාක් මෙන් එක දිගට කුසූ වදන් ඇමිනුවාය.

"ප්ලීස්.. කුසූ.. කූල්.. කියන්න බබා මට මොකද වුණේ කියලා.. කවුද ඔයාව මුලා කලේ.."

"ඔබා  බබා වෙන්න හදනවද මෙතන. කාටද උදේ පාන්දර විශ් කලේ.." කුසූ ප්‍රති උත්තර බැන්දාය.

"අප්පට හුඩු.. පැට්ටෝ ඔයාටද මැසේජ් එක ආවේ... මගුලයි.." සිතූගේ වදන ඇයගේ හදවතට ගල් කටුවෙන් ඇන්නාක් බදු විය.

"ඔයා ලැජ්ජ නැති දේශපාලඥයෙක් වගේ මිනිහෙක් සිතූ.."

"නැහැ.. නැහැ... රත්තරං අහන්නකෝ, උදේ නැගිට්ට හැටියේ අම්ම කීව අද කසුන්තිකා අක්කගේ බර්ත් ඩේ එක කියලා.. මම සටස් ගාලා ගැහුවා මැසේජ් එකක්. ඒක තමා වැරදිලා ඔයාට එන්න ඇත්තේ.. කසුන්ති..කුසූ නම් දෙකම එක ලග බබා කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන්නේ"

"ඔයා නම් මහා..... ඔයා නම් මහා..... අමුම අමු මැට්ටෙක් සිතූ" ශ්‍රී ලංකාවේ ආදරවන්තියන් දන්නා දරැණුම වචනය කියා කුසූ සිතූට බැන ෆෝන් එක තැබුවාය.

Written by sAm_11:05pm_12.01.'12

සිතූ - කුසූ ගේ ආදර අන්දරයේ පළමු කොටස බලන්න මෙතැනින්...

බහුතර ඉල්ලීම මත ලියැවුණු කුසූ - සිතූ ආදර කතාව... ඛේදාන්තයකින් අවසන් වෙයිද..?



************
සියල්ල පහලින් කියවන්න.....


************

Monday, January 9, 2012

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...



අම්මා කීවා නුඹේ කොලිටිය
හරියන්නේ නැහැලු ගෙදරට
තාත්තා නම් අවුලක් නැහැ
ඕනේ මගුලක් ගෙනෙන් ගෙදරට

සියළු බාධක මැද්දෙ හනිකට
එක්කරන් නුඹ ආව නිවසට
පෙට්ටියත් මම කැඩුවෙ එදිනේ
අම්මගෙන් අහුවටත් පස්සේ

මිරිකුවා මා කොනක හිදගෙන
පිම්බුනා ඔබෙ සිහින් කෙලවර
යන්තමින් තද කලා පමණයි
ගලා ආවේ රසැති දියරය

දිවග ගාලා බැලුව රහසෙම
අම්ම කී දේ සත්තදැයි මම
කිසිම අවුලක් දැනුනෙ නැහැ මට
කලින් විදලා තිබ්බ හින්දම

උදේ ඔෆීස් යන්න ඉස්සර
වින්දම හනිකට නුඹේ සිසිලස
යාළු‍වොත් මගෙ අහයි විස්තර
කොහෙන්දෝ උඔ ගත්තෙ ඕකිව
ඒත් සොදුරිය තවත් කෙනෙකුට
දෙන්නෙ කොහොමද නුබේ රස මම

රෑට මිරිකා දිවේ ගාලා
වැඩිම වුනොතින් දතින් හපලා
නුඔට හැකිනම් බලන් ගිලලා
ආතල් එක කොහොම කියලා
*
*
*
*
*
*
*
*
*
*
*
සෑමාගේ අවවාදය - 


දවසට දෙවරක් දත් මදින්න...


කකුල් අස්සේ තියන් ගහපු විදිහ බලන්න.. ක්ලික් කොරන්ට..

Friday, January 6, 2012

ලොල්ලා සහ අල්ලපු වත්තේ අංකල් (කසිප්පුවා..)

විද්‍යා විෂයන් කරපු ගොඩක් එවුන් පන්තියේ නැත. සෙට් එකක් හැමදාම ක්‍රිකට් ප්රැක්ටිස්ය. ශිෂ්‍ය නායකයෝ තැන් තැන් වලය. අපිට පන්තියෙන් එලියට පනින්නට නීත්‍යානුකූල අයිතිය දුන්නේ වයලා පමණකි. එනිසා මැත්ස්, ෆිකිස් පීරියඩ් වල පන්තියේ මුහුණ ඔබාගෙන සිටිය යුතුය. ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරනවාට වඩා පන්තියේ සිටීම සැප දායකය. පන්තියෙන් එලියට පැන පිනා වැන්නවුන්ට අසුනොවී කට්ටි පනිනවාට වඩා ඉංග්‍රීසි ටීචර් එක්ක චැටක් දමාගෙන සිටීම සැහැල්ලු මෙන්ම ආරක්ෂා සහිතය. ටීචර්ද අවුලක් නැත. 

අපේ පන්තියේ සිටි හර්කියුලිස් (ධනුෂ්ක) පට්ට ගණන් කාරයාය. හර්කියා 2006 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ ‍රෑන්ක් එකක් දැම්මේය. පොර වැඩ්ඩා බව දන්නා නිසා ඉංග්‍රීසි ටීචර් හර්කියාට මුකුත් කීවේ නැත. හර්කියා ඉංග්‍රිසි පීරියඩ් එකේද ගණන් හදනකොට ටීචර් නොදැක්කා වගේ සිටියාය. සමහර විටක ටීචර් හිතන්නට ඇත්තේ ‍හර්කියා ඉංග්‍රීසි වැඩ කරනවා කියාය. මොකද අපි ගණිතයට වැඩිපුරම ලීවේ "sin, cos, tan, x, y, z, limit," වැනි ඉංග්‍රීසි අකුරැම නිසාය. හර්කියා එහෙම ගණන් හදනකොට අපි ආතල් එකේ සිටියේ ටීචර්ව කතාවට අල්ලා ගනිමිනි. අපිට විද්‍යා විෂයන් ඉගෙන ගන්න කාලේ නිදහසක් දීපු එකම හොදම ගුරැවරිය ඇයය.

බොහෝ වෙලාවට අපි හිටියේ කොම(ර්)ස් නැතොත්  ආ(ර්)ට්  පන්ති ඇසුරේය. (සෑමා චිත්‍ර කරපු විදිහ වගේය) ඒ පන්තිවල තිබ්බ අමුතු ෆන් අපේ පන්තිවල තිබ්බේ නැත. අපේ එවුන්ට තිබ්බේ විද්‍යාත්මක ආතල්ය. ලැබ් එකේ තියෙන් මොන මොනවා හෝ කලවම් කර වෙන්නේ මොකද බැලීම වැනි ආතල් අපි ගනිද්දී, කෑගසමින් සින්දු කියන ආතල් ගත්තේ ආ(ර්)ට්, කොම(ර්)ස් පන්තිවලය. පන්ති වශයෙන් බෙදුනද එකට සිටිය නිසාම ෂෝටාගේ සිදුවීමේදී අපි එකාවන්ව නැගී සිටියෙමු. එලෙසම කොම(ර්)ස් , ආ(ර්)ට් කරන සෙට් එකද අපේ පන්තිවලටද සෙට්වුනහ.

ලොල්ලා (හරි නම කියනවාට වැඩිය ‍පොර මේ නමට කැමතිය) සිටියේ කොමර්ස් හෝ ආර්ට් පන්ති වලය. (පොර පන්තියේ නැති නිසා කරපු වීෂය මට මතක නැත) අපි 9 වසරේ සිටම මිතුරන් නිසා දවසක් මම පොරට කතා කලේ නම කියාය. පොර මට පිලිතුරැ දුන්නේ "කවුද යකෝ ....?? මම ලොල්ලා යකෝ ලොල්ලා.." කීමෙනි. එදා පටන් මාත් ඒ නම පාවිච්චි කලේ ලොල්ලාගේ හිත නොරිද වීමටය.

අපේ අලුත් විදුහල්පතිතුමාගේ සරණින් දැන් අපේ පාසලට බස් රථ, වෑන්, ත්‍රී වීල් (තව ටික දිනකින් කොල්ලො කෙල්ලන්ට නාන්න පූල් එකක්) තිබුනද එදා අපිට මුකුත් නොතිබුන කලෙක අපේ අසල්වාසී කාන්තා පාසලට ඩිපෝවෙන් පාසල් සේවයක් යොදවා තිබින. ඒකට අපේ එවුන්ට නැගිය නොහැක. ලේඩීස් ඔන්ලිය. උන් අපිට ගෑස් පෙන්නමින් අපේ ගේට් එක ලගින් ගියා සෑමාට තවමත් මතකය. ඒත් ඒ බස් එක අපේ ගේට්ටුව ලග මන්ද ගාමී වෙද්දී අපේ ලොල්ලා ෆුට් බෝඩ් එකේ එල්ලී තොරණහන්දියට ගියේ කෙල්ලන්ගේ මෙන්ම අපේ එවුන්ගේද කටවල් වසමිනි. අපේ එවුන් බස් එකත් එක්ක පට්ට තරහය. තවත් දිනෙක ගේට්ටුව අසල සිටියදී බස් එක යන විට කෙල්ලෝ කෑගැසුවා සෑමාට මතකය. ඒ අපේ එවුන්ට කිංඩියට බව දැනගත් ලොල්ලා තම අතේ තිබ්බ ඩෙස්ක් එකක ලී කැබැල්ල හරියටම බස් එකේ දොර තුලින් ඇතුලට යැව්වේ එතන සිටි කෙල්ලෙක්ගේ කකුල් කොර කරවමිනි. ඒ අපේ සදාදරණිය ලොල්ලාය.

‍එසේම වතුර බෑග්, කෙල පාරවල්, (විශේෂ අවස්ථා වලදී බිත්තර, තක්කාලි) මැද්දේ එම බස් එක ඉදිරියට ඇදින.

එදා අපිට තිබ්බේ ෆ්‍රී පීරියඩ් එකකි. ලොල්ලා අපිව බැලීමට පන්තියට ආවා නොව අපේ කෑම දිග හැර තිබෙනු දැක පන්තියට පැන‍්නේය. කා බී සප්පායම් වී අත්වල ඉදුල් පිටින්ම සිටියදී එහා වත්තේ සීන් ගැන අපේ එවුන් ලොල්ලාව අප්ඩේට් කරමින් සිටියහ . ඇත්තටම එහා වත්තේ අක්කා කෙනෙක් සිටියාය. ඇය එලියට බැස්සේ උදේ පමණි. අපි හිතුවේ ඇය රස්සාවකට යනවා කියාය. ඊටත් ඉදිරියේ තිබුන ගෙදර සිටියේ බැදපු අක්කා කෙනෙකි. එයාගේ ගෙදර පඩිපෙල අපිට ලෙසටම දර්ශන‍ය වේ. අක්කා හැමදාම උදේට පඩිපෙල අතුගා මොප් කරනවා අපි බලා සිටින්නෙමු. හිරැ නැගෙන පැත්තේ ඇගේ නිවස ඇති නිසාත්, පඩිපෙලට වැටෙන හිරැ කිරණ ඇගේ දුහුල් ඇදුම් විනිවිද ගොස් පතිත වන නිසාත් අපේ එවුන් හූල්ලති. ඒ හූල්ලපු හීල්ලිල්ල නිසාමදෝ දවසක් අපේ එවුන් බලා සිටියදී අක්කා ප‍ඩිපෙල දිගේ රෝල් වී වැටුනා අපිට මතකය. ඇගේ ඇදුම ඉන ලගට වියතක් පමන පහලට වන්නට ඉස්සී වැටී සිටියදී පියල් සර් පාඩම කරමින් සිටියේය. උන් හිටි තැන් අමතක වී ඔළු උස්සා, පුටුවලින්ද නැගිට බලද්දී පියල්ට වැඩේ මීටර් වී පන්තියේ  දැල අසලට විත් ඔළුව දමා බැලූ විට පියල්ද සීන් එක දැක්කේය. පියා හිනා වුණා පමණි.

එකී නොකී සියළු සිදුවීම් ලොල්ලාට අප්ඩේට් කරමින් සිටියදී එහා වත්තේ අංකල් කෙනෙක් ප්ලාස්ටික් කෑන් වගයක් අරගෙන පිටුපස දොරටුවෙන් එලියට බසිනු අප සියල්ලෝම දුටුවෙමු. ලොල්ලා අංකල් දුටු වහාම කෑගසුවේ "අඩේ කසිප්පුවා කියාය..."
ලොල්ලා කෑගසුවේ "අඩේ කසිප්පුවා කියාය..."

අංකල් ඇගිලි තුඩු වලින් ඉස්සී කෑගැසූ අය මීටර් කරගන්නට වෙර දරනු දුටු අප සියල්ලෝම පහත් වුනෙමු. ලොල්ලා තම පන්තියට දිව්වේය. අපේ පන්තියේ සිට කෑගැසූ නිසා කරන්නට දෙයක් නැත. බොහෝ වෙලා යනතුරැ අප ඒ පැත්ත වත් බැලුවේ නැත.

සියල්ල අමතක කර කොරිඩෝවේ සිටින විට සරමත් කැහැ පොට ගහගෙන ‍කොරිඩෝව දිගේ කිසිවෙකු එනු දුටු අපට කරගන්නට දෙයක් තිබ්බේ නැත. ඒ පිටි පස්සෙන් ආවේ පියලා සහ සෙක්ෂන් හෙඩ් වෙලා හිටි අපේ ගනේපොල සර්ය. එන විදිහ හොද නැති නිසා අපි පන්තියට රිංගුවෙමු.

පිරිවර සහිතව ආවේ අල්ලපු වත්තේ අංකල්ය.

"කෝ කෑගහපු එකා.. කසිප්පුවා දැන් උබලගේ පන්තියටම ඇවිත් ඉන්නවා.. හරි කොල්ලෙක් ඉන්නව නම් මූණට කියපල්ලා.." අංකල් කෑගැහුවේ ගුරැ මේසයට අත මිට මොලවා ගසමිනි. පියා සහ පොලා සද්ද නැත. ඇමති ආරක්ෂක යුවල මෙන් අංකල් දෙපැත්තට වී බලා සිටිති.

එකෙක් වත් සද්ද නැත. ලොල්ලා පාවා දීමට නොහැක. සියල්ලෝම මොනවාද කෑ මොක්කුද මෙන් බලා සිටිති. අංකල් තොරණේ විස්තරය ගෙන හැර පෑමට පටන් ගත්තේය.

"ලමයි ඔය ගොල්ලන්ට කවදාවත් ඇහිල තියෙනවද අපේ ගෙදර සද්දෙට ටීවී එකක් රේඩියෝ එකක් දාලා තියෙනවා. මම ගෙදර මිනිස්සුන්ට කියලා තියෙන‍්නේ එහා පැත්තේ ඉස්කෝලයක් නිසා සද්ද කරන්න එපා කියලා. ඒ තමුසෙල ඉගෙන ගන්නවා කියල හිතන් ඉන්න නිසා. ප්‍රින්සිපල්ගෙන් අහනවා මම කවුද කියලා. මම මේ ඉස්කෝලෙට කොච්චර උදව් කරපු මනුස්සයෙක්ද? තමුසෙලා එහෙව් මට මෙහෙමද සලකන්නේ"

කතාව ඇත්තය අපිට කරන්නට දෙයක් නැත. අපිත් අංකල් මෙන් අසරණය. අපේ පන්තියටම ඇවිත් අංකල් සද්ද දානකොට පොලා සහ පියා අන්ත අසරනය.

අපට ලොල්ලා පාවා දිය නොහැක. අංකල් කිවේද ඇත්තය. සියල්ල අහවර වෙනතුරැ අපි නොසැලී සිටියෙමු.

ඉස්කෝලෙට අටෙන් පසු එන බොහෝ පිරිසක් ගේට්ටුවෙන් ඇතුලට එන්න බැරි නිසා ඉස්කෝලෙට පැන්නේ අංකල්ගේ වත්ත හරහාය. ඉස්සර අංකල් ඒ පැනිලි වලට ඉනිමං තබා, සපෝට් කලද මේ සිද්ධියෙන් පසු බෙල්ලෙන් අල්ලාගෙන විත් ඉස්කෝලෙට භාර දීමට පියවර ගත්තේය.

Written by sAm_03.00pm_02.01.'12

සෑමා ලොල්ලාව දැනට වසර පහකට පෙර දුටුවාට පසු දැක්කේ නැත.

Sunday, January 1, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (1 කොටස)

‍සිතුම්, කුසුම් එක්ක යාළුවෙලා තවම සති දෙකක් විතර. දෙන්නට පැය විසි හතරම කතා කරන්න කපල් සිම් එකක් ගෙනාවේ සිතුම්මයි. තවමත් වයස දහ අටක් නැති සිතුම් වසර දෙකක් බාල කුසුම්ට සිම් එකක් අරන් දෙන්න ගියේ තමන් ඉස්කෝලෙදි කලාපීය ක්‍රීඩා තරග වලට යන්න හදපු තැපැල් අයිඩින්ටිය අරගෙන. ඒත් කුඩේ යට හිටපු සිම් බෙදන අයියා කී‍වේ මල්ලී මේකට සිම් ගන්න බැහැ කියලා. ආයිත් පස්සේ දවසක ගමේ කමියුනිකේෂන් එකේ දන්න හදුනන අයිය කෙනෙක් ලව්වා යන්තම් කපල් සිම් එකක් අටව ගන්න සිතුම්ට පුලුවන් වුණා. සිතුම් සිම් එක අරන් කුසුම් ලගට ගියේ රෝස මල් පොකුරක් වෝල් පේපර් එකට දාපු චයිනීස් ෆෝන් එකත් එක්කමයි.
පස්සෙ දවසක කුසූ එයාගෙම පින්තූරයක් වොල් පේපර් එකට දාගත්තා
එදා ගෙදර ගි‍ය වෙලේ ඉදන් කුසුම් හීන් කෙදිරිලි හඩින් සිතුම් එක්ක මල් කඩන්න පටන් ගත්තා. ලියුම් වල අකුරු කරපු කොච්චර දේවල් සිතුම්ගෙයි, කුසුම්ගෙයි මයික්, ස්පීකර් අහං හිටියද. සිතුම්ගේ අවංක ආ‍දරේ හඩ ධ්වනි තරංග විදියට වාතලයට මුසු වෙද්දී කුසුම්ගේ චයිනීස් දුරකතනයට ඒවා ලැබුනේ විදු්‍යුත් තරංග විදිහට. කුසුම්ගේ මොලකැටි කන් පෙත්තේ හිරවුණ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන් සිතුම් කුසුම්ගේ මොල කැටියට තවත් ලං වුණා.

එදා පාට පාට බෝල් පොයින්ට් පෑනෙන් ලියපු ආදරනීය වදන් සිතූට ලැබෙන්න ගත්තේ එකම ෆොන්ට් එකේ හතරුස් අකුරු වලින්. අමාරුවෙන් කියෙව්වෙ සිංග්ලිෂ් වලින්. ඉදල හිටල එම්.එම් එස් ආවට ඒවයෙ තිබ්බෙ කෘතිම රෑප. වෙනද සිතූ කුසූට ඇදල දීපු කොන්ඩේ මූනට වැටුන අහිංසක කෙල්ලන්ගෙ රෑප නෙවේ.

"කුසූ.... ආයෙත් මට උම්මා එකක් දෙන්න.."

සිතුම්ට කුසුම් කොච්චර උම්මා දුන්නත් සිතුම් හැමවෙලේම කීවේ "කෝ කුසූ.. මට ඒක ඇහුනේ නැහැ.. ආයෙත් දෙන්න බලන්න" කියල. උම්ම දෙනව වගේම කුසු ගේ ගෙදර ගිරා පැටිය මැරුන වෙලාවේ අම්මට වත් ගිරව මැරුන කියල නොකියම කුසූ දුවල ගියේ සිතූ ලගට. ඒ සිතූ දුන්න චයිනීස් ෆෝන් එක ලගට.

"ඇයි කුසූ ඇයි?? මට කියන්න බබා ඇයි ඔයා අඩන්නේ" වචන ගලපගන්න බැරිව කුසූ දිගටම අඩද්දී සිතූ හොදටම බය වෙලා.

"ඉහික්..ඉහි..ඉහි.. බලන්න සිතුහ්..ඉහි ඉහි...ඉක්.." 

"අනේ ප්ලීස් කුසූ මට කියන්න.. මාව බය නොකර ඔයා අම්මට අහු වුණාද?? අම්ම බැන්නද?? " සිතූ හේතුව හෙව්වෙ මේ විදිහට ෆෝන් එක කනට තද කරගෙන.

"බලන්න සිතූ අපේ ගිරා පැට්ටා මැරිලා... මට හරියට දුකයි...." කුසූ අමාරුවෙන්ම හිතේ දුක දොට්ට දැම්මා.

"ඇයි කුසූ මාව මෙහෙම බය කරන්නේ... මම හිතුවේ ඔයාගේ ආච්චිවත් මැර්ර්.." සිතූ වචන කීපයක් හිර කරගත්තත් කුසූට තේරුනේ නැහැ.

"මම ඔයාව බය කරන්න හීනෙකින්වත් හිතුවෙ නැහැ සිතූ. ඔයා කීව හරි ආච්චි තමා මට ගිරා පැට්ටා බෙල්ලෙ කට්ටක් ඇනගෙන මැරිල ඉන්නවා පෙන්නුවේ" සිතූ ගේ හදවත වැඩ කරන්නට ගත්තේ ආච්චිගේ කතාව කුසූට නෑසුන නිසා.


එදා ගිරා පැට්ටගේ භූමිදාන කටයුතුත් සිතූ හෑන්ඩ්ස් ෆ්‍රී එක කන් බෙරයට අලවාගෙන අහං හිටියේ හරිම සංයමයෙන්. ගිරා පැට්ටා වලට දමන විට එක පාරට කුසූගේ හැඩුම් හඩ වැඩිවීමත් සිතූට ඇසෙද්දී ඔහු හැම‍දේම සිතින් මවා ගත්තා. 

"අනේ මම ලග හිටියනම් ඔයාගේ ඔළුව මගේ උරහිසේ තියාගෙන ඇස් දෙකෙන් ගලන කදුලු කැට මම එකතු කරනවා. ඒවා මුතු කැට වගේ අමුනලා අපේ ආච්චිගේ පබලු මාලෙට මාරු කරලා. ඔයාට ආච්චිගේ පබලු මාලේ දෙනවා." එදා කුසූගෙ හිත හැදෙනකල් සිතූ මොන මොනව හරි කිය කිය ලගින් හිටිය. එදා රෑ කුසූ කෑවෙත් නැතිව හිටපු නිසා කුසූව නිදි කරවලා තමයි සිතුත් නිදා ගත්තේ.

පහුවදා උදේම නැගිට්ට සිතූ ඇද වටේම බඩ ගාලා, බැරිම තැන ඇද යට තිබ්බ ෆෝන් එක අහුලලා කුසූට කෝල් කලා. චයිනීස් වයිබ්රේට් එකට ඇදම හෙලවෙද්දී කුසුම් නැගිට්ටා. ඒත් ෆෝන් එක පේන්න නැහැ. නයිට් ඩ්‍රෙස් එක අස්සෙන් එලියට ඇවිත් තිබ්බ හෑන්ඩ්ස් ‍ෆ්‍රී එකේ වයර් එක ටික ටික එලියට ඇදල අරන් අන්තිමේදී කුසූ ෆෝන් එක හොයා ගත්තා. ෆෝන් එක තෙත් වෙලා. කුසූ හිතුවේ ඒ තමන් අඩපු කදුලු කියලා. ඇත්තටම එහෙම නෙවේ.


"ඔයා කෑවද කුසූ..." කුසූ ආන්සර් කරන කල් බකමූනගේ කැමතිම සිංදුව අහං හිටපු සිතූ හඩ අවදි කලා.

"කොහොමද ම‍යෙ දෙයියො මම කන්නේ??" කුසූ තවමත් දුකින් කියලා සිතූ තේරුම් ගත්තා.

"පිස්සු කරන්න එපා ලමයෝ.. ප්ලීස් කන්න කෝ.." සිතූ බල කරලා කියන්න ගත්තා.

"බැහැ රත්තරං ඔයා කන්න, මම අද උදේ පාන්දර 4ට නැගිටලා ගිරා පැට්ටගේ සොහොන ලග ඉටිපන්දම් දෙකක් පත්තු කලා" කුසූ එහෙම කිව්වට අපිනෙ දන්නේ එයා නැගිට්ට වෙලාව.

"ඇයි මයෙ අම්මා දෙකක් පත්තු කලේ.." සිතූ ප්‍රශ්න කලේ හරිම ලෙංගතුකමින්.

"ඇයි එයා අපි දෙන්නගෙමනේ..."


"ඒක හොදයි.. මාත් අද පන්සල ලගින් මාළු අල්ලන්න යනකොට පඩුරක් දාගෙන යන්නම්" සිතුත් කුසුගේ හිත සැහැල්ලු වෙන ඕනම දෙයක් කරනවා. ඒකයි සැබෑ ආදරය.

"ඒකනේ ඔයාට මම ආ‍දරේ" කුසූ කියද්දී සිතූට ගොඩක් සතුටු හිතුනා. කවදාවත් දැනිල නැති තරම්.

"හරි බබා ඔයා දැන් කාලා මට කොල් කරන්න ඕනේ ඊට පස්සේ තමා මම කන්නේ හරිද??" සිතූ කුසූ ගේ උපවාසයට උපායක් යෙදුවා.

"අනේ ඔයා මම නිසා නොකා ඉන්නෙපා..." කුසූ කම්පා වුනා. කවදාවත් දැනිල නැති දුකක් දැනුනා. ගිරා පැට්ට මලාට වැඩිය දුකක්.

"ඔයාට ඔච්චර දුකනම් ඉක්මනට කාලා මට කෝල් කරන්න.." සිතු හිතුවට වඩා කපටි කොල්ලෙක්.


"හරි බබා මම කාලා කියන්නම්. බලමු කෝ මෙයාගේ ආදරේ තරම.. හිතද පිරෙන තරම්ද, අහසද තරම්ද කියලා" කුසූ, සිතූ ටත්, සිතූ, කුසූ ටත්, කසු කුසු ගා උම්මා පාස් කරගෙන ෆොන් එක තිබ්බා.

කොච්චර මොනව උනත් කුසූට කන්න තරම් හිතක් නැහැ. ගේ පුරා ඇවිද ඇවිද කල්පනා කලා. ටීවී බැලුවා, ඊ මේල් චෙක් කලා, ෆේස් බුක් ගියා.. ඒත් කන්න තරම් හිත නැහැ. පැය දෙකක් තුනක් ගිහින් නිසා සිතූට කෝල් ක‍ලේ තවම කෑවෙ නැහැ කියන්න. ඒත් කබරගොයාගෙ කැමතිම සින්දුව ඉවර වෙනකල් දෙතුන් පාර ගත්තත් සිතූ ආන්සර් කලේ නැහැ.

පැය කාලකින් විතර සිතූ කෝල් කලා........

"මගෙ.. දෙයියා..... කෑවද....??" ආන්සර් නොකල නිසා ෂේප් වෙන්න සිතූ ඇදලා කතා කලා.


"ඔයා කෑවද සිතූ" කුසූ ඇහුවා


"මොන කනවද.. මම කුසූ කතා කරන කල් හිටියේ" සිතූ ඇත්තම කීවා.

"ඇයි බබා ඔයා විකාර කරන්නේ ප්ලීස්.... කන්න..කෝ.." 

"හරි කුසූ ඔයා කෑවහම කෝල් කරන්න.." 

"කොල් කරන්න තමයි, ගත්තාම ආන්සර් කරන්නේ නැහැ.. කොහෙද හිටියේ එවලේ.." කුසූ ඇහුවේ බොරු කේන්තියක් අරගෙන.

"කොහෙ යන්නද බබා.. මම කුස්සියේ හිටියේ.. "


"එතකොට ෆෝන් එක??"


"ෆෝන් එක කාමරේ තිබ්බේ අම්ම මරු අල හොද්දක් හදලා.. ඒකත් එක්ක ඉදිආප්ප විස්සක් කෑවා.." සිතූ කියූ දේ ඉවර වෙන්නට පෙර බීප් නාදය ඇහුනේ කුසූ ෆෝන් එක කට් කරල නිසා.

සිතූ කල්පනා කරලා එස්.එම්.එස් එකක් ගැහුවා කුසූට..

"ඉතින් බබා ඔයාමනේ කීවේ විකාර කරන්නේ නැතිව කන්න කියලා. ඔයා නිසා නොකා ඉන්නත් එපා කිව්වේ.. මම කොහොමද බබා කියන ඒවට පිටින් යන්නේ??"

Written by sAm_11.03pm_20.12.'11
සෑම්ගේ ට්‍රයල් එකකි. තව එපිසෝඩ් දැම්මොත් නැගලා යයිද ? තීරණය ජනතාව සතුය...

නව වසරට ආසිරි පොඩි සෑමා, සහ ලොකු ෂෑමා ගෙන්... 
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා යනු සෑමාගේ පැතුමයි.


************
සියල්ල පහලින් කියවන්න.....


************
Related Posts Plugin for WordPress, Blogger...